“අපගේ ප්‍රජාතන්ත්‍රවාදය” යනු කුමක් ද?

What is "our democracy"?

2018 ජුලි 20

ඩිමොක්‍රටික් පක්ෂය නායකත්වය දෙන රුසියානු-විරෝධී උමතුවේ කේන්ද්‍රයේ පවතින්නේ, රුසියාව හා එහි ජනාධිපති ව්ලැදිමීර් පුටින් “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට” තර්ජනය කරන්නේ ය යන්න යි.

ක්‍රෙම්ලිනයේ ප්‍රවීන කුමන්ත්‍රනකරුවා එතරම් මහන්සි වී වලකැපීමට උත්සාහ කරන “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ” දර්ශකයන් මොනවා ද?

අසමානතාව හා කතිපයාධිකාරය

පොලිස් මර්දනය හා සමූහ අත්අඩංගුවට ගැනීම

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” පිරිවැය

මිලිටරි-කාර්මික සංකීර්නය

මැතිවරන හා සංගත විසින් ආන්ඩුව පාලනය කිරීම

සංක්‍රමනිකයන්ට එල්ල කරන ප්‍රහාරය

වාරනය සහ රාජ්‍ය නිරීක්ෂනය

පුටින් මහතා කුමක් කර තිබුනත් ඉහත කැටිකර දැක්වූ කිසිදු කාරනයක් මුල්කරගෙන ඔහුට වරද පැටවිය නො හැකි, “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ” යථාර්ථය මෙය යි. මෙම පිරිහීමේ මූලයක් රැඳී තිබෙන්නේ ධනේශ්වර පද්ධතිය හා පෙර නුවූ විරූ මට්ටම්වලින් සමාජ අසමානතාව වර්ධනය වීම තුල යි.

“අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට රුසියානු මැදිහත්වීම්” අරබයා, පාලක පන්තියේ කොටස් අතර පවතින තිව්‍ර දේශපාලනික කාකොටාගැනීම සනාථ කරන්නේ පාලක පන්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා පෙනී සිටින කිසිදු කොටසක් නැති බව යි. පාලනයේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රම අත්හැර දැමීම කම්කරු පන්තියට තියුනු අනතුරකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත හැකි එකම ක්‍රමය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට හා ධනවාදයට එරෙහි අරගලය යි.

එරික් ලන්ඩන්

Share this article: