චීන-ඇමරිකා වෙලඳාම පිලිබඳ අවසන් දිනය ලඟාවෙද්දී ගෝලීය ආර්ථික යුද්ධය උත්සන්නවේ

As China-US trade deadline nears Global economic war intensifies

නික් බීම්ස් විසිනි, 2019 පෙබරවාරි 12

මේ සතියේ ඇමරිකාව හා චීනය අතර බීජිනයේ පැවති වෙලඳ සාකච්ඡාවල අලුත්ම වටය තුල, ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් දෙදෙනා අතර ගැටුම, සෘජු මිලිටරි ගැටුමක් පිලිබඳ ඇඟවුම් සහිත, ගෝලීය ආර්ථික යුද්ධයක් වෙතට වේගයෙන් තල්ලුවන ආකාරය පිලිබඳ කවරදාකටත් වඩා පැහැදිලි ඇඟවුම් ගැබ්කර ගනියි.

අවසන් දිනය වන මාර්තු 1ට පෙර එකඟතාවකට නොපැමිනියොත්, ඇමරිකාව, ඩොලර් බිලියන 200ක චීන වෙලඳ භාන්ඬ වල තිරු බදු සියයට 10 සිට 25 දක්වා වැඩිකරන බවට තර්ජනය කර ඇත. චීනය සිය තාක්ෂනික හා කාර්මික සංවර්ධන කටයුතු වැඩිකිරීමේ සැලසුම් අත හැරිය යුතුය යන ඇමරිකානු තර්ජනය සමඟ එය එකට බැඳී තිබේ.

අවසන් දිනය ඉක්ම යාමට පෙර චීන ජනාධිපති සී ජින්පින් හමුවන්නේදැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් විමසා සිටි කල පිලිතුරු වශයෙන් ඔහු “නැතැයි” පැවසීමත් සමඟ එකඟතාවක් සඳහා පැවති බලාපොරොත්තු සුන්ව ගියේය. නායකයින් දෙපොල අතර රැස්වීමක් මොනම හෝ අවසන් ගිවිසුමකට පෙර පැවැත්විය යුතුය. ධවල මන්ඳිරයේ ජාතික ආර්ථික කමිටුවේ අධ්‍යක්ෂ ලැරී කුඞ්ලොව් පැවසුවේ, කුමන හෝ ගිවිසුමකට පෙර “තවත් සැලකිය යුතු දුරක් යාමට ඇති” බවය.

සාකච්ඡා මුලුමනින්ම බිඳවැටීම, වඩාත් සංකීර්න ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා දිගටම සිදුවෙද්දී වැඩිපුර ඇමරිකානු නිෂ්පාදන මිලට ගැනීම ගැන චීනයේ කැපවීම, වැනි පාර්ශවීය එකඟතා හෝ අවසන් දිනය දීර්ග කිරීම වැනි සාකච්ඡා පිලිබඳ කුමන ක්ෂනික ප්‍රතිපලය ඇති වුව ද, ගැටුමේ පුලුල් වැදගත්කම අවධානය දිනාගෙන ඇත.

11දා ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිවූ තීරු රචක රනා ෆොරූහාර්, 1 වන ලෝක යුද්ධයට තුඩුදුන්, බ්‍රි තාන්‍ය හා ජර්මනිය අතර ගැටුමට චීන-ඇමරිකා ගැටුමට සමානකර දැක්වීය.

සැලකිය යුතු තාක්ෂනික හා ආර්ථික ප්‍රසාරනයක් ගෙන ආ ගෝලීයකරනයේ අවසන් විශාල රැල්ල, යුද්ධය (1 වන ලෝක යුද්ධය) හා මහා ආර්ථික අවපාතය පුපුරා යාමත් සමඟ අවසන්වූ බව ඇය පවසයි.

“එය පැමිනෙන බව වෙලඳපොලවල් දැකගත්තේ නැත. කැසන්ඩ්‍රාවක් වීමේ අන්තරාය ඇතිවම මා සිතන්නේ, අද දිනයේ ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර සිදුවන දේ තරම්, පැහැදිලි කමක් එවක ඔවුන්ට තිබෙන්නට නැති බවයි. මෙම මහ බලවතුන් අතර ගැටුම පැරනි කථාන්තරයට පැහැදිලි සමානකම් තියෙන්නට ඇත. ඒ හුදෙක් ආර්ථික මොඩලයන්ට හා නැඟී එන ජාතිකවාදයට විරුද්ධවීමේ අර්ථයෙන් පමනක් නොව, උත්පාත බිඳ දමන කාල නිර්නය අතින් ද වන බවය.”

“මට දැනෙන පරිදි, මෑත සිදුවීම් දෙකක්, වෙලඳපොල ඩයලය කහ පාටේ සිට රත් පැහැය වෙත ගමන් කර තිබේ.”

පලමුවැන්න, පිටුවහල් කරනතෙක්, චීන ටෙලිකොම් යෝධයෙකු වන හුආවිහි ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන් වැන්ෂෝ කැනඩාව විසින් අත්අඬංඟුවට ගත යුතු යයි ඇමරිකාව තීරනය කිරීමයි. දෙවැන්න, තම වෙලඳපොලවල් තුල හුආවි සමාගම ව්‍යාපාරික කටයුතුවල යෙදීම සීමා කල යුතු යයි ඇමරිකාව සිය සහචරයින්ට බලකිරීම ද ඇතුලත්, එම සමාගම කඩාකප්පල් කාරී කටයුතුවල යෙදීම හා සම්බාධක උල්ලංඝනය කලේය යන චෝදනා මත ඊට එරෙහිව නඩු පැවරීමට එරට තීරනය කිරීමයි.

වෙනත් තැනකදී නම් ඇමරිකානු සාපරාධී අධිකරන ක්‍රමය “ආයුධ සන්නද්ධ කිරීම” ලෙස පැහැදිලි කරනු ඇති, හුආවිට එරෙහි සාපරාධී චෝදනා ගොනුකිරීමේ වැදගත්කම ෆරූහාර් විසින් නිශ්චය කරනු ලබයි. ඇය, මෑත ප්‍රවෘතියක ලූක් ග්රෝමෙන් යන ආයෝජකයාගේ ප්‍රකාශයක් ගැන සඳහන් කරයි. එනම්, එෆ්බීඅයි විසින් නොවරදින ලෙස ප්‍රකාශ කල “ගෝලීයකරනයේ මලගම පිලිබඳ නිල කාල වකවානු නීර්නය” කිරීමයි.

ෆරූහාර් සඳහන් කරන්නේ, චීනයට එරෙහි පියවරයන්ගේ බලපෑම ට්‍රම්ප් ආන්ඩුවට පමනක් සීමාවී නැති බවයි. එය, ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු ජනාධිපති අපේක්ෂක ලාභීන්ගේ දේශපාලන අපේක්ෂාව ලෙස ප්‍රකාශ වන්නේය. ඔවුන් කියන්නේ ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාව වෙනස් විය යුතුව ඇති බවයි. චෝදනා වලට ලක්ව ඇති චීනයේ බුද්ධිමය දේපොල සොරකම් හා ඇමරිකාව තුල චීන බලපෑම් පැතිර යාම මුල්කරගෙන එරටට එරෙහි දෙපක්ෂයේම සහභාගිත්වය ඇති නීතිමය පියවර ගැනීමේ උත්සාහයන් ගනනාවක් ද පැවතියේය. ,ඇමරිකාව හා චීනය අතර ආර්ථික බැඳීම් කපා දැමීම තවදුරටත් චීන උමතුවක් ලෙස සැලකෙන්නේ නැත, එය ප්‍රධාන ප්‍රවාහයේ දැක්ම බවට පත්ව අතැයි” ඇය පැවසීය.

ට්‍රම්ප් ආන්ඩුව තුල සිටින චීන විරෝධී යුදවාදීන් හා මිලිටරි, ඔත්තු අංශ සංස්ථාපිතය විසින් දරා සිටින දෘෂ්ටිය වඩාත් සෘජුව ප්‍රකාශයට පත් කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසිනි. අන් සියල්ලටත් වඩා එම පක්ෂයට සම්බන්ධ ඊනියා “වාමාංශිකයින්” විසිනි. ඔවුන් සලකන්නේ, චීනයේ ආර්ථික හා තාක්ෂනික සංවර්ධනය, ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි අනුහසට පවතින තර්ජනයක් ලෙසය. එය නතර කල යුතු බවය.

කෙසේ වුව ද ආර්ථික ජාතිකවාදය ඇමරිකාවට සීමා වන්නක් නොවේ. පසුගිය සතියේ ජර්මානු ආර්ථික ඇමති පීටර් අල්ට්මයර් විසින් “ජාතික කාර්මික මූලෝපාය ඉදිරිපත් කරමින් කෙලින්ම ගෙනහැර දැක්වුවේ, රට ආර්ථික යුද සූදානමක තබන සැලැස්මකි.

“සිය ආර්ථික අභිලාෂයන් වෙනුවෙන් වෙලඳපොලවල් ජයගැනීමේ පැහැදිලි අරමුන ඇතිව හා හැකි සෑම තැනකදීම ඒවා ඒකාධිකාරීව හැසිරවීම” සහිතව, වේගවත් ප්‍රසාරනයක් සඳහා මූලෝපායන් අනුගමනය කිරීමේදී, තනිකරම වෙලඳපොල බලවේග මත රැඳී තම අරමුනු සාක්ෂාත් කරගැනීමට සමත්වූ රටක් සොයාගැනීම දුෂ්කර බව එය සඳහන් කරයි.

විශාල වානිජ්‍ය ගුවන්යානා නිෂ්පාදනය, දුම්රිය මාර්ග නවීකරනය, ප්‍රමුඛ අන්තර්ජාල වේදිකා, මූල්‍ය හා බැංකු වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වලට, “එක්සත් ජනපදය හා චීනයෙන් එන තරඟකරුවන් සමඟ කරට කර සිටිය හැකි විශාල හා හොඳ ක්‍රීඩකයින් අවශ්‍ය” බව එය සඳහන් කරයි. මෙවන් විශාල පරිමානයේ කිසිදු සමාගමක් වසර ගනනාවක් තිස්සේ වත් ජර්මනිය තුල බිහිවී නොතිබීම කනස්සල්ලට කාරනයකි.

ඇල්ට්මේයර් වාර්තාවේ වැදගත්කම පෙන්වා දුන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේ, “ඩොනල්ඞ් ට්‍රම්ප් ‘පලමුව ඇමරිකාව!’ යයි කෑගසමින් ධවල මන්දිරයට පැමිනීමෙන් දෙවසරක් ගතවෙද්දී ජර්මානු ආන්ඩුව දැන්, ‘පලමුව ජර්මනිය (යුරෝපය)!’ යයි කෑගසයි. එසේම ඔවුන්ගේ අදහස බර්ලිනය විසින් පාලනය කරනු ලබන යුරෝපයකි.”

නව කාර්මික මූලෝපාය වනාහි, අනියමිත අනාගතයක් සඳහා පිලියෙල කල සැරසිලි සහගත සැලැස්මක් නොවේ. පසුගිය සතියේ යුරෝපා සංගමයේ තරඟකාරිත්වය පිලිබඳ කොමසාරිස් මාගරිත් වෙස්තැගර් විසින්, ජර්මනියේ හා ප්‍රන්සයේ දුම්රිය නිෂ්පාදකයන් වන සීමන්ස් හා ඇල්ස්ටොම් අතර එකාබද්ධයක් පිලිබඳ යෝජනාව නතර කල යුතු බවට ගෙන තිබෙන තීන්දුව මුල්කරගෙන ඇතිවූ ආරෝවෙන්, එහි ක්ෂනික දේශපාලන වැදගත්කම ඉස්මතු විය.

චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන එදිරිවාදීන් සමඟ තරග කිරීමේ අවශ්‍යතාව මුල්කරගෙන එම ගිවිසුමට දෙරටම බෙහෙවින් පිටුබලය දුන්නේය.

ප්‍රන්ස මුදල් ඇමති පැවසුවේ, හවුල්කරුවන් දෙදෙනා “බරපතල තරඟකාරී ප්‍රශ්න” සැලකිල්ලට ගෙන නැතැයි යන පදනම මත වෙස්ටෙගර්, ගෙන තිබෙන තීරනය “දේශපාලන වැරැද්දක්” බවය. එය “සේවය කරනු ඇත්තේ චීනයේ ආර්ථික හා කාර්මික අවශ්‍යතා වෙනුවෙන් පමනි.”

මෙම දැක්ම අල්ට්මෙයර් මෙන්ම සීමන්ස්හි ප්‍රධාන විධායක ජෝ කයිසර් විසින් නිකුත් කරන ලද ප්‍රකාශ දෙක තුල ද ප්‍රතිරාවය නැංවුනි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා දේශීය වශයෙන් ආරක්ෂා කිරීමෙන් අදහස් විය යුත්තේ, යුරෝපයට සිය ඇමරිකානු, චීන හා අනෙකුත් ජාතීන් සමඟ කරට කර නොසිටිය හැකිය යන්න නොවේ” යයි ඔවුන් පවසා තිබුනි.

යුරෝපය තුල චීන විරෝධී කයිවාරු, වෙල්ට් යන ජර්මානු රූපවාහිනී වෙබ් අඩවියේ 10දා පලවූ වාර්තාවකින් හුවා දක්වා තිබුනි. එය පැවසුවේ, යුරෝ සංඟමයේ මූලස්ථානය වන බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර, “චීන ඔත්තුකරුවන් 250 පමන ද රුසියානු ඔත්තුකරුවන් 200ක් පමන ද” ක්‍රියාත්මක වන බවට යුරෝවේ නිලධාරීන් අනතුරු අඟවා තිබුන බවකි.

වෙල්ට් වාර්තාව කියන්නේ, තමන් එය පිලියෙල කලේ යුරෝ සංඟමයේ රාජ්‍යතාන්ත්‍රික හස්තය වන යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවය පදනම් කරගෙන බවය.

වාර්තාවෙන් තැතිගත් යුරෝ සංඟමයේ චීන කාර්යාලය, එය “පදනම් විරහිත” යයි ද සියලු පාර්ශවයන් “චීන-යුරෝපා සම්බන්ධකම් පිලිබඳව හා චීනය සම්බන්ධයෙන් වෛෂයික හා සාධාරන ආකාරයෙන් කටයුතු කල යුතුවා මිස වගකීම් විරහිත ප්‍රකාශ නොකල යුතු” බවයි.

වෙල්ට් වාර්තාව පලවුනේ, චීන ඔත්තු සේවය “වඩ වඩාත් ආක්‍රමනශීලී” වී ඇති බවට පසුගිය සතියේ ලිතුවේනියානු ඔත්තු අංශය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එය වැඩිදුරටත් පැවසුවේ, ඔවුන් කඩාකප්පල් වැඩ සඳහා පුරවැසියන් බඳවා ගැනීමේ යෙදී සිටින බවත්, ටිබෙට්වරු හා තායිවාන වැසියන්ගේ ස්වාධීනතා ව්‍යාපාර වැනි දේ පිලිබඳව මහජන මතයට බලපෑම් කරන බවත්ය.

රටේ 5වන පරම්පරාවේ දුරකථන ජාලයන් වර්ධනය කිරීමේ යෙදී සිටින හුආවි සමාගමෙන් එල්ල වන “තර්ජනයක” විභවය ගැන ද තමන් විමසුමක යෙදී සිටින බව ද ලිතුවේනියාව කියා සිටියේය.

පලවන ලෝක යුද්ධය පුපුරා යාම දක්වා වූ වර්ධනයන් විමසා බලන විට “පාවීම හා නින්දෙන් ඇවිදීම” වැනි වචන නිතර යොදාගෙන තිබේ. එවන් යෙදුම් ඓතිහාසික සිදුවීම්වල සැබෑ මඟ නිවැරදිව පිලිඹිඹු නොකරන අතර, ඊටත් වඩා, ආර්ථික යුද්ධයේ ද මිලිටරි ගැටුමක තර්ජනය ද අන් කවරදාකටත් වඩා එල්බී ඇති වත්මන් තත්වයට නොගැලපෙන්නේය.

Share this article: