ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සඳහා රාජ්‍ය අවමංගල්‍ය සහ කතිපයාධිපතීන්ගේ වතාවත්

The state funeral for George H. W. Bush and the ritual of oligarchy

2018 දෙසැම්බර් 6

පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ඇමරිකානු මූල්‍ය ප්‍රභූවට, බදාදා දින, තම අවසන් සේවය පුද කලේය. එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධය මත උත්සුකයන්ද, ගෝලීය ආර්ථික පසු බැසීමක මතු විය හැකි සංඥා ද, ප්‍රන්සයේ මහජන කම්කරු පන්තික අරගල පැතිරයාමේ භිය ද මගින් අවුලවන ලද අගහරුවාදා ඩව් ජෝන්ස් ඉන්ඩස්ට්‍රියල් ඇවරේජ් හි ඒකක 800 න් කඩා වැටීමෙන් යලි ප්‍රකෘති වීම සඳහා අමතර පැය 24 ක් වෝල් වීදියට ලබා දෙමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නිව්යෝර්ක් කොටස් වෙලඳපොල ප්‍රකාශිත ජාතික ශෝක දිනය යනුවෙන් වසා දැම්මේය.

වොෂින්ටන් ඩී සී හි ජාතිකදේවස්ථානයේ (නැෂනල් කැතිඩ්‍රල්හි) පැවැත්වූ බුෂ්ගේ අවමංගල්‍ය මෙහෙයට ට්‍රම්ප් සහ ජීවත් ව සිටින සෑම හිටපු ජනාධිපතියකු මෙන්ම කොන්ග්‍රස් සභිකයින්, ෆෙඩරල් නිලධාරීන්, විනිසුරුවරුන්, ජෙනරාල්වරුන් සහ සංගත ප්‍රධානීන් සිය ගනනක් සහභාගි වූහ. තම බිරිඳ බාර්බරා සහ වසර 60 ට පෙරාතුව ලිව්කේමියාවකින් මිය ගිය ලදරු දියනිය වූ රොබින් සමග ස්වර්ගයෙහි දී යලි එක්වන තම පියා පිලිබඳ අනිවාර්යය නිගමනය ගැන සඳහන් කරමින් හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ වැදගම්මකට නැති කථාව මුදුන්පත් කරමින් මෙම මෙහෙය දුක්බර සිද්ධියක් විය.

පෙරාතුව හිටපු කොන්ග්‍රස් සභිකයකුද, එක්සත් ජාතීන්ගේ තානාපතියකුද, රිපබ්ලිකානු ජාතික කොමිටියේ සභාපතියකුද, සී අයි ඒ අධ්‍යක්ෂක ද සහ උප ජනාධිපතියකු ද හිටපු ජනාධිපති වෙනුවෙන් පැවැත්වූ අවමංගල්‍ය මෙහෙය කැපී පෙනෙන ලෙස දේශපාලනයෙන් තොර විය. වොෂින්ටන් පෝස්ට් සඳුඳා වාර්තා කලේ සෙනේට් සභික ජෝන් මැක්කේන්ගේ මෑත අවමංගල්‍ය මෙහෙය මොහොතේදී මෙගන් මැක්කේන්ගේ ට්‍රම්ප් විරෝධී මත පල කිරීම් වැනි කිසිවක් මෙහිදී සිදු නොවිය යුතු යන්න බුෂ් පවුල විසින් ඉල්ලා සිටි බවයි. මෙමගින් ධවල මන්දිරයට දැනුම් දෙන ලද්දේ ඔවුන්ට “බලයේ සිටින ජනාධිපති ඇතුලුව කිසිවකුට අපහසුතාවයක් දැනීම අවශ්‍ය නොවන” බවයි. ඒ අනුව සැකයන් දුරු කරමින් ඔබාමාවැරුන්, ක්ලින්ටන්වරුන්, කාටර්වරුන් සහ බුෂ්වරුන් සමග ට්‍රම්ප් දේවස්ථානයේ ඉදරිපෙල අසුන් ගත්තේය.

ප්‍රතිගාමී දේශපාලන චරිත පිලිබඳව විකාර ලෙස උත්සව පැවැත්වීමත්, කුහක ලෙස ගුන ගායනා කිරීමත් පෙන්නුම් කෙරෙන බුෂ් අවමංගල්‍යය විසින් දිගටම කරගෙන යන රටාව දේශපාලනයේදී තම ක්‍රියාවන් හෝ මහජනතාව කෙරෙහි තම ආස්ථානයන් වලට සබඳතාවයක් නොපවතින තම ජීවිත සහ චරිත පිලිබඳ උපහාරයකි. මෙය, 1994 රිචඞ් නික්සන්ගේ අවමංගල්‍යයෙන් ආරම්භ කරන ලදුව, (2004) රොනල්ඞ් රීගන් සහ (2006) ජෙරල් ෆෝඞ්ගේ අවමංගල්‍යයන් මගින් දිගටම කෙරීගෙන යමින්, සහ මෙම වසර මුලදී ජෝන් මැක්කේන් සහ දැන් ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගෙන් නැවතත් ආරම්භ විය. මෙම සංග්‍රහය පුද කරන ලද්දේ දේශපාලන චරිතවලට පමනක් නොවේ. වසර දහයකට පෙරාතුව එන් බී සී හි “මීට් ද ප්‍රෙස්” හි මෙහෙයුම්කරුවා වූ ද, දැනට බොහෝ කාලයකට අමතක වී ද ඇති ටිම් රුසර්ට් ද ඉහත සංග්‍රය ලද්දකි.

මෙම උත්සව වඩවඩාත් ප්‍රතිබිම්බනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක හිටපු රාජ්‍ය නායකයකුට වඩා වඩාත්ම රජකු මෙන් හුවා දැක්වෙන ආගමික සහ ආන්ඩුවේ පුහු ආටෝප වල සංකලනයක් වන අවමංගල්‍ය වතාවත් පිලිබඳව අවධානයට ලක් වූ මල අයෙකුගේ වංශවත් රදලවාදී පරිසරයකි.

වඩාත්ම මූලික මට්ටමෙන් ගතහොත්, මෙය වැදගත් කොට දක්වන්නේ දේශපාලනික පොදු සම්මතයන් යටින් පවතින සමාජ ව්‍යුහයන් සමග ගලප්පා ගන්නා බවයි.

අද දින ඇමරිකාවේ, 1776 දී ඇමරිකාවට වඩා සාර් රුසියාවේත්, නැතහොත් බර්බන්වරුන්ගේ ප්‍රන්සයේත් අතීතය වඩාත් සිහිගන්වන ආකාරයකට දැවැන්ත මහජනතාවක් - නැතහොත් ඔව්හු පැවසීමට වඩාත් කැමැති “ජනතාවට සේවය කිරීම” - මත අධි-ධනවතුන්ගේ කුඩා ප්‍රභූවත් පාලන බලය පවත්වයි. මෙහිදී “ජනතාවගේ, ජනතාව විසින් ජනතාව සඳහා පවතින ආන්ඩුව මහ පොලොවෙන් නොවැනසිය යුතුයි” යනුවෙන් සහතික කිරීමට, ලින්කන් ප්‍රකාශ කල පරිදි, සටන් කෙරෙනු සිවිල් යුද්ධය ගැන කිසිදු වචනයක් නැත.

කතිපයාධිපති පාලනයේ සත්‍ය ආර්ථික සබඳතාවන් සහ ඉතිරිව ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සැරසිලි අතර පවතින මෙම පරස්පර විරෝධයනුයි පසුගිය දින පහ පුරා නිර්බාධිත කුහකත්වය සහ නරුමත්වය සඳහා වෛෂයික පදනම වන්නේ.

එක්සත් ජනපදය බේගල්වලින් පිරී ඇති රටකි. එහි පාලක ප්‍රභූව ඇමරිකානු මහජනතාවටත්, ලෝකයටත්, සහ සියල්ලෙන්ම වඩාත් කනගාටුදායක ලෙස, තමන්ටමත් බේගල් ඇද බායි. වරක් ජෝර්ජ් වොෂින්ටන් සහ ඒබ්‍රහම් ලින්කන් විසින් දැරූ නිලයට ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික කුනු වීම විසින් පත් කරනු ලැබ ඇති සෙනේටයේ දේශපාලන අමනයා සහ ෆැසිස්ට් ගැති ප්‍රකෝපකරුවා වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහිත වත්මන් දේශපාලන පරිසරය පිලිබඳ කෙසේ වුවද, ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ මරනය මගින් මුදා හැරුනු විස්තර ප්‍රචාර ගංගාව තුල ඔහුගේ ජීවිතය, ඔහුගේ ජනාධිපතිධූරය නැතහොත් ඔහුගේ පුතාගේ ජනාධිපතිධූරය ගැනවත් එකුදු අවංක වචනයක්වත් සොයා ගැනීමට නොහැකිවූවා මෙන්ය.

ට්‍රම්ප්ගේ අපරිනතභාවයද, දුෂ්ටත්වයද සමග ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ පැවතුනායැයි පැවසෙන ශිෂ්ට බවද, උසස්කම සමග වගකීමද අතර සංසන්දනය කිරීමේ අරමුනු සහිතව ක්ලින්ටන් සහ ඔබාමා වැනි දේශපාලන චරිතවල මෙන්ම මාධ්‍ය ආවරනය තුලද යටිමතයන් (undercurrent) පැවතින. මේවා කල්පිත සිතුවිලිය. මක්නිසාදයත්, ජ්‍යේෂ්ඨ බුෂ්ගේ පාලනය තුල පැවැති තත්වයට නොගැලපෙන කිසි දෙයක් ට්‍රම්ප්ගේ පරිපාලනය තුල නොමැති නිසාත් එවැන්නක් බුෂ්ගේ පරිපාලනය තුල නොමැති නිසාත් එවැන්නක් බුෂ්ගේ පුතාගේ පාලනය තුල නොමැති බව වඩාත් විශද වන නිසාත් ය.

තම ආර්ථික පසුබැසීම හිලව් කිරීම සඳහා වොෂින්ටනයේ හමුදා සුපිරිභාවය භාවිතා කිරීමේ එල්ලය ඇතිව ශතවර්ෂ කාලක් ඉක්මවා නිමක් නැති යුද්ධයකට මග පාදමින්, පැනමාව ආක්‍රමනය කිරීමටත්, ඉරාකයේ බලයෙන් හමුදාවට බඳවා ගන්නා ලද හමුදා භටයන් සමූල ඝාතනය කිරීමටත්, ජ්‍යේෂ්ඨ බුෂ්, තම ධවල මන්දිර කාලය භාවිතා කලේය. සොරාගන්නා ලද මැතිවරනයකින් බලයට පැමිනි තම පුත්‍රයා ඇෆ්ගනිස්ථානය තුල අප්‍රකෝපිත යුද්ධයක් දියත් කල අතර මිලියනයකට අධික ජනතාව ඝාතනය කල බේගල් මත පදනම් වූ ඉරාකය ආක්‍රමනය කර වාඩිලා ගැනීමක් ද දියත් කලේය. එම වංචනික “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන ප්‍රලාපයේම කොටසක් ලෙස, අඛන්ඩ රඳවා තබා ගැනීම්, මහජන සෝදිසි කිරීම් සහ වධදීම් සඳහා ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. මේවා ඔබාමා යටතේ සුදුහුනු ගෑමට නැතහොත් දිගටම ක්‍රියාත්මක කරමින් ව්‍යාප්ත කිරීමට ලක් විය.

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සහ ට්‍රම්ප් අතර පවතිනවා යැයි පැවසෙන පුලුල් වෙනස පිලිබඳ ඉඟිය ස්වයං රැවටිල්ලේ ව්‍යායාමයකි. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සිට ට්‍රම්ප් දක්වා සංක්‍රමනයේදී ධනපති පන්තියේ වැලපීමේ හේතුව වන්නේ “ඒක ධ්‍රැවීය මොහොත,” “නව ලෝක පර්යාය” සහ සෝවියට් සංගමය විසුරුවා හරිනු ලැබීමෙන් අනතුරුව “ඉතිහාසයේ අවසානය” යන්නෙන් පසු චීනය වැනි නව ප්‍රතිමල්ලවයන් සහ ජර්මනිය වැනි තර්ජනාත්මක විය හැකි සගයන්ගේ පරිවර්තනය වැනි අභියෝගවලට මුහුනදී සිටින, ලෝක ආධිපත්‍යයක් ලෙස ගරා වැටෙමින් ඇති ඇමරිකානු ආධිපත්‍යයේ කඨෝර යථාර්තයයි.

ඇමරිකානු ප්‍රභූවේ කුනුවීම පිලිබඳ සත්‍ය මිනුම වන්නේ බුෂ් සිට ට්‍රම්ප් දක්වා නොවන නමුත් මෙම වෙනස වන්නේ ඇමරිකානු විප්ලවයේ මුල් දශකවල දීප්තිමත් පවුල් පෙලපත - එනම් ජනාධිපති ජෝන් ඇඩම්ස්; පුත්‍රයා වන ජෝන් කුවින්සි ඇඩම්ස් (ජනාධිපතියකු විය); මුනුපුරා චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස්, ලින්කන් යටතේ රාජතාන්ත්‍රිකයකු විය; මී මුනුපුරා වූ හෙන්රි ඇඩම්ස්, නවකථාකරුවකු, ඉතිහාසඥයකු සහ රචකයකුද - සහ භයානක බුෂ් පෙලපත අතරයි. ඇඩම්ස්වරු ප්‍රගමනයක පැවැති ඇමරිකානු ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ නිපැයුමක් වූ අතර බුෂ්වරු මූර්තිමත් කරන්නේ එහි උග්‍ර දූෂනය සහ කුනුවීමයි.

එහෙත් තවත් ඇමරිකාවක් ඇත, එය වනාහි ජනගහනයෙන් අති මහත් බහුතරයක් වන කම්කරු පන්තියේ ඇමරිකාවයි. වැඩ කරන ජනතාවට ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සඳහා ජාතික ශෝක දිනය බලපෑවේ තැපැල් බෙදා හැරීම අඩු වූත් සහ තැපැල් කාර්යාල සහ බැංකු වසා දමනු ලැබීමත් ලෙස පමනය. ඔවුහු ඔහු කව්ද යන්න මතකෙයට නංවා ගත්තේ වුවද (බුෂ් ජනාධිපති වූවාට පසුවයි ජනගනයෙන් අර්ධයක් ඉපදුනේ නැතහොත් ඇමරිකාවට සංක්‍රමනය වූයේ) ඔහුගේ අභාවය ගැන අඩුවෙන් කනස්සල්ල දැක්විය නොහැකිය. මරනය සම්බන්ධයෙන් දෙනු ලැබූ අවම මට්ටමේ අවධානය තව තවත් පහල යාමට ඉඩක් ඉතිරි වී නොපැවතිනි.

ජනාධිපති බුෂ්ගේ අභාවය ඇමරිකානු මහජනතාව තුල සුලු හෝ සත්‍ය සංවේගයක් ජනිත කර නොමැත. බුෂ්ගේ රූපවාහිනි අනුකාරකයා ඩානා කාර්වේ අභාවප්‍රාප්ත වූයේ නම් වැඩියෙන් කඳුලු වැගිරෙනු ඇත. ඔව්හු වඩාත්ම අවංක වනු ඇත. බදාදා ජාතිකදේවස්ථානයේ රැස් වූ පිරිසගේ පැත්තෙන් ගතහොත්, ඔවුන් යම් ලෙස කම්පා වූයේ නම්, හාත්පසින්ම මධ්‍යස්ථ උත්තම චරිතයක් වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් වෙනුවෙන් නොවේ. ඔවුන්ගේ කඳුලු වැගුරුනේ ඔහු ආරක්ෂා කල පහල මට්ටමින් වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය මගින් වැඩි වශයෙන් තර්ජනයට භාජනය වන තම ධනයේ සහ වරප්‍රසාදවල උල්පත වන බුෂ් විසින් ආරක්ෂා කරනු ලැබූ පද්ධතිය වෙනුවෙනි.

පැට්රික් මාටින්

Share this article: