ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමේ සිඩ්නි රැලිය: වැදගත් ඉදිරි පියවරකි

The Sydney rally to defend Julian Assange: An important step forward

2018 ජුනි 18

ජූනි 17වැනි ඉරිදා, විකී ලීක්ස් කර්තෘ ජූලියන් අසාන්ජ් වහාම හා කොන්දේසි විරහිත ව නිදහස් කර ගැනීමේ අරගලය වෙනුවෙන් සිඩ්නි නගරයේ නගරශාලා චතුරශ්‍රයේ දී පෙලපාලියක් පවත්වන ලදී. ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්‍යාලයේ සිර කර තැබීමෙන් අසාන්ජ් මුදා ගැනීමට හා ඔහුට නිරුපද්‍රිතව ඕස්ට්‍රේලියාවට ආපසු ඒමට ආරක්ෂාව සලසන ලෙස රැලිය අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඕස්ට්‍රේලියානු ආන්ඩුවට කියා සිටියේ ය.

රැලිය හඳුන්වා දෙනු ලැබුවේ ද එහි මුලුසුන ගත්තේ ද සමාජවාදී සමානතා පක්ෂයේ දීර්ගකාලීන නායිකාව වන ලින්ඩා ටෙනෙන්බෝම් විසිනි. සසප ජාතික ලේකම් ජේම්ස් කෝගන්, මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂයයෝ සංවිධානයේ ඉව්රිම් යැස්ජින්, මහජන අධ්‍යාපනය සඳහා කමිටුවේ ජාතික කැඳවුම්කරු වන සූ පිලිප් යන අය රැස්වීම ඇමතූහ. එය සමාප්ත කෙරුනේ ජූලියන් අසාන්ජ් හා මාධ්‍යයේ නිදහස සඳහා සටනේ උට්ඨානවත් සටන්කරුවෙකු වී සිටින, සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු මෙන් ම වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකු ද වන ජෝන් පිල්ගර්ගේ බලගතු කථාවකිනි.

රැලිය පදනම් කෙරුනේ අසාන්ජ් ආරක්ෂා කර ගැනීම; යුද්ධය, සමාජ අසමානතාව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරවල හේතුව වන, මර්දනකාරී ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලය සමග වෙන් කල නො හැකි ලෙස බැඳී ඇතැ යි යන දේශපාලන මූලධර්මය මතය.

රැස්වීමට සහභාගී වූ බොහෝ ශිෂ්‍යයෝ හා කම්කරුවෝ ඇතුලුව සිය ගනනක් ප්‍රේක්ෂකයෝ ප්‍රබල ලෙස කථිකයන්ට අත්පොලසන් දුන්හ. ඔවුන් සහභාගී වූයේ සංස්ථාපිත මාධ්‍යයේ සම්පූර්න මග හැරීම ද අසාන්ජ්ගේ ආරක්ෂාව වෙතට වන මුලුමහත් නිල දේශපාලනික පද්ධතියේ සතුරුකම ද නො තකා ය.

රැලිය ආරම්භ කරමින් ටෙනෙන්බෝම් මෙසේ පැවසුවා ය, “සමාජවාදී සමානතා පක්ෂය මෙම රැලිය සංවිධානය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට, එනම් මහජනතාවට තොරතුරු සැපයීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය, ඔවුන්ගේ භාෂන නිදහසේ අයිතිය, සෑම අයෙකුම සත්‍ය දැන ගෙන සිටීමේ අයිතිය වෙනුවෙන් කැපවුනු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය තුල මෙන් ම ජාත්‍යන්තරව සියලු දෙනා එකට එක්කරනු ඇති බලගතු ආරක්ෂක උද්ඝෝෂනයක් සඳහා සටන ආරම්භ කිරීමට යි. මේවා බොහෝ අතිමූලික ස්වභාවයක ප්‍රශ්න යි. සත්‍ය, විකී ලීක්ස් හා ජූලියන් අසාන්ජ් මර්දනය කිරීම අත්වැල් බැඳගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීම සමගිනි.”

තම කතාවේදී, ජේම්ස් කෝගන් පැවසුවේ , “මනුෂ්‍යතත්වයේ අතිමහත් බහුතරයේ සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වඩා බලගතු අරගලයක කොටසක් වන බැවින් මෙම රැලිය කම්කරු පන්තියට තීර්නාත්මක” වූ බව යි.

“සම්පූර්න රටවල් න්‍යෂ්ටික අවිවලින් ‘මුලුමනින් ම විනාස’ කරන බව ඇමරිකානු ජනාධිපති අනියම් ලෙස කතා කරන මෙම අවස්ථාවේ”, යුද්ධයේ අනතුරු ගැන වැඩිවන්නා වූ අවබෝධයක් හා උත්සුකයක් කම්කරුවන් හා තරුයනයන් අතර වර්ධනය වෙමින් තිබෙන බව කෝගන් පැහැදිලි කලේ ය.

“සමහර විට ඉතාමත් තීරනාත්මක වැදගත්කම වන්නේ, ලෝක ප්‍රතිගාමිත්වයේ හා ධනේශ්වර පරිහානියේ අපිකේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල කම්කරු පන්තිය හා තරුනයන් අරගලයට අවතීර්න වෙමින් සිටීම යි” කෝගන් පැවසී ය.

“කම්කරු පන්තිය පිලබඳ ඔවුන්ගේ බිය වටහා ගැනීමෙන් තොරව, විකීලික්ස් හා අසාන්ජ් නිහඬ කිරීමට වන ඇමරිකානු පාලක ප්‍රභූවේ අධිෂ්ඨානය යමෙකුට වටහා ගත නොහැක. ධනේශ්වර පාලක පන්ති හා එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ඔවුන්ගේ නියෝජිතයෝ අන්තර්ජාලය කම්කරුවන් හා සාමාන්‍ය මහජනතාවට සපයන ශක්තියට බිය වෙති.

“විකල්ප විශ්ලේෂන හා ප්‍රවෘත්තිවලට; තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවට; ජාතික දේශසීමා හරහා දේශපාලනිකව එක්සත් වීමට: එනම් ජාත්‍යන්තර බලවේගයක් ලෙස එකට එකතු වීමට එය ඔවුන්ට මාවත පාදනවා.”

“පසු ගිය සති තුන තිස්සේ මෙම රැලියට ද, ජූනි 19වැනිදා සිදුවන නිසල විරෝධතාවට ද අප ගෙන ගොස් ඇති ප්‍රචාරය සමග ඕස්ට්‍රේලියාව හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය තුල විකී ලීක්ස් හා අසාන්ජ් වෙනුවෙන් ඇති සහයෝගයේ තරම අපි හෙලිදරව් කලා” යැයි ඔහු පැවසී ය.

“සංස්ථාපිතය ඔහු අතහැර දමා ඇත. මිලියන ගනනාවක් මහජනයා එසේ කර නැත. අසාන්ජ් අතිමහත් අන්තරායකට මුහුන දෙන විට, ආන්ඩු හා දේශපාලන පක්ෂ දැන් කරන දේ අමතක නො කෙරෙනවා ඇත.”

ජෝන් පිල්ගර් විසින් කරන ලද කතාව, වෘකයන්ට ජූලියන් අසාන්ජ් අත්හැර දමා ඇති, මෙම සියලු දේශපාලකයන්, පුවත්පත් කතුවරන්, මාධ්‍යවේදීන්, හිටපු ලිබරලුන් හා “හිටපු වම්මුන්” පිලිබඳ උග්‍ර හා තීක්ෂන හෙලිදරව් කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ බලගතු ආරක්ෂාවකින් එය සමන්විත විය.

“මම ජූලියන් අසාන්ජ් හොඳට දන්නවා. මම ඔහුට සලකන්නේ කිට්ටු මිත්‍රයෙක්, අසාමාන්‍ය ලෙස නොපසුබස්නා හා ධෛර්යයසම්පන්න පුද්ගලයෙක් හැටියටයි. ඉවරයක් නැතිව, පලි ගන්නා ලෙස, බොරුවල සුනාමියක් වගේ ම ව්‍යාජ හා කෙලසීම් ඔහු ගිලගන්නවා මම දැකලා තියෙනවා. ඔවුන් ඔහු කෙලසන්නේ ඇයි කියලා මම දන්වා.”

“2008දී, විකී ලීක්ස් හා ජූලියන් අසාන්ජ් විනාස කිරීමේ සැලැස්මක්, 2008 මාර්තු 8 දින දරන අතිශය රහස් ලියවිල්ලක දිග හැරුනා. කතුවරුන් වුයේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සයිබර් ප්‍රති-ඔත්තුසේවා ඇගයුම් ශාඛාව යි. ‘විශ්වාසයේ හැඟීම’, එනම් විකී ලීක්ස් ‘ආකර්ෂනයේ කේන්ද්‍රය’ විනාස කිරීම කොතරම් වැදගත් දැ යි එය විස්තරාත්මකව පැහැදිලි කලා.”

“‘හෙලිදරව් කිරීම(හා) සාපරාධී අභිචෝදනා’ වගේම කීර්තියට අනුකම්පා විරහිතව පහරදීලා, මෙය ජය ගන්න පුලුවන් කියලා ඔවුන් ලිව්වා. ඉලක්කය වුනේ විකීලික්ස් හා එහි කතුවරයා මෙන්ම ප්‍රකාශකයා නිශ්ශබ්ද කිරීම හා අපරාධකරුවෙකු කිරීමයි. ඒක හරියට තනි මිනිසෙකු මතත් හරියටම භාෂනයේ නිදහසේ මූලධර්මය මතත් ඔවුන් යුද්ධයක් සැලැසුම් කරනවා වගේ.”

“චරිතය කෙලසීම ප්‍රධාන ආයුධය වනවා ඇති. ඒවායේ ප්‍රකම්ප හමුදා බඳවා ගනු ඇත්තේ මාධ්‍ය තුලින්, පැහැදිලි වාර්තා මගින් අපට සත්‍ය පවසයි කියල හිතන මාධ්‍යවේදීන්. උත්ප්‍රාසය වන්නේ මෙම මාධ්‍යවේදීන්ට කල යුත්තේ කුමක් දැ යි කිසිවකු නො කීම යි. යුද කාලයේ ප්‍රන්සයේ වාඩිලා ගැනීමට ජර්මනියට උදව් කරලා, මග සලසපු විකී ආන්ඩුව නාමයෙන් මම ඔවුන්ට කියන්නේ විකී මාධ්‍යවේදින්.”

පිල්ගර්ගේ “විකී” යාදින්න හොඳින් තෝරා ගැනුනු රූපකයකි, එය අද විශේෂයෙන් ම උචිත ය.

දෙවැනි ලෝක යුද්ධ සමයේ ප්‍රන්සයේ විකී තන්ත්‍රය, නාසි හවුල්කරුවන්ගෙන් සමන්විත විය. අද ඔවුන්ගේ සමානයන් සිටින්නේ ව්‍යාජ වම්මුන් තුල ය. ඔවුහු වෘත්තීය සමිති, ලේබර් පක්ෂය, හරිතයන් හා “ස්වාධීනයන්” සමඟ, දැනුවත්ව ඕනෑම රටක් තුල වසර ගනනාවක් තුල ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට සංවිධානය කල පලමු රැලිය වර්ජනය කලහ.

මෙම බියගුලු සමාජ පරිසරයේ “අනන්‍යතා දේශපාලනය” හා අධිරාජ්‍යවාදයේ උත්සුකයන් අතර සම්බන්ධතාව වෙන කිසිවකින් මෙතරම් හොඳට හෙලිදරව් නො කෙරෙනු ඇත. තමන්ගේ ම ආන්ඩු සමග පෙල ගැසීමට මෙන් ම ධෛර්යයමත් අකටයුතු හෙලි කරන්නාගේ ආරක්ෂාවට මොනයම් ලෙස හෝ සම්බන්ධ නැති බව පෙන්වීමට, ඔවුහු අසාන්ජ්ට එරෙහිව ස්වීඩනයේ දී ගෙතූ, කැත “ස්ත්‍රී දූෂක” මඩ ගැසීම ප්‍රයෝජනට ගත්හ.

මෙම පොහොසත්, ස්වයං-උත්සුක මෙන් ම කම්කරු විරෝධී ස්ථරයට එරෙහිව පිල්ගර් අවධාරනය කලේ “ගිජු බලවතා වගඋත්තර බැඳීමට කැඳවීමේ දී විකීලීක්ස් කර ඇති දේවල වැදගත්කමට සමාන කල හැකි විමර්ශනාත්මක මාධ්‍යවේදයක් මගේ ජීවිතය තුල නො තිබෙනු ඇත. එය, අවසානයක් නැති යුද්ධවලට මෙන්ම ග්‍රෙන්ෆෙල් කුලුනේ සිට ගාසාව දක්වා “නොවැදගත් ජීවිත” බෙදීමට හා පහත හෙලීමට කැපවුනු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අධිරාජ්‍යවාදය හෙලිදරව් කිරීම සඳහා තනි අතක සදාචාරාත්මක තිරයක් පසු පසට තල්ලු කිරීමට යොදා ඇතිවාක් මෙනි.”

රැලිය එකම සිද්ධිය නො වේ. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝකය පුරා ජූලියන් අසාන්ජ්ගේ නිදහස සඳහා සටන වර්ධනය කිරීමට හා ව්‍යාප්ත කිරීමට මෙන් ම සමාජ හා ප්‍රජාතන්ත අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අතිවිශාල සමාජ බලය බලමුලු ගැන්වීමට නොකඩවා සටන් කරන්නේ ය. ඉරිදා රැලිය අවධානරය කලේ එවැනි අරගලයක් ගෙන යා හැක්කේ අධිරාජ්‍යවාද විරෝධී, යුද විරෝධි හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව පමනකි යන කාරනය යි.

ලින්ඩා ටෙනෙන්බෝම්

Share this article: