ධනේශ්වර පාලනයේ ගෝලීය අර්බුදය සහ සමාජවාදී විප්ලවයේ මූලෝපාය

The global crisis of capitalist rule and the strategy of socialist revolution

2018 දෙසැම්බර් 17

ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ නම්, 1938 ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල තුල ලියොන් ට්‍රොට්ස්කි, සියලු ප්‍රධාන ධනේශ්වර රටවල පන්ති පාලනයේ දේශපාලන අර්බුදය තුල ප්‍රකාශයට පත්වූ පරිදි යුගයේ ස්වභාවය සාරාංශ ගත කලේය.

ධනේශ්වරයට නම් මෙයින් ගැළවෙන මඟක් නැත. අන්තිම තුරුම්පුව ලෙස ෆැසිස්ට්වාදය කරා තල්ලු වී යාමට බල කෙරී ඇති රටවල ධනේශ්වරය ආර්ථික හා මිලිටරි විනාශයක් කරා දෑස් වසාගෙන රූටා යයි. ඓතිහාසික වසයෙන් වරප්‍රසාදිත රටවල, එනම්, රැස් කරන ලද ජාතික වස්තුවේ වියදමින් ප්‍රජාතන්ත්‍රවාදය නමැති සුඛෝපභෝගය තව දුරටත් එක්තරා කාල සීමාවකට පවත්වා ගත හැකි (මහා බි්‍රතාන්‍යය, ප්‍රන්සය, එක්සත් ජනපදය ආදී රටවල) ප්‍රාග්ධනයේ සියලු සාම්ප්‍රදායික පක්ෂ අධිෂ්ඨානභංගය අද්දරට සේන්දු වී වියවුල්ව සිටී.

2018 වසර අවසානයට ලංවෙද්දී ලෝක තත්ත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් ලෙස මෙම ප්‍රකාශය අද දිනට ද මනාව ගැලපේ.

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ අවශ්‍යයයෙන්ම, පසුගිය සතියේ ඇයගේම කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් යන්තම් බේරුනු දේශපාලන මලකඳකි. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරනය කල ජනමත විචාරනයෙන් වසර දෙකහමාරකට පසු බ්‍රිතාන්‍ය පාලක පන්තිය, බ්‍රික්සිට් මත හටගෙන ඇති අභ්‍යන්තර බෙදීම් වලින් විනාශයකට මුහුනපා ඇත. ජෙරමි කෝබින් විසින් නායකත්වය දෙන කම්කරු පක්ෂය තවදුරටත් පාලනය අස්ථාවර කොට මහජන විරෝධතාව දිරිගන්වන ඕනෑම ක්‍රියාමාර්ගයකින් වැලකී සිටීමට උත්සාහ කරන අතර, කොන්සර්වේටිව් පක්ෂය ඇතුලත තම විරුද්ධවාදීන් සංසුන් කිරීමේ අටියෙන් යුරෝපා සංගමය සමග යම් එකඟත්වයක් ඇතිකර ගැනීමට මේ බලාපොරොත්තුවේ.

ප්‍රන්සයේ බැංකුකාර ජනාධිපති ඉමානුවෙල් මැක්රන්, ජනප්‍රියත්වය අතින් පසුගිය වසරේ පැවති සියයට 27 අනුපාතය යන්තම් සියයට විස්සට උඩින් තබා ගෙන සිටින අතර ඇතැම් විට මුලු රටේම වඩාත් වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ඔහුය. මැක්රොන් විසින් දස දහස් ගනන් කැරලි මර්දන පොලීසිය ප්‍රන්ස නගර වල වීදි වල යොදවා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේ පියවර යලි ක්‍රියාත්මක කරමින් ප්‍රතිචාර දැක්වූ, “කහ බැනියම්” විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් සඳහා දැවැන්ත මහජන සහයෝගයක් පවතී.

ජර්මනියේ චාන්සලර් ඇන්ජිලා මර්කල්, 2021 දක්වා චාන්සලර් ධූරයේ රැඳී සිටීමට අදහස් කල ද වසර 18 ක් තිස්සේ ඇය නායකත්වය දුන් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (සීඩීයූ) නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ක්‍රිස්තියානි සමාජ සංගමය (සීඑස්යූ) හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) මහා සංධානය යටතේ ජර්මානු පාලක පන්තිය, ජර්මනිය සඳහා විකල්පය යන ෆැසිස්ට්වාදී සංවිධානය රටේ නිල විරුද්ධ පක්ෂය සහ අධිකාරවත් දේශපාලන බලවේගයක් බවට පත් කරමින්, අන්ත දක්ෂානාංශය ප්‍රවර්ධනය කර ඇත. පාලක පන්ති, ආක්‍රමනකාරී මහ බලවතුන්ගේ ගැටුමේ මිලිටරි න්‍යාය පත්‍රයක් යලි පන ගන්වමින් සිටින අතර මර්කල්ගේ නායකත්වය යටතේ ජර්මනිය යුරෝපයේ වඩාත්ම අසාමානත්වයෙන් යුක්ත රට බවට පත්ව ඇත.

ඔස්ෙට්‍ර්ලියාවේ පාලක ලිබරල් ජාතික සංධාන ආන්ඩුව නුල් පටක එල්ලෙමින් ඇත. අගෝස්තුවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඉවත් කොට දශකයක් තුල හත්වන අගමැති ලෙස ස්කොට් මොරිසන් පත් කල දේශපාලන කුමන්ත්‍රනයෙන් පසුව ලිබරල් පක්ෂය ඇතුලත සිවිල් යුද්ධයක් හටගෙන තිබේ.

පසුගිය සති හත පුරා දේශපාලන සිදුවීම්වල අසාමාන්‍ය හැරීමක් අත්දුටු ශ්‍රී ලංකාව ඉන් පසුව එයි. මෙයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ලෙස බලයෙන් පහ කිරීම, එතැනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨාධිකරන තීරනය, සහ ඊයේ සිරිසේන විසින් නැවත වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම යන කරුනු සම්බන්ධය. මෙසේ ආපස්සට පියවර තැබීම දේශපාලන අර්බුදයේ අවසානය සලකුනු කරන බව යමෙක් නිගමනය කල ද කලින් බලයෙන් නෙරපා හරින ලද අගමැති වික්‍රමසිංහ දිව්රුම් දීමෙන් ටික වේලාවකට පසු සිරිසේන, ඔහු දූෂිත සහ ජාතියට තර්ජනයක් ලෙස හෙලා දුටුවේය.

කෙසේ වුවද වඩාත්ම උත්සන්න දේශපාලන අර්බුදය ඇත්තේ ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන එක්සත් ජනපදය තුලයි. තනතුරෙන් පහ කරන ලද ජෙනරාල් ජෝන් කෙලී ගේ ස්ථානයට නව මාන්ඩලික ප්‍රධානියකු පත්කිරීමට පසුගිය සතිය පුරා උත්සාහ දරන අතර ට්‍රම්ප් පරිපාලනයේ අර්බුදය වේගයෙන් ගැඹුරු වෙයි. ට්‍රම්ප්ගේ පුද්ගලික සමාගම් වලට, ශුභසාධන සංවිධාන වලට සහ සමාරම්භක උත්සව කමිටුවට එල්ල වන අපරාධ සහ සිවිල් විමර්ශන මාලාවකට ඔහු මුහුන දෙයි. නැෂනල් ඉන්ක්වයරර් මවු සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී, 2016 මැතිවරනය අතරතුර මැතිවරන ව්‍යාපාර මූල්‍ය නීති උල්ලංඝනය කිරීමට ට්‍රම්ප් පුද්ගලිකවම සහය දුන් බවට කොහෙන් විසින් කල ප්‍රකාශයන්ට සහය දක්වා ඇති අතර ජනාධිපතිගේ හිටපු පුද්ගලික නීතීඥ මයිකල් කොහෙන් පසුගිය සතියේ තුන් අවුරුද්දක සිර දඬුවමකට බඳුන් විය.

ට්‍රම්ප්ට එරෙහි සිය මාලිගා කුමන්ත්‍රන මෙහෙයුමේදී වඩ වඩාත් ආක්‍රමනශීලී වන ඩිමොක්‍රටික් පක්ෂය, මහජන වෛරය අවුලුවන කිසිවක් කිරීමට දක්වන්නේ මාරක බියකි. පාලක ප්‍රභූවේ අධිකාරවත් කොටස් මහ බලවතුන් අතර ගැටුම සහ වර්ධනය වන සමාජ නොසන්සුන්තාවට මුහුනදීම ඇතුලු තමන් හමුවේ ඇති කාර්යයන් පිලිබඳව සලකා බලමින් සිටින අතර ට්‍රම්ප් පරිපාලනය එවන් අභියෝගයන්ට මුහුන පෑමට නොසමත් ආන්ඩුවක් ලෙස දැක ගනිති. “ඔහුගේ පාලනය තුල විනාශයේ එරි එරී යන අපි සියලු දෙනාම, ඊලඟට කුමක් වුවත් සත්‍යයට එරෙහි ඔහුගේ ප්‍රහාරය මගින් අස්ථාවර වන අතර එයින්, ට්‍රම්ප්ට සිදු කරනවාට වඩා අපට දැවැන්ත සහ දිගුකාලීන ප්‍රතිපල ඇති කරන බව දනිමු” යනුවෙන් ඉරිදා, නිව්යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක ෆ්‍රෑන්ක් බෲනි වැලපුනේය.

එහෙත් ට්‍රම්ප් අස්ථාවර වීම හෝ ඔහු ව්‍යවස්ථා අර්බුදයකට ගොදුරු වීමෙන්, ඔවුන් වඩාත්ම බිය වන කම්කරු පන්තියේ මැදිහත් වීමක් ඇවිලවිය හැකිය. එමනිසා ඩිමොක්‍රටිකයන් එක් අතකින් දෝෂාභියෝග තර්ජන සහ රුසියාවට එරෙහිව වඩාත් ආක්‍රමනශීලී පිලිවෙතක් සඳහා වූ ඉල්ලීම් නඟන අතර අනෙක් අතින් ඔහුගේ ප්‍රතිගාමී සහ මිලිටරිවාදී න්‍යායපත්‍රය ක්‍රියාවට නැගීම සඳහා ඔවුන් සමග එක්ව වැඩ කිරීමට ට්‍රම්ප් පොලඹවා ගැනීමට හඬ නඟති.

දේශපාලන අර්බුදයේ විශ්වීය ස්වභාවයම - ඉහත ලැයිස්තුවට තවත් බොහෝ රටවල් ඇතුලත් කල හැකිය - දැවැන්ත වෛෂයික අර්ථභාරයක් දරා සිටී. ජාතික සුවිශේෂතා කුමක් වුවද, සෑම රටකම දේශපාලන ආයතනයන්ගේ අස්ථාවරත්වය ගෝලීය ධනේශ්වර පද්ධතියේ එම අර්බුදය විසින්ම ධාවනය කෙරේ.

2008 මූල්‍ය කඩා වැටීමෙන් දස වසරකට පසු, නව ආර්ථික අර්බුදයක වැඩෙන ලක්ෂන පවතී. චීන ආර්ථිකය තියුනු ලෙස මන්දගාමී වෙමින් ඇත. යුරෝපය එක තැන පල්වෙමින් ඇත. එමෙන්ම එක්සත් ජනපදය එන වසරේ සිදු විය හැකි අවපාතයකට මුහුන දෙයි. පාලක පන්තිය විශේෂයෙන්ම ඇමරිකානු පාලක පන්තිය, ආර්ථික ජාතිකවාදයේ සහ වෙලඳ යුද්ධයේ පිලිවෙත් ක්‍රියාත්මක කරමින් සිටී. එබඳු ක්‍රියාමාර්ග ආර්ථික අන්ධ පථයෙන් ගැලවීමේ මාර්ගයක් සම්පාදනය නොකරනවා පමනක් නොව, ලෝක යුද්ධයකට තර්ජනය කරන භු දේශපාලන ගැටුම් අවුලවයි.

සියල්ලටම වඩා සමාජ අසමානතාවය, මහජන නොසංසුන්තා සහ වඩ වඩාත් විවෘත පන්ති අරගලයේ වර්ධනය වීමක් පවතී. පාලක පන්තිය ෆැසිස්ට්වාදී සහ අන්ත ජාතිකවාදී ව්‍යාපාර ඇවිලවීම ඇතුලුව මර්දනයේ සහ ප්‍රචන්ඩත්වයේ මාර්ගයෙන් හෝ සමාජ විරෝධය දෙසට වෙන කවාරදාකටත් වඩා නග්න ලෙස යොමුවූ අන්තර්ජාල වාරනය හරහා හෝ සිදුවීම් වල අනවරත ධාවනය වැලැක්වීමේ මාර්ග අත්හදා බලමින් සිටී. යලි සන්නද්ධ වීමට සහ වඩා පලල් යුද්ධ සදහා සූදානම් වීමට වන වියරු සහගත ධාවනය වෙන කවරදාටත් වඩා අභ්‍යන්තර සමාජ ආතතිය පිටතට යොමු කිරීමට වන ව්‍යායාම මගින් පුලුල් පරිමානයෙන් ක්‍රියාත්මක වේ.

ලෝකය පුරා කම්කරු පන්තියේ අරගලයන්ගේ අර්ථභාරී ප්‍රකාශනයන් අත්දුටු වසරක කුලුගැන්වීම, ප්‍රන්සයේ කහබැනියම් විරෝධතාවය, ශ්‍රී ලංකාවේ ලක්ෂ ගනන් වතු කම්කරුවන්ගේ අරගලය, කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි දස දහස් ගනන් ගුරුවරුන්ගේ මහජන විරෝධතාව සහ සමාජ කෝපයේ අනෙකුත් සිදුවීම් තුලින් දැකගත හැකිය. කම්කරුවන්ගේ අරගල පවත්නා දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වලට එරෙහිව වර්ධනය වෙමින් පවතී. සමාජ මාධ්‍ය හරහා සහ වෘත්තීය සමිති පාලනයෙන් පරිභාහිරව කහ බැනියම් විරෝධතා වර්ධනය වූ ප්‍රන්සයේ එබඳු දෙයක් සිදුවිය. ශ්‍රී ලංකාවේ කම්කරුවන් පසුගිය සතියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් “ආපසු වැඩට යන” ලෙස කරන ලද නියෝගයට විරුද්ධව ප්‍රතිචාර දැක්වූ අතර අවසානයේ සිකුරාදා එය නතර කිරීමට පෙර අඛන්ඩව වැඩ වර්ජනයක නිරත විය.

කම්කරු පන්තිය සඳහා තීරනාත්මක ප්‍රශ්නය වනුයේ අරගලයේ තමාගේම සංවිධානයක් සහ දේශපාලන නායකත්වයක් වර්ධනය කර ගැනීමයි. ඔවුන් පාලක පන්තියේ කිසිම කොටසක් පිටුපස පෙල ගැස්වීමට ඉඩ දිය නොහැක. ඔවුන් දේශපාලන බලය තමන්ගේම අතට ගත යුතුය.

එක්සත් ජනපදයේ වාහන කම්කරුවන්ගේ සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා වතු කම්කරුවන්ගේ අරගලය සම්බන්ධීකරනය කොට සංවිධානය කිරීමට ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීම ඇතුලුව පසුගියේ සතියේ වැදගත් වර්ධනයන් ඇති විය. මෙම සිදුවීම් දෙකෙහිදීම කම්කරු පන්ති අරගලය ස්වාධීනව සංවිධානය කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කලේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික පාර්ශ්වය වන සමාජවාදී සමානතා පක්ෂයේ නායකත්වය යටතේය.

පූර්ව කාල පරිච්ඡේදයේ තත්ත්වයන් සහ දේශපාලන අත්දැකීම් මත පිහිටා හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරමින් ට්‍රොට්ස්කි, “මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවාදී නායකත්වයේ අර්බුදයකට සිඳී ඇති” බවට නිගමනය කලේය. අදට ද එය අදාලය. ධනේශ්වර පාලනයේ ගෝලීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවයේ තමාගේම මූලෝපායක් වර්ධනය කර ගත යුතුය. මෙම ලෝක ව්‍යාපාරයේ නායකත්වය වනුයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

ජෝසෆ් ක්‍රිෂෝර්

Share this article: