යුද්ධ හා දේශීය අර්බුද මධ්‍යයේ ට‍්‍රම්ප් හා අබේ හමුවෙති

Trump and Abe meet amid war and domestic crisis

2018 අප්‍රේල් 18

එක්සත් ජනපදය නායකත්වය දුන් සිරියාව මත ගුවන් ප‍්‍රහාරය ඉක්බිත්තේ මෙන් ම ආසියාව පුරා ද ගෝලීය වසයෙන් ද තියුනු වෙමින් තිබෙන භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ, එක්සත් ජනපද ජනාධිපති ට‍්‍රම්ප් හා ජපන් අගමැති සින්සෝ අබේ මෙම සතියේ ෆ්ලොරිඩාවේ මාර්-අ-ලගෝ හි දී දින දෙකක රැස්වීමක් පවත්වති. පුද්ගලයන් දෙදෙනා ම තම තමන්ගේ යහපත් පුද්ගලික වාර්තා තොරොම්බල් කල අතර, ප‍්‍රධාන ප‍්‍රශ්න, විශේෂයෙන් ම වෙලඳාම හා උතුරු කොරියාව මත සම්බන්ධතාවන්ගේ පිපිරීම් මතුවෙමින් තිබේ.

ට‍්‍රම්ප් හා අබේ නායකත්වය දෙන්නේ ජාතිකවාදය හා මිලිටරිවාදය අවුස්සමින් ඔවුන්ගේ වැඩිවන ආර්ථික හා දේශපාලනික අර්බුද ජය ගැනීමට උත්සාහ දරමින් සිටින දැඩි ලෙස මහජන අප‍්‍රසාදයට ලක්වූ, දක්ෂිනාංශික තන්ත‍්‍රයන්ට ය. දීර්ගකාලීන මිලිටරි මිතුරන් දෙදෙනා චීනය මැඩපැවත් වීම හා මුන ගැසීමේ ඔවුන්ගේ අධිෂ්ඨානයේ දී ඒකාබද්ධ නමුත්, එය කිරීමේ මාධ්‍යයන් සම්බන්ධයෙන් වඩ වඩා වඩා අසම ය.

බීජීනයට එරෙහි ට‍්‍රම්ප්ගේ තීව‍්‍රවන තර්ජන, තමන්ගේ අංක එකේ වෙලඳ හවුල්කරුවා ද ලාභ ශ‍්‍රම වේදිකාව ද වන චීනය මත විශාල වසයෙන් වාරුවන ජපානයට ආර්ථික තර්ජන එල්ල කර යි. තව ද, ට‍්‍රම්ප් වෙලඳ යුද්ධ පියවර සඳහා චීනය පමනක් නොව, එක්සත් ජනපදය සමග වෙලඳ අතිරික්තයක් ඇති ජපානය හා අනෙක් රටවල් ද ඉලක්ක කර මින් සිටී.

විශේෂයෙන් ම “ජාතික ආරක්ෂාව” යන පදනම මත ඒවා පැටවීමත් සමග ජපානය හා අනෙකුත් මිතුරන් කම්පාවට පත් කෙරුනු, එත්සත් ජනපදයේ මෑත ම ඇලුමිනියම් හා වානේ තීරුබදුවලින් (තමන්) නිදහස් කිරීම සඳහා ට‍්‍රම්ප්ට බල කිරීමට අබේ අධිෂ්ඨාන සහගත ය. කෙසේ නමුත්, ට‍්‍රම්ප් විවෘතව ජපානය දෙසට තර්ජනය කරමින් සිටියේ, අබේට ඇත්තේ “පුංචි හිනාවක්” යි ප‍්‍රකාශ කරමිනි. “එමෙන් ම එම හිනාව වන්නේ, ‘එතරම් දීර්ග කාලයක් මුලුල්ලේ එක්සත් ජනපදයේ වාසිය ගැනීමට අපිට හැකි වී ඇත යි මට විශ්වාස කරන්න අමාරු යි යන්න යි’, ඒ නිසා ඒ දවස් ඉවරයි” ඔහු පැවසී ය.

ට‍්‍රම්ප් ඔහුගේ පාලනාධිකාරයේ පලමු දවසේ සිට අබේගේ ආර්ථික න්‍යායපත‍්‍රය ඉක්මවා ගියේ අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය (ටීපීපී) ප‍්‍රතික්ෂේප කරමිනි, මෙය තුල ජපාන අගමැති විශාල දේශපාලන ප‍්‍රාග්ධනයක් ආයෝජනය කර තිබුනි. ධවල මන්දිරය සැකයතින් තොරව අපේක්ෂා කලේ ටීපීපීයේ ඇද වැටීමකි, නමුත් ඒ වෙනුවට ජපානය එය රටවල් කාන්ඩයකට යලි හැඩ ගැස්වූ අතර, ලෝකයේ තුන්වැනි විශාල ම ආර්ථිකය ලෙස එය තුල කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කලේ ය. දැන් ට‍්‍රම්ප් නැවත වතාවක් අබේගේ සැලැසුම් අවුල් කර ඇත්තේ, එක්සත් ජනපදයට යලි ටීපීපීයට ඇතුල් විය හැකි යයි නිවේදනය කරමිනි.

ට‍්‍රම්ප් පාලනාධිකාරය උතුරු කොරියාව සමග තම ගැටුම් වේගවත් කර ඇති අතර, අබේ තිරසර ම සහචරයා වී ඇත්තේ ප්යොන්ග්යැන්ග් තන්ත‍්‍රය “සම්පූර්නයෙන් විනාස කිරීමේ” ජනාධිපතිගේ රනකාමී තර්ජනයන්ට අනුබල දෙමින් හා සාකච්ඡා කාලය කා දැමීමක යි ඔහු කරන ප‍්‍රකාශ පුනුරුච්චාරනය කරමිනි. අබේ ඊනියා “උතුරු කොරියානු තර්ජන” ගසා කා ඇත්තේ ජපානය මිලිටරීකරනය කිරීමේ තමාගේම විජිගීෂාවන් ඉදිරියට ගෙන යාමට හා ජපාන අධිරාජ්‍යවාදයේ මූලෝපායික හා ආර්ථික උත්සුකයන් පරිශීලනය කිරීමට මිලිටරිය යොදා ගැනීම මත ඇති සියලු නීතිමය හා ව්‍යවස්ථාදායක බාධාවන් ඉවත් කිරීමටත් ය.

දැන් ට‍්‍රම්ප් නැවත වතාවක් අබේ දුර්වල කර ඇත්තේ, තමා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් සමග සාකච්ඡා පැවත් වීමට ඉඩ තිබේ යැයි අනපේක්ෂිතව මාර්තු මාසයේ දී නිවේදනය කරමිනි. අබේ එක්සත් ජනපදයට පැමිනීමත් සමග, මාධ්‍ය වාර්තා කලේ, උතුරු කොරියාව සමග ඍජු සාකච්ඡා “අත්‍යන්තයෙන් ම ඉහල මට්ටම් තුල” ඉදිරියට යමින් තිබුනු බව යි. මොන යම් හෝ සාකච්ඡාවල අරුමුනු සම්බන්ධයෙන් මේ වන විටත් තියුනු වෙනස්කම් මතු වී ඇත්තේ, එක්සත් ජනපද නව රාජ්‍ය ලේකම් ලෙස ට‍්‍රම්ප්ගේ නාමිකයා වන මයික් පොම්පියෝ, එක්සත් ජනපදය දිගු දුර මිසයිලවලින් තොර න්‍යෂ්ටිකව සන්නද්ධ උතුරු කොරියාව පිලිගනු ඇති බව (තනතුරේ) තහවුරු කිරීමේ විමර්ශනයේ දී යෝජනා කිරීමත් සමගිනි. එවැනි ගිවිසුමක් උතුරු කොරියාවේ මධ්‍යම දුර මිසයිලවට ජපානය අනාරක්ෂිත වීමට ඉඩ හරිනු ඉඩ ඇත. (?)

අබේ-ට‍්‍රම්ප් සමුලුවේ තියුනු මත භේදයන් සඳහා විභවය සංයුක්ත කෙරෙන්නේ නායකයින් දෙදෙනා ම තම තමන්ගේ දේශපාලන ජීවිත වෙනුවෙන් පොර බදමින් සිටිතැ යි යන කාරනයෙනි. විශේෂයෙන් ම සිරියාව තුල බලගතු මිලිටරි මැදිහත් වීමක් හරහා රුසියාවට එරෙහි ආක‍්‍රමනකාරී ආස්ථානයක් ගැනීමේ දී ඔහුගේ උපකල්පිත අසාර්ථකත්වය වෙනුවෙන් එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය හා මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල කන්ඩායම් සමග කටුක හබයක ට‍්‍රම්ප් පැටලී ඇත. ව්‍යාප්ත වෙමින් පවතින ගුරුවරුන්ගේ වැඩවර්ජනයෙන් විදහා දැක්වෙන, කම්කරුවන් හා තරුනයන්ගේ විරුද්ධත්වයේ නැගෙන උදම්රැල්ලකට ද ඔහු මුහුන දෙමින් සිටී.

පලමු සිද්ධියේ දී බාලාංශයක් හා දෙවැනි සිද්ධියේ දී පශූවෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමේ දී, අන්ත ජාතිකවාදී සංවිධානවලට ආන්ඩුවේ අනුග‍්‍රහ දැක්වීමේ සෝලි දෙකක් මත, අබේ ඊට නො අඩුව බැට කයි. පසු ගිය සතියේ, අනෙකුත් නගරවල වඩා කුඩා විරෝධතා සමග, 30,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක පුද්ගලයන් මධ්‍යම ටෝකියෝවේ රැස්වුයේ, අබේට ඉල්ලා අස්වීමට බල කිරීමට යි. අබේගේ මත විමසුම් ඇගයීම් ගිලෙමින් පවතී. අබේ විසින් තම උපදේශකයා යැයි සලකන ලද, හිටපු අගමැති ජිනිචිරෝ කොයිසුමී මෙම සතියේ “තත්වය අනතුරුදායක වෙමින් තිබේ” යැයි ප‍්‍රකාශ කල අතර, ජූනි මස අන්තිමේ දී අබේ ඉවත් විය යුතු ව ඇත යි යෝජනා කලේ ය.

අබේ-ට‍්‍රම්ප් සමුලූවේ ක්ෂනික ප‍්‍රතිඵල නො සලකා, එක්සත් ජනපද-ජපාන සම්බන්ධතාවන්ගේ විවරයන් නොකඩවා පලල් වෙනවා ඇත්තේ, (එකිනෙකාට) එරෙහිව යෑමකට හා ගැටුමකට මග පෑදීමේ විභවය ඇතිව ය. නායකයින් දෙදෙනාගේ ම ආක‍්‍රමනකාරී ජාතිකවාදය හුදෙක් මෙම පුද්ගලයන් දෙදෙනාගේ නිර්මිතයක් නොව, ඊට වෙනස් ව ලෝක යුද්ධයක් දෙසට වන තල්ලුවට ඉන්ධන දමන ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ ප‍්‍රකාශනයකි.

තම ඓතිහාසික අර්බුදයට මුහුන දී සිටින, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ වසර විසිපහක යුද්ධය හරහා තම ගෝලීය ආධිපත්‍යය රැක ගැනීමට අපොහොසත් ව, තමන්ගේ මාවත හරස් කරමින් නැගී සිටින ඕනෑ ම බලවතෙකු සමග ගැටුමක් සඳහා සූදානම් වෙමින් සිටී. 2018 ජනවාරියේ දී ප‍්‍රකාශ කෙරුනු, ට‍්‍රම්ප් පාලනාධිකාරියේ ජාතික ආරක්ෂක මූලෝපාය, මූලෝපායාත්මක වෙනසක් පැහදිලි කලේ, “ත‍්‍රස්තවාදය මත යුද්ධය” නොව, “අන්තර්-රාජ්‍ය මූලෝපායක තරඟය” නව ප‍්‍රාථමික උත්සුකය වන බව ප‍්‍රකාශ කරමිනි. චීනය හා රුසියාව ප‍්‍රධාන “මූලෝපායික තරඟකරුවන්” බව විශේෂයෙන් නම් කරමින් ජපානය වැනි දීර්ගකාලීන සහචරයන් ද ඉලක්ක විය හැකි බව අඟව යි.

ජපානය ද ඒ සමාන ම ඓතිහාසික උභතෝකෝටියකට මුහන පා සිටී. දශක ගනනාවක් තාක්ෂනික බලාගාරය ද දෙවැනි විශාලතම ආර්ථිකය ද වී තිබූ ජපානය, 2010දී චීනය විසින් තුන්වැනි තැනට තල්ලු කෙරින. එහි රාජ්‍යතාන්ත‍්‍රික, ආර්ථික හා මිලිටරි තත්වය නොකඩවා ලුහුටා යන්නේ, ජපානයේ වැඩි දුර පරිහානිය හොඳින් ම වැලක්විය හැක්කේ කෙසේ ද යන්න මත පාලක කවයන් තුල තදබල සාකච්ඡා අවුලුවමිනි. අබේගේ ආක‍්‍රමනකාරී යලිමිලිටරීකරනය, දෙවැනි ලෝක යුද්ධයේ දී තම පරජාය හෝ තම යුද අපරාධ වෙනුවෙන් කිසිදා වග කීම පිලිනොගත්තා වූද, ආසියාව තුල වොෂින්ටනයට දෙවැනි තැන ගැනීමෙන් අමනාප වී සිටින්නා වූ ද පාලක පන්තියේ අන්ත ජාතිකවාදී පාර්ශ්වයේ ප‍්‍රතිචාරය යි.

කිසි සැකයකින් තොර ව අබේ-ට‍්‍රම්ප් සමුලුවේ ප‍්‍රතිඵල තුල පිලිබිඹු කෙරෙනු ඇති, එක්සත් ජනපද හා ජපානය යන දෙරටේ ම ප‍්‍රධාන අවධානය වන්නේ චීනය මැඩ පැවත්වීම හා අවසානයේ දී තම අධිරාජ්‍යවාදී උත්සුකයන්ට යටත් කිරීම යි. කෙසේ නමුත්, අද මිතුරන් එතරම් ඈත නොවන අනාගතයක දී කටුක හතුරන් වීමේ ඉඩ ඇත. ආසියාව තුල කුමන බලවතා ආධිපත්‍ය ගැනීමට යන්නේ ද යන්න මත මිලියන ගනනාවක් මරා දැමුනු, 1941 හා 1945 අතරතුර යුද්ධයේ දී රටවල් දෙක ශාන්තිකර සාගරයේ ම්ලේච්ඡ යුද්ධයක් ගෙන ගිය බව ටෝකියෝව නැත්නම් වොෂින්ටනය අමතක නො කරනු ඇත.

පීටර් සිමන්ඩ්ස්

Share this article: