ගාසාවේ සංහාරය හා අධිරාජ්‍යවාදී යුද ප්‍රතිපත්තිය

The massacre in Gaza and imperialist war policy

2018 මැයි 16

ඊස්රායල් ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) නිරායුධ පිරිමි, ගැහනු, හා ලමුන් 60දෙනෙකුගේ සංහාරය ක්‍රමානුකූලව ක්‍රියාවට නැගූ, 2018 මැයි 14වැනිදා, අපකීර්තිමත් දිනයක් ලෙස පවතිනු ඇත. අවසානය දක්වා පැය හතරක්, ඊස්රායල් හමුදා නිරායුධ පලස්තීන පෙලපාලිකරුවන් වෙත ජීව උන්ඩ රවුම් දහස් ගනනක් එල්ල කලේ, පුද්ගලයන් 3,000ට වැඩි සංඛ්‍යාවකට තුවාල සිදු කරමින්, හා ලමුන් අටදෙනෙකු මරා දමමිනි, ඔවුන්ගෙන් ලාබාල ම අයට යන්තම් මාස අටකි.

පලස්තීනුවන් අඟහරවාදා තම මලවුන් භූමදාන කිරීමත් සමග, ඊස්රායලය තම සංහාරය ඉදිරියට ගෙන ගියේ, විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරමින් හා එක් අයෙකු ඝාතනය කරමිනි. ගෙවී ගිය සති හතක කාලය තුල දී, අයිඩීඑෆ් ආසන්න වසයෙන් ජීව උන්ඩ 6,000ක් සමග රබර් උන්ඩ දහස් ගනනක් ද කඳුලු ගෑස් ප්‍රහාර ද එල්ල කලෝ ය. එම කාල පරිච්ඡේදයේ දී, පලස්තීනුවන් 109දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරී ඇත්තේ ඊස්රායල් ඉලක්කයට වෙඩි තබන්නන් විසිනි. හිසට වැදුනු සෑම වෙඩි පහරකට ම ඔවුන් හුරේ දමමින් සිටිනවා පටි ගත කෙරී ඇත.

ඊස්රායල් දේශපාලන සංස්ථාපිතය තුල, හෝලෝකෝස්ටයට ප්‍රතිචාර වසයෙන් ආරම්භ කෙරුනා යයි සැලකෙන රාජ්‍යයක් නාසීන්ට ඔබින ක්‍රියා සිදු කලේ කෙසේ දැයි යන්න පිලිබඳ ව තැතිගැස්සුනු ස්වයං-පිලිබිඹුවක් හෝ විමසීම්වලට වඩා වෙනස් ව මෙම සංහාරය පොලඹවා ඇත්තේ ජනසංහාරයේ විවෘත භාෂාව යි.(?)

“ඊස්රායල් ආරක්ෂක හමුදාවට සෑම අයෙකු ම වෙනුවෙන් ඕනෑ තරම් උන්ඩ තිබේ” යැයි සංහාරයට ප්‍රතිචාර වසයෙන් ව්‍යවස්ථාදායකයේ විදේශ කටයුතු ආරක්ෂක කමිටුවේ සභාපති අවි ඩික්ටර් පැවසී ය.

තෙල් අවිව් භාෂාව හා ක්‍රියා යන දෙකම පැහදිලි හැඟීමක් ලබා දෙන්නේ ඊස්රායල් ආන්ඩුවේ හා මිලිටරියේ විශාල කන්ඩායමක්, 1930ස් ගනන්වල භාෂාවෙන්, පලස්තීන ප්‍රශ්නයට “අවසන් විසඳුමක්” ක්‍රියාත්මක කිරීමට පසුබට නො වනු ඇති බව යි.

එහෙත් ඊස්රායලයට “තමන්ට ම ආරක්ෂා වීමට ඇති අයිතියට” සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කර ඇති සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතික්‍රියා අපරාධය ජාත්‍යන්තරීකරනය කර ඇත. ඊස්රායල් සංහාරයට සුජාතබව දීම මගින් අධිරාජ්‍යවාදී බලවතුන් ම ද එහි හවුල් කරුවන් වී ඇත.

නාසි කාලපරිච්ඡේදයේ ජාත්‍යන්තර සම්බන්ධතා විදහා පෑ ලජ්ජා නැති හා නිහීන බොරු කීම්වලට සමාන දේශනයක දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනී නිකී හලේ මෙසේ ප්‍රකාශ කලා ය, “ඊස්රායලයට වඩා බාධක සමග වැඩ කරන කිසිම රටක් මෙම කාමරය තුල නැත.”

ඈ සංහාරය පින්තාරු කලේ ඉරානය සමග එක්ව වැඩ කරන පලස්තීනුවන්ගේ ම වැරද්දක් ලෙස ය. “මෑත දිනවල දී, ඉරානය අනුබල දෙන හමාස් ත්‍රස්තවාදීහූ ඊස්රායල් ආරක්ෂක හමුදාවන්ට හා පොදුකාර්ය පද්ධතියට එරෙහිව ප්‍රහාරයන් ආරම්භ කර ඇත.”

හලේගේ ප්‍රකාශයන්, විශේෂයෙන් අධම වන අතර, අනෙකුත් අධිරාජ්‍යවාදී ආන්ඩුවල ප්‍රකාශනවලට ගැලපීය. ව්‍යතිරේකයකින් තොර ව, සෑම නිල ප්‍රකාශනයක ම නිරායුධ පලස්තීන සිවිල් වැසියන්ට වෙඩි තැබීම යුක්තිසහගත කිරීමට ඊස්රායලයේ මිනීමරු අගමැති විසින් යොදා ගැනුනු වාක්‍ය ඛන්ඩයේ විචල්‍යයක් ඇතුලත් විය: “ඊස්රායලයට තමන්ට ම ආරක්ෂා වීමේ අයිතිය ඇත.”

ජර්මානු විදේශ අමාත්‍යංශය, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ජීව උන්ඩ යොදා ගැනීම ගැන “උත්සුකය” ප්‍රකාශ කරමින්, පැවසුවේ, පලස්තීන නායකයින් විසින් “සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය” “අනිසි ලෙස පාව්ච්චි නො කල” යුතු බව යි. “ප්‍රචන්ඩත්වය යෙදවීමට” කඩතුරාවක් ලෙස ඔවුන් පෙලපාලි යොදා ගත් බව ඉන් ඇඟවෙ යි.

“ගාසා තීරයේ බලය පවත්වා ගෙන යන අය ප්‍රචන්ඩත්වය ප්‍රතික්ෂේප කල යුතු අතර පලස්තීන අධිකාරිය නැවත වතාවක් ගාසාවේ පාලනය තුල සිටිය යුතු” බව විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් පැවසී ය.

එක්සත් රාජධානියේ අගමැතිනී තෙරේසා මේ මෙම මනෝගතීන් නින්නාද කලේ, මෙසේ ප්‍රකාශ කරමිනි, ගාසාව තුල “අන්තවාදී කන්ඩායම් තමන්ගේ ම අරමුනු ඉදිරියට ගෙන යාමට සාමකාමී විරෝධතා පැහර ගැනීමට ඉඩ ඇති බවට අප උත්සුක ය.”

ඊස්රායල් ක්‍රියා විවේචනය කිරීමට අනෙකුත් නායකයින්ට වඩා දුර ගිය, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන්, තමාගේ “ඊස්රායලයේ ආරක්ෂාවට කැපවීම” තහවුරු කලේ ය.

එක්සත් ජනපදය තුල, සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඊස්රායල් සංහාරය පිටුපස පෙල ගැසුනි. ඊස්රායලය විරෝධතාකරුවන් ඝාතනය කරද්දී පවා, ඩෙමොක්‍රටික් සෙනෙට් සභා සුලුතර නායක චක් ස්ෂූමර් ප්‍රකාශ කලේ, “බොහෝ කල් ඉකුත් වූ පියවරක් ක්‍රියාත්මක කිරීමට, අප අපගේ තානාපති කාර්යාලය ජෙරුසෙලමට මාරු කර ඇත... දශක දෙකකට පෙර මම මෙය ක්‍රියාත්මක කිරීමේ නීතිවලට අනුග්‍රහ දැක්වීමි, එය කිරීම වෙනුවෙන් මම ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රශංසා කරමි” යනුවෙනි.

ඩෙමොක්‍රටික් පක්ෂයේ වාමාංශික නායකයා යයි කියනු ලබන බර්නී සෑන්ඩර්ස්, සඳුදා මැද පෙරදිග සම්බන්ධයෙන් නගර ශාලා සාකච්ඡාවක් පැවත් වූයේ යුද්ධයට පක්ෂ, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංසදයක් ප්‍රමුඛ කර ගනිමිනි.

හිටපු එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකාවක වන, ලාරා ෆ්‍රීඞ්මාන් ප්‍රකාශ කලේ, හමාස් ක්‍රියා “සියල්ල ත්‍රස්තවාදියි, මෙය යුද්ධයේ ක්‍රියාවක්, ආරක්ෂක වැට ලඟ සිටින ඔවුන්, එම වැටට හානිකර, එය උල්ලංඝනය කර ඊස්රායලයට පැමින, තර්ජනයක් වන්නේ නම්, නිරායුධ පුද්ගලයන්ට එරෙහිව මාරාන්තික බලය පාවිච්චි කිරීමේ අයිතිය යුද නීතිය යටතේ අපට තිබේ යයි කීමට ඇතම් විට නීත්‍යානුකූල වන්නා වූ ද, ඇතම් විට නීත්‍යානුකූල නොවන්නා වූ ද අයිතියත් ඊස්රායලයට ලබා දෙන ” බව යි.

එවැනි ප්‍රකාශනයක් බියකරු යුද අපරාධයක් වෙනුවෙන් අතිදුෂ්ට යුක්තිසහගත කිරීමක් යැයි හෙලා දකිනු වෙනුවට, සෑන්ඩර්ස් ඊස්රායලය පිලිබඳ ෆ්‍රීඞ්මාන්ගේ ප්‍රවීනතාවට ප්‍රශංසා කලේ ය, ඇය “උඩයටිකුරව මෙන් ම පැත්තෙන් පැත්තටත්” දන්නා බව ඔහු පැවසී ය.

පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම ඵලදායි ලෙස නීත්‍යානුකූල, ඊස්රායලය පැත්තෙන්, යම් ආකාරයකින් මුලුමනින් ම ආක්‍රමනාකාරී, ස්වයංඅරක්ෂාවේ රූපාකාරයක් යැයි තර්ක කිරීම ඇමරිකානු මාධ්‍ය වාර්තාවල ද අදහස් දැක්වීම්වල ද පැතිරුනි. ගූගල් පවෘත්ති තුල විශාල වසයෙන් ප්‍රචාරය කෙරුනු ලිපියක වොෂින්ටන් පෝස්ට් මෙසේ ලිව්වේ ය, “ඊට පෙර සතිවලට වඩා විරෝධතාවන්ට වැඩි ප්‍රචන්ඩකාරී අරමුනක් ඇති බව පෙනෙන්නට තිබුනි. ඇතම් තරුනයෝ මන්නා සහ වැට කතුරු ගෙන ආහ...කඩා බිඳ දැමීමකට ඉඩ නො දීමට ඊස්රායල් සැඟ වී වෙඩි තබන්නෝ අධිෂ්ඨාන සහගත වූහ.”

සංහාරය ගැන නිව් යෝක් ටයිම්ස් කතුවැකියක් ප්‍රකාශ කලේ, “ගාසාව සමග දේශසීමාව ද ඇතුලුව තම දේශසීමා ආරක්ෂා කර ගැනීමට ඊස්රායලයට සෑම අයිතියක් ම ඇති” බව යි. එය මෙසේ ද පැවසීය, “දූෂිත හෝ ප්‍රචන්ඩ හෝ ඒ දෙකම සහිත මිනිසුන් විසින් බොහෝ කාලයක් නායකත්වය දුන් පලස්තීනුවන් සාමය සඳහා තමන්ගේ ම යහපත් උත්සාහයන් ගැනීමේ දී අසාර්ථක වී යලිත් අසාර්ථක වී ඇත. මේ දැන් පවා, තමන්ගේ විරෝධතාවන් දැඩි ලෙස සාමකාමීව පවත්වනවාට වඩා වෙනස් ලෙස, ගාසාවේ අය ප්‍රචන්ඩත්වයේ පිහිට පතමින් තමන්ගේ ම මාවතේ වල කපා ගනිමින් සිටිති.”

මොන තරම් කුහකත්වයක් ද? මේ සිවිල් වැසියන් එක්කෝ අනතුරේය නැත් නම් අනතුරට පත් වන්නට ඉඩ ඇතැ යි යන පදනම මත එක් යුද්ධයකට පසු තවත් යුද්ධයක් යුක්ති සහගත කර ඇති පත්තරයකි. “සිවිල් ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීමට වග කිව යුතු”, ගිනිය නොහැකි තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම්, බෝම්බ දැමීම, හා යුද්ධ යුක්තිසහගත කිරීමට යොදා ගැනුනු ප්‍රතිපත්තිවලට සිදු වූයේ කුමක් ද?

වසර හතකට පෙර, නිව් යෝක් ටයිම්ස් ලිබියාවේ එක්සත් ජනපද පිටුබලය දුන් තන්ත්‍ර වෙනස යුක්තිසහගත කලේ, “ඔහු නැවත්වීමට යම් මගක් සොයා නො ගන්නේ නම්, ලිබියාවේ කර්නල් මුවම්මර් එල්-ගාඩාෆි බලයේ රැඳී සිටිමේ ඔහුගේ මංමුලාවේ දී තමන්ගේ මිනිසුන් සිය ගනනක් හෝ දහස් ගනනක් හෝ මරා දමනු ඇත” යන පදනම මත ය.

එකී පත්‍රය තමන්ගේ සියලු ටින් කල සදාචාර කෝපය උත්පාදනය කලේ, සම්පූර්න සමාජයක් විනාස කිරීමෙන් අවසන් වුනු, බෝම්බ දැමීමේ උද්ඝෝෂනයක් යුක්ති සහගත කිරීමට සිවිල් වැසියන් “සිය ගනනකගේ” මරන තර්ජනය ම අවස්ථාව කිරීමට ඬේවිඞ් බෘක්ස් හා නිකොලස් ක්‍රිස්ටෝෆ් ඇතුලු තීරු ලිපි රචකයන් සමූහයක් යොදවමිනි. ගාසාවේ ඝාතන පිලිබඳ ඔවුන්ගේ කෝපය කොහිද?

“සදාචාරය හැමවිටම පන්ති සදාචාරය වී ඇති” බවට ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් පැහදිලි කරන ලද මූලධර්මය සම්බන්ධයෙන් ඊට වඩා වැඩි විශාල ආදර්ශනයක් ඇත්තේ නැත. නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ සදාචාරාත්මක කෝපය යොද වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සේවය සඳහා පමනි.

වසර පනස් අටකට පෙර, 1960 මාර්තු 21 දකුනු අප්‍රිකාවේ ෂාර්පස්විල් සංහාරයේ දී වර්න භේදවාදී තන්ත්‍රයේ හමුදා නිරායුධ පෙලපාලිකරුවන් 69දෙනෙකු වෙඩි තබා මරා දැමීම ජාත්‍යන්තර කෝපයකට හා පිලිකුලකට මුහන දුන්නේ ය. මෙම සිදුවීම දකුනු අප්‍රිකාවේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුනු කලේ, ඇමරිකානු මහාද්වීපය සිසාරා මහජනතාවගේ යෝධ පෙරලිකාරිත්වයක් ජනනය කරමිනි. එය වර්නභේදවාදී තන්ත්‍රයේ අවසානයේ ආරම්භය විය.

එම කාල පරිච්ඡේදයේ දී, මහජනතාවගේ නැගී ඒමක් මධ්‍යයේ අප්‍රිකාව, ආසියාව හා මැද පෙරදිග පීඩිත රටවල විජිතහරනය අත්දකිමින් තිබුනි. දැන්, නැවත විජිතකරනය දවසේ පිලිවෙල යි. අධිරාජ්‍යවාදී සියලු ම බලවත්තු නැවත වතාවක් මැද පෙරදිග කැබලි කිරීම මත කෙල හලමින් සිටිති. ඉරානයට එරෙහිව එක්සත් ජනපදය නායකත්වය දෙන ප්‍රහාරයේ කඩ ඇනය සකසන්නේ ඊස්රායලය යි, එමෙන් ම, හලේ තර්ක කල පරිදි, ගසාවේ ඊස්රායල් යුද අපරාධ ආරක්ෂා කිරීම කලාපය තුල ඉරානයේ “අස්ථායිකරන පෙනී සිටීම” පිටුදැකීමෙන් වෙන් කල නො හැක.

පරදුවට තැබෙන්නේ උපායික ප්‍රශ්නයකට වඩා වැඩි දෙයකි. මැද පෙරදිග නව යටත්විජිත කැබලි කිරීම තුල පැටලෙන යුද්ධ විශාල ඝාතන, එමෙන් ම ජනසංහාරවලින් පවා වෙන් කල නො හැකි වනු ඇත. නුදුරු අනාගතයේ දී, සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් ගනන් බලනු ඇත්තේ මැද පෙරදිග හා ඕනෑම තැනක ජනතාව මත ඒ ආකාරයේ ම සංහාර මුදා හැරීමට යි

මාක්ස්වාදීන් හැමවිට ම විදේශ ප්‍රතිපත්ති තුල දැක ඇත්තේ දේශීය පන්ති අරගලයන්ගේ සංකේන්ද්‍රිත ප්‍රකාශනය යි. අද නිරායුධ පලස්තීනුවන්ගේ ඝාතන හෙට වැඩවර්ජනය කරන ඇමරිකානු කම්කරුවන්ගේ ඝාතන වනු ඇත.

විශේෂයෙන් ම, ඊස්රායල් ක්‍රියා යුක්තිසහගත කරන්නේ නම්, මැක්සිකානු දේශසීමාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදා ඇමරිකානු භූමි ප්‍රදේශය දෙසට ඇවිද ගෙන එන සරනාගතයන්ට වෙඩි තැබීම යුක්ති සහගත නො කෙරෙනු ඇති ද? යුරෝපයට පලා එන සංක්‍රමනිකයන් ගිල්වා දැමීමේ දී යුරෝපීය දේශසීමා පොලීසිය යුක්තිසහගත නො කෙරෙනු ඇති ද?

මෙම දෙකට ම උත්තරය සැබිවන් ම ඔව් යනු වනු ඇත. ඊස්රායල් ක්‍රියවන් සාර්වත්‍රික ලෙස ආරක්ෂා කිරීම පැහදිලි කරන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් නිරායුධ සිවිල්වැසියන්ගේ ඝාතන නීත්‍යානුකූල ප්‍රතිපත්ති සමූහයක් ලෙස පිලිගෙන ඇති බව යි.

ආන්ද්‍රේ ඩෙමොන්

Share this article: