අධිරාජ්‍යවාදී ගැටුම් මියුනිච් ආරක්ෂක සමුලුවේ මුල් තැන ගනී

Imperialist conflicts dominate Munich Security Conference

2019 පෙබරවාරි 18

ඊයේ අවසන් වුනු, මියුනිච් ආරක්ෂක සමුලුව, වේගයෙන් බිඳී විසිරයමින් හා විනාසයක් වෙත මුහුන දෙමින් තිබෙන ධනවාදයේ ලෝක පර්යාය නිරුවත් කර තැබී ය.

සමුලුවේ ආදර්ශ පාඨයක් ලෙස සංවිධායකයින් ඛන්ඩනය වූ ප්‍රහේලිකාවක ප්‍රතිරූපයක් තෝරා මෙම ප්‍රශ්නය මතු කලේ ය: කව්රු කෑලි අහුලා ගනු ඇත් ද. සමුලුවේ අනුක්‍රමය පැහදිලි කලේ ප්‍රේහිලිකාවේ කෑලි සම්බන්ධ අරගලය විසිවැනි සියවසේ ලෝක යුද්ධ දෙකට වඩා අඩුවෙන් ප්‍රචන්ඩ හා ලේවැකි නො වන බව ඔප්පු කරනු ඇති බව යි. සම්මේලනයට සහභාගී වෙමින් සිටින අය හා මාධ්‍ය එය සැඟවීමට උත්සාහ නො කලෝ ය.

ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ජමේයින් සේයිතුංග් පත්‍රය තුල ක්‍රිස්තියානු සමාජ සංගමයේ (සීඑස්යූ) ප්‍රධාන ලේකම් මාර්කස් බ්ලූම්, වසර 30ට පෙර සීතල යුද්ධය අවසානයේ දී, “බොහෝ දෙනා සදාකාලික ස්ථාවරත්වයක් අපේක්ෂා කල” අතර ෆ්‍රැන්සිස් ෆුකුයාමා “ඉතිහාසයේ අවසානය” කතා කල බව මතක් කලේ ය. “අද, 2019, එය මුලුමනින් ම හඬ නංවන්නේ වෙනත් කාලපරිච්ඡේදයක වාර්තාවක් මෙන්”යැයි බලූම් නිගමනය කලේ ය. “අපි ලෝකය පුරා පෙර නො වූ විරූ පරිමානයේ, ජවයක හා පෙරලිකාරිත්වයක නාටකාකාර වෙනස්කම් අත්දකිමින් සිටිමු .” අපගේ ලෝක පර්යාය මෙම මූලධර්මාත්මක වෙනස්කම් සඳහා නුසූදානම්ය.

සුඬේය්ට්ෂේ සේයිතුංග් මෙසේ අදහස් දැක්වී ය: “ගැටලුව විශාල වශයෙන් නිවරැදිව විශ්ලේෂනය කල හැකි නමුත් ඒවායේ විසඳීම සඳහා කිසියම් බුද්ධිමත් සූත්‍රයක් නැතිකම කාලයේ ලක්ෂනයකි. ගිජුලිහිනියන් කරකැවෙමින් සිටින්නේ පද්ධතියේ ඉතිරිපහදු මත හදිසියේ ම කඩා පැනීමට සූදානම්ව යි.”

රුසියාව සමග නේටෝවේ ගැටුම හා එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධය පසෙකින්, රාජ්‍ය ප්‍රධානීන්, ඇමතීන්, මිලිටරි විශේෂඥයින් හා දේශපාලඥයින් කීප සියයක් සහභාගී වූ දින තුනක සමුලුවේ දී නේටෝව තුල ම ගැටුම් ආධිපත්‍යය ගත්තේය. එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මැදිහත් වීම එක්සත් ජනපදය සහ ජර්මනිය හා අනෙකුත් බලවතුන් අතර තියුනු වෙනස්කම් අනාවරනය කලේ ය.

පෙන්ස් කෙලින් ම පැමිනියේ වෝසෝවල සිට ය, එහි දී ඔහු ඉරානයට එරෙහි යුද්ධය ගෙන යාමට ඊස්රාලය,පෝලන්තය හා අරාබි රාජ්‍ය ගනනාවක් සමග සන්ධානයක් අටවා තිබුනි. වෝසෝවේ දී, පෙන්ස් එක්සත් ජනපදයේ යුරෝපීය සහචරයන්ට “අප පසෙකින් සිටිනු”යි නියෝග කර තිබූ අතර, ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, නේටෝ සන්ධානය කඩා දමන බවට ඔවුන්ට වක්‍ර ලෙස තර්ජනය කලේ ය. “මෙම උදාර ගමනේ දී ඔබ අප සමග සිටින්නේ නම්, අපි ඔබ සමග සිටිමු” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

පෙන්ස් මියුනිච්වල දී ද එම අහංකාර කැපී පෙනෙන හඬින් කතා කලේ ය. ඉරානය නව හොලෝකෝස්ටයක් සැලැසුම් කරමින් හා ඊස්රායලය වැනසීමට උත්සාහ කරමින් සිටිති යි ඔහු චෝදනා කලේ ය. එක්සත් ජනපදය ටෙහෙරානයේ තන්ත්‍ර වෙනසක් සැලසුම් කරමින් සිටින බවට ඔහු ඉඟි කල අතර යුරෝපය ඉරානය සමග තම න්‍යෂ්ටික ගිවිසුම අත්හැර දමා ඒ වෙනුවට ඇමරිකානු සම්බාධකවලට සහාය දියු යුතු යැයි බල කලේ ය.

දැනටමත් ඉදි කෙරෙමින් තිබෙන හා බෝල්ටික් මුහුද ඔස්සේ ජර්මනිය කෙලින් ම රුසියාවට සම්බන්ධ කරන නොර්ඞ් ස්ට්‍රීම් 2 නම් (ගෑස්) නලමාර්ගයට පෙන්ස් කෙලින් ම පහර දුන්නේ ය. “අපගේ මිතුරන් නැගෙනහිර මත යැපීම වර්ධනය කරන්නේ නම්, අපට බටහිර ආරක්ෂා කිරීම සහතික කල නො හැක. ”

මියුනිච් සමුලුව අතරතුර දී, හැන්ඩෙස්බ්ලාට් පුවත්පත, ආන්ඩුවේ මන්ඩල උපුටා දක්වමින් නිවේදනය කලේ, ට්‍රම්ප් පාලනාධිකාරිය ජර්මානු මෝටර්රථ ආනයනය එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නම් කිරීමට සැලැසුම් කරමින් සිටින බව යි, “ මෙය ජර්මනියේ අපනයන කර්මාන්තය සඳහා බරපතල ගම්‍යයන් සහිත වෙලඳ යුද්ධයේ නව අවධියකි.

පෙන්ස් තම මිලිටරි වියදම් දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 2දක්වා වැඩි කීරීමට යුරෝපීය නේටෝ සමාජිකයින්ගෙන් කල ඉල්ලීම ද පුනරුච්චාරනය කලේ ය. ඔහු අවසන් නිවේදනයක් නිකුත් කලේ, 2024දී මෙම ඉලක්කය සපුරන්නෙ ්කෙසේ ද යන්න ගැන “පිලිගත හැකි සැලැසුම්” ඉල්ලා සිටමිනි. තම කතාවෙන් පසු, එක්සත් ජනපද උප ජනාධිපති වේදිකාවෙන් අතුරුදහන් වූයේ (මියුනිච්වල දී ලෙසින්ම) ප්‍රශ්නවලට පිලුතුරු දීමෙන් තොර ව හා අනෙකුත් සමුලු නියෝජිතයින්ගේ කතාවලට සවන් නො දෙමිනි.

ජර්මනිය හා අනෙකුත් යුරෝපීය නියෝජිතයින් ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. මාධ්‍ය සඳහන් කල පරිදි, චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් “අසාමාන්‍ය ලෙස” දැඩි ආවේශයෙන් යුතු කතාවක් පැවත් වූවා ය, මෙයට ලැබුනේ නැගී සිට ඔල්වරසන් දීමකි. ඇය ඇමරිකානු නියෝජිතයින් කරන ලද චෝදනාවලට විරුද්ධ වූ අතර බහුපාර්ශ්වීය ප්‍රතිපත්තියක් සඳහා අයැද සිටියා ය. “වෙන කෙනෙකු වෙනුවෙන් තෙමේ ම අනුප්‍රාප්ත වෙමින්, පොදු සැමට ජය ලැබෙන විසඳුම් අත්පත් කරගත හැකි දැයි දැකීම, තමන් ම සෑම දෙයක් ම විසඳීමට වඩා හොඳ” බව ඈ ඒත්තු ගෙන සිටියා ය.

මර්කෙල් ගේ බහුපාර්ශ්වීයවාදය සඳහා ඉල්ලීම මගින් ජර්මනිය හා යුරෝපය කුරිරු ලෙස තම ආර්ථික හා භූ-මූලෝපායික උත්සුකයන් හඹා යාමට අදහස් කරන්නේය යන කාරනය සැඟවිය නො හැක. ඇගේ ආරම්භක කතාවේ දී, ජර්මානු ආරක්ෂක ලේකම් උර්සුලා වොන් ඩර් ලේයෙන් පැවසුවේ “ප්‍රධාන බලවතුන් අතර තරඟයේ පුනරාවර්තනය” “නව ආරක්ෂක භූදර්ශනයේ වඩාත් ම ප්‍රමුඛ ගතිලක්ෂනය” වෙන බව යි. “අපි එයට කැමති වුවත් නැතත්,ජර්මනිය හා යුරෝපය මෙම තරඟකාරී අරගලයේ කොටසකි. අපි මධ්‍යස්ත නො වෙමු.”

වොන් ඩෙර් ලේයෙන් මෙන් ම, මර්කෙල් තම කතාවේ විශාල කොටසක් කැප කලේ මිලිටරි ගැටුමේ නව වටයක් සූදානම් කරනු පිනිස ජර්මනිය හා යුරෝපා සංගමය මේ වන විටත් කර ඇති දේ හා තවමත් කල යුතු දේ ලැයිස්තුගත කිරීමටය.

ඈ විශේෂයෙන් ම නේටෝවේ සියයට 2ක මිලිටරි වියදම් ඉලක්කය පිලිගත් අතර ඇෆ්ගනිස්තානය හා නැගෙනහිර යුරෝපය තුල එක්සත් ජනපදය පසෙකින් ජර්මානු මිලිටරි මෙහෙයුම්වලට ප්‍රශංසා කලා ය. ජර්මනිය ද දැන් නේටෝවෙන් පිටත, විශේෂයෙන් ම මාලී හා අනෙකුත් අප්‍රිකානු රටවල ක්‍රියාකාරී ය යන කාරනය ගැන ඈ විශාල අවධානයක් යෙදුවා ය. ඈ යුරෝපීය හමුදාවක් හා පොදු සන්නද්ධ ප්‍රතිපත්තියක් පමනක් නො ව පොදු යුරෝපීය යුද්ධෝපකරන අපනයන ප්‍රතිපත්තියක් ද දේශනා කලා ය, මෙහි අර්ථය වන්නේ ආයුධ මත පවතින අපනයන බාධා ලිහිල් කිරීමකි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජර්මානු විදේශ ඇමති, හෙයිකෝ මාස් ලෝක බලය සඳහා ජර්මානු - යුරෝපීය තල්ලුව සාරාංශ කලේ ය: “ලෝක දේශපාලනයේ විෂය හෝ අරමුන - මෙය අනාගතයට මුහුන දෙමින් සිටින යුරෝපයේ තීරනාත්මක ප්‍රශ්නය යි.” එක් පුවත්පතක් මෙසේ අදහස් දැක්වී ය: “යුරෝපය තමන්ගේ ම මතය ඉදිරිපත් කිරීම මෙම සමුළුවේ පුනරාවර්ත තේමාව විය.”

ඇතැම් සමුලු නියෝජිතයින් තියුනු අන්තර්අත්ලන්තික් ආතතීන් වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පුද්ගලික ව දෝෂාරෝපනය කල අතර, අනෙකුත් අය වඩාත් අතිමූලික හේතු සාකච්ඡා කලහ. ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති, නොර්බට් රෝට්ජෙන් ප්‍රකාශ කලේ ට්‍රම්ප් හේතුව නො ව, නමුත් මහා බලවතුන්ගේ තරඟය හා බහුපාර්ශ්වීයවාදය සොලවා දමමින් තිබෙන්නා වූ බලවතුන්ගේ කේන්ද්‍රාපසාරී බලවේගයන් කරා ආපසු පැමනීමට මග පාදා ඇති භූමූලෝපායික දේශපාලනයේ භූචලන වෙනස්කම්වල ලක්ෂනයක් බවයි. “පශ්චාද් ට්‍රම්ප් යුගයේ දී, පූර්ව-ට්‍රම්ප් යුගයට ආපසු යාමක් නැත” යි රෝට්ජෙන් පැවසුවේ ය. “පැවති තත්වය වූයේ යුරෝපයේ ආරක්ෂාව සහතික කෙරුනේ එක්සත් ජනපදය විසින් බව ය.එය නැවත ඇති වන්නේ නැත. ”

එකිනෙකාට එරෙහිව ලෝක යුද්ධ දෙකක් කල, එක්සත් ජනපදය හා ජර්මනිය අතර තියුනු ගැටුම් පිපිරීම, යුරෝපීය බලවතුන්ගේ ම බියකරු ගැටුම් සමග අත්වැල් බැඳ ගනී. ප්‍රන්සය හා ඉතාලිය අතර සම්බන්ධකම් නව පහත් තත්වයකට ලඟා වී ඇති අතර ජර්මනිය හා ප්‍රන්සය අතර සම්බන්ධතා ද කැපී පෙනෙන ලෙස ඇල් මැරී ඇත.

මෙය තහවුරු කරන්නේ සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රයන් යටින් වල කැපූ, ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය අතර ප්‍රතිඝතිතාවන්, ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර නව ගැටුම්වලට හා පන්ති අරගලයේ යලි මතු වීමට ද මග පාදනු ඇති බව 1980 ගනන් අග වන විටත් පුරෝකතනය කර තැබූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්ර කමිටුවේ ඉදිරිදර්ශනය යි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග ධනවාදයේ ආරක්ෂකයින් හා ඔවුන්ගේ වාම ක්ෂමාලාපීන් ලෝක සමාජවාදී විප්ලවයේ යුගය අවසන් ව ඇති බව ප්‍රකාශ කල අතර, ජාත්‍යන්තර කමිටුව 20වැනි සියවස නිම නො වී පැවති බව ආරක්ෂා කලේ ය.

“විසිඑක් වන ශතවර්ෂය ආරම්භයේ දී මානව වර්ගයා මුහුන දෙන්නා වූ කේන්ද්‍රීය ආර්ථික, සමාජ, සහ දේශපාලන ප්‍රතිඝතිතා වනාහි මුඛ්‍ය වශයෙන් ම විසිවන සියවස මුල දී මුහුන දුන් ඒවාම ය”යි ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති මෙන් ම එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ද වන ඬේවිඞ් නෝර්ත් තම රුසියානු විප්ලවය හා නොනිමි විසිවැනි සියවස නම් ග්‍රන්ථයේ පෙරවදනේ සඳහන් කලේ ය.“සියවස තුල හටගත් අරගලයන් යටින් පැවති දැවන්ත සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න කිසිවක් පූර්න වශයෙන් නිරාකරනය වූයේ නැත.”

නේටෝ “හවුල්කරුවන්”අතර තියුනු ගැටුම් මතු වීම මෙම තක්සේරුව තහවුරු කරන අතර ම කල් පසු නොකර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද පොලඹවන්නන්ට අභියෝග නො කරන්නේ නම් තුන්වැනි, න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය පිලිබඳ තියුනු අනතුරු අඟවීමකි.

ලෝකය පුරා, එක්සත් ජනපදයේ ගුරුවරුන්, මෙක්සිකෝවේ මෝටර් රථ උපාංග නිෂ්පාදන කම්කරුවන්, හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ඇතුලුව කම්කරු පන්තිය සමාජ අරගල රැල්ලකට පිවිස ඇත. පන්ති අරගලයේ මෙම නැගිටීමට පාලක පන්තිය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ජාතිකවාදය හා මිලිටරිවාදය ප්‍රචාරය කිරීම සමග පොලිස් රාජ්‍ය රූපාකරයන්ගේ පිහිට පතමිනි.

ඒ අතරම පන්ති අරගලයේ තීව්‍ර වීම නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කර යි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2016 තම “සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන” නම් ප්‍රකාශනය තුල පැහැදිලි කල පරිදි මෙම ව්‍යාපාරය කම්කරු පන්තිය මත පදනම් විය යුතු ය, ජනගහනයේ සියළු ප්‍රගතිශීලී කොටස් එක්සත් කිරීමේ හැකියාව ඇති එකම සැබෑ විප්ලවවාදී සමාජ බලවේගය මෙය යි. එය “ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නො හැකි බැවිනි”

එබැවින් “නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතු ය.” අන් සියල්ලටත් වඩා, “එය ජාත්‍යන්තරය, කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.”

පීටර් ස්වාෂ්

Share this article: