අන්ත දක්ෂිනාංශය ඉතාලියේ දී ජය ලැබුවේ මන් ද?

Why the far-right won in Italy

2018 මාර්තු 7

මාර්තු මස 4වැනිදා ඉතාලියේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයේ ප‍්‍රතිඵල යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. නිල “වමේ” (ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා එහි ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්) ඇද වැටීම, විකට නලු බෙපේ ග‍්‍රිලෝ විසින් නායකත්වය දෙනු ලබන තරු පහේ ව්‍යාපාරය (Five Star Movement) හා පෙර දී ලෙගා නෝර්ඩ් නම් වූ උග‍්‍ර දක්ෂිනාංශික ලෙගා ඇතුලු අන්ත දක්ෂිනාංශයේ මැතිවරන ජයග‍්‍රහනයට මග පාදා ඇත.

ඔවුන්ගේ ගෝසාබදු සමාජ ශුභසාධන පොරොන්දු නො තකා, මෙම අන්ත දක්ෂිනාංශික පක්ෂ, මේ දැන් ඡන්දයෙන් පරාජය කෙරුනු ඩෙමොක‍්‍රටික් පක්ෂයේ කම්කරු විරෝධී ප‍්‍රතිපත්ති වන සරනාගතයන් හා සංක‍්‍රමනිකයන් මත එල්ල කරන ප‍්‍රහාර ආදිය උත්සන්න කරනු ඇත. තම පක්ෂය බලය ගත හොත් සංක‍්‍රමනිකයන් මිලියන බාගයක් පිටුවහල් කරන බව ලෙගා නායක මටේ ඕ සල්විනී මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී පැවසී ය.

අනෙකුත් ලෙගා නායකයින්ට සමේ වර්නය හා ආගම අනුව දුම්රිය මැදිරි වෙන් කිරීමට අවශ්‍ය ය. සරනාගතයන්ගේ ආක‍්‍රමනය හේතුවෙන් සුදු වර්ගයාගේ උපකල්පිත මූලෝත්පාටනය ගැන ඔවුහු ගර්ජනය කරති. මුල දී ප‍්‍රධාන වසයෙන් සංස්ථාපිත පක්ෂවල දූෂන ගැන අවධාරනය යොමු කල එම්5එස්, දීර්ග කාලයක් තිස්සේ සරනාගතයන්ට එරෙහිව උද්ඝෝෂනය කරමින් සිටී.

දීර්ග මෙන් ම සටන්කාමී ෆැසිස්ට් විරෝධී ඉතිහාසයකට හිමිකම් පාන කම්කරු පන්තියක් ඇති, ඉතාලිය තුල එතරම් ආක‍්‍රමනකාරී ලෙස තම හිස එසවීමට අන්ත දක්ෂිනාංශිකයන්ට ඇති හැකියාව තහවුරු කරන්නේ නිල “වමේ” අන්ත බංකොලොත්කම යි. දක්ෂිනාංශික පක්ෂ හඹා යන වර්ගවාදී හා ෆැසිස්ට්වාදී ප‍්‍රතිපත්තිවලට පුලුල් මහජනතාව සහාය නො දක්වති. යන්තම් මැතිවරනයට දිනකට පෙර, වර්ගවාදය හා ෆැසිස්ට්වාදයට එරෙහිව පුද්ගලයෝ 100,000ක් රෝමයේ පෙලපාලි දැක්වූහ. ලෙගා හා එම්5එස් සඳහා ලැබුනු ඡන්දය විශාල වසයෙන් සංස්ථාපිත පක්ෂවලට ඇති වෛරයේ ප‍්‍රකාශනයකි; මෙම පක්ෂ සමාජ ව්‍යසනයනය මත ආධිපත්‍යය දරා ඇති අතර නේටෝව හා යුරෝපා සංගමයේ අතිශයින් නින්දා සහගත යුද ප‍්‍රතිපත්තිවලට සහාය දැක්වූහ.

එක්සත් ජනපදය තුල, ඩෙමොක‍්‍රටිකයන් හා ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට වෝල් වීදිය හා රහස් ඔත්තු ජාලය සමග ඇති කිට්ටු සම්බන්ධතා ට‍්‍රම්ප්ට ධවල මන්දිරයට පැමිනීමට මග පෑදුවේ ය. යුරෝපයේ දී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කම්කරු පන්තිය තුල තම සහාය නැති කර ගෙන ඇත්තේ ඔවුන් නව ලිබරල් ප‍්‍රතිපත්ති හඹා යෑම නිසා ය.

සෑම අවස්ථාවක දී ම, වාසි ලබා ඇත්තේ අන්ත දක්ෂිනාංශය යි. ප‍්‍රන්සයේ දී, ජාතික පෙරමුන (National Front) පසු ගිය මැතිවරනයේ දී දෙවැනි තැනට පැමිනියේ ය; ජර්මනියේ දී, අන්ත දක්ෂිනාංශික අත්‍යන්ත ජාතිකවාදී ජර්මනිය සඳහා විකල්පය (Alternative for Germany) පලමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර, එමෙන් ම, ඔස්ට‍්‍රියාවේ දී, නිදහස් පක්ෂය (Freedom Party) ආන්ඩු බලය බෙදා ගනියි.

නාමික “වාම” පක්ෂවල කම්කරු විරෝධී ප‍්‍රතිපත්ති හේතු කොට ගෙන අන්ත දක්ෂිනාංශයේ වර්ධනය විශේෂයෙන් ම ප‍්‍රකාශ කෙරෙන්නේ ඉතාලිය තුල ය. 1990 ගනන්වලින් පසු, ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ අනුප‍්‍රාප්තික සංවිධාන යලි යලිත් සවිබල ගන්වා ඇත්තේ මූල්‍ය වෙලඳපොලේ උත්සුකයන් හා කම්කරු පන්තියේ කටුක විරුද්ධත්වයට එරෙහි යුරෝපා සංගමයේ කප්පාදු නියෝගයන් ය.

ගෙවී ගිය හය වසර පුරා, අනුප‍්‍රාප්තික අගමැතිවරුන් හතරදනෙකු, එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ අගමැතිවරුන් වූ තිදෙනෙකු වූ එන්රිකෝ ලෙටා, මටෙ ඕ රෙන්සි හා පාවුලෝ ගෙන්ටිලොන් විසින් තල්ලුව දෙන ලද තාක්ෂනධර මාරියෝ මොන්ටි, කම්කරු ව්‍යාපාරයේ ඓතිහාසික ජයග‍්‍රහනයන් හකුලා දමා ඇති අතර සමාජ ප‍්‍රතිලාභ කපා දැමී ය.

මෙම ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාක දිස්වන්නේ ඉතාලියේ විනාසකාරී සමාජ තත්වයන් තුල ය: ජනගහනයෙන් මිලියන 10ක් දරිද්‍රතාවේ ජීවත් වෙති. මිලියන 7.5ක් රැකියා විරහිත හෝ ඌනසේවා නියුක්තිකයන් වන අතර, මිලියන 10ට සෞඛ්‍ය සත්කාර නොමැත. නිල “වම” පතුලේ සිට මුදුනට ආදායම හා ධනයේ නාටකාකාර යලි බෙදාහැරීම මෙහෙය වා ඇත. අද, ජනගහනයේ පොහොසත් ම සියයට 1 දුප්පත්ම සියයට 20ට වඩා 240ස් ගුනයක් තරම් විශාල ධනයකට හිමිකම් කිය යි.

දෙන ලද මුලු ඡන්දයෙන් ආසන්න වසයෙන් අඩක් එක් ව ජය ගත් තරු පහේ ව්‍යාපාරය හා ලෙගා (ව්‍යාපාරය), ආන්ඩුව හා පාලක ප‍්‍රභූවට එරෙහි මහජන කෝපයට ආයාචනා කලහ. පක්ෂ දෙක ම යුරෝපා සංගමයට පහර දුන් අතර, ජතිකවාදය ප‍්‍රචාරය කර සරනාගතයන් ගොදුරු කර ගත්හ. උතුරු ඉතාලියේ පොහොසත් ම ප‍්‍රදේශවල තමන්ට බලකඳුවුරු ඇති ලෙගා, මෙම ගෝසාබදු ඉල්ලීම් බදු කප්පාදු සඳහා වූ ඉල්ලීම් සමග එක්කලේ ය. දරිද්‍රාපන්න දකුනේ වඩාත්ම සාර්ථක වූ තරු පහේ ව්‍යාපාරය, සහතික කෙරුනු මූලික ආදායමක් හා යහපත් විශ‍්‍රාම වැටුප් සඳහා සටන් කිරීමට සපත කොට ඇත (මෙම පොරොන්දු ඉටු කිරීමට එයට අභිප‍්‍රායක් නොමැත)

පොටේරේ අල් පොපොලෝ (මහජනයාට බලය) සන්ධානය ලෙස මැතිවරනයට තරඟ කල, ව්‍යාජ වාම සංවිධාන ද අන්ත දක්ෂිනාංශයේ නැගීමට වගකීම දර යි. මෙම ප‍්‍රවනතා තෙමේ ම “වාම” හා “ධනපති විරෝධී” ලෙස පින්තාරු කර ගන්නා නමුත්, වසර ගනනාවක් පීඩී හා වෘත්තීය සමිතිවල දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට සහාය දී ඇත. පොටේරෝ අල් පොපොලේ සාර්ථකත්වය පිටුපස ගාමක බලය වූ, ඉතාලි කොමියුනිස්ට් පක්ෂය (Rifondazione Comunista), 1990 ගනන්වල සිය බලපෑම යොදා ධනේශ්වර ආන්ඩු වලට මුක්කු බලය සැපයූ අතර, අවසානයේ දී රොමානෝ ප්‍රොඩීගේ වෛරයට පාත‍්‍රවුනු මධ්‍යස්ථ-වාම ආන්ඩුවට ඇතුලූ විය.

පොටේරේ අල් පොපොලෝ ආදර්ශයන්ට ස්පාඤ්ඤයේ පොඩෙමොස්, ජීන්-ලූක් මෙලෙන්කන්ගේ නොනැමෙන ප‍්‍රන්සය හා ග‍්‍රීසියේ සිරසා ඇතුලත් ය, යුරෝපා සංගමයේ කප්පාදු පියවර අවසන් කිරීමට පොරොන්දු දෙමින් බලයට පැමිනි සිරිසා, එතැන් සිට තම පූර්වගාමියා වඩා ම්ලේච්ඡ සමාජ ප‍්‍රහාරයන් එල්ල කර ඇත. මෙම පාවාදීම් කම්කරුවන් හා තරුනයන් පසු බස්වා ඇති අතර, සැබෑ මාක්ස්වාදී හා සමාජවාදී විකල්පයක් නැති තැන, මංමුලා සහගත කන්ඩායම් තල්ලු කලේ එම්5එස් හා ලෙගා වැනි පක්ෂවලට ඡුන්දය දීමට ය. මැතිවරනයේ දී, පොටේරේ අල් පොපොලෝ සියයට 1ට වඩා මදක් වැඩියෙන් ඡන්ද ගත්තේ ය.

ඉතාලියේ නිල “වමේ” හා එහි ව්‍යාජ-වාම අනුබද්ධවල ඇද වැටීම අවධාරනය කරන්නේ අන්ත දක්ෂිනාංශයේ වැඞීම මෙන් ම පාලක ප‍්‍රභූව යුද්ධය, ෆැසිස්ට්වාදය හා ඒකාධිපතිත්වයට හැරීම නැවත් විය හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයකට පමනක් ය යක කරුන යි. යුරෝ පයේ මෙන් ම ආසියාව හා එක්සත් ජනපදය තුල වැඩවර්ජන හා කම්කරු පන්තික විරෝධතාවන්ගේ වැඩෙන සංඛ්‍යාව පෙන්වන්නේ ජාත්‍යන්තර ව එවැනි ව්‍යාපාරයක මතුවීම සඳහා කොන්දේසි පැසෙමින් තිබෙන බව යි.

ඉතාලි මැතිවරනය සලකුනු කරන්නේ දේශපාලනික අර්බුදයේ හා පන්ති අරගලයේ නව කාලපරිච්ඡේදයක ආරම්භය යි. මෙමගින් යුරෝපීය සංගමයේ අර්බුදය උග‍්‍ර කර තිබේ. නව ආන්ඩුවක් පිහිටුවීමට මාස ගනනක් ඇදී යා හැක, විය හැකි ලෙස ප‍්‍රතිඵලය නව මැතිවරනයක් ද විය හැක. ඉතාලියේ බැංකු පද්ධතිය මුලුමනිම ඇද වැටීමේ තර්ජනයකට මුහුන දෙයි. පාලක පන්තිය යුරෝපය යලි මිලිටරීකරනයට සහ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත කඩා පැනීමට උත්සාහ කරමින් සිටින අතර දේශපාලනික හා සමාජ විරුද්ධත්වය මහාද්වීපය සිසාර වැඩෙමින් තිබේ.

1930 ගනන්වල ජර්මනිය හා ඉතාලියේ ෆැසිස්ට්වාදයේ නැගීම මධ්‍යයේ ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය, “සමස්තයක් වසයෙන් දේශපාලන තත්වය ප‍්‍රධාන වසයෙන් ගුනාංගීකරනය කෙරෙන්නේ කම්කරු පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදය මගිනි.” මෙය අද ඉතාමත් හදිසි ප‍්‍රශ්නය ලෙස පවති යි.

සෑම දෙයක් ම දැන් රඳා පවතින්නේ ඉතාලියානු, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ඒකාරාශි කිරීමට මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැගීම මත ය. මෙහි අර්ථය වන්නේ ඉතාලිය හා යුරෝපය පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛා ගොඩනැගීම යි.

පීටර් ස්වාෂ්

Share this article: