(එක්සත් ජනපදය තුල) හමුදා මාදිලියේ ආගමන විගමන නිලධාරී වැටලීම්: ඔබ ආසන්නයේ වැඩපොලකට පැමිනෙනු ඇත

Military-style immigration raids: Coming to a workplace near you

2018 ජූලි 26

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදය පුරා දහස් ගනන් වැඩපොලවල් පොලිස් සෝදිසි කිරීම්වලට යටත් කර ඇති අතර සංක්‍රමනික කම්කරුවන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට හමුදා- මාදිලියේ වටලෑම් උග්‍ර ලෙස ව්‍යාප්ත කරමින් සිටියි.

සංක්‍රමනික හා රේගු බලගැන්වීම් (අයිසීඊ ) ආයතනය අඟහරුවාදා නිවේදනය කලේ එය 2017 ඔක්තෝබර් සිට 2018 ජූලි දක්වා මාස නවය පුරා වැඩපොලවල් 984 ක සංක්‍රමනිකයින්, එනම් ආසන්න ලෙස පෙර මාස 12 මෙන් හය ගුනයක් ඉක්මවමින් අත්අඩංගුවට ගත් බවය. මෙම කාලය පුරා ආන්ඩුව තම වැඩපොලවලින් මිනිසුන් 172 ක් පිටුවහල් කිරීම සඳහා ඇද එලියට දැම්මේය.

මෙහෙයුමේ “දෙවන අදියර” ලෙස නම් කරමින් පසුගිය සතියේ පමනක් විස්මයට පත් කරමින් 2,738 ඇතුලුව, අයිසීඊ ආයතනය මෙතෙක් මෙම වසරේ ව්‍යාපාරික ආයතන 5,200 වෙත විගනන දැන්වීම් නිකුත් කල බව නිවේදනය කලේය. මෙහි අර්ථය වන්නේ ෆෙඩරල් ඒජන්තයෝ දැන් සේවක පඩි ලැයිස්තු හාරා අවුස්සමින් දස හෝ සිය දහස් ගනන් කම්කරුවන්ගේ පුරවැසිභාවයන්හි තත්වය පරීක්ෂා කරමින් සිටින බවයි. අයිසීඊ ආයතනය පෙර මූල්‍ය වසරේ 1,716 ට සාපේක්ෂව එය “වැඩපොල පරීක්ෂන 6,093 ක් විවෘත කර ඇති” බව ප්‍රකාශ කලේය.

ආන්ඩුව මෙම මධ්‍යස්ථානවල කුඩා කොටසක පවා වැටලීම් සිදු කරන්නේ නම් අත්අඩංගුවට පත්වන සංක්‍රමනික කම්කරුවන්ගේ සංඛ්‍යාව දස දහස් ගනන් වනු ඇත. ඔහියෝ හි සැන්ඩස්කි සහ සලෙම් හි ජූනියේදී සිදු කල වැනි වැටලීම් සිදු වන්නට නියමිත දේවල් පිලිබඳ හැඟීමක් සපයයි. මෙම විශේෂ ආයුධ හා උපාය සහිත (SWAT) ප්‍රහාර තුලදී, ආගමන විගමන නිලධාරියෝ, දඩ බල්ලන්, හෙලිකොප්ටර් යානා සහ ප්‍රහාරක රයිෆල් තුවක්කු වලින් සන්නද්ධ වී පැලෑටි තවානක් සහ මස් ඇසුරුම් කම්හලක් පීරමින් දල වශයෙන් කම්කරුවන් 300 ක් අත්අඩංගුවට ගත්තේ එජ යේ උපත ලද සහෝදර කම්කරුවන්ගේ ඝෝශාකාරී හෙලාදැකීම් මධ්‍යයේය.

අයිසීඊ ආයතනයේ නිවේදනය සමස්ථ කම්කරු පන්තියටම සෘජු තර්ජනයකි. මෙය, 2018 මුල් මාස පුරා ගුරුවරුන්, මෝටර්රථ කම්කරුවන්, විදුලි සංදේශ කම්කරුවන්, යූපීඑස් කම්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් ප්‍රධාන අංශ වල වැඩ වර්ජන සහ විරෝධතාවන්වල වැදගත් වර්ධනයකට දැක්වූ ප්‍රතිචාරයකි.

ඔක්ලහෝමා සහ ඇරිසෝනා හි ගුරුවරු මෙම වසන්තයේදී ඇඩො10,000 සිට ඇඩො20,000 වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කල විට, ඔවුහු මිලියන ගනන් කම්කරුවන්ගේ පුලුල් සහය ලැබූහ. මොවුහු, දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් සහ ඉහල වැටුප් ඉල්ලා සිටිමින් ප්‍රාන්ත ආන්ඩුව සහ වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කිරීමට ගුරුවරුන් ප්‍රයත්න දැරූ ආකාරය දකිමින් අවබෝධ කරගත් කම්කරුවෝ වූහ.

බොහෝ කම්කරුන් එවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ආරම්භ කර ඇත යන්නෙන් සංගත භීතියට පත්වී ඇත. පන්ති අරගලයේ වර්ධනය බිඳ දැමීමටත් කම්කරුබලය යටපත් කිරීමට බියවැද්දීමටත් දැරෙන ප්‍රයත්නයේදී සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය පෙරමුනේ පවතී.

ප්‍රථමව, පාලක පන්තිය, සමාජ කොන්දේසි පිරිහීම සඳහා සංක්‍රමනික කම්කරුවන් දඩමීමා කරගනිමින් කම්කරු පන්තියේ කැරලිකාරිත්වයේ වර්ධනය සහ පන්ති සහයෝගය වර්ගය සහ ජාතිකවාදය මත පදනම්ව කම්කරුවන් බෙදීම මගින් දූෂනය කිරීමට බලාපොරොත්තු වෙයි.

අයිසීඊ ආයතනයේ රාජ්‍ය ආරක්ෂක විමර්ෂන අංශයේ වැඩබලන විධායක සහකාර අධ්‍යක්ෂක, ඩෙරෙක් බෙනර් අයිසීඊහි නිවේදනයට අමුනා තිබුනු ප්‍රකාශයක එජ පුරවැසි කම්කරුවන්ගෙන් ප්‍රයෝජන ගන්නා අපරාධකරුවන් ලෙස සංක්‍රමනික කම්කරුවන් හුවා දැක්වූයේය:

“මෙය ගොදුරුරහිත අපරාධයක් නොවේ. අනවසර කම්කරුවෝ එජ කම්කරුවන්ගෙන් සොරකම් කරන ලද නීතිමය අනන්‍යතාවන් නිතරම භාවිතා කරති. මෙම සොරකම්වලට අනන්‍යතාව සොරකමට ගොදුරුවූවන්ගේ නය, වෛද්‍ය වාර්තා සහ තම එදිනෙදා ජීවිතයේ අනෙකුත් අංශ මත වැදගත් බලපෑමක් කල හැකිය.”

බෙනර් දිගටම මෙසේ පවසයි:

“වැඩබිම බලාත්මක කිරීම එජ පුරවැසියන් සහ නීත්‍යානුකූලව සේවයේ නිරත අනෙකුත් අය ආරක්ෂා කරන” අතර “කම්කරුවන් සූරාකෑමටත්, නීති විරෝධී වැටුප්, ලමා ශ්‍රමය සහ අනෙකුත් නීති විරෝධී භාවිතයන්වලට එරෙහි සටන් කිරීමට උපකාර කරයි.”

මොනතරම් බේගල්ද! අනාරක්ෂිත කොන්දේසි, අඩුවෙන් වැටුප් ගෙවීම සහ “කම්කරුවන් සූරාකෑම” සඳහා චෝදනා එල්ල විය යුත්තේ සංක්‍රමනික කම්කරුවන්ට නොව සංගතවලටමයි!

එජයේ පොහොසත්ම මිනිසුන් දෙදෙනා-ජෙෆ් බෙසොස් සහ බිල් ගේට්ස්- එජයේ දුගීම ජනයා මිලියන 160 සතු ධනයට සමාන ධනයක් ආසන්නව සතු කර ගෙන සිටිති. බෙසොස් සම්බන්දව ගත්කල, ඔහු ඇඩො බිලියන 150 කඳු ගසා ගෙන ඇත්තේ සොච්චම් වැටුප් සහ අඩු ප්‍රතිලාභ සඳහා වඩාත් භයානක වැඩකරන කොන්දේසි යටතේ ශ්‍රමය වගුරන ලොව පුරා ඇමේසන් කම්කරුවන් 500,000 ක් සූරාකෑමෙනි.

සියලුම කර්මාන්තශාලා හරහා පවතින එකතැන පල්වන හෝ අඩුවන වැටුප්, සංගත කතිපයාධිකාරිය තුල ධනයේ දැවැන්ත වර්ධනය ඉහල නංවා ඇත. 2016 සිට 2017 දක්වා පමනක්, ලොව බිලියනපතියන්ගේ (මිනිසුන් 2,754) ධනය සියයට 24 න් ඇඩො ටි්‍රලියන 9.2 දක්වා වැඩිවිය. මෙය ලොව දල දේශීය නිශ්පාදනයෙන් සියයට 12 කි.

දෙවනුව, කම්කරු පන්තියේ උග්‍ර සූරාකෑමට එරෙහිව මතුවිය හැකි සමාජ විරෝධයේ භීතියෙන්, සුපිරි ධනවත්තු කම්කරු පන්තිය ගැන ඔත්තු බැලීමටත් සහ කායිකව කුඩුපට්ටම් කිරීමටත් පොලිස්-හමුදා යටිතල පහසුකම් ගොඩ නගමින් සිටිති.

සංගතවල ලාභ ඉහලයාම් උත්තේජනය කරන වැඩ වේගවත් කිරීම්, අනාරක්ෂිත කොන්දේසි, වැටුප් කොල්ලය සහ සූරාකෑමේ අනෙකුත් රූපාකාරයන්ට එරෙහි කම්කරුවන් බියවැද්දීමට හමුදා වැටලීම් පිලිබඳ තර්ජන, එල්ල කෙරෙයි. ඒ සමගම, ආන්ඩුව සහ සේවා යෝජකයෝ වඩාත් උග්‍ර පියවරන් සඳහා සූදානම් වෙමින් සිටිති. කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතුය: ආන්ඩුවට වැඩපොලවල් වටලමින් “නීති විරෝධී” සංක්‍රමනිකයකු වශයෙන් කම්කරුවකු ඇද ඉවත් කල හැකිනම්, ආන්ඩුවට “නීති විරෝධී” වැඩ වර්ජන හෝ විරෝධතාවන් හෝ “නීති විරෝධී” පත්‍රිකා සහ ඔන්ලයින් ලිපි බෙදා හැරීමෙහි සහභාගි වීම නිසා කම්කරුවන්ට එම දෙයම කල හැකිය.

තෙවනුව, බහුජන වැටලීම්වල තර්ජනද “එජ පුරවැසි කම්කරුවන්ගේ” දුක්ගැනවිලි සඳහා සංක්‍රමනිකයින්ට චෝදනා කිරීමේ වෑයම්ද, ට්‍රම්ප්ට දේශපාලන සහය සඳහා විශ්වාස කලහැකි සහ වැඩ වර්ජන හා විරෝධතාවන්වල නිරත කම්කරුවන් ත්‍රස්ථ කිරීමට සහ සෝදිසි කිරීමට සංගත සහ සේවා යෝජකයින්ට හැකිවන ආකාරයේ ෆැසිස්ට්තාලයේ පදනමක් තැනීමේ එල්ලයද ඇතිව සිදුවෙයි.

සංක්‍රමනිකයින්ට එරෙහි ට්‍රම්ප් උත්සන්න කරන දුෂ්ඨ ප්‍රහාර මෙම වසන්තයේ මුලදී වර්ධනයවූ වර්ජන සමග සමපාත විය.

මැයි මස මුලදී, උතුරු කැරොලිනා, වර්ජිනියා සහ කොලරාඩෝ දක්වා ගුරුවරුන්ගේ වැඩ වර්ජන සහ විරෝධතාවන් පැතිරී යනවිටයි, සංක්‍රමනික දරුවන් තම දෙමව්පියන්ගෙන් වෙන් කරමින් සහ ඔවුන් වෙනම මධ්‍යස්ථානවල රඳවා තබමින් ට්‍රම්ප් තම “ඉවසීමෙන් තොර” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලේ. එතැන් පටන්, ට්‍රම්ප්, ඔහු විසින් දරුවන් මුදා හරිනු ලැබිය යුතු බවටත්, අද වන විට දරුවන් තම දෙමාපියන් සමග යලි එකමුතුවීමේ නියමිත කාලයකට මුහුන දීමටත් අවශ්‍ය කරන උසාවි නියෝගයක් හෙලාදැක ඇත. ආසන්න ලෙස දෙමාපියන් 500 දැනටමත් පිටුවහල් කරනු ලැබ ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට තම දරුවන් කෙදිනකවත් දැකගත නොහැකි වනුඇත.

වෘත්තීය සමිති ඇමරිකානු වැඩපොලවල් මිලිටරීකරනයට සහය දීමේ හවුල්කරුවන් ලෙස සේවය කරනු ඇත. මෑත දශක තුල, ආන්ඩුව මිලියන 5ක් ජනයා පිටුවහල් කර ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් කම්කරුවන් වූ අතර වෘත්තීය සමිතිවල සිටියහ. කිසිදු වැදගත් එක් වැඩ වර්ජනයක් හෝ කැඳවීම ප්‍රතික්ෂේප කර ඇති සමිති, ඒ වෙනුවට සංගත වෙනත් රට වලට ගෙනයාම සහ අඩුවන වැටුප් ගැන චීන සහ මෙක්සිකෝ කම්කරුවන්ට චෝදනා එල්ල කරමින් ඇමරිකානු ජාතිකවාදය අවුලමින් කම්කරු පන්තිය තුල විෂ පතුරවයි.

සංක්‍රමනිකයන් එල්ල කර සිදුකරන ට්‍රම්ප්ගේ වැඩපොල වැටලීම් ගැන ඩිමොක්‍රටිකයන් කිසිවක් කියා නැත. වෙන් කරන ලද පවුල්වල දෙමව්පියන් 460 පිටුවහල් කර ඇති බව බදාදා ධවල මන්දිරය නිවේදනය කල විට පවා ඩිමොක්‍රටිකයෝ රුසියාව සමග හමුදාමය වශයෙන් අභිමුඛවීමේ අසාර්ථකත්වයට දේශද්‍රෝහියකු ලෙස ට්‍රම්ප් හෙලාදැකීමේ තම දක්ශිනාංෂික උද්ඝෝෂනය කෙරෙහි තම සමස්ථ වෑයම එල්ල කලහ. මෙම උද්ඝෝෂනය ට්‍රම්ප් පරිපාලනයට එරෙහි කම්කරුවන් ඒකාබද්ධ කරනවා නොව ජාතිකවාදය සහ රුසියානු විරෝධී අන්ධදේශානුරාගය පමනක් පෝෂනය කිරීමට අරමුනු කරයි.

කම්කරු පන්තිය බෙදා වෙන් කර ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා සමාජ තත්වයට පහර දීමේ ද්විපාර්ශවීය උපායමාර්ගය කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. ආන්ඩුවට හා සංගතයන්ට එරෙහි අරගලයට සූදානම් වීමේදී, පුරවැසිභාවය හෝ ජාතික සම්භවය නොතකා, කම්කරු පන්තියේ එක්සත්කම ජීවිතයත් මරනයත් පිලිබඳ ප්‍රශ්නයකි.

එරික් ලන්ඩන්

Share this article: