එක්සත් ජනපද බුද්ධි අංශ කමිටුවේ සාක්ෂි විමසීම තුල පැවති නව-මැකාතිවාදී උමතුව

Neo-McCarthyite hysteria at US Senate Intelligence Committee hearing

2018 පෙබරවාරි 15

“ගෝලීය තර්ජන සහ ජාතික ආරක්ෂාව” පිලිබඳව අඟහරුවාදා සෙනේට් මන්ඩල බුද්ධිඅංශ කමිටු සාක්ෂි විමසීම වනාහි එක්සත් ජනපදය (එජ) තුල සිදුවන සියලුම සමාජ විරෝධතාවන් විදේශීය කඩාකප්පල්කම්වල නිෂ්පාදිතයක් යන ප‍්‍රකාශය දිරිමත් කිරීමේ අරමුන සහිත දක්ශිනාංෂික උමතුවක ව්‍යායාමයක් විය. මෙම වංචනික කතන්දරය වාරනයත් පොලිස් රාජ්‍ය මර්දනයත් යුක්තියුක්ත කිරීමට ඉදිරිපත් කෙරුනකි.

1950 ගනන්වල මැකාතිවාදී දඩයම්වලින් පසුව කොන්ග‍්‍රස් මන්ඩලය තුල සිදුවී ඇතැයි පැවසෙන විදේශීය කඩාකප්පල් ක්‍රියා එවැනි මට්ටමකින් උග‍්‍ර ලෙස හෙලාදැක නැත. ජාතික බුද්ධිඅංශයේ අධ්‍යක්ෂක ඩෑන් කෝට්ස් කමිටුවට පැවසුවේ රුසියාව “දැක්කේ තම අතීත වෑයම (2016 මැතිවරනය තුල උපාමාරු දැමීමේ) සාර්ථක බව සහ 2018 අන්තර්වාර මැතිවරන ඉදිරි එල්ලයන් ලෙසයි.” යනුවෙනි.

“ඇමරිකානු මහජනතාවට මෙය යථා බව දැනුම්දීම” අවශ්‍ය වෙයි යනුවෙන්ද, සහ “අපට සිට ගැනීමට ප‍්‍රකෘති තත්වයට පැමිනීමට අවශ්‍ය අතර අප ඡන්දය දැමිය යුත්තේ කෙසේද, අපගේ රට ගෙනගිය යුත්තේ කෙසේද යන්න අපට පැවසීමට සමහර රුසියාවන්ට අප ඉඩ නොහරිමු” යනුවෙන්ද කෝට්ස් ප‍්‍රකාශ කලේය.

ඇමරිකානු සමාජය තුල “බෙදීම් වැපිරීමේ” රුසියානු සහ චීන අරමුන ගැන රැස්ව සිටි බුද්ධිඅංශ නිලධාරීන්ට බලකර සිටි, එකෙක් පසු අනෙකා ලෙස සෙනේට් සභිකයෝ, අන්තර්ජාලය වාරනය කිරීමටත් “භේදකාරී අන්තර්ගතයන්” ව්‍යාප්තිය වැලැක්වීමටත් තාක්ෂනික සමාගම් සමග එක්ව වැඩ කිරීමට බුද්ධිඅංශ ඒජන්සිවලින් ඉල්ලා සිටියහ.

චීන ශිෂ්‍යයින් ඔත්තුකරුවන් සහ කඩාකප්පල්කාරින් විය හැකි වීම පිලිබඳව හෙලා දකින ලදුව, ඇමරිකානුවන්ට උපදෙස් දෙනු ලැබුවේ චීන සමාගම් විසින් නිපදවන ලද ස්මාර්ට් දුරකථන මිලදී නොගන්නා ලෙසයි.

මෙම සියලුම චෝදනා එල්ල වූයේ ඔප්පු කිරීමේත් සහ සනාත කිරීමේත් සුලු හෝ වෑයමකින් තොරවය. මීට හේතුව වන්නේ මේවා සරලවම ගොතන ලද්දන් නිසාය.

කැපිටල් හිල්හි පචයන්ගේ සහ වංචාවල මූලික ප‍්‍රකාශය වනාහි ව්ලැදිමීර් පුටීන් සහ ක්ෂි ජින්පින්ග්ගේ අතිදුෂ්ට ක්‍රියාවන් නොවීනම් එජ සාමකාමී සහ සෞඛ්‍යසම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වන්නේය යන්නය. මෙවැනි ප‍්‍රකාශයක අමනත්වය, ෆ්ලොරිඩාහි පාර්ක්ලන්ඩ්හි පාසැලක නැවතත් බදාදා සිදුවූ වෙඩිතැබීම මගින් එලිදරව් වූ අතර මෙය 2018 දී සති හතකින් සිදුවූ 18 වැනි පාසැල් වෙඩිතැබීම විය. භයංකර ආකාරයකින් මෙවැනි දාමරිකකම් ඇතිකරන සමාජ ආබාධිතත්වයට රුසියාව සහ චීනය වගකිව යුතුද?

ඇමරිකානු පාලක පන්තියේ උත්සුකය වන්නේ රුසියානු හෝ චීන “කඩාකප්පල් කි‍්‍රයාවන්” නොව, එජය තුල වර්ධනය වන සමාජ විරුද්ධත්වයයි.“රුසියානු මැදිහත්වීමේ” කතන්දරය අන්තර්ජාලය වාරනය කිරීමේත් සහ භාෂනයේ නිදහස මැඩපැවැත්වීමෙත් ක‍්‍රමික උද්ඝෝෂනය යුක්තියුක්ත කිරීමටත් යොදා ගනිමින් පවතී.

කමිටුවේ ඉහල පෙලේ ඩිමොක‍්‍රටිකයකු වන සෙනේට් සභික මාර්ක් වෝර්නර්ගේ රඟපෑම විශේෂයෙන්ම අශිෂ්ට විය. ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 257 ක වත්කම් හිමි වෝර්නර් පෙනීසිටියේ සෙනේට් සභික ජෝ මැකාර්තිගේ පුද්ගලාරූඪය හොඳින්ම ක‍්‍රියාත්මක කරන්නකු ලෙසය. ඔහු ප‍්‍රකාශකලේ විදේශීය කඩාකප්පල් ක්‍රියාවන් ඒකාබද්ධව සිදුවන බවත් “රට තුලින්ම අපගේ ආයතනවලට එල්ල වන තර්ජනයන්ගෙන්” එය බහුල ලෙස වෙන් කොට දැකිය නොහැකි බවත්ය.

රුසියාව සමග ධවල මන්දිරයේ “දුෂ්හවුල” පිලිබඳ ඩිමොක‍්‍රටිකයන් විසින් මෙහෙයවනු ලබන සමීක්ෂනයේ වංචනික ස්වභාවය ලේඛනගත කල ඊනියා නුනස් මතක සටහන් ප‍්‍රසිද්ධියට පත්කිරීම ගැන හඟවමින් වෝර්නර් සඳහන් කලේ “එෆ්බීඅයි සහ අධිකරන දෙපාර්තමේන්තුවේ මූලික නිහතමානීකමට ප‍්‍රහාර එල්ල කර ඇති, රුසියානු අන්තර්ජාල බොට්ස් සහ ට්‍රොල්ස් මගින් ආධාර දෙන සහ අනුබල දෙන සමහර අය මෙහි සිටිති” යනුවෙනි.

වෝර්නර්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් එෆ්බීඅයි අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් රෙයි පුද්ගලික අංශය සමග එජ බුද්ධිඅංශ ඒජන්සිවල ඉතා සමීප “බැඳීම” සහ “සහභාගිත්වය” අගය කරමින් නිගමනය කලේ “අපට සමාජ මාධ්‍යයන් මුලුමනින්ම සෝදිසි කල නොහැක, එමනිසා ඔවුහු තමන්ටම සෝදිසි කල හැකි පරිදි අපට ඔවුන් සමග වැඩ කිරීමට සිදුවෙයි.” යනුවෙනි.

රෙයි සඳහන් කලේ සමාජ මාධ්‍ය සමාගම් විසින් ගෙන ඇති පුලුල් පියවරන් ගැනය. මොවුහු, රිජුවම බුද්ධිඅංශ ඒජන්තයින් සමග, වාරන යාන්ත‍්‍රනය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා සංඥාවන් ලබාගැනීමටත්, වාර්තා කිරීමටත් සහ අන්තර්ගතයන් ඉවත්කරීමත් සඳහා දස දහස් ගනන් “අන්තර්ගත විමර්ශකයින්” -(බොහෝ දෙනෙක් බුද්ධිඅංශ පසුබිමක් සහිත) කුලියට ගෙන ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වලට එරෙහි ප‍්‍රහාර එජ තුල සමාජ ආතතීන් තව දුරටත් පිරිහීමට ලක්කරනු ඇති ප‍්‍රධාන යුද්ධයක් සඳහා සූදානමත් සමග වැඩි වැඩියෙන් සම්බන්ධිතය. “මහා බලවතුන් අතරද ඇතුලුව, අන්තර් රාජ්‍යවල ගැටුම්වල අවදානම ශීතල යුද්ධය නිමවීමේ පටන් වෙන කවරදාටත් වඩා වැඩියි” යනුවෙන් සිය ප‍්‍රකාශයට කෝට්ස් පූර්විකාවක් ඉදිරිපත් කලේය.

සාක්ෂි විමසීම සිදුවන විට, විවිධ ජන මාධ්‍යය වාර්තා කරමින් තිබුනේ සිරියාව තුල මෑත එජ ගුවන් ප‍්‍රහාරවලින් සිය ගනන් රුසියානු හමුදා කොන්ත‍්‍රාත්කරුවන් මරා දමන්නට ඇති බවයි. මෙය එලිදරව් වූයේ “එජයේ ජාතික ආරක්ෂාව පිලිබඳව දැන් මූලික උත්සුකය වන්නේ ත‍්‍රස්තවාදය නොව, අන්තර් රාජ්‍ය මූලෝපායික තරඟය” ලෙස ප‍්‍රකාශයට පත් කල පෙන්ටගනයේ ජාතික ආරක්ෂක මූලෝපාය ප‍්‍රසිද්ධියට පත්කර යන්තම් සති දෙකකට පසුවයි.

ඒ කෙසේ වෙතත්, මෙම මහා බලවතුන්ගේ ගැටුම්වල ඇඟවීම් එජ “වාසභූමියට” සරලවම පිටස්තරව පවතින්නක් නොවේ. මෙම ලියවිල්ල තර්ක කරන්නේ “වාසභූමිය තව දුරටත් අභය භූමියක් නොවන” බවත් සහ රුසියාව සහ චීනය වැනි “සංශෝධනවාදී බලයන්ගේ” පැත්තෙන් ගත්විට “දේශපාලන සහ තොරතුරු කඩාකප්පල් කිරීම” සඳහා “ඇමරිකාව ගොදුරක්” බවත්ය.

“ඇමරිකානු හමුදාවට යුදපිටියේ ජයග‍්‍රහනය සඳහා කලින් නියම කරන ලද අයිතියක් නැති” නිසා, එජට මෙම ගැටුම තුලදී අධිකාරය පැවැත්විය හැකි එකම මාවත වන්නේ “තොරතුරු, ආර්ථිකය, මූල්‍යය, බුද්ධිඅංශ, නීති ක්‍රියාත්මක කිරීම සහ හමුදාව” ඇතුලුව “ජාතික බලයේ විවිධ කොටස් අඩුපාඩු නොතබා ඒකාබද්ධ කිරීම” මගිනි.

වෙනත් වචනවලින් පවසතොත්, නව ලෝකයේ මහා බලවතුන්ගේ ගැටුම තුල ඇමරිකානු සුපිරිබලය සඳහා යුද්ධයේ අවශ්‍යතාවන් වලට ජීවිතයේ සෑම අංගයක්ම යටත් කිරීම අවශ්‍ය වෙයි. දැනටමත් ඉහල මට්ටමක පවතින, මෙම අධිපතිවාදී නපුරු සිහිනය තුල, පොලිස්, හමුදා සහ බුද්ධිඅංශ ඒජන්තයින් මටසිලිටි තනි ඒකකයක් ගොඩ නැගීමට මාධ්‍ය සහ තාක්ෂනක සමාගම් සමග ඒකාබද්ධ වෙයි. මෙම ඒකකයේ ඒකාබද්ධ බලය මහජන මතයට උපාමාරු දැමීමටත් දේශපාලන විරුද්ධත්වය මැඩපැවැත්වීමටත් පෙල ගස්වා ඇත.

සූදානම් වෙමින් පවතින ඒකාධිපති ලක්ෂන සහිත පියවරයන් රෙයි සහ බීජිනය සඳහා ඔත්තුකරුවන් ලෙස චීන ශිෂ්‍යයෝ සේවය කරන්නේද යන්න විමසූ රිපබ්ලිකානු සෙනේට් සභික මාර්කො රුබි ඕ අතර වචන හුවමාරුව මගින් අවධාරනය වෙයි. “විශේෂයෙන් විද්‍යාව සහ ගනිතය විෂයයන්හි ඉහල උසස් වැඩ සටහන්වල යෙදීසිටින චීන ශිෂ්‍යයන්ගෙන් එජ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති ප‍්‍රති-බුද්ධිතොරතුරු අවදානම කුමක්ද?” යනුවෙන් රුබි ඕ ඇසීය.

රෙයි පිලිතුරු දුන්නේ “මහාචාර්යවරුන්, විද්‍යාඥයින් හෝ ශිෂ්‍යයින් වේවා, විශේෂයෙන්ම ශාස්ත‍්‍රාලික අංශයේ සිටන සම්ප‍්‍රදායික නොවන එක්රැස් කරන්නන් භාවිතා කිරීම, එෆ්බීඅයි සංවිධානය සතු රට පුරා එයට ඇති අඩවි කාර්යාලවල, ප‍්‍රධාන නගරවල පමනක් නොව, කුඩා නගරවල මෙන්ම මූලිකවම සෑම සේවාස්ථාන තුලම, අප දකිනවා.” යනුවෙනි.

වර්ගවාදී බෙරිහන් දීමත් සහිත මෙම උද්ඝෝෂනය සිහි කැඳවන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී 120,000 ක් වු ජපන් ජාතික පරපුරක් සිරභාරයේ තැබීමට යුක්තියුක්ත කිරීමට භාවිතා කල, “ජාතික ආරක්ෂාව” රැකීම යන නිල තර්කනයයි.

අන්තර්ජාල වාරනයට එරෙහි සමාජවාදී, යුද විරෝධී සහ ප‍්‍රගතිශීලී වෙබ් අඩිවිවල සභාගයක් සඳහා කැඳවුම් කරන තම විවෘත ලිපියේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේ “තොරතුරු පිලිබඳව තමාට ඇති ඒකාධිකාරයට ද, යුද වැදීම ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රචාර සඳහා ද, සම්පත් අශිෂ්ඨ ලෙස ඒකරාශී වීම හා ආන්තික සමාජ අසමානතාවයන් නීත්‍යානුකූල කිරීම සඳහා ද තමාට ඇති හැකියාවට, අන්තර්ජාලය මරනීය තර්ජනයක් ගෙන එන බව පාලක පන්තිය හඳුනා ගෙන ඇත.” යනුවෙනි.

මෙම මරනීය තර්ජන සහ පන්ති ගැටීම්වල වර්ධනය පිලිබඳ බියයි සෙනේට් සභා බුද්ධිඅංශ කමිටු සාක්ෂි විමසීම තුලදී ප‍්‍රදර්ශනයවූ බේගල් සහ කුහකත්වයේ අභිප්‍රේරනය වූයේ.

අන්ද්‍රෙ ඩේමන්

Share this article: