“සංක්‍රමනික ආක්‍රමනයට” මුහුන දීම සඳහා ට්‍රම්ප් මිලිටරිය යොදවයි.

Trump deploys military to confront “immigrant invasion”

2018 ඔක්තෝබර් 30

එක්සත් ජනපද (එජ) සොල්දාදුවන් 5200ක් මෙම සතිය අග වන විට එජ මෙක්සිකෝ දේශසීමාව ආවරනය වන පරිදි යෙදවීමට යන බව, සඳුදා ට්‍රම්ප් පරිපාලනය සහ පෙන්ටගනය විසින් නිවේදනය කලෝය. 1960 දශකයේ නාගරික කැරලි වලින් පසුව එජ භූමිය මත සිදුවන, විශාලතම සටනකට සූදානමින් සිදුකරන මිලිටරි බලමුලු ගැන්වීම මෙයයි. “විශ්වාසවන්ත දේශප්‍රේමියා මෙහෙයුම” නමින් නම් කර ඇති මෙහෙයුමට මිලිටරිය මුල පුරා ඇත.

සංක්‍රමනය සම්බන්ධ තවදුරටත් සිදුකෙරෙන අවහිර කිරීම් නිවේදනය කරමින් ට්‍රම්ප් විසින් සිදු කරන ප්‍රධාන ජාතික ඇමතීමකට පෙර, සෙබලුන් දහස් ගනනක් සහ බිලියන ගනනක් වටිනා අවි ආයුධ බලමුලු ගන්වමින් සිටි.

මෙලෙස මිලිටරිය යෙදවීම ශතවර්ෂයකට වඩා වැඩි එක්සත් ජනපද අධිරාජ්‍යවාදී සූරා කෑමෙන්, ඒකාධිපතිත්වයෙන් සහ යුද්ධයෙන් කොල්ල කන ලද මධ්‍යම ඇමරිකානු රටවලින් පලා යන දහස් ගනනක් කම්කරුවන්ගේ ජීවිත වලට කරන ඍජු තර්ජනයකි. එජ දේශපාලන සංස්ථාපිථයේ කුමන හෝ කන්ඩායමකින් විරුද්ධත්වයක් නැති තත්වයක් තුල, ආන්ඩුව නිරායුධ පිරිමින්, ගැහැනුන් සහ දරුවන් සමග අභිමුඛ වීමකට සූදානම් වෙමින් සිටී. මෙය ඉතාම ඉක්මනින්, රැකවරනය සොයමින් පැමිනෙන සරනාගතයන්, එජ දේශසීමාවේදී තුවාලකරමින් ඝාතනය කරමින් හමුදාව විසින් සිදු කරන වෙඩි තැබීමක් බවට පරිවර්තනය විය හැක. පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රම්ප් සරනාගත තවලම “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කලේය.

පරිපාලනය විසින් මධ්‍යකාලීන මැතිවරනය පැවැත්වෙන දිනට පෙර දිනය තුල, වටලෑමකට රට මුහුන දී තිබෙන විට බල පැවැත්වෙන ජාතික ආරක්ෂක තත්වයක් රටතුල නිර්මානය කිරීමට උත්සාහ ගනිමින් සිටි. මෙහි ඉලක්කය වන්නේ, ඡන්දයෙන් පසු ක්‍රියාවට නැගීමට සිටින අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රයක් පිටුපස ඡන්ද දායකයින් කුලප්පු කර දිවවීම සඳහා භීතියෙන් සහ ව්‍යාකූලතත්වයෙන් යුතු පරිසරයක් නිර්මානය කිරීම සහ තවත් අන්ත දක්ෂිනංශික ප්‍රචන්ඩත්වය ඇවිලවීමයි. මේ අතරවාරයේ ට්‍රම්ප් සහ ඔහුගේ ෆැසිස්ට්වාදී උපදේශකයන් පාර්ලිමේන්තුවට පිටතින් ඇති අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් සඳහා පදනම නිර්මානය කිරීමට වැඩ කටයුතු කරමින් සිටී.

එජ දේශපාලනය සහ සමාජ ජීවිතයේ සියලුම අංශයන් මිලිටරිකරනය සඳහා පූර්වාදර්ශයක් ස්ථාපනය කරමින්, මැතිවරනය පැවැත්වෙන්නට නියමිත වන්නේ එජ භූමිය මත යුද්ධයක් වැනි භටයන් යෙදවීමක සෙවනැල්ල යටතේය.

රටපුරා සාමාන්‍ය මුල් ඡන්ද ප්‍රකාශ කිරීම් සිදුවන විට, සිදු වීමට නියමිත ආක්‍රමනකාරී මිලිටරි ප්‍රහාරයක් වෙනුවෙන් වන සැලසුම් වලට අඩංගුවන දේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජෙනරාල් ටෙරන්ස් ඕ’ශාවුග්නසි සහ රේගු සහ දේශසීමා මුර සංචාර (සීබීපී) කොමසාරිස් කෙවින් මැක්අලීනන්, සාරාංශ ගත කලෝය. සීබීපී ය “කැරලි මර්දනය” සඳහා සූදානම් වෙමින් සිටි බව මැක්අලීන් පැවසූ අතර සංක්‍රමනිකයන්ට එරහි සටනේ “ඉදිරි පෙල” සඳහා අතිරේක නිලධාරීන් දහස් ගනනක් ඒජන්සිය විසින් කැඳවමින් සිටි බවද සඳහන් කලේය.

“නවතම තාක්ෂනයෙන්” මෙන්ම අනෙකුත් ප්‍රහාරක ගුවන් යානා සහ ඩ්‍රෝන් ඇතුලත් “ගුවන් යානා හා සම්බන්ධ දේ” වලින් සන්නද්ධ බ්ලැක් හෝක් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කන්ඩායම් තුනක් පෙන්ටගනය විසින් යොදවමින් සිටින බව ජෙනරාල් ඕ’ශාවුග්නසි පැවසීය. බලමුලු ගැන්වීමට, සිදු විය හැකි සටනක් සඳහා මිලිටරිය සූදානම් වන විට පමනක් යොදවන බලකායන් වන එජ මැරීන් භටයන් මෙන්ම මිලිටරි පොලිසිය සහ “වෛද්‍ය සහය ඇතුලත්” වනු ඇත. “ඒකකයන් ආයුධ මෙන්ම ” සැතපුම් සිය ගානක් දිග මාර්ග බාධක සඳහා යොදන කටු කම්බි, මාර්ග බාධක සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සහිතව “යොදවමින් සිටින බව” ඕ’ශාවුග්නසි පැවසීය.

“මෙය මෙම මෙහෙයුමේ ආරම්භය පමනයි” යනුවෙන්ද ඔහු සඳහන් කලේ භටයන් ප්‍රමානයන් අවශ්‍ය විටක ඉහල නැංවිය හැකි බව සඳහන් කරමින්ය.

ජනාධිපති ට්‍රම්ප් සහ ආන්ඩුවේ ප්‍රමුඛ නිලධාරීන් හිට්ලර් සහ ගොබෙල්ස්ගේ ආකාරයට කතා කරමින් සිටී. “අපරාධ කල්ලි වල සාමාජිකයන් විශාල ප්‍රමානයක් සහ ඇතැම් ඉතා නරක මිනිසුන් අපගේ දකුනු දේශ සීමාව දෙසට එමින් සිටින තවලමෙහි සිටි.” යයි ට්‍රම්ප් ඊයේ ටුවිටර් පනිවිඩයක් මගින් ඊයේ පැවසිය

“කරුනාකර ආපසු යන්න, ඔබ නියමිත නෛතික ක්‍රියාවලිය හරහා ගමන් නොකලහොත් ඔබව එක්සත් ජනපදය තුලට පිලි නොගනු ඇත. මෙය අපේ රට ආක්‍රමනය කිරීමක් වන අතර අපේ මිලිටරිය ඔබ එනතෙක් බලා සිටී.”

ඉරිදා දිනයක රූපවාහිනියේ පෙනී සිටිමින් ජාතික ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) ලේකම් ක්‍රිස්ට්ජෙන් නීල්සන් සාමාන්‍යයෙන් රටෙන් පිට සිදුවන යුද්ධයන් සම්බන්ධයෙන් කතා කරන ආකාරයට කතා කලේය: තවලම සම්බන්ධයෙන් “ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් සැලකිල්ලට ගෙන ඇත” යි ඇය පැවසුවේ, මිලිටරියට සහ දේශසීමා මුර සංචාරයට “තමන්ව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඇතැයි” තර්ජනය කර දින කිහිපයකට පසුවය.

සඳුදා සන්ධ්‍යාවේ පැවති පුදුමාකාර මාධ්‍ය සාකච්ඡාවකදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා හකබී සැන්ඩර්ස්, පරිපාලනය විසින්, පොලිස් ක්‍රියාකාරකම් එක්සත් ජනපද භූමිය තුල ක්‍රියාත්මක කිරීමට මිලිටරිය යෙදවීම වලක්වන නීති වන හබයාස්කෝපුස් හා පොසේ කොමිටාටස් අත්හිටුවීමට ඉඩ ඇතැයි යන්න ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකුනාය. ව්‍යවස්ථාවේ පලමු කොටස මගින්, ආක්‍රමනයකදී මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අහෝසි කිරීමට කොන්ග්‍රසයේ බලය පිලිබඳව දෙවරක් සඳහන් කරන බැවින්, මාධ්‍ය හමුව අතරවාරයේ එක් මාධ්‍යවේදියෙක් විසින් මතුකර දැක්වූ ආකාරයට ට්‍රම්ප් විසින් ආක්‍රමනය යනවචනය භාවිතා කිරීමෙහි ව්‍යවස්ථාමය අර්තභාරයක් තිබේ.

එජ ඉතිහාසය තුල සිදුවූ නරකම යුදෙව් විරෝධී ප්‍රහාරය වන පිට්ස්බර්ග්හී යුදෙව් ජාතිකයන්ගේ වැඳුම් පිදුම් කරන ස්ථානයක් වන ටී්‍ර ඔෆ් ලයිෆ් හී දී සෙනසුරදා දිනයේදී යුදෙව් ජාතිකයන් 11ක් ඝාතනය කල රොබර්ට් බෝවර්ස් විසින්, සමාජ මාධ්‍යන් තුල යොදාගත් වචනය වූයේ “ආක්‍රමනිකයන්” යන්නයි. ඔහු විශේෂයෙන්ම මෙම ස්ථානය ඉලක්ක කර ගත්තේ ඔහු විසින් “අපේ මිනිසුන් මැරීමට” නියමිත අය ලෙස හැඳින්වූ තවලමට සහභගී වුවන්ව එය විසින් ආරක්ෂා කිරීම නිසයි.

ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී භාෂාව, දක්ෂිනාංශික හුදකලා වූවෙකුවූ සීසර් සයෝක් ව ඩිමොක්‍රටික් පාක්ෂික පුද්ගලයන් දෙදෙනෙකුට තැපැල් පයිප්ප බෝම්බ යැවීම සඳහා මෙන්ම ග්‍රෙගරි බුෂ් ව කෙන්ටාකි හී පිහිටි ග්‍රොසරියකදී අප්‍රිකානු-ඇමරිකානුවන් දෙදෙනෙකුව ඝාතනය කිරීමටද පෙලඹීය.

ට්‍රම්ප්ගේ ඒකාධිපති ක්‍රියාමාර්ගයන් පුලුල් මහජන විරෝධයට ලක් වෙමින් ඇත්තේ එවැනි මුලපිරීම් සඳහා අනුග්‍රහයකයන් පැමිනෙන්නේ මහජනතාව අතරින් නොව පාලක පන්තියෙන් බව සනාථ කරමින්ය.

මෙය ගෝලීය ක්‍රියාවලියක කොටසකි. ලෝකය පුරා ආන්ඩු, පාලක පන්තියේ ප්‍රමුඛ කොටස් සහ එහි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන සහ රාජ්‍ය සහ මිලිටරි බුද්ධි අංශවල සිටින පුද්ගලයන් විසින් වගා කරන අන්ත දක්ෂිනාංශික බලවේග වල පාලනය යටතට පැමිනෙමින් තිබෙයි.

බ්‍රසීලයේ හිටපු මිලිටරි කැප්ටන් කෙනෙකු වන ජෙයිර් බෝල්සොනරෝ ඉරිදා දින ජනාධිපති ලෙස පත්වූයේ, 1964 සිට 1985 දක්වා රට පාලනය කල මිලිටරි ඒකාධිපතිත්වය වර්නනා කිරීමෙන් සහ “රතු අපරාධකරුවන්” ලෙස ඔහු හැඳින්වූ දෙය “පිරිසිදු කිරීමට” ප්‍රතිඥා දීමෙන් පසුවය.

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ඊයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (සීඩීයූ) නායක තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ පාලක සීඩීයූ-සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ප්‍රමුඛ සන්ධානය තවත් ප්‍රාන්ත මැතිවරනයකදී දරුනු පරාජයකට ලක්වීමෙන් පසුවය. මෙවර ඒ හෙසී හීදීය. ප්‍රධාන සන්ධානය විසින් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කල නව නාසි වාදී ඕල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ඒඑෆ්ඩි) පක්ෂය ප්‍රතිපල විසින් ශක්තිමත් කර තිබේ.

ඉතාලියේ, ස්වීඩනයේ සහ නැගෙනහිර යුරෝපයේ ආසන්න මැතිවරන, සංක්‍රමනිකයන් බිලි දෙන, සමූහ පිටුවහල් කිරීම් ඉල්ලා සිටින සහ වර්ගවාදී සහ ස්වෝත්තමවාදී ප්‍රචන්ඩත්වයට උඩගෙඩි දෙන අන්ත දක්ෂිනාංශික පක්ෂ ශක්තිමත් කර ඇත.

අන්ත දක්ෂිනාංශික පක්ෂ වලට ලැබෙන මෙම ජයග්‍රහනයන් මහජන අනුග්‍රහයේ ප්‍රතිපල නොවේ. ඒ වෙනුවට ඒවා මහජන මුලාවේ සහ කම්කරු පාන්තික ජීවන කොන්දේසි වලට නිර්දය ලෙස පහර එල්ල කර ඇති සහ සමාජ අසමානතාවයේ අතිමහත් වර්ධනය නිර්මානය කර ඇති සාම්ප්‍රදායික පාලක පක්ෂ වලට මහජනයා තුල ඇති පිලිකුලෙහි නිෂ්පාදිතයන්ය.

එජ තුල ට්‍රම්ප් බලයට පත් වීම මෙම ක්‍රියාවලියේම නිෂ්පාදිතයකි. හිලරි ක්ලින්ටන් කෙරෙහි පුලුල්ව පැතිරුන වෛරය සහ ඔබාමා පරිපාලනයේ වෝල් වීදියට ගැති, යුද්ධයට ගැති පිලිවෙත් නිසා මිලියන ගනනක් කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂය අත හැර දැම්මේය.

ඩිමොක්‍රටික් පක්ෂය තමන්ගේ නියෝජිත මන්ඩල සහ සෙනෙට් අපේක්ෂකයන්ට සංක්‍රමනික ප්‍රශ්නය නොසලකා හැරීමට සහ “දේශ සීමා ආරක්ෂාවට” ඔවුන්ගේ සහය පොරොන්දු වීමට නියෝග කරමින්, සංක්‍රමනිකයන් මත පෙර නොවූ විරූ ප්‍රහාරය එල්ලකිරීමට ට්‍රම්ප් හට කොල එලිය ලබා දී ඇත.

“මම හිතන්නේ නෑ අපිට ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් අවශ්‍යයයි කියන එකට කව්රුවත් විරුද්ධ වෙයි කියල. අපිට ශක්තිමත් දේශ සීමා ආරක්ෂාවක් තියෙනවා කියල සහතික කරන්න ජනාධිපතිට අවශ්‍යනම් අපිත් එක්ක වැඩ කරන්න, අපි එහෙම කරමු.” යනුවෙන් මෙම වසර මුලදී පැවසූ බර්නි සැන්ඩර්ස් වැනි තමන් විසින්ම “සමාජවාදීන්” යැයි කියා ගන්නා අය විසින් විශේෂ අපරාධකාරී භූමිකාවක් රඟ දක්වා තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය (එජ) එජ-මෙක්සිකෝ දේශසීමාවට සෙබලුන් යෙදවීමට එරහිවෙයි. එය යුද්ධය සහ ඒකාධිපතිත්වය සඳහා වන සූදානම් වීම් වල ප්‍රධාන පියවරකි. එය සමාජවාදී විප්ලවයකින් තොරව ලෝකය 20 වන ශත වර්ෂයේ නරකම අපරාධයන් වලට ඊට වඩා විශාල පරිමානයෙන් අභිමුඛ වන බවට වන අනතුරු ඇඟවීමකි.

නමුත් ෆැසිස්ට්වාදය සහ යුද්ධය කරා ධාවනය ජනනය කරන ධනපති ක්‍රමයේ අර්බුදයම කම්කරු පන්තිය අරගලය කරා පොලඹවන අතර විකල්පය සඳහා වෛශයික තත්වයන් නිර්මානය කරයි; එනම් සමාජවාදී විප්ලවයයි.

2018 පලමු කාර්තු තුන තුල වසර ගනනාවකින් දක්නට ලැබුන ඉහලම වැඩවර්ජන මට්ටමක් දැකගත හැකි ව තිබේ. ජාත්‍යන්තර පරිමානව ගත් කල කම්කරු පන්තිය සංගත සහ බැංකු සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ට එරහිව සටන් කිරීම සඳහා මාර්ගයක් සොයමින් සිටි. ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය අවසන් කරන සහ සංක්‍රමනිකයන්ට ලෝකය පුරා ගමන් කිරීමේ සහ ඔවුන් කැමති තැනක ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ සමාජ සමානතාවය සඳහා වන පොදු අරගලයකට කම්කරු පන්තිය ආකර්ෂනය කරගන්නේ මෙම ක්‍රියාවලියයි.

එරික් ලන්ඩන්

Share this article: