කම්කරු පන්තිය සහ ආගාමිකයන්ට එරෙහි ගෝලීය යුද්ධය

The working class and the global war on immigrants

2018 ජූනි 21

ඇමරිකා එක්සත් ජනපදය තුලට සරන සොයා පැමිනෙන සංක්‍රමනිකයන් බියවද්දා වැලැක්වීම සඳහා ඔවුන්ගේ දරුවන් උදුරාගෙන, සරනාතයන් අත්අඩංගුවට ගෙන විලංගු දැමූ සිය පිලිවෙත ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලත සහ ලෝක පරිමානව පිලිකුල හා භීතිකාව අවුලවමින් පැතිර යන මහජන කෝපයේ වහ්නිජාලාවකට මුහුනදුන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට සිය පාලනාධිකාරයේ එම පිලිවෙත අහෝසි කරන විධායක නියෝගයක් නිකුත් කිරීමට පසුගිය බදාදා සිදුවී ය.

කූඩු කරනු ලබූ දරුවන් ගේ මේ දර්ශන ලෝකයේ “දියුනු තම ධනේශ්වර රට” යනුවෙන් බොහෝ කාලයක් තිස්සේම හඳුන්වනු ලැබුනු ඇමරිකා එක්සත් ජනපදයේ ම දිගහැරීම වනාහි සාතිශය දේශපාලනමය අර්ථභාරයක් දරන කාරනයකි. ඊට නොඅඩුවැදගත් කමක් දරන කරුනක් නම් ජනාධිපතිවරයා ද ඔහුගේ දෙවෙනියන් ද මේ පිලිවෙත් ආරක්ෂා කිරීම සඳහා උපයෝගී කරගන්නේ කෙලින්ම ෆැසිස්ට් වාග් මාලාවෙන් නයට ගත් භාෂාවෙන් වීමයි. ආගාමිකයන් වනාහි එක්සත් ජනපදයට “වහවැටෙන තිරිසනුන්” යයි නම්කොට ඇත. මේවා බෙහෙවින්ම මතකයට ගෙනෙ’න්නේ ඇඩොල්ෆ් හිටලර් සහ හෙන්රික් හිම්ලර් ගේ කථා ය.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මේ ආඥාව ආගාමිකයන් කෙරේ දක්වන, “බින්දු මාත්‍රයක් වත් නොඉවසන” පිලිවෙතින් පසු බෑමක් පෙන්නුම් කරන්නේ නැත. ලියවිලි නැතිව දේශසීමාව පැන එන්නන් සලකනු ඇත්තේ සතුන් ලෙස ය. ඔවුන් ගෙනෙවුත් තිබෙන පවුල් සිර කඳවුරු වල සිරකර තබාගෙන නඩු පවරා හිරේ දමනු ඇත, නැතහොත් රටින් පිට කරනු ඇත.

ගිය අඟහරුවාදා ආගමන හා රේගු නිලධාරීන් [අයිසීඊ] ඔහයියෝ ප්‍රාන්තයේ මස් ඇසිරීම් කරන කම්හලකට කඩා පැනීම පෙන්නුම් කල අන්දමට එක්සත් ජනපදයේ ගෙස්ටපෝ -වර්ගයේ ආගාමික කම්කරුවන් දඩයම් කිරීම තව තවත් උග්‍ර වෙමින් පවතියි. ආගාමිකයන් 146ක් අත්අඩංගුවට ගෙන පිටුවහල්කරන තෙක් සිර කඳවුරු වලට ගෙනයනු ලැබිනි. මෙවන් කඩා පැනීම් වලදී සිර කල සංඛ්‍යාව දැනටම ගිය අවුරුද්දේ මෙන් හතර ගුනයක් වේ.

එක්සත් ජනපදයේ ආගාමිකයන් ට එල්ල කරනු ලබන ප්‍රහාරය වනාහි යූරෝපයේ ද ඉන් ඔබ්බේ ද රටින්රට දේශපාලනයේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය බවට ආගමනය පත්කොට ඇති ගෝලීය වර්ධනයක කොටසකි.

ගිය බදාදා එක්සත් ජාතින් වාර්ෂිකව පවත්වන ලෝක සරනාගතයන්ගේ දිනය විය. එක්සත් ජාතීන් ප්‍රසිද්ධියට පත් කර තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව යුද්ධය, ප්‍රචන්ඩත්වය, මර්දනය සහ පීඩනයෙන් පලා යන්නට සිදුව ඇති සංඛ්‍යාව 2017 දී මිලියන 69 විය. ඉන් මිලියන 16.2 ක් ම ගිය වසරේ විපතට පත් වූවන් ය. එය වනාහි දිනකට 44,000 බැගින් සිය නිවෙස් වලින්; පලවාහරිනු ලැබූවන් ය.

මේ කෝටි සංඛ්‍යාත මිනිසුන්, ගැහැනුන් සහ ලමයින් පලවා හරිනු ලබන්නේ තමන්ගේ රටවල ට අධිරාජ්‍යවාදය විසින්, සිදුකරනු ලබනා මහා ජන ඝාතනය, ආර්ථික විනාශය, සහ සමාජ විලෝපනය හේතු කොට ගෙනය.

මෙම සරනාගතයන් විසින් මුහුන දෙනු ලබන්නේ තාප්ප, කටු කම්බි, සිරකඳවුරු මර්දනය සහ අහේතුක දෝෂ ආරෝපනයන්ටය.

බදාදා හන්ගේරියාවේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව සම්මත කල නීතියක් මගින් ලියවිලි රහිත ආගාමිකයෙකු හට උදව් කරන ඕනෑම කෙනෙකු සිරගත කිරීමට ඉඩ ලැබෙන අතරම රටේ ව්‍යවස්ථාවේ කෙටුම්පත් කර ඇත්තේ හන්ගේරියාවට “ආගන්තුක ජනගහනයක්” අනුමත කල නොහැකි බවයි.

පෙර පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවල පිලිවෙත් විසින් සකසා දී ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් යුරෝපයේ තවත් රටවල බලය අල්ලාගත් දක්ෂිනාංශික ආන්ඩු - උදාහරනයක් හැටියට පිරී ඉතිරී ගොස් තිබුනු ඇක්වෙරියස් සනම් ජීවිතාරක්ෂක යාත්‍රාවට ඉතාලියට ගොඩ බැසීමට අවසර නුදුන් එරට තරු පහේ-ලෙගා ආන්ඩුව දැනටම රට තුලට පිවිස සිටින දස ලක්ෂ ගනන් සරනාගතයන් අල්ලා පිටමං කිරීමට වැඩ කරමින් සිටි.

ආගාමික ප්‍රශ්නය ද 20 වන සියවසේ ඝෝරතම කුරිරු අපරාධ කල අයගේ [නාසීන් ගේ] භාෂාව කරන අලුත් දක්ෂිනාංශික ව්‍යාපාරයක් පැතිරී යාමද කේන්ද්‍ර කරගත් අර්බුදයකින් ජර්මානු ආන්ඩුව සොලවාලනු ලබා ඇත.

යුරෝපා මහාද්වීපය පුරා, මෙවන් ව්‍යාපාර පැනනැගි අතර එම ආන්ඩු යුරෝපය නම් බල කොටුවේ තාප්ප ඔසොවා ලමින් පවතී.

ට්‍රම්ප් මෙන්ම, මේ දක්ෂිනාංශික යුරෝපිය ආන්ඩු ද ඔවුන්ගේ වර්ගවාදී සහ පරභීතික, ආගාමිකයන්ට සතුරු වූ පිලිවෙත් ඉදිරිපත් කරගන්නේ සිය රටේ-උපන් කම්කරුවන් ගේ රැකියා, වැටුප් ආරක්ෂා කර දීමේ පිලිවෙතක් ලෙස වේ. එයටම ගැලපෙන පරිදි ඔවුහු ආගාමික කම්කරුවන් “අපරාධ” සහ සමාජ පරිහානියේ මුල හේතුවයයි කියා පාති.

මේ තුච්ඡ කතා වලට මොනම සාක්කියක් වත් ඇත්තේ නැත. ඒවා යේ ඉලක්කය වන්නේ ජරපත් අතිමහත් ධනස්කන්ධය ගොඩ ගසා ගෙන ඉන්නා ධනපති පන්තියක් විසින් කම්කරු වැටුප් අත්‍යවශ්‍ය සමාජ සේවා, සහන, ආදිය සඳහා වෙන්කර ඇති රොඩු බොඩු වලට කම්කරුවන් එකිනෙකා කා කොටා ගැනීමට සලස්වා කම්කරු පන්තිය භේද කිරීමය.

හැම රටකම කම්කරු පන්තියේ ජීවන තත්වයන්ගේ අර්බුදයේ හරි මැදින් පවතින්නේ මුල්‍ය වංශාධිපතිය විසින් දැවැන්ත ව ධනය ඒකාධිකරනය කර ගැනීමයි. ගිය අඟහරුවාදා පලකරන ලද වාර්තාවක් පෙන්නුම් කරන්නේ ලෝකයේ ඊනියා “හයි නෙට් වර්ත්” [ඉහල ශුද්ධ වටිනාකම්] සහිත පුද් ගලයන්, එනම් ඩොලර්1 මිලියනයකට වඩා ඉහල ආදායමක් ලබන අය, ලෝක මූල්‍ය කඩා වැටීමේ වසර වූ 2008 සිට මේ වන විට දෙගුනයකට වඩා ඉහල ගොස් තිබෙන අයුරු ය.

එතැන් පටන් ලෝකය පුරාම ආන්ඩු පීලිදෙකක දුවන පිලිවෙතක් අනුගමනය කර ඇත, ඒ පීලිදෙක නම් කම්කරු පන්තිය මතට අති උග්‍ර කඨෝරය කඩා පාත් කිරීම සහ ධනවතුන්ට නිමක් නැති සහනාධාර ලබාදීමයි.

ආගාමිකයන් මතට එල්ල කෙරෙන මෘග සහ නීති විරහිත ප්‍රහාරයන් බැඳී පවතින්නේ සමාජ අසමානතාවේ ඇති මහත් වර්ධනය ද අධිරාජ්‍ය යුද්ධය අබාධිතව උග්‍ර කිරීම ද සමග වේ.

ආගාමිකයන්ට එල්ල කෙරෙන ප්‍රහාරය ගෝලීය ප්‍රපංචයක් ය යන කාරනය විසින් පැහැදිලි කෙරෙන්නේ එම ප්‍රහාරය හුදෙක් ට්‍රම්ප් හෝ ඔහුගේ යුරෝපීය සමසගයන්ගේ ෆැසිස්ට් වාදී දෘෂ්ටිවාදයේ නිර්මානයක් නොවන බවයි. ඒවෙනුවට, එය වනාහි එන්න එන්නම උග්‍රවෙමින් නැගෙන ගෝලීය ආර්ථිකයේ පෙර නුවූ විරු ඒකාග්‍රකරනය සමග ඝට්ටනය වෙමින් යුද්ධය සහ මර්දනය නිර්මානය කරන්නාවූ ධනේශ්වර රාජ්‍ය පද්ධතියේ වෛෂයික අර්බුදයේ හා ඓතිහාසික බංකොලොත් භාවයේ විෂ සහිත ප්‍රකාශනය වේ.

පාලක ප්‍රභුවේ කුමන කොටසක් වුව ආගන්තුක කම්කරුවන් ආරක්ෂා කරනු නැත. ට්‍රම්ප්ගේ පිලිවෙත් කෙරේ පවත්නා මහා ජන කෝපය ට අනුගත වන නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය, දශක ගනනාවක් තිස්සේ ආගාමිකයන්ට එරෙහි නීති සඳහා ක්‍රියාත්මක කල වැඩ පිලිවෙල මගින් හරියටම මේ පිලිවෙත් වලටම පදනම සැකසුවේ ය. මිලියන 2.5 ජනයා පිටුවහල් කිරීම මගින් බරක් ඔබාමා “ප්‍රධාන පිටිවහල්කරුවා” යන නාමය දිනා ගත්තේ ය.

ඩිමොක්‍රටිකයන්ගේ වාම මුහුන යයි කියනු ලබන බර්නි සැන්ඩර්ස්, විවෘත දේශසීමා කෙරේ සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ රටේ උපන් කම්කරුවන්ගේ ජීවන තත්වය ඔසොවාලීමේ මාර්ගයක් ලෙස පිටින් එන කම්කරුවන් පන්න දැමීම උපයෝගී වන බවක් කියා පාමින් මෙමගින් ෆැසිස්ට් දකුනේ ප්‍රතිගාමී තර්කයකට රුකුල් දෙමිනි.

ආගාමිකයන් ද සරනාගතයන් ද ආරක්ෂා කිරීම ට ද - මුලු මහත් ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට සමත් එකම සමාජ බලවේගය නම් තම සාරභුත අවශ්‍යතා හා අයිතීන් අතිශයින්ම පීඩිත ජන ස්තරයන් සමග එක්ව බැඳී තිබෙන්නාවූ පන්තිය වන කම්කරු පන්තියයි. මෑතක ඔහියෝ හි කරන ලද අන්දමේ කඩාපැනීම් වල නපුරු ඇඟවීම් ඇත. යුද්ධසන්නද්ධ පොලිස් බලකායක් පිහිටුවා තිබේ. එයට කර්මාන්ත ශාලාවල සම්පූර්න වැඩ මුර එලියට දැක්කීමට ද, කම්කරුවන් ප්‍රශ්න කිරීමට ද තමන්ට වුවමනා කෙනෙක් උස්සාගෙන යාමට ද බලය ඇත. “අද දින උන්ගේ ඉලක්කය නම් ආගාමික කම්කරුවන්ය. පූර්න ලෙස පෙර දැකිය හැකි තරම් නුදුරේ දී හොඳින් අපේක්ෂා කල හැකි දේශපාලන තත්ව මාරුවකදී ඉලක්ක වනු ඇත්තේ ආන්ඩුව සහ හාම්පුතුන් විසින් “සටන්කාමී” සහ “කලබල කාරයින්” යයි නම්කෙරුනු වුන්ය.

සරනාගතයින් වනාහි ජාත්‍යන්තර ප්‍රශ්නයකි. එය විසඳාලිය හැක්කේ කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලු ගැන්වීම තුලිනි.

වෘත්තිය සමිති නිලධරයන්ගේ ද සහය ඇතිව ලෝකය පුරාම පාලක පන්තීන් විසින් ඉදිරිපත් කෙරුනු ලබන ස්වොත්තම ජාතිවාදයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කල යුතු වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ද අන් සෑම රටකම ද කම්කරුවන් ගෝලීය වශයෙන් චලිත මහා සංගත වලට එරෙහිව සාර්ථක අරගලයක් කිරීමට සමත්වනු ඇත්තේ ඔවුන් සිය අරගලයන් ජාතික දේශසීමා හරහා ඒකාබද්ධ කර ගැනීමට සමත් වුනු තරමටය.

ජන ආගමනය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගතහොත් ධනපති දේශපාලකයන්, පක්ෂ සහ ආයතනයන් විසින් මෙම ප්‍රශ්නය පිලිබඳව පැවතගෙන යනු ලබන සාකච්චාවේ මුලු රාමුවම සම්මුති විරහිතව බිඳ හෙලීම අත්‍යවශ්‍යවේ. ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් භාවය අත්පත් කර ගත හැකි වන්නේ, බලෙන් අල්ලා ගෙන පිටරට යැවීමේ තර්ජනයෙන් තොරව කම්කරුවන්ට ලෝකයේ සෑම පෙදෙසකම තමන්ට රිසි රටක, පූර්න පුරවැසි අයිතියද, වැඩ කිරීමට හා ගමන් කිරීමට අයිතියද සහිතව ජිවත් වීමේ අයිතිය උදෙසා සටන් කිරීම මගින් පමනි.

කම්කරු පන්තිය සහ තරුන ජනයා හැකි තාක් පුලුල් අන්දමින් ආගාමිකයන්ට එරෙහි ප්‍රහාරයට විරුද්ධව, නිවැසි ප්‍රදේශතුල හා රැකියා ස්ථානවල සිරගත කරනු ලැබුවන් නිදහස් කරගැනීමට ද අත්අඩංගුවට ගැනීම් වලක්වාලීමට ද බල කරමින් පෙලපාලි සංවිධානය කල යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය කියා සිටි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝකය පුරා ඉන්න තම සහෝදරවරුන්ද ඇතුලුව ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ ආගාමික කම්කරුවන් මුහුන දෙන අර්බුදයට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විසඳුමක් දිනා ගැනීමට විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය හා ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායික ඉදිරි දර්ශනය මත පාදක වීම උදෙසාය.

බිල් වෑන් ඕකන්

Share this article: