ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා ලෙස සෑන්ඩර්ස් නම් කිරීමට එරෙහි උද්ඝෝෂනයේ ඔබාමා පෙරමුන ගෙන සිටී

Obama spearheads campaign against Sanders’ nomination as Democratic presidential candidate

2019 දෙසැම්බර් 02

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වන පලමු ඡන්දය මාස දෙකකින් අයෝවා ප්‍රාන්ත දේශපාලන බලමන්ඩලය තුල හා නිව් හැම්ප්ෂයර් ප්‍රාන්ත ප්‍රාථමිකයේ දී පැවත්වෙනු ඇත. හිටපු ජනාධිපති බරක් ඔබාමා පෙරමුන ගැනීමත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂය සමාජ අසමානතාවය හා ධනය බෙදා හැරීම වැනි කරුනු මැතිවරනයෙන් බැහැර කිරීම සහතික කිරීමට පියවර ගනිමින් සිටී.

පසුගිය සතියේ පොලිටිකෝ පත්‍රයේ පල වූ ලිපියක (“ඔබාමා එනතෙක් බලා සිටීම”) වාර්තා කලේ, “ට්‍රම්ප්ව නැවැත්වීමට හා සමහර විට බර්නි ද වලක්වා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාව [ඔබාමා] කෙරෙහි විශ්වාසය තබමින් සිටින” බව යි.

ඔබාමාගේ පොදු ස්ථාවරය වන්නේ, නම් කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකුට ඔහු සහාය දෙන බව සටහන් කරන අතර ලිපිය මෙසේ සඳහන් කරයි: “එක් ව්‍යතිරේකයක හැකියාව තිබේ: සෑන්ඩර්ස් දැනට වඩා තර්ජනයක් යැයි පෙනෙන විට පිටුබලය දෙන අතර, යැයි ඔබාමා පුද්ගලිකව පැවසූවේ, බර්නි නාම යෝජනා ජය ගනිමින් සිටින්නේ නම්, ඔබාමා ඔහුව නැවැත්වීමට වඩා තදින් කතා කරනු ඇත යනුවෙනි. ”

වොෂිංටන්, ඩීසී සහ කැලිෆෝනියාවේ පක්ෂ ආධාරකරුවන්ට හා අරමුදල් එකතුකරන්නන්ට ඔබාමා පසුගිය සති දෙක තුල කල ප්‍රකාශ මෙම වාර්තාව තහවුරු කරයි. ඕනෑම රැඩිකල් වෙනසකට ඇමරිකානු ජනතාව විරුද්ධ බව ඔහු කියා සිටියේ ය. “මෙය තවමත් වැඩිදියුනු කිරීමට උත්සුක වනවාට අඩුවෙන් විප්ලවීය බව ඇති රටක්” යැයි ඔබාමා පැවසී ය. “ඔවුන් කැමතියි දේවල් දියුනු වෙනවා දකින්න. නමුත් සාමාන්‍ය ඇමරිකානුවෙක් සිතන්නේ නැහැ අපි පද්ධතිය සම්පූර්නයෙන්ම ඉරා දමා එය නැවත සකස් කල යුතුයි කියා … ඔවුන්ට විකාර ලටපට දැකීමට අවශ්‍ය නැහැ.”

“ඩිමොක්‍රටික් ඡන්දදායකයන් හා නිශ්චිතව ම ඒත්තුගැන්විය හැකි ස්වාධීන හෝ මධ්‍යස්ථ රිපබ්ලිකානුවන් ඇතුලු ඡන්දදායකයන්, ඔබ දන්නවා, ඇතම් වමට නැමුනු ට්වීටර් කාවැද්දීම්වල පිලිබිඹු වන අදහස්වලින් නැත්නම් අපේ පක්ෂයේ ක්‍රියාකාරී පාර්ශ්වය මගින් තල්ලු වන්නේ නැතැ යි යන කාරනය හා යථාර්තය තුල අපි මුල් බැස ගත යුතු ව ඇතැ යි ” ඔහු තවදුරටත් පැවසී ය.

නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කල පරිදි, ඔහු ඒවා නම් නො කල අතර, අර්ථය පැහැදිලි ය: “ඔහුගේ අදහස් දැක්වීම් සෙනෙට් සභිකයින් වන බර්නි සෑන්ඩර්ස් සහ එලිසබෙත් වොරන් ගැන නිසැක විවේචනයක් ඉදිරිපත් කලේ ය.”

ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ උත්සුකය සෑන්ඩර්ස් හා වොරන් කෙරෙහි නො වේ. ඔවුන් දෙදෙනා ම පරීක්ෂාවට භාජනය වී ඇති දේශපාලන ක්‍රියාකාරීහු ය. ඊට වෙනස් ව, ජනගහනයේ අතිමහත් බහුතරයකගේ පන්ති පාදක උත්සුකයන්ට සීමිත ආකාරයකින් හෝ ආයාචනා කරන මැතිවරනයක් පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය නැත.

2016 මැතිවරනය එකම කන්ඩායමේ දෙපැත්තක් අතර “අභ්‍යන්තර කෝලාහලයක්” වී යැයි යන ඔබාමාගේ ප්‍රකාශය සමග පටන් ගනිමින් ඩිමොක්‍රටිකයින් උත්සාහ ගෙන ඇත්තේ, දෝෂාභියෝග මෙහෙයුමේ කේන්ද්‍රයේ වන තම මිලිටරිවාදී, රුසියාවට එරෙහි උද්ඝෝෂනය පසුපස ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය නැවත හරවා යැවීමට යි. වර්ගය හා ස්ත්‍රී පුරුෂ භාවය මත පාදක බෙදීම් ප්‍රචාරය කිරීමේ උත්සාහයන් සමග මෙය ඒකාබද්ධ කෙරෙනු ඇත.

ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් (ඇමර්සන් බිලියනපති ජෙෆ් බෙසොස් සතු), පත්‍රවල අදහස් දැක්වීම් හා හිටපු භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස්ගේ කතුවැකි ලිපියක්, හා සමුච්චිත ධනය මත බද්දක් සඳහා වොරන් සහ සෑන්ඩර්ස් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පහර දෙන්නා වූ , ප්‍රකෝටිපතියන් වන වොරන් බුෆේ, බිල් ගේට්ස්, මාක් කියුබාන් හා ලියොන් කූපර්මන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ඇතුලු ව, නොවැම්බර් මාසය පුරා වූ දක්ෂානාංශික උද්ඝෝෂනයක ඔබාමා වඩාත් ම ප්‍රමුඛ ප්‍රකාශකයා පමනක් විය.

ප්‍රකෝටිපතියෙකු වන මයිකල් බ්ලූම්බර්ග් ඊටත් වඩා ඉදිරියට ගියේ, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ප්‍රමාද වූ අපේක්ෂකයෙකු ලෙස නිල වශයෙන් තෙමේ ම ප්‍රකාශයට පත් කර ගනිමින් හා පසුගිය සතියේ ආරම්භ වූ ප්‍රබල දේශපාලන වෙලඳ දැන්වීම් ප්‍රචාරයට ඩොලර් මිලියන 30 ක අරමුදල් සපයමිනි.

නියෝජිත මන්ත්‍රී මන්ඩල කථානායිකා නැන්සි පෙලෝසි සම්බන්ධ වූයේ සෑන්ඩර්ස් සහ වොරන් සමග අනන්‍ය සෞඛ්‍ය ආරක්ෂන යෝජනාව මත ප්‍රහාරයක් සමගිනි. “මම සැමට සෞඛ්‍ය රැකවරන (මෙඩිකෙයා) සඳහා විශාල රසිකයෙක් නො වේ,” යැයි දැන් අපේක්ෂකයෙකු වන ප්‍රකෝටිපතියා විසින් පාලනය කරනු ලබන කේබල් ජාලයක් වන බ්ලූම්බර්ග් රූපවාහිනියට ඇය පැවසුවා ය. “සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ වර්තමාන පෞද්ගලික රක්ෂනය සමග සැපපහසු මට්ටමක් තිබේ” යැයි ද ඇය පැවසුවා ය.

වොරන් සහ සෑන්ඩර්ස් යන දෙදෙනා ම ප්‍රතිචාර දක්වා ඇත්තේ දකුනට මාරුවීමෙනි. වොරන් ඇගේ “සැමට සෞඛ්‍ය රැකවරන” යෝජනාවෙන් පසුබැස්සේ, තම උද්ඝෝෂනයේ ප්‍රධාන සංරචකය පිලිබඳ අදහස වෙනස් කරන “බී සැලැස්ම” නිකුත් කරමිනි.

ඔහුගේ පාර්ශ්වයෙන් ගත් විට, ඔබාමා විප්ලවය ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ව පසුගිය මාසයේ ඩිමොක්‍රටික් ජනාධිපති විවාදයේ දී සෑන්ඩර්ස්ගෙන් විමසීමක් කරන ලදී. “ජනාධිපති ඔබාමා වැරදි ද?” මෙහෙයවන්නා සෑන්ඩර්ස්ගෙන් ඇසී ය. වර්මොන්ට් සෙනෙට් සභිකයා “දේශපාලන විප්ලවය” පිලිබඳ ඔහුගේ වාචාල කතා අත්හැර, නිහතමානීව පිලිතුරු දුන්නේ, “නැහැ, ඔහු හරි. අපට පද්ධතිය ඉරා දැමීමට අවශ්‍ය නෑ, නමුත් ඇමරිකානු ජනතාවට අවශ්‍ය දේ අපි කල යුතුයි. ”

වැඩිදුරටත් සමාජ ප්‍රතිසංස්කරන සඳහා අඩිතාලම දැමූ ඔබාමා පාලනාධිකාරය “ප්‍රගතිශීලී” ආන්ඩුවක් බව වංචනික ලෙස ඉදිරිපත් කිරීම සෑන්ඩර්ස් හා වොරන් යන දෙදෙනා විසින් ම පිලිගනිති. ඔබාමා වෝල් වීදියට ඇප දීම, මෝටර් රථ කම්කරුවන් මත ඔහුගේ වැටුප් කප්පාදු ප්‍රහාර හෝ මහජන අධ්‍යාපනය හා වෙනත් සමාජ වැඩසටහන් සඳහා ෆෙඩරල් ආධාර කප්පාදු කිරීම ගැන ඔවුහු කිසිදු විවේචනයක් නො කරති. ඩිමොක්‍රටික් පක්ෂයට පිටුපා, ට්‍රම්ප්ට ඡන්දය දීමට හෝ 2016 මැතිවරන දිනයේ නිවසේ රැඳී සිටීමට කම්කරුවන්ගේ තරමක කන්ඩායම් පෙලඹ වූයේ, ඔබාමා පාලනාධිකාරය සංගත ඇමරිකාව සමග ඇතිකරගත් බැඳීමය යන ප්‍රතික්ෂේප කල නො හැකි දේශපාලන කාරනය ඔවුහු ප්‍රකාශ නො කරති.

වඩාත් තීරනාත්මක ලෙස, ට්‍රම්ප්ට දෝෂාභියෝගය ගෙන ඒමේ උද්ඝෝෂනය යටින් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති සම්මුතියට ඔවුන් සහාය දක්වන්නේ සංක්‍රමනික කම්කරුවන්ට හා ඇමරිකානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ සැබෑ අපරාධ වෙනුවෙන් නො ව, යුක්‍රේනය, රුසියාව හා මැද පෙරදිග සම්බන්ධයෙන් මිලිටරි-ඔත්තුසේවා අංශවල ඉල්ලීම්වලට එරෙහි ඔහුගේ සීමාව ඉක්මවා යාම වෙනුවෙනි.

මූල්‍ය සම්බාධක සමග වෙනිසියුලාවේ ගෙල සිරකර දැමීමේ ට්‍රම්ප් පාලනාධිකාරියේ උත්සාහය වොරන් ප්‍රසිද්ධියේ වැලඳගෙන ඇත්තේ, එය තුල බොලිවියානු මිලිටරිය කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන, බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලෙස් බලයෙන් පහ කිරීම සඳහා එක්සත් ජනපද පිටුබලය ලබන දක්ෂිනාංශික උද්ඝෝෂනයට නිහඬ ව සහාය දෙන අතර ය. සෑන්ඩර්ස් මොරාලෙස් බලයෙන් පහ කිරීම “කුමන්ත්‍රනයක්” ලෙස සඳහන් කර ඇති නමුත්, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් සහාය දෙනු ලබන, ලොව පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ප්‍රකාශ කිරීමට විකල්පයක් ඉදිරිපත් නො කරයි.

බොහෝ ඩිමොක්‍රටිකයින් මෙන්, සෑන්ඩර්ස් ද චීනය කෙරෙහි ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ ප්‍රතිපත්තිය දකුනේ සිට විවේචනය කර ඇත්තේ, තුන්වන ලෝක යුද්ධයක අන්තරාය ගෙන එන ගෝලීය ආතතීන්ට ඉන්ධන පමනක් එකතු කරනු ඇති , ඊටත් වඩා ආක්‍රමනශීලී ආරක්ෂනවාදී පියවර ඉල්ලමිනි.

කම්කරු පන්තියට ඩිමොක්‍රටික් පක්ෂය මාර්ගයෙන් යහපත් වැටුප් සහිත රැකියා, යහපත් පාසල්, වෛද්‍ය සේවා හා වෙනත් සමාජ සේවා සඳහා වන සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හෝ අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට එරෙහිව සටන් කිරීමට හෝ නො හැකි ය. මෙය ඉල්ලා සිටින්නේ වැඩවර්ජන, මහජන පෙලපාලි හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් ව ධනේශ්වර පද්ධතියට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ඔස්සේ, කාර්මික හා දේශපාලන අරගලය යන දෙකේ දී ම කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම යි.

පැට්‍රික් මාටින්

 

කතුවරයා මෙම ලිපි ද යෝජනා කරයි:

Obama joins effort to push Democratic primary campaign to the right
[18 November 2019]

බ්ලූම්බර්ග් සහ ඔහුගේ කතිපයාධිකාරී සගයන් නීතිය පනවයි: බදු සඳහා තව සතයක්වත් දිය යුතු නැත
[2019 නොවැම්බර් 14]

Share this article: