රයන්එයාර් වැඩවර්ජනය සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනය

The Ryanair strike and the resurgence of international class struggle

2018 අගෝස්තු 8

අයර්ලන්තය, බෙල්ජියම, ස්වීඩනය, නෙදර්ලන්තය හා ජර්මනියේ රයන්එයාර් ගුවන් නියමුවෝ තම වැටුප් හා සේවා කොන්දේසි මත ප්‍රහාරයන්ට එරෙහිව සිකුරාදා වැඩවර්ජනය කිරීමට සූදානම් වෙති.

වැඩවර්ජනය පැවත්වෙන්නේ ප්‍රශ්න ගනනාවක් මත ය. රයන්එයාර් වෙනුවෙන් ගුවන් යානා පදවන ගුවන් නියමුවෝ විශාල සංඛ්‍යාවක් ගුවන් සේවාවේ සේවකයෝ නොවෙති. ඔවුන්ට තනි පුද්ගලයෙකුගේ සමාගමක් පිහිටුවීමට හා අයර්ලන්තයේ බැංකු ගිනුමක් පවා පවත්වා ගෙන යාමට පවා බල කෙරේ.

එරට, පූර්නකාලීන ගුවන් නියමුවෝ 100දෙනෙක් පමන ජ්‍යෙෂ්ටත්වයේ ප්‍රශ්න මත වැඩවර්ජනය කරමින් සිටිති. ජර්මනිය තුල, නියමුවෝ 400ක් (තැරව්කාර) ඒජන්සි කම්කරුවන් වැඩි වසයෙන් යොදා ගැනීමට විරුද්ධත්වය දක්වමින් හා වඩා ඉහල මූලික වැටුපක් ඉල්ලමින් සිටිති. මූලික වැටුපක් පිහිටුවීම නිසා පියාසර කෙරන පැය ගනන් මත පාදක විචල්‍ය වැටුප් සමස්ත වේතනයේ කොටසක් වනු ඇත. ඔවුහු ජර්මන් මෙහෙයුම් පුරා වඩා ඉහල අසනීප දීමනා හා සමාන වැටුප් ද ඉල්ලමින් සිටිති.

ස්වීඩනය තුල අදාල වෘත්තීය සමිති සාමූහික ගිවිසුකමට ලඟා වීමට අසමත් වීම හා රයන්එයාර් සමාගම සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් සිටි තැ යි යන ප්‍රකාශයට එරෙහිව ගුවන් නියමුවෝ අරගලයක නියලෙති. නෙදර්ලන්තය තුල, පූර්නකාලීන රැකියා, වඩා යහපත් අසනීප දීමනා හා විශ්‍රාමික විධිවිධාන අන්තර්ගත නෙදර්ලන්ත කම්කරු නීතිය ඇතුලත් සාමූහික කොන්ත්‍රාත්තු ඉල්ලමින් සිටිති. බෙල්ජියමේ දී, ජූනියේ වැඩවර්ජනය කල හා කලමනා කරනය විසින් බිය ගන්වා ඇති සේවක පිරිස ආරක්ෂා කිරීමට ගුවන් නියමුවෝ වර්ජනය කරමින් සිටිති.

රටවල් පහේ ම නියමුවන් වැඩවර්ජන ක්‍රියාවකට පක්ෂව ඡන්දය දී ඇත්තේ, නෙදර්ලන්තයේ හා ජර්මනියේ වෘත්තීය සමිති තවමත් නිල වසයෙන් වැඩවර්ජනය කරන්නේ කවදා දැ යි තීරනය කල යුතු ව ඇති තත්වයක දී ය. සියලුම රටවල නියමුවන්ගේ පොදු අධිෂ්ඨානය ප්‍රකාශ කරමින් නෙදර්ලන්තයේ නියමුවෝ වැඩවර්ජනය සඳහා සියට 99.5 ක ඡන්දයක් දුන්හ. ජර්මානු කම්කරුවන් ද වැඩවර්ජනය සඳහා ඡන්දය දුන්නේ ඒ ආකාරයේ ම බහුතරයකිනි.

සමාගමේ මූලස්ථානය පිහිටි, අයර්ලන්තයේ රයන්එයාර් නියමුවන් මේ වන විටත් මෙම වසරේ එක් දින වැඩවර්ජන හතරක් පවත්වා ඇත.

මෙම වැඩවර්ජන දැකිය යුත්තේ ජාත්‍යන්තර වසයෙන් පන්ති අරගලයේ වර්ධනය වෙමින් තිබෙන යලි නැගී සිටීමක සන්දර්භය තුල ය. ජනවාරි 3වැනිදා ඉදිරිදර්ශන ලියවිල්ලක් තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් සඳහන් කල පරිදි, 2018 වර්ෂය “සංලක්ෂිත වනු ඇත්තේ, සියල්ලටත් වඩා, සමාජ ආතතීන් ඉමහත් ලෙස උත්සන්න වීමෙන් හා ලොව පුරා පන්ති ගැටුම වර්ධනය වීමෙනි.”

නොර්ත් මෙසේ ද පැවසී ය: “ධනවාදී පද්ධතියේ සාරභූත ප්‍රතිඝතිතාවන්...ධනවාදයට එරෙහි දැවන්ත කම්කරු පන්තික විරුද්ධත්වය තව දුරටත් මර්දනය කිරීමට අපහසු ලක්ෂයකට දැන් වේගයෙන් ලඟා වෙමින් තිබේ.”

මෙම තක්සේරුව ඔප්පු කෙරෙමින් තිබෙන්නේ, කම්කරුවන්ගේ වැටුප්, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් මත ප්‍රහාරයන්ට එරෙහිව, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ මහා වැඩවර්ජන, ජර්මනියේ කාර්මික කම්රුවන්ගේ වැඩවර්ජන, විශ්‍රාම අයිතීන් ආරක්ෂාව සඳහා එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් 50,000කගේ සටන, හා මැක්‍රෝන් ආන්ඩුව වි සින් පටවන ලද ව්‍යාපාර ගැති නීතිවලට එහෙරිව ප්‍රන්සයේ දුම්රිය කම්කරුවන්ගේ විරෝධතා හා වැඩවර්ජන ඇතුලුව ලෝකය පුරා අරගල පිපිරීමත් සමගිනි.

පසු ගිය මාසයේ දී, පොලිටිකෝ හි නම් වෙබ් අඩවි ලිපියක් රයන්එයාර් ආරම්භක වැඩවර්ජන ගැන සඳහන් කලේ ගුවන් කාර්යමන්ඩල හා නියමුවන්ගේ “මහාද්වීපය පුරා පැතිරුනු පුලුල් කැරල්ලක” පූර්ව නිමිත්තක් ලෙස ය. කම්කරුවන් 13,000ක් සේවයේ යොදවන සහ යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා රටවල් 37ක මූලස්ථාන 86කින් ක්‍රියාත්මක වන අන්තර්ජාතික සංගතයට එරෙහි ගෝලීය අරගලයක් ලෙස, මෙම කැරල්ල ජවය එක් රැස් කර ගනිමින් තිබේ.

මෙයට ගෝලීය ගුවන්සේවා කර්මාන්තය සඳහා ඇඟවුම් ඇත. පසු ගිය වසරේ ගුවන් මගීන් මිලියන 130ක් ගෙන ගිය රයන්එයාර් සමාගම ගුවන් මගී සංඛ්‍යාව අනුව යුරෝපයේ විශාලතම ගුවන් සේවාව යි. පහල වැටුප් හා දීර්ග වැඩ පැය ගනන් පැටවීමේ තම ව්‍යාපාරික ආදර්ශය මත පාදකව සුපිරි-සූරා කෑමක නව සම්මතයන් පිහිටුවීමේදී එය තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කර යි.

රයන්එයාර් ඉතාම අඩු වැටුප් අනුපාතවලට කාර්ය මන්ඩල බඳවා ගන්නේ, වාර්තාවන පරිදි එක ගමනකට ඩොලර් 10ක් තරම් සොච්චමක් ගෙවිය හැකි, අඩු වැටුප් රටවල්, විශේෂයෙන් ම නැගෙනහිර යුරෝපයේ අඩු වැටුප් රටවල් හඹා යාමට (තැරව්කාර) ඒජන්සි ප්‍රයෝජනයට ගනිමිනි. රයන්එයාර්ඩෝන්ට්කෙයාර් නම් බ්ලොග් අඩවියෙන් ලබා ගැනුනු තොරුතුරු අනුව, රයන්එයාර් කාර්යමන්ඩලයෙන් 4,000ට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය මොහොතේ සේවයට ගැනීමේ කොන්ත්‍රාත් පදනමින් සිටින්නේ, මසකට යුරෝ 600ක් තරම් සොච්චමක් උපයමිනි.

තමන් දිනකට පැය පහක් දක්වා කාලයක් වැටුප් නොමැතිව වැඩ කරන බව රයන්එයාර් ගුවන් කාර්යමන්ඩලය වාර්තා කර යි. ඒ මගින් ගුවන් තොටුපලවල් සඳහා කාර්ය මන්ඩල පොරොත්තුව සිටිය යුත්තා වූත් එමෙන් ම පැයකට යුරෝ 3.75ක් ගෙවන්නා වූත් ප්‍රතිපත්තියක් සමාගම විසින් පවත්වා ගෙන ගොස් ඇත. ගුවන් නියමුවන් රයන්එයාර් පුහුනු වැඩසටහනකට යුරෝ 29,500ක් ගෙවිය යුතු ව තිබුන අතර, මෙය මෙම වසරේ දී පමනක් අඩු කෙරුනි. කෙසේ නමුත්, “ආධුනිකයන්” යුරෝ 5,000ක අත්තිකාරම් ගාස්තුවක් ගෙවිය යුතු යැයි තවමත් බල කෙරේ.

කම්කරුවන් මත තබන පීඩනය නො ඉවසිය හැක්කකි. පසු ගිය සිකුරාදා, සමාගමේ වසර දහයක් සේවය කල නෙදර්ලන්ත ගුවන් නියමු, ජෝක් ස්ක්‍රේල් මලාගා ගුවන් තොටු පලේ කාර්යමන්ඩල රථගාලේ මිය ගොස් සිටිය දී සෙයා ගැනුනි, වාර්තවන පරිදි ඔහු බ්‍රස්ල්ස් කරා ගුවන් යානයක් පැදවීමට නියමිත වේලාවට කෙටි කාලයකට පෙර සිය දිවි නසා ගෙන තිබුනි. මෙය 2011 සිට රයන්එයාර් නියමුවකුගේ දෙවැනි සියදිවි නසා ගැනීම යි. පලමු අවස්ථාවේ දී ලිවර්පූල් හි ජෝන් ලෙනන් ගුවන් තොටුපලේ සේවය කරමින් සිට පෝල් රිගාර්ඩ් තම ජීවිතය නැති කර ගත්තේ ය.

රයන්එයාර් වැඩවර්ජනය පෙන්වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සෑම කන්ඩායමක් ඉදිරියේ ම මූලෝපායාත්මක ප්‍රශ්න මතු කරන, කම්කරු පන්තියේ අරගල වර්ධනයේ හා තීව්‍රතාවේ ඉහල අවධියක් කරා ලඟා වෙමින් තිබෙන බව යි.

1988දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පන්ති අරගලයේ අනාගත ගමන් මග මත ගෝලීයකෘත නිෂ්පාදයේ හා දැවන්ත අන්තර්ජාතික සංගත විසින් ආර්ථික ජීවිතය මත ආධිපත්‍යය ගැනීමේ බලපෑම පිලිබඳව දුර දක්නා තක්සේරුවක් කලේ ය. හතරවැනි ජාත්‍යන්තරය මෙසේ සඳහන් කලේ ය:

රූපාකාරයෙන් පමනක් පන්ති අරගලය ජාතික වන නමුත්, එය හරයෙන් ජාත්‍යන්තර අරගලයක් වන බව දීර්ගකාලීන ව මාක්ස්වාදයේ මූලික ප්‍රස්තුතයක් වී ඇත. කෙසේ නමුත්, ධනේශ්වර වර්ධනයේ නව ලක්ෂන සලකා බලන විට, පන්ති අරගලයේ රූපාකාරය පවා ජාත්‍යන්තර ස්වභාවයක් අත්කර ගත යුතුය. කම්කරු පන්තියේ ඉතාමත් ප්‍රාකෘතික අරගල පවා එහි ක්‍රියා ජාත්‍යන්තර පරිමානයක් මත සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාවය මතු කර යි.

එවැනි ප්‍රහාරාත්මක ගමනක ප්‍රධාන බාධකය වන්නේ සංගත, බැංකු හා ජාතික ආන්ඩුවල කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන ජාතිකවාදී, ධනේශ්වර ගැති වෘත්තීය සමිති යි.

සිකුරාදා ඒකාබද්ධ ක්‍රියාව සිදු වනු ඇත්තේ මාස ගනනාවක් තිස්සේ එවැනි විපාකයක් වැලක්වීමට වැඩ කර ඇති වෘත්තීය සමිතිවලට එරෙහිව ආරම්භක කැරල්ලක් ලෙස පමනී. ජර්මානු නියමු කුටි වෘත්තීය සමිතිය වැඩවර්ජනය සඳහා දිනයක් නිවේදනය කර නැත්තේ, එය අවසාන මොහොතේ හෝ රයන්එයාර් සමග මුහුන බේරා ගැනීමේ ගිවිසුමක් බලාපොරොත්තුවෙන් සිටින බැවිනි.

මෙම සතියේ වැඩවර්ජනයට මුලින්, ස්පාඤ්ඤයේ රයන්එයාර් ගුවන් නියමුවන් 800න් 500ක් නියෝජනය කරන, සෙප්ලා වෘත්තීය සමිතිය, රයන්එයාර් සමග සාමූහික ගිවිසුමකට ලඟා වීමට අසමත් වීම නොතකා, තමන් වැඩවර්ජනයක් කැඳවන්නේ නැති බව නිවේදනය කලේ ය. ඒ වෙනුවට එය අධිකරනමය පියවරක් ආරම්භකරනු ඇත.

රයන්එයාර් ගුවන් නියමුවන්ගෙන් සියයට 25ක සංඛ්‍යාවක් සිටින්නේ එක්සත් රාජධනියේ ය. සමාගම විසින් ජනවාරියේ දී පිලිගැනුනු, බල්පා වෘත්තීය සමිතිය, මෑත ම ජාත්‍යන්තර වැඩවර්ජන රැල්ල පුරා, රයන්එයාර් සමග අසාර්ථක සකච්ඡා ඉදිරියට ගෙන ගොස් ඇත්තේ, “බෙදූ වැටුප් ව්‍යුහය අවසන් කිරීම, කොන්ත්‍රාත්තු නියමුවන් ගනන අඩු කිරීම හා ජ්‍යෙෂ්ටත්වය පිලිගැනීම” බලාපොරොත්තුවෙනි.

අයර්ලන්ත නියමු වෘත්තීය සමිතියද (ඉයල්පා-ෆෝර්සා) එලඹෙන සතියේ සිට ඇරඹෙන තුන්වැනි පාර්ශ්වයේ සාකච්ඡාවලට එකඟ වී ඇත.

වෘත්තීය සමිති හැකි සෑම අවස්ථාවක ම විවිධ රටවල නියමුවන්ගේ වැඩවර්ජන එකිනෙකට වෙන් කර තබනවා පමනක් නොව, ඔවුහු උග්‍ර ලෙස සූරා කැවෙන ගුවන්යානා කාර්ය මන්ඩල සේවකයින්ගෙන් නියමුවන් හුදෙකලා කරමින් ද සිටිති. ජූලි මස අවසානයේ දී, ස්පාඤ්ඤය, පෘතුගාලය හා බෙල්ජියමේ ගුවන් යානා කාර්ය මන්ඩල කම්කරුවෝ නියමුවන් සම්බන්ධ නො කෙරුනු, දින දෙකක වැඩවර්ජනයක් කලහ.

ඊට සම්පූර්නයෙන් ම වෙනස් ලෙස, රයන්එයාර් වැනි සංගත පෙර නො වූ විරූ මට්ටමක සූරා කෑම් පැටවීමට ගෝලීය ආර්ථිකය උපයෝගි කර ගනිති. ආර්ථික ජාතිකවාදය පිලිබඳ තම ප්‍රතිගාමී පෙරදැක්මේ පදනම මත වෘත්තීය සමිති විසින් හිතාමතා පෝෂනය කෙරුනු කම්කරුවන්ගේ බේදීම් මත සමාගම වාරුවෙයි. ඩබ්ලින් ගුවන් තොටුපලේ සේවය කරන නියමුවන් 100ක් හා ගුවන් යානා කාර්ය මන්ඩල සේවකයින් 200ට වඩා වැඩි සංඛ්‍යාවක් සේවයනේ පහ කරන බවට රයන්එයාර් තර්ජනය කර ඇත්තේ, ඔවුන් දිගටම වැඩවර්ජනය කරන්නේ නම් අයර්ලන්තයේ සිට පෝලන්තයට රැකියා මාරු කරන බවට ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ඔ‘ලෙරී තර්ජනය කිරීම සමගිනි.

හාම්පුතුන්ගේ මෙම ගෝලීය ප්‍රහාරයට සටන් කිරීමේ එකම මාවත වන්නේ කම්කරුවන් තමන්ගේ ගෝලීය ප්‍රහාරයක් ගොඩනැගීම යි.

රයන්එයාර් නියමුවන්, ගුවන් යානා කාර්ය මන්ඩල සේවකයින් හා බිම් මට්ටමේ කාර්ය මන්ඩල වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් නිදහස් වී අරගලය තමන්ගේ අතට ගත යුතු යුතු ය.

වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම නිදහස් ව කම්කරු කමිටු ගොඩනැගිය යුතු ය. ඔවුන්ගේ ජාතික බෙදීම්වලට එරෙහිව රයන්එයාර් කම්කරුවන්ගේ සටන ඒකාබද්ධ කල යුත්තේ, ලෝකය පුරා ගුවන් සේවා, ප්‍රවාහන හා බෙදා හැරීම් කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටින අතර ය.

මෙය ඉල්ලා සිටින්නේ පුද්ගලික ලාභ සමුච්චයනය නො ව, මානව අවශ්‍යතාවන් මත පදනම් වූ සැලැසුම්ගත ගෝලීය අර්ථිකයක කොටසක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන, මහජන අයිතිය යටතේ ගුවන්සේවා කර්මාන්තය තැබීම ඇතුලුව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සටන් කරන ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම යි.

මෙම ඉදිරිදර්ශනයට එකඟ වන රයන්එයාර් කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියමින් තමන්ගේ අත්දැකීම් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග හුවමාරු කර ගත යුතු ය.

රොබට් ස්ටීවන්ස්

Share this article: