වැදගත් පියවරක් ඉදරියට: මෝටර් රථ කම්කරුවන්ගේ ඩෙට්‍රොයිට් රැස්වීම කම්හල් කමිටු ගොඩ නැගීමට යෝජනා කරයි

A significant step forward: Detroit meeting of autoworkers resolves to form rank-and-file committees

2018 දෙසැම්බර් 13

ඉරිදා, එක්සත් ජනපදයේ (එජ) මිඞ්වෙස්ට් හි සෑම තැනකින්ම මෝටර් රථ කම්කරුවෝ, අනෙකුත් කම්කරුවෝ සහ තරුනයෝ 80 කට වඩා කම්හල් වසා දැමීමටත් (රැකියාවලින්) නෙරපාහැරීමටත් කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරවලටත් එරෙහිව සටන් කිරීම සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, කම්හල් කොමිටි ගොඩ නැගීමට ඩෙට්‍රොයිට් රැස්වීමේදී යෝජනා කලහ.

රැස්වීමෙන් අනතුරුව, කම්හල් වසා දැමීමට එරෙහිව අරගලය දිගටම ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුවක් ගොඩ නැගිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි ඔටෝවර්කර් නිව්ස්ලෙටර් සහ සමාජවාදී සමානතා පක්ෂය විසින් සංවිධානය කරන ලද රැස්වීමෙහිදී ගන්නා ලද ක්‍රියාවන් ප්‍රධාන පියවරක් ඉදිරියට තැබීමකි. උත්සන්න වෙමින් පවතින නව ආර්ථික පිරිහීමේ සංඥා සමග ධනේශ්වර පාලක ප්‍රභූව ප්‍රහාරයක නිරතවෙමින් සිටියි. එජයේ සහ කැනඩාවේ කම්හල් පහක් වසා දමමින්, අවම තරමින් රැකියා 15,000 ක් විනාශ කරනු ඇති බවට ජෙනරල් මෝටර්ස් හි නිවේදනය වනාහි මූල්‍ය වෙලඳපොල වෙත විශාල මුදල් සම්භාරයක් හරවා යැවීම සඳහා කම්කරු පන්තිය කරබදු කිරීමේ එල්ලය ඇතිව සිදු කෙරෙමින් පවතින ගෝලීය ප්‍රතිව්‍යූහකරනයේ කොටසකි.

මෙම සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු පන්තියේ විරෝධයේ වර්ධනය වීම ප්‍රකාශිත වෙයි. සෑම රටකම, කෙසේවෙතත්, පාලක පන්තියේ කම්හල් වසා දැමීමට, නෙරපා හැරීම්වලට සහ අනෙකුත් ප්‍රතිප්‍රහාරවලට ක්‍රියාශීලීව සහයෝගීව ක්‍රියා කරන වෘත්තීය සමිති සමග කම්කරු පන්තිය අභිමුඛ වෙයි. වෘත්තීය සමිති වැඩ වර්ජන බිඳ දමන්නන් ලෙස ක්‍රියා කරනවාත් සමග ගුරුවරුන්ගේ වැඩ වර්ජනයත්, යූපීඑස් කම්කරුවන් විසින් ජාතික කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමත් ඇතුලුව එක්සත් ජනපදයේ කම්කරු පන්ති අරගල වල වැදගත් ඉහල යාමක් පසුගිය වසර තුල දැක ඇත.

ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානයේ කම්කරු පන්තිය ප්‍රතිප්‍රහාර දීම සඳහා අවශ්‍ය කරන සංවිධානාත්මක සහ දේශපාලන ව්‍යූහය ගොඩ නැගීමට ආරම්භ කරමින් සිටියි.

රැස්වීමට සහභාගිවූවන්ට ටෙක්සාස් සිට පැමිනි ඇමේසන් සමාගමේ කම්කරුවකු මෙන්ම මෝටර් රථ කම්කරුවන්ගේ නියෝජිත පිරිසක් සහ මිචිගන්, ඉන්ඩියානා, ඉලිනොයිස්, පෙන්සිල්වේනියා සහ ඔහියෝ සිට පැමිනි අනෙකුත් කම්කරුවන්ද ඇතුලත් විය. සහභාගිවූවන් අතර වසා දැමීමට නියමිතව ඇති කම්හල්වලින් එකක් වන ජීඑම්-ඩෙට්රොයිට් හැම්ට්‍රැම්ක් පූට්ටු කිරීමේ කම්හලෙහි මෝටර් රථ කම්කරුවෝ කිහිප දෙනෙකුද, එමෙන්ම ප්‍රදේශය පුරාම සිටින ෆෝර්ඞ්, ජීඑම් සහ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවෝ බොහෝ දෙනෙකු වූහ.

රැස්වීමට පැමිනි නියෝජිතයෝ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කම්කරුවන්ගේ වඩාත්ම පුලුල් ස්ථරයක් නියෝජනය කලහ. ඔවුන්ට ජාතික කම්කරුවන් සහ සුදු ජාතික කම්කරුවන්ද, පිරිමින් සහ කාන්තාවන්ද, තරුන කම්කරුවන් සහ මහලු කම්කරුවන්ද ඇතුලු වූහ. රැස්වීම තුල ආධිපත්‍ය දැරුනු ගැටලු වූයේ මාධ්‍ය ය සහ ඩිමොක්‍රටික් පක්ෂයත් එහි ක්ෂමාලාපකයිනුත් විසින් ප්‍රවර්ධනය කෙරුනු වර්ගය සහ ලිංගික සබඳතා පිලිබඳ ගැටලු නොව පන්ති පිලිබඳ ගැටලු විය.

තව දුරටත් පැවසුවහොත් එය ජාත්‍යන්තර රැස්වීමකි. එයට බැංකුකාර ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට එරෙහිව “කහ බැනියම්” විරෝධතාකරුවන්ගේ වැදගත්කම ගැන කථා කල ප්‍රන්සයේ සමාජවාදී සමානතා පක්ෂයේ නායකයා වන ඇලෙක්ස් ලැන්ටියර්ගේ වාර්තාවක් ඇතුලු විය. සියලුම සහභාගිවූවන් පහසුවෙන්ම තේරුම් ගත්තේ ප්‍රන්සයේත්, එක්සත් ජනපදයේත් සහ ලෝකය පුරාමත් කම්කරුවෝ මුහුන දෙන ප්‍රශ්න අවශ්‍යයෙන්ම සමාන බවයි.

කම්හල් වසා දැමීමට බරපතල විරෝධය සහිතව එක්සත් මෝටර්රථ කම්කරු (යුනයිටඞ් ඔටෝ වර්කර්ස්) සමිතියෙන් ස්වාධීනව සංවිධානය කිරීමට කම්කරුවන් එක් රැස් වූ එකම රැස්වීම මෙය විය. මෙම හේතුව නිසාම, මෙයට කම්කරුවන්ගේ වර්ධනය වන වෛරයටත්, සටන් කිරීමේ තම අධිෂ්ඨානයටත් අව්‍යාජ ප්‍රකාශනයක් දිය හැක. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කම්කරු පුවත් සංස්කාරක ජෙරී වයිට් ගේ ආරම්භක දේශපාලන වාර්තාවෙන් අනතුරුව, කම්කරුවෝ පරිපූර්න සහ විවෘත දේශපාලනික සාකච්ඡාවක නිරත වූහ. ඔවුහු උග්‍ර සූරාකෑම, ලිංගික අතවර සහ පීඩාවට පත් කිරීම ඇතුලත් කම්හල්වල පවතින යථා තත්වයයන් ගැන සාකච්ඡා කලහ.

රැස්වීමේ නියෝජිතයෝ “තර්ජනයට මුහුන පා ඇති සියලුම වැඩපොල සහ අසල්වැසි ප්‍රදේශවල කම්හල් වසා දැමීමට එරෙහිව සංවිධානය වීමට, යූඒඩබ්ලිව්, යුනිෆෝර් (කැනඩාවේ) සහ අනෙකුත් සමිතිවලින් ස්වාධීනව කම්හල් කොමිටි” ගොඩ නැගීමට කැඳවුම් කරන යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගත්හ. යෝජනාව සඳහන් කලේ කමිටු “සංගත පරිපාලනයේ අනසකට එරෙහිව කම්කරුවන්ගේ උත්සුකයන් වර්ධනය කිරීම” “තමන්ගේම ඉල්ලීම් වල පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීම” “සියලුම සංගත සහ සමිති මූල්‍ය වාර්තාවන් වෙත නිර්බාධිත ප්‍රවිෂ්ටයන් සහ සියලුම සාකච්ඡාවන් සහ කොන්ත්‍රාත් ඡන්ද අධීක්ෂනය කිරීමේ කම්කරුවන්ගේ ඉල්ලීම සැපිරීම” සහ ”කැනඩාවේත් මෙක්සිකෝවේත් සෙසු ලෝක රටවලත් අපගේ පන්ති සහෝදරයන් සහ සහෝදරියන් සමග ඇමරිකානු කම්කරුවන්ගේ එකමුතුව පිනිස වන සටන” සඳහා ක්‍රියා කරන බවයි.

යූඒඩබ්ලිව් ට එරෙහි සතුරුකම විශ්වීයයි. සමිතියේ කම්කරු පන්තික විරෝධී ලක්ෂන වන කම්කරුවන්ගේ වැටුප් සොරකම් කිරීම, මේවාහි දූෂනයන් සහ තර්ජන සහ වංචා මගින් කම්කරු පන්තිය මතට ප්‍රහාර පැනවීමේ මේවාහි කර්තව්‍යයන් ආදිය පිලිබඳව කිසිදු සහභාගිවූවකු ප්‍රශ්න මතු කලේ නැත.

“සෑම සහනයක්ම ඔවුන්ගේ යුද්ධයේ ක්ෂයවීමේ අංගයකට වඩා වැඩි දෙයක් නොවන” කම්කරුවන්ට එරෙහි “පරිපාලිත විරෝධය” ලෙස එක් ක්‍රයිස්ලර් කම්කරුවෙක් යූඒඩබ්ලිව් නම් කලේය.

තවත් කම්කරු කාන්තාවක් පැහැදිලි කලේ තම කම්හලේ කම්කරුවෝ “ඒකාබද්ධ වීමටත් සහ යෝජනාවන් සහ විසඳුම් ලබාගැනීමටත් සමිති රැස්වීම් වලට පිටින් ද, වැඩ වේලාවෙන් පිටද හමු වීම” දැනටමත් ආරම්භ කර ඇති බවයි.

තවත් අයෙකු ප්‍රකාශ කලේ, “අපි පරිපාලනයට එරෙහිව ගමන් කරන්නෙමු. නමුත් අපව ආරක්ෂා කරනවායයි පැවසෙන සමිති, ඇත්තෙන්ම එසේ නොවේ. මේවා පරිපාලනය සමග වැඩ කරනවා.” යනුවෙනි.

තුවාලවලට ගොදුරු වීමේත්, නිවාස අහිමි වීමට ගොදුරු වීමේත් තම අත්දැකීම් වලින් පසුව ඇමසොන් හි වැඩ පොලවල තත්වයන්ට ඇති වූ විරෝධයන්ගේ නායිකාවක ලෙස මතු වී ආ ටෙක්සාස් ඇමසොන් කම්කරු ෂැනන් ඇලන්ගේ බලගතු ප්‍රතිප්‍රදානයටද නියෝජිතයෝ සවන් දුන්හ. “ලෝකය භ්‍රමනය වීමට සලසන්නේ අපියි” යන ෂැනන්ගේ ප්‍රකාශයට අත්පොලොසන් හඞ ලැබුනි. “ඒ ලෝකයේ ඉන්නා ජෙෆ් බෙසොස්වරු නොවෙයි. ඒ අපයි!” ඇය සියලුම කම්කරුවන්ගේ එකමුතු භාවයට බලගතු ඉල්ලීමක් ඉදිරිපත් කලාය. “ඔබ නැතිව, අපද නැත” ඇය පැවසුවාය. “අප නැතිව, ඔබත් නැත.”

රැස්වීම පන්තිය පිලිබඳ පමනක් නොව, දේශපාලන සවිඤ්ඤානකභාවයේ වැදගත් වර්ධනයක් සනිටුහන් කලේය. මෙය, ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා දේශපාලන අරගලය දක්වා කම්කරුවන්ගේ හැරීමක් සනිටුහන් කලේය.

කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය සංවිධානය කරමින්, එයට දේශපාලන නායකත්වය සැපයීමේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි කේන්ද්‍රීය කර්තව්‍යය හඳුනාගන්නා ලද සහභාගිවූවන්ගෙන් බොහෝ දෙනෙක් කම්හල් වල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බලපෑම ගැන කථා කලහ. එක් කම්කරුවකු විමසුවේ කම්හල් කොමිටි සඳහා “සන්නිවේදන උපකරනයක් ලෙසද, තම හඬ සහ ඒකීය ගුරුවරයා ලෙසද ලෝසවෙඅ භාවිතා කිරීමට අවසර ඇති ද? අපට දිගටම ක්‍රියාත්මක වෙමින් මුලෝපායික මට්ටමෙන් ක්‍රියා කිරීමට හැකි වන පරිදි සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය සපයන්නේ ද?” යනුවෙනි.

පිලිතුර වන්නේ “ඔව්” යන්නයි. කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයට දේශපාලන දිශාවනතිය ලබාදීමේ සසප සහ ලෝසවෙඅ යේ කර්තව්‍යය තීරනාත්මක වෙයි. පන්ති අරගලයේ වර්ධනය වෛෂයික ක්‍රියාදාමයකි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරයට ස්වාධීන සංවිධානයක් සහ සමාජවාදී සවිඥානකභාවය ලබාදීමේ කර්තව්‍යය සඳහා කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන නායකත්වය ගොඩ නැගීම අවශ්‍ය කෙරෙයි.

නවසීලන්තයේ සිට රැස්වීම ආමන්ත්‍රනය කල ලෝසවෙඅයේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් අවධාරනය කලේ “අනෙකුත් සංවිධානවල පාවාදීම වෙත ඇඟිලි දික් කිරීම පමනක් නොසෑහෙයි. අප පොර බැඳිය යුත්තේ වෙනත් නායකත්වයක් ගොඩ නැගීම යන්නෙහි අර්ථය කුමක්ද යන්න පිලිබඳවයි. එයයි අපගේ වගකීම.”

ඩෙට්‍රොයිට් රැස්වීම ප්‍රධාන ඉදිරි පිම්මක් සනිටුහන් කලේය. එය බද්ධ වී ඇත්තේ සටන් කිරීමේ අධිශ්ඨානයක් මගින්ද, කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය පිළිබඳ විශ්වාසයක් මගින්ද, එමෙන්ම මෙම ශක්තිය මෙම ග්‍රහලෝකයේ දැවැන්තම විප්ලවවාදී බලවේගය එක්සත් කරමින්, බලමුලු ගැන්වීමට අවශ්‍ය අවබෝධයක් ද මගිනි. මෙම රැස්වීමේදී ගන්නා ලද ආරම්භකත්වය ව්‍යාප්ත කල යුතුය. එක්සත් ජනපදයේත් ලොව පුරාත් ස්වාධීන කම්කරු සංවිධාන ගොඩ නැගීමේත් පන්ති අරගලයේ සවිඤ්ඤානක වර්ධනයේත් රැලි කිරීමේ ලක්ෂ්‍යයක් ලෙස එය සේවය කල යුතුය.

ජෝසප් කිෂෝර්

Share this article: