බොරිස් ජොන්සන් තේරී පත්වීම සහ කෝබින්වාදයේ අසාර්ථකත්වය

The election of Boris Johnson and the failure of Corbynism

2019 දෙසැම්බර් 14

බ්‍රහස්පතින්දා පැවති එක්සත් රාජධානියේ මහ මැතිවරනයේ දී ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය මුහුන දුන් මැතිවරන පරාජය වාම සහ කම්කරු පක්ෂ සංවිධානවලට අත්ව තිබෙන දේශපාලන බංකොලොත්භාවයට තවත් උදාහරනයකි.

වාර්තාගත සමාජ අසමානතාවය සහ සමාජවාදයට වැඩෙන සහයෝගය මධ්‍යයේ, පුලුල් ලෙස පිලිකුලට ලක්ව, අභ්‍යන්තරව බෙදී ගිය අඩක් අතිදුෂ්ඨයෙකු සහ අඩක් විගඩම්කාරයෙකු ලෙස ප්‍රකට නායකයකු සහිත ආන්ඩුවකට කෝබින් මුහුන දුන්නේය.

එහෙත්, කෝබින් සහ කම්කරු පක්ෂය මෙම තත්වය ප්‍රයෝජනයට ගැනීමට අසමත් වූවා පමනක් නොව, සෝදා පාලු‍වී ගිය මැතිවරන පරාජයක් ද ලැබීය.

ලේබර් හි පරාජය ගැන වන වංචනික පැහැදිලි කිරීම්වල කෙලවරක් නැතිවනු ඇත. ජොන්සන්ගේ ජයග්‍රහනය කෝබින්ගේ “දැඩි වාම” දේශපාලනයේ ප්‍රතිඵලයක් බව, සමාජවාදී විප්ලවයක් ක්‍රියාත්මකවීමට ඇති තර්ජනය යනාදී දේවල් දකුන විසින් ප්‍රකාශ කරනු ඇත.

ලේබර් පක්ෂයේ සහ කෝබින්ගේ නායකත්වයේ වාර්තාව ගැන යන්තමින් හෝ දන්නා ඕනෑ ම කෙනෙකුට මෙම චෝදනාවන් විකාරයකි.

කෝර්බයිනයිට්වරු තමන් විසින් ම සකස් කර තිබෙන නිදහසට කරුනු කට්ටලය ඉදිරිපත් කරනු ඇති අතර, එම වරද තමන්ගේ කරින් කම්කරු පන්තිය වෙත මාරු කිරීමට උත්සාහ කරනු ඇති ද අතර ඔවුන් කෝබින්ට ඡන්දය දීමට ප්‍රමානවත් තරම් බුද්ධිමත් නොවීම ගැන ඔවුන්ව හෙලා දකිනු ඇත.

ජාත්‍යන්තර මධ්‍යම පන්තියේ වම ප්‍රතිඵලය බාර ගත්තේ දිරිය බල සිඳී ගිය කුජීත බවක් ප්‍රදර්ශනය කරමිනි. ජේකොබින් සඟරාව සිරස් තලයක් තුලින් “මම අඬනවා, ඔබ අඬනවා” කියමින් ඉකිබින්දේය.

“දේවල් තිබූ ලෙස පවත්වා ගැනීමට කරන සටන පවා වඩාත් දුෂ්කර වනු ඇත. එහෙත් සැනසිල්ලක් වශයෙන් තිබෙන්නේ අවම වශයෙන් දැන් අපට එක්ව හැඬීමට තවත් සහෝදරවරුන් සිටීම ය.”

මෙම මිනිසුන් තමන් වෙනුවෙන් හඬා වැලපෙනවා මිස ඒ වෛරයට ලක් වූ හා අපකීර්තියට පත් කම්කරු පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ ඔවුන්ගේ ම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ගැන නොවේ.

එක්සත් රාජධානිය දැන් අන්ත දක්ෂිනාංශික කොන්සර්වේටිව් රජයක් විසින් මෙහෙයවනු ලබන අතර, බොරිස් ජොන්සන් යටතේ “තැචර් විප්ලවය” සම්පූර්න කිරීම සඳහා ජනවාරි 31 වනදා යුරෝපා සංගමයෙන් ඉවත් වන බවට ප්‍රතිඥා දී තිබේ.

රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත වියදමින් ට්‍රම්ප් පරිපාලනය සමඟ සන්ධානගතව ජොන්සන් වෙලඳ හා මිලිටරි යුද්ධයක් කරා ගමන් කරනු ඇත. ඔහුගේ න්‍යාය පත්‍රය වන්නේ ජාතික සෞඛ්‍ය සේවය (එන්එච්එස්) විනාශ කිරීම, ජාතිකවාදය අවුලු‍වාලීම, සංක්‍රමන විරෝධී ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව දරුනු ප්‍රහාරයක් එල්ල කිරීමයි.

මෙම මැතිවරනයේ දී ජනමාධ්‍ය විසින් එලියට දමන ලද සියලු‍ බොරු හා කුනු කන්දල් මධ්‍යයේ, ඔවුන් පැවසූ එක් දෙයක් නම් සත්‍යයකි: කෝබින් පුලල් ලෙස අප්‍රසාදයට ලක්ව සිටියේ ය.

ඔහු අප්‍රසාදයට ලක් වූයේ, ඔහු ලේබර් පක්ෂ නායකත්වය රට පුරාම ජයග්‍රහනය කර සිටි සිව් වසර තුල, තමාට ඡන්දය දුන් අයගේ විශ්වාසය මුලුමනින් ම පාවා දුන් බැවිනි. දුර්වල, අසමත්, කම්මැලි, සටන් කිරීමට කිසියම් හෝ හැකියාවක් ඇති බව පෙන්වීමට නොහැකි, කෝබින් බියගුලු‍කම සහ යටත් වීම පුද්ගලාරෝපනය කර ගත්තේය.

කෝබින් බ්ලෙයිරයිට්වරුන් පලවා හැරීමට දරන උත්සාහයට විරුද්ධ විය, සිරියාවට බෝම්බ හෙලීම පිලිබඳ නිදහස් ඡන්දයකට ඉඩ දුන්නේය, ට්‍රයිඩන්ට් අලු‍ත් කිරීමට පොරොන්දු විය, නේටෝවේ වියදම් ඉලක්කවලට සහාය දැක්වීය, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ගැන සලකා බලන බවට ප්‍රකාශ නිකුත් කලේය. ඔහුගේ ප්‍රධාන ආධාරකරුවන් සෙමිටික් විරෝධය පිලිබඳ ව්‍යාජ චෝදනා පදනම් කරගෙන පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවිට කෝබින් ඔවුන් වෙනුවෙන් ඇඟිල්ලක් එසෙව්වේ නැත.

කෙසේ වෙතත්, කෝබින්ගේ පෞරුෂය ඔහුගේ බංකොලොත් දේශපාලනයේ ප්‍රකාශනයයි. ඔහුගේ මුලු දේශපාලන ජීවිතය ම, වෙස්ට්මිනිස්ටර් හි ඔහුගේ තනතුර කිසි විටෙකත් අනතුරට පත් කරගන්නේ නැතිව මෝනිං ස්ටාර්හි ස්ටැලින්වාදීන් සමඟ සන්ධානයක් මත පදනම් වූ අතර, 2003 ඉරාක යුද්ධය වැනි ලේබර් පක්ෂයේ විශාලතම දේශපාලන අපරාධවලින් දුරස්ත වීමට කටයුතු කලේය.

ලේබර් පක්ෂයේ අන්ත පරාජයෙන් හෙලිදරව් කරන්නේ කම්කරු පන්තියේ විප්ලවීය ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමට මාන බලන දේශපාලන මාදිලියකි.

කෝබින්ගේ නායකත්වය යටතේ ලේබර්වරු ජාතිය, ජාතිකත්වය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය යන අනන්‍යතා දේශපාලනය මත පදනම් වූ න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සියලු‍ පන්ති ආයාචන ඉවත දැමීය.

මධ්‍යම පන්තියේ වමේ දෘෂ්ටිවාදිනිය වන ෂැන්තාල් මූෆ් කෝබින් ව විස්තර කලේ “වාම ජනතාවාදයේ” නව රැල්ලකට ඇතිවිය හැකි වඩාත් ම සාර්ථක උදාහරනය ලෙසයි. මන්ද ඔහු “මහා පක්ෂයක ප්‍රධානියා ලෙස පෙනී සිටිමින් වෘත්තීය සමිතිවල සහයෝගය භුක්ති විඳින බැවිනි. එහි ප්‍රතිඵලය රඳා පවතිනු ඇත්තේ ඔහු පන්තියේ පදනම මත ස්ථාපිත “සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පෙරමුන” ප්‍රතික්ෂේප කිරීම මත ය.

කෝර්බින්ගේ පරාජය ගැන දැන් හඬා වැලපෙන අය දැන ගනිමින් සිටින්නේ, ඔවුන්ගේ ම මායාවන් සහ ප්‍රාර්ථනා චින්තන කෝර්බින්ගේ නොම්මරය දන්නා ජනගහනයේ පුලුල් ජන කොටස් විසින් බෙදා හදා නොගත් බවයි.

ඛේදජනක සත්‍යය නම්, කෝබින් මැතිවරනය ජයග්‍රහනය කලේ නම්, ඔහු රැජිනගේ අත සිප ගැනීමට බකිංහැම් මාලිගයට පැමින, පසුව කම්කරු පක්ෂයේ දකුන ආධිපත්‍යය දරන කැබිනට් මන්ඩලයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. බ්ලෙයාර් ම නොවන්නේ නම්, ටෝනි බ්ලෙයාර්ගේ සාපරාධී ඉරාක යුද්ධයට සහභාගී වූ පුද්ගලයන් අංක10, ඩව්නිං වීදියේ කාර්ය මන්ඩලය සඳහා තෝරා ගනු ලැබෙනු ඇත.

කෝබින්ගේ පාවාදීම, රට ජාමූඅ සහ යුරෝපා සංගමයේ දාසභාවයට, සරනාගතයින් සඳහා දූෂිත සිරගෙයක් බවට සහ අථත්‍ය පොලිස් ආඥාදායකත්වයක් බවට පත් කල ග්‍රීසියේ “රැඩිකල් වාම” සිරිසා රජයට ද වඩා නින්දිත වනු ඇත..

කෝබින්ගේ රජය තුල සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ ඉඟියක් නො තිබෙනු ඇත. එකම වෙනස වනු ඇත්තේ අනන්‍යතා දේශපාලනයේ අවශ්‍යතාවන්ට අනුකූලව විවිධ ජනවාර්ගික, වාර්ගික, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජභාවය සහ ලිංගික නිර්නායකයන් සපුරාලීම සඳහා පත්වීම් ලබා දීමයි.

කෝබින්ගේ අන්ත පරාජය එලිදරව් කරන්නේ ලේබර් පක්ෂය පිලිබඳව පමනක් නොව “පාර්ලිමේන්තු මාවතේ සමාජවාදයට” සමස්ත ඉදිරිදර්ශනයයි. යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය පිලිබඳ විශාල ප්‍රශ්න නිපුනව ක්‍රියාත්මක වන මැතිවරන ව්‍යාපාර වලින් විසඳෙන්නේ නැත.

මානව වර්ගයා මුහුන දෙන ඕනෑ ම විශාල සමාජ ගැටලු‍වක් විසඳීම සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තිය දැවැන්ත ලෙස බලමුලු‍ ගැන්වීම සහ ගෝලීය පරිමානයෙන් පන්ති අරගලය තීව්‍ර කිරීමයි.

බ්‍රෙක්සිට් පිලිබඳ කාලකන්නී ජාතිකවාදී විවාදයෙන් බිඳී ජාත්‍යන්තර නිර්ධන පන්ති එක්සත්කමේ වැඩපිලිවෙලක් සඳහා සටන් වදින මෙම අරගලය සමඟ තමන් අනන්‍ය කරගන්නා ව්‍යාපාරයකට පමනක් කම්කරු පන්තියේ විශ්වාසය දිනා ගැනීමටත් සමාජවාදය සඳහා වන අරගලයට නායකත්වය දීමටත් හැකි වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය මෙයයි.

ලොසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

Share this article: