එක්සත් ජනපදයේ ජීවිත අපේක්ෂනය වැටීම: පාලක පන්තියේ දනුවත් පිලිවෙතක ප‍්‍රතිඵලය යි

Falling US life expectancy: The product of a deliberate ruling class policy

2018 පෙබරවාරි 9

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක කතු වැකියක් .... එක්සත් ජනපද ජනයාගේ ජීවිත අපේක්ෂාව පහත වැටෙමින් තිබේය යන සිත් කම්පා කරවන යථාර්ථයට යලියලිත් අවධානය කැඳවා තිබේ. “එක්සත් ජනපද සෞඛ්‍යය පහත වැටීම: පීඩනකාරී ජිවන තත්වයන් සහ ඒවා පසුපස පවත්නා පිලිවෙත්” යන මැයින් කලින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් නමින් දන්නා ලද (බීඑම්ජේ), සඟරාවේ බදාදා පලවූ ලිපිය පදනම් ව ඇත්තේ රෝග පාලනය සහ වැලැක්වීමේ ඇමරිකා එක්සත් ජනපද කේන්ද්‍රය (සීඩීසී) විසින් දෙසැම්බරයේ පලකරන ලද වාර්තා මත 2016 පටන් එකදිගට වසර දෙකක් තිස්සේ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහල ගොස් ඇති බව හෙලි කිරීම මතය.

කතු වැකියේ කර්තෘවරුන් වන ස්ටීවන් එච්. වුල්ෆ් සහ ලෝඩන් ඒරොන් යන දෙදෙනා ම 2013 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිලිබඳ සංවිධානය ( ඕඊසීඩී) සෙසු රටවල් හා සසඳන කල්හි එක්සත් ජනපදයේ සෞඛ්‍ය තත්වයේ අවාසි සහගත බව පරීක්ෂනයට භාජනය කල, නැශනල් රිසර්ච් කවුන්සිල් ඇන්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිසින් (ජාතික පර්යේෂන සභාව සහ වෛද්‍ය ආයතනය) හි ඒකාබද්ධ මන්ඩලයක සාමජිකයන් ය.

ලෝක බැංකු දත්තයන් අනුව, 1995 දී ඕඊසීඩී රටවල් 35ක සාමාන්‍ය ජීවිතාපේක්ෂා කාලය අවුරුදු 75.5ක් පමන වේ. 2015 දී එය අවුරුදු 80.3 දක්වා ඉහල නැග තිබුනු අතරවාරයේ ඒ අතර එක්සත් ජනපදයේ (එජ) අවුරුදු 78.7 මට්ටමේ ලැග සිටි යේ ය.

ජීවන කාලය අඩු කර දැමීමට හේතු භූත වූ රෝගාබාධ හා හැසිරීම් රටා වෙත යොමු කරන කතුවැකිය ඒවාට බලපාන සමාජ සහ ආර්ථික සාධක ද දක්වා සිටියි. එයින් ඉස්මතුවන්නේ උග‍්‍රවන සමාජ අසමානතාවයෙන්ද, ව්‍යසනකාරී සෞඛ්‍ය අර්බුදයකින්ද, ආයුඅපේක්ෂාව සිතා මතාම පහත හෙලමින්, මහාසමාගම් වල ලාභය වැඩි කර ලන ආන්ඩු පිලිවෙතකි.

එජ මරන වලට හේතුවන කරුනු අතර මුල්තැන් ගන්නේ ඔපියොයිඩ් වසංගතය, මධ්‍යසාර අපභාවිතය සහ දිවි නසාගැනීම් වේ. 2000 හා 2014 අතරතුර සමයේ මරනීය ලෙස මත්ද්‍රව්‍ය පමන ඉක්මවීම් අනුපාතය සියයට 137කින් ඉහල ගිහින් තිබුනි. 2015 දී පමනක් ම 64,000ට අධික සංඛ්‍යාවක් ජනයා ඔපියොයිඩ් මාත්‍රාව වැඩියෙන් ගැනීමෙන් මරනය ට පත්වූවෝ ය. මෙය වියට්නාම් යුද්ධයේදී මියගිය ඇමරිකානු භට සංඛ්‍යාව ඉක්මවයි. සියදිවි හානිකරගත් සංඛ්‍යාව 1999-2014 සිත් කම්පාකරන සියයට 24කින් ඉහල නැගුනි.

“සිත් කලකිරීම” නිසා ඇතිවන මරන සංඛ්‍යා අනුපාතය ඉක්මවා බලපා ඇත්තේ සුදු ඇමරිකානු ජාතිකයන්ට ය. මෙයට වයස 25-59 අතර වැඩිහිටියන්ද, සීමිත අධ්‍යාපනයක් ලැබුවන්ද, ගැහනුන් ද ඇතුලත් වේ. ඝෝර ම වැඩිවීම් සිදුවී ඇත්තේ ගම්බද ප‍්‍රදේශ වල ය.

සුදු, මැදිවිය වැඩිහිටියන්ද, සමහර ගම්බද ප‍්‍රජාවන්ද අතර මරන අනුපාතයේ වැඞීම ඉහල යාම, පවතින්නේ මන්ද යන්න ගැන කතුවැකිය ශඛ්‍ය සාධක ගනනාවක් ඉදිරිපත් කරයි. ඒවා සියල්ල පන්තිමය හේතුන් ය. ඒවාට ඇතුලත් වන්නේ, “කර්මාන්ත සමග ඒවා මත රැඳුනු ප‍්‍රාදේශීය ආර්ථිකයන් බිඳවැටීම, සමාජ ඒකාබද්ධතාවය බිඳ වැටීම සහ සමාජ හුදෙකලාව උග‍්‍රවීම, ආර්ථික බැරිඅමාරුකම, සිය මාපියන් භුක්තිවිඳි සුරක්ෂිත තාවය නැතිවයාම ගැන සුදු කම්කරුවන් අතර තැවිල්ල යානාදියයි.

2013 විනිසුරු මඬුල්ල විසින් සොයගනු ලැබුවේ “ඇමරිකානුවන් බොහෝ අංශ වල, දරු උපත්, තුවාල, මිනීමැරුම්, බාලවියේ ගැබ්ගැනුම, එච්අයිවී / ඒඩ්ස්, තරබාරුබව, දියවැඩියාව, සහ හෘදය රෝග යනාදී බොහෝ අංශවල වඩා පහත් සෞඛ්‍ය මට්ටමකට වැටී තිබෙන බවය. වැඩි කැලරි ආහාර ගැනීම්, මත්ද්‍රව්‍ය, ගිනිඅවි අයිතිය යනාදියේ දී අනර්ථ හැසිරීම් වලට වැටීම වැඩි බවය.

එවන් හැසිරීම් “හීන සමාජ සුභසාධන ආධාර සහ පූර්න සෞඛ්‍ය රක්ෂනය නැති කමට” බැඳී තිබෙන බව කතුවැකිය පෙන්නුම් කරයි. කම්කරුවන්ගේ ද ඔවුන්ගේ පවුල් වලද ජීවිත සම්බන්ධයෙන් ගත් කල්හි මෙහි බලපෑම කුමක් ද? එහි අර්ථය වන්නේ ආහාර මුද්දර කැපීම, මුදලින් ලැබෙන සුභසාධන ආධාර කැපීම, ප‍්‍රජා සායන වසා දැමීම හා ද්‍රව්‍ය අපයෝජන සහන වැඩ සටහන් හීනව යාම, සෞඛ්‍ය පහසුකම් අහෝසි වීම සහ / හෝ දැරිය නොහැකි වෛද්‍ය ගාස්තු වල බරයි. මේ සියලූ සාධක සෞඛ්‍ය තත්වයන් දුබල කොට අකල් මරන වලට තුඩු දෙනු ලබයි.

සමාජයක සෞඛ්‍යනය පිලිබඳ මිමි අතරින් ඉතා වැදගත් එකක් වන ආයු අපේක්ෂාව පහත වැටීම පිලිබඳව ට‍්‍රම්ප් පාලනය වේවා ඩිමොක‍්‍රටික් පක්ෂය වේවා එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමක් විසින් මොනම ප‍්‍රතිචාරයක් වත් දක්වා නැත. පසුගිය බ‍්‍රහස්පතින්දා සැන්දෑවේ එජ සෙනෙට් මන්ඩලය සලකා බලමින් සිටියේ යුද වියදම් ඩොලර් බිලියන 305න් ඉහල දමන දෑවුරුදු අයවැය ගිවිසුමකි.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක පෝල් රයන් සිය සතිපතා පුවත් සාකච්ඡාවේදී කියා සිටියේ ආන්ඩුවේ ඉහලයන අයවැය හිඟයට හේතුවන ප‍්‍රධාන සාධකය නම් භූගෝලය පුරා ඇමරිකානු මිලිටරියේ ආක‍්‍රමනය ට වැය කරන පෙන්ටගනයේ යෝධ යුද වියදම් නොව, කම්කරුවන් තමන්ගේ විශ‍්‍රාමයේ දී ද සිය පවුල්වල සෞඛ්‍යය සඳහා ද යොදා ගන්නා - මෙඩි කෙයර් සහ මෙඩිකේඩ් යනුවෙන් වර්ග කෙරෙන සෞඛ්‍ය සහන සමාජ ආධාර, සංරක්ෂන, වියදම් බව ය.

ඩිමොක‍්‍රටික් පක්ෂය 2016 එජ ජනාධිපතිවරනයට රුසියාව අත දැමුවේ ය යන කතන්දරයේ දිගින් දිගටම එල්බ සිටිනා අතර ට‍්‍රම්ප් පාලනාධිකාරය සමාජ වැඩ පිලිවෙත් වලට එල්ල කරන ප‍්‍රහාරය නොනවත්වාම කරගෙන යමින් සිටි. දැරිය හැකි සත්කාරක පනත සහනදායී සත්කාර පනත (ඒසීඒ) ඉවත් කිරීම හෝ එය කප්පාදු කිරීම සඳහා ආදේශකයක් යොදා ගැනීමට කරන ලද නානා ප‍්‍රයත්න අසාර්ථක වූ පසු ධවල මන්දිරය කලේ ඒසීඒ පනතේ පුද්ගලික භාරයන් සංගතවලට වාසි සපයන බදු පෙරලියේ දී ඉවත් කර දැමීමයි. එය ප‍්‍රාන්ත රාජ්‍යවලට ඉඩ දී ඇත්තේ මෙඩිකේඩ් සෞඛ්‍ය ආධාර සඳහා සුදුසුකමක් ලෙස දුප්පතුන් සහ අබ්බගාතවූවන් කලයුතු වැඩ නියම කිරීමට ඉඩ දී ඇත.

ට‍්‍රම්ප්ට, රිපබ්ලිකානුවන්ට හා ඔවුන්ගේ උතුරු කොරියාවට එරෙහි ඝෝෂාවට විරුද්ධව රුසියාවට එරෙහිව යුද්ධයකට ලබා දෙන සහය මිලිටරි-බුද්ධි අංශවල අතිශයින්ම දැඩි නියෝජකයන් ලෙස ඉස්මත්තට පැමින සිටින ඩිමොක‍්‍රටිකයන්ට සෞඛ්‍ය රක්ෂනය සහ ඇමරිකානු කම්කරුවන්ගේ යහපත, තමන්ට අදාල ප‍්‍රශ්නයක් නොවේ.

ඇත්ත වශයෙන් ගතහොත් ඇමරිකානු කම්කරුවන්ගේ සෞඛ්‍යයට එරෙහි යුද්ධය දශක ගනනාවක් තිස්සේ පක්ෂ දෙක ම දැනුවත් මූලෝපායක් ලෙස පවත්වා ගෙන ගොස් ඇත; එය වනාහි සියවස් කාලකට පෙර පටන් කම්කරු පන්තිය ආරම්භකලා වූ සමාජ අරගලයන් මගින් දිනාගත් ජයග‍්‍රහනයන් කපාකොටා, පස්සට තල්ලු කර දැමීමේ ද්විපාක්ෂික කුමන්ත‍්‍රනයකි.

ඔබාමා පාලනය යටතේ, ඒසීඒ පනත ක්‍රියාත්මක කිරීම පාලක පන්තියේ සෞඛ්‍ය සේවාව පිලිබඳ සමාජ ප‍්‍රමිති විප්ලවයේ ප‍්‍රමුඛ වෙඩි මුරයක් වූයේ ය. සෞඛ්‍ය සේවාව පුලුල් කිරීමක් යයි අලෙවි කරනු ලැබූ එය ඇත්ත වශයෙන්ම, ප‍්‍රධානම වෛද්‍ය කර්ම සහ ඖෂධ “අනවශ්‍ය ය” යිද “..සුඛෝපභෝගී යයි ද...” ඒවා කම්කරුවන්ට සම්පාදනය සීමා කිරීම අරමුනු කර ගත්තේ ය. ඒ සමගම, සාර්ව නියමයක් මගින්, එය පුද්ගලයන් සහ පවුල් වල අයට බදු දඩ පැනවීමේ තර්ජන එල්ල කරමින් ඔවුන් තමන්ගේ රක්ෂන ආවරනයන් සෞඛ්‍ය රක්ෂන සමාගම් වලින් මිලදී ගත යුතු යයි නියම කලේ ය.

ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් දෙකොටස ම ඇමරිකාවේ සෞඛ්‍ය වියදම ගැන අධික ලෙස බියට පත් වේ. එහෙත් යථාර්තය නම් සෞඛ්‍ය ආරක්ෂන වියදම් වල ඉහල නැගීම -ඇමරිකානුවෝ වසරකට එක පුද්ගලයෙකුට ඩොලර් 10,000ක සාමාන්‍යයක් වෛද්‍ය වියදම් දරති- කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සෞඛ්‍ය රක්ෂනය සඳහා ද අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර උදෙසා ද වියදම් කිරීමේ ප‍්‍රති ඵලයක් නොවේ. වියදම් ඉහල ගොස් ඇත්තේ එජ ඖෂධ, ප‍්‍රතිකාර ක‍්‍රම සහ රෝහල් ගතවීම් අති මහත් වැඩි හරියක් පෞද්ගලික අංශය ට බාරදී ඇති නිසා ය. රෝහල් ද, ඖෂධ සමාගම් ද ඉහවහායන ගාස්තු අයකර ගන්නා අතර මිලියන ගනන් ජනයා රක්ෂනයක් නැතිව ප‍්‍රතිකාර නොලබා කල් ගෙවති.

පාලක පන්තියට වැඩකරන මිනිසුන්, ගැහැනුන් හා තරුනයින් වැඩි වැඩියෙන් මරනයට පත් වීම “ව්‍යාපාර කිරීමේ වියදමකි.” ඇත්ත වශයෙන්, අඩු වයස් මරන නිසා වැඩිහිටියන් රැක බලා ගැනීමේ වියදම අඩුවන නිසා - කොටස් වෙලඳපොල තුල වැඩියෙන් මුදල් පොම්ප කරගත හැකි ය.

එජ සෞඛ්‍ය සේවාවේ අර්බුදය වනාහි ජාතික හදිසි තත්වයකි. ලෝකයේ පාලක පන්තීහු, එසේ වුවත් සිය රටවල රැකියා සහ සමාජ වැඩ සටහන් නිර්දයව කප්පාදු කිරීමේ දී ආදර්ශය ලෙස ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. මෙම අර්බුදයට මුහුන දීම සඳහා අවශ්‍ය වන්නේ කෝපරේට් මූල්‍ය ප‍්‍රභූවේ ධනයට මුහුනට මුහුනලා ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.

සමාජවාදී සමානතා පක්ෂය මහා සංගත සහ මූල්‍ය වංශාධිපතියේ ධනය ජනසතු කල යුතු යයි කියා සිටි. යෝධ ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය සේවා සමාගම් සමාජ උවමනාකම් මත වැඩ කරන පොදු පහසුකම් බවට පරිවර්තනය කල යුතු වේ. මුදුනේ ඉන්න සියයට එකක් දෙනා අත තනි අයිතිය ලෙස පවත්නා අති මහත් සම්පත් සම්භාරය සියල්ලන්ටම පොදු උසස් සෞඛ්‍ය පහසුකම් සහිත සාර්වත්‍රික සෞඛ්‍යයේ සේවා පද්ධතියකට මුදල් සම්පාදනය කිරීම සඳහා යොදාගත යුතුව තිබේ. සෑම සියලු දෙනාටම ඉහල ගුනාත්මක සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කිරීම වනාහි සකල කම්කරු පන්තියේ මූලික සමාජ අයිතියකි. එය තහවුරු කල හැක්කේ, සියලු වර්ග වල හා ජාතිකත්වයන්ගේ කම්කරුවන් ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකනුවන් යන දෙගොල්ලටම එරෙහිව ලාභ ගරන ධනේශවර පද්ධතියට එරෙහිව අරගලයක් තුල එක්සත් කිරීම මගිනි.

කේට් රැන්ඩෝල්

Share this article: