කොලම්බයින් උසස් විදුහලේ සමූල ඝාතනයේ සිට විසි වසරක්

Twenty years since the Columbine High School massacre

2019 අප්‍රේල් 19

මෙම සෙනසුරාදාව කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් අගනුවර කොලොම්බයින් උසස් විදුහලේ සමූල ඝාතනයෙන් පසු 20 වසරක් සලකුනු කරයි. එම ලොමුදැහැගැන්වෙන සිද්ධියේදී 12 වසරේ සිසුන් වූ එරික් හැරිස් සහ ඩිලන් ක්ලෙබොල්ට් සිය සහෝදර සිසුන් 12ක් සහ ගුරුවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව සියදිවි නසා ගත්හ.

1999 අප්‍රේල් 20දාට පෙරත් ඇමරිකාවේ පාසල් තුල වෙඩි තැබීම් සිදුවූ නමුත් කොලොම්බයින් සිද්ධිය එහි දරුනු සහ සිත්පිත් නැති මෘගත්වය අතින්, එහි වපසරිය අතින් (ගුවන් යානයක් පැහැරගෙන එය නිව්යෝර්ක් නගරය මැදට කඩාවැට්ටවීම ගැන, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට බෙහෙවින් පෙරාතුව, හැරිස් සිය දින පොත් සටහනක පරිකල්පනය කලේය) සහ එය දැනුවත් ලෙස “දේශපාලනිකව” කාල සමපාත කිරීම අතින් (ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන්මදිනය දවසේ සහ 1995 දී ඔක්ලහොමා නගරයේ දක්ෂිනාංශික ත්‍රස්තවාදී ප්‍රහාරයේ සංවත්සරයට ආසන්නයේ) ගුනාත්මකව අලුත් සහ කම්පනකාරී යමක් නිරූපනය කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි ප්‍රකාශනයේ දෙවන වසරේදී මෙය හඳුනා ගත්තේය.

“විපාකයන් කෙලෙස බියකරු වුවත්, හැරිස්ගේ සහ ක්ලෙබොල්ඞ්ගේ උමතු කඩාවැදීමට ගැඹුරු සමාජ මූලයන් ඇතැයි”, ඩේවිඩ් නෝර්ත්, 1999 අප්‍රේල් 27 වනදා “කොලොම්බයින් විදුහලේ සමූල ඝාතනය: ඇමරිකානු ගැමිදිවියෙන් ඇමරිකානු කෝපාග්නියට” ඤලින්ක්:“ඔයැ ක්‍දකමපඉසබැ ්‍යසටය ීජයදදක ප්ි්ජරු: ්පැරසජ්බ ඡ්ිඑදර්ක ... ්පැරසජ්බ ඊැරිැරන”%යන මැයෙන් පලවූ සිය ලිපියේ ලිව්වේය. නවකතාකරු පිලිප් රොත්ගේ පරිච්ඡේදයක් හුවාදක්වමින් තර්ජනයට ලක්ව සිටින ඇමරිකානු තරුන ජනයා විනාශය කරා රැගෙන යන එම මූලයන් කවරේදැයි නෝර්ත් ඇසුවේය. “සමාජය දෙස අවංකව බලන්න, එහි දේශපාලන නායකයින්, එහි ආගමික ප්‍රකාශකයන්, එහි සමාගම් ලොක්කන්, එහි මිලිටරි යන්ත්‍රනය, එහි සුපිරි තරු, එහි ‘ජනප්‍රිය’ සංස්කෘතිය සහ සියල්ලට ඉහලින් ප්‍රචන්ඩත්වය, විඳවීම සහ කුහකත්වය පදනම් වන්නා වූ සමස්ථ සුපිරි ව්‍යුහය”. පිලිතුර සොයාගත හැක්කේ එතැනිනි.

ඇමරිකානු සමාජයේ “නස්පැත්තිය” ගතවූ දශක දෙක තුල තවත් නරක අතට හැරී ඇතුවා පමනි. නොවැලැක්විය හැකි පරිදි වර්ජිනියා ටෙක් (2007), නිව්ටවුන් හි සැන්ඩි හූක් මූලික විදුහල (2018), කනෙක්ටිකට් (2012) සහ ෆ්ලොරිඩාවේ පාර්ක්ලෑන්ඞ් හි මාජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් විදුහල (2018) යන ආයතනවල නාමයන් හා බැඳී මෙම සුවිශේෂී වියවුල සහ මාරක ප්‍රහාරය ඉදිරියට ගොස් ඇත.

ඇත්තවශයෙන්ම, මේ සතිය සඳහා සැලසුම් කෙරුනු කොලොම්බයින් සංවත්සර සැමරුම්, 1999 වෙඩිතැබීම පිලිබඳ මනෝග්‍රස්තියකින් පෙලුනු ෆ්ලොරිඩා හි 18 හැවිරිදි කාන්තාවක් ඩෙන්වර් ප්‍රදේශයේ පාසල් වලට තර්ජනය කිරීම පිලිබඳ පුවතකින් වැසී ගියේය. යොවුන් කාන්තාව රට හරහා කොලරාඩෝවට ගුවනින් පැමින රිපීටර් තුවක්කුවක් සහ පතරොම් මිලදී ගත් පුවත දැවැන්ත පොලිස් සෝදිසියක් පාරට බැස්සවීමට සහ මිලියන බාගයක් සිසුන් සහභාගී වන පාසල් වසාදැමීමට හේතු විය. තමාම විසින්ම තබාගත් වෙඩිල්ලකින් ප්‍රානය නිරුද්ධ වූ සොල් පයිස්ගේ සිරුර බටහිර ඩෙන්වර් හි “තදින් වන ගහනය වූ පෙදෙසකින්” පසුව සොයාගන්නා ලදී.

මෙම ආසන්නතම මාරක සිද්ධිය කිසි ලෙසකින්වත් අවසන් එක නොවන අතර, එය වඩාත් මෑතම එක පමනි. වොෂින්ටන් පෝස්ට් මෙම මස මුලදී තක්සේරු කලේ කොලොම්බයින් සමූල ඝාතනයේ සිට 220,000කට වඩා දරුවන් ප්‍රමානයක් තමන්ගේ පන්ති කාමර වලදී තුවක්කු ප්‍රහාරයන්ට නිරාවරනය වී තිබෙන බවයි. මෙම දත්ත වඩා අනාරක්ෂිත සාමාජිකයන්ට මූලිකම ආරක්ෂාවක් හෝ සැපයීමට අපහොසත් සමාජ පර්යායක් ගැන දෙස් දෙයි.

දරුවන්ගේ කායික සහ මානසික ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම, මෙම නිම නොවෙන ඛේදවාචකයන්ගේ මූල හේතු වටහා ගැනීමට හෝ ඒවා වැදගැම්මක් ඇතිව ආමන්ත්‍රනය කිරීමට නිල ඇමරිකානු සමාජයට පවත්නා නොහැකියාව හෝ එහි දරදඩු අකමැත්ත සමඟ එක පෙලට යයි.

මෙම ලිපියේ කතෘ දශක දෙකකට ඉහතදී (“දෑස් තදින් වසාගෙන ඇත: කොලොම්බියන් උසස් විදුහල යලි ආරම්භ කිරීම” ලිපියේ ) පැවසුවේ “තීරනාත්මන දෙය හැර අන් සියල්ලක්ම සිදුවෙමින් පවතී: එනම් ඇමරිකාව සමාජයේ තත්වය ගැන විශ්ලේශනයක් කිරීමයි. දේශපාලකයන් සහ මාධ්‍ය පන්ඩිතයන් එකකට එකක් වෙනස් නොගැඹුරු නිගමන ඉදිරිපත් කරයි. නමුත් සියල්ලෝම එක් කාරනයකට එකඟය: එනම් මෙම මිනීමැරුම් වලට සමාජ පර්යායේ පදනමත් සමඟ කිසිම සම්බන්ධයක් නැත යන කාරනයටයි. ඔවුන් වේගයෙන් පැන ගන්නේ එම කාරනය ආරක්ෂා කර ගැනීමටය. ඕනෑම සිද්ධියකදී කිසිවෙක් නිල ඇමරිකාවෙන් විමර්ශනශීලී ස්වයං විවේචනයක් බලාපොරොත්තු නොවන නමුත් ප්‍රශ්න යට ගැසීම වැලක්විය නොහැකි ලෙස බරපතල ප්‍රතිවිපාකයන්ට තුඩු දෙයි.“

එක් පැත්තක් තකතීරු නොතැකීමෙන්ද, අනික් පැත්ත සමෘද්ධිමත් භාවය සහ ස්වයං තෘප්තිය තුලින් පෝෂනය කරන දැනුවත් අනවධානයෙන්ද සැදුම්ලත් අන්ධභාවය නොසැලී ඉදිරියට යයි. ශාස්ත්‍රාලික සහ සාදාචාර වටපිටාවද 1999දී තිබුනාට වඩා බංකොලොත් සහ පරිහානිගත තත්වයක පවතියි.

ඇමරිකානු මාධ්‍යය තුල කොලම්බයින් වෙඩිතැබීම ගැන “වාමාංශික”, දක්ෂිනාංශික හෝ මධ්‍යස්ථ මතධාරී විමර්ශනශීලී විචාරයක් හෝ කවර වර්ගයක හෝ වැඩිමනත් විචාරයක් සෙවීම පලරහිත වේ.

නිව් යෝර්ක් ටයිම්ස් හි ජ්‍යෙෂ්ඨ තීරු රචක ක්ලයිඞ් හබර්මන් සිරස්තලයකින් විමසුවේ “කොලම්බයින් සිද්ධියෙන් 20 වසරකට පසු අප උගෙන ඇත්තේ මොනවාද?” යනුවෙනි. නමුත් ඔහුද ඒ ගැන වද නොවන්නට ඇත. කොලම්බයින් සිද්ධිය පෙරටුකරගෙන පැමිනි හෝ ඇතැම් විට එයින් තල්ලුව ලැබූ සමූහ වෙඩිතැබීම් සහ ප්‍රචන්ඩකාරී සිදුවීම් ගනනාවක් වෙත යොමුවීමෙන් පසුව එවැනි ඛේදවාචක දැන් “ජාතික අනුලක්ෂන තුල කාවැදී ඇතුවාක් මෙන්ම ඒවා පට්ට ගැසූ පිටපතකින් පැමිනෙන බව“ කියමින්, කිසිඳු සාධාරන නිගමනයක් උකහා නොගනිමින් හබර්මාන් හිටි අඩියේම නික්ම යයි. පෙනන පරිදි ඔහුගේ එකම විසඳුම“තව තවත් ගිනිඅවි නීති රෙගුලාසි පැනවීමයි. එනම් ඇමරිකානු ලිබරල්වාදයේ වත්මන් ඥානයේ සියලු සමස්ථයයි. ඒ අතරවාරයේ ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ෆැසිස්ට්වාදී ජාතික රයිපල් සංගමය හාස්‍යජනක ලෙස යෝජනා කරන්නේ ගුරුවරුන් අතට ආයුධ දීමත් සෑම පාසල් ගොඩනැගිල්ලකම තුවක්කු උරුක් කරගත් පොලිස් භටයන් යෙදවීමත් ය.

සංස්ථාපිතයේ කව තුල පාසල් ඝාතන වැඩිමනත්ම දැකගන්නේ පොලිසියට අයිති කාරනාවක් ලෙසයි. ක්‍රයිම් රිපොර්ට් - යුවර් ක්‍රිමිනල් ජස්ටිස් නෙට්වර්ක් නිවැරදි ලෙස මෑතකදී නිරීක්ෂනය කලේ “සමහරවිට විශ්මයජනක අයුරින්” මෙම සමූහ වෙඩිතැබීම් සංසිද්ධිය මේ දක්වා “සවිස්තරාත්මක ශාස්ත්‍රීය අධ්‍යයනයකට හසුවී නැත”යනුවෙනි. ජාතික විද්‍යා පදනම මෙම මස “ශාස්ත්‍රාලික සහ නීතී බලධාරී නිලාධාරීන් දෙකොට්ඨාශයම” සම්බන්ධ වූ “ඇමරිකාවේ සමූහ ප්‍රචන්ඩත්වය වටහාගැනීමට සහ පිටුදැකීමට සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක්” නමින් පැවැත්වූ වැඩමුලුවකට අනුග්‍රාහකත්වය දුන්නේය. අපට දැනගන්නට ලැබී ඇති අයුරින් මෙම ලියකියවිලි, “ඇමරිකානු අපරාධවිද්‍යා සංගමයේ ක්‍රිමිකොලොජි ඇන්ඞ් පබ්ලික් පොලිසි” ජර්නලයේ පලවනු ඇත.

නමුත් ඇමරිකාවේ මෙම කවර හෝ අර්ථභාරී වර්ධනයක් පිලිබඳ තීරනාත්මක හෝ ගැඹුරු විශ්ලේෂනයක් යමෙක් බලාපොරොත්තු වන්නේ කවර දිශාවකින්ද? රුසියාව, ජාතිය, ලිංගය සහ 2020 මැතිවරන මත ඇස් යොමාගෙන සිටින, ඉහලින්ම සන්තෝසම් ලබන, ධනවත් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් කතෘවරු, තීරු රචකයෝ සහ විශ්වවිද්‍යාලවල සහ චින්තන පර්ෂද වල ඊට සමාන අය මෙම දුෂ්ක්‍රියාවේ උච්ච අවධිය පිලිබඳ අර්ථවත් යමක් කීමට හෝ දැනුවත්වීමට හැකි මට්ටමක නැත. කොටස් මිල ඉහල යන තරමට ඇමරිකාවේ සියල්ල හොඳින්ය යන තර්කය පල දරයි; තරුනයින් එකිනෙකාට වෙඩි තබාගැනීමේ සිදුවීම්, සියදිවි හානිකර ගැනීම් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තිගැස්සෙන සුලු ප්‍රමානයන්ගෙන් මියයාමට සිදුවුවත් ඒ එසේය. සියලුම ඉසුරුමතුන් වෙනුවෙන් කතාකරමින්, වෝල් ස්ටී්‍රට් ජර්නලය පසුගිය වසරේදී “තතනමින් ඉදිරියට ඇදෙන ඇමරිකානු ආර්ථිකයේ එතරම් නරක පැති නැත” යන සිය නිරීක්ෂනය ඉදිරිපත් කලේය.

සියලු පාලක ප්‍රභූවන් සමානව නිර්මානය කෙරී නැත. ඇමරිකානු සංස්කරනය විශේෂයෙන් මුග්ධය, අදූරදර්ශීය, පිලිස්තීනුය, 1924දී ලියොන් ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලාක් මෙන් “නිර්දය ලෙස කෲරය, විලෝපිකය (වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම) සහ සාපරාධීය.

එමෙන්ම ඉහල මධ්‍යම පන්තික “වම” හෝ එහි ඉතුරුපහදු? නේෂන් සහ ජැකොබින් සඟරාවල වාම-ලිබරල් තකතීරුවන්, ඩිමොක්‍රටික් පක්ෂයේ ඒ හෝ මේ “ජනප්‍රියවාදී” වංචනිකයෙක් පුම්බාලීම වෙනුවෙන් සම්පූර්නයෙන් යෙදෙමින්, ඔහු හෝ ඇය ඇමරිකාවේ ප්‍රශ්න පහසුවෙන් විසඳනු ඇති බවට මවාපාමින්, ඇමරිකාවේ පුලුල් මහජන දුක් පීඩාවන්ගෙන් හැතැප්ම දහස් ගනනක් ඈතින් සිටියි.

පාසල් තුල සමූල ඝාතනයන්ගේ විසිවසර ඒවායේ සමස්ථ සමාජ හා ඓතිහාසික සන්දර්භය තුලින් බැලිය යුතුය. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රකාශයට පත්කිරීමේ සිට සහ ඇෆ්ගනිස්ථානය සහ ඉන්පසුව ඉරාකය ආක්‍රමනය කිරීමේ සිටද අඩු වැඩි වශයෙන් දශක දෙකක්ද, ජාතික මැතිවරනය කොල්ලකමින් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිලිබඳ ඇමරිකානු ධනේශ්වරයේ කවර හෝ වුවමනාවක් ඉවතලීමෙන් දශක දෙකක්ද, වැඩෙන සමාජ අසමානතාවයේ දශක දෙකක් සහ කම්කරුවන්ගේ ජීවන කොන්දේසි වලට එරෙහි නිර්දය ප්‍රහාරයන්ගේ දශක දෙකක්ද ගතවී ඇත. ට්‍රොට්ස්කිගේ පාඨයේ මේ සියලුම ක්‍රියාවලීන් පවතින්නේ “එකම ඓතිහාසික තලයක් තුලය“

මෙම විසිවසරක කාලය තුලම කොලම්බයින්, සැන්ඩි හූක් සහ පාර්ක් ලෑන්ඞ් ද, අබු ග්‍රයිබ් සහ ෆලූජා, ගුවන්තනාමෝ සහ බග්‍රම් ඇතුලත්ව “පාසල් ඝාතන“ “වැඩපලවල වෙඩි තැබීම්”, “ඉලක්ක ගත ඝාතන”, “ඝාතක ලැයිස්තු”, “වධ දී ප්‍රශ්න කිරීම්”, “රහස් මිලිටරි පර්යන්ත” සහ “සිරකරුවන් අත්‍යසාමාන්‍ය ලෙස වෙනත් රටකට බාර කිරීම” ආදියද ලෝකයේ ශබ්දකෝෂයට හඳුන්වාදෙනු ලැබුනි.

ඇමරිකානු ධනපති සාමාජය කැබලිවී යමින් පවතී. කොලම්බයින් හි සිදුවූවාක් වැනි තනි තනි පුද්ගලයින්ගේ උමතු, සමාජ විරෝධී ක්‍රියා දැහැමි ප්‍රාර්ථනාවන් මගින් හෝ ඊටත් පහල මට්ටමින් බලවතුන්ගේ උදාසීනත්වයෙන් නැවැත්විය නොහැකි වනු ඇත.

කෙසේ වුවත්, එම ඉවසිය නොහැකි සමාජ අර්බුදයම ජනකායන් අතර අතිශයින් වෙනස් යමක් කකාරවමින් ඇත. යුද්ධය, දරිද්‍රතාව සහ සමාජ දුක්ඛිතතා ආදී සමූහ වෙඩි තැබීම් වලට තුඩු දෙන ක්‍රියාවලීන් සහ ඇමරිකානු සමාජයේ දෛනික ප්‍රචන්ඩත්වය, වඩාත් ප්‍රගතිශීලී වර්ධනයන් කරාද ධාවනය වෙමින් පවතී: එනම් ධනවාදයට එරෙහිව ගැඹුරුවන වෛරය සහ සමාජවාදය වෙත වැඩෙන ශ්‍රාවකත්වයයි.

ඩේවිඩ් වොල්ශ්

Share this article: