ඉරාන විප්ලවයේ සිට හතලිස් වසරක්

The Iranian Revolution—Forty Years On

2019 පෙබරවාරි 13

වසර හතලිහකට පෙර මෙම සතියේ ඉරාන විප්ලවය ෂාගේ ඒකාධිපත්තිවය පෙරලා දැමී ය. 1953දී එක්සත් ජනපදය විසින් මෙහෙය වන ලද මිලිටරි කුමන්ත්‍රනයකින් ඇටවුනු කුරිරු තන්ත්‍රයක් වූ එය සියවස් කාලක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩත්වය හා මැද පෙරදිග හා යුරෝපය සිසාරා කුමන්ත්‍රනවල කඩ ඇනය ලෙස සේවය කලේ ය.

මෙම මහජන නැගිටීම ෂා මොහමඞ් රේෂා පාලවී, ඔහුගේ ඇමතීන්, ගජ මිතුරු ධනපතීන් හා සවාක් (රහස් පොලිස්, ජාතික ආරක්ෂක හා ඔත්තුසේවා-පරිවර්තක) වධකයින් ඉතිහාසයේ කුනුකූඩයට අතු ගා දැමීමට තීව්‍ර වෙමින් තිබූ මහජන විරෝධතා හා වැඩවර්ජනවල කූට ප්‍රාප්ත්තිය විය. කම්කරු පන්තියේ පලල් කන්ඩායම්, නාගරික දුප්පතුන් හා මධ්‍යම පන්තිය ෂාගේ රාජාන්ඩු ඒකාධිපතිත්වයට එරෙහි අරගලයට සහභාගී වූහ. නමුත් එක්සත් ජනපදය අනුග්‍රහය දැක් වූ පරමාධිපති තන්ත්‍රයේ කොන්ද කඩා දැමුවේ ඉරාන තෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනය යි.

1979 ඉරානය හා 1917 රුසියාව අතර සමානකම් සිත් ඇදගන්නා සුලු වූ අතර, එම කාලයේ ධනේශ්වර මාධ්‍යවල පවා ඒ ගැන බොහේ සේ අදහස් දැක්වුනි. ෂා පෙරලා දැමීමෙන් පසු, විප්ලවවාදී නැගිටීම පුලුල් වූ අතර දැඩි විය. නමුත් කම්කරුවන් කම්හල් වාඩිලා ගෙන අරගලයේ නව වැඩපොල සංවිධාන ගොඩනැගූ අතර, ගම්වැසියන් ඉඩම් හිමියන් නැති ඉඩම් අල්ලා ගත්ත ද, නාගරික දුප්පතුන් හා ග්‍රාමීය පීඩිතයින් මත රැඳුනු කම්කරු ආන්ඩුවක් අතට බලය මාරු නො වුනි.

ඒ වෙනුවට (ප්‍රචන්ඩ කම්පනයන්ගෙන් අඩු නැතිව වම හා කම්කරු පන්ති ස්වාධීන සංවිධානයෙන්ගේ සියලුම රූපාකාරයන්ගේ ම්ලේච්ඡ මර්දනය හරහා) නව ධනේශ්වර තන්ත්‍රය ඊ ලඟ වසර තුන මුලුල්ලේ පාලනය මත තම ග්‍රහනය තහවුර කර ගත්තේ ය.

මෙම තන්ත්‍රය මුල් බැස ගත්තේ ෂා හා ඔහුගේ අනුගාමිකයන් හා අධිරාජ්‍යවාදය විසින් ඉරානයේ වේගයෙන් වැඩෙමින් තිබුන තෙල් සම්පත මුලුමනින් ම පවරා ගැනීම නො රිස්සූ ඉරාන ධනේශ්වරයේ කඩමන්ඩි වෙලෙන්ඳන් හා අනෙකුත් සම්ප්‍රදායික කන්ඩායම් තුල ය. දේශපාලනිකව, එය මෙහෙය වන ලද්දේ සන්නද්ධ කිරීමේ ෂියා (නිකායික) ජනතාවාදී ඉල්ලීම් යොදා ගත්තා වූ ද, ඊට පසු දේශපාලනිකව පැතිරුනු හා අධිරාජ්‍යවාද විරෝධී නැගිටීම මර්දනය කලා වූ ද අසම්මත පූජකයින් කන්ඩායමක් විසිනි. ධනේශ්වර දේපලවල මුරුකරුවන් ලෙස, ෂියා පූජකයෝ ම ඉස්ලාමීය සමූහාන්ඩුවේ දේශපාලනික ආයතන තුල උත්කෘෂ්ට තනතුරු තහවුරු කර ගැනීමට සමත් වූහ. මෙය උදාහරනයන් වශයෙන් සහතික කෙරුනේ පලමුව 1989 තම මරනය දක්වා අයතොල්ලා කොමේනි හා එතැන් සිට අයතොල්ලා කමේනි විසින් දරනු ලබන උතරීතර නායක තනතුර මගිනි.

ස්ටැලින්වාදී තුඬේ පක්ෂයේ ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාකලාපය

ඉරාන විප්ලවයේ ඛේදජනක නො මග යෑමට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ස්ටැලින්වාදී තුඬේ පක්ෂය හා ස්ටැලින්වාදී දේශපාලනය යි.

සංක්‍රමනික ඉරාන කම්කරුවන් දකුනු රුසියාවේ තෙල් බිම් හා අනෙකුත් කර්මාන්තවල රැකියාවල නියුක්තව සිටි අවස්ථාවේ, බොල්ශෙවික් පක්ෂ කේඩර් විසින් දේශපාලනීකරනය කෙරුනු 20වැනි සියවසේ පලමු දශකය දක්වා ආපසු දිවෙන, දීර්ග හා ප්‍රගාඪ සම්බන්ධයක් ඉරාන කම්කරු පන්තිය හා විප්ලවවාදී සමාජවාදය අතර පවතී.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී, තුඬේ පක්ෂය ඉරානයේ පලුමු දැවන්ත පක්ෂය ලෙස ලෙස ද, කම්කරුවන් සියදහස් ගනනක් වැලඳ ගත් වෘත්තිය සමිති ව්‍යාපාරයක නායකයා බලය ගැනීමේ හැකියාව ඇති තරඟකරුවෙකු ලෙස ද මතුවි ය. කෙසේ නමුත්, මෙන්ෂෙවික්-ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලවයට දායක වෙමින්, තුඬේ පක්ෂය ධශේවරයේ උපකල්පිත “ප්‍රගතිශීලී පාර්ශ්වයට” කම්කරු පන්තිය ක්‍රමානුකූලව යටත් කල අතර, ඒ මගින් ෂාගේ පරමාධිපති තන්ත්‍රය ස්ථාපිත කෙරුනු, 1953 සීඅයිඒ පිටුබලය දුන් කුමන්ත්‍රනය සඳහා දේශපාලන කොන්දේසි නිර්මානය කිරීමට උදව් කලේ ය.

පිටුවහල් ව සිටිය දී, තුඬේ පක්ෂ නායකත්වය තව තවත් දකුනට තල්ලු වූයේ, 1953 කුමන්ත්‍රනයෙන් පසු, පක්ෂය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම අධීක්ෂනය කර තිබූ ජනරාල්වරයා ඇතුලු ව, ෂාගේ තන්ත්‍රයෙන් පලා ගියවුන් සමග පූර්න මිත්‍රත්තවය ප්‍රාර්ථනා කරමිනි. ඉරාන කම්කරු පන්තිය දෙසට ලඟා වීමට කිසිදු බැරෑරුම් උත්සාහයක් නොගැනීම නිසා 1978 ෂාගේ තන්ත්‍රයට එරෙහිව පුපුරා ගිය මහජන විරුද්ධත්වය පිලිබඳව ස්ටැලින්වාදීන් නොදැනුවත් විය.

ඊට පසු, ඔවුන් කොමේනි පිටුපස වැටුනේ ඔහු “ජාතික නිදහස් විප්ලවයේ” නායකයා ලෙස ප්‍රශංසා කරමිනි, හා නැතහොත් විශේෂයෙන් ම කාර්මික කම්කරුවන්ගේ කන්ඩායමක් අතර, තුඬේ පක්ෂය පවත්වා ගත් බලපෑම ඉරාන ධනේශ්වරයේ සේවයට තබමිනි. 1979 දෙසැම්බරයේ දී, තුඬේ පක්ෂ ප්‍රධාන ලේකම් නූරෙදීන් කියනෝරි කුප්‍රකට ලෙස ප්‍රකාශ කලේ කොමේනි තන්ත්‍රය සමග ස්ටැලින්වාදී සහයෝගිත්වය “මූලෝපායි” බව යි, මන්ද “ෂියාවාදය යනු සමාජවාදය සඳහා වන අපගේ මාවත කවර දා හෝ අවහිර කරමින් සිටිනවා අපට මුන නො ගැසෙන විප්ලවවාදී හා ප්‍රගතිශීලි දෘෂ්ටිවාදයක්” වන බැවිනි.

සමාජවාදයට නැඹුරු වූ තරුනයන් ව්‍යාකූල කිරීමේ දී සැලකිය යුතු අතිරේක කාර්යභාරයක් ඉටු කරන ලද්දේ, තුඬේ පක්ෂයේ දක්ෂිනාංශික දේශපාලනය ට එරෙහි ප්‍රතික්‍රියාවක කොටසක් ලෙස, 1970 ගනන්වල මතු වූ විවිධ සන්නද්ධ ගරිල්ලා කන්ඩායම් විසිනි. ස්ටැලින්වාදී, මාඕවාදී, ගුවේරාවාදී හා තුන්වනලෝකවාදී හා ඇතම් අවස්ථාවල දී “ඉස්ලාමීය සමාජවාදයේ” සාරසංග්‍රහවාදී මිශ්‍රනයක් මත පාදක මහජන ෆෙඩයීන් (දිවිපුදන්නා) හා මහජන මුජහෙදීන් වැනි කන්ඩායම් කම්කරු පන්තියෙන් සමාජවාදයට නැඹුරු තරුනයන් වෙන් කිරීමට හා ඉරාන ධනේශ්වරයේ ෂියා පූජකයින්ගේ විප්ලවවාදී හැකියාව හා අධිරාජ්‍යවාද විරෝධය පිලිබඳ මිත්‍යාවන් ඇති දැඩි කිරීමට උදව් කලහ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට ඉරාන විප්ලවය ලේවැකි ප්‍රහාරයක් විය. ෂා පෙරලා දැමීමට යන්තම් මාස 14ට පෙර, එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් ඔහුගේ තන්ත්‍රයට ගෞරව කර තිබුනේ “ස්ථාවරත්වයේ දිවයිනක්” ලෙසට ය.

කෙසේ නමුත්, මොනර ඔටුන්න ඇද වැටීම සමඟ වොෂින්ටනයේ අතිමහත් උත්සුකය වූයේ, අධිරාජ්‍යවාද විරෝධී නැගිටීම සමාජවාදී විප්ලවය තුල මස්තකප්‍රාප්ත වනු ඇත, නැතහොත් එක්සත් ජනපද සීතල යුද්ධ දෘෂ්ටියේ ප්‍රිස්මය ඔස්සේ දකින පරිදි තුඬේ පත්ෂය බලය ගනු ඇත යි කියා ය. එක්සත් ජනපදයට අතිරේකව, බි්‍රතාන්‍ය හා 1965 සිට එහි පිටුවහලෙකු වූ කොමේනි විප්ලවයට පෙර අවසන් මාස ගත කර තුබූ ප්‍රන්සය අයතොල්ලා හා 1979 පෙබරවාරියේ දී ඔහු විසින් පත් කරන ලද තාවකාලික ආන්ඩුව සමඟ වැඩ කිරීමට තමන් සූදානම් බව සංඥා කලෝ ය.

සම්බන්ධකම් ඉක්මනින් ම අප්‍රසන්න වූයේ නම්, ඒ ටෙහෙරානය තෙමේ ම මුලුමනින් ම එක්සත් ජනපද මූලෝපායික අරමුනුවලට යටත් විය යුතු යැයි වොෂින්ටනය බල කල නිසා ය. මෙය කොමේනි පෙනී සිටි ඉරාන ධනේශ්වරයේ ප්‍රමුඛ කන්ඩායමේ උත්සුකතා ඉක්මවා ගියා පමනක් නො ව, වොෂින්ටනයට දන නමස්කාර කරන ඕනෑ ම ඉරාන ආන්ඩුවක් පෙරලිකාරී මහජනයා සමග මහත් වේගයෙන් ගැටුමකට එනු ඇති බව අයතොල්ලා හඳුනා ගත්තේ ය.

1979 නොවැම්බරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලා ගැනීම (“ප්‍රාන ඇපකාර ප්‍රශ්නය”) කොමේනි විසින් යොදා ගනු ලැබුවේ අගමැති වශයෙන් ඔහුගේ පලමු තේරීම වූ මේහ්දි බෂාර්ගන් හා වොෂින්ටනය සමග කිට්ටු සම්බන්ධතා පටන් ගැනීමට උත්සුක හා නැතහොත් විප්ලවය නැවත්වීමට ප්‍රත්‍යක්ෂව ම ඉල්ලූ, ෂාට එරෙහි අනෙකුත් සාම්ප්‍රදායික ධනේශ්වර කන්ඩායම් පසෙකට දැමීමට යි.

කෙසේ නමුත්, මෙය අයතොල්ලා, ඉස්ලාමීය සමූහාන්ඩු පක්ෂය තුල මේ වන විට සංවිධානගත තම කිට්ටු මිතුරන්, හා ඉරාන ධනේශ්වරය ප්‍රධාන තර්ජනය ලෙස දුටු (කම්කරු පන්තිය හා වම්මු,) අය වෙත හැරෙමින් සිටින කොමේනි තන්ත්‍රයට ප්‍රාරම්භයක් විය. තුඬේ පක්ෂයේ ස්ටැලින්වාදීන්ගේ සහාය ඇතිව (ඒ දෙක ඉලක්ක කරන තෙක්) ඉරාන “විප්ලවවාදී ආන්ඩුව” කම්කරු පන්තියේ ස්වයං ප්‍රකාශනයේ සියලු රූපාකාරයන් හා වාම විවේචන වැඩිවෙන ප්‍රචන්ඩත්වය හා බලවත්කම සමගින් මර්දනය කලේ ඒවා “ජාතික එකමුතුවට” යටින් වල කපන අතර අධිරාජ්‍යවාදය ශක්තිමත් කරති යි යන පදනම මත ය.

කොමේනි ආන්ඩුව, ගනන් බැලූ පරිදි ඉරාන ජාතිකයන් මිලියනයක් මෙන් ම ඉරාක ජාතීන් අඩ මිලියනයක් මියගිය, වසර අටක් වූ ඉරාන-ඉරාක යුද්ධය ද ඒ ආකාරයෙන් යෙදා ගත්තේ, පලල් මර්දනය සඳහා කඩතුරාවක් මෙන් ම ෂා පෙරලා දැමූ අධිරාජ්‍යවාද විරෝධී නැගිටීම විසින් පන්නර ගන්වන විප්ලවවාදී අභිලාෂයන් ප්‍රතිගාමී යුද්ධයක් තුල ක්ෂය කර හැරීමේ යාන්ත්‍රනයක් ලෙස ය.

අධිරාජ්‍යවාදය හා නිදහස් වෙලඳපොල “ප්‍රතිසංස්කරන” සමග ප්‍රතිසන්ධානය

වොෂින්ටනය විසින් ඉස්ලාමීය සමූහාන්ඩුවට පහර දීමේ කඩතුරාව ලෙස ඉරාන-ඉරාක යුද්ධය පාවිච්චි කිරීමට තර්ජනය කිරීමට හා ඔහුගේ මරනයට යන්තම් පෙර, කොමේනි ගමන් මගේ හදිසි වෙනසක් නියෝග කලේ ය. ඉස්ලාමීය සමූහාන්ඩුව ඉරාකයෙන් කොල්ලකාරී යුද වන්දි සඳහා වූ තම ඉල්ලීම් අතහැර දැමූ අතර අධිරාජ්‍යවාද සමග නැවත මිත්‍රවීමක් සෙවීම දෙසට නැවත නැඹුරු විය. කොමේනිගේ නමෝදිෂ්ට අනුප්‍රාප්තික, උත්තරීතර නායක අයතොල්ලා කමේනි හා ජනාධිපති රෆ්සන්ජානී යටතේ ඉරානය ඉක්මනින් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ව්‍යූහමය ගැලපීම්” ප්‍රතිපත්ති පැටවීමට පෙරට ගියේ ය. මෙම ප්‍රතිපත්තිවලට පුද්ගලීකරනය, නියාමනහරනය හා වියදම් කප්පාදු ඇතුලත් වූයේ යුරෝපීය, හා හැකි නම්, එක්සත් ජනපද ප්‍රාග්ධනය සමග කිට්ටු සම්බන්ධකම් පුනර්ජීවනය කිරීමේ ඉක්මන් ඉලක්කය ඇතිව යි.

1989 සිට හා “ගතානුගතිකවාදීන්” හා “මූලධර්මවාදීන්ගේ” සිට “ප්‍රතිසංස්කරනවාදීන්” දක්වා ඉස්ලාමීය සමූහාන්ඩුවේ දේශපාලන ප්‍රභූවේ සියලුම කන්ඩායම් විසින් සහාය දෙනු ලැබූ ජනාධිපති යටතේ, ඉරාන ආන්ඩුව, “වෙලඳපොල හිතැති ප්‍රතිසංස්කරන” නාමයෙන්, විප්ලවය මුදුනේ දී කම්කරු පන්තිය හා නාගරික මෙන්ම ග්‍රාමීය දුප්පතුන්ට ලබා දුන් සමාජ සහන ක්‍රමානුකූලට ගලවා දැමුනි. රෆ්සන්ජානී, හිටපු “ප්‍රතිශෝධක” කටාමි, හෝ 2013 සිට ඉරානයේ ජනාධිපති වී සිටින “නව ලිබරල්” හසාන් රූහානීට අඩු නැති ව ජනතාවාදී මහ්මොඞ් අහ්මදිනෙජාඞ්ගේ ආන්ඩුවට ද මෙය සත්‍යයකි.

අද, ඉරාකය සලකුනු කෙරෙන්නේ වියරු වැටුනු හා වැඩෙන සමාජ අසමානතාව, දැවන්ත විරැකියාව හා අඩමාන කොන්ත්‍රාත්තු රැකියා මගිනි.

ඒ ආකාරයෙන් ම, ලෝක කරලියේ දී, ඉස්ලාමීය සමූහාන්ඩුවේ පූජක ධනේශ්වර තන්ත්‍රය පසු ගිය දශක තුන තිස්සේ අධිරාජ්‍යවාදීන් සමග පයිරුපාසානකමක් හඹා ගියේ ය. මෙයට බොහෝ සේ ඇමරිකානු ඇධිරාජ්‍යවාදය ද ඇතුලත් වූයේ, වොෂින්ටනය නැවත නැවතත් ටෙහෙරානයේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම හා ජිමී කාටර් දක්වා වූ සෑම ජනාධිපතිවරයෙකුගේම යුද තර්ජන ඇතුලුව නපුරු එදිරිවාදකම් තිබිය දී ම ය.

2001දී, ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද ආක්‍රමනයට හා වොෂින්ටනය එරට රූකඩ ජනාධිපති ලෙස හමීඞ් කර්ෂායි පත් කිරීමට ඉරානය කාර්යසාධන හා දේශපාලන සහයෝගය සැපයූවේ ය. 2003දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කිරීමට සූදානම් වෙද්දී, ඉරානය බුෂ් පාලනාධිකාරිය සමග රහස් සාකච්ඡා ඇරඹී ය. ඇමරිකානු හමුදා බැග්ඩෑඩයේ වාඩිලාගත් වහා ම, එක්සත් ජනපදය තන්ත්‍ර වෙනස් කිරීම පමනක් අමතක කිරීමට පොරොන්දු වන්නේ නම්, ඊස්රායලය පිලිගැනීම, හමාස් සංවිධානයට සියලු ආධාර කපා දැමීම හා හෙස්බුල්ලා සංවිධානයට අවිහරනයට බල කිරීම ඇතුලු සියලු එක්සත් ජනපද උත්සුකයන්ට, ටෙහෙරානය තෙමේ ම යටත් වීමට කැමත්ත දුන්නේ ය.

ඔබාමා ඉරානය මත කුරිරු සම්බාධක පැට වූ අතර එයට නො නවත්වා පහර දීමට තර්ජනය කලේ ය. ඊට පසු 2015-16දී ඔහු 1979 විප්ලවයෙන් පසු පලමු වැදගත් එක්සත් ජනපද-ඉරාන රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම ඇති කිරීම තෝරා ගත්තේ, එහි ප්‍රජා න්‍යෂ්ටික වැඩසටහනේ බොහොමයක් කොටස් ගලවා දැමීම සඳහා හුවමාරු වශයෙන් ටෙහෙරානය මත සම්බාධක ලිහිල් කිරීමට එකඟ වෙමිනි.

එම අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහදිලි කල පරිදි, ඔබාමාගේ වෙනස පිටුපස කොල්ලකාරී ගනන් බැලීම් දෙකක් තිබුනි: ටෙහෙරානය සමග සම්පූර්න ගැටුමක් එහි වඩාත් ම දැඩි විරුද්ධවාදීන්, එනම් රුසියාව හා චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික ප්‍රහාරයන් ඉක්මවා යාමට ඉඩ තිබීම; යුරෝපය හා එක්සත් ජනපද ආයෝජනයන්ට ඉරානය යලි විවෘත කිරීම, වොෂින්ටනය සමග හවුල්කාරිත්වයක් සඳහා කැමති තරමක කන්ඩාමයක් ඇතුලුව, ඉරානයේ පූජක ධනේශ්වර ප්‍රභූව තුල දෙදෙරීම්වල වාසි ලබා ගැනීමට නව අවස්ථාවක් ද, ඒ ගමන් ඉරානය එක්සත් ජනපදයට යටත් මිතුරෙකු බවට “හැරවීමට” හෝ “ඉස්සීමට” නව අවස්ථා ද සැපයීමට ඉඩ තිබීම.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම එය මුද්‍රනය කෙරුනු කඩදාසිය තරම් වත් නො වටිනා බවට ලෝසවෙඅ අනතුරු හැඟවී ය; එය කිරීම වාසියක් යැයි හැඟෙන වහා ම වොෂින්ටනය එය කඩා දමනු ඇත.

සැබවින් ම ට්‍රම්ප් නිශ්චිත ලෙස එය කර ඇත්තේ, යුද්ධයකට සමාන ආක්‍රමනකාරී ක්‍රියාවක් ලෙස, එහි ආර්ථිකය කඩා බිඳ දැමීමේ ඉක්මන් අරමුනු ඇති ව ඉරානය මත ඒකපාර්ශ්වීය ගෝලීය සම්බාධක පටවමිනි.

මේ අතර, ඉරාන කම්කරු පන්තිය වර්ෂ ගනනාවක කප්පාදු අවසන් කිරීමට තමන් අධිෂ්ඨාන සහගත බවට නොතීසි බාර දී ඇත. එය ඉරානයට එරෙහි වොෂින්ටනයේ කොල්ලකෑම්වල මුලු බර තනියම තමන් ඉවසා සිටීමට පත් කිරීමේ පාලක ප්‍රභූවේ අවසානයක් නැති උත්සායන් ද දරා සිටීම බාර නො ගනු ඇත.

මෑත වර්ෂ පුද්ගලීකරනය, පහල හා නො ගෙවන වැටුප්, රැකියා කප්පාදු හා ජරාවාස වූ රජයේ සේවයට එරෙහිව කම්කරුවන්ගේ විරෝධතා හා වැඩවර්ජන රැල්ලක් දැක ඇත. 2018 ඇරඹුනේ දරිද්‍රතාව හා සමාජ අසමානතාවට එරෙහි ව, ප්‍රාදේශීය නගර හා මහනගරවල රැකියා විරහිත තරුනයන් විසින් නායකත්වය දෙන ලද, සමහර විට ප්‍රචන්ඩවූ, දැවන්ත විරෝධතා සමගිනි. මෙම තරුන කොටස් විසින් දීර්ග කාලයක් තිස්සේ තන්ත්‍රයේ මහජන පදනමේ වැදගත් කොටසක් සපයා තිබුනි. ටෙහෙරොනයේ ප්‍රතිචාරය වූයේ ම්ලේච්ඡ මර්දනය හා විරෝධතා විදේශිකයින් විසින් අවුලුවන ලද තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් යැයි නිගා කෙරෙන අපවාද ප්‍රවාහයකි.

එතකුදු වුවත්, සමාජ විරෝධය දිගට ම වැඩි වී ඇත්තේ, ගුරුවරුන්, ට්‍රක් රථ රියදුරන්, පතල් කම්කරුවන්, වානේ කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම් පසු ගිය වසරේ අත්අඩංගුවට ගැනීම් හා පොලිස් ප්‍රචන්ඩත්වය අභිමුවෙහි වැඩවර්ජන කිරීම ඉහල නැංවීම සමගිනි. වැඩිවෙන්නා වූ විරෝධතා මත තන්ත්‍රයේ බිය පිලිබඳ ඇඟවීමක දී, රාජ්‍ය රූපවාහිනිය හෆ්ට් ටපේහ් උක් කර්මාන්ත සංකීර්නයේ 4,000ක් කම්කරුවන්ගේ දීර්ග කාලයක් පවතින වැඩවර්ජනයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ ප්‍රචන්ඩ බලාත්කාරකම් පිලිබඳ පාපොච්චාරන විසුරුවා හැරීම තුල ගැබ් විය. මෙහි දී තමන් වැඩ කරමින් සිටින්නේ විදේශ “කොමියුනිස්ට්වාදීන්ගේ ” නියෝගය මත යැයි පැවසීමට ඔවුන් පොලඹවන ලදී.

පැහදිලි ලෙස, ධනේශ්වර බිඳ වැටීම හා අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ අනුගාමී සැඩ පහර යටතේ, අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර සමබරතාව පවත්වා ගැනීම හා උපා මාරු දැමීමේ ඉඩකඩ වේගයෙන් අතුරුදහන් වෙමින් තිබෙන්නේ, ඉස්ලාමීය සමූහාන්ඩුවේ අර්බුදය ගුනාත්මකව නව මට්ටමකට නංවමිනි.

එක්සත් ජනපදය තුල මෙන් ම ලෝකය වටා කම්කරුවන් ඉරානය මත මිලිටරි ප්‍රහාරයක් සඳහා වන වොෂින්ටනයේ ආර්ථික යුද්ධ සූදානමට ප්‍රබල ලෙස විරුද්ධ විය යුතුය. ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී ආක්‍රමනයට වන විරුද්ධත්වයට, කෙසේ නමුත්, ඉරාන ධනේශ්වරය හා ඉස්ලාමීය සමූහාන්ඩුවේ දේශපාලන සහයෝගයේ අබැටැක් හෝ නයට ගැනීම අවශ්‍ය නො වේ, ඔවුන් වෙනුවෙන් ක්ෂමාව අයදීම ගැන කියනුම කවරේ ද. ඊට වෙනස් ව, ඉරානය තුල හා ලෝකය වටා අධිරාජ්‍යවාදයට වන විරුද්ධත්වයේ එකම ශඛ්‍ය පදනම වන්නේ කම්කරු පන්තිය යි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ඉරාන කම්කරුවන්ගේ වැඩෙමින් තිබෙන ව්‍යාපාරය ට්‍රොට්ස්කිවාදී නො නවතින විප්ලවයේ මූලෝපායෙන් සන්නද්ධ කිරීම යි: කම්කරුවන්ගේ පාලනය සඳහා සටන තුල දී කම්කරු පන්තිය බලමුලු ගැන්වීම දෙසට නැඹූරු කිරීම හා දේශපාලනිකව සූදානම් කිරීමට මෙන් ම, මැද පෙරදිග (ඉරානය, අරාබිය, කුර්දිෂ්, තුර්කි හා ඊස්රායල්) කම්කරුවන් හා පීඩිතයින් අධිරාජ්‍යවාදය හා යුද්ධයට එරෙහිව යුරෝපය හා උතුරු ඇමරිකාව තුල වර්ධනය වෙමින් තිබෙන කම්කරු පන්තියේ ගමන සමග එක්සත් කිරීම යි.

ඉරාන කම්කරුවන් 1979 විප්ලවයේ කටුක පාඩම් උකහා ගත යුතු ය. ඓතිහාසිකව අධිරාජ්‍යවාදීන් විසින් මර්දනය කෙරුනු රටවල, මහජනතාවගේ දැවෙන කිසිදු ප්‍රශ්නයක් (සැබෑ නිදහසේ සිට, පල්ලිය රජයෙන් වෙන් කිරීම, සියලුම ජාතීන් අතර සැබෑ සමානතාව හා වාර්ගික අසාධාරනකම්වලින් නිදහස ස්ථාපිත කිරීම, සියල්ලන් සඳහා සමාජ අයිතීන් හා සමාජ සමානතාව සුරකීම) අධිරාජ්‍යවාදයට හා ධනේශ්වරයේ සියලුම කන්ඩායම්වලට විරුද්ධ ව හා සමාජවාදී කම්කරු සමූහාන්ඩුවක් සඳහා සටන පිටුපස පීඩතයින් එකතු කර ගනිමින් කම්කරු පන්තිය තමන් විසින් ම ස්වාධීන දේශපාලන බලයක් ලෙස ස්ථාපනය වීමකින් තොර ව දිනා ගත නොහැක

කීත් ජෝන්ස්

Share this article: