යුද අපරාධ හා ගැඹුරුවන සමාජ අර්බුද මධ්‍යයේ ඊස්රායලය 70වැනි සංවත්සරය සමර යි

Israel marks 70th anniversary amid war crimes and deepening social crisis

2018 මැයි 14

අද ඊස්රායලය පලස්තීනය තුල යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය සමරයි, එය එවක පලමුවැනි ලෝක යුද්ධයේ දී ඔටෝමන් අධිරාජ්‍යයේ පරාජයෙන් පසු ස්ථාපිත කෙරුන, බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන බලයේ අවසානය සමග සම්පාත විය.

මෙම වසරේ සංවත්සරය සමරනු ඇත්තේ ඊස්රායල් හමුදාවන් විසින් ගාසා දේශසීමාවේ පලස්තීන පෙලපාලිකරුවන් වෙඩි තබා මරා දැමීම හා ඉරානයට එරෙහි යුද උන උත්සන්න කිරීම සමගිනි.

සංවත්සරය වසා පැතිර ඇත්තේ ජෙරුසෙලමේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිල වසයෙන් විවෘත කිරීම මගිනි, ට‍්‍රම්ප් පාලනාධිකාරය විසින් නියෝග කෙරුනු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන එය ඊස්රායලය හා පලස්තීනය අතර ඊනියා “සාම ක‍්‍රියාදාමයේ” හා “රාජ්‍ය දෙකක විසඳුම” පිලිබඳ මිත්‍යාවට අවසන් ඇනය ගසා ඇත.

එය තදින් මිලිටරීකරනය කෙරුනු ගාසා ආරක්ෂක වැටේ තවත් ලේ වැගිරීම් වටයක් සඳහා අවස්ථාව ද වනු ඇත, මෙහි පසු ගිය සති හය තිස්සේ, නිවේදනය කෙරී ඇති “ආපසු පැමිනීමේ ශ්‍රේෂ්ට පා ගමනේ” දී පලස්තීනුවන් දහස් ගනනක් පෙලපාලි දක්වා ඇත. පෙලපාලිකරුවන් 50කු පමන දැනටමත් ඝාතනය කෙරී ඇති අතර දහස් ගනනකට තුවාල සිදු කොට ඇත්තේ, නිරායුද පෙලපාලිකරුවන් වෙඩි තබා මරා දැමීමට ඊස්රායල් හමුදාවන්ට නියෝග කිරීම නිසාය.

විරෝධතා ඉතා ලඟින් බැඳී තිබෙන්නේ ඊස්රායල් රාජ්‍යයේ ආරම්භය හා ඒවායේ ඓතිහාසික ප‍්‍රතිවිපාක සමගිනි. පෙලපාලිකරුවන් ඉල්ලා සිටින්නේ පලස්තීනුවන් නක්බා නමින් හැදින් වූ විනාසයේ දී ඔවුන් පලවා හැරුනු නිවාස හා ගම්වලට ආපසු යෑමේ අයිතිය යි. වර්ගය හා ආගම මත පදනම් වූ යුදෙව් රාජ්‍යයක් ඇටවීමට සැලැසුම් කෙරුනු “වාර්ගික ශුද්ධ කිරීමේ” දැවන්ත ක‍්‍රියාවක් වූ, ත‍්‍රස්තවාදය හා බිය ගැන්විමේ ක‍්‍රමානුකූල ව්‍යාපාරයක් හරහා මිලියන කාලක් පමන පලස්තීනුවෝ ඔවුන්ගේ නිවාස හා ඉඩම්වලින් පලවා හැරුනි.

තම තානාපති කාර්යාලය ජෙරුසෙලමට මාරු කිරීම මෙන් ම ප‍්‍රධාන ලෝක බලවතුන් හා ඉරානය අතර න්‍යෂ්ටික ගිවිසුම ඉරා දැමීම යන වොෂින්ටනයේ ක‍්‍රියා දෙක ම අගමැති නෙතන්යාහුගේ දක්ෂිනාංශික ඊස්රායල් ආන්ඩුව විසින් ප‍්‍රශංසාවට ලක් කෙරුනි. ඒවා මෙම තන්ත‍්‍රයට කොල එලියක් දී ඇත්තේ, පලස්තීන ජනතාව මත ප‍්‍රචන්ඩකාරී මර්දනය දෙගුන කිරීමටත් එමෙන් ම විනාසකාරී කලාපීය ගැටුමකට සර්පිලාකාරීව පැතිරෙනු ඇති ඉරානය සමග ගැටුමක් ප‍්‍රකෝප කිරීමට එල්ල වූ සිරියාව මත මිලිටරි ප‍්‍රහාරයක් දියත් කිරීමටත් ය.

ඊස්රායල් පාලකයින් හිතාමතා ම යුද උන අවුස්සමින් සිටින්නේ ඊස්රායල් සමාජය තුල ගොඩනැගෙමින් තිබෙන අතිමහත් සමාජ ආතතීන් පිටතට හරවා යැවීමට මෙන් ම නෙතන්යාහුගේ සිට පහලට, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම හසු කෙරී ඇති දූෂන සෝලි මාලාවෙන් අවධානය ඉවතට හැරවීමේත් මාධ්‍ය ලෙස ය.

අද දිගහැරෙමින් තිබෙන සිදුවීම්, එනම් තානාපති කාර්යාලය වෙනස් කිරීම පිලිබඳ එක්සත් ජනපද හා ඊස්රායල් නිලධාරීන්ගේ අපරාධකාරී උත්සවය, හා ගාසා-ඊස්රායල් දේශසීමාවේ විනාසයේ නව වටය සලකා බලන විට, ඊස්රායලයේ ආරම්භය හා වර්ධනය සමග බැඳී ඇති විශාල ඓතිහාසික ප‍්‍රශ්නවලට අවධානයක් ඇත්තේ ම නැත. මෙම ප‍්‍රශ්න 20වැනි සියවසේ කම්කරු පන්තියේ ඉරනමට ද විප්ලවවාදී නායකත්වයේ ඓතිහාසික අර්බුදයට ද වෙන් කල නො හැකි සේ බැඳී පවතී.

ඊස්රායල් රාජ්‍ය ස්ථාපිත කිරිමේ පනස්වැනි සංවත්රය යෙදුනු, 1998දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දුන්නේ මෙම මුඛ්‍ය ඓතිහාසික ප‍්‍රශ්න යි.

”ඊස්රායලයේ උපත හා පරිනාමය තුල සංකේන්ද්‍රනය වන්නේ 20වැනි සියවසේ නොවිසුඳුනු මහා ප‍්‍රතිඝතිතාවන් ය. එහි සාරභූත මූලයන් තිබෙන්නේ මනුෂ්‍යත්වයට එරෙහි ඉතිහාසයේ විශාල ම අපරාධයේ, එනම් හොලෝකෝස්ටය තුල යි. අනෙක් අතට, යුරෝපීය යුදෙව්වන් මිලියන හයක් මූලෝත්පාඨනය කිරීම සෝවියට් සංගමය හා තුන්වැනි ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය විසින් ගෙන එන ලද කම්කරු පන්ති ව්‍යාපාරය් අර්බුදය වෙනුවෙන් ගෙවන ලද බියකරු මිල විය. ස්ටැලින්වාදී අපරාධ හා කම්කරු ව්‍යාපාරය මත එහි ආධිපත්‍යය, ෆැසිස්ට්වාදය තුල එහි අවසාන ආරක්ෂක මාවත සොයා ගත්, අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමයට අවසානයක් තැබීමෙන් කම්කරු පන්තිය වැලක්වී ය.

”කම්කරු පන්තියේ පරාජයන්, ස්ටැලින්වාදයේ අපරාධ හා හොලෝකෝස්ටයේ භීෂනයන් ඊස්රායලය නිර්මානය කිරීම හා සියොන්වාදය ලෝක යුදෙව් ප‍්‍රජාවට සමාන කිරීමේ සියොන්වාදී ව්‍යාපරයේ සාර්ථක උත්සාහයන්ට කොන්දේසි නිර්මානය කලේ, එක්සත් ජනපදය හා ස්ටැලින්වාදය විසින් දෙන ලද සහාය මගිනි. එය අවසානයේ දී අධෛර්ය කිරීම හා මංමුලාව මත පදනම් කෙරුන ව්‍යාපාරයක් ද රාජ්‍යයක් ද විය. ස්ටැලින්වාදී පවාදීම් ලෝකය පුරා යුදෙව් කම්කරුවන්ට එවැනි බලගතු ආයාචනයක් කර තිබූ සමාජවාදී විකල්පය පිලිබඳ කලකිරීමක් ඇති කලේ ය. ජර්මානු ෆැසිස්ට්වාදයේ අපරාධ ගෙන හැර දැක්වුනේ යුරෝපය හෝ නැත්නම් කොහේ හරි යුදෙව් විරෝධය යටත් කර ගැනීමට අපහසු බවට අවසන් ඔප්පු කිරීමක් ලෙසට ය. සියොන්වාදයේ උත්තරය වූයේ රාජ්‍යක් හා හමුදාවක් රැුගෙන යුදෙව් ජනයාගේ ඓතිහාසික මර්දකයින් ඔවුන්ගේ ම තරඟයක දී පරාජය කිරීම යි.

”මෙම යෝජිත විසඳුමේ ඛේදනීය උත්ප‍්‍රාසය වන්නේ (චිරාගත මෙන් ම ඓතිහාසිකව ඉවසීම හා නිදහසට සම්බන්ධ) යුදෙව් ජනතාවගේ ඊස්රායලය සමඟ සම්බන්ධය තවත් පීඩිත ජනතාවකගේ කෲර මර්දනය සමඟ සම්බන්ධ වීමයි.”

ලෝසවෙඅ විසින් 1998 ප‍්‍රකාශනය ප‍්‍රසිද්ධ කිරීමේ තැන් සිට 20 වසර තුල ඊස්රායල් සමාජය තුල උග‍්‍ර ප‍්‍රතිඝතිතාවන් ගැඹුරු වී ඇතිවා පමනි. 1967 සිට ඊස්රායලය විසින් වාඩිලා ගැනුනු භූමිභාගයන් හි ( බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, සිරියාවේ ගෝලාන් උස්බිම්) නීතිවිරෝධී සියොන්වාදී ජනාවාසවල ජනසංඛ්‍යාව 160,000 සිට 600,000 දක්වා ඉහල ගොස් ඇත.

ගාසා තීරයෙන් ඊස්රායලය තම හමුදා හා ජනාවාස ඉවත් කල අතර, එය වාඩිලි ගැනුනු භූමි ප‍්‍රදේශයක් ලෙස පවති යි. සත්‍ය වශයෙන් ඵලදායි එලිමහන් සිර කඳවුරක් වන එය මත දේශසීමා, ගුවන් හා නාවික අවකාශ අර්ථයෙන් ගත් විට තෙල් අවිව් ඍජු පාලනයක් ගෙනයයි. සාමාන්‍ය ආදායම දල වසයෙන් කොංගෝවට සමාන වන භූමි ප‍්‍රදේශයක ඊස්රායල නියෝග විසින් දැවන්ත විරක්ෂාවේ හා දරිද්‍රතාවේ කොන්දේසි නිර්මානය කර තිබේ. ඊස්රායල් ආරකෂක හමුදාව සිවිල් වැසියන්ගේ ජීවිත දහස් ගනනක් බිලිගෙන ඇති පුනරාවර්ත යුද්ධ මෙම භූමිප‍්‍රදේශයට එරෙහිව දියත් කර ඇත්තේ, අත්‍යාවශ්‍ය පොදු කාර්ය පද්ධති විනාස කරන අතරතුර ය. මහා ජනඝාතක ව්‍යාපාරයකට ආසන්න ව්‍යාපාරයක් වන මෙය මේ දක්වා ඉදිරියට ඇදෙන්නේ ගාසා තීරයේ පෙලපාලිකරුවන් සංහාරය කරමිනි.

2000 වසරේ සිට බටහිර ඉවුරේ මූර්ත වැටුප් නොනැවත වැටී ඇත්තේ පලස්තීන අධිකාරියේ නාමික පාලනය යටතේ ය, මෙය ඊස්රායල් වාඩිලා ගැනීම වෙනුවෙන් අතිරේක පොලිස් හමුදාවක් ලෙස ක‍්‍රියාත්මක වී ඇත්තේ, පීඑල් ඕ හා ව්‍යාපාරිකයන්ගේ තුනී ස්ථරයක් පොහොසත් කරන අතරතුර ය.

දරිද්‍රතා අනුපාතය සියයට 22ක පවතින්නා වූ ද, (ඊස්රායල-පලස්තීනුවන් අතර දරිද්‍රතා මට්ටම සියයයට 55ක් වන අතර ඊට රටේ ලමුන්ගෙන් තුනෙන් එකක් අයත්) ආර්ථික සහයෝගිත්වය හා සංවර්ධනය සඳහා සංවිධානය (ඔඊසීඞී) තුල වඩාත් සමාජ අසමානතාවෙන් යුත් සමාජික රට වන එක්සත් ජනපදයට පමනක් දෙවැනි වන, ඊස්රායලය තුල ම ද, පන්ති අතතීන් වර්ධනය වෙමින් පවතී.

ඊලට්, හයිෆා හා අෂ්ඩොඩ් වරායවල් වසා දැමීමෙන් පසු ආපසු වැඩට යාමේ උසාවි නියෝගයක් යටතේ ඊස්රායල් වරාය කම්කරුවෝ තම දින තුනක වැඩ වර්ජනය අවසන් කලෝ ය. පසු ගිය දෙසම්බරයේ දී ජානමය ඖෂධ යෝධයෙකු වන ටෙවා සමාගම විසින් තම ශ‍්‍රමබලකායෙන් හතරෙන් එකක් දොට්ට දැමීමේ තීරනයට එරෙහිව ජාතික මට්ටමේ වැඩවර්ජනයක් පැවත් වූ අතර අපද්‍රව්‍ය ට‍්‍රක්රථ ක්නෙස්ට් නම් ව්‍යවස්ථාදායක සභා ශාලාවට ප‍්‍රවේශ වීම අවහිර කරමින්, ජෙරුසලමේ නාගරික කම්කරුවන් ජනවාරි මාසයේ දී වැඩවර්ජනයක් දියත් කලේ විශාල ලෙස දොට්ට දැමීමේ තර්ජනය හා තම වැටුප් ලබා ගැනීමට අපොහොසත් වීමට එරෙහිව ය.

ඊස්රායල් රාජ්‍ය ස්ථාපිත කිරීමෙන් හැත්තෑ වසරකට පසු, අද අන් කවරදාටත් වඩා පැහදිලි වන්නේ ඊස්රායලය හා වාඩිලා ගැනුනු පලස්තීන භූමිප‍්‍රදේශය පුරා කම්කරු පන්තියේ කිසියම් කොටසක් මුහුන දෙන ගැටලූවලට ජාතික විසඳුමක් නොමැති බව යි. සමාජවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් මත කලාපය පුරා යුදෙව් හා අරාබි කම්කරුවන් එක්සත් කිරීමට පමනක් අද ලේවැකි හා වඩ වඩා බියකරු අවුල්ජාලයෙන් පිටවිය හැකි මාවතක් සැපයිය හැක.

බිල් වෑන් ඕකන්

Share this article: