එජ ශ්‍රේෂ්ඨාධිකරනයේ ප්‍රතිගාමීත්වයේ දිනයක්

A day of reaction at the US Supreme Court

2018 ජූනි 5

ගබ්සාව සඳහා ප්‍රවේශවීමට, රඳවාගෙන සිටින සංක්‍රමනිකයන්ගේ අයිතීන්ට, සහ සමලිංගික පුද්ගලයින්ගේ සිවිල් අයිතීන්ට එරහිව ප්‍රහාරයන් එල්ල කරමින්, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ඊයේ ප්‍රතිගාමී තීන්දු දෙකක් ප්‍රකාශයට පත්කලේය.

පලමුවෙන් “අසාර් ට එරහිව ගාර්සා” නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, (සිර කඳවුරු වල) රඳවා සිටින බාලවයස්කාර සංක්‍රමනික කාන්තාවකගේ ගබ්සා කිරීමේ අයිතිය පිලිගනිමින් පහල අධිකරනයක් විසින් ලබා දී තිබුන තීන්දුව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරනය ඒකමතිකව ඡන්දය ලබා දුන්නේය. ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම් කරන ලද විනිසුරුවන් හතර දෙනාම, තරුන සංක්‍රමනිකයන්ට ගබ්සාව සඳහා පහසුකම් ලබාදීම අහුරාලන ට්‍රම්ප්ගේ පිලිවෙතට අවසර දෙන නියෝගයට පක්ෂව ඡන්දය භාවිතා කලේය.

මෙම පිලිවෙතට පක්ෂව කතා කරමින්, සරනාගතයන් නැවත පදිංචි කිරීමේ කාර්යාලයේ අධ්‍යක්ෂක ඊ ස්කොට් ලියොඞ්, පැවසුවේ සරනාගතයන් රැඳවීමේ මධ්‍යස්ථාන වලට “රැකවරනය සලසන ස්ථාන ලෙස ක්‍රියාත්මක වන අතරදීම ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මක වන ස්ථානයක් විය නොහැකි” බව සහ “අපිට ජීවිතයක් විනාශ කිරීමට වඩා ජීවිතයක් ආරක්ෂාකර ගැනීම තෝරා ගැනීමට සිදුවෙන” බවයි. මෙහිදී ඔහු සඳහන් කලේ, සංක්‍රමන නිලධාරීන් රටපුරා ඇති රැඳවුම් මධ්‍යස්ථාන වලදී ක්‍රමානුකූලව ලිංගිකව සහ ශාරීරිකව ලමයින්ද ඇතුලත්ව සංක්‍රමනිකයන්ව අපයෝජනය කල බව පෙන්වන මෑත කාලීන වාර්තා පිලිබඳව නොවේ.

මාස්ටර් පීස් කේක්-ෂොප් ලිමිටඩ් ආයතයනයට එරහිව කොලරාඩෝ සිවිල් අයිතීන් පිලිබඳ කොමිසම නඩුවට අදාලව ලබාදුන් දෙවැනි තීන්දුවේදී, කොමිසම විසින් බේකරි හිමියාගේ “නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ” අයිතීන් උල්ලංඝන කර ඇතැයි 7 ට 2ක් වශයෙන් අධිකරනය තීන්දු කලේය. ඒ බේකරි හිමියා, සමලිංගික යුවලකගේ මංගල උත්සවය සඳහා කේක් සෑදීම ප්‍රතික්ෂේප කිරීම කොමිසම විසින් අනුමත කල නිසාය. රිපබ්ලිකන් පාක්ෂිකයන් පස් දෙනෙක් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දෙදෙනෙක් (එලන් කේගන් සහ ස්ටෙපන් ජී බ්‍රේයර්) ප්‍රාන්තයේ සිවිල් අයිතීන් පිලිබඳ කොමිසම මගින් තමන් වෙනස්ව සැලකීමට ලක්වූවේය යන බේකරිකරුවාගේ තර්කය පිලිගත්තෝය.

ව්‍යාපාර හිමියන් හට සමලිංගික පාරිභෝහිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීමට හැකියැයි මෙම තීන්දුව විශේෂයෙන් ප්‍රකාශ නොකලත්, වෙනස්ව සලකන්නාගේ “අයිතිය”, වෙනස්ව සැලකීමට ලක්වීමට එරහි පුද්ගලයන්ගේ අයිතීන් සමග සසඳා බැලිය යුතුයැයි යන හාස්‍ය ජනක නීතිය එය විසින් ස්ථාපිත කරයි. “කොලරාඩෝ නීතියට සමාජයේ අනෙකුත් අයට ඇති නීති හා රෙගුලාසි යටතේම නිෂ්පාදන හා සේවා මිලට ගැනීමට හැකි වන පරිදි සමලිංගික පුද්ගලයන්ව ආරක්ෂා කිරීමට හැකි අතරම නීතිය, ආගම සම්බන්ධයෙන් අපක්ෂපාතී වන ආකාරයකින් යෙදවිය යුතුයැයි” තීන්දු කරමින් අධිකරනය බේකරිකරුවාගේ පූර්ව විනිශ්චය කලු ජාතික විරෝධී සහ යුදෙව් විරෝධී අගතියකට සමාන කිරීම පිලිබඳව අධිකරනය කොලරාඩෝ සිවිල් අයිතීන් පිලිබඳ කොමිසමට දෝශාරෝපනය කලේය.

“කැමති ආගමක් ඇදහීම නිදහස” නමැති වේශය (ජනතාව මත අගතිය සහ පසුගාමීත්වය පැටවීම සඳහා ආගමික දක්ෂිනාංශය විසින් දීර්ඝ කාලීනව යොදාගත් බොරුව) යටතේ මෙම නඩු තීන්දුව, ශේෂ්ඨාධිකරනය විසින් 1964 දී කැට්සන්බැක් එරහිව මැකලන්ග්, හාර්ට් ඔෆ් ඇට්ලැන්ටා මොටෙල් එරහිව එක්සත් ජනපදය, යන නඩු වලදී, අප්‍රිකානු ඇමරිකානු පුද්ගලයන්ට සේවා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තමන්ට ඇති අයිතිය සිවිල් අයිතීන් පනත මගින් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කල වර්ගවාදී ව්‍යාපාර හිමියන්ට, එරහිව ලබාදුන් තීන්දු යටපත් කරයි.

මෙම තීන්දු දෙකම, ඉතා දක්ෂිනාංශික ආගමික සහ විදේශික භීතියෙන් පෙලෙන ඇමරිකානු පාලක පන්තියේ කොටස් වලට ධෛර්යය ලබාදෙන ට්‍රම්ප් පරිපාලනය ලැබූ විශාල ජයග්‍රහනයන්ය. ට්‍රම්ප් පරිපාලනය “දමනය කිරීමක්” වෙනුවට අධිකරනය ජනතාව අතර වඩාත්ම අවදානමට ලක්ව සිටින කොටස් වලට එරහි ට්‍රම්ප්ගේ කුරිරු ප්‍රහාරයන් අනුමත කර ඇත.

2017 දෙසැම්බරයේදී ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ට්‍රම්ප්ගේ ආගමන සීමා කිරීමේ වැඩපිලිවෙල, එයට එරෙහි නඩුවිභාග අවසන් වනතෙක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දුන්නේය. අප්‍රියෙල් මාසයේදී එය පොලිස් වෙඩික්කරුවන් සඳහා නීතියේ මුක්තිය වැඩිකල අතර, මැයි21 වනදා එය, තමන්ගේ හාම්පුතුන්ට එරහිව පන්ති ක්‍රියාමාර්ගික නඩු පැවරීමට මිලියන ගනනක් කම්කරුවන්ට වූ අයිතිය විනාශ කර දැමුවේය. පසුගිය අඟහරුවාදා අර්කන්සාස් හී ඖෂධ යොදා ගනිමින් සිදුකරන ගබ්සාවන් වලක්වන නීතියකට අභියෝග කිරීමක් පිලිනොගැනීමට අධිකරනය එකඟ විය.

අධිකරනයේ සිටින ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් රඟ දක්වන භූමිකාව විසින්, ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්දය දීම හරහා අධිකරනය වමට තල්ලු කල හැකිය යන තර්කය සියවන වතාවටත් බිඳ දමයි. 2017 දී ලබා දුන් තීන්දු වලින් සියයට 55කට වඩා වැඩි ප්‍රමානයක, අධිකරනයේ වඩාත්ම “ලිබරල්” විනිසුරු ලෙස හඳුන්වන රූත් බැඩර් ගින්ස්බර්ග්, අති දක්ෂිනාංශික ක්ලැරන්ස් තෝමස් සිටි පැත්තම ගත් බව ස්කොට්ස්බ්ලොග් විසින් සම්පාදනය කල සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.

එක දේශපාලන පක්ෂයක් තුල හෝ ආන්ඩුවේ කුමන හෝ ශාඛාවක් තුල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් කිසිදු අනුග්‍රහයක් නැත. 2000 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මැතිවරනයේ ජය රිපබ්ලිකන් පක්ෂ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හට බාර දීමේ ශේෂ්ඨාධිකරන තීරනයට ඉතා ආසන්නයේදී wsws ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නොර්ත් මෙසේ ලිවීය:

අධිකරනයේ තීන්දුව හෙලිදරව් කරනු ඇත්තේ ඇමරිකානු පාලක පන්තිය, සාම්ප්‍රදායික ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය සම්මතයන් බිඳීම තුල කොපමන දුරක් යාමට සූදානම්ද යන්නයි. ඡන්ද වංචාවන්ට සහ ඡන්ද මර්දනයට සහ අශෝබන නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග හරහා පැමින සිටින අපේක්ෂකයකු ධවල මන්දිරය තුල ස්ථාපනය කිරීම අනුමත කිරීමට එය සූදානම්ද?

සමාජ අසමානතාවයේ අසීමාන්තික වර්ධනය දෙසට යොමු වෙමින් නොර්ත් තව දුරටත් මෙසේ පැවසීය:

දේශපාලන ආකෘතීන් සහ සමාජයේ පන්ති ව්‍යුහයන් අතර සම්බන්ධතාවය සංකීර්න දයලෙක්තික ස්වරූපයක පවතී. නමුත් දීර්ඝ කාලීනව, බහුලව පැතිරුනු සමාජ අසමානතාවය විසින් නිර්මානය කෙරුනු සමාජ ආතතීන් සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රීය ආකෘතීන් තුල තබා ගත නොහැකි ලක්ෂයක් පැමිනෙයි. ඇමරිකානු සමාජය එම ලක්ෂයට පැමින ඇත.

මෙම රෝග විනිශ්චය සනාථ වී තිබේ. අහස උසට නගින සමාජ අසමානතාවය සහ 2001 සැප්තැම්බර් 11 සිදුවීම් වලින් පසුව ස්ථිර යුද රාජ්‍යයක් ස්ථාපනය කිරීම වැනි තත්වයන් යටතේ, අනවරත යුද්ධයන්, ඝාතනයන්, සංස්ථාපිතයන්ට විවිධ වාසි සැපයීම් සහ විශාල ඔත්තු බැලීම් සහ වාරනයන් පවත්වාගෙන යමින්, එක්සත් ජනපදය අතිවිශාල අපරාධකාරී මෙහෙයුමක නිරතව සිටී.

මෙම ක්‍රියාවලිය තුල, දේශපාලන සංස්ථාපිතයේ, අධිකරන, මාධ්‍ය, ප්‍රධාන පක්ෂ දෙක, වෘත්තීය සමිති සහ ඇකඩමියාව ඇතුලත් සියලුම නිල ආයතන වල දුස්සහාය විසින් තියුනු දේශපාලනික, සංස්කෘතික සහ බුද්ධිමය පිරිහීමක් නිර්මානය කොට ඇත. මෙම පරිහානියේ නිෂ්පාදිතයක් වන ඃමීටූ උද්ඝෝෂනය “කාන්තා අයිතීන්ගේ” වේශයෙන් චූදිතයා සඳහා සාධාරන අධිකරන ක්‍රියාවලියක් ලබා දීම අහෝසි කිරීම ඉල්ලා සිටියි. ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ මිලියන ගනනක් කම්කරු පාන්තික කාන්තාවන් හට ගබ්සා කිරීමේ අයිතිය ක්‍රියාකාරීව අහිමි කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදක්වමිනි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, “වෙන්ව නමුත් සමානව” යන වාර්ගික හුදකලා කිරීම අවසාන කිරීම, සහ ගබ්සා කිරීමේ අයිතිය ද ඇතුලත් 20 වන ශතවර්ෂයේ සිවිල් අයිතීන් ව්‍යාපාරය විසින් දිනාගත් කිසිදු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිලාභයක් ස්ථිර නොමැත. ඩිමොක්‍රටික් පක්ෂය එහි මැතිවරන මූලෝපාය විවිධ “අනන්‍යතාවන්ට” කරන කැඳවුම් මත පදනම් කරගෙන සිටියත් , මෙම ආරක්ෂනයන් (ට්‍රුම්ප්ගේ අන්ත දක්ෂිනාංශික උපදේශක) ස්ටෙපන් මිලර් ට සහ මයික් පෙන්ස් (උප ජනාධිපති) හට, රුසියාවට එරහිව ඉලක්ක කරගත් වඩා රනකාමී විදේශ පිලිවෙතකට හිලව් වශයෙන් ඉතා කැමැත්තෙන් විකුනා දමනු ඇත.

පාලක පන්තිය පාලනයේ ඒකාධිපති ස්වරූපයන් වෙත හැරී ගනිත්ම, කම්කරු පන්තිය සහ තරුනයන් අතර වෙනත් ක්‍රියාවලියක් දිගහැරෙමින් පවතී.

ඇමරිකාව තුල සහ ලෝක පරිමානව නැගී එන වැඩවර්ජන, උද්ඝෝෂන සහ විරෝධතා මාලාවක් තුල කම්කරුවන් සහ තරුනයන්, දශක ගනනාවක් පුරාවට වෘත්තීය සමිති විසින් කෘතීමව යටපත් කර ඇති සමාජ දුක්ගැනවිලි මතු කරමින් සිටී. විශාල වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ගුරුවරුන් විසින් සිදු කල උද්ඝෝෂන, පාසල් වල සිදු කරන වෙඩි තැබීම් වලට එරහිව කරන උද්ඝෝෂන සමග එක්විය. ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් වැනි දැඩි ලෙස සංක්‍රමනිකයන් සිටින ප්‍රදේශ වල කම්කරුවන වර්ජන සටන වලට එලඹීමට අනුමැතිය දී තිබෙන්නේ පිටුවහල් කිරීමෙන් ආරක්ෂා වීම සඳහා වන ඉල්ලීම් මතු කරමින්ය.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වල ආරක්ෂාව පලල් සහයක් දිනා ගනු ඇත්තේ මෙම ව්‍යාපාරය තුලය. කම්කරු පන්තිය ඒත්තු ගැන්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වල ආරක්ෂාවට ඔවුන්ගේ සහය වැදගත් යන්න පමනක් නොව, වඩා වැදගත්ව ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කම්කරු පන්තියට වැදගත්ය යන්නත් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි.

කම්කරුවන් තමන්ගේ පන්ති සතුරාට, තමන්ගේ සංක්‍රමනික සහෝදරයන් සහ සහෝදරියන් අත්අඩංගුවට ගැනීමේ සහ පිටුවහල් කිරීමේ බලය හෝ කම්කරු පන්තියේ ශ්‍රේනීන් වාර්ගික, ජාතික, ලිංගික හෝ ලිංගික යොමුව යන රේඛා ඔස්සේ බෙදා වෙන්කිරීමේ බලය පවරා නොදිය යුතුයි. ලෝකයේ වඩාත් බලවත් සංගත සහ ආන්ඩු වලට එරහිව පැනනැගීමෙට නියමිත සටන් වලදී කම්කරුවන් මෙහෙයවිය යුත්තේ “එක අයෙකුට වන හානිය සියල්ලන්ට වන හානියකි” යන මූලධර්මය මගින්ය. සමාජ අසමානතාවයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහ ධනේශ්වර පද්ධතියට එරහි පොදු සටනක් තුල ලෝකය වටා සිටින බිලියන ගනනක් වන කම්කරුවන්ට එකතු විය හැක්කේ මෙම පදනම මත පමනක්ය.

එරික් ලන්ඩන්.

Share this article: