හංගේරියානු අවුඩි කම්කරුවන් හා මෙක්සිකානු මෝටර් රථ කොටස් කම්කරුවන්ගේ වැඩවර්ජන

මෝටර් රථ කම්කරුවන්ගේ ගෝලීය අරගලය

Strikes by Hungarian Audi workers, Mexican auto parts workers:The global struggle of autoworkers

2019 ජනවාරි 28

පසු ගිය දින කීපයේ, ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ දහස් ගනනක් කම්කරුවෝ පහල වැටුප් හා වහල් කඳවුරු සේවා කොන්දේසිවලට එරෙහිව බලගතු වැඩවර්ජන රැල්ලක නිරිත වී සිටිති.

පසු ගිය බ්‍රහස්පතින්දා, ගනන් බැලූ පරිදි මෝටර් රථ කම්කරුවෝ 13,000ක් හංගේරියාවේ ග්යෝර් නගරයේ පිහිටි, ජර්මනියට අයත් අවුඩි එකලස් කිරීම හා ඇන්ජින් කම්හලක සතියක වැඩවර්ජනයක් දියත් කලහ. මෙම කම්හලේ කම්කරුවෝ ලෝකයේ විශාලම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ෆොක්ස්වැගන් සමාගමට අයත් අවුඩි හා අනෙකුත් සන්නාම සදහා පෙට්‍රල්, ඩීසල් හා විදුලි මෝටර් සමග සෙඩාන්, සුඛෝපභෝගී ක්‍රීඩා කාර් හා ක්‍රීඩා බහුවිධ මෝටර් රථ (එස්යූවී) 100,000ක් වසරකට නිෂ්පාදනය කරති.

හංගේරියානු අවුඩි කම්කරුවෙකු මසකට යුරෝ 1,000ක් (ඇ. ඩොලර් 1,140ක්) උපයන අතර, එය ඔහුගේ ජර්මානු සගයෙකු උපයන මුදලින් තුනෙන් එකක් පමන වන නමුත්, ජීවන තත්වයන් බටහිර ජර්මනියට සම තත්වයේ පවතී. චෙක් ජනරජය, ස්ලෝවැකියාව හා පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපියානු සගයෙකුගේ වැටුපට පවා අඩුමුදලක් උපයන මෙම කම්කරුවෝ සියයට 18ක වැටුප් වැඩි වීමක් හා සෑම මාසයකම සම්පූර්න (නිවාඩු) සති අන්තයක් ඉල්ලා සිටිති.

මෙම වැඩවර්ජනය සම්පාත වන්නේ සතියකට සාමාන්‍ය දින 6කට සමාන කාලයක් වැඩ කිරීමට කම්කරුවන්ට බල කිරීමට සමාගමට අවසර ලබා දෙන දක්ෂිනාංශික ආන්ඩුවේ අගමැති වික්ටර් ඔර්බෝන්ගේ ආන්ඩුවේ වෛරී අතිකාල නීතියේ ඡේදයකට එරෙහි දැවන්ත විරෝධාතා රැල්ලක් සමගිනි. “වහල් නීතිය” ලෙස ප්‍රසිද්ධ ලෙස පට බැඳුනු මෙම පියවර “ලෙක්ස්, අවුඩි, මර්සිඩීස් හෝ බීඑම්ඩබ්ලිව්” ලෙස ද ප්‍රසිද්ධ වූයේ, හංගේරියාවේ විශාල ම ආයෝජකයින් වන, විදේශ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් එය පෙරට දැමූ බැවිනි.

හංගේරියානු කම්කරුවන්ගේ වර්ජනය පැමිනෙන්නේ 2017 ගිම්හානයේ ස්ලෝවැකියාවේ ෆොක්ස් වැගන් කම්කරුවන්ගේ හා සර්බියාවේ ක්‍රයිස්ලර් කම්කරුවන්ගේද යන්තම් වසරකට පෙර රුමේනියාවේ ක්‍රයිඕවා ෆෝර්ඞ් කම්කරුවන්ගේද වැඩවර්ජන වලට පසුවයි. ෆොක්ස්වැගන් සමූහයේ බොහෝ ලාභදායි අඩු වියදම් වර්ගය වන ස්කෝඩා කම්හලේ චෙක් කම්කරුවෝ ද වැටුප් මත ලබන මාසයේ දී වැඩවර්ජනයකට සූදානම් වෙමින් සිටිති.

මෙම අරගල සිදුවන්නේ මෙක්සිකෝ කම්කරුවන් මෝටර් රථ හා මෝටර් රථ කොටස් කම්කරුවන්ගේ ජාත්‍යන්තර අරගලයකට වර්ධනය වෙමින් තිබෙන සටනකට නායකත්වය සැපයීමත් සමගිනි. පසු ගිය සති දෙක මුලුල්ලේ, මැකිලඩෝරා නමැති කම්හල්වල 70,000ක් දක්වා කම්කරුවන්, ටෙක්සාස් ජනපදයේ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ බ්‍රවුන්ස්විල් නගරයට යන්තම් ඔබ්බේ හදිසි වැඩවර්ජන මාලාවක් පවත්වා ඇත.

මෝටර් රථ හා අනෙකුත් කර්මාන්ත සඳහා අමතර කොටස් නිෂ්පාදනය වෙනුවෙන් කම්කරුවන්ට ගෙවනු ලබන්නේ පැයකට ඩොලර් සත 75ක් තරම් වන සුලු මුදලකි. ඔවුහු සියයට 70ක වැටුප් වැඩි වීමක් හා ඩොලර් 1,700ක බෝනස් මුදලක් ඉල්ලා සිටිති. ඔවුන්ගේ ක්‍රියාව මේ වන විටත් දේශසීමාව ඔස්සේ කෙරෙන තීරනාත්මක අමතර කොටස් අපනයන කිරීම කපා දමා ඇති අතර එක්සත් ජනපදයේ මිචිගන්, ඔන්ටේරියෝ ප්‍රාන්තවල මෙන් ම කැනඩාව අනෙකුත් ස්ථානවල ෆෝර්ඞ් හා ජීඑම් නිෂ්පාදනවල මන්දගාමිත්වයට හේතු වී ඇත.

කම්කරුවන්ගේ වැඩවර්ජනයෙන් පහර වැදී සිටින සමාගම් අතර, මිචිගන් ජනපදයේ ඕබර්න් හිල්ස් හි පිහිටි ඩ්‍යුරා මොටර් රථ සමාගම ද වේ. මෙය අයත්වන්නේ, හිටපු මෝර්ගන් හා ස්ටැන්ලි සැක්ස් ආයෝජන බැංකුකරුවෙකු වන දල වත්කම එක්සත් ජනපද ඩොලර් මිලියන 830ක් වන ලින් ටිල්ටන්ට ය. මැටමොරොස් නගරය ජීඑම්හි කලින් පැවති අමතර කොටස් ශාඛාව වූ ඩෙල්පි, ජොන්සන් කොන්ට්‍රෝල්ස් හා කැනඩාවේ පාදක මැග්නා ද ඇතුලු ප්‍රධාන මෝටර් රථ සපයන්නන්ට ද නිවස වේ.

මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමකාවේ සංක්‍රමනිකයන් දඩයම් කරමින් සිටින ට්‍රම්ප් පාලනාධිකාරියෙට එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ගොඩනැගීමට අවශ්‍ය අතර, ඩෙමොක්‍රටික් පක්ෂය “දේශසීමා ආරක්ෂාවට” තම කැපවීම ප්‍රකාශකරයි. එසේ වුවත් එක්සත් ජනපද පාදක සමාගම්වලට දේශසීමාව ඔස්සේ ඒ පැත්තට හා මේ පැත්තට තම භාන්ඩ ප්‍රවාහනයට ගැටලුවක් ඇත්තේ නැත. අඩු වශයෙන් දිනකට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක භාන්ඩ හසුරුවන, “බ්‍රවුන්ස්විලෙ-මැටමොරොස් බෝඩර්ප්ලෙස්ක්” නම් නිදහස් වෙලඳ කලාපයට අන්තර් ජාතික පාලම් හතරක් හා එක් ජාත්‍යන්තර දුම්රිය හරස් මගක් ඇත.

ධෛර්ය සම්පන්න මැටමොරොස් කම්කරුවන් දරිද්‍ර වැටුප් හා වහල් සේවා කොන්දේසි බලගන්වා ඇති සමාගමේ වෘත්තීය සමිතිවලට විරුද්ධව වැඩවර්ජන කමිටු ගොඩනගා ඇත. තම අරගලයේ දී එකට එකතු වන ලෙස එක්සත් ජනපද කම්කරුවන්ගෙන් ඉල්ලීමට ඔවුන් එක්සත් ජනපද දේශසීමාව කරා පෙලපාලියේ ගොස් ඇත. මාධ්‍ය වාරනය අභිමුවෙහි, ලෝසවෙඅ වැඩවර්ජන කරමින් සිටින මෙක්සිකානු කම්කරුවන්ට හඬක් හා ඉදිරිදර්ශනයක් සපයා දී ඇත.

මෙම වැඩවර්ජන එක්සත් ජනපදයේ කම්කරුවන් උද්‍යෝගිමත් කර ඇත. ලෝසවෙඅ ඔටෝවර්කර් නිව්ස්ලෙටර් වෙත එවන විද්‍යුත් ලිපියක ඔහියෝ ප්‍රාන්තයේ ටෙලේඩෝ ෆියට් ජීප් රථ කම්හලේ කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය: “මෙක්සිකෝවේ තත්වය අපගේ අරගලයට හේතු පාදක වුනා. අපි වැඩ කරමින් සිටින්නේ, එය ලියා ඇති කොලය තරම්වත් වැදගැන්මක් නැති කොන්ත්‍රාත්තුවක් යටතේ. අපගේ (වෘත්තීය සමිති) නායකත්වයේ මුදුනේ දූෂනය විසින් ඔවුන් අපිව විකුනූ දූෂිත කොන්ත්‍රාත්තුවට කෙලින්ම බැඳල තියෙනවා. අපි මෙහි වීදිවලට බැසිය යුතුයි... ඔවුන් ගැන අප කොතරම් ආඩම්බර වෙනවාදැයි මෙක්සිකෝවේ අපගේ සහෝදර සහෝදරියන්ට කරුනාකරලා කියනු මැනවි. ඔවුන් සැබෑ වීරයෝ! දේශසීමාවේ දී ඔවුන්ගේ පෙලපාලියේදී මට ඔවුන් සමග එකතු වීමට හැකි වුනා නම් මා සතුටු වනවා. ජීව ගුනයෙන් අප ඔවුන් සමග බැඳී සිටිනවා, ඔවුන් ශක්තිමත්ව ඉඳියි කියලා අපි බලාපොරොත්තු වෙනවා! ස්තුතියි!

යූඒඩබ්ලිව් හා එහි කැනේඩියානු සහචර යුනිෆෝර් වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී ජාතිකවාදී උද්ඝෝෂනය ඉක්මවා යමින් එක්සත් ජනපද, කැනඩා හා මෙක්සිකෝවේ කම්කරුවන් එක්සත් කිරීමට මෝටර් රථ කම්කරුවෝ උත්සාහ ගනිමින් සිටිති. මැටමොරොස් කම්කරුවන් දේශසීමාවට පා ගමනේ යාමත් සමග, යුනිෆෝර් සභාපති ජෙරී ඩයස් “මෙක්සිකෝවේ නිෂ්පාදිත” මෝටර් රථ මිලට නොගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

ඇමරිකාවේ හෝ කැනඩාවේ නිෂ්පාදිත මෝටර් රථ නැතුවා මෙන්ම මැක්සිකෝවේ නිෂ්පාදිත මෝටර් රථ වැනි යමක් නොමැත. නූතන වාහනයක් නිපදවෙන්නේ, ලෝකය වටා පතල් කනින හා අමුද්‍රව්‍ය සකසන කම්කරුවන් සඳහන් නො කර වුව ද, දුසිම් ගනාවක් රටවල කම්කරුවන් විසින් නිෂ්පාදනය කර එකලස් කෙරුනු කොටස් 30,000ක් තරම් සංඛ්‍යාවකිනි. අන්තර්ජාතික සංගත තනි භාන්ඩයක් නිපදවීමට දුසිම් ගනනාවක් කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය කොල්ල කන අතර ඉහල ම ලාභ අනුපාතය සොයමින් නිෂ්පාදනය ලෝකය වටා මාරු කර යවති.

කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් විනාස කිරීමට මෝටර් රථ හාම්පුතුන් සමග තමන්ට තිබෙන සහයෝගිත්වය වසන් කිරීමට වෘත්තීය සමිති විසින් දීර්ග කාලයක් තිස්සේ ජාතිකවාදය මත පදනම් වී ඇති අතර, වෘත්තීය සමිති විධායකයෝ අල්ලස් හා විවිධ සංගත ශ්‍රම -කලමනාකරන ව්‍යාපෘති හරහා පොම්ප කෙරෙන මුදල් රූපාකාරයෙන් කම්කරුවන්ගෙන් ඇද ගන්නා අතිරේක ලාභයේ පංගුවක් ඩැහැ ගනිති.

ප්‍රවෘත්ති මාධ්‍ය විසින් මැටමොරොස් අරගලය වසන් කල යුතු යැයි යූඒඩබ්ලිව් හා යුනිෆෝර් සමිති බල කරමින් සිටින්නේ, එක්සත් ජනපද හා කැනඩා කම්කරුවන් ද සංගත පාලිත වෘත්තීය සමිතිවලට එරෙහි ව කැරලි ගසා ගෝලීය මෝටර් රථ සමාගම්වලට හා ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක දී ලෝකය වටා කම්කරුවන් සමග එක්සත් වනු ඇතැයි වන බිය නිසා ය.

කල යුතු දේ හරියටම එයයි. එක්සත් ජනපදය හා කැනඩාවේ කම්හල් පහක් වසා දැමීමට හා නිෂ්පාදන හා ස්ථීර වැටුපක් ගෙවන කම්කරුවන් 15,000ගේ රැකියා තුරන් කිරීමට වන ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයාගේ සැලැසුම්ගත වසා දැමීමට එරෙහිව සටන් කිරීමට ඩෙට්‍රොයිට්හි ජෙනරල් මෝටර්ස් ගොඩනැගිල්ල අසල පෙබරවාරී 9වැනිදා පැවත් වෙන පෙලපාලියට සහභාගී වී සහයෝගය දක්වන මෙන් ලෝසවෙඅ සියලුම කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

පෙලපාලිය කැඳවා ඇත්තේ සමාජික කමිටුවල සන්ධානයක මෙහෙයුම් කමිටුව විසිනි. වසා දැමීමට එරෙහිව දෙසැම්බර් 9වැනිදා පැවති හදිසි රැස්විමේ දී මෙය ආරම්භ කෙරුනේ ලෝසවෙඅ ඔටෝවර්කර් නිව්ස්ලෙටර් හා සමාජවාදී සමානතා පක්ෂයේ අනුග්‍රහය සහිතව ය.

“මෝටර් රථ කොටස් නිපදවන කම්කරුවන්, ගුරුවරුන්, ඇමසන් කම්කරුවන්, සේවා කම්කරුවන් හා අනෙකුත් අය ඇතුලුව සියලු කම්කරුවන් සමග සන්නිවේදනය හා සහයෝගිත්වයේ මාවත්, ස්ථාපිත කිරීමට හා කැනඩාව හා මෙක්සිකෝවේ මෙන් ම ලෝකයේ සෙසු රටවල අපගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ඇමරිකානු කම්කරුවන් එක්සත් කිරීම සඳහා සටන් කිරීමට” යූඒඩබ්ලිව් හා යුනිෆෝර් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සාමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සටන් කිරීමට මෙම රැස්වීම ඒකමතිකව යෝජනාවක් සම්මත කලේ ය.

මෝටර් රථ කම්කරුවන්, ගුරුවරුන් හා ලෝකය වටා අනෙකුත් කම්කරුවන්ගේ අරගලයේ වෛෂයික උත්ප්‍රේරනය වන්නේ කම්කරු පන්තියේ සියලු කොටස් එකට ඇද ගන්නා වූ මහා වැඩවර්ජනයකට යි. මෙම වෛෂයික ව්‍යාපාරය කම්කරු බලය හා ලෝක ආර්ථිකයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන දේශපාලන අරගලයකට දැනුවත් ව වර්ධනය කර සංවිධානය කල යුතු ය.

ජෙරී වයිට්

Share this article: