ඇමරිකාව තුල ලමා සමූහ කඳවුරු

Child concentration camps in America

2018 ඔක්තෝබර් 2

එක්සත් ජනපදය පුරා, හොර රහසේ ආන්ඩුව විසින් සංක්‍රමනික දරුවන්ව වටලමින් ඔවුන්ව ටෙක්සාස් ප්‍රාන්තයේ ටෝනිලෝ හී පිහිටි හුදකලා වූ සමූහ කඳවුරු වලට ගාල් කරමින් සිටී. ආසන්න සති කිහිපය තුල, සිය ගනනක් ලමුන් ලමා නිවාස වල සිට, විසි දෙනෙකුට එක කාමරයක් අනුපාතයට ඇති කූඩාරම් වල ඔවුන් ජීවත් වන ටොනිලෝ වෙතට මාරු කර තිබේ.

පලා යන වහලුන් අල්ලා ගැනීම, ස්වදේශික ඇමරිකානුවන් ඔවුන්ගේ ඉඩම් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවෙදී ජපාන ඇමරිකානුවන් දේශපාලනික සිරකරුවන් ලෙස සිරගත කිරීම ඇතුලු ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම නින්දා සහගත සිද්ධීන් සිහි ගන්වන දර්ශන විස්තර කල එම ස්ථානයේ සේවකයන් සමග නිව්යෝක් ටයිම්ස් කතා කලේය.

ටයිම්ස් වාර්තාවට අනුව “දරුවන් පලා යාමට ඇති ඉඩ කඩ අඩු බැවින් පලායාමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා රැගෙන යාම් සිදු කරන්නේ රාත්‍රී කාලයේදීය. එම හේතුව නිසාම තමන්ව රැගෙන යන බවට සාමාන්‍යයෙන් දරුවන්ට දැනුම් දීම සිදු කරන්නේ සුලු වේලාවකට කලිනි.”

නිලධාරීන් ඔවුන්ගේ පරිශ්‍රයන්ට හදිසියේ කඩා පාත් වන විට සංත්‍රාසයකට පත්ව ඇති දරුවන් හඬන බව ඇතැම් නිවාස වල දරුවන් සමග සිටින සේවකයන් වාර්තා කර ඇත. අනෙකුත් අය හුදකලා සමූහ කඳවුරු වල සිටින දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව විරෝධතාවය හා කනස්සල්ල මතු කලද ඊට ප්‍රතිචාර නැත. නව ස්ථානයේදී තමන්ව හොඳින් බලා ගනීද යන්න දැන ගැනීම සඳහා දරුවන් ආයාචනා කරයි. දරුවන්ගේ ඉන වටා ඇති පටියක ඔවුන්ගේ හදිසියකදී ඇමතිය යුතු දුරකථන අංකය ලියා ඇත.

දල වශයෙන් 13,000ක් දරුවන් මේ වනවිට රට පුරා ඇති නිවාස වල සහ සංක්‍රමනික රැඳවුම් පරිශ්‍රයන් හී රඳවා තිබෙන අතර එය ඉතිහාසයේ ඉහලම අගය ගනී. දුෂනය කිරීමේ සිද්ධීන්, ලිංගික අපයෝජන සහ පහර දීම් පිලිබඳ ලමුන්ගේ වාර්තා සහිත සංක්‍රමනිකයන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථාන සහ නිවාස බෙහෙවින් නරක තත්වයක ඇත.

දැනට සංක්‍රමනික තරුනයන් 1,600ක් දෙනෙකුට නිවහන වන ටෝනිලෝ කුඩාරම් නගරයේ ප්‍රමානය 4,000 ක් සඳහා ගැලැපෙන ආකාරයට දේශීය ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුව විසින් පුලුල් කරමින් පවතී. නොවැම්බර් මාසයෙන් ආරම්භ වී මාර්තු දක්වා පවතින දල දෛනික පහල උෂ්නත්වය ෆැරන්හයිට් අංශක 40 ට අඩු අගයක් ගනු ඇත.

ආන්ඩුව සංක්‍රමනික ලමුන්ව දින විස්සකට වඩා රඳවා ගැනීම වැලැක්වූ ෆ්ලෝරස් ගිවිසුමෙන් ට්‍රම්ප් පරිපාලනය ඉවත් වී තිබීම මගින් ඉක්මනින්ම ලමුන්ව දින නියමයක් නොමැතිව රඳවා ගැනීමට පටන්ගනු ඇත. මෙම රඳවාගෙන සිටින ලමුන් සඳහා අනුග්‍රහය දැක්වීමට නෛතික අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇති ඔවුන්ගේ ඥාතීන්ව ද පරිපාලනය විසින් අත් අඩංගුවට ගනිමින්, රඳවා ගනිමින් සහ පිටුවහල් කරමින් සිටී.

මධ්‍යම රාත්‍රියේ සිදු කෙරෙන ගෙස්ටාපෝ පන්නයේ ලමුන්ව වටලෑම් ප්‍රධාන ව්‍යාපාරික පක්ෂ දෙක සහ සංගත මාධ්‍ය විසින් ගනන් ගත යුතු නොවන දෙයක් ලෙස සලකයි. ඒ වෙනුවට මුලුමහත් දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතයම විශේෂයෙන්ම සිය අවධානය යොමු කරගෙන සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරනයට නම යෝජනා වී ඇති බ්‍රෙට් කෙවෙනා 1982 නව යොවුන් වියේදී, සාදයක් අතර තුර එවක නව යොවුන් වියේ සිටි ක්‍රිස්ටීන් බ්ලසී ෆෝඞ් ලිංගික අපයෝජනයට ලක් කලාය යන චෝදනාව දෙසය.

කෙවෙනාගේ, චෝදනාවට ලක්ව ඇති ලිංගික අපයෝජනය පිලිබඳ ඩිමොක්‍රටික් පක්ෂයේ අවධානය, බුෂ් පරිපාලනය යටතේ දින නියමයක් නැති රඳවා ගැනීම් සහ වධ බන්ධන වලට පැමිනවීම් වල ආරක්ෂකයෙකු ලෙස ඔහුගේ වාර්තාවෙන්, අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හිතා මතා සිදු කරන වෑයමකි. සංක්‍රමනිකයන් මූලික අයිතිවාසිකම් වලට හිමිකම් නොකියයි යන පදනම මත රඳවා තැබුනු 17 හැවිරිදි සංක්‍රමනික දැරියකට ගබ්සාවක් කිරීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරමින් කෙවෙනා 2017 දී තීන්දුවක් ලබා දුන් බව ඩිමොක්‍රටිකයන් සඟවාගෙන සිටී.

ටෙක්සාස්, ඔස්ටින් හි සිට කතා කරමින් ඩිමොක්‍රටික් පක්ෂ විපක්ෂ නායිකා නැන්සි පෙලෝසි, ඩිමොක්‍රටික් පක්ෂයේ මධ්‍යකාලීන මැතිවරන සඳහා වන මූලෝපාය හෙලිදරව් වන ආකාරයෙන් අදහස් දැක්වීය. “අයිසීඊ ඤසංක්‍රමන සහ රේගු පරිපාලනය % ය ක්‍රියා විරහිත කිරීමට කැඳවුම් කිරීම සේවය කරන්නේ ජනාධිපති වරයාගේ අභිලාශයට” පමනි යැයි කරුනු දක්වමින් ඇය සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ප්‍රහාරයන් කෙරෙහි අවධානය යොමු නොකරන ලෙස අපේක්ෂකයන්ට අවවාද කලාය. ටෙක්සාස් ටි්‍රබියුනයට අනුව එම කරුන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම “ශක්තිය අපතේ යවා ගැනීමක්” යැයි තමන් අපේක්ෂකයන්ට පැවසූ බව පෙලෝසී පැවසීය.

“වර්ගවාදයට එරෙහි” පක්ෂයක් ලෙස පෙනී සිටියදීම ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප්ගේ සංක්‍රමනික විරෝධී ස්වෝත්තමවාදය දෙසට හැරී ගනිමින් සිටී. සැප්තැම්බර් 26 වනදා නියෝජිත සභාවේ සිටින ඩිමොක්‍රටිකයන්ගෙන් සියයට 70 කට ආසන්න ප්‍රමානයක් දෙනා, “අනවසර සංක්‍රමනිකයන්ට ඡන්දය දීමේ අයිතිය ලබා දීම එක්සත් ජනපද පුරවැසියන්ගේ අයිතියේ අගය අඩු කරන සහ ඡන්ද බලය හීන කිරීම” සඳහා වන යෝජනාවක් ලෙස පිලිගනිමින් “ඔව්” හෝ “පෙනී සිටිනා” බවට ඡන්දය ප්‍රකාශ කලෝය. ඩිමොක්‍රටික් පක්ෂයේ “ප්‍රගතිශීලී” අංශයේ නායක කීත් එලිසන් සංක්‍රමනික විරෝධී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල අය අතර විය.

කොන්ග්‍රස් ඡන්දය පැවති දිනයේම, ඩිමොක්‍රටික් පාක්ෂික කැලිෆෝනියා ප්‍රාන්ත ආන්ඩුකාර ජෙරී බ්‍රවුන්, සංක්‍රමනික නිලධාරීන් විසින් සංක්‍රමනිකයන් උසාවියේදී අත් අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති ප්‍රාන්ත පනතක් බල රහිත කලේය. එමෙන්ම බ්‍රවුන් ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බලකාය මෙක්සිකානු දේශසීමාවට යෙදවීම දීර්ඝ කලේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ මග යමින්, තමන්ට “සමාජවාදීන්” යැයි කියා ගන්නා එහෙත් යථාර්තයෙදී ඩිමොක්‍රටික් පක්ෂයේ කොටස් ලෙස ක්‍රියා කරනදේශපාලන කන්ඩායම් ගනනාවක්, සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීම අතහැර දමා ඇත.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, සංක්‍රමනිකයන් වෙත එල්ල කෙරෙන එජ ආන්ඩුවේ ප්‍රහාරයන් ගැන සැප්තැම්බර් 10 වනදා සිට එකදු ලිපියක්වත් පලකොට නොමැත. ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) හා සම්බන්ධ ජැකොබින් හා සෝෂලිස්ට් ඕල්ටනේටිව් (සමාජවාදී විකල්පය) සඟරා එජ සංක්‍රමනිකයන් ගේ තත්වය ගැන පිලිවෙලින් අගෝස්තු 24 සහ අගෝස්තු 22 සිට ලිපි පල කොට නොමැත. ඩීඑස්ඒ හී සඟරාවේ සිසිර ඍතු කලාපය වන ඩිමොක්‍රටික් ලෙෆ්ට් හී සංක්‍රමනිකයන්ට සිදු කරන ප්‍රහාර ගැන එකදු සඳහනක්වත් නොමැත.

සමාජවාදී සමානතා පක්ෂය සංක්‍රමනිකයන් ආරක්ෂා කර ගැනීම සංක්‍රමනිකයන්ට පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වල ආරක්ෂාව සඳහා වන හදිසි ප්‍රශ්නයක් ලෙස දකියි.

සංක්‍රමනිකයන් මත සිදු කරන ප්‍රහාරය කම්කරු පන්තිය මත සිදු කරන ප්‍රහාරයකි. වැඩකරන ජනතාවගේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරමින් එජ තුල ලේඛනගත නොවූ සංක්‍රමනිකයන් මිලියන 20ක් සිටී. පාලක පන්තිය කම්කරුවන්ගේ විවිධ කොටස් එකිනෙකාට එරහිව බෙදා වෙන්කිරීමට උත්සාහ ගනිද්දී සංගත බලයට සහ සමාජ අසමානතාවයට එරහි අරගලය සංක්‍රමනික සහ සංක්‍රමනික නොවන කම්කරුවන්ගේ එකමුතුවෙන් තොරව කල හැක්කක් නොවේ.

මීට අමතරව, මේ වන විට සංක්‍රමනිකයන්ට එරහිව යොදා ඇති පොලිස් රාජ්‍ය ක්‍රම සියලු කම්කරුවන්ට සහ ආන්ඩුවේ දේශපාලන විරුද්ධ වාදීන්ට එරහිව යොදා ගනු ඇත. ෆෙඩරල් ආන්ඩුව සමූහ කඳවුරු ජාලයක් ගොඩනගමින් සිටින අතර දොරවල් කඩා බිඳ දැමීමට, මාර්ග බාධක ස්ථාපිත කිරීමට මිලිටරි පන්නයට වැඩ බිම් වට ලෑමට සහ නිසි නෛතික ක්‍රියාවලියකින් තොරව මිනිසුන් පැහැරගෙන යාමට රාජ්‍ය ඒජන්සි බල ගන්වමින් සිටී. මෙය වැඩ වර්ජන කරන කම්කරුවන්ට සහ විරෝධතා කරුවන්ට එරහිව පාලක පන්තිය විසින් භාවිතා කිරීමට නියමිත ශක්තිමත් රාජ්‍ය මර්දන යාන්ත්‍රනයකි.

ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තියේ එකමුතුව ස්ථාපනය කිරීම සඳහා සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. සෑම රටකම පාහේ සංක්‍රමනිකයන් කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරන අතර හැමතැනකම පාහේ ඔවුන්ගේ අයිතීන් ප්‍රහාරයට ලක්ව තිබේ. ජර්මනිය, පෝලන්තය, හන්ගේරියාව, ඔස්ටි්‍රයාව සහ යුරෝපය පුරාවට ආන්ඩු, කම්කරුවන් එකිනෙකාට එරහිව උසි ගැන්වීමේ සහ පන්ති අරගලයේ වර්ධනය වීම අවහිර කිරීමේ උත්සාහයක් හැටියට, නව නාසි පක්ෂවල සංක්‍රමනික විරෝධී පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටී.

බර්නි සැන්ඩර්ස් වැනි ජාතිකවාදීන් විසින් සංක්‍රමනිකයන් කම්කරු පන්තියේ තත්වය දුර්වල කරයි යැයි පවසයි. ඊට ප්‍රතිවිරුද්ධව සෑම රටකම පාහේ විශාල ජාත්‍යන්තර ජනතාවක් සිටීම, නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ කම්කරු පන්තියේ ගෝලීය ස්වභාවය සහතික කරයි. එකම බහු ජාතික සමාගම් විසින් සිදුකරන සමාන සූරාකෑමේ කොන්දේසි වලට මුහුන දෙන සියලුම රටවල් වලට සහ සියලුම ජාතීන්ට අයත් කම්කරුවන්ගේ අවශ්‍යතාවන් වල වෛෂයික අනන්‍යතාව එය පිලිබිඹු කරයි. අද වන විට කම්කරුවන්ට ජාතික සීමාවන් හරහා එකිනෙකා සමග සන්නිවේදනය කරගැනීමට සහ ඔවුන්ගේ පොදු සංගත සතුරාට එරහිව තම ආස්ථානය ශක්තිමත් කර ගැනීමට පෙර නොවූ විරූ අවස්ථාවක් ඇත.

කම්කරු පන්තියේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වන සටන, සංක්‍රමනිකයන්ගේ අයිතීන් වල තිරසර ආරක්ෂාවක් සහ සියලුම ආකාරයේ වර්ගවාදයන්ට සහ ජාතික ස්වෝත්තමවාදයන්ට එරහි සීමාරහිත විරුද්ධත්වයක් ඉල්ලා සිටී. සමාජවාදී සමානතා පක්ෂයේ ඉල්ලීම්:

*රඳවාගෙන සිටින සියලු සංක්‍රමනිකයන්ට වහා නිදහස සහ සංක්‍රමන සමූහ කඳවුරු සහ සිර ගෙවල් ඉවත් කිරීම.

*අයිසීඊ, රෙගු සහ දේශ සීමා ආරක්ෂාව (සීබීපී) සහ සියලුම සංක්‍රමනිකයන් මත බලය යොදන ආයතන ජාත්‍යන්තර වශයෙන් අහෝසි කිරීම.

*සංක්‍රමනිකයන් සහ සංක්‍රමනික දරුවන් සිරගත කිරීමට වග කිව යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් හට නඩු පැවරීම.

*සියලුම ලේඛන ගත නොවූ මිනිසුන්ට ඔවුන් සිටින කුමන ස්ථානයක හෝ පුරවැසිභාවය වහා ලබා දීම.

*දේශ සීමා වලින් හමුදාව ඉවත් කරගැනීම සහ නිදහස් සහ ආරක්ෂාකාරී සංක්‍රමනයට ඉඩ දීම සඳහා දේශ සීමා මාර්ගබාධක ඉවත් කිරීම.

*තමන් කැමති පරිදි ලෝකයේ එහා මෙහා යාමට සහ සංචාරය කිරීමට කම්කරුවන්ට සහතික කල අයිතිය.

කම්කරුවන් බොහෝ කාලයක් තිස්සේ ගෞරවයට පාත්‍ර වූ “එකෙකුට වන හානිය සියල්ලන්ටම වන හානියකි! ” නම් සටන් පාඨය නැවත භාවිතයට ගත යුතුය. මෙය ජාත්‍යන්තර විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයකි.

එරික් ලන්ඩන්

Share this article: