උතුරු කොරියාවට සීමිත මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීමට ට‍්‍රම්ප් සලකා බලයි

Trump considers “bloody nose” strike on North Korea

2018 පෙබරවාරි 6

ට‍්‍රම්ප් පාලනාධිකාරිය හෝ පාලන තන්ත‍්‍රය තුල බලගතු මිලිටරි-බුද්ධි අංශවල ස්ථරයක්, 9දා දකුනු කොරියාවේදී ඇරඹීමට නියමිත සිසිර ඔලිම්පික් තරගයට පෙරාතුව හෝ එය පැවැත්වෙන අතරතුර උතුරු කොරියාවට එරෙහිව පූර්වභංග ප‍්‍රහාරයක් දියත් කිරීමට කැසකවමින් සිටී.

පියොංයැන් තන්ත‍්‍රය ත‍්‍රස්ත කිරීමට සහ න්‍යෂ්ටික-හරනය සඳහා කෙරෙන වොෂිංටනයේ ඉල්ලීම්වලට යටත් වන ලෙස බලපෑම්දැමීමට යැයි කියා උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල් අවිගබඩාව හා යටිතලව්‍යුහය වෙත සීමිත ප‍්‍රහාරයක් අදහස් කෙරෙන “සීමිත මිලිටරි ප‍්‍රහාරය” විසඳුම ඉදිරිපත් කොට ඇත.

කෙසේවෙතත්, ප‍්‍රකෝප නොකරන ලද එක්සත් ජනපද ආක‍්‍රමනයක් යටත්වීමකටත් වඩා ගිනිය නොහැකි ප‍්‍රතිවිපාක සහිත ප‍්‍රතිප‍්‍රහාරයකට නිශ්චිතවම මුහුන දෙනු ඇත. ක්ෂනිකවම න්‍යෂ්ටික ආයුධ පාවිච්චි නොකලේ වුවත්, චීනය හා රුසියාව වැනි න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ බලවතුන් ඉක්මනින්ම ඇදී එනු ඇති ඝට්ටනයකින් පලමු දිනයේ පමනක් දකුනු කොරියාව තුල මරන ලක්ෂ සංඛ්‍යාත වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

එසේ වුවත්, ධවල මන්දිරයේ හා එක්සත් ජනපද-බුද්ධි යාන්ත‍්‍රනයේ ඉහල නිලධාරීන් සාකච්ඡා කරමින්, වාද කරමින් හා සූදානම් කරමින් පවතින්නේ එවන් තකතිරු හා ම්ලේච්ඡ ක‍්‍රියාවකි. ඉහල මට්ටමේ මිලිටරි-විදේශ ප‍්‍රතිපත්ති සම්පාදයකයන්ගේ කව තුල, සැලසුම්වල ඉහල ලක්ෂනය වන්නේ එය භීතිකාවන් සහ විරුද්ධත්වය උත්පාදනය කරමින් තිබේය යන්න ගැන හොදින් දැනුවත්ම සිටීම යි.

පසුගිය සතියේදී, දකුනු කොරියාවට එක්සත් ජනපද තානාපතිවරයා වසයෙන් එය පත්කල වික්ටර් චා උතුරු කොරියාව වෙත පූර්වභංග ප‍්‍රහාරයක් එල්ල කිරීමට විරුද්ධව හඬ නැගීමත් සමග ට‍්‍රම්ප් පාලනය විසින් හිටිඅඩියේම ඔහු නෙරපා හැරයේ ය. ඉනික්බිතව චා වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපියක් ලියමින් ප‍්‍රසිද්ධියේ අනතුරු අඟවා සිටියේ, එක්සත් ජනපද ප‍්‍රහාරයක් මගින් දකුනු කොරියාව තුල සිටින 230,000ක් වන ඇමරිකානුවන් (මෙය පීටස්බර්ග් හෝ සින්සිනාටි වැනි මධ්‍යම ප‍්‍රමානයේ නගරයක වෙසෙන ජනගහනයට සමානය) උවදුරේ හෙලනු ඇති බව යි.

සෙනෙට් අවි සේවා කමිටුවේ සාමාජිකයෙක් වන මාටින් හයින්‍රිච් ද ඇතුලු ඩිමොක‍්‍රටික් සෙනෙට් සභිකයෝ 18ක් විසින් පසුගිය සිකුරාදා අත්සන් කරන ලද ලිපියකින් චාගේ අනතුරු ඇඟවීම නොතකා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ උත්සුකය පල කලහ. රාජ්‍ය තාන්ත‍්‍රික විසඳුම් සියල්ලම පාහේ යොදා අවසන් වීමට පෙරාතුව මිලිටරි ක‍්‍රියාවකට යාම හුදෙක් “ආන්තිකවම තකතිරු ක‍්‍රියාවක්” පමනක් නොව “එක්කෝ ව්‍යවස්ථාමය පදනමක් හෝ නෛතික අධිකාරියක් නැතිව ක‍්‍රියාකිරීමක් වනු ඇත”යි එය සඳහන් කලේ ය.

“විශේෂ ආකාරයක සීමිත, පූර්වභංග යුද්ධයක් [උතුරු කොරියානු නායක] කිම් ජොං-උන්ගෙන් එල්ලවෙන උත්සන්න කෙරුනු ප‍්‍රහාරයකට මුහුන පානු නැතයි විස්වාස කිරීම විශාල සූදුවකි” යනුවෙන් ලිපිය අනතුරු ඇඟවූයේ ය. එය සඳහන් කලේ, සෙනෙට් අවි සේවා කමිටුවේ ජනවාරි 30දා සාක්ෂි විමසීමකදී “එක් එක් විශේෂඥයා ‘සීමිත මිලිටරි ප‍්‍රහාරයේ’ මූලෝපාය ඉමහත් අනතුරු සහිත එකක් බව විස්වාස කරන බවයි”.

යුද්ධය කෙරෙහි අව්‍යාජ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමෙන් බෙහෙවින් දුරස්ථ ඩිමොක‍්‍රටිකයන්ගේ ලිපිය, දැවැන්තම ක්ෂනික අනතුර නියෝජනය කරන්නේ රුසියාවද චීනය ද යන්න පිලිබඳව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල සීග‍්‍රයෙන් ව්‍යාප්තවන තියුනු විවාදයක කොටසකි. 2016 ජනාධිපතිවරන තරගය අතරතුර රුසියාව සමග ට‍්‍රම්ප්ට පැවැතියේයැයි කියන දුෂ්හවුලට එරෙහිව උත්සන්න කෙරෙන උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ, මූලික විවාදාසම්පන්න කාරනාවේදී උතුරු කොරියාවට සහ චීනයට වඩා මොස්කෝව යි.

විදෙස් පිලිවෙත සම්බන්ධ කටුක අභ්‍යන්තර ගැටුම සමග, නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුද, කොටස් වෙලඳපොල අස්ථාවරත්වය හා පිරිහෙන ජීවන කොන්දේසිවලට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වයට මුහුනදී සිටින ට‍්‍රම්ප් පාලනයේ අස්ථාවරභාවය සම්මිශ‍්‍රනය වෙමින් තිබේ. මෙම කාරනය යුද්ධය සිදුවීමේ ඉඩ කඩ පහත දමනු වෙනුවට, මෙම තියුනු දේශපාලන හා සමාජයීය ආතතීන් පිටස්තර සතුරෙකුට එරෙහිව හරවා යැවීමේ මංමුලාසහගත වෑයමකින් උතුරු කොරියාවට එරෙහි මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීමට ට‍්‍රම්ප් යොමුවිය හැකිය.

උතුරු කොරියාව සමග ඝට්ටනය සාමකාමීව විසඳාගැනීමට පවතින කාලය ක්ෂයවෙමින් තිබෙන බවට ට‍්‍රම්ප් පුනපුනා අනතුරු අඟවා ඇත. උතුරු කොරියාවෙන් පලා ආ පුද්ගලයින් සමග සිකුරාදා ධවල මන්දිරයේදී පැවැති හමුවකදී (මෙයමත් සාමකාමී විසඳුමකට වලකපන ප‍්‍රකෝපකරනයකි) හිටපු පාලනාධිකාරින් උතුරු කොරියාවට අභියෝග කිරීමට අසමත් වීම ගැන ට‍්‍රම්ප් යලි වතාවක් චෝදනා එල්ල කලේ, “අපිට කිසිදු මාවතක් ඉතිරිව නැත ”යි සෘජුවම සඳහන් කරන අතර ය.

සිසිර ඔලිම්පික් උලෙලට සහභාගිවීම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස් දැන් දකුනු කොරියාවට සම්ප‍්‍රාප්ත වෙමින් සිටී. එහෙත් ඔහුගේ සංචාරය යොදාගනු ඇත්තේ, ඇලස්කාවල පිහිටි බැලස්ටික් මිසයිල නාශක කඳවුරුවලට සංචාරය කිරීමට සහ ජපන් හා දකුනු කොරියානු නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට ය. ධවල මන්දිර ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ, උතුරු කොරියාව වෙත “උපරිම පීඩනය” දැමීමේ එක්සත් ජනපද උද්ඝෝෂනයේ කිසිදු බුරුලක් නැති බව සහතික කිරීම පෙන්ස්ගේ ගමනේ අරමුන බව යි. “උතුරට තවතවත් කාලය ලබා ගන්නා නිරර්ථක සාකච්ඡාවල කාලපරිච්ඡේදයකට මෙහෙයවෙන උතුර විසින් ගෙන යන සුමුදු ප‍්‍රහාරයන්, යන ඒ සියල්ල අපි කලින් දැක තිබෙනවා” නිලධාරියා කීවේ ය.

ඔලිම්පික් උලෙලට පසුව, එක්සත් ජනපදය හා දකුනු කොරියාව දැනට තාවකාලිකව නතර කර දමා තිබෙන ෆෝල් ඊගල් හා කී රිසොල්ව් නමින් හැඳින්වෙන යෝධ ඒකාබද්ධ යුද අභ්‍යාස ආරම්භ කරනු ඇත. උතුරු කොරියාව සමග යුද්ධයක එල්ලය විනිවිද පෙනෙන ලෙසින් කරන ලද අභ්‍යාසයකින් සැලකිය යුතු නාවික භටයින්ද පෙරදැරිකරගෙන හා සුපිරි ඇමරිකානු යුද නැව් සම්බන්ධ කරගනිමින් පසුගිය වසරේ පැවැති යුද අභ්‍යාස සඳහා ලක්ෂ 3කට අධික භටයින් පිරිසක් සම්බන්ධවූහ. පෙන්ටගනය මෑතකදී, කොරියානු අර්ධද්වීපයට ඉතා පහසුවෙන් පහරදිය හැකි දුරකින් පිහිටි ගුවාම් වෙත න්‍යෂ්ටික බලය සහිත බී-52 සහ බී-2 මූලෝපායික අවි දරන යානාවන් ස්ථානගත කලේ ය.

වොෂිංටන් පොස්ට් පුවත්පතේ ලියූ විවේචනයේදී වික්ටර් චා ඉඟිකල ආකරයට “සීමිත මිලිටරි ප‍්‍රහාරයක්” පමනක් නොවේ, සලකා බලමින් තිබෙන මිලිටරිමය විසඳුම. “දස දහසක් නැතහොත් ලක්ෂ ගනනක් ඇමරිකානුවන් මරනයට පත්වනු ඇති යුද්ධයක් උත්සන්න කිරීමෙන් තොරව [උතුරු කොරියානු] තර්ජනය සමග ගනුදෙනු බේරාගත හැකි ප‍්‍රබල මිලිටරි විසඳුමක් පවතී” යැයි ඔහු ලීවේ ය. සීමිත ප‍්‍රහාරයකට පවතින එකම මිලිටරිමය විකල්පය වන්නේ, පෙරලා පහරදිය හැකි උතුරු කොරියාවේ ශක්තිය වනසා දැමිය හැකි න්‍යෂ්ටික හා/හෝ සාම්ප‍්‍රදායික අවිවලින් කෙරන සෑම පැත්තකින්ම දියත් කරන ප‍්‍රහාරයකි.

පසුගිය සිකුරාදා නිකුත් කල ට‍්‍රම්ප් පරිපාලනයේ න්‍යෂ්ටික තත්ත්ව විමර්ශනය, ආරක්ෂාකාරී වචනවලින් ප‍්‍රකාශ කරන අතරේ එවන්මවූ ප‍්‍රහාරයක් පිලිබඳ පෙරදකියි. “එක්සත් ජනපදය හෝ එහි සගයන් වෙත කෙරන ඕනෑම උතුරු කොරියානු ප‍්‍රහාරයක් නොඉවසිය හැකි අතර එහි ප‍්‍රතිපලය වනු ඇත්තේ එම පාලනයේ අවසානය යි. න්‍යෂ්ටික අවි දියත් කොට ආරක්ෂාවී සිටීමට හැකියාවක් කිම් තන්ත‍්‍රයට ඇත්තේ නැතැ”යි එය සඳහන් කරයි.

අත්වැරැද්දක් හෝ සාවද්‍ය ගනන් බැලීමක් උතුරු කොරියාව “සහමුලින්ම විනාශකර දැමීමට” නියෝග පැනවීම කරා ට‍්‍රම්ප් පාලනය මෙහෙයවීමේ අනතුරුදායක බව ලඟා වෙමින් පවතින න්‍යෂ්ටික මිසයිලයක් පිලිබඳ පසුගිය මාසයේදී හවායිහිදී නිකුත් කල වැරැදි අනතුරු ඇඟවීමේ සිදුවීම මගින් අවධාරනය කෙරෙයි. තවදුරටත්, එක්සත් ජනපදයට යුද්ධය යුක්ති සහගත කිරීම සඳහා වියට්නාමය තුල සෘජු ඇමරිකානු මිලිටරිමය මැදිහත්වීමක් සඳහා ව්‍යාජෝක්තිය වසයෙන් යොදාගත් 1964 ටොන්කින් බොක්කේ සිදුවීම ගසාකෑ ආකාරය වැනි සිදුවීම් ගසා කෑමේ දීර්ඝ ඉතිහාසයක් ඇත.

උතුරු කොරියාවට කෙරෙන ඕනෑම පූර්වභංග මිලිටරි ප‍්‍රහාරයක් ලෝකය පුරා කම්පන තරංග යවනු ඇති අතර උතුරායන යුදවිරෝධී ව්‍යාපාරයක් අවුලුවනු ඇත. දැනටමත් පුලුල්ව පැතිරී ඇති යුද්ධයට එරෙහි විරුද්ධත්වය, යුද්ධය සඳහා මූල හේතුව වන ධනපති පද්ධතියට එරෙහිව මෙහෙයවන සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: