වෙල්ත්-එක්ස් වාර්තාවට අනුව, 2017දී බිලියනපතියෝ ඩොලර් ට්‍රිලියන 1.8ක් උපයා ගනිති

Wealth-X report shows billionaires gained $1.8 trillion in 2017

2018 මැයි 21

ඇමරිකානු රූපවාහිනී හා පුවත්පත් ප්‍රේක්ෂකයින් මෙම සති අන්තයේ, බ්‍රිතාන්‍ය වින්සර් මාලිගයේ හැරී කුමාරයා හා ඔහුගේ ඇමරිකානු සහකාරිය වන මෙගාන් මාක්ල්ගේ රාජකීය විවාහ මංගල්‍යයේ බැනර් ශීර්ෂපාඨ හා දවස පුරා කෙරුනු විස්තර ප්‍රකාශන සමගින් ගිල්වා දැමුනි.

විවාහය ඓතිහාසික සිද්ධියක් ලෙස ඉදිරිපත් කිරීමට, ප්‍රධාන මාධ්‍ය ජාල වාර්තාකරුවන් හමුදාවක් යෙදවී ය. සීඑන්එන් එය හැඳින් වූයේ “දීර්ග කාලයක් මතකයේ රැඳෙන විශ්මයට පත් කරන ප්‍රේම සම්බන්ධයක්” ලෙස යි. ඒබීසීය විවාහය හැඳින් වූයේ “ආදර යන්ත්‍රයක්” ලෙස ය. ඒ අතර “නූතන සුරංගනා කතාවක්” යන වාක්‍ය ඛන්ඩය රූපවාහිනී තිරයක පෙනුනි. එක්සත් ජනපදය බිහිවූයේ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහි ප්‍රචන්ඩ අරගලයකින් බව හා එම විප්ලවය, කුලීනත්වය පිලිබඳ ගරු නම් තහනම් කිරීමට ව්‍යවස්ථාවක් සැකසූ බවට මෙම ආවරන ඉඟියක් හෝ ඉදිරිපත් කලේ නැත.

ප්‍රභූතන්ත්‍රය පිලිබඳ ඇමරිකානු මාධ්‍ය සංස්ථාපිතයේ නිහීන යටහත්පහත්කම දක්වන මේ අභිනන්දනය පැහදිලි කල හැක්කේ කෙසේ ද?

එය මුල් බැස ඇත්තේ, ලෝකය මත කතිපයාධිකාරී පාලනයක් පවත්වා ගෙන යන, නූතන මූල්‍ය ප්‍රභූවක් දිගටම පොහොසත් කරන සමාජ අසමානතාවේ විශ්මයකර වර්ධනය තුල ය. සමාජයේ ඉහල ම මුදුනේ ඓතිහාසික ව පෙර නො වූ විරූ ලෙස ධනය සමුච්චය වීම නො වැලක්විය හැකි ලෙස බ්‍රිතාන්‍ය ප්‍රභූත්ව තුල ඊර්ෂියාව උපදවයි. ඇමරිකානු “සමූහාන්ඩුවේ” පාලක ප්‍රභුව හා යහමින් වැටුප් ලබන ක්ෂමාලාපීන් තුල තම ධුරාවලී හා ශ්‍රේනී වරප්‍රසාද පිලිබිඹු කරයි.

2017 wealth tiers within billionaires, Credit: Wealth-X

රාජාන්ඩු ක්‍රමය සඳහා වන මෙම අභිරුචියේ ද්‍රව්‍යමය හා සමාජ පදනම, පසු ගිය සතියේ ප්‍රසිද්ධ කෙරුනු වෙල්ත්-එක්ස් “බිලියනපති” සංගනන (Wealth-X —Billionaire Census) වාර්තාව තුල ලේඛන ගත වී තිබෙනු දක්නට ඇත. බිලියනපතියන්ගේ තුනී ස්ථරයක් ලෝකය පුරා කම්කරුවන් හා දුගී පුද්ගලයන් බිලියන ගනනකගේ වියදමෙන් ගොඩ ගසා ගෙන ඇති ධනයේ ඉමහත් පරිමාව නො කඩවා වැඩි වෙමින් තිබෙන බව එය පෙන්වා දෙයි.

වෙල්ත්-එක්ස් වාර්තාව අනුව, 2016 සිට ලෝක බිලියනපති ගහනය 2,754 දක්වා සියයට 15කින් වැඩි වී ඇති අතර, මොවුන්ගේ ධනය “වාර්තාගත ඩොලර් ට්‍රිලියන 9.2 දක්වා සියයට 24කින් වැඩි වී ඇත.” එය සමස්ත ග්‍රහලෝකයේ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 12කට සමාන ය.

ලෝකය පුරා බිලියනපතියන් තමන්ගේ ධනය වැඩි කර ගෙන ඇතත්, එක්සත් ජනපදය හා ආසියාව තුල කැපී පෙනේ. උතුරු ඇමරිකාවේ බිලියනපතියන් 727ගේ ධනය සියයට 22.8කින් වාර්තාගත ලෙස ඩොලර් ට්‍රිලියන 3.3 දක්වා වැඩි විය, එම අනුපාතය පරාජය කරමින්, ආසියාවේ බිලියනපතියන් 784ක් සියයට 49.4කින් ධනය වැඩිකරගෙන ඇත. 2018දී ඔවුහු එකතුව ඩොලර් ටිලියන 2.4ක් වාර්තා කලහ.

සුපිරි පොහොසත්තු වැඩි කොටස සමපේක්ෂකයෝ ය. ඔවුන් තම ආදායම උපයා ගන්නේ, නිෂ්පාදන ක්‍රියාදාමයට දායක වීමෙන් නොව, සූදුව, හොරකම හා වංචා කිරීමෙනි. සියලු බිලියනපතියන් අතර කොටස් හුවමාරුවෙන් උපයා ගැනුනු සමස්ත ධනයේ පංගුව 2016දී සියයට 32.9 සිට 2017 සියයට 41.5 දක්වා වැඩි වුනි.

ධන පිරිමීඩයේ මුදුනේ ම සිටින පොහොසත් ම බිලියනපතියන් 10ට ඩොලර් බිලියන 663ක් හිමි ය. මේ සෑම අයෙකුට ම “සාමාන්‍ය බිලියනපතියන්ට” වඩා 20 ගුනයක සාමාන්‍ය ශුද්ධ ධනයක් තිබේ. බිලියනපතියන්ගේ වැඩි දෙනා (413) මූල්‍ය, බැංකු හා ආයෝජනවලින් තම ධනය උපයා ගනිති. ඔවුන්, කාර්මික සංගත (380), දේපල වෙලඳාම් (173), නිෂ්පාදනය 167) හා තාක්ෂන (143) සංගත ඉක්මවා ගොස් ඇත.

බිලියනපතියන්ගේ ධනයේ වැඩිවීම ලෝකයේ ආන්ඩු විසින් පනවනු ලබන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය යි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෝල් වීදියේ සාපරාධී ස්වභාවය මූර්තිමත් කරන එක්සත් ජනපදයේ තරම්, සුපිරි පොහොසතුන් විවෘතව දේශපාලන පද්ධතිය පාලනය කරන වෙනත් රටක් ඇත්තේ නැත.

“පාවෙන කොටස් වෙලඳපොල හා ශක්තිමත් සංගත ආදායම්” නිසා එක්සත් ජනපදය තුල, “සීමාන්තික ධනසම්පත් නිර්මානය කිරීමේ නාටකාකාර වර්ධනයක්” ගැන වාර්තාව සඳහන් කර යි. “වසර අවසානයේ ප්‍රධාන බදු සංශෝධන පැකේජයක් ක්‍රියාත්මක කිරීම” මගින් ඇමරිකානු බිලියනපතියෝ වාසි ලබා ගත්හ. පොහොසතුන් සඳහා වූ ට්‍රම්ප් පාලනාධිකාරියේ විශාල බදු කප්පාදු සම්මත කෙරුනේ ඩෙමොක්‍රටික් පක්ෂයේ බැරෑරුම් විරුද්ධත්වයකින් තොරව ය.

Global wealth estimates through 2021, Credit: Wealth-X report

ලෝකයේ ඕනෑ ම රටකට වැඩියෙන් එක්සත් ජනපදය, බිලියනපතියන්ගේ නිවහන වන අතර එය ලෝක මට්ටමේ බිලියනපතියන්ගේ ධනයෙන් සියයට 34ක් හිමිකර ගනියි. නිව් යෝක් නගරය ඉහල බිලියනපති නගරය වන අතර එය බිලියනපතියන් 103කගේ නිවහනයි.

ලෝකයේ “අති ඉහල ශුද්ධ වටිනාකම ඇති” ගහනය ගැන 2017දී, වෙල්ත්-එක්ස් වාර්තාවක් පලකලේ ය, මෙයට ඇතුලත් වන්නේ තම ශුද්ධ ධනය ඩොලර් මිලියන 30 ඉක්මවන පුද්ගලයන් ය. එකී වාර්තාවට අනුව, “අති පොහොසතුන්” (ලෝකය පුරා පුද්ගලයන් 250,00ක්) ඒකාබද්ධව ඩොලර් ට්‍රිලියන 25ක් හිමි කර ගත් අතර, ද්‍රවශීල මුදල් පමනක් ඩොලර් ට්‍රිලියන 6ක් ඊට ඇතුලත් ය.

ලෝක ජනගහනයේ පතුලේ සියයට 90ට හිමි සමස්ත ශුද්ධ ධනය සම කරමින්, අති පොහොසතුන් ඉදිරි පස් වසරේදී තම ශුද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 35 දක්වා තවත් ඩොලර් ට්‍රිලියන 8.5කින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බව, 2017 ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

මෙම ඉතා ඉහල සංඛ්‍යා පවා, තම ධනය ලෝකයේ ආන්ඩු, මාධ්‍ය සංගත, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, විශ්වවිද්‍යාල හා ඔත්තු සේවා ඒජන්සිවලට පරිවර්තනය කරන බිලියනපතියන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ සැබෑ බලය වසන් කර යි.

තාක්ෂන උත්පාතයෙන් ඩොලර් බිලියන ගනන් උපයාගත් ප්‍රධාන බලවතුන්ගේ පාලක පන්ති, දැන් ගූගල් හා ෆෙස්බුක් වැනි තාක්ෂනික සංගත සමග වාමාංශික දෘෂ්ටීන් වාරනය කිරීමට වැඩ කරමින් සිටිති. සංගත මාධ්‍ය විසින් විවේචනාත්මකව සැලකිල්ලට භාජනය නො කෙරෙන ප්‍රවෘත්ති හා තොරතුරු වෙත, බිලියන ගනන් දුගීන් හා කම්කරුවන්ට පිවිසීම සඳහා ජංගම දුරකතන හා අන්තර්ජාලය උපකාරී වනු ඇතැයි ඔවුහු බියවෙති.

කාල් මාක්ස්, Capital(ප්‍රාග්ධනය) කෘතියේ පලමු වෙලුමේ මෙසේ සඳහන් කලේ ය: “එක් ධ්‍රැවයක ධනය සමුච්චගත වීම නිසා, එක් වරම විරුද්ධ ධ්‍රැවයේ, එනම් ප්‍රාග්ධනය ආකාරයෙන් තමන්ම නිෂ්පාදනය කරන පන්තිය පැත්තේ, කාලකන්නිකම, සූරාකෑමේ කටුක වේදනාව, අඥානකම, ම්ලේච්ඡත්වය, මානසික පිරිහීම සමුච්චගත කර යි”. මෙය අද ගෝලීය තත්වය විසින් විෂද ලෙස විදහා දක්වනු ලබ යි.

2017 වැඩිහිටි ජනගහනයෙන් අංශයෙන් මුළු ශුද්ධ ධනය පිලිබඳව ක්රෙඩිට් සූවස් දත්ත

ලෝකය පුරා සංවර්ධිත, ඌන සංවර්ධිත හා අර්ධ සංවර්ධිත රටවල් සෑම එකකම වාගේ, ආන්ඩුවේ තීරන ගැනීමේ ක්‍රියාදාමයෙන් කම්කරු පන්තිය සම්පූර්නයෙන් ම නො තකා හැරේ. බිලියනපතියන්ගේ ධනය වැඩි කිරීමට ආන්ඩු ප්‍රතිපත්ති පැනවීමත් සමගම, පිරිසුදු වතුර, ප්‍රමානවත් වෛද්‍ය උපස්ථානය හා දැරිය හැකි වෛද්‍ය රැකවරන, අධ්‍යාපනය, ආහාර හා නිවාස, රජයේ ප්‍රවාහන සේවා, පොදුකාර්ය පහසුකම් හා සංස්කෘතික අවශ්‍යතා ඉටු නො කර පැහැර හැරේ.

ලෝකයේ පොහොසත්ම පුද්ගලයන්ගේ ධනයේ එකතුවෙන් යන්තම් පහෙන් එකකින්, පහත සඳහන් සමාජ අවශ්‍යතා වහාම විසඳිය හැක:

* එක්සත් ජනපදයේ නිවාස නැති පුද්ගලයන් 634,000ට නිවාස සඳහා ප්‍රතිපාදන: ඩොලර් බිලියන 20

* ලෝකය පුරා මන්දපෝෂනයෙන් පෙලෙන පුද්ගලයන් මිලියන 862ට අහාර සැපයීම සඳහා ප්‍රතිපාදන: ඩොලර් බිලියන 30

* පානීය ජල පහසුකම් නැති මුලු පුද්ගලයන් අඩකින් අඩු කිරීම සඳහා: ඩොලර් බිලියන11

* අධ්‍යාපනයක් නො ලබන සෑම දරුවෙකුට ම අධ්‍යාපනය ලබා දීම සඳහා: ඩොලර් බිලියන 26

* සංවර්ධනය වෙමින් පවතින රටවල සෑම මවකට ම පූර්ව මාතෘ හා දෙමව්පිය රැකවරනය සඳහා: ඩොලර් බිලියන 13

* පුද්ගලයන් මිලියන 4ක මැලේරියා මරන වැලක්වීමේ සත්කාර හා එන්නත් සඳහා: ඩොලර් බිලියන 6

* (එක්සත් ජනපදයේ) ෆ්ලින්ට් හා මිචිගන් නගරවල ආරක්ෂිත හා පිරිසිදු ක්‍රම සමගින් විෂ සහිත ජල පොදුකාර්ය පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා: ඩොලර් බිලියන 1.5හා

* එක්සත් ජනපදයේ මිලියන 3.1ක් වන ගුරුවරුන්ට වහාම ඩොලර් 20,000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමේ මුලු වියදම: ඩොලර් බිලියන 62 සම්පූර්න වියදම: ඩොලර් බිලියන 169.5කි.

රාජකීයත්වය උත්කර්ෂයට නැංවීම අවධාරනය කරන්නේ, එවැනි මට්ටමක ධන සමුච්චයනය හා අසමානතාව පවතින තතු යටතේ සාමාජයට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වා ගෙන යා නො හැකි බව යි. කම්කරු පන්තිය හා ලෝකයේ ස්වභාවික සම්පත් මඟින් නිපදවනු ලබන ධනය සුපිරි පොහොසතුන්ගේ ඉතා ගිජු කෑදරකම සංතෘප්ත කිරීමට ගසා කද්දී කිසිදු සමාජ ප්‍රශ්නයක් විසඳිය නො හැක.

ධනවාදය අවසන් කිරීමට ද සමාජවාදය ස්ථාපිත කිරීමට ද ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පිටත අද සබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැත.

එරික් ලන්ඩන්

Share this article: