ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ජොන්සන්, බ්‍රික්සිට් පිලිවෙත පෙරට ගෙන යාම සඳහා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට යයි

Johnson to suspend UK parliament to push through Brexit in a major assault on democratic rule

ක්‍රිස් මාස්ඩන් විසිනි, 2019 අගෝස්තු 29

අගමැති බොරිස් ජොන්සන්ගේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින, පාර්ලිමේන්තුව අත්හිටුවීමේ නියෝගයට 28 වැනි දා අත්සන් කලාය.

සභා වාරය අත්හිටුවීම ලෙස සලකන පියවර ගැනීම සිදු වුනේ, බ්‍රික්සිට්වාදී ජේකබ් රීස්-මොග්ගේ නායකත්වයෙන් ප්‍රිවි කවුන්සිල සාමාජිකයින් තිදෙනෙකුගේ සංචාරයකින් අනතුරුව ය. සැප්තැම්බර් 9 වන සඳුදාට පෙර හා සැප්තැම්බර් 12 වෙනි බ්‍රහස්පතින්දාට කලින් ඔක්තෝබර් 14වන තෙක් පාර්ලිමේන්තුව රැස් නොවන බව මෙහි තේරුමයි. බ්‍රසල්ස් විසින් අයර්ලන්ත “හදිසි පියවර” ඇතුලු ක්‍රියාමාර්ග අත් නොහරින්නේ නම් වෙලඳ හා රේගු ගිවිසුමක් නොමැතිව යුරොපීය සංගමයෙන් ඉවත් වන බවට ජොන්සන් කරන තර්ජනයට විරෝධය පල කරන බොහෝ මන්ත්‍රීවරුන්ට වල කැපීම සඳහා මෙය සැලසුම් කර ඇත.

වැඩකරන දින 23 ක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම, නිවාඩුවෙන් පසුව සැප්තැම්බර් 3 වන දින ආපසු පැමිනෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ගිවිසුමකින් තොරව ඉවත්වීමේ බ්‍රික්සිට් වැඩසටහන අවහිර කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ලැබෙන්නේ සති ගනනක් නොව දින ගනනකි. ඉන් පසුව පාර්ලිමේන්තුව ඔක්තෝබර් 14 වන දින නැවත රැස්වන්නේ, ආන්ඩුවේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය පිලිබඳ රැජිනගේ කථාව (රාජාසන කථාව) ඇසීමටය. සහන ලබා නොදුනහොත් ඔක්තෝබර් 31 වන දින යුරෝපා සංගමයෙන් ඉවත් වන බවට තර්ජනය කරමින් ජොන්සන් ඔක්තෝබර් 17-18 දක්වා සාකච්ඡා සඳහා බ්‍රසල්ස් වෙත යනු ඇත. ජොන්සන්ගේ නව ගිවිසුමට හෝ ගිවිසුමක් නැති බ්‍රෙක්සිට්ට විරුද්ධ වීමට මන්ත්‍රීවරුන්ට ඉතිරි වන්නේ, ඔක්තෝබර් 21 සිට 22 දක්වා රාජාසන කථාව පිලිබඳ ඡන්ද විමසන අවස්ථාව පමනි.

විශ්වාසභංග යෝජනාවකින් එය අවසන් වුවත් නැතත්, බ්‍රික්සිට් ගැති න්‍යාය පත්‍රයක් යටතේ “පාර්ලිමේන්තුවට එදිරිව ජනතාව” සමඟ සටන් කරන බවට පොරොන්දු දෙමින් ජොන්සන් නොවැම්බර් 7 වන දිනට කඩිනම් මහ මැතිවරනයක් කැඳවනු ඇතැයි අනුමාන කෙරේ. සිය පූර්වගාමියා වූ තෙරේසා මේ, ඉවත් වීමේ ගිවිසුම වෙනස් කිරීමේ සැලසුම් අතහැර දැමුවහොත්, ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයේ සහාය ජොන්සන්ට ලැබෙනු ඇති අතර එහි නායක නයිජල් ෆරාජ් බ්‍රෙක්සිට් කන්ඩායමට “ආක්‍රමනශීලී නොවන ගිවිසුමක්” ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව මග හැරීමට ජොන්සන් දරන උත්සාහය ව්‍යවස්ථාමය හා දේශපාලන අර්බුදයක් මතුවීමේ තර්ජනය ගෙන එයි. ශ්‍රීමත් ජෝන් මේජර් සහ ශ්‍රීමත් මැල්කම් රිෆ්කින්ඩ් වැනි කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රමුඛ ඉතිරි අය, සිවිල් යුද්ධය ගැන කතා කරමින් ද ජොන්සන් සහ පලමුවන චාල්ස් අතර සමාන්තරයන් අඳිමින් ද ඔහුටද හිස නැතිවිය හැකි බවට අනතුරු අඟවති. ස්කොට්ලන්තයේ පලමු ඇමති නිකොලා ස්ටර්ජන් පැවසුවේ, “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිමතයට පටහැනිව, රටට හොරෙන් හා සදාකාලික හානියක් සිදුකරන ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් එකක් හරහා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව වසා දැමීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ . එය ආඥාදායකත්වයක් වන අතර, බොරිස් ජොන්සන් ඔහුගේ මාවත ගැනීම නවතා දැමීමට මන්ත්‍රීවරුන් ලබන සතියේ එකතු නොවන්නේ නම්, එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය මියගිය දිනය ලෙස අද ඉතිහාසයේ ලියවෙනු ඇතැයි මම සිතමි. ”

ලේබර් පක්ෂයේ ඡායා චාන්සලර් (මුදල් ඇමති) ජෝන් මැක්ඩොනෙල් ජොන්සන්ගේ මෙම පියවර විස්තර කලේ, “ බ්‍රිතාන්‍යයේම කුමන්ත්‍රනයක් ඔබ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල පූර්න හා නිදහස් ක්‍රියාකාරිත්වය වැලැක්වීමට අගමැතිවරයෙකුට ඉඩ දුන් පසු එය ඉතා අස්ථිර මාවතක ගමන් කරනු ඇති” බවයි.

මේ දක්වා පාර්ලිමේන්තුවේ සාකච්ඡාව, ජොන්සන්ගේ සැලැස්ම ව්‍යර්ථ කිරීම සඳහා නීතිමය හා කාර්ය පටිපාටික ප්‍රයත්නයන් කෙරෙහි පමනක් අවධානය යොමු කර ඇත. "ස්වෛරී පාර්ලිමේන්තුවක් මග හැරීමේ" සැලසුම් නවත්වන්නේ කෙසේද යන්න පිලිබඳව තමා තවදුරටත් නීති උපදෙස් ලබා ගන්නා බව මේජර් පැවසීය. ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ (එස්එන්පී) අධිකරන ප්‍රකාශක ජොආනා චෙරි විසින් ගෙන එන ලදුව ස්කොට්ලන්ත අධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතී. මන්ත්‍රීවරුන් 70 ක් පමන එයට පිටුබලය දී ඇත.

කෙසේ වෙතත්, ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් මඟින් තර්ජනයට ලක්ව ඇති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ව්‍යසනයෙහි පරිමාව, විරුද්ධ පක්ෂවල කථාබහට ලක්ව ඇති අතර ඔවුන්, ඔක්තෝබර් 31 බ්‍රෙක්සිට් අවසාන දිනයෙන් පසුව කාලසීමාව දීර්ඝකර ගැනීමේ අපේක්ෂාවෙන් කම්කරු නායක ජෙරමි කෝබින් ඉදිරිපත් කල හැකි විශ්වාසභංග යෝජනාවක් සඳහා සහාය දීම පිලිබඳව ද සාකච්ඡා කරනු ලැබේ. ඉදිරිපත් කරනු ඇති හා තාවකාලික "බාරකාර ආන්ඩුවක්" සඳහා.”

බදු අඩු, නිදහස් වෙලඳ කලාපයක් නිර්මානය කිරීමේ සිය සැලසුම් ඉදිරියට ගෙන යාමට ජොන්සන්ට හැකි වී ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනය සමඟ මිලිටරි/දේශපාලන සන්ධානයක් පවත්වා ගැනීමට එක්සත් රාජධානිය පෙල ගස්වා ගැනීමට හැකිවීම නිසා පමනි. ඒ කෝබින්ට පින්සිදු වන්නටය. කප්පාදුව, මිලිටරිවාදය සහ යුද්ධයට එරෙහි පොරොන්දු මත පදනම්ව ධුරයට තේරී පත් වූ කම්කරු නායකයා, ඒ වෙනුවට තම පක්ෂයේම බ්ලෙයර්වාදී දක්ෂිනාංශය මත වාරුවෙමින් හා ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. ඒ ලේබර් සාමාජිකත්වයේ කැමැත්තට පිටින් ය .

ටෝරි පක්ෂයේ නායකත්වය ජොන්සන්ට ලැබීමට ප්‍රතිචාර වශයෙන් කෝබින්, ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් පිලිවෙත අවසන් කිරීම සඳහා ඊට සහාය දක්වන සියලු පක්ෂවල සන්ධානයක් ඇති කර ගැනීමටත්, දෙවන ජනමත විචාරනයකට හා මහ මැතිවරනයක් කැඳවීමටත් ලේබර් පක්ෂය පොරොන්දු වන බව සඳහන් කරයි. මෙය පවා ප්‍රමානවත් නොවීය. කෝබින් අඟහරුවාදා එස්එන්පී නායකයින්, ලිබරල් ඩිමොක්‍රටිකයින් සහ හරිත පාර්ලිමේන්තු මන්ත්‍රී කැරොලයින් ලූකස් හමුවූ විට, ලිබ් ඩෙම් නායක ජෝ ස්වින්සන් යලිත් වරක් කියා සිටියේ, කෝබින්, බ්‍රික්සිට් විරෝධී බලවේග එක්සත් කිරීමට තරම් සුදුසු පුද්ගලයෙක් නොවන බවත්, ටෝරි පාක්ෂික කෙන් ක්ලාක් හෝ බ්ලෙයාර්වාදී හැරියට් හර්ම ගේ නායකත්වයෙන් යුත් ජාතික එක්සත් ආන්ඩුවක් ඉල්ලා සිටින බවත්‍ ය. බ්‍රික්සිට් ගැති ඉතිරි ටෝරි පාක්ෂික මන්ත්‍රීවරු ඉවත්ව සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් කෝබින්, ඔක්තෝම්බර් මාසය දක්වා විශ්වාසභංග යෝජනාවක් කැඳවීමේ තම සැලැස්ම ප්‍රමාද කිරීමටත් ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් පාක්ෂකයින් පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගැනීම වලක්වාලීමට පියවර ගන්නා බවටත් පොරොන්දු විය . එදින රාත්‍රියේ ඔහු, හිටපු අගමැතිනි මේ ද ඇතුලු 114 ක් පමන ටෝරි මන්ත්‍රී න් වෙත කනිපින්දම් ලිපියක් යවා ඇත. “ගිවිසුමකින් තොර බ්‍රික්සිට් එකක් වැලැක්වීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් සොයා ගැනීම සඳහා , පක්ෂ මතභේද තිබියදී වුවත් සාමූහිකව එකට වැඩ කිරීමට ඉදිරිපත් වන්න” යයි එහි සඳහන් විය.

එවැනි උපාමාරු සඳහා කාලයක් නොමැති බවට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජොන්සන් අපකීර්තිමත් ලෙස තීරනය කිරීමෙන් පසුව කෝබින් සහ ඔහුගේ සගයන් ඒ මේ අතට වීසි විය. කෝබින්ගේ ප්‍රතිචාරය ඉතා කනගාටුදායක විය. ඊයේ කෝබින් රැජිනට ලිපියක් යවමින්, “අත්හිටුවීමට දුන් රාජකීය අනුමැතිය, පාර්ලිමේන්තු බහුතරයකගේ කැමැත්තට පටහැනිව කෙලින්ම පිහිටුවීමේ අනතුරක් තිබේ” යනුවෙන් සඳහන් කල අතර “ප්‍රිවි කවුන්සිලයේ (සාමි මන්ත්‍රී මන්ඩලය හෙවත් සෙනේට් සභාවේ) අනෙක් අය සමඟ මටත් කථා කිරීමට අවස්ථාවක් ලබා දෙන" ලෙස ඔහු ඇයගෙන් අයැද සිටියේය. "හදිසි කාරනයක් ලෙස සලකා අවසන් තීරනයක් ගැනීමට පෙර. ”

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරු, විශ්වාසභංග යෝජනාවක් සඳහා විවෘතව සහයෝගය දීම ගැන සලකා බලති. අවම වශයෙන් ඔක්තෝබර් සඳහා උපස්ථ සැලැස්මක් ලෙස. ටෝරි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන රිමිනර් ඩොමිනික් ග්‍රීව් පැවසුවේ “මා ද සාමාජිකයෙකු වන පක්ෂයක් විසින් පරිපාලනය පහතට ඇද දැමීම කරනු ඇත්තේ අවසාන පියවර ලෙස පමනි. තත්වය පාලනය කල හැකි වෙනත් ක්‍රමයක් නොමැති නම් මට කරන්න පුලුවන් එකම දේ එය විය හැකිය . ”

ජොන්සන්ට එරෙහි ක්‍රියාවලිය මුහුනපා ඇති තවත් දේශපාලන ගැටලු පිලිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය අනාවැකි පල කලේය. විශ්වාසභංග යෝජනාවක් සඳහා “ටෝරි මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ පමන සහාය අවශ්‍ය වනු ඇත. ඔවුන් ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ අර්ධ මාක්ස්වාදී ලේබර් ආන්ඩුවක් බිහි වීමේ හැකියාව ඇති තත්වය හමුවේ, තමන්ගේම ආන්ඩුව පෙරලා දැමීම සඳහා සිතාගැනීමටවත් බැරි ආකාරයෙන් ඡන්දය දිය යුතුය. . ”

එස්එන්පී වෙනුවෙන් චෙරි පැවසුවේ, විරුද්ධ පක්ෂවලට දැන් විශ්වාසභංග යෝජනාවකට ඡන්දය දීමට වඩා ඇත්තේ, ප්‍රාථමික නීති සම්පාදනය කිරීමේ සැලසුම් සමාලෝචනය කිරීමට බවයි. එහෙත් ඔක්තෝබර් 31 න් පසු මහ මැතිවරනයක් කැඳවීම සඳහා ජොන්සන් විසින් විශ්වාසභංග යෝජනාව “ප්‍රයෝගයක්” ලෙස භාවිතා කල හැකි බවත්, ඊට එරෙහි වීම සඳහා කලින් පැවැත්වෙන මැතිවරනයකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට කම්කරු මන්ත්‍රීවරුන්ට කස පහර දීමට කෝබින් එකඟ විය යුතු බවත් ඇය පැවසුවාය. ඒ දිගුවක් ලබාගන්නා තුරු යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

කෝබින්ගේ දේශපාලන ද්‍රෝහිකම නිසා ඇති වූ තත්වය අතිශය භයානක ය.

මහා ව්‍යාපාරවල අවශ්‍යතා ආරක්ෂා කිරීමට ලේබර් පක්ෂය ගැන විශ්වාසය තැබිය හැකි බව ඔප්පු කිරීම සඳහා, නායකයා බවට පත්වූ සිව් වසර තුල කෝබින්, වැඩ වර්ජන මර්දනය කිරීමට සහ දේශපාලන ජීවිතය කුනු වූ උපාමාරු වලට සීමා කිරීමට වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් කටයුතු කලේය. එමඟින් ඔහු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයේ අති මූලික අර්බුදයට කම්කරු පන්තිය ස්වාධීනව මැදිහත් වීම වලක්වා ඇත.

බ්‍රෙක්සිට් හෙවත් පිටවීම සහ රැඳී සිටීම (යුරෝපීය සංගමය තුල) යන ප්‍රතිවාදී අධිරාජ්‍යවාදී ගැති මූලෝපායන්ට සමාජවාදී විරුද්ධත්වයක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු, ධනේශ්වර පංතියේ සියලු කොටස්වලට පොදු කප්පාදු, වෙලඳ යුද්ධය සහ මිලිටරිවාදයේ න්‍යාය පත්‍රයට කිසිදු ඒකාබද්ධ ප්‍රතිචාරයක් වැලැක්වීමෙන් කම්කරුවන් අතර භයානක බෙදීම් වැපිරීමට ඉඩ දී තිබේ. . පාර්ලිමේන්තුව අත්හිටුවීමට විරුද්ධ පෙත්සමකට මිලියනයකට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති නමුත් බ්‍රෙක්සිට් බෙදීම්වලට ස්තූතිවන්නට ටෝරි මන්ත්‍රීන් ලේබර් පක්ෂයට වඩා ඡන්ද 12 ක් ඉදිරියෙන් සිටී.

මෙම බෙදීම් ජය ගත හැක්කේ පොදු පංතියේ සතුරාට එරෙහිව සහ එක්සත් සමාජවාදී යුරෝපීය සංගමයක් සඳහා අරගලයට බ්‍රිතාන්‍ය හා යුරෝපීය කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමෙන් පමනි.

ඒ වෙනුවට, ඒකාධිපති පාලනයට යන ගමනේ බැරෑරුම් පියවරක් ගැනීමට ජොන්සන් ධෛර්යමත් කර ඇත. ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් පිලිවෙතට විරුද්ධව අනිවාර්යයෙන්ම නැඟී එනු ඇති සමාජ කැලඹීමේ තත්වය හමුවේ දහස් ගනනක් හමුදා සහ කැරලි මර්දන පොලිසිය යෙදවීමට ක්‍රියාකාරී සැලසුම් තිබේ.

Share this article: