සමේ වර්නය අනුව වාර්ගික වර්ගීකරන සිදුකිරීමේ විද්‍යාත්මක පදනමක් නැතැ යි ජානමය අධ්‍යයනයක් පෙන්වා දෙයි

Genetic study demonstrates that racial classification by skin color has no scientific basis

පිලිප් ගුඑල්පා, 2017 නොවැම්බර් 9

Science සඟරාවේ පල කෙරුනු, නව අධ්‍යයනයක් "Loci associated with skin pigmentation identified in African populations” (අප්‍රිකානු ජනයා තුල හඳුනා ගැනුනු සමේ වර්නකය ආශ්‍රිත ස්ථාන (පථ), 2017 ඔක් 12) මිනිස් සමේ වර්නය පාලනය කරන ජානමය යාන්ත්‍රනය පහදා දෙන අතර, සමේ වර්නයට සම්බන්ධ වාර්ගික සංකල්ප හා මානව වර්ගයාගේ එකිනෙකට වෙනස් කාන්ඩ පිලිබඳ උපකල්පිත වර්ග කිරීමට විද්‍යාත්මක පදනමක් නැති බව පැහැදිලි කර යි.

කර්කෂ අප්‍රිකානු හිරුගේ අනතුරුදායක පාරජම්බුල කිරනවලින් ආරක්ෂා වීමේ පරිනාමීය අනුවර්තනය වීමක් ලෙස මුල් මානවයාට කලු හමක් තිබුන බව පිලිගැනීම සම්ප්‍රදායික දෘෂ්ටිය යි. සූර්ය පතනය දැඩි නො වන, අනෙකුත් මහාද්වීප හා වඩා ඉහල අක්ෂාංශ ප්‍රදේශවල පැතිරීමත් සමග හිරුඑලිය යොදා ගනිමින් සම තුල නිපදවෙන, අත්‍යාවශ්‍ය පෝෂනයක් වන විටමින් ඩී විශාල ප්‍රමානයක් නිෂ්පාදනයට ඉඩ දෙන සුදු පැහය වර්ධනය විය. කෙසේ නමුත්, වෙනස් වන හමේ වර්නයන් සමග ජනගහනයේ සැබෑ භූගෝලීය විසිරී යාම මෙම සරල සිද්ධිදාමය සමග හොඳින් පෑහෙන්නේ නැත. නව පර්යේෂනය, මෙම යාන්ත්‍රනය ප්‍රතික්ෂේප නො කරන අතර, වඩා වැඩි සංකීර්න චිත්‍රයක් අනාවරනය කර යි.

මෑතක් වන තුරු ම, වෙනස්වන සාන්ද්‍රතාවන් හා වර්නක මෙලනින් ආකාරයන් නිසා සමේ වර්නයේ විචල්‍යන්ට හේතුවන මූලික සාධක දත් නමුත්, පුද්ගලයෙකුගේ සමේ වර්නය නීර්නය කෙරුනේ කෙසේ දැ යි යන්න පිලිබඳ ජීවවිද්‍යාත්මක පදනම ගැන තිබුනේ ඉතා අල්ප අවබෝධයකි. එමෙන් ම ඉන් බොහොමයක් ම පදනම් කෙරුනේ වෙනස්කම්වල සමස්ත පරාසය පිලිබඳව ඉතා පටු දෘෂ්ටියක් සපයන යුරෝපීය ජනසංඛ්‍යා අධ්‍යයන මත ය. ජනවර්ගයාගේ උපන් ස්ථානය ලෙස, අප්‍රිකාවට ඉතාමත් විවිධ මානව ජාන එකතුවක් අති අතර (එහි ජනයාට ජානමය විචලනයන්ගේ වර්ධනයට ඉතාමත් දීර්ග කාලය තිබී ඇත), ඒ හේතුවෙන්, සමේ වර්නයට ඇති කරන බලපෑම ඇතුලු ව, ජානමය විචලනය ගැන ප්‍රයෝජනවත් දත්ත සම්පාදනය කල හැකි බව පෙනේ.

එක්සත් ජනපදය හා අප්‍රිකානු රටවල් කීපයක දුසිමකට වඩා එකිනෙකට වෙනස් ආයතනවල ආසන්න වසයෙන් සමසංස්කාරකවරුන් 50ගේ කන්ඩාමක් විසින් කරන ලද, නව පර්ය්ෂනයේ දී යොදා ගැනුනු දත්ත ටැන්සානියාව, ඉතියෝපියාව හා බොට්ස්වානාවේ විවිධ වාර්ගික හා ජානමය පසුබිම්වල 2092ක් වන ස්වේච්ඡා සේවකයන්ගේ අධ්‍යයනයකින් ව්‍යුත්පන්න කර ගැනුනි. ඔවුන්ගේ සමේ වර්නය මැනුනු අතර පුද්ගලයන් 1570ගේ ප්‍රවේනි ද්‍රව්‍ය විශ්ලේෂනය කෙරුනි. මෙහි ප්‍රතිඵලය වූයේ ජානමය කලාප හයක් හඳුනා ගැනීම යි, ඒවා සංයුක්තව, පුද්ගලයෙකුගේ සමේ පැහය නීර්නය කිරීම සමග සැලකියයුතු ලෙස එක්වන්නේ, නිරීක්ෂනය කෙරුනු විචලනයේ සියයට 29ක් සඳහා සාමූහිකව දායක වෙමිනි. එකිනෙකට වෙනස් සමේ වර්නයන් සමග සම්බන්ධිත, සෑම ජාන පථයකට ම, සාපේක්ෂව, වඩා ලා පැහයේ සිට කලු දක්වා දිවෙන වෙනස්කම් ඇත. ඊට පසු, බටහිර අප්‍රිකාව, යුරේසියාව, හා ඔස්ට්‍රෝ-මෙලනීසියන් ජනයා පිලිබඳ ව පවතින දත්ත සමග ප්‍රතිඵල සංසන්දනය කරන ලදී.

හඳුනා ගැනුනු ජාන විසින් පැහදිලි නො කෙරුනු විචලනයන්ගේ සියයට 71ක් මේ දක්වා ප්‍රබල ලෙස පෙන්වා දෙන්නේ, වර්තමාන පර්යේෂනය හෙලි කර ඇතුවාට වඩා සමේ වර්නයේ ජානමය නීර්නය බොහෝ සංකීර්න බව යි. කැපී පෙනෙන ලෙස, ලා පැහැ හා කලු සම සම්බන්ධ විචලනයන්ගෙන් බොහොමයක් අප්‍රිකාවේ දී උත්පාද වී ඇති බව සොයා ගෙන ඇත. අභිජනනයේ දී ඒවායේ ප්‍රේරනය කිට්ටුවෙන් නො බැඳෙන බව අඟවමින්, හඳුනා ගැනුනු ජාන එකිනෙකට වෙනස් වර්නදේහ තුල පිහිටන බව ද සටහන් කිරීම වැදගත් ය.

විවිධ ජානවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කෙරුනේ, ඒවා පරීක්ෂනාගාර මීයන්ට හා සීබ්‍රා මාලුවන්ට හඳුන්වා දෙමින් හා ඒවායේ ප්‍රතිඵල නිරීක්ෂනය කරමිනි.

සෑම එකක් ම විචලනයන් පෙලක් සහිතව බහුවිධ ජාන මගින් සමේ වර්නය පාලනය වන බව සොයා ගැනීම ඒකාන්ත වසයෙන් ප්‍රදර්ශනය කරන්නේ, පුද්ගලයෙකුගේ වර්නනය එකිනෙක සමග අපෝහකව ක්‍රියා කරන, බහුවිධ සාධකවල සංකීර්න මිශ්‍රනයක ප්‍රතිඵලයක් බව යි. සෑම පුද්ගලයෙකුගේ ම බාහිර පෙනුම (රූපානුදර්ශකය) මෙම ජානමය වර්න රුචියක (ප්‍රවේනිදර්ශකයක) සම්මිශ්‍රනයකින් ඇති වන සමබරතාවක ප්‍රකාශනය යි. තව ද, මෙය සරල ආකලන ක්‍රියාවලියක් නො විය හැක. බොහෝ අනෙකුත් ජීවවිද්‍යාත්මක ලක්ෂනයන් සමග මෙන් ම, ඇතැම් ජාන විචලනයන්, තනිව හෝ එක්ව, ආපස්සට යන සුලු යැයි දන්නා ලද, අනෙක්වා මත ඒවායේ පෙනීම ප්‍රමුඛ විය හැක්කේ, ප්‍රතිඵලය ඊටත් වඩා සංකීර්න කරමිනි.

සමේ වර්නය පාලනය කරන ජානමය යාන්ත්‍රනය පැහැදිලි කිරීමට අතිරේකව මෙම විශ්ලේෂනය, මෙම යාන්ත්‍රනයන්ගේ පරිනාමීය ඉතිහාසය තුලට අන්තර්දෘෂ්ටියක් ද සපය යි. අධ්‍යයනයට අනුව, අඩු වසයෙන් ඇතම් විචලනයන් තරමක් පැරනි වන්නේ, වසර සිය දහස් ගනනකට පෙර පරිනාමය වී තිබීමත් සමග ය. වඩා පැහැපත් සමේ වර්නය සමග සම්බන්ධිත විචලනයන් සලකා බලන විට ඉන් 7ක්, වසර 270,000ක් පැරනි වන අතර, හතරක් වසර 900,000ට වඩා පැරනි ය. දෙවන්නේ එක් විචලනයක් සොයා ගැනුනේ යුරෝපීයයන් හා බොට්ස්වානාවේ සාන් දඩයක්කාර-(වනජ ද්‍රව්‍ය) එකතු කරන්නන් තුල ය.

මෙම සොයා ගැනීම් පිලිබඳ සුවිශේෂී ඒවා අතර වන්නේ, මෙම විචලයන් වසර 200,0000 සිට 300,0000ට පෙර සිදුවුනු, නූතන මානවයාගේ සම්ප්‍රාප්තිය සමග සම්පාත වීම යි, නැතහොත් සැලකිය යුතු ලෙස ඊට පෙර දිනක සිදු වීම යි. වෙනත් වචවලින් කියතොත්, සමේ වර්නයේ සංකීර්න විචලනයක් බොහෝ කාලයක සිට මානව පරිනාමයේ කොටසක් වී ඇති බව යි.

තවත් නිගමනයක් වන්නේ අඩු වසයෙන් ඇතැම් සමේ වර්න ජාන කාලයත් සමග සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව යි. වඩාත් ම කලු සම නිපදවා ඇති විචලනයන් තුනක් වඩා ලා පැහැ අනුවාදයකින් පරිනාමය වී ඇති බව පෙනේ. සාපේක්ෂකව මෑත දී යුරෝපය හා මැද පෙරදිග මිනිසුන් අතර උත්පාදිත තවත් විචලනයක්, අප්‍රිකාවට පැතිරී ඇත්තේ, විය හැකි ලෙස මුල් කෘෂිකාර්මිකයන්ගේ සංක්‍රමනයන් සමග සංඝටනය වීමෙනි.

සමේ වර්න විචලනයන්ගේ පුලුල් පරාසයක් මුලින් පරිනාමය වූයේ, එකිනෙකට බොහෝ වෙනස් වරනාත්මක සාධකයන් විසින් බල පෑ, අප්‍රමාන ප්‍රාදේශීය වටාපිටාවන්ට කුඩා මුල් මානව ජනගහනය අනුගත වීමත් සමගනි. නූතන මානවයන්, නියන්ඩතාලයන් හා ඇතම් විට අනෙකුත් ප්‍රාදේශීය ජනයා අතර අන්තරාභිජනනය (interbreeding) ඇතුලුව, වසර සියදහසක් පැතිරෙන, තදනන්තර ජනගහන සංචලන, ජානමය එකතුව සංකලනය කර යලි සංකලනය කලේ, හැම විට ම ඔවුන් වෙලුනු පාරිසරික වටාපිටාවන් හුදෙක් අඩ වසයෙන් පිලිබිඹු කරන, කායික ලක්ෂන පෙලක් නිර්මානය කරමිනි.

අධ්‍යයනයේ එක් කතුවරියක වන, සේරා ටිෂ්කෝෆ් පෙන්වා දෙන පරිදි, අපගේ කිට්ටු ම ජීවමාන ඥාතීන් වන චිම්පන්සීන්, ඔවුන්ගේ කායික ලොම් යටින් ලා පැහ සමක් ඇති අයයි. එබවින්, මුල් මනුජයින් ලා පැහ වූ අතර වඩා කලු සම පසුව වර්ධනය වූයේ, ඔවුන් වනාන්තර ප්‍රදේශවලින් සවනා තෘන බිම්වලට පැමිනීමත් සමගිනි.

සමේ වර්නය මත ජානමය පාලනයේ විවිධත්වයෙහි අර්ථය වන්නේ මෙම සාරභුතව ම මතුපිට ලක්ෂනය මත පාදක ස්ථාවර ප්‍රවර්ග නොමැති බව යි. ලෝකය පුරා දැන් පවතින සමේ පැහයේ අප්‍රමාන පෙල හුදෙක් පිලිබිඹු කරන්නේ, වසර මිලියන ගනනාවක් තිස්සේ මානව පරිනාමය නියෝජනය කෙරුනු නිරතුරුව වෙනස්වන විචලනයන්ගේ මොහොතකි.

බොහෝ අනෙකුත් විද්‍යාත්මක අධ්‍යයනයන් මෙන් ම, මෙම මෑත ම පර්යේෂනය තහවුරු කරන්නේ මානවයන් අතර වර්ගය පිලිබඳ සංකල්පය කිසිදු වෛෂයික ජීවවිද්‍යාත්මක පදනමක් නැති සමාජ නිර්මානයක් බව යි. බුද්ධිය වැනි අනෙකුත් ලක්ෂන සමග සංඝටිත, පැහදිලි සමාජ සමූහනයේ ලකුන ලෙස සමේ වර්නය දකින අය, දැනුවත් ව හෝ නො දැනුවත් ව සමකාලීන මානවයන් අතර පවතින විශාල පරාසයක විචලනයන් නො තකා හරිති. Science සඟරාවේ පල කෙරුනු අධ්‍යයනය බලගතු ලෙස ප්‍රදර්ශනය කරන්නේ, පුද්ගලයෙකුගේ සමේ වර්නය මත ජානමය පාලනය අත්‍යන්තයෙන් ම සංකීර්න බවත්, එමෙන් ම, එබැවින්, අතිසරල වර්ගීකරනයන්ට යටත් නො වන බවත් ය.

කෙසේ නමුත්, එය සමාජමය මිස ජීවවිද්‍යාත්මක නො වුනත්, වර්ගවාදයට වෛෂයික පදනමක් නැතැ යි නො කිය යුතු ය. ධනේශ්වර සමාජය තුල වාර්ගික, මානවවංශීය, ආගමික, මෙන් ම වාග්විද්‍යාත්මක වෙනස්කම් පාලක පන්තිය අත ආයුධයක් වී ඇත්තේ ද දිගට ම පවතින්නේ ද පන්ති පාදක මර්දනයේ දී කම්කරු පන්තිය බෙදා තැබීමට ය.

Share this article: