2019 ගෝලීය පන්ති අරගලය

The global class struggle in 2019

2019 ජනවාරි 16

ප්‍රන්සය තුල, “කහ බැනියම්” විරෝධතා 10වැනි සතියට අවතීර්න වෙමින් තිබෙන්නේ, ගෙවී ගිය සති අන්තයේ රට පුරා අඩු වශයෙන් පුද්ගලයන් 85,000ක් පෙලපාලි දැක්වීම සමගිනි, එය එක පෙලට විරෝධතා කරුවන්ගේ සංඛ්‍යාව වැඩි වූ දෙවැනි සතිය යි. එක තැන පල් වෙන වැටුප් හා රජයේ පාසල්වල අතිශය දුෂ්කර තත්වයන්ට එරෙහි ගුරුවරුන්ගේ “රතු පෑන්” විරෝධතා කහ බැනියම් විරෝධතාවන්ට එක් වී ඇත.

ඉන්දියාව තුල, නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහිව මිලියන ගනනාවක් කම්කරුවෝ දින දෙකක වැඩවර්ජනයට සහභාගී වූහ. පතල්, නිෂ්පාදන කර්මාන්ත, හා ප්‍රවාහන අංශවල කම්කරුවෝ මෙන්ම රාජ්‍ය අංශයේ කම්කරුවෝ හා වෙනත් බොහෝ දෙනා ඉතිහාසයේ විශාලම වැඩවර්ජනවලින් එකකට සහභාගී වූහ.

මෙක්සිකෝවේ, ටෙක්සාස් ජනපදයේ බ්‍රවුන්ස්විල් සිට දේශසීමාව ඔස්සේ, මැටමෝරෝස් නගරයේ කම්හල් 45ක කම්කරුවන් 70,000කගේ හදිසි වැඩවර්ජනය මැදි කර ගෙන “මකිලඩෝරා” සමාගමේ කම්හල් සිසාරා වැඩවර්ජන හා වාඩිලා ගැනීම් පැතිරෙමින් තිබේ.

එක්සත් ජනපදය තුල, එරට දෙවැනි විශාලම දිස්ත්‍රික්කයේ, ලොස් ඇන්ජලීස් එක්සත් පාසල් දිස්ත්‍රික්කයේ ගුරුවරන් 33,000ක්, සඳුදා වැඩවර්ජනයක් ඇරඹූ අතර, රජයේ අධ්‍යාපනය මත ප්‍රහාරයන්ට එරෙහිව උතුරු කැලිෆෝනියාවේ ඕක්ලන්ඞ් නගරයේ ගුරුවරුන් දහස් ගනනක් හා ඔවුන්ගේ ආධාරකරුවන් පෙලපාලිවලට සහභගී වී ඇත.

පසු ගිය වසරේ බටහිර් වර්ජීනියා, ඇරිසෝනා, ඔක්ලහෝමා හා අනෙකුත් ප්‍රාන්තවල වැඩවර්ජන හා පෙලපාලිවලට පසු, අනෙක් අතට මෙම වසරේ ඩෙමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කෙරෙන ප්‍රාන්තවල තවත් “ගුරු වසන්තයක්” ගැන මාධ්‍යවල වාර්තා අනතුරු අඟව යි. ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ සහයෝගය ලබන ගුරුවරුන්ගේ කෝපය, අදට 25වැනි දිනට පිවිසෙන ආන්ඩුවේ අකර්මන්‍ය කිරීම මධ්‍යයේ අනිවාර්ය නිවාඩු යැවූ හෝ වැටුප් නොලැබූ මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් 800,000ගේ වැඩෙන විරුද්ධත්වය සමග සම්පාත වේ.

කම්කරු පන්තික විරුද්ධත්වයේ අනෙකුත් ප්‍රකාශනයන්ට, ඊයේ යුරෝපය පුරා ගුවන් ගමන් අඩාල කල ජර්මානු ගුවන් තොටුපලවල ආරක්ෂක කම්කරුවන්ගේ වැඩවර්ජනය; පසු ගිය වසරේ හෙදියන්ගේ පැය 24ක විරෝධතාවකට පසු සිදු වූ නවසීලන්ත වෛද්‍යවරුන් 3,700ගේ වැඩවර්ජනය; දකුනු ඇමරිකාවේ රත්‍රන් හා ප්ලැටිනම් පතල් කම්කරුවන්ගේ ව්‍යාප්ත වන වැඩවර්ජන: හා ඉන්ධන මිල ගනන් තියුන ලෙස වැඩි කිරීමට එරෙහි ව සිම්බාබ්වේ දැවන්ත විරෝධතා ඇතුලත් වේ.

මෙම වර්ධනයන් මේ වන විටත් සනාථ කරන්නේ ලෝසවෙඅ විසින් ජනවාරි 3වැනිදා “ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය” නම් තම ප්‍රකාශනය තුල කල විශ්ලේෂනය යි. 2018 සමාජ අසහනයේ ආරම්භක ප්‍රකාශනයන් නව වසරට ඉදිරියට යනු ඇත යි ලෝසවෙඅ සඳහන් කලේ ය. “කාලාන්තරයක් තිස්සේ යටත් කරනු ලැබ, පිටමන් කෙරී සිටි කම්කරු පන්තිය සිය ස්වාධීන අවශ්‍යතාවන් දෘඪතරව අත් කර ගැනීම් පටන්ගනිමින් සිටියි. ප්‍රන්සයේද, එක්සත් ජනපදයේද දැවැන්ත සමාජ අරගලයන්ගේ පැතිරයාම ජාත්‍යන්තරවම නව විප්ලවවාදී යුගයක ආරම්භය සංඥා කරයි.”

මාක්ස්වාදීන් පන්ති අරගලය අධ්‍යයනය කරන්නේ වෛෂයික ක්‍රියාදාමයක් ලෙස ය, මෙහි රූපාකාරය හා ගතිලක්ෂන පැනනගින්නේ ධනේශ්වර සමාජයේ ස්වභාවය තුලිනි. පන්ති අරගලයේ වර්ධනයට තර්කයක් ඇත, මෙම තර්කය පිලිබඳ දැනුවත් අවබෝධය සමාජවාදී ව්‍යාපාරයේ හා කම්කරු පන්තියේ දියුනු ස්ථරයන්ගේ භාවිතය නිවැරදි දිසාවට යොමු කිරීමට අත්‍යාවශ්‍ය ය.

පසු ගිය වසර පුරා පන්ති අරගලයේ පැති කීපයක් වඩ වඩාත් පැහැදිලි වී ඇත.

පලමුව, පන්ති අරගලය ජාත්‍යන්තර ක්‍රියාදාමයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය ලෝක ආර්ථිකය අසාමාන්‍ය මට්ටකමට ඒකාබද්ධ කර ඇත්තේ, සෑම රටක ම ඉරනම එකට බැඳ දමමිනි. හුදෙක් ව්‍යාපාරික ගනුදෙනු පමනක් නොව, අන්තර්ගතය හා රූපාකාරය යන දෙකෙන් ම පන්ති අරගලය ම ද ගෝලීයකරනය වී ඇත. එකම සංගත විසින් කොල්ල කනු ලබන කම්කරුවන්ට ද, අන්තර්ජාල ප්‍රවේශය ප්‍රගුනනය ඔස්සේ ගෝලීය සන්නිවේදනය සඳහා පෙර නො වූ ක්‍රමවේද තම සන්තකයේ ඇත.

දෙවනුව, කම්කරු පන්ති අරගලයේ වර්ධනය පවතින වෘත්තීය සමිති හා සංවිධනවලට එරෙහි කැරැල්ලක රූපාකාරය ගනිමින් තිබේ. මෙම සංවිධාන දශක හතරක් තිස්සේ වැඩ කර ඇත්තේ ධනේශ්වර පාලක ප්‍රභූවේ ප්‍රතිපත්තිවලට වන විරුද්ධත්වය මර්දනය කිරීමට යි.

මෙක්සිකෝව තුල වැඩවර්ජන කැරලිකාර ස්වභාවයක් ගෙන තිබෙන්නේ, තම ධනය කොල්ලකෑම වෙනුවෙන් වෘත්තීය සමිති හෙලාදකිමින් කම්කරුවන් සමාජමාධ්‍ය තුල ප්‍රකාශන විසුරුවා හැරීම සමගිනි. ප්‍රන්සයේ දී, කහ බැනියම් විරෝධතාවේ කල් පැවත්මට හේතු වන්නේ, වෘත්තීය සමිති හා ඒවායේ අනුබද්ධ දේශපාලන සංවිධානවලට ස්වාධීනව හා එරෙහිව ඒවා වර්ධනය වීමේ කාරනය යි. එක්සත් ජනපදය තුල, ඔවුන්ගේ ආදායම ඔවුන් ජනගහනයේ ඉහල ම සියයට පහ තුල හෝ සියයට එක තුල පවා තබන්නා වූ පුද්ගලයන් විසින් නායකත්වය දෙනු ලබන වෘත්තීය සමිති, ලොස් ඇන්ජලීස් වැඩවර්ජනය වැලක්වීමට තමන්ට හැකි හැම දෙයක් ම කල අතර, දැන් එය හුදකලා කිරීමට තමන්ට හැකි හැම දෙයක් ම කරමින් සිටින්නේ, පසු ගිය වර්ෂයේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය අතරතුර දී ඔවුන් ඉටු කල කාර්යභාරය පුනර්කරනය කරමිනි.

වෘත්තීය සමිතිවලට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන කම්කරුවන්ගේ කැරැල්ල ඒවා “කම්කරු පන්තියේ සංවිධාන” ලෙස පවතින බව ප්‍රකාශ කර ඇති සියලු දෙනා වැරදි බව ඔප්පු කර යි.

තුන්වනුව, මෙම අරගල පොලඹවනු ලබන්නේ හුදෙක් එක් හෝ තවත් වැඩපොලක ප්‍රශ්න විසින් නො වේ. ඒවා සමාජ අසමානතාවේ අතිවිශාල වර්ධනයට එරෙහි ගැඹුරු හා වැඩෙන කෝපය විසින් පන ගැන්වෙන අතර ධනේශ්වර පද්ධතිය සමග ම වඩ වඩා ගැටුමකට අවතීර්න වෙමින් තිබේ. ඒ නිසා, මෙම අරගලයන්ගේ තර්කය, පාලක පන්තියේ සමස්ත දේශපාලන සංවිධාන සමග ගැටුමකට කම්කරු පන්තිය ගෙන එමින් තිබේ.

අවසාන වශයෙන්, එමෙන් ම විශාල ම වැදගත් කමකින් යුක්ත ව, පන්ති අරගලයේ වර්ධනය පොහොසත් මධ්‍යම පන්තියේ බුද්ධි ජීවීන් හා දේශපාලන නියෝජිතයින්ගේ සියලු මාක්ස්වාද විරෝධයන් පුපුරුවා හරිමින් තිබේ. මොවුහු වර්ගය හා ලිංග භේදයේ දේශපාලනයට පක්ෂව, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ද පන්ති බෙදීම්වල කේන්ද්‍රීයත්වය ද ප්‍රතික්ෂේප කලහ. ජාතිකවාදය මෙන් ම “කම්කරු පන්තියට සත්තාවේදී (එනම් වෛෂයිකව පවතින) වරප්‍රසාදයක් ආරෝපනය කරන” අය පිලිබඳ නිශ්චිත ප්‍රතික්ෂේප කිරීම මත පදනම් වී, “වාම ජනතාවාදය” යෝජනා කරන, ග්‍රීසියේ සිරිසා හා අනෙකුත් ව්‍යාජ වාම පක්ෂවල දෘෂ්ටිවාදී දැනමුත්තා වන ෂන්තාල් මූෆ්ගේ ලේඛන මේවායින් ඉතාමත් මෑත ම ඒවා වෙයි.

කම්කරු පන්තිය විසින් උකහා ගත යුතු නිගමන වන්නේ මොනවා ද?

පලුමු ව, පන්ති අරගලයේ වර්ධනය සෑම රටක් තුල මෙන් ම ජාත්‍යන්තර ව, විරුද්ධත්වය වෙන් වෙන්ව ප්‍රකාශයට පත් වීම් සමායෝජනය කිරීමට හා එක්සත් කිරීමට ස්වාධීන සංවිධාන (සාමාජිකයින්ගේ කම්හල් කමිටු හා ක්‍රියාකාරී කමිටු) ගොඩනැගීම ඉල්ලා සිටී.

පසු ගිය වසරේ අවසානයේදී එවැනි ස්වාධීන සංවිධාන ගොඩනැගීමට වැදගත් ආරම්භත්කවයන් ගැනුනි, එක්සත් ජනපදයේ මෝටර්රථ කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන් විසින් සාමාජික කමිටුවල සන්ධානයේ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරිම, හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ අරගල සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව තුල ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කිරීම ඒ අතර වේ. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ මතු වූ මෙම ආරම්භකත්වයන් ව්‍යාප්ත කල යුතු අතර වර්ධනය කල යුතු ය.

දෙවනුව, පන්ති අරගලයේ නව සංවිධාන ස්ථාපිත කිරීම කම්කරු පන්තිය තුල විප්ලවවාදී දේශපාලන නායකත්වය ගොඩැනගීමට, එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදී සමානතා පත්ෂයේ ජාතික ශාඛා ගොඩනැගීමට සම්බන්ධ කල යුතු ය. පන්ති අරගලයේ වර්ධනය වෛෂයික ක්‍රියාදාමයක් වුවත්, ධනවාදයට එරෙහිව එය විප්ලවවාදී ව්‍යාපාරයකට වර්ධනය කිරීමට කම්කරුවන්ට තමන් විසින්ම නියලෙන, වෛෂයික අරගලයේ අත්‍යාවශ්‍ය ආත්මීය දැනුවත්භාවය බෙදා දීමට විප්ලවවාදී ව්‍යාපාරය මැදිහත් වීම අත්‍යාවශ්‍ය ය.

පන්ති අරගලයේ වර්ධනය පමනක් නො ව, එහි විශේෂිත රූපාකාරයන් ද ජාත්‍යන්තර කමිටුව විසින් පෙර දක්නා ලදී. “න්‍යායයේ දී හා භාවිතයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකම විප්ලවවාදී දේශපාලන පක්ෂය හා අව්‍යාජ මාක්ස්වාදයේ එකම නියෝජිතයා තමන් බව හජාජාක තහවුරු කර ඇත” යි ජනවාරි 3වැනිදා ප්‍රකාශනය පැහදිලි කර යි.

වෛෂයික වර්ධනයේ හා විප්ලවවාදී පක්ෂයේ මැදිහත් වීමේ අන්තර්ඡේදනය මගින් ධාවනය වන 2019 පන්ති අරගලයේ වර්ධනය පෙර නොදුටු ආකාරයේ විවෘත සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී රූපාකාරයක් අත් කර ගනු ඇත.

ජෝශප් කිෂෝර්

Share this article: