එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරනය ආසන්නයේ දී: කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලනික ප්‍රශ්න

On the eve of the US midterm elections: The political issues facing the working class

2018 නොවැම්බර් 5

මැතිවරනය කරා යන සතිවල දී, ට්‍රම්ප් අන්ත දක්ෂිනාංශික ව්‍යපාරයක වර්ධනය සඳහා වන තම ගමන තීව්‍ර කර ඇත්තේ, වඩ වඩා විවෘත ෆැසිස්ට්වාදී ඉල්ලීමක් ඉදිරිපත් කරමිනි. ඔහු මධ්‍යම ඇමරිකාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මර්දනය හා ධනේශ්වර අර්බුදයේ ප්‍රතිවිපාකවලින් පලා යමින් සිටින සංක්‍රමනිකයන්ට පහර දෙන කතා පෙලක් පවත් වා ඇත . ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, එක්සත් ජනපද - මැක්සිකෝ දේශසීමාවේ 15,000ක පමන හමුදා භටයන් රඳවමින් සිටින්නේ, මිලිටරිය මරනීය ප්‍රචන්ඩත්යක් සමගින් සරනාගතයන්ට මුහුන දෙනු ඇත යි ට්‍රම්ප් විසින් තර්ජනය කිරීම මධ්‍යයේ ය.

ජනාධිපති ජන්ම අයිති පුරවැසිකම තුරන් කිරීමේ තම පාලනාධිකාරියේ අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත, නිදහස් වූ වහලුන්ට හා ඔවුන්ගේ දරුවන්ට සම්පූර්න අයිතීන් සහතික කිරීමට සිවිල් යුද්ධයෙන් පසු ප්‍රඥප්ත, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 14වැනි සංශෝධනය මගින් මෙම අයිතිය සහතික කෙරුනි.

ට්‍රම්ප් පාලනාධිකරිය ප්‍රචන්ඩත්වයට කරන ආයාචනයන් මේ වන විටත් බියකරු ප්‍රතිවිපාක පෙන්නා දී ඇත. ට්‍රම්ප් ආධාරකරුවන් විසින් ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයන්ට හා ආධාරකරුවන්ට යවන ලද පයිප්ප බෝම්බවලට යන්තම් සතියකට පසු ව පෙනිසිල්වේනියාවේ, පිට්ස්බර්ග් හි සමූහ වෙඩි තැබීම සිදු වූයේ 11දෙනෙකු මරනයට පත් කරමිනි, එය එක්සත් ජනපදය ඉතිහාසය තුල යුදෙව්වන්ට එරෙහි ප්‍රචන්ඩත්වයේ නරකම ක්‍රියාව යි. තම දැඩි කෝපය යුක්ති සහගත කරමින්, චූදිත මිනීමරුවා පාවිච්චි කලේ, යුදෙව් විරෝධය හා සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය එකතු කරන්නා වූ, ට්‍රම්ප්ගේ උද්ඝෝෂන කතාවලින් ඇද ගන්නා ලද භාෂාවකි.

ට්‍රම්ප් පෙරට ගෙන එන්නේ දිග්ගැස්සුනු ක්‍රියාදාමයන්ගේ එකතුවකි. ඔහුගේ ආන්ඩුව මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ශතවර්ෂ කාලක් දීර්ග අවසානයක් නැති යුද්ධ, සහ මෙම යුද්ධ හා බැඳුනු අපරාධ, එනම් වධ හිංසා, සිරකරුවන්/සැකකරුවන් වෙනත් රටකට නෙරපා හැරීම හා ඩ්‍රෝන් ඝාතනවල දේශපාලනික ප්‍රතිඵලය යි. එය වැඩිවෙන සමාජ අසමානතාව, මූල්‍ය පරපුටුකම හා ආන්ඩුවේ අපරාධකාරිත්වයේ නිර්මිතයකි. එමෙන් ම ඇමරිකානු ධනවාදයේ දිරවා නො නැගුනු ම්ලේච්ඡත්වය වමනය කිරීමකි.

ඩෙමොක්‍රටිකයන් විසින් තම උද්ඝෝෂනය මෙහෙයවා ඇති ආකාරයට (ඔවුන් කී දේ නොකීදේ හා ඔවුන් මැතිවරනයට ඉදිරිපත් කලවුන්) ට්‍රම්ප් නොවන්නට සෞඛ්‍යසම්පන්න වූ දේශපාලන පද්ධතියක විකෘතියක් ලෙස ට්‍රම්ප් හැඳින්විය නොහැක.

ට්‍රම්ප් පාලනාධිකාරියේ සෑම පියවරකට ම තමන් ම අනුගත වීමට ඩෙමොක්‍රටිකයන් ගමන් කරමින් සිටින අතර, මාධ්‍ය ට්‍රම්ප්ගේ ක්‍රියා හා ඒවා නියෝජනය කරන අනතුරුවල තීරනාත්මක බව පහලට ඇද දමයි. නියෝජිත මන්ත්‍රී මන්ඩල ඩෙමොක්‍රටික් සුලුතර නායිකා නැන්සි පෙලෝසි පැහදිලි කලේ, “ඩෙමොක්‍රටිකයන් පාලක පක්ෂයක් මිස, ට්‍රම්ප් විස්තර කරන පරදි වාමාංශික රැලක් නොවන බව හා මැතිවරන චෝදනාවකට පසු ජනාධිපතිට සහයෝගයේ අතක් දිගු කිරීමට” තමන්ට අවශ්‍ය බව යි. ට්‍රම්ප් පාලනාධිකාරියේ දෙවසර පුරා ඔවුන් අපේක්ෂා කල ආකාරයට ම, ඔවුන් අපේක්ෂා කරන්නේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, රට තුල හා විදේශයන් හි දී පාලක පන්තියේ මූලික න්‍යායපත්‍රය හඹා යාමට වඩා සුදුසු එකඟතාවයකට ලඟා වීමට යි.

ට්‍රම්ප් පාලනාධිකාරියේ ක්‍රියා හා ප්‍රකාශයන්ගේ දුර දිග යන විශේෂත්වය වසන් කිරීමට ඔවුහු වැඩ කරමින් සිටිති. පෙලෝසිගේ සිට නාමික ව “ස්වාධීන” බර්නී සෑන්ඩර්ස් දක්වා වන ඉහල ඩෙමොක්‍රටිකයන්, සංක්‍රමනිකයන් මත ෆැසිස්ට්වාදී ප්‍රහාරය ගැන කිසිවක් කීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, සෑන්ඩර්ස් පිට්ස්බර්ග් වෙඩි තැබීම ගැන මෙසේ ප්‍රකාශ කිරීමත් සමගිනි: “මම මෙහේ වාඩිවෙලා ඉඳගෙන ජනාධිපතිට දොස් පවරන්නේ නැහැ”

2016 දී “බිලියනපති පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” මෙහෙයවමින් සිටිනවා යැයි ප්‍රකාශ කල සෑන්ඩර්ස්, මෑත සතිවලදී දක්ෂිනාංශික සංසස්ථාපිත අපේක්ෂකයින්ට උද්ඝෝෂනය කරමින් සිටී. ගිම්හානයේ ඩෙමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් මන්ඩල මූලික වටයක් ජය ගත්, ඇමරිකානු ඩෙමොක්‍රටික් සමාජවාදී (ඩීඑස්ඒ) සාමාජිකා, ඇලෙක්සැන්ඩි්‍රයා ඔකෑසියෝ-කෝර්ටෙක්ස් සම්බන්ධයෙන් ගත් විට, “අයිසීඊ (සංක්‍රමනික හා රේගු සවිබල ගැන්වීම) අහෝසි කරනු” යන ඇගේ මීට පෙර ඉල්ලීම ඈ අත්හැර දමා ඇත්තේ, සංක්‍රමනිකයන්ට එරෙහි ව ට්‍රම්ප්ගේ පොලිස්-රාජ්‍ය පියවර ගැන කතා නො කල යුතුය යන ඩෙමොක්‍රටික් පක්ෂයේ මාවත අනුගමනය කරමිනි.

ඩෙමොක්‍රටිකයන් කොංග්‍රස් මන්ඩලය ජය ගත හොත්, එකී ආයතනයේ බල තුලනය තිබෙනු ඇත්තේ ඔත්තුසේවා ඒජන්සි හා මිලිටරි සංවිධානවලින් ඇද ගැනුනු පෙර නො වූ විරූ සංඛ්‍යාවක ඩෙමොක්‍රටික අපේක්ෂකයින්ගේ අත ය. ඔවුන්ට සෙනෙට් සභාව ජය ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ න්‍යායපත්‍රය සකසනු ඇත්තේ, එක්සත් ජනපද දේශසීමාවේ සැතපුම් 700 සිට 900 දක්වා තාප්පයක් බැඳීමට පක්ෂ බව ප්‍රකශ කල, ජෝ මන්චින් (බටහිර වර්ජීනියා ප්‍රාන්තය), ජන්ම අයිති පුරවැසිකම අවලංගු කිරීමට සහාය දෙන, ජෝ ඩොනෙලි (ඉන්ඩියානා ප්‍රාන්තය), හා මෙක්සිකෝව හරහා එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාවට ගමන් කරමින් සිටින මධ්‍යම ඇමරිකානු සංක්‍රමනිකයන්ගේ ගමන් රියට එල්ල කෙරෙන ට්‍රම්ප්ගේ ප්‍රහාරයට තමන් “100ට සියයක් සහාය දෙනවා” යැයි කී ක්ලේරා මැකස්කිල් (මිසෝරි ජනපදය) වැනි පුද්ගලයන් විසිනි.

කයිවාරු හා සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආසන වෙන් කෙරෙන්නේ කෙසේ ද යන්න කුමක් වුවත්, ඇමරිකානු දේශපාලනය තල්ලු කරන මූලික සාධක දිගිට ම පවතිනු ඇත. ඒවා නම්:

1.යුද්ධය ඇතුලුව, මිලිටරි බලය ඔස්සේ ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වය පවත්වාගෙන යාමට වන පාලක පන්තියේ අධිෂ්ඨානය:

මෙම කේන්ද්‍රීය ප්‍රතිපත්තිය දශක ගනනාවක් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ආධිපත්‍යය ගෙන ඇත. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, සිරියාව හා යේමනය තුල යුද්ධ ඇතුලු ව දාහත් වසරක, “ත්‍රස්තවාදය මත යුද්ධය” සම්පූර්න රටවල් විනාස කර ඇති අතර, පුද්ගලයන් මිලියනයකට වඩා මරනයට කැප කර ඇත. ට්‍රම්ප් පාලනාධිකාරිය “ත්‍රස්තවාදය මත යුද්ධය” නිල වසයෙන් අවසන් කර, රුසියාව හා චීනය සමග “මහ බලවතුන්ගේ ගැටුම” සඳහා සූදානම් වීම අරඹන ලෙස නියෝග කර ඇත.

මැතිවරනය කරා දිවෙන සතිවල දී, පාලනාධිකාරිය සීතල යුද්ධ කාලයේ ප්‍රධාන න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් (අයිඑන්එෆ්) ඉවත් වීම නිවේදනය කල අතර, රුසියාවට එරෙහිව පූර්වභංග ප්‍රහාර දියත් කිරීමට තර්ජනය කලේ ය. ඒ අතරම, එය ඵලදායි ලෙස චීනයට එරෙහිව නව “සීතල යුද්ධයක්” ප්‍රකාශ කලේ ය. මහජන සාකච්ඡාවක් නොමැති ව හා ද්විපක්ෂ පදනමක් මත, පාලනාධිකාරිය දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් පසු, විශාලම මිලිටරි ශක්තිමත් කිරීම අරඹා ඇත.

ඩෙමොක්‍රටික හා රිපබ්ලිකානු මැතිවරන උද්ඝෝෂනවලින් අවසාන නොවන හා ව්‍යාප්ත වෙමින් තිබෙන ඇමරිකානු යුද්ධවලට වන විරුද්ධත්වය මුලුමනින් ම ඉවත් කෙරී ඇත.

මිලිටරි බලය මගින් තම ගෝලීය ආධිපත්‍ය පවත්වා ගෙන යාමේ ඇමරිකානු පාලක පන්තියේ මූලෝපායික අරමුනට ඩෙමොක්‍රෙටිකයෝ මුලුමනින් ම සහාය දක්වති. ට්‍රම්ප් පාලනාධිකාරියේ ආරම්භයේ සිට, මිලිටරි හා ඔත්තුසේවා ඒජන්සිවල බලගතු කන්ඩායම් හසුරුවමින්, ඩෙමෙක්‍රෙටිකයෝ ට්‍රම්ප්ට වන තම විරුද්ධත්වය කේන්ද්‍රගත කර ඇත්තේ, ඔහු මැද පෙරදිග යුද්ධය හා රුසියාව සමග ගැටුමෙන් පසු බසමින් සිටිති යි යන උත්සුකය මත ය.

2. මැතිවරනයකින් වෙනස් කල නො හැකි අතර, ධනේශ්වර රාජ්‍යයේ සෑම ආයතනයක්ම දූෂනය කරන, සමාජ අසමනතාවේ අතිවිශාල මට්ටම:

2008 මූල්‍ය අර්බුදයෙන් දස වසරකට පසු, සමාජ අසමානතාව පවතින්නේ ඓතිහාසිකව ඉහල මට්ටමක ය. පුද්ගලයන් තිදෙනෙකු දැන් ජනගහනයේ පතුලේ අර්ධයේ ධනයට වඩා ධනයක් හිමි කර ගන්නා අතර, හුදෙක් පවුල් තුනකට පමනක් ඩොලර් බිලියන 348.7ක ඒකාබද්ධ ධනයක් ඇත. එය පවුලක මධ්‍යස්ථ ධනයට වඩා මිලියන හතරගුනයකි. ජනගහනයේ අතිවිශාල බහුතරය සමාජ අසමානතාවේ බොහෝ ප්‍රකාශනයන්ට, එනම් පහල යමින් තිබෙන වැටුප්, අහසට නගින සෞඛ්‍ය ආරක්ෂක වියදම්, මත්ද්‍රව්‍ය අධිමාත්‍ර වසංගතය හා පිරිහෙන සමාජ පොදුකාර්යන්ට මුහුන දෙති.

මෙම කොන්දේසි 2008 මූල්‍ය දියවීමෙන් පසු බැංකුවලට ඇප දීමට සහාය දැක් වූ හා එය අධීක්ෂනය කල, ඔබාමා පාලනාධිකාරියේ ප්‍රතිපත්තිවල නිර්මිතයකි. ට්‍රම්ප්ගේ පත් වීමේ සිට, ඩෙමොක්‍රටිකයන් පොහොසතුන් වෙනුවෙන් දැවන්ත බදු කප්පාදු ක්‍රියාත්මක කිරීමට සහාය දී ඇත. මැතිවරනයේ ප්‍රතිඵල කුමක් වුවත් මෙය ආපසු හැරවීමට ඔවුන්ට අපේක්ෂාවක් ඇත්තේ නැත.

ඩෙමොක්‍රටිකයන් නියෝජනය කරන්නේ වෝල් වීදිය හා මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම්වල සන්ධානයකි. ගෙවී ගිය අවුරුදු දෙක පුරා, රුසියානු විරෝධී උද්ඝෝෂනයට අමතරව, ඔවුන්ගේ කේන්ද්‍රීය අරමුන වී ඇත්තේ වර්ගය හා ලිංගික දේශපාලනය, විශේෂයෙන් ම ඃමමත් ව්‍යාපාරයේ දේශපාලනය ප්‍රචාරය කිරීම යි. මෙහි ඉලක්කය වී ඇත්තේ කම්කරු පන්තිය බෙදන අතර, බලවත් තනතුරු, මුදල් හා වරප්‍රසාද මත තරඟ කරමින් සිටින ඉහල සියයට 10 ඇතුලත කන්ඩායම්වල උත්සුකයන් ඉදිරියට ගෙන යාම යි.

3. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාරයන්ගේ අර්බුදය හා ඒකාධිපතිවාදය දෙසට හැරීම:

ට්‍රම්ප් පාලනාධිකාරිය එහි අත්‍යන්ත ප්‍රකාශනයක් වන, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය, ප්‍රකාශ කරන්නේ ඇමරිකානු සමාජයේ කතිපයාධිකාර ස්වභාවය සමග දේශපාලන රූපාකාරයන්ගේ පෙල ගැසීම යි.

ට්‍රම්ප් ආධිපත්‍යධාරී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ තම මූලෝපාය හඹා යන අතර, ඩෙමොක්‍රටිකයන් ඒ ආකාරයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීමට සහාය දෙන්නේ වෙනත් ආකාරයකට ය. ඔවුන් තම ඉල්ලීම යොමු කර ඇත්තේ, “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ සමාජ මාධ්‍ය සමාගම් අන්තර්ජාලය වාරනය කල යුතු අතර, “අසහනය වපුරන” සංවිධාන අවහිර කිරීම මත ය. ට්‍රම්ප් සමග තම ගැටුම අතරතුර, වධ හිංසා හා දේශීය ඔත්තු බැලීම් වෙනුවෙන් වග කිව යුතු, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බෙනන් වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ට ඔවුන් ප්‍රශංසා කර ඇත.

ට්‍රම්ප් ම ද ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාරයේ දිග්ගැස්සුන පරිහානියේ නිර්මිතයකි. මෙම ක්‍රියාදාමයේ සන්ධිස්ථාන අවස්ථා වූයේ, 1998 ක්ලින්ටන්ගේ දෝෂාභියෝගය, 2000 මැතිවරනය කොල්ලකෑම, දේශීය ඔත්තුබැලීමේ දැවන්ත සංවිධානයක් පිහිටුවීම හා එක්සත් ජනපද පුරවැසියන් ඇතුලුව, ඔබාමා පාලනාධිකාරියේ ඩ්‍රෝන් ඝාතන ප්‍රතිපත්තිය හා අත්වැල් බැඳ ගැනුනු 9/11 ප්‍රහාරයෙන් පසු “ත්‍රස්තවාදය මත යුද්ධය” දියත් කිරීමයි.

කම්කරු පන්තියේ දේශපාලන මූලෝපාය

මනුෂ්‍ය වර්ගයා මුහුන දෙමින් සිටින සියලු විශාල ගැටලුවලට (සමාජ අසමානතවේ වර්ධනය, සංක්‍රමනික කම්කරුවන් හා සරනාගතයන් මත ප්‍රහාර, ගෝලීය ගැටුම් ව්‍යාප්ත කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීම) විසඳුම රඳා පවත්නේ කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානයවීම හා මැදිහත් වීම මත ය. ඉදිරි මාවත සොයා ගත හැකි වනු ඇත්තේ කොංග්‍රසයේ ආසන ප්‍රතිසංවිධනය හා පාලක පන්තිය අතර ව්‍යාජ අරගල ඔස්සේ නොව, ප්‍රතිවිරුද්ධ පන්ති අතර විවෘත අරගලයකිනි.

එක්සත් ජනපදය හා ජාත්‍යන්තරව ෆැසිස්ට්වාදය හා අන්ත දක්ෂිනාංශය ඇති කරමින් තිබෙන ධනේශ්වර අර්බුදය ම, නිල දේශපාලන ජීවිතයෙන් සම්පූර්නයෙන් ම ඉවත් කෙරුනු, ජනගහනයේ පුලුල් බහුතරය වන, කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය ද විරුද්ධත්වය ද ඇති කරමින් තිබේ. 2017 ජූනි 13 දරන,“මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය හා කම්කරු පන්තියේ මූලෝ පාය” නම් ප්‍රකාශනය තුල සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) දේශපාලන කමිටුව මෙසේ ප්‍රකාශ කලේ ය:

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර අර්බුදයේ වෛෂයික කොන්දේසි ද මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය ද අතර අන්තර්ක්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පිපිරීම ලෙස ප්‍රකාශනය අත් පත් කරගනු ඇත. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී. පාලක ප්‍රභූන්ගේ සමාජ ප්‍රතිවිප්ලවය දැන් ඇමරිකනු කම්කරු පන්තියේ මහා නැගිටීමකට මුහුන දීමට ආසන්නව ඇත.

මෙම ප්‍රකාශනය ලියන ලද දින සිට, වසන්තයේ දී එක්සත් ජනපද ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ල, ටීම්ස්ටර් වෘත්තීය සමිතිය විසින් අනුබල දුන් වරදාන කොන්ත්‍රාත්තුවලට යූපීඑස් කම්කරුවන් අතර විශාල විරුද්ධත්වය, වානේ කම්කරුවන්, තැපල් කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම්වල දැවන්ත වැඩවර්ජන තීරන ඇතුලු ව, එක්සත් ජනපදය හා ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගලයේ බොහෝ සංඥා පවතී. කම්කරු පන්තියේ සියලු කන්ඩායම් අතර කෝපය හා අසහනය කඳු ගැසෙමින් තිබේ.

මෙම අරගල වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, වැඩපොලවල, කම්හල්වල සාමාජිකයින්ගේ හා අසල්වාසයන්ගේ කමිටු ඇතුලුව කම්කරු පන්තියේ නව සංවිධාන ගොඩනැගීම ඔස්සේ ව්‍යාප්ත කල යුතු අතර, එක්සත් කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් ඇතිව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වර්ධනය වන වෛෂයික ව්‍යාපාරය සන්නද්ධ කිරීමේ සටනට නායකත්වය දෙමින් සිටී. එය 2018 මැතිවරනයේ දී, කලාපය පුරා හා ඉන් ඔබ්බේ කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ගෙන ඒමට මිචිගන් ප්‍රාන්තයේ 12වැනි කෙංග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයට නයිල්ස් නීමුත් ඉදිරිපත් කර ඇත.

මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ පවතින සමාජ පද්ධතිය හා එහි සියලු දේශාපලන සංස්ථාපිතයන් පෙරලා දැමීම හා සමානතාව හා සමාජ අවශ්‍යතාවන් සෑහිමට පත් කිරීම මත පාදකව ආර්ථික ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංවිධානය කිරීම මත ය. ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ විකල්පය වනු ඇත්තේ 20වැනි සියවසේ ම්ලේච්ඡත්වයේ නරක ම රූපාකාරයන්ට ආපසු යාම යි.

හෙට කුමක් සිදු වුවත්, මූලික කර්තව්‍යය වන්නේ: සසපට මෙන් ම හතරවැනි ජාත්‍යන්රයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂවලට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධනායට එකතු වීම හා එය ගොඩනැගීම යි.

ජෝශප් කිෂෝර්

Share this article: