ජනරාල් මැටිස්ගේ ඉල්ලා අස්වීම හා ඇමරිකාවේ පන්ති පාලනයේ අර්බුදය

The resignation of General Mattis and America’s crisis of class rule

2018 දෙසැම්බර් 22

සෙනසුරාදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්ගේ ඉල්ලා අස්වීම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ද, මාධ්‍ය හා හිටපු මිලිටරි හා ඔත්තුසේවා ඉහල නිලධාරීන්ගෙන් ද සන්ත්‍රාශය හා උන්මාදය දනවන ප්‍රතික්‍රියාවක් අවුස්සා ඇත.

හිටපු තරු හතරේ මැරීන් බලාකා ජනරාල් වරයෙකු වන මැටිස්, පශ්චාද් දෙවැනි ලෝක යුද්ධ කාලපරිච්ඡේදයේ දී වොෂින්ටනය විසින් ස්ථාපිත කෙරුනු, එක්සත් ජනපද සන්ධානයන්ට සහාය දැක්වීමට හෝ “දුෂ්ට ක්‍රියාකරුවන් හා මූලෝපායික සතුරන්,” උදාහරන වසයෙන් චීනය හා රුසියාව ප්‍රමානවත් තරම් පිටු දැකීමට අසමත් වීම පිලිබඳව විශේෂයෙන් ම ඔහුට චෝදනා කරමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පිලිබඳ විවෘත තරවටුවක් නියෝජනය කෙරුනු ලිපියක ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කලේ ය.

තම ලිපිය ප්‍රසිද්ධ කිරීමට පෙර, වාර්තා වන පරිදි මැටිස් එහි පිටපත් 50ක් මුද්‍රනය කර පෙන්ටගනයේ ඉහල නිලධාරීන් අතර බොදා හැර තිබුනි.

ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ක්ෂනික ප්‍රේරකය වූයේ, සිරියාවෙන් එක්සත් ජනපද හමුදා භටයින් 2000ට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට බදාදා ප්‍රසිද්ධ කෙරුනු ට්‍රම්ප්ගේ නියෝගය හා ඇෆ්ගනිස්තානය තුල තවමත් වසර 17ට වඩා වැඩි කාලයක යුද්ධයක් ගෙන යමින් සිටින එක්සත් ජනපද හමුදා අඩු වසයෙන් අඩකින් (ආසන්න වසයෙනක් සොල්දාදුවන් 7,000ක්) අඩු කිරීම වාර්තා කෙරෙනු ඔහුගේ තීරනය යි.

ට්‍රම්ප් 2016දී ඔහුගේ “ඇමරිකාව පලමුව” වැඩසටහන මත මැතිවරන උද්ඝෝෂනය ගෙන ගොස් තිබුනේ, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ දිග්ගැස්සුන එක්සත් ජනපද යුද්ධවල අවසානයක් ඉල්ලා සිටිමිනි. වෝල් වීදිය හා සීඅයිඒ සංවිධානයේ ප්‍රියමනාප අපේක්ෂිකාව ද, ජනාධිපතිවරන තරඟකාරිය ද වූ හිලරි ක්ලින්ටන්ට එරෙහිව බිලියනපති දේපල වෙලඳාම් සමපේක්ෂකයා මහජන සහාය දිනාගැනීමේ දී මෙම කයිවාරු සැලකියයුතු කාර්යභාරයක් ඉටු කලේ ය. ක්ලින්ටන්ගේ වෘත්තීය වෙලුනේ පසු ගිය එක්සත් ජනපද යුද්ධ හා සිරියානු මැදිහත් වීම මෙන් ම රුසියාව සමග ඍජු ගැටුම උත්සන්න කිරීමක් සඳහා කල් තබා සූදානම් වීම සමගිනි.

ඉහත කී උද්ඝෝෂන පොරොන්දු මත ක්‍රියා කිරීමේ ට්‍රම්ප්ගේ තීන්දුව දැන් බැඳෙන්නේ, ඒවා ම ඇමරිකානු පාලක පන්තිය අතර කටුක බෙදීම්, විශේෂයෙන් ම විදේශ ප්‍රතිපත්තිය මත, බෙදීම්වලින් දුවවනු ලබන බොහෝ සෝලි හා විමර්ශනයන්ගෙන් වෙලුනු ඔහුගේ ජනාධිපතිකමේ ගැඹුරුවන අර්බුදය සමගිනි.

ට්‍රම්ප් මෙම තුරුම්පුව ක්‍රීඩා කර ඇත් නම්, ඒ සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය හා එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදි කිරීම සඳහා වන ඔහුගේ නිරන්තර ඉල්ලීම් සමග ඔහු රෝපනය කිරීමට උත්සාහ ගත් අන්ත දක්ෂිනාංශික පදනමට බොහෝ ඉහල සහයෝගයක් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවෙන් හමුදා ආපසු ගෙන්වා ගැනීම අත්විඳිනු ඇති බව ඔහු හොඳින් දන්නා බැවිනි.

වසර විසිපහකට වැඩි කාලයක් පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදය කිසි දා අවසානයක් නො වන යුද්ධයක නියැලී සිටීම සම්බන්ධයෙන් ඇමරිකානු වැඩ කරන ජනතාව අතර ගැඹුරු විරුද්ධත්වයක් පවතී. “ජනඝාතක අවිවලට” එරෙහි ව ආරක්ෂා කිරීම, “ත්‍රස්තවාදය මත ගෝලීය යුද්ධයක්” ගෙන යාම හා “මානව අයිතීන්” ඔසවා තැබීම යන නාමයෙන් යුක්තිසහගත කෙරුනු මෙම යුද්ධ දසලක්ෂයකට වඩා පුද්ගලයන් ඝාතනය කර, සම්පූර්න සමාජ බිඳ හෙලූ අතර ඩොලර් ට්‍රිලියන ගනනාවක් වැය කර ඇත.

ඒ වෙනුවෙන් වොෂින්ටනයට පෙන්වීමට ඇත්තේ කුමක් ද? ඇෆ්ගනිස්තානය තුල වසර දාහතක සටනින් පසු, තලිබාන් සංවිධානය 2001ට පසු කිසි කාලයකට වඩා වැඩි ප්‍රදේශයක් පාලනය කරන අතර, එරටින් එක්සත් ජනපද හා අනෙකුත් විදේශ හමුදා ඉවත් කිරීම ඇතුලු කාරනා ගැන, තලීබාන් නියෝජිතයින් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සාකච්ඡා පැවත් වීමට එක්සත් ජනපදයට බල කෙරී ඇත.

සදාම් හුසෙන් පෙරලා දැමීමට එක්සත් ජනපදය 2003 දියත්කල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉරාකය අර්බුද ග්‍රස්තව හා නිකායික රේඛා ඔස්සේ තදින් බෙදී තිබේ. මුවම්මර් ගඩාෆි ඝාතනයෙන් තන්ත්‍ර වෙනස් කිරිමේ එක්සත් ජනපද - නේටෝ යුද්ධය අවසන් වූ ලිබියාව, හතුරු මිලීෂියා හමුදාවන්ගේ අඛන්ඩ සටන්වලින් පීඩා කෙරී මහා අවුලක පැටලී තිබේ. එමෙන් ම සිරියාවේ දී, අල්කයිඩාවට බැඳුනු මිලීෂියා හමුදාවන් සන්නද්ධ කරමින් හා අරමුදල් සපයමින් බෂාර් අල් අසාද් පෙරලා දැමීමට එක්සත් ජනපදය හා එහි සහචරයන් ගත් උත්සාහය අසාර්ථක වී ඇත්තේ, සිය දහස් ගනනකගේ ජීවිත බිලිගනිමින් හා මිලියන ගනනාවක සරනාගතයින් ඇති කරමිනි.

2004දී ඉරාකයේ ෆලූජා නගරය යලි අත්පත් කර ගැනීමේ ලේවැකි එක්සත් ජනපද උද්ඝෝෂනය මෙහෙය වූ නිසා “පිස්සු බල්ලා” යන අපර නාමය දිනා ගත්තා වූ ද ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද හමුදාවලට අනදෙන කාලයේ තම හමුදාවන්ට ඇෆ්ගන්වරුන්ට “ වෙඩි තැබීම ලොකු විනෝදයක් යැයි” යැයි කයිවාරු ගැසූ, ජනරාල් මැටිස්, දැන් ඇමරිකානු වීරයෙකු ලෙස උත්කර්ෂයට නංවා, ස්ථාවරත්වයේ හා යුක්තියේ පර්වතය වන ඔහුගේ වෙන් වී යාම රාජ්‍ය නෞකාව දිශාවනතියකින් තොරව පාවී යාමට ඉඩ හැර ඇතැයි පැවසේ.

වොෂින්ටන් පෝස්ට් පත්‍රය “මැටිස් ඉවත් ව යාම සමග, බිය වෙනු” නම් මාතෘකාවක් සහිතව සිකුරාදා කතුවැකියක් පල කලේ ය. ආරක්ෂක ලේකම්ගේ ඉවත් ව යාම “සිදු වූයේ ජනාධිපති ට්‍රම්ප් විසින් ගන්නා ලද අපරීක්ෂාකාරී, සාහාසික තීරන දෙකකට: එනම් සිරියාවෙන් සියලු එක්සත් ජනපද හමුදා ඉවත් කිරීම හා ඇෆ්ගනිස්තානය තුල සියයට 50ක හමුදා අඩු කිරීමට පසු” යැයි සඳහන් කර එය මෙසේ ද එකතු කලේ ය, “වැදගත් උත්සුකයන්ට ඔහු කිරීමට ඉඩ ඇති හානිය පිලිබඳ ට්‍රම්ප් මහතා වික්ෂිප්ත මෙන් ම අපරීක්ෂාකාරි යැයි පෙනේ.”

ඒ ආකාරයෙන් ම නිව් යෝක් ටයිම්ස් කතුවැකිය ද බිය උපදවන ශීර්ෂපාඨයක් පල කලේ ය: “ජිම් මැටිස් නිවරදි ය: කව්රු දැන් ඇමරිකාව ආරක්ෂා කර යි ද?” “සිරියාවෙන් ඇමරිකානු ගොඩබිම් හමුදා භටයින් 2000ක් වහාම ඉවත් කිරීම නියෝග කිරිම” මගින් මැටිස් හා අනෙකුත් ජාතික ආරක්ෂක උපදේශකයින් “මැඩපවත්වා” තිබීම සම්බන්ධයෙන් එය ට්‍රම්ප් හෙලා දුටුවේ ය.

මැටිස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඩෙමොක්‍රටික් පක්ෂ නායකයෝ සැබවින් ම වැලපී, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද යුද්ධවල කුමන හෝ අවසානයකට වන උග්‍ර විරුද්ධත්වය හඬ නැගූහ.

ඩෙමොක්‍රටික් පාලනාධිකාරියේ සාමාජිකයෝ මැටිස් සඳහා තම සහයෝගයේදී හා ට්‍රම්ප්ගේ හමුදා ඉවත් කිරීමට වන විරුද්ධත්වයේදී ඊටත් වඩා බියකරු වූහ. හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ, ආරක්ෂක ලේකම් හා ධවල මන්දිර මාන්ඩලික ප්‍රධානී ලියොන් පැනේටා මෙසේ පැවසීම වොෂින්ටන් පොස්ට් පත්‍රය උපුටා දැක්වී ය, “හරියට මේ මොහොතේ මෙරට තුල අපි ඉන්නේ නිත්‍ය අවුල් තත්වයක යි. එය අවධානය සඳහා වන ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය ඉටු කරන්නට ඉඩ ඇතත්, එය රට අතිශයින් අස්ථාවර කරමින් තිබේ.”

ඔබාමා පාලනාධිකාරිය අතරතුර සහකාර රාජ්‍ය ලේකම් වූ, ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් රුසියානු විරෝධී කුමන්ත්‍රනය ප්‍රචාරය කිරීමට යුක්‍රේනය තුල ඇගේ මැදිහත් වීම නිසා කුප්‍රකට, වික්ටෝරියා නූලන්ඞ් මෙසේ ප්‍රකාශ කලා ය: “සිරියාවෙන් සියලු හමුදා ඉවත් කර ගැනීමේ තම තීරනය සමග, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති බෂාර් අසාද්, ඉස්ලාමීය රාජ්‍ය, ක්‍රෙම්ලිනය හා ඉරානයට දැවන්ත ත්‍යාගයක් පිරිනම යි.”

මෙම ඩෙමොක්‍රටික් හා හිටපු රාජ්‍ය නිලධාරීන් කතා කරන්නේ කා වෙනුවෙන් ද? නිශ්චිතව ම ඇමරිකානු මහජනතාව වෙනුවෙන් නො වේ. අතිවිශාල ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙන එක්සත් ජනපද යුද්ධවලට මහජනයා විරුද්ධ ය.

ඔවුන්ගෙන් කිසිවෙකුත් මෙම මිලිටරි මැදිහත්වීම්වල සාපරාධී ස්වභාවය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නො කරති. එක්සත් ජනපද හමුදා “බලය ස්ථාපිත කරමින් සිටී” යැයි ඔවුන් පවසන සිරියාව තුල නීති විරෝධී මැදිහත් වීම (කොංග්‍රස් මන්ඩල අනුමැතිය, එක්සත් ජාතීන්ගේ අවසරය හෝ සිරියානු ආන්ඩුවේ අවසරය නොමතිව දියත් කෙරුනු) සියලු නගර විනාස කර, නිකායික ජන කොටස් අතර ආතතීන් උත්සන්න කර ඇත.

එහි අරමුනු අයිඑස්අයිඑස් පරාජය කිරීම නො ව, ඊට වෙනස් ව වඩාත් වැදගත් ලෙස, එරට ස්වභාවික තෙල් හා ගෑස් බිම්වලින් සමන්විත, සිරියානු භූමිභාගයෙන් තුනෙන් එකක එක්සත් ජනපද පාලන ප්‍රදේශයක් වෙන් කරගැනීම යි. අසාද් ආන්ඩුව පෙරලා දැමීමට අසමත් ව, එක්සත් ජනපදය සිරියාව තුල දිගට ම ලේ හෙලුවේ, දමස්කස් ආන්ඩුවට සහාය දී ඇති රුසියාව හා ඉරානය අනුබල දෙන හමුදා සමග ගැටෙන අතර ය.

ඩෙමොක්‍රටිකයෝ හා මාධ්‍ය ට්‍රම්ප්ට එරෙහිව ක්‍රියා කරන ලෙස විවෘත ව මිලිටරි හා ඔත්තුසේවා ඒජන්සිවලට ආයාචනය කරමින් සිටිති. ට්‍රම්ප්ගේ තීරනවලින් එක්සත් ජනපද මිලිටරි අනදෙන්නන් “කෝප” වූ බව එන්බීසී ප්‍රවෘත්ති සේවය සිකුරුදා ප්‍රකාශ කල අතර, වොෂින්ටන් පෝස්ට් පත්‍රය නම් නො කල “හිටපු ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියෙකු ” මෙසේ කිව් බව උපුටා දැක්වී ය, “මැදිහත්වීමක් තිබෙන්නට ඉඩ තියෙනවා. ජිම් මැටිස් මෙම තත්වය පිලිබඳ අනතුරු සංඥාවක් නිකුත් කර තිබේ.” මෙය මිලිටරි කුමන්ත්‍රනවල භාෂාව යි.

සිරියාව හා ඇෆ්ගනිස්තානය සම්බන්ධ ට්‍රම්ප්ගේ තීරන මැද පෙරදිග හා ග්‍රහලෝකයේ වෙනත් කොතනක හෝ සාමයේ නව අවධියක් සංඥා කරති යි විශ්වාස කරන ඕනෑ ම අයෙකු මුලා වනු ඇත.

විශේෂයෙන් ම, දශක ගනනාවක් තිස්සේ එය නිර්දය ලෙස හඹා ගොස් ඇති, මැද පෙරදිග හා යුරේසියාවේ තම පාලනය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කැපවීමේ ගැඹුර ජනාධිපති ආඥාවකින් ආපසු හැරවීමට බොහෝ විශාල වැඩි ය.

සෙනේට් ඔත්තුසේවා කමිටුවේ උසස් ඩෙමොක්‍රටිකයෙකු වන සෙනේට් සභික මාර්ක් වෝර්නර්, මෙසේ ට්වීටර් පනිවුඩයක් නිකුත් කලේ ය, “සිරියාව ගැන ජනාධිපතිගේ ප්‍රවේශය සමග අප දැක ඇති පරිදි, අපගේ ජාතික ආරක්ෂාව ජනාධිපතිගේ සදොස් හිතලු වලට වඩා බොහෝ වැදගත් ය.”

තව ද, ඔහු මත ක්‍රියා කරන බොහෝ පීඩනයන්ට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් දවසින් දවස ප්‍රතිපත්ති හා උපක්‍රම වෙනස් කර යි. ඔහු අද කියන දේ හෙට ප්‍රතික්ෂේප කල හැක.

එහෙත් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ තේරුම්ගත හැකි හා ස්ථිර තේමාවක් ඇති තාක් දුරට, එය තම අධිපතිවාදී තත්වය සුරැකීමට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන, ආසියා ශාන්තිකර කලාපයේ ආධිපත්‍යය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන ප්‍රමුඛත්වය යැයි විශ්වාස කරන ඇමරිකානු පාලක පන්තියේ කන්ඩායම්වල චිරාගත “ඇමරිකාව පලමුව” නැඹුරුව යලි තහවුරු කිරීමකි. දෙවනුව, එය දකින්නේ සන්ධාන ජාලයන් (විශේෂයෙන් ම එක්සත් ජනපදය යුරෝපයට ගැට ගසන) ඇමරිකානු ප්‍රතිපත්ති මත (මූල්‍ය හා වානීජ උත්සුකයන්ද ඇතුලුව) පිලිගත නො හැකි අවහිර කිරීම් පැටවීමක් ලෙසය.

ට්‍රම්ප් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට පිවිසෙන්නේ මුලුමනින් ම ගනදෙනුකාරී පදනමක් මත ය. පිරිවැය-ප්‍රතිලාභ ආස්ථානයෙන් ගත් විට, සිරියාව හා ඇෆ්ගනිස්තානය තුල මිලිටරි මැදිහත්වීම නිෂ්ඵල යයි ඔහු දකී. නමුත් දකුනු චීන මුහුද හා තායිවාන් සමූද්‍ර සන්ධිය බලගතු නව යුද්ධයක් පිපිරීම සඳහා වඩාත් ශඛ්‍ය සංග්‍රාමභූමි වීම සමගින්, චීනයට එරෙහි ඔහුගේ වෙලඳ යුද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඔහු එක්සත් ජනපද යුද යාන්ත්‍රනය යොදා ගැනීමට සම්පූර්නයෙන් ම සූදානම් ය.

ට්‍රම්ප් හා (“ඇමරිකානු ලේ උතුරා යවමින්, පරම්පරාවකට පසු පරම්පරාවක් ” පැටලෙන එක්සත් ජනපද යුද්ධ නරුම ලෙස හෙලා දකිමින් සීඑන්එන් රූපවාහිනියේ පෙනී සිටි) ඔහුගේ ෆැසිස්ට්වාදී සංක්‍රමන විරෝධී උපදේශක ස්ටීවන් මිලර් තම ප්‍රතිගාමී, කම්කරු පන්තික විරෝධී න්‍යායපත්‍රය සඳහා සහාය දිනා ගැනීමට යුද විරෝධී යැයි පෙනී සිටීමට සමත් වී ඇත්තේ, දැවන්ත යුද විරෝධී ව්‍යාපාරයක් නැතිකමට ස්තුතිවන්නට ය.

එවැනි ව්‍යාපරයක් නො පවතින්නේ, විශේෂයෙන් ම සිරියාවේ එක්සත් ජනපද මිලිටරිවාදයට සහාය දී ඇති, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සිට ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, සමාජවාදී විකල්පය හා අනෙකුත් සංවිධාන දක්වා වන විවිධ ව්‍යාජ වාම සංවිධාන විසින් ඉටු කරන ලද කාර්යභාරය සුලුපටු නො වූ නිසා ය. සීඅයිඒ අනුබල දෙන ඉස්ලාමීය මිලීෂියා හමුදා “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ” පෙරමුන ගනිමින් සිටින අතර “මානව අයිතිවාසිකම්” ප්‍රාර්ථනා කරමින් හා “රුසියානු අධිරාජ්‍යවාදයට” විරුද්ධ වෙමින් සිටින බව මෙම කන්ඩායම් ප්‍රචාරය කර ඇත.

මැටිස්ගේ ඉල්ලා අස්වීම මෙම පුද්ගලයන් දුර්වල කර ඇත. තම ඉහල යමින් තිබෙන ආදායම කොටස් වෙලඳපොල හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වාසනාවට ගැට ගැසී ඇති, ඉහල මධ්‍යම පන්තික වරප්‍රසාද ලත් තට්ටුවක සමාජ උත්සුකයන් පිලිබිඹු කරමින්, ඔවුන් අනිවාර්යයෙන් ම තම එක්සත් ජනපද යුද්ධ ආරක්ෂා කිරීම උත්සන්න කරනු ඇත්තේ කුර්දි හා අනෙකුත් පූර්වගාමීන්ගේ ඉරනම කුලු ගන්වමිනි.

සිදු වීමට නියමිත කුමක් දැ යි යන ඇඟවුමක් තුල, දක්ෂිනාංශික මමත් (#මීටූ) ව්‍යාපාරයේ ඇපකාර මව වන මියා ෆාරෝ මෙසේ ට්වීටර් පනිවුඩයක් නිකුත් කලා ය: “ට්‍රම්ප් සිරියාවෙන් හමුදා ආපසු ගන්නවාත් සමග, මානව විනාසයක් නතර කිරීමට ලෝකය අසමත් වීමේ අතිවිශාලත්වය අප පිලිගත යුතු ය. එක්සත් ජනපදයේ ඉවත් වීම වාසි ගෙන දෙන්නේ රුසියාව, අයිඑස්අයිඑස් (තවමත් ක්‍රියාත්මක), ඉරානය හා අසාද්ට ය.” ඈ මෙසේ ද පැවසුවා ය, “ට්‍රම්ප් පාලනාධිකාරිය තුල එක් ආචාරධර්මී පුද්ගලයෙකු වූ ජෙනරල් මැටිස් අපගේ අස්වැසීමේ අවසාන මූලය විය.”

ව්‍යාජ වම්මුන්ට පාලක පන්තියෙන් මොන ආකාරයක වත් දේශාපලනික ස්වාධීනත්වයක් නැත. ඩෙමොක්‍රටික් පක්ෂයට බලපෑමට උත්සාහ කරමින්, එය අනිවාර්යයෙන් ම පෙල ගැසෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධය පිටුපස යි.

විදේශ හා දේශීය ප්‍රතිපත්තිය මත මෙම කටුක කන්ඩායමික අරගලය තුල ඇමරිකානු පාලක පන්තියේ සියලුම කන්ඩායම්වලට සමාජවාදී සමානතා පක්ෂය මුලුමනින් ම විරුද්ධ ය. ඩෙමොක්‍රටික හා රිපබ්ලිකානු පක්ෂ සටන් කරමින් සිටින්නේ එකම ගමනාන්තය, එනම් ඒකාධිපතිත්වය හා යුද්ධය වෙත කුමන මාවත ගත යුතු ද යන්න මත ය. ධනේශ්වර පාලක පන්තිය ග්‍රහනයට ගනිමින් තිබෙන ගැඹුරු බෙදීම අභිමුවෙහි කම්කරු පන්තිය තමන්ගේ ම මාවත වෙන් කර ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය පුන පුනා අවධාරනය කර ඇති පරිදි, පාලක පන්තිය තුල ගැටුමට ප්‍රතිචාරය විය යුත්තේ සම්මුතිවිරහිත, යුද විරෝධී, ධනේශ්වර විරෝධී, හා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදකව පන්ති අරගලය වර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: