කැටලාන් අර්බුදය මධ්‍යයේ ස්පාඤ්ඤ ආන්ඩුව ඇද වැටෙ යි

Spanish government falls amid Catalan crisis

ඇලෙජන්ඩ්‍රෝ ලෝපෙස් විසිනි, 2019 පෙබරවාරි 16

කොංග්‍රස් මන්ඩලය තුල තම අයවැය ඡන්දය පරාජය වීමෙන් දින දෙකකට පසු 15දා, ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂය (පීඑස්ඕ ඊ) අගමැති පෙඩ්‍රෝ සාන්චේස් අප්‍රේල් 28 දින හදිසි මහ මැතිවරනයක් කැඳවන බව නිවේදනය කලේ ය. 1978දී ෆැසිස්ට් වාදයේ සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පරිවර්තනය වීමෙන් පසු කෙටි ම කලක් පැවති සාන්චේස්ගේ ආන්ඩුව වැටුනේ, 2017 ඔක්තෝබර් මස ස්වාධීනතා ජනමත විචාරනයට සහාය දුන් හා සංවිධානය කල කැටලෝනියානු දේශපාලන සිරකරුවන්ට එරෙහිව ආන්ඩුව නඩු පැවරීම මත ය. ඔවුහු ජනමත විචාරනය අතරතුර ප්‍රචන්ඩත්වය ඇවිලවීමේ ව්‍යාජ චෝදනා මත වසර 25දක්වා සිරගත කිරීමකට මුහුන දෙති.

කැටලෝනියානු ජාතිකවාදී සිරකරුවන් ලෙස නම් කිරීමට උත්සාහ කිරීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස සන්චේස්ගේ අයවැය පරාජය කිරීමට ඡන්දය දීම නිසා සාන්චේස් කැටලෝනියානු ජාතිකවාදී පාර්ලිමේන්තු නියෝජිතයන් විවේචනය කලේ ය. “ඇතම් පක්ෂ තීරන ගැනීමට අවහිර කරන විට, ඡන්දයක් කැඳවීම අත්‍යාවශ්‍ය” යැයි ඔහු පැවසී ය. “සමාජ ජයග්‍රහන වන පාර්ලිමේන්තු පරාජයන් තියෙනවා” යැයි ඔහු තවදුරටත් පැවසුවේ, පීඑස්ඕ ඊ අතහැර දමමින් සිටින, අයවැය ලේඛනයේ සඳහන්, පෙනෙන පරිදි ප්‍රගතිශීලී පියවරවල අර්ථය වූයේ “රට වෙනුවෙන් අපට අවශ්‍ය මොනවා දැ යි මහජනයා දැක ඇති” බව යයි පවසමිනි.

අනෙකුත් පීඑස්ඕ ඊ නිලධාරීන් පැසුවේ කැටලෝනියානු ජාතිකවාදීන්ට පහර දීම සඳහා අයවැය අතහැර දැමීම ගැන තමන් සතුටට පත්වන බවයි. “අයවැය අනුමත නොවීම ඉතා නරකයි, නමුත් අනෙක් අතට දැන් අපට මාවතක් තියෙනවා. බෙදුම්වාදීන් සමග කිසියම් ගිවිසුමක් තිබීම ගැන දැන් දක්ෂිනාංශයට අපගේ මූනට දෝෂාරෝපන දමා ගහන්න බෑ. එය අපට රිදවන එමෙන් ම අපගේ ඡන්දදායක සමූහයා අතර අවිනිශ්චිත බව පෙලඹ වූ යම් දෙයකි” යි පීඑස්ඕ ඊ ප්‍රධාන නාගරාධිපතිවරයෙක් එල් පැයිස් නම් දිනපතා පත්‍රයට පැවසී ය.

පීඑස්ඕ ඊය 1978න් පසු අති දක්ෂිනාංශික උද්ඝෝෂනයකට දොර විවෘත කරමින් සිටී. එහි දී කප්පාදු හා පොලිස් රාජ්‍ය පාලනය පැටවීම ඉදිරියට යාමට නියමිත ව ඇත්තේ කැටලෝනියානු බෙදුම්වාදයට විරුද්ධ වීමේ කඩතුරාව යටතේ ය. 2015 හා 2016 මැතිවරන අස්ථාවර ආන්ඩු ඇති කලේ, පීඑස්ඕ ඊ, දක්ෂිනාංශික මහජන පක්ෂය (පීපී), සිටිසන්ස් (සීඑස්), හා පොඩෙමොස් පක්ෂ අතර ඡන්ද බෙදී යාමත් සමගය. දැන් පීඑස්ඕ ඊය කැටලෝනියානු ජාතිකවාදීන් ප්‍රතික්ෂේප කරන අතර, පීපීය අරමුනු කරන්නේ කැටලෝනියානු විරෝධී සභාගයක පදනම මත සීඑස් හා නව, එමෙන්ම ෆැසිස්ට් ගැති වොක්ස් පක්ෂය සමග පටු දක්ෂිනාංශික බහුතරයක් එක් තැන් කිරීමට යි.

වොක්ස් නායක සන්ටියාගෝ ඇබස්කල්, තම ආධාරකරුවන්ට මෙසේ ප්‍රකාශ කලේ ය: “ජීවමාන ස්පාඤ්ඤය අන්තිමේදී ඉතා දුෂ්ට ව්‍යවස්ථාදායකයක් පරදලා තියෙනවා.” අවශ්‍ය තරම් ප්‍රචන්ඩත්වයකින් කැටලෝනියානු නිදහස් ජනමත විචාරනයට කඩා පැනීමට අසමත් වීම සම්බන්ධයෙන් මීට පෙර පැවති මරිආනෝ රජෝයිගේ පීපී ආන්ඩුව “අසාර්ථක හා බියගුලු”වී යැයි ද ඔහු හෙලා දුටුවේ ය.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අතරතුර ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට්වාදී ආන්ඩුවේ ජනඝාතක වාර්තාව ආරක්ෂා කර ඇති, ඇබස්කල්ගේ අදහස් දැක්වීම අවධාරනය කරන්නේ මහජනතාව මත මිලිටරි මර්දනයක් සැලැසුම් කරමින් සිටින ධනේශ්වර කන්ඩායම් වෙනුවෙන් වොක්ස් කතා කරන බව යි.

රජෝයි යටතේ, මැඞ්රිඩය කැටලෝනියානු නිදහස් ජනමතවිචාරනයේ ඡන්දදායකයින්ට ප්‍රචන්ඩ ලෙස පහර දීමට 16,000ක පොලිස් භට කන්ඩායමක් යැවුනි. එහි දී, වැඩිහිටියන් ද ඇතුලුව, 1000ට වඩා පුද්ගලයන්ට තුවාල සිදු කෙරනි. ඊට පසු රිමාන්ඞ් බාරයේ සිටි කැටලෝනියානු ජාතිකවාදී දේශපාලඥයින් හිරේ දාමා, තෝරා පත් කර ගැනුනු කැටලෝනියානු ආන්ඩුව විසිරුවා හැරියේ, 1978 ව්‍යවස්ථාවේ 155 වගන්තිය යොදා ගනිමින් මැඞ්රිඩය නම් කරන ආන්ඩුවක් පිහිටුවීමට ය. අර්බුදය මුදුනේ දී, පීපීය කැටලෝනියාව තුල ඍජු මිලිටරි මැදිහත්වීමකට තර්ජනය කලේ ය. කෙසේ නමුත්, ඇබස්කල් මෙම වාර්තාව අප්‍රමානවත් යැයි පහර දෙමින් සිටී.

පීපී නායක පැබ්ලෝ කසඩෝ, තම පක්ෂය “තැන්පත්, මධ්‍යස්ථ බලවේගයක්” ලෙස නම් කරන අතර, බහුතරය දිනා ගැනීම සඳහා තමා සිටිසන්ස් හා වොක්ස් පක්ෂ සමග වැඩ කරන බව අවධාරනය කලේ ය. පක්ෂ තුන ප්‍රාදේශීය ආන්ඩු සන්ධානයක සිටින ඇන්ඩලූසියාවේ “ඇන්ඩලූසියානු ගිවිසුම” සඳහන් කරමින් ඔහු අවධානරය කලේ පීපීය “පිරිසිදු මුර වලල්ලක්” ගොඩනගන්නේ නැති බව යි. “පිරිසුදු මුරවලල්ලක් හැම විට ම ඒවා ගොඩනගන අයට හානි කර යි” යනුවෙන් කසඩෝ අදහස් දැක් වූයේ, තමන් “මහජන පෙරමුනකට” සටන් කරමින් සිටින බව ද පවසමිනි. ෆ්‍රැන්කෝගේ කුමන්ත්‍රනය හා සිවිල් යුද්ධය විසින් බිම දැමුවේ එවැනි ආන්ඩුවකි.

මෑත සතිවල දී, කසඩෝ සාන්චේස්ට එරෙහිව නරුම අපවාද වර්ෂාවක් මුදා හැරියේ, ඔහු “දුෂ්ටයෙකු,” “පැහැදිලි බොරුකාරයෙකු,” “අවජාතකයෙකු,” “අනවසර පදිංචිකාරයෙකු”, හා “දැඩි රාජද්‍රෝහී” වරදකරුවෙකු යැයි නම් කරමිනි.

ඒ ආකාරයෙන් ම, සිටිසන්ස් නායක ඇල්බර්ට් රිවේරා කැටලෝනියානු ප්‍රශ්නය මත “සෑම අපේක්ෂකයෙකු ම ඉවත් විය යුතු” බව කියා සිටියේ ය. තමන් තෝරා ගන්නේ නම්, “කුමන්ත්‍රනකරුවන්ට (නඩු දැමුනු කැටලෝනියානු නායකයින්) සමාව නො දීමට පොරොන්දු වන” බව ද පැවසුවේ ය. පොඩෙමෝස් නායක පැබ්ලෝ ඉග්ලෙසිස් “ස්පාඤ්ඤ ආර්ථිකය බාර නියෝජ්‍ය අගමැති ලෙස පත්වීමෙන් බෙදුම්වාදීන් මගේ රට පාලනය කල යුත්තේ කෙසේ දැ යි තීරනය කරන,” නව “ෆ්‍රැන්කැන්ස්ටීන් (හොල්මන්) ආන්ඩුවක්” ඇති වනු ඇතැ යි ඔහු අනතුරු ඇඟවී ය.

මෙම තතු තුල ප්‍රධාන අනතුර වන්නේ පොලිස් හා මිලිටරි පාලනයේ තර්ජනය පිලිබඳ ව කම්කරු පන්තිය සම්පූර්නයෙන් දැනුවත් නො වීම යි. ෆ්‍රැන්කෝවාදය සුජාත කිරීමට යාම ගැන යුරෝපීය සංගමයෙන් විරුද්ධත්වයක් නොමැත, එමෙන් ම ස්පාඤ්ඤ දේශපාලන සංස්ථාපිතය තුල විරුද්ධත්වය ලෙස ගැනෙන්නේ, දක්ෂිනාංශික ප්‍රතිපත්තිවල විවෘත ආධාරකරුවන් අතර ගැටුම්, හා දේශපාලන උදාසීනත්වය යි.

බදාදා, සාන්චේස් සිටිසන් හා පීපී පක්ෂවලට චෝදනා කලේ, තමා ඊට පෙර පැවති කොන්සර්වටිව් ආන්ඩුවට දැක්වූ “පක්ෂපාතිත්වය” පෙන්වීමට ඔවුන් අසමත් වීම වෙනුවෙනි. “පීපී පක්ෂයට සමාජවාදීන්ගේ ආයතනික පක්ෂපාතිත්වයක් තිබුනා. නමුත් ඔවුන් අපට පමනක් නො ව, ස්පාඤ්ඤයට පවා පක්ෂපාතී නැත.” ඔහු තව දුරටත් මෙසේ ද පැවසී ය, “වෙනස් විදියට හිතන අය සමග සම්මුතියකට අපි කැමත්තෙන් සිටියා. අපි යුරෝපයට පක්ෂ, ප්‍රගතිශීලී, වමට නැඹුරු යි, එමෙන් ම ඕඊසීඩීයේ (ආර්ථික සහයෝගිත්වය හා සංවර්ධනය පිලිබඳ සංවිධානයේ) කිසිම රටකට අපට වඩා කාන්තා ඇමතිවරියන් සිටියේ නෑ.”

ආන්ඩුව තුල, පීඑස්ඕඊය සැබවින් ම පීපීයෙන් වෙන් කර දැක්විය නො හැක. එහි ප්‍රමුඛ න්‍යයපත්‍රය වූයේ, කම්කරු පන්තිය සඳහා කප්පාදු, ස්පාඤ්ඤ භූමූලෝපායික අභිලාෂයන් පිලිබඳව ගත් කල දැඩි මිලිටරිවාදය හා කැටලෝනියානු නිදහස් අර්බුදයෙන් පසුව රජය නැවතත් ස්ථාපිත කිරීම යි.

එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පීපීයේ කඩාපැනීම් ඉදිරියට ගෙන ගියේ ය. ඔවුන් සෙයුටා හා මෙලිලා නම් දකුනු දේශසීමාවන් හි දී, ලේඛන නැති සංක්‍රමනිකයන් පිලිබඳ නීති ඉක්මවා යන පිටුවහල් කිරීම් වේගවත් කිරීම අනුමත කර ඇති අතර, “ගැග් නීතිය” නම් ආරූඩ නාමයෙන් ප්‍රසිද්ධ, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහජන ආරක්ෂක නීතිය ආරක්ෂා කලේ ය. කැටලෝනියානු නඩුව ගැන සාන්චේස් ආන්ඩුව ප්‍රාන්ත නීතිපතීන්ට පැවසුවේ, හිර කෙරුනු ජාතිකවාදීන්ට, වසර 15ක සිරදඬුවම් දෙන, රාජද්‍රෝහිකම යටතේ නඩු පවරන ලෙස යි.

දක්ෂිනාශික උද්ඝෝෂනයට තමන් බැරෑරුම් විරුද්ධත්වයත් නොදක්වන බව පොඩෙමෝස් පැහැදිලි කර ඇත. එය ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් සිටින්නේ, පොඩෙමෝස් අනුග්‍රහ දක්වන පීඑස්ඕඊ ආන්ඩුව සාර්ථක බව යි. පොඩෙමෝස් පාර්ලිමේන්තු ප්‍රකාශිකා අයිරින් මොන්ටේරෝ “ඉතිහාසයේ වඩාත් ම ප්‍රගතිශීලී අයවැය” එම ආන්ඩුවේ ප්‍රධාන අර්ථසිද්ධිය ලෙස සඳහන් කලා ය. නමුත් වැඩි කෙරෙන අවම වැටුප, පොලීසිය විසින් විරෝධතා මර්දනය කිරීම චිත්‍රපටගත කිරීම නීතිවිරෝධී කරන “ගැග් නීතිය” අවසන් කිරීම හා රැකියා විරහිත වැඩිහිටියන් සඳහා සහනාධාර (මේවා බොහොමයක් අසාර්ථක අයවැයට ඇතුලත් කෙරුනි) සැලැසුම් මෙම සතියේ අයවැයෙන් පසු සම්මත නො කෙරෙනු ඇත.

පොඩෙමෝස් හා පීඑස්ඕඊ “මාස අටක දී...පසු බැස නො සිටි මිලියන ගනනාවක් විසින් බල කෙරුන දේවල් කිරීමට වැඩ කර” තිබූ බව ඈ පැවසුවා ය. සැබවින් ම, ස්පාඤ්ඤයේ වඩාත්ම ජනගහනයෙන් යුත් කලාපය වන ඇන්ඩලූසියාවේ පැවති ඡන්දයේ දී පොඩෙමෝස් හා පීඑස්ඕඊ ඇද වැටුනේ, සියදහස් ගනනක් මෙම පක්ෂවලට සහාය දීම ප්‍රතික්ෂේප කීරීම හා ඒ වෙනුවට ඡන්දය නොදී සිටීමත් සමගිනි.

කෙසේ නමුත්, මොන්ටේරෝට අනුව සාන්චේස්ගේ බරපතල ම වැරැද්ද වූයේ තම ආන්ඩුව තුලට පොඩෙමෝස් ඇතුලත් කර නො ගැනීම යි. එසේ වුනා නම්, “යුරෝපය තුල දැනටමත් ඔවුන් පෙනී සිටින වර්ගයේ, ස්ථාවර හා බලගතු ආන්ඩුවක්” ඇති කර ගැනීමට ඉඩ තිබුනි. පිඑස්ඕඊ ආන්ඩුවට සහාය නොදැක්වීම හේතුවෙන් ඇය කැටලෝනියානු ජාතිකයන්ට ද පහර දුන්නේ, “කැටලෝනියාව සමග අවංක හා ප්‍රඥාගෝචර සංවාදයක හොඳ ම ඇපකරු” වූයේ සාන්චේස් බව නරුම ලෙස පවසමිනි.

ඇති විය හැකි පශ්චාත් මැතිවරන ගිවිසුම් ගැන අසන ලදුව පොඩෙමෝස්, “පුරවැසියන්ගේ සියලු නීත්‍යානුකූල නියෝජිතයින් සමග කතා කරනු” ඇති බව මොන්ටේරෝ පැවසුවේ, සියලු පක්ෂ සමග සන්ධානයකට දොර විවෘත කරමිනි.

පොඩෙමෝස් පක්ෂයේ නායක අපේක්ෂකයා වන, ඇගේ හවුල්කාර ඉග්ලේසියස්, උදඝෝෂනය අතරතුර දිගටම නිවාඩු ගන්නා බවත් ඒ පිලිබඳව පොඩෙමොස් ගන්නා උදාසීන ආකල්පය මොන්ටේරෝ විසින් නිවේදනය කිරිම තරම් කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින අනතුරු පිලිබඳ ස්වයංතෘප්ත හා පැහදිලිව අනාවරනය කරන වෙන යමක් ඇත්තේ නැත. මෙය, පිරිමි හා ගැහනු ගෘහ රාජකාරී බෙදා හදා ගන්නා, “අපිට ඕනෑ වර්ගයේ ස්පාඤ්ඤය” කුමක් දැ යි පෙන්වීමේ ක්‍රමයක් යැයි ඇය ප්‍රකාශ කලා ය. සැබවින් ම එය අවධාරනය කරන්නේ, බැරෑරුම් ලෙස සටන් කිරීමට අදහස් නො කරන, ස්පාඤ්ඤය තුල පොලිස් රාජ්‍ය දෙසට වන ගමන ගැන පොඩෙමොස් උදාසීන බව යි.

Share this article: