“සංක්‍රමනිකයන් අපරාධකරුවන් නොවේ, අපි ජාත්‍යන්තර කම්කරුවන්ය!”

සංක්‍රමනික තවලම සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටන

“Migrants are not criminals, we are international workers!”:The migrant caravan and the fight to unite the international working class

2018 ඔක්තෝබර් 23

හොන්ඩුරාස් හී සැන් පෙද්රෝ ද සුලා ප්‍රදේශයෙන් එක්සත් ජනපදය බලා ඔක්තෝබර් 13 වනදා පිටත් වුනු අති විශාල සංක්‍රමනිකයන්ගේ තවලම, ලතින් ඇමරිකාව පුරා වෙසෙන මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ දුගී භාවයට පමුනුවන ලද මිනිසුන්ගේ ආකර්ෂනය සහ අවධානය දිනාගෙන ඇත. ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා එකට ගමන් කරන සියගනනක් සංක්‍රමනිකයන්ගේ කුඩා කන්ඩායමක් ලෙස ආරම්භ වුනු මෙය සමානතාවය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා වන 7000 කින් සමන්විත අන්තර් මහාද්වීපික දේශපාලන උද්ඝෝෂනයක් බවට ව්‍යාප්ත වී ඇත.

ප්‍රාදේශීය නිවැසියන් විසින් සංක්‍රමනිකයන්ව ආහාර, ජලය ඇඳුම් සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් පිලිගත් දකුනු මෙක්සිකෝව හරහා තවලම ගමන් ගන්නා විට, එහි මාර්ගය නිරීක්ෂනය කරමින් මෙක්සිකානු, මධ්‍යම ඇමරිකානු සහ එජ-ස්පාඤ්ඤ භාෂා ප්‍රවෘත්ති ආයතන එහි සිට සජීවී ප්‍රකාශ ගෙන එත්දී, සෑම දිනකම මිලියන ගනනක් දෙනා ඇහුන්කම් දෙයි.

තවලමට සහභාගී වී සිටින්නන් තමන්ව දැකගන්නේ පීඩිත ගොදුරු ලෙස නොව කම්කරු පන්තියේ එඩිතර නියෝජිතයන් ලෙසය. එජ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තර්ජනයන් සහ මෙක්සිකානු සහ ග්වාතමාලා පොලීසියේ දරුනු ප්‍රහාරයන් හමුවේ “සංක්‍රමනිකයන් අපරාධකරුවන් නොව අපි ජාත්‍යන්තර කම්කරුවන්ය!” යන ඔවුන්ගේ සටන් පාඨයන් දරිද්‍රතාවය, ප්‍රචන්ඩතාවය සහ දූෂනය විසින් විනාශයට පත් කර ඇති කලාපයක් තුල අනුනාද වෙයි.

මෙම කම්කරුවන් පලා යමින් සිටින මධ්‍යම ඇමරිකාවේ “උතුරු ත්‍රිකෝනයේ” කොන්දේසි සියල්ලම ඒවායේ මූලයේ සිටම ශතවර්ෂයක් පුරාවට ඇමරිකානු අධිරාජ්‍යය විසින් කලාපය පුරාවට සිදු කරන ලද බියකරු අපරාධයන්ගේ නිෂ්පාදනයයි.

ගුවාතමාලාව තුල ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජේකොබ් ආබෙන්ස් ට එරහිව 1954 දී එජ විසින් කුමන්ත්‍රනයක් අටවා ඒකාධිපතියෙකු වූ කැස්ටිලෝ ආර්මස් බලයේ පිහිටවූ අතර 1960 සිට 1996 දක්වා ඇදී ගිය 36 වසරක සිවිල් යුද්දයකට පසුබිම සැකසීය. 1980 දශකයේ මුල් භාගයේ එජ පිටුබලය ලත් ඒකාධිපතියෙකු වූ එෆ්රයින් රිඕස් මොන්ට් විසින් පුලුල් පරිමානව කම්කරුවන්ව දුගී ගම්වැසියන්ව සමූල ඝාතනය කල අතර මායා ස්වදේශික ජනතාවට එරහිව දස දහස් ගනනක් මරනයට පත් කල හිතා මතා සිදු කල සංහාරයක්ද ඊට ඇතුලත් විය.

ලක්ෂයක් දෙනාගේ මරනවලට හේතුවූ 1979 සිට 1992 දක්වා පැවති සිවිල් යුද්ධයේ බිහිසුනු කම් අසල්වැසි එල් සැල්වදෝරයේ වැසියන් විඳ දරාගත්තෝය. එල් සැල්වදෝර් ආන්ඩුව විසින් අගරදගුරු ඔස්කා රොමේරෝ වැනි සිය විරුද්ධවාදීන් මරා දමද්දී සහ හොන්ඩුරාස් වෙත පලා යමින් සිටි ගම්වැසියන් 600ක් භටයන් විසින් මරා දැමූ සුම්පුල් නදිය අසල සමූලඝාතනය වැනි මිලේච්ඡ ක්‍රියාවන් සිදු කරද්දී එක්සත් ජනපද මිලිටරිය විසින් තමන් වියට්නාමයේදී වැඩි දියුනු කරතිබූ අනුකම්පා විරහිත උපක්‍රම යොදා ගනිමින් එය මෙහෙයවූයේය.

හොන්ඩුරාස්, ඓතිහාසිකව කලාපය පුරා සමූල ඝාතන දියත් කෙරූ එක්සත් ජනපදය ප්‍රක්ෂේපන වේදිකාව වශයෙන් සේවය කොට ඇත. 1980 දශකය පුරාවට එරට තුල එජ පුහුනු “කොන්ට්‍රා” අතුරු බල ඇනි පවත්වාගෙන ගිය අතර 1979 දී එජ පිටුබලය ලත් සොමෝසා ගේ ඒකාධිපතිත්වය පෙරලා දැමූ විප්ලවයෙන් පසු ඔවුන්ව නිකරගුවාව සම්පූර්නයෙන් කොල්ල කෑම සඳහා පිටත් කර හැරියේය.

කලාපය පුරා කම්කරුවන් සහ දුගී ගොවියන් අතර පැතිර ගිය වැඩ වර්ජන සහ කැරලි මර්දනය කිරීම හරහා අධිරාජ්‍යවාදය යුනයිටඞ් ෆෘට් කොම්පැනිය වැනි ඇමරිකානු සංගත වල ලාභ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකර තිබේ. හානියට පත් මුලු ගනන මිලියන ගනනකි. හිටපු එක්සත් ජනපද ජෙනරාල්වරයෙකු වන ස්මෙඞ්ලි බට්ලර් එය විස්තර කලේ මේ ආකාරයටය: “මම වෝල් වීදියේ ප්‍රතිලාභ වෙනුවෙන් දුසිම් භාගයක් පමන වන මධ්‍යම ඇමරිකානු ජනරජයන් දූෂනය කිරීමට සහය විය.”

සංගතයන්ගේ නම් වෙනස් වුවද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍ය වර්ධනය වීම පමනක් සිදු වී ඇත. පිලිකුලට පාත්‍රවී ඇති හොන්ඩුරාස් ජනපති ජුආන් ඕලන්ඩෝ හර්නැන්ඩස් බලයේ සිටින්නේ ඔහුගේ පූර්ව ගාමිකයා වූ ෆොර් ෆිරිඕ ලොබෝසෝසා ව, ඔබාමා පරිපාලනය විසින් පිටුබලය ලත් කුමන්ත්‍රනයක් මගින් ප්‍රජාතන්ත්‍රීයව පත්වූ ජනාධිපති මැනුඑල් සෙලායා 2009 දී බලයෙන් පහ කිරීමෙන් පසු, ස්ථාපනය කිරීම නිසාය.

2014 දී හොන්ඩුරාස් පරිසර ක්‍රියාකාරිකයෙකු වූ බර්ටා කැසරස් එවකට රාජ්‍ය ලේකම් ව සිටි හිලරි ක්ලින්ටන්ව, කුමන්ත්‍රනය මෙහෙයවීමේදී ඇගේ පුද්ගලික භූමිකාව සම්බන්ධයෙන් හෙලා දැක්කේය. එජ පිටුබලය ලත් ආන්ඩුව 2016 දී කැසරස් ව මරා දැමීය.

මෙම ඉතිහාසයත් සමග මධ්‍යම ඇමරිකාව ලෝකයේ වඩාත්ම අසමානතාවයෙන් යුතු කලාපය ලෙස පවතින අතර හොන්ඩුරාස් එහි වඩාත්ම අසමානතාවයෙන් යුතු රට ලෙස පවතී. හොන්ඩුරාස් වැසියන්ගෙන් සියයට 68ක් දරිද්‍රතාවයෙන් යුතුව ජීවත් වෙන අතර සියයට 44ක් අන්ත දරිද්‍රතාවයෙන් යුතුව ජීවත් වෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උද්ඝෝෂනයේ යෙදෙන කම්කරුවන් එක්සත් ජනපදයට ඇතුලු වීම අවහිර කිරීම සඳහා මිලිටරිය යොදා ගන්නා බවට පොරොන්දු වී ඇත්තේ, සංක්‍රමනිකයන් ග්වාතමාලා සහ මෙක්සිකෝවේදී සිදු කලාක් මෙන් දේශ සීමා හරහා යාමට උත්සාහ කලහොත් ඔවුන්ව සමූල ඝාතනය කිරීම සඳහා වන ඔහුගේ සූදානම දක්වමින්ය.

ඩිමොක්‍රටික් පක්ෂය හිතා මතාම මෙම බිහිසුනු සූදානම් වීම් ගනන් නොගෙන සිටී. සෙනසුරාදා සිදු කල මාධ්‍ය නිවේදනයක ඩිමොක්‍රටික් කොන්ග්‍රස් නායක චාර්ල්ස් ෂූමර් සහ නැන්සි පෙලෝසි පැවසුවේ ට්‍රම්ප් “මාතෘකාව සෞඛ්‍ය ආරක්ෂනයේ සිට සංක්‍රමනය දක්වා වෙනස් කිරීමට ඉතා වුවමනාවෙන් සිටින” බවයි. එමෙන්ම එහිදී ට්‍රම්ප්ගේ ෆැසිස්ට් වාදී තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කලෝය.

බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් අපේක්ෂකයෙකු වන ටැමි බෝල්ඞ්වින් වෙනුවෙන් සිදු කල මිනිත්තු 30ක කතාවක් තුල දේශ සීමාව වසා දැමීමට සහ මිලිටරිය පිටත් කර හැරීමට වන ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව සම්බන්ධයෙන් සඳහනක්වත් සිදු නොකලේය. ලිංගික චෝදනාවන් සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ගේ උමතු සහගත ක්‍රෝධයට සාපේක්ෂව දුගී භාවයට පමුනුවන ලද සංක්‍රමනිකයන්ගේ ඉරනම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිශ්ශබ්දතාවය (කාන්තාවන් විශාල ප්‍රමානයක් ගෘහස්ත ප්‍රචන්ඩතාවයෙන්, දූෂනය කිරීම් වලින් සහ ලිංගික වහල් භාවයෙන් පලායාමද ඇතුලත්) ඃමීටූ උද්ඝෝෂනයේ ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරව් කරයි.

මෙම නිහඬතාවය, ඩිමොක්‍රටික් පක්ෂය තුල ක්‍රියාත්මක වන තමන් සමාජවාදීන් යැයි කියා ගන්නා සංවිධාන විසින් නිර්මානය කරයි. ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) සංක්‍රමනිකයන් වෙත එල්ල කරන ලද ට්‍රම්ප්ගේ නවතම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහනක්වත් කොට නොමැති අතර ඩීඑස්ඒ හා සම්බන්ධ ජකොබින් සඟරාව ද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ සෝශලිස්ට් වර්කර් හි මුල් පිටු වල ද සංක්‍රමනය සම්බන්ධ කිසිදු ලිපියක් නොමැත. මෙය මෙම ජාතිකවාදී, ධනපති ගැති සංවිධාන වලට සමාජවාදය සම්බන්ධයෙන් කුමන හෝ සම්බන්ධයක් නොමැති බවට වන නවතම සාක්ෂිය පමනි.

It is urgent that workers of all nationalities recognize in this caravan a friendly regiment of class allies.

සියලුම ජාතීන් වලට අයත් කම්කරුවන් මෙම තවලම පන්ති මිතුරන්ගේ බලවේගයක් ලෙස හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.

ධනපති ක්‍රමය යටතේ බිලියන ගනනක් කම්කරුවන්ගේ ජීවිත සම්පූර්නයෙන්ම විශාල බැංකු සහ සංගත වල ලාභයන්ට දෙවැනි කොට සලකයි. සුලං පහරක ඇති දූවිලි කැබැල්ලක් ආකාරයට යුද්ධයන්, ආර්ථික බිඳ වැටීම් හෝ වැටුප් වල සහ බඩු භාන්ඩ වල වෙනස් කම් මිලියන ගනනක් කම්කරුවන් ඔවුන්ව ඔවුන්ගේ පවුල් වලින් සහ සංස්කෘතීන් වලින් උගුල්ලා දමමින් සහ ඔවුන්ට ලෝකයේ ඈත කොන් වල ආරක්ෂාව සෙවීමට බල කරමින්, ඔවුන්ගේ නිවාස වලින් බලහත්කාරයෙන් ඉවත් කරයි.

සංක්‍රමනිකයන්ට එල්ල කෙරී ඇති දැවැන්ත අනතුර තිබියදීම, මහා පරිමාන වශයෙන් සංක්‍රමනය වීමේ ක්‍රියාවලියේ සහ විශේෂයෙන්ම තවලමෙහි, විප්ලවවාදී ඇඟවුම් ඇත.

ධනවාදය යටතේ නීති ප්‍රකාරව ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදීම නමැති සමාජ සම්මතය, බිලියන ගනනක් කම්කරුවන්ගේ අපේක්ෂාවන් සහ වෛෂයික අවශ්‍යතාවන් සමග අනුකූල නොවන බව, ජාතික බාධකයන් හරහා ගමන් කිරීම මගින් කම්කරු පන්තිය ඔප්පු කරමින් සිටි. දේශ සීමා හරහා ගමන් කිරීම මගින්, සංක්‍රමනය නිතී විරෝධී දෙයක් බවට පත් කරන නීති, වහලුන් ලෙස මිනිසුන්ව මිලදී ගැනීම සහ විකිනීම නීති ගත කල නීති තරම්ම මානව ප්‍රගමනයට බාධාවක් බව තවලම ඔප්පු කරමින් තිබේ.

“ධනවාදය සහ කම්කරුවන්ගේ සංක්‍රමනය” නමැති 1913 ලියන ලද ලිපියක ලෙනින් මෙසේ පැහැදිලි කලේය:

“දරුනු දුගී භාවයම පමනක් මිනිසුන්ට ඔවුන්ගේ උපන් භූමිය අත හැරීමට බල කරන බව සම්බන්ධයෙන් සහ ධනපතියන් සංක්‍රමනික කම්කරුවන් අතිශය නිර්ලජ්ජිත ලෙස සූරා කන බවට කිසිදු සැකයක් නැත. නමුත් ජාතීන් වල මෙම නවීන සංක්‍රමනයේ ඇති ප්‍රගතිශීලී අර්ථභාරය සම්බන්ධයෙන් දෑස වසා ගත හැක්කේ ප්‍රතිගාමීන්ට පමනි. ප්‍රාදේශීය ජීවිත වල පරන, පුස් බැඳුනු පුරුදු බිඳ දමමින්, ජාතික සීමාවන් සහ පක්ෂපාතීත්වයන් බිඳ දමමින්, ඇමරිකාව, ජර්මනිය වැනි රට වල විශාල කර්මාන්තශාලා වලට සහ පතල් වලට සියලුම රටවලින් කම්කරුවන් එකතු කරමින් ධනපති ක්‍රමය මුලු මහත් ලෝකයේම කම්කරු පන්තික මිනිසුන් ඤපන්ති අරගල වලට% ආකර්ශනය කරගනිමින් සිටි.”

ඇමරිකානු කම්කරුවන් දකුනේ සිට එන සිය සහෝදර සහෝදරියන් ආරක්ෂා කිරීමට පෙරට ආ යුතුයැයි සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී:

•තවලමට සහභගී වී සිටින සියලුම දෙනාට එක්සත් ජනපදය තුලට ආරක්ෂාකාරීව සංක්‍රමනය වීමේ සහ නෛතිකව ඇතුලු වීමේ ඉඩ

•සංක්‍රමන සහ රේගු බලාධිකාරිය (අයිසීඊ) සහ රේගු සහ දේශසීමා ආරක්ෂනය (සීබීපී) අහෝසි කිරීම සහ මිලිටරිකරනය කරන ලද දේශසීමා කලාපය ඉවත් කිරීම

•එක්සත් ජනපදය තුල රඳවා සිටින සංක්‍රමනිකයන්ට වහාම නිදහස

•තවලමට සහභාගී වී සිටින්නන්ට සහ සියලුම සංක්‍රමනිකයන්ට රැකියා, නිවාස, සෞඛ්‍ය රක්ෂනය, සහ අධ්‍යාපනික අවස්ථා ලබා දීම

•ඇමරිකානු බිලියනපතියන්ගේ ධනයෙන් මධ්‍යම ඇමරිකාව නැවත ගොඩනැගීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක වැඩපිලිවෙලක්

•සියලුම කම්කරුවන්ට බියට හෝ අපචාරයන්ට ලක් නොවී ලෝකය හරහා ආරක්ෂාකාරීව ගමන් කිරීමේ අයිතිය

එරික් ලන්ඩන්

Share this article: