මාධ්‍ය හා ම්‍යුලර් වාර්තාව

The media and the Mueller report

2019 මාර්තු 27

රුසියාව සමග කුමන්ත්‍රනය කිරීම හා අධිකරනයට අවහිර කිරීම සම්බන්දයෙන් ට්‍රම්ප් නිදොස් කරන, විශේෂ උපදේශක රොබට් ම්‍යුලර්ගේ වාර්තාව, ඩෙමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍යයට බරපතල දේශපාලන පරාජයකි. දිනෙන් දින, නිව් යෝක් ටයිම්ස් විසින් පෙරමුන ගන්නා ලද, සංස්ථාපිත මාධ්‍යයේ බහුතරය 2016 මැතිවරනය වෙනස් කිරීම පිලිබඳ ව රුසියාවට චෝදනා කරමින් හා ට්‍රම්ප් රුසියානු ඒජන්තයකු ලෙස හංවඩු ගසමින් ඔප්පු නො කල ප්‍රකාශ හා අමූලික බොරු පොම්ප කලේ ය.

ආසන්න වශයෙන් වසර දෙකක් එක දිගට පැවති පරීක්ෂන වලින් පසු නිකුත් කෙරුනු, ම්‍යුලර්ගේ වාර්තාව, ප්‍රතිගාමී දේශපාලන න්‍යායපත්‍රයක් හඹා යාමේ දී ඇමරිකානු මහජනයා අපහසුවට පත් කල සම්පූර්න රුසියානු විරෝධී කතාන්දරය ම බොරුවක් බව හෙලිදරව් කර ඇත. සෙනසුරාදා, මාධ්‍යවේදී මැට් ටයිබ්බී, “එය නිල රාජකාරියයි: රුසියානුදොරටුව (ඍමිස්ට්එැ) මෙම පරම්පරාවේ ජනඝාතක අවිය යි” නමින් ලිපියක් පල කල අතර එහි ඔහු මෙසේ සඳහන් කලේ ය. “ඉරාක යුද්ධ මුහුන බිම ඇන ගැනීම මාධ්‍යයේ කීර්තියට හානි කලේ ය. රුසියානුදොරටුව මේ දැන් එය විනාස කලේ ය...කෙසේ නමුත්, හුදෙක් පත්‍රකලාරූපී අසමත් වීමක් ලෙස රුසියානුදොරටුව සමග සන්සන්දනය කරන විට ජන ඝාතක අවි කුරුලෑවකි.”

ප්‍රධාන මාධ්‍ය හොරනෑවල කර්තෘ මන්ඩල කාර්යාලවල සිට ඩෙමොක්‍රටික් පක්ෂයේ තීරන ගන්නන් දක්වා, වග කිව යුතු අය, දැන දැන බොරු කීවේ සීඅයිඒ, ජාතික ආරක්ෂක ඒජන්සිය හා එෆ්බීඅයි කන්ඩායම්වලට සේවය කරන අතර ය. මෙකී සංවිධානවල ට්‍රම්ප් විරෝධය මුලුමනින් ම දක්ෂිනාංශික ස්වභාවයක එකකි. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධ වු අතර උත්සාහ කලේ ඔහු රුසියාව වෙත ප්‍රමානවත් තරම් ආක්‍රමනකාරී නො වූ අතර සිරියාව හා වෙනත් තැන්වල මිලිටරි ක්‍රියා තීව්‍ර කිරීමට අතිශය පසුබාන සුලු යැයි යන පදනම මත ඔහු ඉවත් කිරීමට හෝ දේශපාලනික ව අබ්බාගාත කිරීමට ය.

රුසියානු විරෝධී උද්ඝෝෂනය පුනරුච්චාරනය කලේ මැකාතියානු රතු බිය දඩයම් ක්‍රමවේද යි. එහි අරමුන තුන්වැදෑරුම් ය: පලමුව, න්‍යෂ්ටික ව සන්නද්ධ රුසියාවට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීම යුක්තිසහගත කිරීමට භීතියේ වාතාවරනයක් ඇති කිරීම; දෙවනුව, ට්‍රම්ප්ට වන දැවන්ත මහජන විරෝධය දක්ෂිනාංශික, යුද ගැති දිසාවකට හරවා යැවීම; හා තුන්වනුව, අන්තර්ජාල වාරනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත අනෙකුත් ප්‍රහාර සඳහා කඩතුරාවක් නිර්මානය කිරීම යි.

එය රුසියාවෙන් පිටුවහල් කෙරුනු සර්ගේයි ස්ක්‍රිපාල් හා ඔහුගේ දියනියට ලන්ඩනයේ දී විෂ කා වැද්දීම පිටිපස පුටින් වී යැයි ගොතන ලද චෝදනවා ඇතුලු ව, පුලුල් ජාත්‍යන්තර රුසියානු විරෝධී දඩයමක කොටසක් විය.

මෙම ප්‍රෝඩාව සූදානම් කිරීමේ උපකාරී පාත්‍ර වර්ගයාට නියෝජිත මන්ත්‍රී මන්ඩල ඔත්තුසේවා කමිටුවේ ඉහල ඩෙමොක්‍රටිකයෙකු වන ඇඩම් ස්කිප්, බිලියනපති තාක්ෂන යෝධයකු වන මාර්ක් වෝර්නර්, “ලිබරල්” එම්එස්එන්බීසී රූපවාහිනී ජාලයේ පන්ඩිතයෙකු වන රසෙල් මඩෝව්; ස්ටීවන් කේල්බර්ට් හා සෙත් මේයර්ස් වැනි මධ්‍යම රාත්‍රී රූපවාහිනී වැඩසටහන්වල සත්කාරකයන්; ටයිම්ස් පත්‍රයේ කතුවැකි පිටු කර්තෘ ජේම්ස් බෙනට් හා ජනාධිපති කාටර් යටතේ සීඅයිඒ අනුබල දුන්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද ඒජන්සිය පාලනය කල ඔහුගේ පියා ඩග්ලස් බෙනට් ඇතුලත් ය.

ජාතික ආරක්ෂක ඒජන්සියේ දේශීය ඔත්තු බැලීම් ගැන කොංග්‍රස් මන්ඩලයට බොරු කිව්, ඔබාමා යටතේ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ වූ ජේම්ස් ක්ලැපර්, සීඅයිඒ වධහිංසා වැඩසටහන් ආරක්ෂා කල හා සෙනේට් ඔත්තුසේවා කමිටුවේ පරිගනක පිලිබඳ සීඅයිඒ හැක් කිරීම් ගැන කොංග්‍රසයට බොරු කිව්, ඔබාමාගේ සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් ට්‍රම්ප් රුසියානු රූකඩයෙකු ලෙස හෙලා දකින ගුවන් විකාශ තරංගවල නිරන්තර ව මුන ගැසී ඇත.

මෙම පුද්ගලයෝ දැවන්ත දේශපාලන කුමන්ත්‍රනයක යෙදුනහ. ඩෙමොක්‍රටිකයන් ආරම්භයේ සිට ම (වෝල් වීදිය හා සීඅයිඒ සංවිධානයේ මනාප අපේක්ෂ්කා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය සමග මුල පුරමින්) තීරනයක් ගත්තේ ඔහුගේ කම්කරු පන්තික විරෝධී සමාජ ප්‍රතිපත්ති හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ඔහුගේ ඒකාධිපතිවාදී විරුද්ධත්වය හා සංක්‍රමනික විරෝධී වර්ගවාදය පිම්බීමට තමන් විරුද්ධ නො වන නමුත් අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ වන බවට යි.

සංස්ථාපිත මාධ්‍යයේ මෙම ප්‍රමුඛතාවන් පිලිබඳ ඇඟවීම දෙනු ලබන්නේ 2018 විකාශන ජාලවල සන්ධ්‍යා ප්‍රවෘත්ති වැඩසටහන් මගින් ආවරනය කෙරෙන කතාන්දර පිලිබඳ ව ටින්ඩාල් වාර්තාව මගින් කරන ලද අධ්‍යයනයක යි. ඒබීසී, සීබීඑස් හා එන්බීසී ජාලවල ට්‍රම්ප් සංක්‍රමනික ලමුන් රඳවා ගැනීමට (හා අපයෝජනයට) වඩා “රුසියානු මැතිවරන ඇඟිලි ගැසීම් විමර්ශනය” බොහෝ විට දෙගුනයකින් වාර්තා කෙරුනු අතර තම මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදි කිරීමට ට්‍රම්ප්ට හදිසි නීති බලතල පවරා ගැනීමට මග පෑදූ මධ්‍යම ආන්ඩුවේ දින 35ක අකර්මන්‍ය වීමට වඩා තුන් ගුනයකින් ද ප්‍රචාරය කෙරුනි.

එකට ගත් විට, රසියානුදොරටුව අංක දෙකේ වූ අතර ඉහලින් වාර්තා කෙරුනු කතාන්තරය වූ විනිශ්චයකාර කවනෝහ් පරීක්ෂා කිරීමේ #මීටූ සටන, සංක්‍රමනික ලමුන්ට ගෙස්ටපෝ ආකාරයේ සැලකිල්ල දැක් වීමට වඩා නිතරම හතර ගුනයකින් වාර්තා කෙරුනි.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය විසින් රුසියානුදොරටුව ප්‍රචාරය කිරීමේ යාන්ත්‍රනය වූයේ, තම ප්‍රකාශ පිලිබඳ කිසියම් හෝ තත්‍ය තහවුරු කිරීමක් නැති ව, අසාමාන්‍ය ලෙස නිර්නාමික ව, ජාතික ආරක්ෂක විශේෂඥයින්ගේ තහවුරු කිරීම්වලින් ප්‍රබන්ධ කෙරුනු “ප්‍රවෘත්ති” ලිපි පල කිරීම යි. ඉරාකයේ “ජනඝාතක අවි” පිලිබඳ මහ බොරුවේ පදනම මත, ඉරාක ජීවිත සිය දහස් ගනනක් ද ඇමරිකානු අයගේ දහස් ගනනක් ද අහිමි කෙරුනු, ඉරාකයේ නීති විරෝධී ආක්‍රමනයට ඇමරිකානු මහජනතාව ඇද ගෙන ගිය ඔත්තුසේවා ඒජන්සි ම ප්‍රශ්න කල නො හැකි සත්‍යයේ මූලාශ්‍රය ලෙස ඉදිරිපත් කෙරුනි.

ඩෙමොක්‍රටික් පක්ෂය මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය මත ට්‍රම්ප්ට එරෙහි තම විරුද්ධත්වය පදනම් කලේ, ආසන්න වශයෙන් වාර්තාගත මිලිටරි අයවැය අනුමත කිරීමට ධවල මන්දිරය සමඟ සහයෝගී වෙමින් සහ පොහොසතුන් වෙනුවෙන් බදු කප්පාදු හෝ සංක්‍රමනිකයන් පිටුවහල් කිරීම හා සමූහ හිරගත කිරීමට එරෙහිව මහජන බලමුලු ගැන්වීමට විරුද්ධ වෙමිනි. කම්කරු පන්තිය බෙදීමට, නිදොස් බවේ පූර්වානුමැතිය වැනි කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති යටින් කැන හෙලීම, හා ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන් තුල අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය ගොනු කර ගැනීමට වර්ගය හා ලිංගය මත පදනම් වූ දේශපාලනය ප්‍රචාරය කිරීම අරමුනු කෙරුනු #මීටූ දඩයම සමග රුසියානු විරෝධී හිස්ටීරියාව මිශ්‍ර කලේ ය.

ම්‍යුලර් වාර්තාව ඩෙමොක්‍රටික් පක්ෂය වියවුලට ඇද දමා ඇත. ට්‍රම්ප් ඉවත් කිරීමට හෝ රුසියාව දෙසට වඩා ආක්‍රමනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බල කිරීමේ තම උත්සාහයන්වල ප්‍රතිපලය වී ඇත්තේ ට්‍රම්ප් පාලනාධිකාරිය හා රිපබ්ලිකානුවන් ශක්තිමත් වීම යි. සඳුදා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ කතුවැකියක් මගින් සංඥා කෙරුනු පරිදි ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය වන්නේ රුසියානු “ඇඟිලි ගැසීම්” හා “අසමගිය වැපිරීම” ගැන තම සියලු බොරු ප්‍රතිචක්‍රීය කරන ගමන් ම තම රුසියානු විරෝධී උද්ඝෝෂනය දෙගුන කරන අතර ඊටත් එහා දකුනට නැඹුරු වන බව යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භයේ සිට ම රුසියානුදොරටු ව්‍යාජයට විරුද්ධ වී හෙලිදරව් කලේ ය. එය යලි යලිත් පැහැදිලි කලේ මහා පක්ෂ දෙක ම හා ඔවුන්ගේ “මාලිගා කුමන්ත්‍රන” දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම හා ධනවාදයට එරෙහි ස්වාධීන විප්ලවවාදී බලමුලු ගැන්වීමක පදනම මත ට්‍රම්ප්ට එරෙහි අරගලයක් ගෙන යාමේ කම්කරු පන්ති අවශ්‍යතාවය යි.

රුසියාව විසින් පොලඹවනු ලබන “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීම හා ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධවන අයට එරෙහි “විශ්වසනීය මාධ්‍ය” හුවාදැක්වීමේ නාමයෙන්, ඇමරිකානු ආන්ඩුව වාමාංශික ප්‍රකාශන, පලමු හා ප්‍රධාන වශයෙන් ලෝසවෙඅ සීමා කිරීම හා වාරනයට අන්තර්ජාල හා තාක්ෂන යෝධයින් බඳවා ගෙන ඇත. ජූලියන් අසාන්ජ්ගේ ඉදිරියට ඇදෙන පිටුවහල් කිරීම හා හරියටම මේ මාසයේ චෙල්සී මෑනිං යලි හිරගත කිරීම සමග අත්වැල් බැඳගෙන ගොස් ඇත්තේ නිදහස් භාෂනය මත ඍජු ප්‍රහාරයක් වේගවත් කිරීමට යි.

කෙසේ නමුත්, ඩෙමොක්‍රටියන්ගේ අන්ත පරාජයේ ප්‍රතිඵලය ප්‍රදර්ශනය කර ඇත්තේ, ගජබින්න දෙසා ඇත්තේ ද ඉදිරියට කරන්නේ ද නිශ්චිතව ම “විශ්වසනීය” මාධ්‍ය වන අතර පාලක පන්තියේ සෑම කන්ඩායමකගේ ම ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ලෝසවෙඅ හෙලිදරව්ව තහවුරු කෙරී ඇති බව යි.

බැරී ග්‍රේ

Share this article: