බ්‍රෙක්සිට් අර්බුදයට ඇති එකම විසඳුම පන්ති අරගලය හා සමාජවාදය යි

Class struggle and socialism are the only answer to the Brexit crisis

2019 අප්‍රේල් 01

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අපේක්ෂාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පශ්චාත් යුද ඉතිහාසය තුල ගැඹුරුම අර්බුදය උපදවා ඇත. නමුත් මහා අනතුර වන්නේ කම්කරු පන්තිය තමන්ගේ ම උත්සුකයන්වල දී මැදිහත් වීම වලක්වා තිබීම පමනක් නො ව, එය එයට ම එරෙහි ව බෙදා දමමින් හා දක්ෂිනාංශික ධනේශ්වර ගැති කන්ඩායම් දෙකෙන් එකකට හෝ අනෙකට යටත් කෙරෙමින් තිබීම යි.

පශ්චාද් බ්‍රෙක්සිට් වෙලඳ සම්බන්ධතා මත යුරෝපා සංගමය සමග ඇති කර ගැනනු ගිවිසුම සඳහා පාර්ලිමේන්තුව තුල එකඟත්වය ලබා ගැනීමට අගමැතිනි තෙරේසා මේ තුන් වතාවක් අසමත් වීම සමග, කොන්සර්වටිව් නායකත්ව තරඟයක් පිලිබඳ සාකච්ඡා දැන් යටපත් කෙරෙන්නේ, 2017 පැවත් වූ එකට පසු දෙවැනි හදිසි මහ මැතිවරනයක් තිබීමට ඉඩ ඇතැ යි යන සමපේක්ෂනයෙනි.

නව මැතිවරනයක් කැඳවන්නේ නම්, මත විමසුම්වල ලකුනු පහක් ඉදිරියෙන් සිටින, කම්කරු පක්ෂයට ටෝරීන් පරාජය වන අතර සුලුතර ආන්ඩුවක් පිහිටුවනු ඇත යි පුරෝතකනය කෙරේ. බ්‍රෙක්සිට් (යුරෝපයෙන් ඉවත් වීමට හිතැති) පක්ෂ හා යුරෝපයේ රැඳීමට හිතැති පක්ෂයන්ට ටෝරී මන්ත්‍රීන් එවැනි පියවරකට විරුද්ධත්වය දක්වමින් එක්සත් වන්නේ, ලේබර් නායක ජෙරමි කෝබින්ගේ “ජාතික උත්සුකයන්” ආරක්ෂා කිරීමේ ප්‍රකාශිත අරමුන නො තකා, කම්කරු පන්තිය විසින් කප්පාදු අවසන් කිරීම සඳහා කෙරෙන නැවත්විය නො හැකි ඉල්ලීම්වලට මග පාදනු ඇත යි යන බියෙනි.

අගමැතිනි මේ ගේ ගිවිසුම නැවත වතාවක් ප්‍රතික්ෂේප කෙරෙන්නේ නම්, මෙම සතිය තුල විශ්වාසභංග යෝජනවාක් ඉදිරිපත් කෙරෙනු ඇත යි කෝබින් අඟවා ඇත. මෙය කම්කරු පන්තිය ඉදිරියේ දේශපාලන ඉදිරිදර්ශනය හා නායකත්වය පිලිබද තීරනාත්මක ප්‍රශ්න සෘජුවම මතුකර තිබේ.

පාලක පන්තිය වේගයෙන් පැතිරී යන තම අභ්‍යන්තර ගැටුම් විසඳා ගනු ඇති බවට මොන යම් හෝ හැකියාවක් ඇත් නම්, ඒ පක්ෂ නායකත්ව මැතිවරන දෙකක දී ඔහුට දෙන ලද වරමට ගරු කිරීමට කෝබින් ප්‍රතික්ෂේප කිරීමෙන් ගලා එන්නකි. එනම්, ලේබර් පක්ෂයෙන් බ්ලෙයාර්වාදී දක්ෂිනාංශය පිටමං කිරීම අරඹමින්, දශක ගනනාවක කප්පාදු, මිලිටරිවාදය හා යටත්විජිත යුද්ධවලට අවසානයක් ගෙන ඒම යි.

ඒ වෙනුවට, ඔහු තෝරා පත් කර ගත් සාමාන්‍ය සමාජකයින් වසර තුනක් තිස්සේ යටත් කෙරී ඇත්තේ නේටෝ සාමාජිකත්වය, න්‍යෂ්ටික ආයුධ පාවිච්චිය තබා ගැනීම හා ටෝරීන්ගේ කප්පාදු පැටවීමේ දී කම්කරු පක්ෂ පලාත්පාලන අධිකාරියන්ට කෝබින්ගේ බලපෑම වැනි ප්‍රතිපත්ති මත දේශපාලනික පසුබෑම්වලට හා යුදෙව් විරෝධය මත ගොතන ලද “වාම” දඩයමට තම අනුමැතිය දීමට යි.

මේ අතර, නියෝජ්‍ය නායක ටොම් වොට්සන් පැහදිලි කර ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනයට වන ඕනෑ ම දේශපාලන අභියෝගයක් වැලක්වීම සඳහා වන සෑම දෙයක් ම බ්ලෙයාර්වාදීන් විසින් කරනු ඇති බව යි. ඔහු ප්‍රොස්පෙක්ට් නම් බුද්ධිමන්ඩලයට පැවසුවේ “ජතික එකමුතුවේ” හරස් පක්ෂ ආන්ඩුවක් තුල යුරෝපා-සංගමයට පක්ෂ ටෝරීන් සමග වැඩ කිරීමට තමා සූදානම් බව යි. වොට්සන් පාර්ලිමේන්තු කම්කරු පක්ෂයෙන් තුනෙන් එකකින් සමන්විත, “අනාගත බ්‍රිතාන්‍ය” යැයි පැවසෙන කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් 80කගේ කන්ඩායමක නායකත්වය ගනී.

ඒ ආකාරයෙන් ම වෘත්තීය සමිති කම්කරුවන්ට විකල්පයක් ඉදිරිපත් නො කරයි, වෘත්තීය සමිති සම්මේලන ප්‍රධාන ලේකම් ඕ. ග්‍රැඩී හා බ්‍රිතාන්‍ය කර්මාන්ත සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කැරොලින් ෆෙයාබෙයාන් “අපගේ රට ජාතික හදිසි තත්වයකට මුහුන දෙමින් සිටී” යැයි ප්‍රකාශ කරමින් අගමැතිනි මේ වෙත ඒකාබද්ධ ලිපියන් නිකුත් කරමින් “බී සැලස්මක්” ඉල්ලා සිටිති.

කම්කරුවන් යුරෝපයෙන් ඉවත් වීම (බ්‍රෙක්සිට්) සඳහා සහාය දීමට ධනේශ්වරයේ බ්‍රෙක්සිට් කන්ඩායම විසින් උසිගන්වනු ලබන වර්ගවාදය හා ජාතිකවාදය පිලිබිඹු නො කරන්නාවූ අවංක හා ප්‍රබල කාරනා තිබේ. ඒවාට, යුරෝපා සංගමයේ කප්පාදු පැටවීමට වන විරුද්ධත්වය හා යුරෝපා සංගමයෙන් පිටවීම මගින්, අනුප්‍රාප්තික කම්කරු හා ටෝරී ආන්ඩු විසින් ඇති කෙරුනු සමාජ විනාසය අවසන් කල හැකිය යන කාරනා ඇතුලත් වෙයි. යුරෝපයේ රැඳී සිටිය යුතු බවට සහාය දෙන බොහෝදෙනා සම්බන්ධයෙන් ද එය සත්‍ය ය. බ්‍රෙක්සිට් සඳහා වන ඔවුන්ගේ විරුද්ධත්වය යුරෝපා සංගමය පිලිබඳ අවිවේචනාත්මක අනුමැතිය සංඥා නො කරන නමුත්, ඊට වෙනස් ව ඉවත් වීමේ ආර්ථික බලපෑම පිලිබඳ බිය හා හිතාමතා ජාතිකවාදය උසිගැන්වීම මෙන්ම බොහෝ තරුනයන් යැපෙන, සංක්‍රමන හා කම්කරුවන් නිදහසේ සංචාරය කිරීම අවසන් කිරීම සම්බන්ධයෙන් වන පිලිකුලද සංඥා කෙරේ.

සමාජවාදී විකල්පයක් නැති තැන, මහා මැතිවරනයක් පැවත් වුව ද, කිසිවක් වෙනස් නො වනු ඇත. මුලුමනින් ම පාහේ විශේෂයෙන් ම බ්‍රෙක්සිට් පක්ෂ හෝ විපක්ෂ ප්‍රශ්න මත එය සටන් කරනු ඇත්තේ, කම්කරු පන්තිය බෙදමින් හා රැකියා, වැටුප් හා සමාජ තත්වයන්ට එරෙහි ව ඉදිරියට ඇදෙමින් තිබෙන ප්‍රහාරයට එරෙහි ඕනෑ ම එක්සත් අරගලයක් වලක්වමිනි. කුමන පැත්ත ජය ගත්ත ද, දේශපාලන බෙදීම ඉදිරියට ඇදෙනු ඇත, එමෙන් ම පාලක පන්තියේ කන්ඩායම් වැඩෙන මහජන අසන්තෝෂය උපයෝගී ගර ගනු ඇත්තේ බලවත් ආන්ඩුවකට හා ඒකාධිපතිවාදී පාලනයකට පක්ෂව කතා කිරීමට ය.

ඉතිහාසය අනතුරු ඇඟවීමක් සපයයි

ජාතික ආන්ඩුවක් සඳහා වන වොට්සන්ගේ සහාය මතක් කර දෙන්නේ ජාතික ආන්ඩුවක් තුල ටොරීන් සමග එක්වීමට 1931දී කම්කරු පක්ෂ නායක රැම්සේ මැක්ඩොනල්ඞ් විසින් ගනලැබූ තීරනය යි. තමන් රැකියා නැත්තවුන් කලා වූ ද සාගින්නෙන් පෙලුනු තිස් ගනන් අතරතුර (1930 හා 40 අතරතුර ආර්ථික අවපාත කාලයේ - පරි), ෆැසිස්ට්වාදී ඔස්වල්ඞ් මොස්ලේගේ බ්‍රිතාන්‍ය සංගමයේ මතුවීම පසෙකින්, හා ජර්මනිය මෙන් ම ඉතාලියේ ෆැසිස්ට් තන්ත්‍රයන්ගේ දෝංකාරය මධ්‍යයේ පැටවුනු ම්ලේච්ඡ කප්පාදු නිසා කම්කරු පන්තිය මිලියන ගනනින් වන්දි ගෙවීමට මෙය හේතු විය.

කම්කරු පක්ෂයේ වම හා දකුනේ ඒකාබද්ධ පවාදීම් වෙනුවෙන් කම්කරුවන් අද එම කටුක මිල ම ගෙවනු ඇත.

යුරෝපා සංගමය තුල හෝ ඉන් පිට, ගෝලීය තරඟකාරිත්වය කුමන රූපාකාරයක් ගත්ත ද, එය බල කරන්නේ කම්කරුවන්ගේ ජීවනෝපායන් මත වැඩි දුරටත් ම්ලේච්ඡ ප්‍රහාරයකි. “ගිවිසුමක් නැති” බ්‍රෙක්සිට් තත්වයක දී එක්සත් රාජධානිය තුල දේශීය වශයෙන් සොල්දාදුවන් 50,000ක් බලමුලු ගැන්වීම සඳහා වන සැලැස් ම යුරෝපා සංගමය තුල ප්‍රන්සයේ “කහ කබා” විරෝධතාවන්ට එරෙහිව ජනාධිපති මැක්‍රොන්ගේ හදිසි නීති තත්වය ප්‍රකාශ කිරීම හා හමුදාව යෙදවීම මගින් දෝංකාර නැංවූයේ ඒ නිස යි.

සමාජවාදී සමානතා පක්ෂය 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරනයේ දී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල අතර එය බ්‍රිතාන්‍ය තුල පමනක් නො ව, යුරෝපය පුරා හා ජත්‍යන්තර ව කම්කරුවන් හා තරුනයන්ගේ උත්සුකයන් පැහදිලි කලේ ය, අද “බ්‍රික්සිට් පක්ෂ හෝ විපක්ෂ” රූපාකාරයන් ගන්නා දේශපාලන උගුලෙන් පිටත මාවතක් ඉදිරිපත් කරන්නේ එය පමනකි.

ජනමත විචාරනයේ සක්‍රීය වර්ජනයක් ඉල්ලා සිටිමින්, සසප බ්‍රෙක්සිට් න්‍යායපත්‍රයේ හරි මැද වූ ජාතික ආර්ථික සංවර්ධනය පිලිබඳ ප්‍රතිගාමී ඉදිරිදර්ශනය සඳහා මෙන් ම යුරෝපා සංගමය සඳහා කුමන හෝ සහයෝගයක් දීම ද ප්‍රතික්ෂේප කලේ ය. රැඳෙන්නන් හා පිටවන්නන් කම්කරු පන්තියට වන තම විරුද්ධත්වයේ දී එක්සත් වූ දක්ෂිනාංශික ධනේශ්වර බලවේග නියෝජනය කල අතර, ඔවුන් වෙනස් වන්නේ යුරෝපීය වෙලඳ කාන්ඩය තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායික උත්සුකයන් හඹා යා යුතු ද නැද්ද යන්න මත පමනක් බව අපි පැහදිලි කලෙමු.

සසප මෙසේ සඳහන් කලේ ය:

වර්ජනය කිරීමක් මෙම බලවේගවලට එරෙහි බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක වර්ධනයට පසුබිම සකස යි. එවැනි ව්‍යාපාරයක් වර්ධනය කල යුත්තේ කම්කරු පන්තියේ මහාද්වීපික මට්ටමේ ප්‍රතිප්‍රහාරයක කොටසක් ලෙස වන අතර, එය ජනමත විචාරනය යනු බ්‍රිතාන්‍ය හා යුරෝපීය ධනේශ්වරයේ ගැඹුරුවන පැවැත්ම පිලිබද අර්බුදය තුල සිද්ධියක් පමනක් බව හෙලිදරව් කරනු ඇත.

බ්‍රෙක්සිට් යනු අන්තර් අධිරාජ්‍යවාදී සතුරුකම්වල නිෂ්පාදනයක් වන අතර, එම සතුරුකම් පැහදිලි ප්‍රකාශනයක් සොයා ගෙන ඇත්තේ එක්සත් ජනපදය තුල ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පැමිනීම හා ඔහුගේ “ඇමරිකාව පලමුව” නම් ෆැසිස්ට්වාදී කැඳවුම තුල ය. එය සුපිරි-පොහොසත් කතිපයාධිකාරිය හා කම්කරු ජනයා අතර සමාජ අසමානතාවේ පෙර නො වූ විරූ මට්ටම්වලින් උසිගැන්වුනු වෙලඳ යුද්ධය, මිලිටරිවාදය හා පන්ති හතුරුකම්වලට ඇදවැටීමකට මුහුන දෙන, යුරෝපා සංගමයේ බිඳවැටීමේ ඉතාමත් දියුනු ප්‍රකාශනය යි.

යුරෝපය පුරා, ලෝක ධනවාදයේ ගැඹූරු වෙමින් තිබෙන අර්බුදයට ප්‍රතිචාරය වන්නේ වඩ වඩා කප්පාදු, ජාතිකවාදය හා සංක්‍රමන විරෝධී විදේශික භීතිකාව හා ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය පෝෂනය කිරීම යි. නමුත් යුරෝපය, ඇල්ජීරියාව හා සුඩානයේ, මෙක්සිකෝව, එක්සත් ජනපදය, චීනය තුල මෙන් ම ජාත්‍යන්තර වැඩවර්ජන හා සමාජ විරෝධතාවන්ගේ නැගෙමින් පවතින රැල්ල තුල කම්කරු පන්තිය සටන් කිරීම අරඹමින් සිටී. යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙම වැඩෙමින් තිබෙන ව්‍යාපාරයට යි දැන් බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය හැරිය යුත්තේ.

බ්‍රෙක්සිට් අර්බුදයට පිලිතුර වන්නේ යුරෝපා සංගමය සමග එක්සත් කම නො ව, යුරෝපා ආන්ඩුවලට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින මිලියන ගනනාවක් කම්කරුවන් සමග පන්ති එක්සත්කම යි. ටෝරීන් පරාජය කිරීමට හා යුරෝපා එක්සත් සමාජවාදී ආන්ඩුවක් සඳහා මහාද්වීප පරිමානයේ අරගලයේ කොටසක් ලෙස කම්කරු ආන්ඩුවක් පිහිටුවීමට, කම්කරු පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, කම්කරුවන් සාමාන්‍ය සාමාජික කම්කරුවන්ගේ කමිටු ගොඩනැගිය යුතු ය.

ක්‍රිස් මාස්ඩන්

Share this article: