කවානෝ විමර්ශනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය, සංගත විසින් පාලනය කිරීම ඉස්මතු කරයි

Kavanaugh hearings highlight corporate control of US Supreme Court

2018 සැප්තැම්බර් 6

එජ ශ්‍රේෂ්ඨාධිකරනයට බ්රෙට් කවානෝගේ නාම යෝජනා දීම පිලිබඳ සෙනට් අධිකරන කමිටු විමර්ශන අනාවැකි කිව හැකි පරිදි කලින්ම සැලසුම් කරන ලද කටයුත්තකි.

ට්‍රම්ප් පරිපාලනය සහ කොන්ග්‍රස් රිපබ්ලිකානුවන් සඳහාත් නාමයෝජිතයා සඳහාත් විමර්ශනවල එකම එල්ලය වන්නේ තමන් විසින් සිදුකර ගන්නා හානි වලක්වා ගැනීම සහ නාමයෝජනාව සම්මත කිරීම සඳහා 51 ට 49 රිපබ්ලිකානු බහුතරයක් ප්‍රමානවත් වනු ඇත යන පිලිගැනීම ලබා ගැනීමත් ය. ඩිමොක්‍රටිකයෝ එය නැවැත්වීම සඳහා කිසිවක් නොකරනවා පමනක් නොව දක්ශිනාංෂික විනිසුරුට තම සමහරෙකුගේ චන්ද ලබා දෙනු ඇත.

කවානෝ දොලොස් වසරක් තිස්සේ ෆෙඩරල් නඩුකාරයකු ලෙස අන්ත දක්ෂිනාංශික ෆෙඩරල්වාදී සමාජය වෙනුවෙන් දේශන 50ක් පැවැත්වූ සහ ඊට පෙර කෙනත් ස්ටාර් මෙහෙයවූ බිල් ක්ලින්ටන් ට එරෙහි දේශපාලන කුමන්ත්‍රනයේ තීරනාත්මක භූමිකාවක් ඉටුකල ප්‍රතිගාමියා නොව නිවාස අහිමිව කතෝලික පුන්‍යායතන වල සිටින අයට කෑම බීම සැපයූ සහ තරුනියන්ට බාස්කට් බෝල් ඉගැන්වූ යහපත් හිත හොඳ අයකු ලෙස පෙන්වා දෙන්නේ එබැවිනි.

සෙනේට් ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප් පරිපාලනයටත් එහි අන්ත දක්ශිනාංෂික ප්‍රතිපත්තිවලටත් “ප්‍රතිරෝධය” ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තුල මිථ්‍යාවන් වැපිරීමට නාමයෝජනාවට විරෝධයක් මවාපායි. ඔවූහු, මේ අතර, මෙම නොවැම්බර්වල නැවත මැතිවරනයකට මුහුන දීමට නියමිත 2016 දී ට්‍රම්ප් ජය ලැබූ ජනපදවල තෝරා ගනුලැබූ ඩිමොක්‍රටිකයන් කන්ඩාමකට කවානෝ සඳහා ඡන්දය දීමට ඉඩ හැරියෝහ.

සිවිල් අයිතිවාසිකම්, කාන්තා සහ සමලිංගික කන්ඩායම් ඉල්ලා සිටි ආකාරයට නම්කිරීම වලක්වනු පිනිස දිග් ගැස්සුන පමා කිරීමේ උපක්‍රමයකට එලඹීම තබා සිය අන්ත දක්ශිනාංශක තේරීම වූ නීල් ගෝසුක් පුරප්පාඩු නඩුකාර පදවියට පත්කිරීමට ට්‍රම්ප් ට අවකාශ සලසමින් ඔබාමා විසින් මෙරික් ගාලන්ඞ් නම්කිරීම වැලැක්වූ ඔහුගේ රිපබ්ලිකානු ප්‍රති රූපක මිච් මැක්කොනල්ගේ විධික්‍රම යොදවන ලෙස හෝ වන ඉල්ලීම සුලුතර නායක චාල්ස් ෂූමර් තරයේ ප්‍රතික්ෂේප කලේය.

මෙවැනි කාරනාවලදී රිපබ්ලිකන් පක්ෂය, අවශ්‍යයෙන්ම ධනපති දේශපාලනයේදී වඩාත්ම අධිෂ්ඨානශීලීද, ප්‍රකෝපකාරීද සහ දේශපාලනිකව රුදුරුද කල්ලිය වෙයි. මක්නිසාදයත්, එය සංගත ප්‍රභූවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද සහ වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන්ද ආරක්ෂා කිරීම මවාපෑමේ අවශ්‍යතාවය දැක්වීම එතරම් අවශ්‍ය නොවන බැවිනි.

මෙම දේශපලන යථාර්ථය ඩිමොක්‍රටික් පාක්ෂික රෝඞ් අයිලන්ඞ් හි සෙනට් මන්ත්‍රී ෂෙල්ඩන් වයිට්හවුස් විසින් අඟහරුවාදා කවානෝ පිලිබඳ විමර්ශනයේ ආරම්භක සැසියේ දී දෙන ලද අසාමාන්‍ය ප්‍රකාශයේ පසුබිම වන්නේ ය. කවානෝ ගේ නාමයෝජනය පිලිබඳව පමනක් නොව අග විනිසුරු ජොහාන් රොබට්ස්ද ඔහු නායකත්වය දරන ක්ලරන්ස් තොමස්, සැමුවෙල් අලි ටෝ, ගොර්ශුක් සහ සිය ඉල්ලා අස්වීම මගින් දැන් කවානෝ පත්කොට පුරවන්නට යන ඇබාර්තුව ඇතිකල ඇන්තනි කෙනෙඩි ද ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරු බහුතරය පිලිබඳ මිනිත්තු 18 ක හෙලිදරව්වක් වයිට්හවුස් විසින් කරනු ලැබීය.

මෙම විනිසුරුවරුන් “රොබර්ට්ස් ෆයිව්” ලෙස ලේබල් ගැසූ ධවල මන්දිරය විසින් අවධානය යොමු කලේ රොබර්ට්ස්වරු අගවිනිසුරුවරුන් ලෙස පත්වූ පටන් දුන් තීන්දු 80 කදී රිපබ්ලිකානු ජනාධිපතිවරුන් විසින් පත් කෙරුනු විනිසුරුවරුන් පස් දෙනා ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් විසින් පත්කෙරුනු සුලුතර හතර දෙනාට එරෙහිව පෙරමුනක් ලෙස ඡන්දය දුන් බවයි. ධනවත් සංගතවල අවශ්‍යතාවන් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කල මෙම උසාවි තීන්දුවලින් 73ක් තුලදී, ධවල මන්දිරය පැහැදිලි කලේ, “රොබර්ට්ස් ෆයිව්” විසින් සෑමවිටම සංගත ගැති තීන්දු බලපෑම් කර සම්මත කර ගත් බවය. ලකුනු සංඛ්‍යාව සටහන් වූයේ 73 ට බිංදුවක් ලෙසය.

සෙනේට් වරයාගෙ ඉදිරිපත් කිරීම කැපී පෙනුනේ එහිදී ශ්‍රේෂ්ඨාධිකරනය “දේශපාලනයට ඉහලින් පිහිටයි” යන හුරුපුරුදු මවා පෑම ඉවත දැමීම සහ පස් දෙනකු වන කොන්සවේටිවෙ බහුතරය “අධිකරනමය හික්මවීම්” හෝ “අධිකරනයෙන් නීති සම්පාදනයට” විරුද්ධත්වය පාන්නේය යන මවා පෑම් හාස්‍යයට ලක් කිරීම මගිනි.

“රොබට්ගේ පස් දෙනා අරා ඉඳගත් විට මෙම ඊනියා කොන්සෙර්වේටිව් වරු අධිකරනමය කොන්සෙර්වේටිව් වරු හැර අනෙකකු නොවනු ඇත” යනුවෙන් ඔහු පැවසීය. ඔවුන් ලෙහෙසියෙන්ම පූර්වාදර්ශ ඉවත දමා, පුලුල් ද්විපාර්ෂීය එකඟතා වයෙන් සම්මත වූ ආඥා පසෙක ලා ඔවුන් විමසිය යුතු නොවෙන පලල් ව්‍යවස්ථාමය කරනාවල පිහිටා තීන්දු දෙනු ඇත. අවශ්‍ය වන සංගත හිතවාදී තීරන වලට බධාවන ඕනෑම විටෙක “ආවේනිකත්වය” සහ පූර්වාදර්ශයන්ට ගරු කිරීම කසල ගොඩට දමනු ඇත.

ඔහු විසින් යොමුකල උසාවි තීන්දු අතර වූයේ: ඡන්ද අයිතිය පිලිබඳ පනත ඉරාදැමූ, ෂෙල්බි කවුන්ටි ට එරෙහි හෝල්ඩර්; සංගත විසින් පුදන ලබන උද්ඝෝෂන අරමුදල් සීමාවන් නිශ්ප්‍රභා කල, සිටිසන්ස් යුනයිටඞ්; සහ පාරිභෝගිකයන් සහ කම්කරුවන් තමන් ආපදාවලට ගොදුරු වූවිට හෝ තමන් සංගත විසින් වංචාවලින් පැහැර ගැනීම්වලට ගොදුරු වූ විට වංචනික බේරුම්කාර නඩු ක්‍රියාවලීන්ට එරෙහි පන්ති ක්‍රියාවන් සහිත නඩු දැමීම්වලට බාධා කරන වෝල්මාර්ට් ට එරෙහි ඩිව්ක්ස් සහ එපික් සිස්ටම්ස්.

අනෙකුත් 5-4 තීන්දු වැටුප් පිලිබඳ අසාධාරනකම්ද, වයස පිලිබඳ අසාධාරනකම්ද, ලිංගික අඩත්තේට්ටකම්ද හෝ අසාධාරනකම්වලට එරෙහි චෝදනා ගොනු කලවිට ඊට එරෙහි එකටඑක කිරීමටද එරෙහි කම්කරුවන් විසින් නඩු මගට බැසීමෙන් සංගත ආරක්ෂා කල අතර ජාත්‍යන්තර මානව අයිතීන් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව එජ සංගත වගකීමෙන් ආරක්ෂා කලේය.

5-4 තීන්දු, ගබ්සාද, සමලිංගික අයිතීන්ද සහ උපත් පාලනයට පවාද එරෙහි අන්ත දක්ශිනාංෂිකයින් මෙන්ම සංගත දූෂකයින් සඳහා ආරක්ෂක ක්‍රමෝපායන් පරාසයක් ඇතුලත්ය. අනෙකුත් එවැනි තීන්දු, මුස්ලිම් සංචාරකයින්ට එක්සත් ජනපදයට ඇතුලුවීමට එරෙහි ට්‍රම්ප්ගේ තහනමට පිටුබලය දීම සහ ආයෝජන බැංකුවලට වංචාව පිලිබඳ අයිතිවාසිකම් කියාපෑමෙන් හුදකලා කරන තීන්දුද ඇතුලත් වෙයි.

ධවල මන්දිරය කවානෝ වැන්නවූන්ගේ නාමයෝජනාවල පැටිකිරිය සොයාගති. අන්ත දක්ශිනාංෂික විනිසුරුවරුන් විසින් ප්‍රචාරනය කරනු ලබන හා ආවරනය කරනු ලබන ෆෙඩරල්වාදී සමාජයට සංගත දානපතියෝ මූල්‍යය ආධාර සපයති. ඔවුහු අපේක්ෂක ට්‍රම්ප්ට ශ්‍රේෂ්ඨාධිකරනයටද ඇතුලත්ව උසාවි සඳහා තෝරාගනු ලබන්නවුන් ගැන ට්‍රම්ප් විසින් පොරොන්දු වූ ලැයිස්තුවක් දුන්හ.

“අනතුරුව මහා ව්‍යාපාරිකයෝ සහ පක්ෂග්‍රාහී කන්ඩායම් තමන් විසින් ගොර්ශුක් සඳහා ද දැන් කවානෝ සඳහා ද කලාක් මෙන්, සෙනේට් සභිකයින් ලවා ඡන්ද අනුමැතිය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට දේශපාලන වැඩකටයුතුවලට කලු සල්ලි යොදවන ජුඩිෂල් ක්‍රයිසිස් නෙට්වර්ක් වෙත මුදල් වැය කරති. මේවා සඳහා මිලියන ගනන් ඩොලර් ගෙවන්නේ කවුද, ඔවුන්ගේ අභිලාෂයන් කුමක්ද, වනාහි ගැඹුරු අඳුරු රහසකි” ධවල මන්දිරය පැහැදිලි කලේය.

ඔහු (සෙනට් මන්ත්‍රී ෂෙල්ඩන්) පැවසුවේ ගොර්ශුක් අධිකරනයට පත්වීමේ පටන් මෙම වසරේ ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු දහයක් එජ වෙලඳ මන්ඩලය දිනා ඇති බවත් සහ 2006 පටන් “රොබර්ට්ස් ෆයිව්” හවුල් වූ නඩුවලින් හතරෙන් තුනක් දිනූ බවයි. “ඇමරිකානු ජනතාව සිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරනය පුද්ගලයින්ට වඩා වඩාත් වාසිදායක ලෙස සංගතවලට, 7 ට 1 ක අනුපාතයකින්, සංසන්දනාත්මකව සලකන බව” යැයි ඔහු පැවසීය.

උසාවිය ජනතාවගේ ඇස් ඉදිරියේ පැහැදිලිව අපකීර්තියට පත්වෙමින් ඇත යන මෙම අනතුරු ඇඟවීම කම්පනයක් ඇති කරයි. අධිකරන කමිටු සභාපති චාර්ල්ස් ග්රැස්ලි ද්වේශයෙන් බැන වැදුනේ ධවල මන්දිරය විසින් “ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරුන්ගේ පුද්ගලික අවංකභාවයට විනාඩි 18 ක් ප්‍රහාර එල්ල කර ඇත. ඔහු පැවසුවේ පුද්ගලික අවශ්‍යතාවන් විසින් විනිසුරුවරුන් පස්දෙනා මිලට ගෙන විකුනා දමනු ලැබ ඇත යනුවෙනි. ඔහු ඔවුන්ට චෝදනා කලේ තම පක්ෂපාතී කන්ඩායම් වෙනුවෙන් නඩු තීන්දු ගන්නා බවය.”

ධවල මන්දිරය දේශපාලනික රැඩිකල් නොව ප්ලයිමවුත් රොක් දක්වා පසුපසට දිවයන පවුල් පැටිකිරියක් සහිත නිව් එංන්ග්ලන්ඞ් උරුමයක් සහිත ප්‍රභූපන්තියකි. ඔහු එජ රාජතන්ත්‍රයකුගේ මුනුබුරාද, දුම්රිය කර්මාන්තයට සම්බන්ධ ධනකුවේරයකුගේ අති-මුනුබුරාද, ඇමරිකානු පාලක ප්‍රභූවේ “කාගේ කව්ද” කෙනෙකුට විවාහ වී හෝ ලේ නෑකමක් ඇත්තකු වෙයි. ඔහු පාලක පන්තියේ තම රිපබ්ලිකානු සගයින්ට අනතුරු අඟවන්නේ ඔවුන්ගේ ගමන අවදානම් සහිත බවත් පහලින් ප්‍රතිචාරයකට මග විවර කල හැකි බවත් කියමිනි.

ඔහුගේ විවේචනය සැබැවින්ම ඒක පාර්ශ්විකය. මන්ද එය අවධානය යොමු කරන්නේ 5-4 ක් වන බෙදීමට පමනි. උසාවියේ පක්ෂග්‍රාහී බෙදීම් තවදුරටත් 9-0 හෝ ආසන්න ඒකමතික තීන්දුවලදී සමස්ත උසාවි පාර්ශ්වය සංගත සහ ධනවතුන් සමග වේ.

කෙසේ වෙතත්, මෙම තත්වය ආන්ඩුවේ සියලු ආයතන සහ දේශපාලන පක්ෂ දෙක අලලා ගත් සමාගම්-මූල්‍ය කතිපයාධිකාරයේ දූෂිත හා ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයේ යථාර්ථය පිලිබඳ තීක්ෂනත්වය ලබාදෙයි. කම්කරු පන්තියේ වැඩෙමින් පවතින විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා පහසුකම් සැපයීමට, මෙම සංඛ්‍යාත්මකව කුඩා කතිපයාධිකාරය ශ්‍රේෂ්ඨාධිකරනය අන්ත දක්ෂිනාංශය වෙත මාරුකිරීමට තීරනය කර තිබේ. රිපබ්ලිකානුවන්ට නොඅඩු වූ ඩිමොක්‍රටිකයන්, එහි තීන්දුව විකාර ලෙස විස්තාරනය කිරීමකට, පාර්ලිමේන්තු වේදිකාවට සම්බන්ධ වී සිටී.

හෙලිදරව්ව වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරනයේ පමනක් නොව, සාමාජිකයෙකු සාමාන්‍ය දශ ලක්ෂපතියකු වන ක්ෂේත්‍රයන්ද ඇතුලුව ධනේශ්වර රාජ්‍ය ප්‍රකෝටිපති ජනාධිපතියෙකුගේ ප්‍රකෝටිපති කැබිනෙට්ටුවක් හිටපු ජෙනරාල්වරු, අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන් සහ සංගත පතුරු වලින් ස්ථාපිත කර ඇති බවය.

පැට්‍රික් මාටින්

Share this article: