යුද්ධය, වාරනය, හා “ව්‍යාජ ප්‍රවෘත්ති” නිර්මානය

War, censorship, and the invention of “fake news”

2018 ඔක්තෝබර 22

වැඩිවෙන සමාජ විරුද්ධත්වය හා මිලිටරි ගැටුම් සඳහා සැලැසුම් උත්සන්න කිරීම මධ්‍යයේ, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය අන්තර්ජාල වාරනය ක්‍රියාත්මක කිරීමට පෙර නො වූ විරූ ලෙස විවෘතව ගමන් කරමින් සිටී.

සෙනසුරාදා, දේශපාලන සංස්ථාපිතයේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර දෙක, එනම් නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට්, සමාජ මාධ්‍ය මත දේශපාලන වාරනය උත්සන්න කරන ලෙස ඉල්ලමින් කතුවැකි ප්‍රසිද්ධ කලේ ය. ටයිම්ස් පත්‍රය “ෆෙස්බුක් හා ට්වීටර් මත විස තවමත් පැතිරෙමින් තිබේ” යන කතුවැකිය තුල, වඩා වැඩි ආක්‍රමනකාරී පියවර ඉල්ලීමට, “එක්සත් ජනපදය තුල බෙදුම්වාදී රේඛා පතුරුවන රට තුල වැවුනු උද්ඝෝෂන” ඇතුලුව, සමාජ මාධ්‍යවල උපකල්පිත “ව්‍යාජ තොරතුරු” ප්‍රගුනනය උපුටා දැක්වූයේ ය.

අන්තර්ගතය ඉවත් කිරීමට පියවර ගැනීමට සමාජ මාධ්‍ය සමාගම්වලට බල කිරීම වෙනුවෙන් ටයිම්ස් “නීතිමය බලයෙන් තොර ස්වයං බලධරයට” හා මාධ්‍යවේදීන්ට (තමන්ට ම) ප්‍රශංසා කලේ ය. කෙසේ නමුත්, වඩා වැඩි අති මූලික පියවර අවශ්‍ය කෙරේ යැයි ටයිම්ස් නිගමනය කර යි. “අන්තර්ජාලයේ පරිනාමයේ මෙම අවස්ථාවේ දී, අන්තර්ගත ප්‍රමිතිකරනය තව දුරටත් හුදකලා හා සන්දර්භයෙන් පිටත යැයි දකින පුද්ගලික විසුරුවා හැරීම් මට්මට පහල දැමිය නො හැක. විදේශවල හා රට තුල වැඩුනු සමායෝජති උද්ඝෝෂන රූපාකාරය තුල වර්තමානයේ විද්‍යමාන ගැටලුව ක්‍රමානුකූල එකකි.”

විසඳුම: සමාජ මාධ්‍ය සමාගම් වඩා වැඩි ක්‍රමානුකූල මට්ටමක් මත වාරන ක්‍රියාපිලිවෙත ඇතුලත් කර ගත යුතු ය. “පාරිභෝගික උපදේශකයන් හා අන්තර්ගත පාලනය කරන්නන් ලෙස බාහිර පුද්ගලයන් දැනට ඉටු කරන කාර්ය, පැහැදිලිව ම ආයතන තුල ඉටුකල හැක.” හිටපු ටයිම්ස් කර්තෘ බිල් කෙලෙර් වතාවක දී තම පුවත්පතට සැඳහුම් කල පරිදි, සමාජ මාධ්‍ය සමාගම් තෙමේ ම තොරතුරු පිලිබඳ “මුරකරුවන්” විය යුතු ය.

තම පාර්ශ්වයෙන් වොෂින්ටන් පෝස්ට් පත්‍රය, “දේශීය ව්‍යාජ තොරතුරු” මගින් ඉටු කෙරෙන උපකල්පිත තර්ජනය ගැන අනතුරු ඇඟවී ය. “මෙහෙය වන්නේ කවුරුන් විසින් දැ යි නො සලකා, ඇඟිලි ගැසීම්වලට පහසුකම් නො දීමේ තම වගකීම පැහදිලිව පැවසීමට ට්වීටර් හා ෆෙස්බුක් අවසානයේ දී මුල පුරමින් සිටිති ” යි පෝස්ට් සඳහන් කලේ ය.

ටයිම්ස් හා පෝස්ට් පත්‍රවල පූර්න සහාය ඇතිව, ෆෙස්බුක් හා ට්වීටර් සටන් කරමින් සිටින “දේශීය ව්‍යාජ තොරතුරු ” මොනවාද? මෙම මස මුල දී ප්‍රශ්නයට නිශ්චිතව පිලිතුරු දුන්නේ, “ව්‍යාජ ප්‍රවෘත්ති පිටු දැකීමේ” නාමයෙන්, යුද්ධයට හා පොලිස් ප්‍රචන්ඩත්වයට විරුද්ධත්වය දක්වමින් සිටින සංවිධාන ඇතුලුව, ජනප්‍රිය වාමාංශික මාධ්‍ය ගිනුම් පෙලක් ෆෙස්බුක් විසින් ඉවත් කෙරුනු අවසථාවේ දී ය.

ඇමරිකානු හා ජාත්‍යන්තර දේශපාලනයේ ජන්ම භාෂාවට “ව්‍යාජ ප්‍රවෘත්ති”(නැත්නම් “ව්‍යාජ තොරතරු”) යන වචනය බොහෝ හිතාමතා හා දැනුවත් ව හඳුන්වා දී ඇත්තේ වාරනය යුක්තිසහගත කිරීම සඳහා බොහෝ සත්‍ය අඩංගු වචනයක් ලෙස ය. හරියට ම එහි අර්ථය වන්නේ කුමක් දැ යි කිසිදා පැහදිලි නො කර, එම වචනය යොදා ගන්නේ, සැබවින් ම, එය අවහිර කල යුතු නරක යමක් යැයි මහජනයා විශ්වාස කරනු ඇතැ යි යන අපේක්ෂාවෙනි.

බොහෝ පුද්ගලයන් “ව්‍යාජ ප්‍රවෘත්ති” යන යෙදුම ගැන සිතන විට, ඔවුන් සිතන්නේ පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමනයක් හා ඔලු දෙකක ආච්චිඅම්මා කෙනෙකු පස්නිවුන් දරුවන් බිහි කිරීම ගැන සුපිරි වෙලඳසැල් ටැබ්ලොයිඞ් පුවත්පත්වල පල කෙරෙන ශීර්ෂපාඨ ගැන ය. නමුත් නිව්යෝක් ටයිම්ස් හා එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සි එම වචනය යොදන විට ඔවුන් තේරුම් ගන්නේ සම්පූර්නයෙන් ම වෙනස් දෙයකි: එනම් යුද්ධය ප්‍රචාරය කිරීමේ ආන්ඩුවේ උත්සාහයන් කපා හෙලන වාර්තා කිරීම් හා සංස්ථාපිතයට අභියෝග කරන දේශපාලන දෘෂ්ටිකෝනයන් ය.

මෙම පත්‍රකලාරූපී මිශ්‍රනය තුල අඩංගු මෙවැනි කියමන් ය: එක්සත් ජනපදය සම්පූර්න යුද්ධයක් සඳහා සූදානම් වෙමින සිටින බව, එය 2014දී ෆැසිස්ට්වාදී කන්ඩායම් සමග සන්ධානගතව යුක්‍රේනයේ කුමන්ත්‍රනය සංවිධානය කල බව, තම ත්න්ත්‍ර විරෝධී උද්ඝෝෂනය යුක්තිසහගත කිරීම සඳහා එය සිරියාව තුල රසායනික අවි ප්‍රහාරය රඟ දැක් වා ඇති බව, එක්සත් ජනපදය තුල පක්ෂ දෙකම ක්‍රියාත්මක වන්නේ සංගත හා මූල්‍ය ප්‍රභූවේ වැටුප් සේවකයන් ලෙස බව - සැකයක් නැති ව මේ සියල්ල “ව්‍යාජ ප්‍රවෘත්ති ය.” සැබවින් ම, ඩෙමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝර්නර් හා ඩෙමොක්‍රටික් කොංග්‍රස් සභික ඇඩම් ස්චිෆ් වැනි පුද්ගලයන් ඇතුලුව දේශපාලනික ක්‍රියාකාරීහු “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කරමින් සිටිතැ යි (සැකයක් නැතිව මෙය ම ව්‍යාජ ප්‍රවෘත්තියකි) යන කඩතුරාව යටතේ අන්තර්ජාලය වාරන කිරීමට කුමන්ත්‍රනය කරමින් සිටිති.

2016 ඇගේ පරාජය පුලුල් ලෙස “ව්‍යාජ ප්‍රවෘත්ති” යන යෙදුම හඳුන්වා දීමේ අවස්ථාවට මුල් වූ, හිලරි ක්ලින්ටන්, ඇගේ මතක සටහනේ පැහදිලි කලේ, මහජනයා ඉදිරියේ ඇය අපකීර්තියට පත් කිරීමට උදව් කල මෙම “ව්‍යාජ ප්‍රවෘත්ති” සත්‍ය ප්‍රකාශනවලින් සමන්විත වූ බව යි. ඇය සඳහන් කල ආකාරයට, “විකී ලීක්ස්.. අවසානයේ දී ව්‍යාජ ප්‍රවෘත්ති ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රපංචය උත්සන්න කිරීමට උදව් කලේ ය.” “මම රහසිගත ලෙස කියන්නට ඇති බියකරු දේවල් පිලිබඳව හා මගේ දේශන ගාස්තු ගෙවා තිබූ අනිශ්චිත බැංකුකරුවන්ගේ සාක්කුවේ ජනාධිපති වයෙන් මා සදහටම සිටිනු ඇති බවට” පැතිරුනු “නපුරු කතා” තිබුනි.

විකීලීක්ස් විසින් පතුරන ලද එක ම “කතාන්දර” වූයේ, ඇයගේ දේශපාලනයේ දී පොහොසතුන්ගේ බලපෑම ව්‍යාප්ත කිරීමට පොරොන්දු දුන්, ගෝල්ඞ්මන් සැක්ස් ආයෝජන බැංකුවට කල ගාස්තු ගෙවූ කතාවේ පිටපත්, හා ක්ලින්ටන්ගේ වාසිය සඳහා ඩෙමොක්‍රටික් නාම යෝජන කොල්ල කෑමට කුමන්ත්‍රනය කරමින් සිටි ඩෙමොක්‍රටික් ජාතික කමිටුවේ ප්‍රමුඛ පුද්ගලයන්ගේ විද්‍යුත් තැපල්වල පිටපත් ය.

විකී ලීක්ස් ප්‍රකාශක, ජූලියන් අසාන්ජ්, මෙම මාධ්‍ය බොරු හා ප්‍රචාරක ප්‍රාකාරය ඉවසිය නොහැකි කඩා බිඳ දැමීම තුල තමන් ඉටු කල ක්‍රියාකලාපය වෙනුවෙන් තවමත් මිල ගෙවමින් සිටී. අඟහරුවාදා, නියෝජිත මන්ත්‍රී මන්ඩල විදේශ කටයුතු කමිටුවේ ඉහල ඩෙමොක්‍රටිකයෙකු වන එලියට් එන්ගල්, ඉක්වදෝරයේ ජනාධිපති ලෙනින් මොරේනෝට ලිපියක් ලිව්වේ, විසම්මතික මාධ්‍යවේදියාට රැකවරන ලබා දීම වෙනුවෙන් මුලු රටට ම අවමන් කර බිය වද්දමින් හා නඩු දැමීම සඳහා ඔහු බාර දිය යුතු යයි බල කරමිනි.

මාර්තු මාසයේ දී, එක්සත් ජනපද විශේෂ හමුදා රාජ්‍ය වාරනය සාකච්ඡා කිරීමට සමුලුවක් පැවත් වීය. එහි සිදුවීම් අත්ලාන්තික් කවුන්සිලය නම් බුද්ධි මන්ඩලයේ වාර්තාවක වාර්තාගත කෙරුනි. එය මෙසේ අනතුරු ඇඟවූයේ ය, “තාක්ෂනය සීමිත සම්පත් හා සැබවින් ම අසීමිත විෂය පථයක් සහිත ව කතාන්දරයක් විසුරවා හැරීමට රාජ්‍යයට සෘජුව අසම්බන්ධිත කන්ඩායම් හා පුද්ගලයන්ගේ හැකියාව ප්‍රජාතන්ත්‍රීය කර ඇත.” ඊට වෙනස් ව, “අතීතයේ දී මහජනතාවට තිබුනේ සීමිත තොරතුරු මූලාශ්‍ර වූ අතර ඒවා කලමනාකරනය කෙරුනේ වෘත්තීය ආරක්ෂකයින් විසිනි. ”

වෙනත් වචනවලින් පවසතොත්, පුලුල් මහජනතාවගේ අදහස් වලට අනුරූප වන අදහස් ඇති කුඩා කන්ඩායම්වලට, (මහ ධනපති, අධිරාජ්‍යවාදී) අවශ්‍යතාවයන්ගෙන් මෙහෙයවෙන දේශපාලන කතාන්දර වලට, ප්‍රධාන ප්‍රවාහයේ මුද්‍රන හා ගුවන් විකාශ මාධ්‍යවල “වෘත්තීය මුරකරුවන්” ගෙන් තොරව, සමාන පදනමක සිට අභියෝග කිරීමට වාරනය නොකෙරුනු සමාජ මාධ්‍යයන්ගේ නැගීම මගින් ඉඩ ලැබිනි.

වාරනය සඳහා වන උද්ඝෝෂනයේ ප්‍රධාන අරමුන “මුරකරුවන්” නැවත ඇති කිරීම හා අනිවාර්ය යුද අනතුර පිලිබඳ අනතුරු ඇඟවීම්වලට මහජනයා ලඟා වීම වලකා ලීම යි.

කැපී පෙනෙන ලෙස, “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීම නාමයෙන් පසු ගිය වසරේ ගූගල් තම පිටු ශ්‍රේනි කිරීමේ අල්ගොරිතමය ආරම්භ කල අවස්ථාවේ, යුද තර්ජනය පිලිබඳ ලෝසවෙඅ ආවරනයට බොහෝ නාටකාකාර ලෙස බල පෑවේ ය. ඊට පෙර පලමු ප්‍රතිඵල 10ට ලෝසවෙඅ ගෙන විත් තිබූ ලෝක යුද තර්ජනය හා බැඳුනු සෙවුම් වචනය තව දුරටත් ලෝසවෙඅට ගවේෂකයින් යොමු නො කලේ ය.

එක්සත් ජනපදය පලමු ලෝක යුද්ධයට අවතීර්න වූ අවස්ථාවේ සෙනෙට් සභික හිරාම් ජොන්සන්ට ආරෝපනය කෙරුනු ආප්තෝපදේශයක් ඇත: “යුද්ධය පැමිනෙන අවස්ථාවේ පලමු අනතුරු වන්නේ සත්‍යයට යි.” එම කියමන අදට අදාල වන්නේ එක් වෙනසක් ඇතිව ය: යුද්ධය පිලිබඳ පූර්වාපේක්ෂාව තුල සත්‍යයේ ගෙල සිර කෙරමින් තිබේ. එමෙන් ම ඒ සියල්ල “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීම නාමයෙනි! අපි සැබවින් ම ඕර්වෙල්ගේ 1984 රාජ්‍යයට ඇතුලු වී ඇත්තෙමු. (1984 යනු ජෝර්ජ් ඕර්වෙල් විසින් 1949දී රචිත නවකතාවකි)

කම්කරු පන්තිය දැනුවත් කෙරෙනු ඇත යන්නට වඩා පාලක පන්තිය බිය වන වෙනත් දෙයක් නොමැත. යුද්ධය හා වාරනය සඳහා තීව්‍ර වෙමින් තිබෙන උද්ඝෝෂනය ප්‍රකාශ කරන්නේ පාලක පන්තිය මුහුන දෙමින් සිටින ගැඹුරු අර්බුදය යි. වැඩෙන සමාජ විරුද්ධත්වය හා කම්කරු පන්තියේ අරගල මාලාවකට මුහන දෙන, පාලක පන්තිය, යුද්ධය හා එය අත්වැල් බැඳගන්නා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන් තුල දකින්නේ තම පාලනය ආරක්ෂා කිරීමේ මාධ්‍ය ලෙස විවෘත මර්දනයයි.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: