අන්තර්වාර මැතිවරනයෙන් අනතුරුව, ට්‍රම්ප් සමග ද්වීපාර්ශවීය එකමුතුව සඳහා ඩිමොක්‍රටිකයෝ කැඳවුම් කරති

After midterm elections, Democrats call for bipartisan unity with Trump

2018 නොවැම්බර් 8

ෆැසිස්ට්වාදී කන්ඩායම් උසිගැන්වීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආගමනික විරෝධී වර්ගවාදයද, රටතුල හමුදාවන් යෙදවීම යුක්තිසහගත කිරීමද මූලික අයිතිවාසිකම් පනතට ප්‍රහාර දීමද යනාදිය අධිකාරිය දැරූ මැතිවරනයෙන් අනතුරුව, ඩිමොක්‍රටික පක්ෂය නියෝජිත මන්ත්‍රී මන්ඩලය තුල යලි බලය තහවුරු ගත් අතර රිපබ්ලිකානුවන් සෙනේට් මන්ඩලය තුල තම පාලනය වැඩි කර ගත්තේය.

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි පැවැති දැවැන්ත මහජන විරෝධතාවන්හි කොන්දේසි යටතේ, සමාජ අසමානතාව, යුද්ධය සහ ආඥාදායකත්වය: යන කම්කරු පන්තියේ කේන්ද්‍රීය උත්සුකයන් පිලිබඳ ප්‍රශ්න සැබවින්ම ඉවත් කරනු ලැබූ දක්ශිනාංෂික උද්ඝෝෂනයක් ඩිමොක්‍රටිකයෝ ගෙන ගියහ. ඔවූහු මැතිවරනයට ප්‍රතිචාරය දැක්වූයේ ද්වීපාර්ශවීය සයයෝගිතාවය සඳහා ට්‍රම්ප්ට ආයාචනය කිරීම මගිනි.

උද්ඝෝෂන තුලදී, මධ්‍යම ඇමරිකාවේ සිට පැමිනෙන රැකවරන පතන්නන්ද, ආගමනිකයන් රඳවා තැබීමේ සිර කඳවුරු ඉදි කිරීම ද, හෝ ජන්ම අයිතියේ පුරවැසිභාවයට එල්ල වූ ප්‍රහාරවලටද එරෙහි ට්‍රම්ප්ගේ දඩයම පිලිබඳව කථා කිරීමට පවා ඩිමොක්‍රටිකයෝ ප්‍රතික්ෂේප කලහ. රුසියාව, ඉරානය සහ චීනයට එරෙහි යුද්ධයේ දිශාවට පරිපාලනය මගින් ඉදිරිපත් කරන නව යෝජනා වන අන්තර් තාපන්‍යෂ්ඨික මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම, ඉරානයට එරෙහි රුදුරු සම්බාධක පැනවීම සහ චීනයට එරෙහි වෙලඳ යුද්ධය උත්සන්න කිරීම මධ්‍යයේ උග්‍ර වෙමින් පවතින යුද අනතුර ගැන ඔව්හු කිසිවක් නොපැවසූහ. ඔවූහු පොහොසතුන් සඳහා ට්‍රම්ප්ගේ බදු කැපීම්වලට එරෙහි තම නාමික විරෝධතාවය අත් හලහ.

ප්‍රතිඵලය බොහෙවින් වර්නන කරන ලද ‘නිල් -රැල්ල ‘නොවූ නමුත්, ඩිමොක්‍රටික් පක්ෂයට අවශ්‍ය වූ දේ ලබා දුනි. එනම් ඩිමොක්‍රටිකයන්ට වඩාත් දායකවීමේ ඉඩ පුලුල් කරමින් ට්‍රම්පට තහවුරු වී ගැනීමට ඉඩ දෙන මැතිවරනයක්. ඡන්දයට පෙරාතු දිනවලදී මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික නායිකා නැන්සි පෙලොසි කී පරිදි මන්ත්‍රී මන්ඩලයට පාලනය ලැබීම නිසා ‘බලපෑම් දැමීමේ ඉඩ‘ පලල්වනු ඇත. රුසියාව සමග වඩාත් ආක්‍රමනකාරී අභිමුඛවීමක්ද සහ සිරියාව සමග පුලුල් යුද්ධයද ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට පීඩනය දැමීමට ඔවූහු මෙම බලපෑම භාවිතා කිරීමට අපේක්ෂා කරති.

වෝල් වීදිය, කොටස් මිල ඉහල යෑම සමග ප්‍රතිඵලය ගැන තම ප්‍රීතිය සංඥා කලේය. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 500 ඉක්මවා යාමත් සමග සියලුම ප්‍රධාන දර්ශක ඉහල ගියේය.

මැතිවරන උද්ඝෝෂනයම උදාහරන සපයන්නේ දූෂනය වූ, උපාමාරු දමනලද සහ ඊනියා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයයි. කම්කරු පන්තියේ සිට කතිපයාධිකාරීන්ට ධනය මාරු කිරීම වඩාත් ඵලදායක ලෙස දිගටම කරගෙන යාමටත් කොන්ග්‍රසයේත් රාජ්‍යය නියෝජිත මන්ත්‍රී මන්ඩලයේත් සේවක පිරිස අලුත් කිරීමටත්, බල තුලනය වෙනස් කිරීමටත් ප්‍රධාන වශයෙන් බිලියනපති කතිපයාධිකාරීන් විසින් සැපයූ වාර්තාගත ඩොලර් බිලියන 5 ක් අන්තර් මැතිවරනය තුල වියදම් කෙරින. සංගත මුදල් වැඩිමනක් රිපබ්ලිකානුවන්ට වඩා ඩිමොක්‍රටිකයින්ට ලැබුනි.

මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත සහ ධනවත් ස්ථර වෙත තම හැඩගැස්ම ගැඹුරු කිරීම සඳහා ඩිමොක්‍රටිකයෝ මැතිවරනය භාවිතා කලහ. ඔවුන් විසින් ලබාගන්නා ලද බහුතරයක් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආසන වරප්‍රසාදිත කොටස් වෙසෙන උප නගර වලින් ලැබිනි. සමහරවිට අලුතින් පත්වූ ඩිමොක්‍රටික කොන්ග්‍රස් සභිකයින් දුසිමක් පැමිනියේ පක්ෂ නායකත්වය විසින් අපේක්ෂකයින් ලෙස බඳවා ගැනුනු හිටපු හමුදා, බුද්ධි අංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තු පුද්ගලයින්ගේ පක්ෂයේ බලඇනියකිනි. මෙම “සීඅයිඒ ඩිමොක්‍රටිකයෝ” පැවැත්වීමට නියමිත කොන්ග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටික දේශපාලන මන්ඩලය වෙනුවෙන් හඬ තලනු ඇත.

එකිනෙකා අතර ඇති මඩගසා ගැනීම් සහ බේගල් මධ්‍යයේ, කම්කරු පන්තිය ආන්ඩුවේ කුමන හෝ ප්‍රතිපත්ති සහ තීරන සඳහා දායකත්වයෙන් මුලුමනින්ම බැහැර කරනු ලැබ ඇත.

බදාදා පුවත්පත් සාකච්චාවක් පවත්වමින් ට්‍රම්ප් පැවසුවේ තම දක්ශිනාංෂික ප්‍රතිපත්තිවල බාල කිරීමක් නොමැති බවයි. “මහජනතාවගේ සතුරකු” ලෙස වාර්තාකරුවකුට පහර එල්ල කල ඔහු ඩිමොක්‍රටිකයින්ට අවවාද කලේ තම මූල්‍ය තත්වයන් පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට තම මන්ත්‍රී මන්ඩලයේ බහුතරය භාවිතා කිරීමට වෑයම් කරන්නේ නම් “යුද්ධයක් වැනි තත්වයක්” මතු වනු ඇති බවයි. ඒ මොහොතේම, පෙලෝසි ගැන ඔජවැඩවූ ඔහු ජනවාරි මස කැඳවීමට නියමිත නව මන්ත්‍රී මන්ඩලයේ කථානායක ලෙස ඇය තෝරා පත් කරගනු ලැබීම සහතික කිරීමට රිපබ්ලිකානුවන්ගේ ඡන්දය ලබාදීමට කැමැත්ත පල කලේය.

අනතුරුව නොපැහැදිලි පුවත්පත් සාකච්චාවක් පැවැත්වූ පෙලෝසි “ද්වීපාර්ශ්වීය” සහ “එක්ව වැඩ කරමු” යන වචන දුසිම් වාරයක් භාවිතා කලාය.

ට්‍රම්ප් සමග සහයෝගිතාව පිලිබඳ ඩිමොක්‍රටික න්‍යායපත්‍රය සහ ඔහුගේ පරිපාලනයේ දක්ශිනාංෂික ක්‍රියාපටිපාටිය තීව්‍රකිරීම පිලිබඳව නිව්යෝර්ක් ටයිම්ස් කතුවැකියක් පල කලේය. “සියල්ලන්ට වෛද්‍ය රැකවරන” සහ ගෙස්ටාපෝ මාදිලියේ ආගමන හා රේගු බලාධිකාර ඒජන්සිය “අහෝසි කිරීම” වැනි ඊනියා “ප්‍රගතිශීලී” ඩිමොක්‍රටිකයින්ගේ පෙරාතු උද්ඝෝෂනය විසින් ඉදිරිපත් කෙරුනු මෘදු ප්‍රතිසංස්කරන පිලිබඳ කථා දැන් නැත. ඒ වෙනුවට, ඩිමොක්‍රටිකයෝ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ ආචාර ධර්ම “ප්‍රතිසංස්කරන,” “විනිවිදභාවය“ සහ එවැනි හිස් වාක්‍යය යි. සිතාසි හා පරීක්ෂා මෙන්ම “දෝ” (දෝෂාභියෝගය”) යන වචනයම නොතකා හැර ඇත. ඒ වෙනුවට ටයිම්ස් සඳහන් කරන්නේ, “ට්‍රම්ප් මහතා සමග සම්මුතියේ මාවත සෙවීම යහපත් ප්‍රතිපත්ති සහ හොඳ දේශපාලනයක් වනු ඇත” යනුවෙනි.

මැතිවරනය විසින් මතු කෙරෙනු කේන්ද්‍රීය ප්‍රශ්නය මෙයයි: කම්කරු පන්තියේ උත්සුකයන්හි ආස්ථානයෙන් ගත්විට, කොන්ග්‍රස් මන්ඩලයේ ආසන යලි සකස්වීම අතිමහත් ලෙස අදාල නොවේ; කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීමකින් පිටස්තරව ධනාත්මක වෙනසක් කිරීම නොහැකිය.

එක් දෙයක් ඒකාන්තයි: ඇමරිකාවේ මිලියන සහ ලොව පරිමාන බිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට බලපාන තීරන ගැනීම් පරපුටු මූල්‍ය කතිපයාධිකාරීන්ගේ අත්හි රඳාපවතිනු ඇත. ට්‍රම්ප් යන ජුගුප්සාජනක පුද්ගලයා මගින් පුද්ගලාරෝපනය වී ඇති බහුමිලියනපතියන්ගේ සහ බිලියනපතියන්ගේ නවීන පන්නයේ ප්‍රභූව, උපායික මාරුවීම් සහ තම අල්ලස් ලද දේශපාලකයින් පුද්ගලයින් ලෙස වෙනස් වීම් නොතකා තම ආත්මාර්ථකාමී සහ සාපරාධී අවශ්‍යතා පිටුපස රුදුරු ලෙස හඹා යති. පන්ති අක්ෂය, මූලෝපායික හැඩගැස්ම සහ අවශ්‍යතාවන් නොවෙනස්ව එසේම පවතී.

ට්‍රම්ප් සහ රිපබ්ලිකානුවන්ගේ තුරුලට මංමුලාසහගතව වඩවඩාත් ඩිමොක්‍රටිකයින්ව ධාවනය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ පන්ති අරගලයේ නව නැගිටීමක මූලික ප්‍රකාශනයයි. මෙම වසරේ දැක ඇත්තේ එජය තුල ප්‍රධාන වැඩවර්ජන සංඛ්‍යාව තෙගුනයකින් ඉහලයාමකි. මෙයට ප්‍රාන්ත පුරා ගුරුවරුන්ගේ වැඩවර්ජනද, හෝටල් කම්කරුවන්ගේ වැඩවර්ජනද, පාසැල් උපදේශකයින්ගේ වැඩවර්ජනද සහ යුනයිටඞ් පාර්සල් සර්විස් හි සිය දහස් සංඛ්‍යත කම්කරුවන් විසින් කොන්ත්‍රාත්තුව ඉවත දැමීමද ඇතුලත් වෙයි. මෙය ජාත්‍යන්තරව වර්ධනය වන වැඩවර්ජන සහ කම්කරු පන්තියේ විරෝධතාවල කොටසකි.

සමාජ අසමානතාවයේ තියුනු ඉහල යෑම් වලින් ධාවනය කෙරුනු වෛෂයික සහ අනිවාර්ය ක්‍රියාදාමය පන්ති අරගලයේ වර්ධනය වන්නේය. මෙම සමාජ අරගල උත්සන්න වනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයට කම්කරු පන්තියට ප්‍රදානය කිරීමට කිසිවක් නැත. එය ඇමරිකානු ධනවාදයේ ප්‍රධාන දක්ශිනාංෂික පක්ෂ දෙකෙන් එකකි. වෝල්වීදිය සහ හමුදා/බුද්ධි අංශ යාන්ත්‍රනයට අමතරව, එහි පදනම වන්නේ ධනයේ වඩා විශාල පංගුවක් සමාජයේ ඉහල සියයට 10 සඳහා කඩාවඩා ගැනීම සඳහා මාධ්‍යයක් ලෙස දකිනු ලබන වාර්ගික සහ ලිංගික දේශපාලනයෙන් ආවේශ වී සිටින ධනවත් ඉහල මධ්‍යම පන්තියයි.

ජාතිකවාදය සහ ස්වෝත්තමවාදයේ දිශාවට කම්කරු පන්තියේ දුගීම කන්ඩායමකගේ වෛරය අවමංගත කිරීමට මාන බලන ට්‍රම්ප් සහ ඔහුගේ නව-ෆැසිස්ට්වාදී සගයින්ට ඩිමොක්‍රටිකයෝ නිදහසේ කටයුතු කිරීමට ඉඩහැර බලා සිටිති.

එකම ප්‍රගතිශීලී විකල්පය වන්නේ සමස්ත දේශපාලන සංස්ථාපිතයටත්, එය ආරක්ෂා කරන ධනපති ක්‍රමයටත් එරෙහිව පන්ති අරගලයේ වර්ධනය හා එහි දැනුවත් බලමුලුගැන්වීමයි.

පුලුල් කම්කරු සහ තරුන ජනතාවක් වමට ගමන් කරමින් අර්බූදයට සමාජවාදී විසඳුමක් සඳහා මාවතක් සෙවීම ඉහල දමා තිබේ. කෙසේ වෙතත්, ඔවුන්ට අඩුවක්ව පවතින්නේ පන්ති අරගලයේ ඉතිහාසය පිලිබඳව පැහැදිලි අවබෝධය නැතිකම සහ කම්කරු පන්තියේ ස්වාධීන ඓතිහාසික උත්සුකයන් පැහැදිලි කරන දේශපාලන වැඩපිලිවෙලක් ය. මෙම වැඩපිලිවෙල කම්කරු පන්තිය තුලට විප්ලවවාදී පක්ෂය එනම් සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ගෙන ආ යුතුයි.

ධනපති ද්වීපාක්ෂික ක්‍රමයේත්, යුද්ධයේ සහ ආඥාදායකත්වයේ අතිමහත් අනතුරේත් ආවෘත අන්තයට පිලිතුර වන්නේ මතුවන මහජන අරගල මෙහෙයවීමට සසප ගොඩ නැගීමයි. මෙම පක්ෂය ගොඩ නැගීමටත් සම්බන්ද වීමටත් කාලය වන්නේ අදයි.

පැට්‍රික් මාර්ටින් සහ බැරී ග්‍රේ

Share this article: