එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මොන්රෝ ප්‍රකාශනයට යලි පන දෙයි

US imperialism resurrects the Monroe Doctrine

2019 අප්‍රේල් 24

“අද අපි සියලුදෙනාට ඇහෙන්න ආඩම්බරයෙන් කියන්නේ: මොන්රෝ ප්‍රකාශනය පන පිටින් මෙන් ම යහතින්” යැයි එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පසු ගිය සතියේ ෆ්ලොරිඩාවේ දී ප්‍රකාශ කලේ ය.

බටහිර අර්ධගෝලය තුල වොෂින්ටන් විදේශ ප්‍රතිපත්තියේ ආසන්න වසයෙන් සියවස් දෙකක් පැරනි නියමය පිලිබඳ ට්‍රම්ප් පාලනාධිකාරියේ නිලධාරීන්ගේ වැඩිවෙන්නා වූ ප්‍රසිද්ධ කන්නලව් තොගයකින් මෙය හුදෙක් එකකි.

බෝල්ටන්ගේ ප්‍රේක්ෂකයින් සමන්විත වූයේ, 1961 බේ ඔෆ් පිග්ස් (කියුබාවේ) ආක්‍රමනයේ 58වැනි සංවත්සරය සැමරීමට රැස්වූවන් ය. එකී ආක්‍රමනය ෆිදෙල් කස්ත්‍රෝගේ ආන්ඩුව පෙරලා දැමීමට කියුබානු ප්‍රතිවිප්ලවවාදීන් හා කුලී හේවායන් යොදා ගනිමින් සීඅයිඒ සංවිධානය විසින් ගන්නා ලද අසාර්ථක උත්සාහයකි. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඉතිහාසය තුල සදාකාලික බොරුවක් වන, මෙම කැත මෙහෙයුමට සහභාගීවූවන් බෝල්ටන් විසින් හාස්‍යජනක ලෙස සමාන කලේ “බන්කර් හිල්හි ...හා නෝමැන්ඩියේ නිර්භීත මිනිසුන්” හැටියට යි.

1823දී මොන්රෝ ප්‍රකාශනය ලියන ලද්දේ, වහල් ක්‍රමය ව්‍යාප්ත කිරීමේ යුද්ධයක් යැයි 1846 මෙක්සිකෝවට එරෙහි යුද්ධය හෙලා දුටු, ප්‍රමුඛ විරුද්ධවාදීන්ගෙන් අයෙකු වූ ජෝන් ක්වින්සි ඇඩම්ස් විසිනි. 1833දී ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් පලමු වරට එය නිවේදනය කෙරුනු අවස්ථාවේ, එය යොමු කෙරුනේ ලතින් ඇමරිකාවේ අලුතෙන් නිදහස ලැබූ සමූහාන්ඩු යලි යටත්විජිත බවට පත් කිරීමට යුරෝපයේ ප්‍රතිගාමී රාජාන්ඩු බලවතුන් විසින් ගනු ලබන ඕනෑ ම ප්‍රතිගාමී උත්සාහයකට එරෙහිව යි.

කෙසේ නමුත්, මෙම ප්‍රකාශනය පිලිබඳ නිර්වචන ප්‍රගාඪ වෙනස්කම්වලට යටත් වූයේ, එම සියවසේ හැරීම තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැගීමත් සමග ය. ඇමරිකා දෙකෙහි ඉතිරි යටත්විජිතවලින් ස්පාඤ්ඤය ඉවත් කිරීමේ උපායන්ගෙන් මෙය ඒකාබද්ධ කෙරුනේ, මෙම යටත්විජිතවල, විශේෂයෙන් ම කියුබාවේ මහජනයාගේ විප්ලවවාදී ප්‍රයත්නයන් කුරිරු ලෙස මර්දනය කරන අතර, ඒවා මොන යම් හෝ අව්‍යාජ නිදහසකින් වෙන් කර, එක්සත් ජනපද අර්ධ-යටත්විජිත ආධිපත්‍යය පටවමිනි.

1904 ජනාධිපති ටෙඩී රූස්වෙල්ට් යටතේ හඳුන්වා දුන් ඊනියා “ලොකු මුගුර“ යන උපසිද්ධාන්තය ඊ ලඟ සියවස සඳහා ප්‍රකාශනයේ අත්‍යාවශ්‍ය පරාමිතීන් සැකසුවේ, එක්සත් ජනපද ඍජු මිලිටරි මැදිහත්වීම් 50ක් සඳහා වේදිකාව සකසමිනි. එමගින් අර්ධගෝලය පුරා එක්සත් ජනපද “ජාත්‍යන්තර පොලිස් බලය” අත්තනෝමතිකව ආරූඪ කර ගනු ලැබිනි. නිකරගුවාවේ සොමොසා ඒකාධිපතිත්වය හා ඩොමිනිකන් සමූහාන්ඩුවේ ට්‍රජිලියෝ වැනි ඒවා බලයට ගෙන එමින්, එක්සත් ජනපද බැංකු හා සංගතවල උත්සුකයන් සමග ගැටුනු ආන්ඩු පෙරලා දැමීමට බලය පාවිච්චි කිරීම නිදසුන් ය.

විසිවැනි සියවසේ පසු භාගයේ, ලතින් ඇමරිකාව එක්සත් ජනපදයේ බලපෑමට හසු කෙරුනු අර්ධ ගෝලය ලෙස පවත්වා ගෙන යාමට හා ලතින් ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය මර්දනය කිරීම වෙත යොමු කෙරුනු අර්ධගෝලීය “ජාතික ආරක්ෂක” පාලනයකට හා කොමියුනිස්ට් විරෝධයට මොන්රෝ ප්‍රකාශනය වෙන් කල නො හැකි ලෙස සම්බන්ධ කෙරුනි. මෙහි ප්‍රතිඵලය වූයේ දකුනු හා මධ්‍යම ඇමරිකාවේ වැඩි කොටස පුරා ෆැසිස්ට්වාදී-මිලිටරි ඒකාධිපතිත්වයන් ඇටවීම යි. මෙමගින් කම්කරුවන්, ශිෂ්‍යයින් හා එක්සත් ජනපද ආධිපත්‍යය හා මිලිටරි පාලනයේ අනෙකුත් විරුද්ධවාදීන් සිය දහස් ගනනක් මරා දැමීය; වධහිංසා පැමින වූ අතර සිරගත කලේ ය.

මෙම ලේවැකි හා අපරාධකාරී ඉතිහාසය නිසා සෝවියට් සංගමය විසුරුවා හැරීම ආසන්නයේ එක්සත් ජනපද පාලනාධිකාරිය ලතින් ඇමරිකාවේ පාලන ප්‍රතිපත්තියක් ලෙස මොන්රෝ ප්‍රකාශනය සඳහන් කලේ වඩ වඩා අඩු වසයෙනි. ඔබාමා පාලනාධිකාරිය යටතේ රාජ්‍ය ලේකම් වූ, ජෝන් කෙරී, 2013දී ඇමරිකානු ප්‍රාන්තවල සංවිධානයේ කතාවක දී “මොන්රෝ ප්‍රකාශනයේ යුගය අවසන්” බව ප්‍රකාශ කිරීමට හා වොෂින්ටනය තව දුරටත් මැදිහත්වීම් අත්හැර දමන බවට බොරු දිවුරුමකට හා දැන් එය එහි දකුනේ භූමිය දකින්නේ තමන්ට සමාන ලෙස යැයි අසම්භාවී ලෙස ප්‍රකාශ කිරීමට තරම් දුර ගියේ ය.

දැන් කෙසේ නමුත් ලේ තැවරුනු ප්‍රකාශනය වන්දි ගැනීමත් සමග පුනර්ජාත කෙරී ඇත්තේ, පලමුව වෙනිසියුලා “අන්තර්වාර ජනාධිපති” යැයි තමන් ම කියා ගන්නා ජුවාන් ගුයිඩෝ වටා නරුම තන්ත්‍ර වෙනස් කිරිම සම්බන්ධව හා දැන් කියුබාවට එරෙහි වොෂින්ටනයේ නීතිවිරෝධී ඒකපාර්ශ්වීය දේශසීමාවන් ඉක්මවාගිය සම්බාධක වල නාටකාකාර උත්සන්න කිරීම සමග ය.

පලමු කාරනාවේදී ට්‍රම්ප් පාලනාධිකාරිය “සියලු විකල්ප න්‍යායපත්‍රයේ ඇතැ යි” අවධාරනය කරන අතර වෙනිසියුලාවේ දරිද්‍රතාව හා සාගින්න උග්‍ර කර එරට අඩපන කරන සම්බාධක පැටවීම ඉදිරියට ගෙන යන්නේ, එක්සත් ජනපදය අරමුදල් සපයන දක්ෂිනාංශික දේශපාලන සොක්කා, වෙනිසියුලාවේ තනි “නීත්‍යානුකූල“ ආන්ඩුව ලෙස ප්‍රකාශ කිරීමට වොෂින්ටනය බලාපොරොත්තුව සිටි මිලිටරි කුමන්ත්‍රනය අසාර්ථක ව ඇති තතු යටතේ ඍජු මිලිටරි මැදිහත්වීමක් තර්ජනය කරමිනි.

“එය එක්සත් ජනපදය කෙතරම් බලසම්පන්න ද යන්න (වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස්) මදූරෝට දැනෙනු පිනිස යි. එමෙන් ම අපි වෙනිසියුලාවේ 40,000 සිට 45,000 දක්වා වන ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම තක්සේරු කරන බව පැහදිලි කිරීමටයි. ඔවුන්ට කිසියම් හානියක් වනවා දකින්නට අපට අවශ්‍ය නෑ” යි පසු ගිය සතියේ පීබීඑස් රූපවාහිනියේ නිව්ස්අවර් සම්මුඛ සාකච්ඡාවක දී බෝල්ටන් පැවසී ය.

උපකල්පිත “උපද්‍රවයට” එරෙහිව ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම අර්ධගෝලය තුල පසු ගිය ප්‍රධාන එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයන් දෙක සඳහා: 1983 ග්‍රැනඩාව හා 1989 පැනමාවේ, කඩතුරාව විය.

බෝල්ටන් මොන්රෝ ප්‍රකාශනය “පන පිටින් හා යහතින්” යන තම ප්‍රකාශය පුනරුච්ඡාරනය කලේ, “අර්ධගෝලය වටා ආරක්ෂාවක් එලීම” හා “මානව ඉතිහාසයේ පලමු සම්පූර්නයෙන් නිදහස් අර්ධගෝලය” නිර්මානය කිරීම එහි අරමුන වූ බව තවදුරටත් පවසමිනි.

කුමකින් නිදහස ද, යමෙකු ඇසිය හැක. කෙටි පිලිතුර වන්නේ වෙනිසියුලාව තුල එක්සත් ජනපද බලශක්ති සංගතයන්ට වෙනිසියුලානු තෙල් සූරාකෑම සඳහා සියලු ම බාධාවලින් තොර නිදහස; වෙලඳාම හා සම්පත් සඳහා චීනය, රුසියාව හා යුරෝපා සංගමය පාර්ශ්වයෙන් එල්ල වන තරගයෙන් නිදහස හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ හා විවිධ ලතින් ඇමරිකානු රටවල ජාතික ධනේශ්වරය තුල එහි සහචරයන්ගේ ආධිපත්‍යට පහලින් එල්ල වන මොනයම් හෝ අභියෝගයකින් නිදහස යි.

එය ඉතාමත් ම නිශ්චිත ව ලතින් ඇමරිකාවේ කම්කරු පන්තිය සඳහා නිදහස ප්‍රකාශ නො කරයි. මෙම කම්කරුවන් වෙත ට්‍රම්ප් පාලනාධිකාරියේ ආකල්පය හෙලිදරව් කෙරෙන්නේ සෑම දිනකම එක්සත් ජනපද දකුනු දේශසීමාවේ දී සංක්‍රමනිකයන්ට එරෙහි කුරිරු ලුහුබැඳ යාම තුල යි. ෆැසිස්ට්වාදී මනෝභාවයෙන් යුත් ඒජන්තයින් විසින් මෙම සංක්‍රමනිකයන් ලුහුබැඳ ගොස්, වහල් කඳවුරුවලට ගාල් කර, ඔවුනගේ රැකවරනයෙන් ලමුන් පැහැර ගෙන ඇත.

කියුබාව සම්බන්ධයෙන්, බෝල්ටන් හා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ “න්‍යෂ්ටික විකල්පයට” ගැනෙන, හෙල්ම්ස්-බර්ටන් පනත සක්‍රීය කිරීමට පසු ගිය සතියේ පෙර නො වූ විරූ පියවර ගත්තේය. මෙම පනත දිවයින් ජාතියට එරෙහි එක්සත් ජනපද සම්බාධක සංග්‍රහයක් සකස් කලේ ය. මෙම පනතේ තුන්වැනි ශීර්ෂකය, 1959 කියුබානු විප්ලවයෙන් පසු පැමිනි භුක්තිය පැහර ගැනීමේ දී අහිමි වූ දේපල බේරා ගැනීමට එක්සත් ජනපද උසාවි තුල නඩු පැවරීමට එක්සත් ජනපද සමාගම් හා පුරවැසියන්ට අවසර දෙයි. මෙය 1996දී ඩෙමොක්‍රටික ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් නීතියක් ලෙස අත්සන් කිරීමෙන් පසු, ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු යන දෙපක්ෂයේ ම අනුප්‍රාප්තික ආන්ඩු විසින් අත්හැර දමා තිබුනි.

දැන් බල පවත්නා මෙම ක්‍රියාව, කියුබාව තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන විදේශීය සමාගම් (යුරෝපීය, චීන හා කැනේඩියානු) ඩොලර් බිලියන ගනන් සම්බන්ධ වන නඩුවලට විවෘත කිරීමේ ඉඩ කඩ ඇති අතර, එක්සත් ජනපදය තුල ඒවායේ වත්කම් අල්ලා ගැනීමේ හෝ ඒවා එක්සත් ජනපද වෙලඳපොලන් ඉවත් කිරීමේ තර්ජන ඒ සමග බැඳී ඇත.

මොන්රෝ ප්‍රකාශනයට යලි පන දීම බැඳී ඇත්තේ නව ලෝක යුද්ධයකට සූදානම් වීම සමගිනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනිසියුලාව මත පමනක් නො ව, තම ප්‍රධාන ගෝලීය තරඟකරුවා වන චීනයේ ප්‍රවේශය වලකා ලීමේ හැකියාව ලබා ගනිමින්, ලෝක බලශක්ති සංචිතයන් මත තම අනභියෝගී පාලනය ස්ථාපිත කරනු පිනිස ඉරානය, මැද පෙරදිග හා මධ්‍යම ආසියාව මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට අධිෂ්ඨාන සහගත ය.

ඒ අතරම, ලතින් ඇමරිකාව පුරා නින්දාවට ලක් කෙරුනු, අපකීර්තිමක් මොන්රෝ සිද්ධාන්තයේ පුනර්ජීවනය, “තමන්ගේ ම පිලිකන්නේ” විදේශ ආයෝජනයන්ගේ ප්‍රධාන මූලාශ්‍රය චීනය විසින් පැහර ගෙන ඇත යි යන කාරනයට මුහුන දෙමින් සිටින, පිරිහෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය යි. චීනය ලතින් ඇමරිකාවේ දෙවැනි විශාල ම වෙලඳ හවුල්කරුවා ලෙස යුරෝපීය සංගමය ඉක්මවා ගොස් ඇති අතර, බ්‍රසීලය, පේරු හා චිලියේ ප්‍රධාන වෙලඳ හවුල්කරුවා ද වෙයි.

සැබවින් ම, මොන්රෝ සිද්ධාන්තයේ කිලුටු වූ ධජය වැනීමට දේශීය හේතුවක් ද ඇත. එය වෙන් කල නො හැකි සේ සම්බන්ධ වන්නේ, වෙනිසියුලාවේ දූෂිත ධනේශ්වර තන්ත්‍රයට සමාන කිරීමට උත්සාහ කරන ලද “සමාජවාදයට” එරෙහි ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයක් ගෙන යාමේ ට්‍රම්ප් පාලනාධිකාරියේ උත්සාහයට යි; මෙය 2020 යලි බලයට පැමිනීමේ උද්ඝෝෂනයේ ඉතාමත් වැදගත් අයිතමය යි. 20වැනි සියවසේ එක්සත් ජනපද අපරාධවලට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා ඝාතකයින් ඇති කල සමාජ පරිසරයක් වන, බේ ඔෆ් පිග්ස් සම්බන්ධ දක්ෂිනාංශික කියුබානු පිටුවහලුන්ට කල තම කතාවේ දී, අනතුරු අඟවන ලෙසින්, බෝල්ටන් මෙසේ ප්‍රකාශ කලේ ය: “ඉදිරි දිනවල අපට ඔබගේ උදව්ව අවශ්‍ය වෙනවා. අපි සියලුදෙනා මෙම අර්ධ ගෝලයේ, එමෙන් ම මෙරට, කොමියුනිස්ට්වාදයේ හා සමාජවාදයේ සියලු බලවේග ප්‍රතික්ෂේප කල යුතුයි.”

කම්කරු පන්තිය තුල සමාජවාදී විරුද්ධත්වයේ වර්ධනයට එරෙහිව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් පිම්බීමේ පාලක පන්තියේ උත්සාහයට එරෙහි අරගලය තම ඉතාමත් ම ආසන්න මිතුරා සොයා ගන්නේ, බ්‍රසීලයේ ෆැසිස්ට්වාදී හිටපු හමුදා කපිතාන් ජායිර් බොල්සොනාරෝ, ආර්ජන්ටිනාවේ දක්ෂිනාංශික බහුමිලයනපති මොරිසිඕ මාක්‍රී හා විකී ලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් බලහත්කාරයෙන් බාර දීම සඳහා වොෂින්ටනයේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියා කරමින් බි්‍රතාන්‍ය පොලීසියේ කඩා පැනීමේ කන්ඩායමකට ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ දොරවල් විවෘත කර දීමෙන් අධිරාජ්‍යවාදයට සිය අවනතභාවය ඔප්පු කල ලෙනින් මොරේනෝගේ දක්ෂිනාංශික ආන්ඩුවලට එරෙහි ලතින් ඇමරිකානු කම්කරුවන්ගේ අරගලය තුල ය.

මැටමොරොස් නගරයේ මැක්සිකානු කම්කරුවන්ගේ මෑත වැඩවර්ජන ඉතා බලගතු ලෙස ප්‍රදර්ශනය කල පරිදි, අන්තර්ජාතික බැංකු හා සංගතවල කොල්ලකෑමේ ක්‍රියාකාරිත්වය මගින් ජාතික සීමා හරහා නිෂ්පාදනයේ පොදු ක්‍රියාදාමයේ දී වෛෂයික ව එක් වුනු කම්කරු පන්තියට ඉදිරි මාවතක් සොයා ගත හැක්කේ තම පොදු හතුරන්ට, එනම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා කලාපයේ ජාතික පාලක කතිපයාධිකාරියන් පරාජය කිරීමේ අරගලය තුල දී එක්සත් ජනපද හා ලතින් ඇමරිකානු කම්කරුවන්ගේ දැනුවත් එක්සත් කම හරහා පමනි. මෙය ඉල්ලා සිටින්නේ අර්ධගෝලයේ සෑම රටක් තුල ම, කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක්, එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: