එක්සත් ජනපද ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදීන්

The fascists in the White House

2019 ජූලි 16

පසු ගිය දින තුන පුරා ට්‍රම්ප්ගේ බැන වැදීම්වලට එක්සත් ජනපද ජනාධිපති තනතුරේ ඉතිහාසය තුල පූර්වාදර්ශ ඇත්තේ නැත. ධවල මන්දිරයේ උපදේශකයන් කල්ලියක් විසින් අනුබල දෙනු ලබන ට්‍රම්ප් ෆැසිස්ටිවාදියෙකු ලෙස විවෘතව කතා කරන්නේ විවිධ ජන වර්ගයන්ගේ මෙන් ම ජාතික මූලයක් සහිත පුද්ගලයන් යක්ෂාවේෂ ගන්වමින්,සමාජවාදය හෙලා දකිමින්, හා තම පාලනාධිකාරියේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන අය රටට ද්‍රෝහී වන හෙයින් එය හැර දමා යා යුතු යැයි ප්‍රකාශ කරමිනි.

ට්‍රම්ප් තම බැන වැදීම් එල්ල කර ඇත්තේ ඩෙමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් මන්ඩල කාන්තාවන්ට ය: එනම් ඇලෙක්සැන්ඩ්‍රා කෝර්ටෙක්ස් ඔකෑසියෝ,ඉල්හාන් ඔමාර්, රෂීඩා ත්ලායිබ් හා අයානා ප්‍රෙස්ලිට ය. ඉරිදා සවස, “අපේ රට ගැන බොහෝ නරක විදියට කතා කරන” හා “සැබෑ හා සීමාවක් නැති ආවේගයක් ඇති ව ඊස්‍රායලයට වෛර කරන” ඔවුන් “රැඩිකල් වමේ කොංග්‍රස් ගෑනු” යයි හෙලා දකිමින් ඔහු ට්වීටර් ප්‍රහාරයක් ආරම්භ කලේ ය. “යුදෙව් විරෝධී” මෙන් ම “ඇමරිකානු විරෝධී” වන “ඒඕසී(ඔකෑසියෝ කොර්ටෙක්ස්) හා මෙම රංචුව කොමියුනිස්ට්වාදී රොත්තක්” බවට රිපබ්ලිකානු සෙනෙට් සභික ලින්සේ ග්‍රැහම් දැක් වූ අදහස් ට්‍රම්ප් උපුටා දැක්වී ය.

ජනාධිපති සඳුදා මෙම තේමාව ඔස්සේ තමන්ගේ ම අදහස් එකතු කලේ ය. “අපි කවදාවත් සමාජවාදී රටක් වන්නේ නෑ” ඔහු ට්විටර් කලේ ය. “උඹලාට මෙහි තත්වය පිලිබද සතුටු නොවේනම් උඹලාට යන්න පුලුවන්.”

සමහර විට වඩාත් තර්ජනාත්මක ව, සඳුදා සවස ඇමරිකානු නිෂ්පාදන ප්‍රචාරය කිරීමේ ධවල මන්දිර මාධ්‍ය හමුවීමක් අවසානයේ මිනිත්තු දහයක වේගවත් විවේචනයක් අතරතුර, ඇමරිකානු සොල්දාදුවන් මරනවා යැයි ඔහු කියන අල්කයිඩාව සඳහා ඇගේ කැමත්ත ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔමාර්ට ට්‍රම්ප් ව්‍යාජ ලෙස චෝදනා කලේ ය. මෙම ප්‍රකාශය ලමයෙකු ලෙස මෙරටට පැමින මෑත දී පත් කර ගැනුනු මුස්ලිම් ඇමරිකානු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන මෙම සෝමාලි-ඇමරිකානු මිනියාපොලිස් නියෝජිතවරියට එරෙහිව ප්‍රචන්ඩත්වය උසිගැන්වීමට වඩා අඩු දෙයක් නො වේ.

ට්‍රම්ප් සෙල්ලම් කරමින් සිටින්නේ ගින්දර සමග ය. ඔහු දකුනු කැරොලිනා පල්ලියේ මිනීමැරුම්, පිට්ස්බර්ග් ධර්මාශ්‍රමයේ සංහාරය, හා දකුනු කැලිෆෝර්නියාවේ මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයන් පිටුපස ධවල මන්දිරයේ අධිකාරිය තබමින් සිටී. මෙය සිදුවන්නේ පසු ගිය වසරේ ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයන්, මාධ්‍ය ප්‍රධානීන් හා වෙරලාරක්ෂක නිලධාරීන්ට පාර්සල් බෝම්බ යවන ලදුව, ආයුධ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු ට්‍රම්ප්ගේ එක් ආධාරකරුවෙකු, ට්‍රම්ප්ගේ මෑත ම ඉලක්කයක් වන ඔකේසියෝ-කොර්ටේක්ස් ඇතුලු අයගේ මරන ලැයිස්තුවක් සකස් කර ඇති බව සොයා ගැනුනු තතු යටතේ ය.

මෙය තනි තනි පුද්ගලයාට එරෙහිව ප්‍රචන්ඩත්වය උසිගැන්වීම පිලිබඳ කාරනයට වඩා එහා ගිය එකකි. ඩෙමොක්‍රටික කොංග්‍රස් සභික කාන්තාවන්ට එරෙහි ට්‍රම්ප්ගේ හෙලා දැකීමේ උද්ඝෝෂනයට, 2020 නැවත පත්වීමේ උද්ඝෝෂනය හා මෙම පුද්ගලයන් හතර දෙනා ඉක්මවා යන පැහදිලි දේශපාලන ඉලක්කයක් ඇත. ඔහු ඇමරිකානු සමාජයේ ඉතාමත් ප්‍රතිගාමී කන්ඩායම්වලට ආයාචනය කරමින් සිටින්නේ,එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරමිනි.

පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් වෙනුවෙන් කතා කරමින්, එක්සත් ජනපද ජනාධිපති ප්‍රකාශ කර ඇත්තේ, පාලක පන්තියේ දේශීය හා විදේශීය ප්‍රතිපත්තියට විරුද්ධ වන ඕනෑ ම අයෙකු නඩු දැමීමට, පිටුවහල් කිරීමට හා කායික ප්‍රචන්ඩත්වයට යටත් වනු ඇති බව යි.

එක්සත් ජනපද ජනාධිපතිවරු, විශේෂයෙන් ම ඇමරිකානු අධිරාජ්‍යවාදය හා සෝවියට් සංගමය අතර සීතල යුද්ධ වකවානුවේ දී, දීර්ග කාලයක් තිස්සේ “සංක්‍රමනිකයන්ගේ” ජාතිය යැයි එය විසින් ම අනන්‍ය කර ගෙන සිටි රටක් නියෝජනය කරන “නිදහස් ලෝකයේ” නායකයන් යැයි මවා පෑමට වරෙක උත්සාහ කල හ. ට්‍රම්ප් එම මවාපෑම සුන්නද්ධූලි කර ඇත. ඔහුගේ පරමාදර්ශී ඇමරිකාව වනු ඇත්තේ ම්ලේච්ඡ පොලිස් රාජ්‍යයකි, එහි කම්කරුවන් සියලු අයිතීන්ගෙන් වෙන් කෙරෙන අතර ජාතික ශ්‍රේෂ්ටත්වයේ සංකේත වන්නේ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ වන දැවන්ත තාප්පය හා වාර්තාගත ඒකක 27,000ට ලඟා වී ඇත යි සදුදා ඔහු කයිවාරු ගැසූ, ඩව් ජෝන්ස් කාර්මික අනුපාතය යි.

කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ කයිවාරු ගැසීම හා බිය වැද්දීම, ශක්තියේ නො ව, දුර්වලත්වය හා ගැඹුරුවෙමින් තිබෙන්නා වූ අර්බුදයේ සංඥාවකි. සහයෝගය, සම්මුතිය හා ඔහුගේ ආන්ඩුව ඔසවා තැබීමට ඔහුට ඩෙමොක්‍රටික් පක්ෂය මත වාරු විය හැකි අතර, ඇමරිකාව තුල සමාජ හා දේශපාලන පිපිරීමක තර්ජනය කරන කම්කරු පන්තියේ විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබේ. මෙය ප්‍රකාශ කෙරෙන්නේ වර්ධනය වන්නා වූ වැඩවර්ජන ව්‍යාපාරයක් තුල හා ප්‍රධාන නගර දහයක සංක්‍රමනික හා රේගු බලගැන්වීම විසින් සිදු කිරීමට ආසන්න වෙමින් තිබෙන පිටුවහල් කිරීමේ කඩා වැදීමට එරෙහිව පසු ගිය සතියේ පිපිරුනු විරෝධතා තුල ය.

මෙම ආන්ඩුවට ද එය පෙනී සිටින සෑම දෙයකට ම ද එරෙහිව මිලියන ගනනාවක් විරුද්ධ වන නමුත්, ඔවුහු සංගත පාලිත ද්විපක්ෂ ක්‍රමයේ රාමුව තුල හිර කෙරෙති. එය තුල ට්‍රම්ප්ට වන විකල්පය වන්නේ වෝල් වීදිය හා මිලිටරි ඔත්තුසේවා සමග මුලුමනින් ම ප්‍රතිබද්ධ සේ සැලකෙන ඩෙමොක්‍රටික් පක්ෂය යි.

ට්‍රම්ප්ගේ ට්වීටර් දෝෂාරෝපනයට ඉලක්ක කෙරුනු කාන්තාවෝ හතරදෙනා සඳුදා සවස මධ්‍යානයේ දී පුවත්පත් සාකච්ඡාවක් පැවත්වූහ. හතර දෙනාගෙන් එක් එක් අය දේශසීමා රැඳවීම් කඳවුරුවල සංක්‍රමනිකයන් සම්බන්ධ ට්‍රම්ප්ගේ ම්ලේච්ඡ සැලකීම හෙලා දැක ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉල්ලා සිටියෝ ය.

කෙසේ නමුත්, කොංග්‍රස් මන්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි හා අනෙකුත් ඩෙමොක්‍රටික් නායකයන් සමග රහසේ නිශ්චිතව ම නියම කර ගැනුනු භාෂාවකින්, කොංග්‍රස් මන්ඩල කාන්තාවන් සිව්දෙනා ප්‍රකාශ කලේ, තමන්ට එරෙහි ට්‍රම්ප්ගේ යුද ප්‍රකාශ කිරීම සෞඛ්‍ය, තුවක්කු ප්‍රචන්ඩතා, හා සංක්‍රමනික ප්‍රශ්න වැනි කාරනා වෙනුවෙන් නො සලකා හැරිය යුතු “වික්ෂිප්ත වීමක්” බව යි.

මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාරය දැක්වීමේ දී, සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන් හා අල් කයිඩාවේ ආධාරකරුන් ලෙස ට්‍රම්ප් තමන් ව හෙලා දැකීමට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සිව් දෙනාගෙන් කිසිවෙකුත් තෝරා නො ගැනීම සැලකිය යුතු විය. ඩෙමොක්‍රටිකයෝ හතරදෙනා ඊට පෙර දවස් තුනේ ට්‍රම්ප්ගේ ප්‍රකාශන හෝ සංක්‍රමනික පවුල්වලට එරෙහි ඔහුගේ ක්‍රියා විදහා දැක්වීමට “ෆැසිස්ට්වාදී” යන වචනය භාවිතා නො කලහ.

ට්‍රම්ප්ගේ මෑත ම බැන වැදීම්වල දේශපාලනික ස්වභාවය පිලිබඳ ව ඩෙමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල නායකත්වය, ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයන් අතර, හා නිව් යෝක් ටයිම්ස්, සීඑන්එන් හා එම්බීසී වැනි ඩෙමොක්‍රටික් පක්ෂය හා සන්ධනාගත පුවත්පත් හා රූපවාහිනී ජාල තුල ඒ ආකාරයේ ම නිශ්ශබ්දතාවක් පවතී.

කොංග්‍රස් මන්ඩල කතානායිකා නැන්සි පෙලෝසි විසින් යෝජනා කරන ලද එකම සංයුක්ත ක්‍රියාව වූයේ ජනාධිපති රොනල්ඩ් රේගන් (ඔහුගේ දක්ෂිනාංශික ආන්ඩුව සමාජ ප්‍රතිවප්ලවය සම්බන්ධ ඉදිරියට ඇදෙන උද්ඝෝෂනය හා ඇමරිකානු කම්කරු පන්තිය මත ප්‍රහාරය ආරම්භ කලේ ය) ශිෂ්ටත්වය හා ඉවසීමේ ආදර්ශය ලෙස දක්වන අතර ට්‍රම්ප්ගේ භාෂාව හෙලා දකිමින් අප්‍රසාදය දැක්වීමේ යෝජනාවකි.

ට්‍රම්ප්ගේ දෝෂාරෝපනයේ සන්දර්භය සැලකිය යුතු ය. එය පසු පස එන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ අතිබහුතරයෙන් සම්මත කෙරුනු, ට්‍රම්ප්ට ඔහුගේ ෆැසිස්ට්වාදී දේශසීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් බිලියන 4ක අරමුදල් ප්‍රදානය කරන පනත් කෙටුම්පත අනුමත කිරීමට ඔවුන් අසමත් වීම වෙනුවෙන් ඩෙමොක්‍රටික් නායකත්වය විසින් වඩ වඩා ප්‍රසිද්ධියේ කොංග්‍රස් සභික කාන්තාවන් හතර දෙනා හෙලාදැකීමකි.

“ඔවුන්ගේ ප්‍රසිද්ධිය කුමක් නමුත් මේ පුද්ගලයන් ඔක්කෝටම ට්වීටර් ලෝකය තියෙනවා” යැයි පෙලෝසි නිව් යෝක් ටයිම්ස් පත්‍රයට පැවසුවා ය. “නමුත් ඔවුන්ට කිසිම අනුගාමිකත්වයක් නෑ. ඔවුන් පුද්ගලයන් හතර දෙනෙකු වගේ ම ඔවුන් එහෙමයි ඔච්චර ඡන්දය ගත්තේ.”

ට්‍රම්ප්ගේ සඳහන් කිරීම් “වර්ගවාදී” මෙන් ම “විදේශිකයන් නො රුස්සන” ඒවා ලෙස විවේචනය කරමින් මාධ්‍ය ප්‍රතිචාර ඩෙමොක්‍රටිකයන්ට මුක්කු ගසා ඇත්තේ, ඔහුගේ ප්‍රකාශනවල දේශපාලන වැදගත්කම වඩා නිවරැදි ව විස්තර කරුනු ඇති හා ඩෙමොක්‍රටික් පක්ෂයේ උදාසීනත්වය හා තරයේ ම අක්‍රීය ප්‍රතිචාරය ප්‍රශ්න කරනු ඇති, “ෆැසිස්ට්වාදී” හා “නාසි-වැනි” වැනි වචන මග හරින අතර ය.

සමහර විට මෙම මාධ්‍ය උද්ඝෝෂනයේ කැත ම ප්‍රතිචාරය වූයේ නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ චාල්ස් බ්ලෝ විසින් ලියන ලද කතුවැකි පිට තීරු ලිපිය යි, ඔහු අනන්‍යතා දේශපාලනයේ ආස්ථානයෙන් ට්‍රම්ප් විවේචනය කලේ මෙසේ ප්‍රකාශ කරමිනි, “සුදු මිනිසුන් හා සුදු ගතිය ට්‍රම්ප් ජනාධිපතිගේ හරය යි. ඔහුගේ මූලික උත්සුකය වන්නේ එය ආරක්ෂා කිරීම, රැකීම හා ප්‍රචාරය කිරීම යි. එයට තර්ජනය කරන සියල්ලට පහර දිය යුතු ය අඩන්ටෙතේට්ටම් කල යුතු ය. ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිගේ බලය ගෙන එමින් තිබෙන්නේ සුදු ස්වෝත්තමවාදය සුරකීමට යි.”

සත්‍ය වසයෙන්, බිලියනපති දේපල වෙලඳාම් වංචාකාරයෙකු මෙන් ම ප්‍රසිද්ධ “රියලිටි ටෙලිවිෂන්” නිෂ්පාදකයා බටහිර වර්ජීනියාවේ රැකියා විරහිත ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ යුක්ති යුක්ත නියෝජිතයා හා ඔහියෝ ප්‍රාන්තයේ දොට්ට දැමූ වානේ කම්කරුවන්ගේ ආරක්ෂකයා බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ බ්ලෝ සුජාත කරන්නේ සමේ වර්නය සමාන නිසා ය.

වර්ගවාදයෙන් මුසපත් වුනු ටයිම්ස් තීරු ලිපි රචකයාගේ (ඔහුගේ ආදායම හා පුද්ගලික ධනය කාර්මිකහරනය වූ මිඩ්වෙස්ට් ජනපදයේ කම්කරුවන්ගේ අදායමට වඩා නිසැකව ම බොහෝ ඉහල වනු ඇත) අදහස තුල බිලියනපතියන් හා ඔවුන් විසින් සුරා කැවෙන කම්කරුවන්ට, ඔවුන් දෙදෙනාම සුදු වන තාක් දුරට, පොදු අනන්‍යතාවක් හා වරප්‍රසාද ඇත.

ට්‍රම්ප් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් හා ඔහුගේ පාලනාධිකාරිය විසින් ගෙන යමිත් තිබෙන අන්ත දක්ෂිනාංශික ප්‍රතිපත්ති වෙනුවෙන් බ්ලෝ දෝෂාරෝපනය කරන්නේ (ඩෙමොක්‍රටික් පක්ෂය හා එහි වෛරී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට නොව) කම්කරුවන්ට ය. “පොදු පුරවැසියන් — විය හැකි ලෙස ඔවුන්ගෙන් තුනෙන් එකක්” තම වර්ගවාදය හෙලි කරන්නේ “ට්‍රම්ප් සඳහා වන තම අඛන්ඩ සහාය ඔස්සේ” යැයි ඔහු නිගමනය කරයි. මෙය කම්කරුවන්ට එල්ල කරන මඩ ප්‍රහාරයකි.

එක්සත් ජනපදය තුල ඉදිරියට යමින් තිබෙන වැඩවර්ජන රැල්ල නිරූපනය කරනු ලබන්නේ ඉහල වැටුප් හා ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට හා පාසල් පුද්ගලීකරනය හා බලපත්‍රකරනයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රාන්ත ආන්ඩුවේ නීතිය, රිපබ්ලිකානු පාර්ලිමේන්තුව, හා ඩෙමොක්‍රටිකයෙකුව සිට රිපබ්ලිකානුවකු බවට පත්වූ ආන්ඩුකාරයා ප්‍රතික්ෂේප කරන ලද වර්ජීනියා ප්‍රාන්තයේ( 2016 ට්‍රම්ප් අතිමහත් බහුතරයක් ලැබූ ප්‍රාන්තය) ගුරුවරුන් විසිනි. මෙම ගුරුවරුන් මෙන් ම ඊට පසු වැඩවර්ජන හා විරෝධතාවල සියදහස් ගනනක් කම්කරුවන් ප්‍රදර්ශනය කර ඇත්තේ වර්ගය නො ව, පන්තිය ඇමරිකානු සමාජයේ අතිමුලික බෙදීම් රේඛාව බව යි.

ට්‍රම්ප් “සුදු මිනිසාගේ” ජනාධිපති නො වේ. ඔහු කම්කරු පන්තිය බෙදීමට හා වෝල් වීදිය හා යෝධ සමාගම්වල අධිකාරිත්වය පවත්වා ගැනීමට වර්ගවාදය හා සංක්‍රමනික විරෝධය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයෙකි. ධනේශ්වරයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ එක්සත්කමට විරුද්ධ වන දේශපාලඥයින් හා පන්ඩිතයන් කෙලින් ම ඇද වැටෙන්නේ ට්‍රම්ප්ගේ තුරුල්ලට හා ඇමරිකාව තුල ෆැසිස්ට් ව්‍යාපරයක් ගොඩනැගීමේ ඔහුගේ උත්සාහය තුලට ය.

පැට්‍රික් මාටින්

Share this article: