වර්ජනයට පසුව, බංගලාදේශ් ෆැක්ටරි අයිතිකරුවන් සිය ගනන් ඇඟලුම් කම්කරුවන් දොට්ට දමයි

Following strike, Bangladesh employers sack hundreds of garment workers

රොහන්ත ද සිල්වා, 2019 ජනවාරි 22

අඩු වැටුප් වලට එරෙහි සති අටක් තිස්සේ පැවති වර්ජනය පසුගිය සතියේ දී අවසන් වූ පසුව බංග්ලාදේශ අගනුවර වූ ඩකා අවට පිහිටි අශුලියා හා සවාර් දිස්ත්‍රික්ක වලින් ඇඟලුම් කම්හල් අයිතිකරුවන් සිය ගනනක් කම්කරුවන් ෆැක්ටරි වලින් දොට්ට දමා ඇත. දඩයමට ලක් වූ මෙම කම්කරුවන් බොහොමයකට, පොලීසියේ චෝදනා වලට ද මුහුන දීමට සිදු ව ඇත.

ආර්ථිකයේ ප්‍රධාන තැනක් උසුලන මෙම අඩු වැටුප් අංශය ආරක්ෂා කිරීම සඳහා අගමැති ශීක් හසීනාගේ ආන්ඩුව කම්හල් අයිතිකරුවන් වෙනුවෙන් එක දිගට මැදිහත් ව ඇත. විරෝධතා හා වර්ජන මැඩීම සඳහා දහස් ගනනක් පොලීසිය යොදන ලදි.

2016 සිට, ටකා16,000 (එ.ජ. ඩොලර් 190) ක අවම මාසික වැටුපක් සඳහා බංගලාදේශ ඇඟලුම් කම්කරුවන් සටන් කරමින් සිටියි. 2016 දෙසැම්බර්යේ 150,000 අශූලියා කම්කරුවන් වර්ජනය කල විට, ඔවුනට රුදුරු පොලිස් ප්‍රහාර වලට මුහුන පෑමට සිදු විය. 1,500 කට වඩා අත් අඩංගුවට ගත් අතර, අඩු ගනනේ 1,600ක් රැකියාවෙන් නෙරපා හරින ලදි.

ඇඟලුම් කම්කරුවන්ගේ අවම වැටුප ටකා 8,000 කිරීමට හසීනා ආන්ඩුව පසුගිය සැප්තැම්බරයේ දී පොරොන්දු විය. ඊට වඩා දෙගුනයක වැටුපක්, ටකා 16,000 ක් ඉල්ලූ ඇඟලුම් කම්කරුවන් එය ප්‍රතික්ෂේප කලහ.

ජනවාරි 6 දා ඇඟලුම් කම්කරුවන් වැඩ වර්ජනය කලහ. ඇත්ත වැටුප් වැඩිවීමක් නොලද මැද මට්ටමේ වැටුප් කාන්ඩ ද ඇතුලත්ව සාධාරන වැටුපක් ඔවුන්ගේ ඉල්ලීම විය. විරෝධතා වලට පොලීසිය ඊලඟ දිනයේ දී එල්ල කල ප්‍රහාරයන් මගින් එක් කම්කරුවෙක් මරනයට පත් වූ අතර 100 කට වඩා කම්කරුවන් තුවාල ලැබූ හ.

පොලිස් ප්‍රහාරයන්ට එරෙහිව පැතිර පැවති විරුද්ධත්වයත්, වැඩ වර්ජනය පලල් කිරීම සඳහා පැවති ඉල්ලුමත් සමනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස හසීනා බංග්ලාදේශ ඇඟලුම් නිශ්පාදකයින්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයේ (බීජීඑම්ඊඒ) නියෝජිතයන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ආන්ඩුවේ ඇමතිවරුන් ද ඇතුලත් ත්‍රෛ පාක්ෂික කොමිටියක් පත් කරන ලදි. වැටුප් විශමතා සම්බන්ධව කම්කරුවන්ගේ දුක් ගැනවිලි “නිවැරදි” කිරීමට තමන් අදහස් කරන බව එම කොමිටිය කියා සිටියේ ය.

ජනවාරි 13 දා ඉදිරිපත් කල එම කොමිටි වාර්තාව කම්කරුවන් ප්‍රතික්ෂේප කරන ලදි. පොලිස් මර්දනය හා ලොකවුට් කිරීමේ තර්ජනය යටතේ, වෘත්තීය සමිති ඉල්ලා සිටි ලෙස ඔවුන් නැවතත් වැඩට ගියහ.

වෘත්තීය සමිති හා මාධ්‍ය වාර්තාවන්ට අනුව, අශූලියා හා සවාර්හි ඇඟලුම් කම්හල් 16 ක කම්කරුවන් 1,400 දෙනා සේවයෙන් පහ කර ඇත. බොහෝ දෙනා ඒ ගැන දැන ගත්තේ වැඩ කිරීම සඳහා ෆැක්ටරියට පැමිනි පසුවය. තම ඡායාරූපය සහිතව නම ෆැක්ටරි ගේට්ටුවේ අලවා තිබූ විට ඔවුන් ඒ ගැන දැනුවත් විය. අත් අඩංගුවට ගැනීම් සම්බන්ධව වැඩි විස්තර, මාධ්‍ය හා වෘත්තීය සමිති සපයන්නේ නැත.

කම්කරුවන් තව දුරටත් භීතියට පත් කිරීම සඳහා, නමක් සඳහන් නොකල වෘත්තීය සමිති නායකයකු වාර්තාකරුවන්ට සඳහන් කලේ, “පාලයකයන් මෙය [නෙරපීම් හා අත්අඩංගුවට ගැනීම්] සිදු කරන්නේ, කිසිවකු සාධාරන වැටුපක් ඉල්ලීම සදහා හෝ විරෝධතා දැක්වීමට වලට එරෙහිව භීතියක් ඇති කිරීම සඳහායි. ... පොලීසිය මට සඳහන් කලේ ප්‍රශ්න ඇති නොකරන ලෙසයි. නැතිනම් මම අතුරුදන් වෙන්න පුලුවන්.”

කම්කරුවන් දඩයම් කිරීම වසා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස, බීජීඑම්ඊඒ සභාපති සිද්දික් රහමන් ප්‍රෝඩාකාරී ලෙස සඳහන් කලේ, ‘කිසිම වරදකරුවකු නොවන කම්කරුවකු’ගේ වැඩ තහනම් කර නැති බවයි. කම්කරුවන්ට හිමි වැටුප් නො ගෙවා ඇති අතර හා කිසිම කම්කරුවෙකුට අනතුරු ඇඟවීමක් හෝ කර නැත. මෙය බංගලාදේශයේ පවතින සීමිත කම්කරු නීති පවා උල්ලංඝනය කිරීමකි.

අවුරුද්දකට පමන පෙර අශූලියාහි වැඩ කිරීමට පටන් ගත් එක් ජ්‍යෙෂ්ඨ ක්‍රියාකරුවකු ඩේලි ස්ටාර් පත්‍රයට සඳහන් කලේ, “අද [ජනවාරි 17] මම මගේ ෆැක්ටරියෙ වැඩට ගියාම මට ගෙව්වෙ මාසෙක වැටුපක් විතරයි” කියා ය. එම ප්‍රදේශයේ ම තවත් ෆැක්ටරියක පරිපාලනය, කම්කරුවන් 17 දෙනකු කිසිම මුදලක් නො ගෙවා රැකියාවෙන් නෙරපා ඇති බවත් ඩේලි ස්ටාර් පත්‍රය සඳහන් කලේය.

මහා පරිමානයේ දඩයම් කිරීම යුක්ති සහගත කිරීම සඳහා, කීට්රෝ නීටිං හි සාමාන්‍යාධීකාරී අටිකුල් ස්ලාම් කියා සිටියේ, 300 කම්කරුවන් තම ෆැක්ටරියේ සීසීටීවී කැමරා හා පරිගනක විනාශ කර දැමූ බවයි. මෙම තහවුරු නොවූ වාර්ථා මාධ්‍ය අවිවේචනාත්මකව ඉදිරිපත් කරනු ලබයි.

ආන්ඩුව විසින් දෙනු ලැබූ මෙම සොච්චම් වැටුප් වැඩි කිරීම පවා වැලැක්වීමට, ෆැක්ටරි අයිතිකරුවන් හිතාමතා ම සේවකයන් පහල ශ්‍රේනි වලට දමන බවට ඇඟලුම් කම්කරුවන් චෝදනා කරයි. පත්වීම දෙනු ලබන විට දී, බොහෝ කම්කරුවන්ට පත්වීමේ ලිපි නො දෙන අතර, එනිසා ම තමන් අයත් වන්නේ මොන ශ්‍රේනියටදැයි බොහෝ කම්කරුවන් නො දනී.

කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් දිය කර දැමීමට හා ඔවුන්ව ආන්ඩුවේ හා සමාගම් වල අනසකට යට කිරීමට වෘත්තීය සමිති වැඩ කරයි.

“නීති විරෝධී හා අතාර්කික” ලෙස කම්කරුවන් දොට්ට් දැමීමට තමන් විරුද්ධ බව ඩේලි ස්ටාර් පුවත් පතට කියා සිටි ජාතික ඇඟලුම් කම්කරු සම්මේලනයේ (එන්ජීඩබ්එෆ්) සභාපති අමිරූල් හක් අමීන්, “ඔවුන්ගේ කනස්සල්ල පල කිරීම” සඳහා ඉක්මනින් ම කම්කරු හා වෙලඳ ඇමති මුන ගැසෙන බවයි. එම පුවත් පත තව දුරටත් කියා සිටියේ, කෙසේ වෙතත්, “වැරදිකරුවන්ට” විරුද්ධ ක්‍රියා පටිපාටියන්ට අමීන් සහාය දෙන බව ය.

පසුගිය සතියේ සිදු වූ විරෝධතාවන් හි ඇති වූ ප්‍රචන්ඩත්වය ට හේතුව පොලීසිය නොව ඇඟලුම් කම්කරුවන් යයි කියා සිටි, බංගලාදේශ් ආන්ඩුව පත් කල ත්‍රෛයි-පාර්ශික කමිටුවට සම්බන්ධ වූ එක් වෘත්තීය සමිති නායකයෙකි අමීන්.

කම්කරු විරෝධතාවයන් යටපත් කිරීම සදහා ජාත්‍යන්තරව වෘත්තීය සමිති සමඟ වැඩ කරන කූප්‍රකට, ජිනීවා හි පදනම් වූ ඉන්ඩස්ට්‍රියල්ඕල් සමිති සම්මේලනය සමඟ සම්බන්ධ එක් ඇඟලුම් සමිතියකි එන්ජීඩබ්එෆ්. වෝල්මාර්ට්, එච් ඇන්ඞ් එම්, මාර්ක් ඇන්ඞ් ස්පෙන්සර්, කැරිෆෝ, ඉන්ඩෙක්ස්, ටෙස්කො වැනි ගෝලීය ඇඟලුම් බෙදා හැරීමේ යෝධයන් හා ඔවුන්ගේ දේශීය සැපයුම්කරුවන් වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කරන මෙම සමාගම්, බංගලාදේශ් කම්කරුවන්ගේ වියදමෙන් අධි ලාභ ලැබීම සහතික කරයි.

දහසකට වැඩි ගනනකට මරු කැඳවමින්, 2013 අප්‍රේල් හි සවාර් හි සිදු වූ රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසුව මෙම ක්ෂේත්‍ර යේ ආරක්ෂාව හා ප්‍රමානවත් වැටුපක් ලැබීම සහතික කිරීම සඳහා “පිලියම් යෙදීමට” ක්‍රියා කරන බව ගෝලීය බෙදාහරින්නන් ප්‍රකාශ කලේය. එම පොරොන්දු බල රහිතය.

සියයට හතක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් සහිත දකුනු ආසියාවේ වේගයෙන් වර්ධනය වන රටක් ලෙස බංග්ලාදේශය හැඳින්වූවත්, සමාජ ධ්‍රැවාන්තගතවීම වර්ධනය වෙමින් පවතී.

ප්‍රතිපත්ති සංවාද සඳහා වූ මධ්‍යස්ථානය, පසුගිය වසරේ සඳහන් කලේ, බංගලාදේශ් ඇඟලුම් කම්කරුවන්ගේ සාමාන්‍ය ආදායම, පවුලේ වියදමින් සියයට 49.9 බවයි. බංගලාදේශ් ඇඟලුම් කම්කරුවෙක් තම ජීවිත කාලය තුල දී ම ලබන ආදායම ඉපයීමට ලොව ප්‍රධාන විලාසිතා සමාගම් පහෙන් එක් සමාගමක එක ප්‍රධාන විධායක නිලධාරියෙකුට ගත වන්නේ දින හතරක් පමනක් බව පසුගිය සැප්තැම්බරයේ දී ඔක්ස්ෆෑම් සමාගම සඳහන් කලේ ය.

Share this article: