පන්ති සූරාකෑම සහ වෙලඳ පොල: ඩොලර් ට්‍රිලියන 01 ක සංගතයේ රහස

Class exploitation and the market: The secret of the $1 trillion corporation

2018 අගෝස්තු 4

බ්‍රහස්පතින්දා ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන එකක වෙලඳපල ප්‍රාග්ධනය කරා ලඟා වූ පලමු එක්සත් ජනපද සංගතය බවට පත්විය. කෙසේ වුවද, එහි ප්‍රතිවාදී තාක්ෂනික දැවැන්තයින් සිටිනුයේ එයට වඩා බොහෝ පසුපසින් නොවේ. මංගත (ඔන්ලයින්) ඒකාධිකාරය දරන ඇමසන් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 883 ක වටිනාකමකින් යුක්තය. ගූගල් සහ යූ ටියුබ්හි මව් සමාගම වන ඇල්ෆබට් හි වෙලඳපොල ප්‍රාග්ධනීකරනය ඩොලර් බිලියන 854 කින් සමන්විත වන අතර මයික්‍රොසොෆ්ට් සමාගම ඩොලර් බිලියන 821 ක වටිනාකම් සහිතව සිටී.

ඩොලර් ට්‍රිලියන ගනනනේ සංගත වල නැගීම සමකාලීන ධනවාදයේ වාඩාත්ම අතිමූලික ගතිලක්ෂනය පෙන්නුම් කරයි: සමාජයේ එක් ධ්‍රැවයක කොටස් මිලදී ගැනීම් හා ප්‍රාග්ධන ලාභ ද අනෙක් පසින් වැටුප් බලහත්කාරීව කප්පාදු කිරීම ද හරහා ධනය යලි බෙදා හැරීමේ උපකරනයක් බවට කොටස් වටිනාකම් ඉහල යවන ප්‍රමානයයි.

ලෝකය පුරා කම්කරුවන් ඔවුනට දරිද්‍රතාවයෙන් ශ්‍රමය වැගිරීමට බල කෙරෙනුයේ මන්ද? යන ප්‍රශ්නයට අභියෝග කරන විට ඔවුන්ට විශ්ව ව්‍යාප්ත වශයෙන් පවසනුයේ මුදල් නැත යනුවෙනි. මෙය අතාර්කික හා පැහැදිලිව පෙනෙන මුසාවකි.

ඇපල් සමාගමේ ලාභ ගෝලීය පරිමානයෙන් ඒකාබද්ධ සහ ක්‍රමානුකූල සූරාකෑමක් හරහා අත්කර ගත් ඒවාය.

ඇපල් සමාගම මේ වසරේ මුල් අර්ධයේදී කොටස් මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 43.5 ක් වැය කල අතර, එය එකී කාල සීමාව තුල අයිෆෝන් එකලස් කිරීමේ චීන ශ්‍රම බලකාය සඳහා සිදුකල ගෙවීමට වඩා 40 ගුනයකින් වැඩිය. එහි මුදල් සංචිතය ඩොලර් බිලියන 250 ක් වන අතර සමාගමේ පතුලේ ස්ථරය ට්‍රම්ප් පරිපාලනයේ අක්වෙරල බදු යලි සිය රට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ තව දුරටත් ප්‍රසාරනය කොට ඇත.

ඇපල් සමාගම ප්‍රමානයෙන් ලෝකයේ තෙවැනි විශාලතම අති නවීන පන්නයේ දුරකථන නිෂ්පාදකයා පමනක් වන අතර අනිකුත් නිශ්පාදන අතර එහි නිශ්පාදන වලට දැවැන්ත මිලක් හිමිවන හෙයින් එය සැලකිය යුතු මට්ටමින් ලාභ ලබන ආයතනයකි. ඇපල් සමාගම ලොව අතිනවීන ජංගම දුරකථන වලින් සියයට 18 ක් පමනක් නිෂ්පාදනය කලද, එම අංශය තුල වූ සමස්ථ ලාභයෙන් සියයට 90 ක් එයට ලැබේ.

එක් අධ්‍යයනයකට අනුව, ලාභය ලෙස විකිනුම් මිලෙන් සියයට 60 ක් තබා ගන්නා ඇපල් සමාගමේ ශ්‍රම පිරිවැය අයි ෆෝන් ජංගම දුරකථනයක සිල්ලර මිලෙන් සියයට පහක් පමනි.

ඕනෑම අවස්ථාවක දී 50,000 ක් පමන සේවකයින් යොදවන ෂැංහයිහි පිටත සීමාවේ පිහිටි පෙගට්රන් සමාගමේ කර්මාන්ත ශාලාව සහ දිනකට අයිෆෝන් ජංගම දුරකථන 500,000 ක් නිපදවිය හැකි චීනයේ ෂැංහුවා හි ෆොක්ස්කොන්ස් කර්මාන්තශාලාව බදු චීනයේ ප්‍රධාන භූමි තුල දැවැන්ත පහුසුකම් සහිතව අයිෆෝන් එකලස් කිරීමේ කටයුතු සිදු කරයි.

මෙම රහසිගත කර්මාන්තශාලාවල කම්කරුවන් අතිකාල ද ඇතුලුව පැයකට ඩොලර් 2 සිට 3 දක්වා උපයමින් සාමාන්‍යයෙන් පැය 60 ක වැඩ සතියක් සේවය කරයි. සෑම වැඩ මුරයකම ආරම්භයේදී, ඔවුන්ගේ මුහුනු පරීක්ෂා (ස්කෑන්) කරන අතර, එක් අයෙකුට පමනක් යාහැකි ලෝහමය දොරටුවක් හරහා ගමන් කිරීමටත්, වරකට පැය 12 වැඩ කිරීමට මත්තෙන් හමුදාවේ සිදුවන්නාක් මෙන් ක්‍රමවේදයකට පෙල ගැසීමටත් ඔවුන්ට සිදුවේ. කම්කරුවන් වහලවල් මතින් පැන සියදිවි හානි කර ගැනීමෙන් වැලැක්වීම සදහා ඔවුන්ගේ නිදන කාමරවල අයින දැල් යොදා ආවරනය කොට ඇත.

විශාල පිරිද්දුම් පේලි වල කම්කරුවෝ ආසියා-පැසිෆික්, උතුරු ඇමරිකාව හා යුරෝපය පුරා සැපයුම් කරුවන් 200 දෙනෙකුගේ කොටස් එකට සම්බන්ධ කරන අතර සෑම කර්මාන්ත ශාලාවකටම විනාඩියකට දුරකථන 350 කට අධික ප්‍රමානයක් නිපදවීමේ ශක්‍යතාවය සහිතය.

එකලස් කල පසු සෑම දුරකථනයක්ම, සමාගමට බොහෝ බදු ගෙවිමෙන් වැලකී සිටීමට ඉඩ සලසා දෙමින් සමස්ථ ප්‍රථිපලය අක්වෙරල බදු ක්ෂේම භූමියක් වන අයර්ලන්තය හරහා ලාබයේ ගලායාම සිදුකරන කඩදාසි මත සිදුවන රේගු පටිපාටියක් හරහා මාරු කර යවයි.

ඇපල් සමාගමේ ජංගම දුරකථන ප්‍රමානයෙන් හතරෙන් තුනක් චීනයෙන් අපනයනය කිරීම සඳහා නියමිතව පවතී. ඇමරිකා එක්සත් ජනපදය සඳහා වූ දුරකථන රට පුරා බෙදා හරිනු ලැබීමට මත්තෙන් එක්සත් පාර්සල් සේවය (යූපීඑස්) හා ෆෙඩෙක්ස් මගින් ඇන්කරේජ්, ඇලස්කාවට සහ පසුව ලුවිස්විලේ, කෙන්ටකි වලට, ගුවනින් යවනු ලබයි. ඒවායේ ගමනේ දී, යූපීඑස් ඇසුරුම් කලමනාකරුවන් විසින් පැයකට ඩොලර් 9 සිට ඩොලර් 15 දක්වා උපයමින් ජංගම දුරකථන වර්ග කොට සලකුනු කරයි.

වෙලඳ සහායකයින් පැයකට නිශ්පාදනයෙන් ඩොලර් 300 කට වැඩි ප්‍රමානයක් අලෙවි කරන සහ යන්තම් ඩොලර් 13 න් පටන් ගන්නා පැයක වැටුපක් ලැබෙන ඇපල් හි සිල්ලර ගබඩා වලට මින් සමහරක් පටවා යැවේ. ට්‍රක් රථ රියදුරන්ගේ සංගමය විසින් ඉල්ලා සිටින කොන්ත්‍රාත්තුව සම්මත වන්නේ නම් ආරම්භක වැටුප පැයකට ඩොලර් 20 ක් වනු ඇති යූපීඑස් රියදුරන් විසින් භාන්ඩ බෙදා හැරීම සඳහා ඇපල්හි මාර්ගගත (ඔන්ලයින්) ගබඩා සහ ජංගම දුරකථන අලෙවි කරන්නන් විසින් අනෙක් ඒවා බෙදා හරිනු ඇත.

මෙම ශ්‍රම පරිමාවෙන්, පැය 60 හෝ ඊට වැඩි පැය ගනනක්, එකම දේ පුන පුනා කරන, සෑම සතියකම කොන්ද කැඩෙන නිතිපතා වැඩ කරන මිනිසුන්ගෙන් (ඔවුන්ගෙන් බහුතරයක් ඕනෑම අවස්ථාවක ඉවත් කල හැකි අතර ඔවුන්ට සෞඛ්‍ය සහ විශ්‍රාම ප්‍රථිලාභ ඇත්තේ සුලු ප්‍රමානයකි.) ඩොලර් ට්‍රිලියන එකක් සමාගම සමන්විතවේ.

ඇපල් සහ ගූගල් සමාගම් විසින් සැලකිය යුතු තරමේ තාක්ෂනික නවෝත්පාදනයන් හඳුන්වා දුන් බව කිසිවකුට ප්‍රතික්ෂේප කල නොහැකි වුවද ‘ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස්’ තාක්ෂනයේ සිට ලෝක ව්‍යාප්ත වෙබ් අඩවිය දක්වා ඔවුන්ගේ නිශ්පාදන යටින් පැතිර පවත්නා තාක්ෂනය රාජ්‍ය අංශය තුල හෝ රජය මගින් වියදම් යොදවන පර්යේෂන ආයතන තුල වර්ධනය විය. ඇපල් හි ‘අයිඕඑස්’ සහ ගූගල්හි ‘ඇන්ඩ්‍රොඩ්’ යන ජංගම මෙහෙයුම් පද්ධති දෙකම නිදහස් සහ විවෘත මෘදුකාංග වලින් සකස් වී ඇත යන්නට වඩා තවදුර සාක්ෂි දෙස යමෙකු බැලීමට අවශ්‍ය නැත.

2009 වසරේ සිට ඇපල් සමාගමේ අලෙවිය දස ගුනයකින් වර්ධනය වී ඇති නමුත් එහි කොටස් මිල 18 ගුනයකින් ඉහල ගොස් ඇත. 2009 වසරේදී කොටසක වටිනාකම ඩොලර් 11 කටත් වඩා අඩු වීමෙන් පසු එහි කොටස් මිල මේ සතිය අවසානයේ ඩොලර් 207 න් අවසන් කලේය. මෙම වැඩිවීම් එම කාලයේදීම සිව් ගුනයකින් වැඩිවූ ඩව් ජෝන්ස් කාර්මික අගයේ සමස්ථ වැඩිවීමට වඩා අතිශයින් ඉහල අගයකි.

පසුගිය සිකුරාදා නිකුත් කල නවතම රැකියා තොරතුරු පසුගිය වසර පුරා සියයට 0.2 කින් කම්කරුවන්ගේ වැටුප් පහත වැටුනු බව පෙන්නුම් කලේය. පිම්බෙමින් ඇති කොටස් වෙලඳපල ලෝකයේ සුපිරි ධනවතුන් සඳහා සියයට 20 වාර්ෂික ආයෝජන ප්‍රතිලාභ ගෙනවිත් ඇත.

ඇපල් සමාගම මෙම මූල්‍ය කතිපයාධිකාරය සඳහා මුදල්මය සම්පතක් වී ඇත. සමාගමේ කොටස් වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමානයක් මිලියනපතියන් සහ බිලියන පතියන් සෑම වසර පහකට හෝ ඊට ආසන්න වශයෙන් සමාන කලකට වරක් ඔවුන්ගේ ධනය දෙගුන කර ගැනීමට ඒවා තැන්පත් කරන වැන්ගාර්ඩ්, බ්ලැක්රොක් සහ බර්ක්ෂයර් හැත්අවේ බදු ආයතනික ආයෝජකයන්ගේ අයිතිය යටතේ පවතියි.

මූල්‍ය කතිපයාධිකාරයේ මෙම දැවැන්ත ඉපැයීම් මහජන අරමුදල්වලින් ඩොලර් ට්‍රිලියන ගනනින් ලෝක ඉතිහාසයේ විශාලතම වඩාත් තිරසාර ගෝලීය කොටස් වෙලඳපොල රැල්ලක් සංවිධානය කල ප්‍රධාන බැංකු වල ශේෂ පත්‍ර මතට ඔබාමා පරිපාලනය විසින් පොම්පකරන ලද 2008 වෝල් වීදියේ ඇප ලබාදීමේ සෘජු ප්‍රතිවිපාකයයි.

පශ්චාත් යුදකාලීන ඇමරිකානු ධනවාදයේ අර්ධ නිල මන්ත්‍රය “ඉහලයන රැල්ල සියලු බෝට්ටු ඔසවා තබයි” යන්න බවට පත්ව ඇත. සමාගම් ලාභ ලබන පරිමානයට මෙකී ලාභයන් කම්කරු පන්තිය ඇතුලු සමාජයේ සියලු කොටස්වලට ව්‍යාප්ත වී යන බව පැවසේ.

කෙසේ වුවද, 2008 අර්බුදයෙන් පසු කොටස් වෙලඳපොල රැල්ල මෙහෙයවූ වඩාත් කැපී පෙනෙන ගති ස්වභාවය වනුයේ කොටස් මිල ගනන් වල නොනවතින ඉහල යාම වැටුප් ඔබා තැබීම මගින් සහතික කොට ඇති පරිමාවයි

මෙය පෙනෙන අයුරින් ශ්‍රම වෙලඳපලේ සාමාන්‍ය ක්‍රියාවලියේ ගුප්ත බිඳවැටීමක් පැහැදිලි කරයි. ඇතැම් අගය කිරීම් වලට අනුව පසුගිය අඩ සියවසේ ඕනෑම අවස්ථාවකට වඩා කම්කරුවන්ගේ විශාල හිඟයක් පවතී. තවමත් මාසයක් පාසා අවුරුද්දක් පාසා, වැටුප් පහත වැටෙයි.

2008 මූල්‍ය කඩාවැටීමෙන් වසර 10 කට පසුව කම්කරු පන්තිය හැරවුම් ලක්ෂයකට මුහුන දී සිටී. මේ වසර දැනටමත් පන්ති අරගලය මතුවීමේ අර්ථභාරී සංඥා අත්දැක ඇත. සමාගම් සහ ට්‍රක්රථ රියදුරන්ගේ සංගමය හරහා බලපෑම් කර ඉදිරිපත් කෙරෙන, “නම්‍යශීලි” කම්කරුවන්ගේ නව ප්‍රවර්ගයක් නිර්මානය කිරීම හරහා වත්මන් කම්කරුවන්ට ගෙවන දල වැටුප කප්පාදු කිරීමට නියමිත කොන්ත්‍රාත්තුවකට යූපීඑස් හි 250,000 ක කම්කරුවන් මේ මාසයේදී සිය ඡන්දය පලකරනු ඇත. යුරෝපයේ රයන්එයාර්හි කම්කරුවන් ජාත්‍යන්තර වැඩවර්ජන ව්‍යාපාරයක් දියත් කොට ඇත. බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා කම්කරුවන් ඔවුන්ගෙන් යටිමඩි ගැසූ වැටුප් නැවත ගෙවන ලෙස ඉල්ලමින් සිටී.

ඉදිරි කාලය තුල සූරාකෑම හා අසමානතාවය කෙරෙහි කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධයේ බොහෝ අංගයන් පිලිබඳ ප්‍රකාශනයන් දැකගත හැකි වනු ඇත. මෙම අරගල සාර්ථක කර ගනු හැක්කේ කම්කරුවන් තමා මුහුනදෙමින් සිටිනුයේ තනි සමාගමකට, වෘත්තීය සමිතියකට හෝ ආන්ඩුවකට නොව මූල්‍ය කතිපයාධිකාරයේ ධනවත්වීම වෙනුවෙන් කම්කරුවන්ගේ වැටුප් අඛන්ඩව පහත හෙලීම මත සිය මූලික මෙහෙයුම සාධනය කොට ඇති සමස්ථ ධනේශ්වර පද්ධතියටය යන්න අවබෝධ කරගන්නේ නම් පමනි.

අන්ද්‍රේ ඬේමන්

Share this article: