වෙලඳාම හා ආර්ථික පසුබෑම පිලිබඳ භීතියෙන් වෝල් වීදිය ඇලලී යයි

Trade and recession fears hit Wall Street

නික් බීම්ස් විසිනි, 2018 දෙසැම්බර් 5

ඩව්ජෝන්ස් දර්ශකය ඒකක 800 ද අන් සියලු ප්‍රධාන දර්ශක ද සැලකිය යුතු තරමින් පහත වැටීමත් සමඟ 4දා වෝල් වීදිය කඩාවැටුනේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා චීන ජනාධිපති සී ජින්පින් අතර ඇතිකරගත්තා යයි කියන, 1දා නිවේදනය කල, වෙලඳ ගිවිසුම නිරාවරනය වීමට පටන්ගැනීමත් සමගය.

කෙසේ වෙතත් වෙලඳ යුද්ධය කිසිවකින් සමහන් නොකරනු ඇතැයි යන මේ භීතිය, 3දා ඉහල නැඟි වෙලඳපොල ඊලඟ දිනයේ කඩා වැටීමට බලපෑ එකම සාධකය නොවීය. ආයෝජකයින් “සුරක්ෂිත ලැගුම්පලවල්” සොයා යන බව ඇඟවුම් කරන බැඳුම්කර ප්‍රතිලාභ පහත වැටීමත් සමඟ ඇමරිකාව ආර්ථික පසුබෑමකට මුහුනපා ඇතැයි යන වැඩෙන කනස්සල්ල ප්‍රමුඛ කාරනය විය.

කෙටිකාලීන හා දිගුකාලීන බැඳුම්කර අතර පොලී අනුපාතයේ වෙනස සමතලා කරමින් ප්‍රතිලාභ වක්‍ර ය සරල රේඛීය වීමට පටන් ගැනීමෙන් ඇමරිකානු ආර්ථික දැක්ම රිනාත්මක වීමේ වැඩෙන කනස්සල්ලක් පවතී. එක් අවස්ථාවකදී දෙවසරක හා දස වසරක බැඳුම්කර ප්‍රතිලාභ අතර වෙනස පදනම් අංක 10කට යටින් පිහිටියේය. එය වසර 11ට පසු වාර්තාගත පහලම අගයයි. සමතලා වෙමින් ඇති ප්‍රතිලාභ වක්‍ර ය පුලුල්ව පිලිගන්නේ අවධමනයක් පිලිබඳ ඇඟවුමක් ලෙසය.

පිලිවෙලින් සියයට 6.9ක් හා 4.9ක වැටීමක් වාර්තා කල කැටපිලර් හා බෝයිං සමාගම් වැනි, ගෝලීය වෙලඳපොල මත රඳා ඇති සමාගම් සියල්ලකම පාහේ වැටීමක් සලකුනු කලේය. වෙලඳ යුද්ධය පිලිබඳ අනතුරට සංවේදී සුපිරි තාක්ෂනික කොටස් ද පහත වැටුනි. ඇපල් සමාගමේ කොටස් අගය සියයට 4.9න් පිරිහුනි. සියයට 3.8න් පහත වැටුනු තාක්ෂනික නැස්ඩැක් දර්ශකය දැන් අගෝස්තුවේ පෙන්වූ ඉහලම මට්ටමෙන් සියයට 10ට වැඩි පහතකට පැමින ඇත.

වෙලඳපොල ප්‍රවනතා පිලිබද ප්‍රධාන ඇඟවුමක් ගෙනෙන එස්ඇන්ඞ්පී 500 දර්ශකය එහි දින 200ක සාමාන්‍ය චලනයට වඩා සියයට 3.2න් පහත වැටුනි. බැංකු කොටස් අගය ද පහත වැටුනි. බැංකු කොටස් දර්ශකය සියයට 5න් පමන පහත ගියේය. වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව “අයෝජකයෝ ආර්ථික වර්ධනයේ ශක්තිය හා පසුබෑමක් පිලිබඳව” කනස්සලු වෙති.

කිසිවක් අත්කරගෙන තිබේදැයි තමන් සැකකරන බව ඇඟවුම් කරමින් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ට්වීටර් පනිවිඩයත් සමඟ, චීනය සමඟ ඇතිකරගත් කුමන හෝ ගිවිසුමක ශක්‍යතාව පිලිබඳව සැක සාංකා ඉහල තැන්වලින්ම පටන් ගත්තේය. “චීනය සමඟ සැබෑ ගිවිසුමක හැකියාවක් පවතින්නේ ද නැද්ද යන්න ගැන” සාකච්ඡාවන්හි අවසන් දිනය වන මාර්තු 1දාට පෙර සිය ආර්ථික නියෝජිත කන්ඬායම සලකා බලනු ඇතැයි ට්‍රම්ප් පැවසීය.

“එසේ හැකි නම් අපි ඒ අනුව කටයුතු කරන්නෙමු. නොහැකි නම්, මතකතියා ගන්න මම තීරුබදු මිනිසෙකි.”

සාකච්ඡා පිලිබඳ ඇමරිකානු වාර්තාව අනුව, එරට බුද්ධිමය දේපොල සොරකමේ යෙදී සිටින බවටත් තම තාක්ෂනික හා කාර්මික පදනම නඟාසිටුවීම පිනිස බලහත්කාරී තාක්ෂනික මාරුකිරීම් යොදාගන්නා බවටත් වොෂින්ටනයේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් චීනය, තම ආර්ථිකයේ ඊනියා “ව්‍යූහාත්මක” වෙනස්කම් ඇතිකිරීමට එකඟ විය. මේ සම්බන්ධ එකඟත්වයකට පැමිනීමට නොහැකි වුවහොත් ඇමරිකාව, ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාන්ඩ සඳහා තීරුබද්ද සියයට 10 සිට 25 දක්වා ඉහල නංවනු ඇත.

එහෙත් චීනය පැත්තෙන් මෙම ප්‍රධාන ඇමරිකානු ඉල්ලීම පිලිබඳ සාකච්ඡා පැවැත්වීමට එකඟත්වයක් ඇතිවූ බව පිලිගත් බවට කිසිදු ඇඟවුමක් තිබුනේ නැත. ෆිනෑන්ෂල් ටයිම්ස් ලිවූ පරිදි වොෂින්ටයේ ප්‍රකාශ කෙරෙහි චීනය පැත්තෙන් කිසිදු සහායක් ලබාගෙන නැතුවා හෝ ව්‍යාකූලතාවේ පැටලී ඇත.

“මෙම සැක සාංකා, ඊලඟ තෙමස තුල දෙපාර්ශවයට නිශ්චිත ගිවිසුමකට එලඹීමට ඇති හැකියාව සම්බන්ධයෙන් හටගත්තක් පමනක් නොව, ඊටත් කලින් කඩාවැටීමක හැකියාව එමඟින් ඉස්මතු කරන්නේ යයි” එහි සඳහන්වේ.

4දා දවස පුරාම, ඇමරිකාව පවසා ඇති දේ ද සිදුවීම් පිලිබඳ චීන සංස්කරනය ද අතර පරස්පර විරෝධය කියනු ලබන ගිවිසුම මත සැක සාංකා වැපිරවීය. සී සමඟ හමුව ආන්නයේ ට්‍රම්ප්, චීනය ඇමරිකානු මෝටර් රථ මත පනවා ඇති බදු කපාහැරීමට එකඟ විනැයි පැවසුව ද මෙම කාරනය එක් පාර්ශවයකින් හෝ නිකුත් කරන ලද ප්‍රකාශයන්ට ඇතුලත් නොවීය.

ධවල මන්ඳිර ආර්ථික උපදේශක ලැරී කුඞ්ලෝව් 3දා අවධාරනය කලේ, එවන් ගිවිසුමකට එලඹ ඇති බවයි. කෙසේ වෙතත් 4දා වනවිට ඔහුට කීමට සිදුවුනේ, වොෂින්ටනයට එවන් “නිශ්චිත එකඟත්වයක්” නැති නමුත් බදු අඩුකිරීම බෙහෙවින්ම සිදුවිය හැකි දෙයක් බවයි.

ධවල මන්ඳිරය ද කුඞ්ලෝව් නිවැරදි කරමින් පැවසුවේ, දින 90 අවසන් සීමාව ජනවාරියේ පටන් ගන්නා බවයි. ආරම්භ වන දිනය දෙසැම්බර් 1දාය.

මෝටර් රථ බදු පිලිබඳ වෙනස්වූ කථා වැදගත් වන්නාක් සේම, සැබෑවටම එකඟ වුනේ කුමකටදැයි යන්න ගැන සැක සාංකා පලවීමෙහි පුලුල් වැදගත් කමක් ද පවතී.

තත්වය අවිනිශ්චිත වන තවත් ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මයයි. ඇමරිකාව කියන්නේ චීන නිර්යාතයන්හි “ඉතා සැලකිය යුතු” වැඩිවීමක් පවතින බවය. එහෙත් මෙය සාකච්ඡා පිලිබඳ චීන ප්‍රකාශනයන්හි දක්නට නොලැබේ. ට්‍රම්ප් හා සී අතර 1දා පැවති සාකච්ඡාවන්හිදී එකඟ වුනේ හා නොවුනේ කුමක් ද යන්න පිලිබඳ ව්‍යාකූලතා හා පරස්පරයන් පවතින අතරම “2025දී චීනයේ නිපදවන ලදී” සැලැස්ම යටතේ කාර්මික හා තාක්ෂනික වර්ධනයන්ට අදාල චීන වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නය ඉතිරිව තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් 3දා වාර්තා කල පරිදි, හිටපු ජාමූඅ අර්ථශාස්ත්‍රඥ හා ඉන්දියානු මහ බැංකුවේ අධිපති රාගුරාම් රාජන් සඳහන් කලේ, ඇමරිකාව හා චීනය අතර බෙදීම් හටගෙන තිබෙන මූලික ප්‍රශ්න වෙලඳාම පිලිබඳ කාරනාවන්ට එහා යන බවයි. ගැටුමේ පරිමාව පිලිබඳ ප්‍රබලම ඇඟවුම වන්නේ, ඇමරිකානු උප ජනාධිපති ඔක්තෝබරයේදී කල කථාවයි. “එහිදී ඔහු නව සීතල යුද්ධයක් ප්‍රකාශ නොකලා පමනි.”

2008ට පෙර මූල්‍ය බුබුල පිලිබඳව අනතුරු ඇඟවූ අර්ථශාස්ත්‍රඥයින් අතලොස්සෙන් අයෙකු වන රාජන්, චීනය සිය බුද්ධිමය දේපොල භාවිතාව “බටහිර සම්මතයන් සමඟ පෙලගැස්වීමට” දරන උත්සාහය සාධාරන වන අතර චීනය බිය වන්නේ මෙය “එක්සත් ජනපදයේ අවසන් අරමුන නොවීම” ගැනයි.

“ඔවුන් විශ්වාස කරන පරිදි තමන් ඒවාට එකඟ වුවත්, රොබෝ තාක්ෂනය, කෘතිම ඔත්තු සේවා හා අර්ධ සන්නායක වැනි පෙරමුනු කර්මාන්ත තුල සැලකිය යුතු ක්‍රියාකාරිත්වයකට එක්සත් ජනපදය තමන්ට ඉඩ නොදෙනු ඇත. චීනය හිනිපෙත්තේ මුදුනට නැඟීම, කිසිසේත් සාකච්ඡාවට ගත නොහැකි ප්‍රශ්නයකි.”

“සීතල නැත්නම් උනුසුම් යුද්ධයකට පවා කොන්දේසි සකසමින්” චීනය වටලනු ලැබූ රටක් බවට පත්කරන, එකක් මත තවෙකක් වශයෙන් තීරු බදු පැනවීම ගැන රාජන් අනතුරු ඇඟවීය.

ඔහු, චීනයේ බුද්ධිමය දේපොල භාවිතාවන් වෙනස් කිරීමේ සාකච්ඡාවන්ට ප්‍රධාන බලවතුන් කැඳවයි. “එහෙත් දී ඇති තත්වය හඳුනාගැනීම අවශ්‍යය. ලෝකය බහු පාර්ශවිකයි, චීනයට ගෝලීය ආයතනයන්හි වැඩි බලයක් හා වගකීම් තිබිය යුතුය.” බුද්ධිමත් ගිවිසුමක් සඳහා “දෙපාර්ශවයේම සම්මුතියක් තිබිය යුතු යයි” ඔහු ලිවීය.

එහෙත් මෙම පෙන්වා ඇති තර්කාන්විත වාතාවරනය සඳහා ප්‍රධාන බාධාව වන්නේ, ගැටුම පාලනය කරනු ලබන්නේ හේතු යුක්තියේ නියාමයන්ට අනුකූලව නොව, ද්‍රව්‍යමය ආර්ථික හා භූදේශපාලනික ආසක්තයන් විසින් වීමයි. ඇමරිකාව “බහු පාර්ශවික ලෝකයක” අවශ්‍යතාව පිලිගැනීමට සූදානම් නොවනවාක් මෙන්ම චීනයේ නැගෙන ආර්ථික බලයට සහන සැලසීමට ද සූදානම් නැත. වොෂින්ටනය මෙ මඟින් තමන්ගේ ගෝලීය ආර්ථික හා මිලිටරි අධිකාරයට වලකපනු ඇතැයි බියවේ. ඔවුන් එම තත්වය මොන වියදමක් දරා හෝ කවර මාධ්‍යයන් තුලින් හෝ පවත්වාගෙන යාමට අදිටන් කරගෙන සිටී.

මෙම අධිෂ්ඨානය, ඇමරිකානු ආර්ථිකයේ සැලකිය යුතු හැකිලීමක් හෝ දැනටමත් සලකුනු පහලවී ඇති පරිදි පසුබෑමක් වර්ධනය වීමේ කොන්දේසි හමුවේ තව තවත් යුදවාදී රූපාකාරයන් ගනු ඇත.

Share this article: