මාක්ස් ගේ සොහොන කෙලසීම: අනතුරු ඇඟවීමක්

The desecration of Marx’s grave: A warning

2019 පෙබරවාරි 19

මාක්ස්ගේ සොහොනට එල්ල කෙරුනු ප්‍රහාරය, ධනපති පන්තිය විසින් ජන මාධ්‍ය වල සහය ඇතිව ආයාසයෙන් වැඩි වර්ධනය කරනු ලැබ ඇති අන්ත දක්ෂිනාංශික බලවේගයන්ගෙන්, කම්කරු පන්තියට යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව, එල්ල වී ඇති වර්ධනය වන අන්තරාය පිලිබඳ අර්ථභාරී අනතුරු ඇඟවීමකි.

හයිගේට් සුසාන භූමියේ පිහිටි මාක්ස්ගේ සොහොනට සති දෙකක් ඇතුලත ප්‍රහාරයන් දෙකක් සිදුවී ඇත. ඔහුගේ මතකය වෙනුවෙන් 1956 දී ගොඩ නැගූ ස්මාරකය බවට පසුව පරිවර්තනය කල, කාල් සහ ඔහුගේ බිරිඳ ජෙනී භූමදානය කල ස්ථානයේ තිබූ මුල් ශෛලමය ස්මාරකයෙන්, මාක්ස්ගේ නම මිටියක් භාවිතා කොට ඉවත් කිරීමට උත්සාහ කිරීම මෙම උත්සාහයන්ගෙන් පලමු සහ වඩාත්ම හානිදායක උත්සාහය විය. මෙම සති අන්තයේ සිදු කල, ස්මාරකයේ ඇති මාක්ස්ගේ ලෝකඩින් නිර්මිත උඩුකයේ පාදම මත කොමියුනිස්ට් විරෝධී පාඨයන් පින්තාරු කිරීම දෙවන ප්‍රහාරය විය.

අන් කිසිවෙකුටත් වඩා තමන්ගේ ලේඛන මගින් 20 වන ශත වර්ෂයේ ගමන් මග හැඩ ගැන්වූ සහ මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ පීඩිත මහජනතාවගේ හදවත් තුල විශේෂ ස්ථානයක් දිනාගෙන සිටින පුද්ගලයාට ගෞරව කිරීම සඳහා දහස් ගනනක් සෑම වසරකම පැමිනෙන, මාක්ස් භූමදානය කල ස්ථානය, ලෝක ඓතිහාසික අර්ථභාරයකින් යුත් තැනකි. තමන්ගේ මුලු මහත් ජීවිතයම කම්කරු පන්තිය සහ මානව වර්ගයාගේ දුක් විඳින සියල්ලෝම ලෝක සමාජවාදී විප්ලවය හරහා පන්ති පීඩනයෙන් මුදා ගැනීමේ ක්‍රියාවලියට කැප කල ඔහු දැවැන්ත න්‍යායික සහ දේශපාලනික චරිතයකි. ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් නායකත්වය සැපයවූ ඔක්තෝබර් විප්ලවය මෙම අරගලයේ ඉහලම තහවුරු කිරීමයි.

එබැවින් මාක්ස්ගේ සොහොනට එල්ල කෙරුනු ප්‍රහාරය, ධනපති පන්තිය විසින් ජන මාධ්‍ය වල ආධාරය යටතේ ආයාසයෙන් වැඩි වර්ධනය කරනු ලැබ ඇති අන්ත දක්ෂිනාංශික බලවේගයන්ගෙන්, කම්කරු පන්තියට යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව, එල්ල වී ඇති වර්ධනය වන අන්තරාය පිලිබඳ අර්ථභාරී අනතුරු ඇඟවීමකි.

නාසීන් ජර්මනියේ බලයේ සිටි කාලයේ කල අන්දමටම, වාමාංශික ස්මාරක වලට සහ සොහොන් වලට එල්ල කෙරෙන ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් යුරෝපය පුරා සිදුවෙමින් පවතී. ආසන්න සති කිහිපයේදී ස්පාඤ්ඤයේදී පමනක් සිවිල් යුද සමයේ කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදී නායිකාව වූ ඩොලෝරස් ඉබාර්රුරී ගේ සහ සමාජවාදී පක්ෂයේ ආරම්භකයා වූ පැබ්ලෝ ඉග්ලීසියස් ගේ සොහොන් කොත් සහ ජාත්‍යන්තර සේනාංකයන්ට ගෞරව කිරීම වෙනුවෙන් ඉදි කල පලකයක්, ඉලක්ක කරගෙන තිබුනි.

ආසන්න මාස වලදී ස්වස්තික ලකුන යුදෙව් සොහොන් කොත් වල සහ ප්‍රන්සයේ ස්ට්‍රාස්බර්ග් අසල පිහිටි හෝලකොස්ට් ස්මාරකයක පින්තාරු කොට තිබුනි. මෙවැනි කෙලසීම් ලිතුවේනියාවේ, පෝලන්තයේ, ග්‍රීසියේ, යුක්රේනයේ සහ එංගලන්තයේ මැන්චෙස්ටර් හී සිදුවී ඇත. එවැනි ප්‍රහාරයන්, පසුගිය වර්ෂයේ බි්‍රතාන්‍ය දුම්රිය වෘත්තීය සමිතියේ නායක ස්ටීව් හෙඞ්ලි සහ ඔහුගේ සහකාරියට රෝහල් ගත කිරීමට සිදුවන ආකාරයෙන් එල්ල කල ප්‍රහාරයද ඇතුලත්, සංක්‍රමනිකයන්ට සහ වාමාංශික පුද්ගලයන්ට සිදු කරන ඍජු ශාරීරික ප්‍රහාරයන් සමග අත්වැල් බැඳ ගනී.

එහෙත්, ඔල්ටර්නේටිව් ෆෝ ජර්මනි ඇතුලුව ෆැසිස්ට්වාදී පක්ෂ යුරෝපියානු රටවල් කිහිපයකම පාර්ලිමේන්තුවට ඇතුලත්ව තිබියදීම, දේශපාලනික “වම” ලෙස පෙනී සිටින්නන්ගෙන් මාක්ස්ගේ සොහොන් කොතට එල්ල වූ ප්‍රහාරයට කිසිදු බැරෑරුම් ප්‍රතිචාරයක් නොලැබුන අතර ඇතැම් අවස්ථාවලදී ප්‍රතිචාරයක් නොලැබුනම අවස්ථාද විය.

වැඩිවශයෙන්ම ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් සම්බන්ධයෙන් දේශපාලන විවරන පැමින ඇත්තේ, “ත්‍රස්තවාදයේ නිර්මාපකයා”, “පීඩනය” සහ “ජන ඝාතකයා” යනුවෙන් ස්මාරකයේ පාදම මත පින්තාරු කල මැරයන් ඓතිහාසිකව නිවැරදි බව පැහැදිලි කිරීමට පෙර නාමමාත්‍රික විරෝධය දනවන කෙඳිරියක් පිටකල දක්ෂිනාංශික ධනපති පුවත්පත් වලින්ය. එවැනි “වාමාංශික” විවරනය කිරීම්, නිරන්තරයෙන් සිදුවන ආකාරයට, රුසියාවේ සිදුවූ ඔක්තෝබර් විප්ලවය ඉතා දුෂ්ඨ සිදුවීමක් බව පිලිගත්තද එයට මාක්ස් “ඍජුවම” වග කිව යුතු නැතැයි කියා සිටියි.

සියලුම නිහඬතාවන්ගෙන් වඩාත්ම අර්ථභාරී නිහඬතාවය වන්නේ බි්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ නිහඬතාවයයි.

පසුගිය වර්ෂ 200 තුල වඩාත්ම අර්ථභාරී කෘතිය වූ කැපිටාල් කෘතියෙහි කතෘට එරහිව, මාක්ස්ගේ සොහොනට එල්ල කෙරුනු ප්‍රහාරය ලන්ඩනයේදී සිදු විය. මෙම කෘතිය ජර්මනියේ, ප්‍රන්සයේ සහ බෙල්ජියමේ පීඩා කිරීම් වලින් පලාගොස් දේශපාලන සිරකරුවන් හට කෙම් බිමක් ලෙස අභිමානයට ලක්වූ නගරයක රැකවරනය පැතීමෙන් පසු ඔහු විසින් ලියන ලද්දකි. එහෙත්, ලන්ඩනයේ ලේබර් පක්ෂයේ නගරාධිපති සදීක් ඛාන්, එවැනි දක්ෂිනාංශික අධමයකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයටම, නගරයේ වඩාත්ම ඓතිහාසිකව ප්‍රසිද්ධ පදිංචිකරුවාගේ සොහොන කෙලසීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත.

වඩාත් අර්ථභාරීව, මෙම සිදුවීම හෙලාදැකීම සඳහා හෝ මාක්ස් ආරක්ෂා කිරීම සඳහා වචනයක්වත් ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබීන් හෝ ඔහුගේ ඡයා චාන්සලර්වරයා වන ජෝන් මැක්ඩොනල් ප්‍රකාශ කොට නැත. ඔවුන් දෙදෙනාම මීට පෙර මාක්ස් සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ගෞරවය ප්‍රකාශයට පත් කොට ඇත. 2018 යෙදී තිබුනු මාක්ස්ගේ ද්විශතසංවත්සරයේදී කෝබින් මාක්ස්ව හැඳින්වූයේ “අපට බොහෝ දේ උගෙන ගත හැකි ශේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු” ලෙසය. අතිඋත්තේජනයට ලක්වූ මාධ්‍ය විසින් “මාක්ස්වාදී චාන්සලර්වරයා” ලෙස හැඳින්වූ මැක්ඩොනල් තමන්ව “මාක්ස්ගේ කියවීම පුනරුත්ථාපනය කිරීමට කැපවූ තනි මිනිසෙකුගේ උද්ඝෝෂනයක්” ලෙස හැඳින්වූ අතර කැපිටාල් යනු “ශතවර්ෂ එක හමාරක කාලය තුල දේශපාලන චින්තනයේ අපට ලැබී ඇති වඩාත්ම සිත් ගන්නා මූලිකාංග වලින් එකක්” ලෙස ප්‍රකාශයට පත් කලේය.

මේ හා සම්බන්ධව ඇති දේශපාලන බියසුලු ස්වභාවයේ තරම විස්මය දනවන සුලුය. බි්‍රතාන්‍ය තුල පමනක් නොව ජාත්‍යන්තර පරිමානව ව්‍යාජ වම්මුන්ගේ ප්‍රේමවන්තයා බවට පත්ව සිටින, 21 වන ශතවර්ෂය වෙනුවෙන් සමාජවාදයේ නියෝජනය ලෙස වගවර්නනාවට පාත්‍ර වී සිටින කෝබින්, කම්කරු ව්‍යාපාරයේ වඩාත්ම වැදගත් ඓතිහාසික චරිතයට එරහි අපරාධකාරී ක්‍රියාවට සහ වාමාංශික කම්කරුවන්ට සහ තරුනයන්ට එරහිව අද දින ඇති නිසැක තර්ජනයට එරහිව මහජන විරෝධතාවය බලමුලු ගැන්වීමට කිසිවක් නොකරනු ඇත.

මෙය කෝබින්ගේ නිවට පෞරුෂයේ පමනක් නොව, ලේබර් සහ වෘත්තීය සමිති නිලධරය සහ එය වටා ඇති සිටින සුලු ධනපති සමාජ වටපිටාව කොතරම් දකුනට ගමන් කර ඇත්ද යන්න සම්බන්ධයෙන්ද ප්‍රකාශනයකි.

1947 දී ලේබර් පක්ෂය කොමියුනිස්ට් ප්‍රකාශනය එහි ශත සංවත්සරය සැමරීම සඳහා නැවත මුද්‍රනය කල අතර හැරල්ඞ් ලැස්කි එයට හැඳින්වීමක් එක් කරමින් මෙසේ පැවසුවේය “බි්‍රතාන්‍ය සමාජවාදීන් යුරෝපීය මහාද්වීපයේ සිටින තම මිතුරන්ගෙන් කිසිදාක වෙන් නොවී ඇත. අපේ අදහස්, වඩා ඍජුව මාක්ස්ගෙන් පැවත එන මහාද්වීපික සමාජවාදයෙන් වෙනස් වන නමුත් අපිත් යුරෝපියානු චින්තකයන් සහ සටන්කරුවන්ගෙන් සහ සියල්ලටමත් වඩා ඉහලින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ කතෘවරුන්ගෙන් ආභාෂය ලබා ඇත.”

2011 දී මාක්ස්ගේ සොහොනට සිදු කරන ලද තීන්ත ප්‍රහාරයක් කෝබින්ගේ දේශපාලන ගුරුවරයා වන එවකට විශ්‍රාමිකව සිටි ටෝනි බෙන් හට මෙසේ ලිවීමට පොලඹවන ලදී: “සොහොන ප්‍රහාරයට ලක්ව ඇති බව ඇසීමෙන් මම ඉතා කනගාටුවට පත් වෙමි. මාක්ස් යනු ඉතිහාසයේ වඩාත්ම ශේෂ්ඨ චරිත වලින් එකකි. ඔහු සමාජය සම්බන්ධයෙන් පැවසූ දෙය ඉතා වැදගත්ය. ලෝකය පුරා ඔහුව තාමත් අධ්‍යනය කරන අතර මරනයෙන් වසර 100ට වඩා පසුව මෙය බොහෝ මිනිසුන් සම්බන්ධයෙන් සිදුවන්නක් නොවේ.”

අද මෙවැනි ප්‍රකාශයන් පිලිගත නොහැකි ඒවා ලෙස සැලකේ. කම්කරු පන්තියෙන් අවසාන බිඳී වෙන්වීම සිදු කර තිබෙන සහ ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට පැහැදිලිව සරන ගොස් සිටින නිලධාරීවාදී සංවිධාන තුල ධනපති විරෝධී මනෝභාවයන්ගේ සලකුනක්වත් රුස්සන්නේ නැත. කෝබින් සහ මැක්ඩොනල්, ලේබර් පක්ෂයේ දක්ෂිනාංශික පාර්ලිමේන්තු බහුතරය සැදුම්ලත් අන්තවාදී කොමියුනිස්ට් විරෝධීන් හුදකලා කිරීමේ හෝ ඔවුන්ගේ පක්ෂය වාචිකව හෝ සැබෑ සමාජවාදය සමග සම්බන්ධ කිරීමේ අවදානමට මුහුන පානවාට වඩා හයිගේට් සුසාන භූමියේ සිදුවූ දේශපාලනික දාමරිකකම සම්බන්ධයෙන් සඳහනක් නොකර හැරීමට ඉඩ හරිනු ඇත.

ලේබර් පක්ෂයේ සහ පැරනි නිලධාරීවාදී සංවිධානවල කුනුවීම වර්ධනය වන දේශපාලනික ප්‍රතිගාමීත්වය හමුවේ කම්කරු පන්තිය නිරායුධ කරමින් ලෝකය පුරා දැඩි අනතුරුදායක තත්වයන් ගෙනහැරපායි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි නව වසර සඳහා ඉදිරිපත් කල ප්‍රකාශනය වන 2019 ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ ධනපති ප්‍රතිගාමීත්වයට එරහි දේශපාලන අරගලය ප්‍රකාශනයේ මෙසේ අනතුරු ඇඟවීය:

“යුදෙව් විරෝධවාදයේ යලි මතුවීම ඇතුලු අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් ව්‍යාපාරවල වැඩීම, කම්කරු පන්තියට ඉමහත් අන්තරායක් මතුකරයි. ගැඹුරුවන ධනපති අර්බුදයේ මෙන්ම, පෙර නොවූ විරූ මට්ටම් වල සමාජ අසමානතාවය සහ ලෝක යුද්ධය සඳහා වන සූදානමේ කොන්දේසි යටතේ පාලක ප්‍රභූවන් විසින් 20 වන සියවසේ දරුනුම අපරාධ සඳහා වගකිවයුතු සියලු දේශපාලනික අශ්ලීලයන් පුනර්ජීවනය කරමින් සිටියි. මෙම දේශපාලන ව්‍යාධිය වර්ධනය වන්නේ ආන්තික අසමානතාවයේ සහ විශේෂයෙන්ම ධනවාදය සඳහා සමාජවාදී විකල්පයක් වෙනුවෙන් සටන්කරන ව්‍යාපාරයක් නොතිබෙන පරිසරයකය.

“ෆැසිස්ට්වාදය තවමත් එය 1930 ගනන්වල දී පැවතියාක් මෙන් මහජන ව්‍යාපාරයක් නොවේ. එහෙත් වර්ධනය වන අනතුර නොසලකාහැරීම දේශපාලනිකව වගකීම් විරහිත විය හැකිය. පාලක පන්තියේ කොටස් සහ රාජ්‍යයේ උදව් ඇතිව දක්ෂිනාංශික ව්‍යාපාරවලට ජනප්‍රියවාදී ලෙස ජනගහනයේ පුලුල් කොටසකගේ කලකිරීම සහ කෝපය ගසාකෑමට හැකිවී තිබේ. මෙම තත්වය යටතේ දක්ෂිනාංශයේ සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්ගේ පුනර්ජීවනයට එරෙහිව සටන හදිසි දේශපාලන කර්තව්‍යයක් වනු ඇත.”

මෙම කර්තව්‍ය, අද දින මාක්ස්වාදය වන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ එනම් හජාජාක වගකීමයි. එහි දේශපාලන වගකීම වන්නේ ධනවාදය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. පෙර පැවති ප්‍රතිසංස්කරනවාදී සහ ස්ටැලින්වාදී පක්ෂ සහ වෘත්තීය සමිති වලට විවෘතවම එරහිව පන්ති අරගලයේ ගෝලීය ඉහල නැගීමක් සිදුවීම මගින් සනාථ වන ආකාරයට, එසේ සිදුකිරීම සඳහා කොන්දේසි සීඝ්‍රයෙන් පරිනත වෙමින් පවතී.

ක්‍රිස් මාස්ඩන්

Share this article: