ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් මූලෝපාය

Donald Trump’s fascist strategy

2019 ජූලි 17

රාෂිදා ත්ලායිබ්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්, ඉල්හාන් ඕමාර් හා අයන්නා ප්‍රෙස්ලි “රුදුරු ඊස්රායල-විරෝධී, එක්සත් ජනපද-විරෝධී, ත්‍රස්වාදයට හිතැති” පුද්ගලයන් බව ට්විටර් පනිවුඩයක සඳහන් කරමින්, නවක ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකාවන් හතරදෙනාට එරෙහි ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් ඩොනල්ඞ් ට්‍රම්ප් ජූලි 16දා විස්තීර්න කලේ ය. “රැඩිකල් වම” හෙලාදකිමින් හා කොංග්‍රස් සභිකාවන් “කොමියුනිස්ට්වරු” යයි කියමින්, “ඔබ අපේ රටට වෛර කරන්නේ නම් හෝ ඔබ මෙහි සිටීමට නො සතුටු නම්, ඔබට පිට වී යා හැකි ය” යි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කලේ ය.

කොංග්‍රස් සභිකාවන් හතරදෙනා (මොවුන් සියල්ලෝ එක්සත් ජනපද පුරවැසියෝ ය) “ඔවුන් පැමිනි අපරාධ වලින් ගහන ස්ථාන කරා ආපසු යා යුතු” යි ට්විටර් පනිවුඩයක සඳහන් කරමින් ට්‍රම්ප් තම ප්‍රකෝපකරනය ජූලි 14දා ඇරඹී ය. සමාජ විරෝධය සාමාන්‍යයෙනුත්, සමාජවාදය විශේෂයෙනුත් “ත්‍රස්තවාදයට” දෙන සහයෝගය සමග සමාන කරමින්, “අපි කිසි දිනෙක සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී රටක් නො වෙමු” යි ට්විටර් ගිනුමේ සඳහන් කලේ ය.

ජූලි 16දා කර්තෘ මන්ඩල ප්‍රකාශයක් පල කල නිව් යෝක් ටයිම්ස් පත්‍රය, ට්‍රම්ප්ගේ ප්‍රකාශ “ඔහුගේ ප්‍රතිපත්ති බිඳවැටීමෙන්, ඔහුගේ උසාවි පරාජයන්ගෙන් හා ඔහුගේ දේශපාලන අසාර්ථකවීම්වලින් අවධානය ඉවතට හැරවීමේ ප්‍රයෝගයක්” බව කීවේ ය. ජූලි 15දා සැඳෑවරුවේ පැවති මාධ්‍ය හමුවක දී, ඉලක්ක වී ඇති කොංග්‍රස් සභිකාවන් හතරදෙනා ඒ හා සමාන සැඳහුම් කලේ ට්‍රම්ප්ගේ දෙඩවිල්ල “අපසරනයක්” බව කියමිනි.

ජූලි 15දා මාධ්‍ය හමුවක දී ඡායාරූපශිල්පීන් විසින් ලබා ගනු ලැබූ ට්‍රම්ප්ගේ ලිඛිත සටහන් මගින් මෙය ඛන්ඩනය කරනු ලැබී ය. “මෙය ඇත්තෙන් ම අන්තරායදායී යි- එයට හේතුව ඔවුන් ඇමරිකාවට වෛර කරන බව පෙනෙන්නට තිබීම යි” යනුවෙන් සකස් කර තිබූ සටහන් කියා සිටියේ ය. “ඔවුන්ට ඇමරිකාව සමාජවාදී වීම අවශ්‍ය යි.”

මෙම සටහන් වෙනත් මානයකට ගෙන යමින්, “ඔවුන් අල් කයිඩාව වෙත දක්වන ආදරය” පිලිබඳ ව සඳහන් කල ට්‍රම්ප් කොංග්‍රස් සභිකාවන් “යුදෙව්වන්ට වෛර කරන” බව කියා සිටියේ ය. ඔහුගේ ට්විටර් පනිවුඩ ගැන “ධවල ජාතිකවාදීන්” උද්‍යෝගිමත් වීම ගැන උත්සුක වන්නේ දැයි වාර්තාකරුවෙක් විමසූ විට, “බොහෝ ජනයා මා සමග එකඟ නිසා මා ඒ ගැන උත්සුක නැහැ” යි ට්‍රම්ප් පිලිතුරු දුන්නේ ය.

සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ කඩාපැනීමේ නිර්මාපකයා වන ස්ටීවන් මිලර් ඇතුලු ධවල මන්දිරයේ ෆැසිස්ට් මොල කල්ලිය සමග හිතාමතා සකස් කරන ලද දේශපාලන මූලෝපායකට අනුව ට්‍රම්ප් ක්‍රියාකරමින් සිටී. ඉහල මට්ටමේ සංගතිකභාවයකින් යුතු ව ඔහු කොංග්‍රස් සභිකාවන් හතරදෙනාට පහර දෙන්නේ, ෆැසිස්ට්වාදී හා අන්ත-දක්ෂිනාංශික ව්‍යාපාරවලට පොදු දේශපාලන තේමාවන් පුනරුච්ඡාරනය කරමිනි.

ඔහුගේ පරිපාලනය කෙරෙහි විරුද්ධත්වය හා ඔහුගේ පෞද්ගලික පාලනය කෙරෙහි වන විවේචනය ඔහු විසින් ත්‍රස්තවාදයට සහයෝගය දීමට සමාන කරන්නේ, නිදහස් ප්‍රකාශය හා විවේචනාත්මක චින්තනය සාපරාධීකරනයට මග හෙලි කරමිනි. ඔහුගේ විරුද්ධවාදීන් “අන්තරායකාරී” හා ජාතියට “වෛර කරන” බව ට්‍රම්ප් සඳහන් කරන්නේ, ආන්ඩුවේ පිලිවෙත් පිලිබඳ “පැමිනිලි කිරීම” ද්‍රෝහිකමක් බව අඟවමිනි. සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ඇමරිකානු ජනයාට එරෙහි විදේශ දෘෂ්ටිවාදයන් බව ඔහු ඉදිරිපත් කරයි.

මේවා, නාසි ආඥාදායක පාලනය සාධාරනීකරනය කිරීම පිනිස “සුවිශේෂී රාජ්‍යය” පිලිබඳ සංකල්පය නිර්මානය කල, නීතිවේදී කාල් ෂ්මිට් වැනි නාසි න්‍යායඥයන් විසින් වර්ධනය කරන ලද අදහස් ය. “සතුටින් පසු නො වන” හා “ඇමරිකාව සමාජවාදී වීම අවශ්‍ය” කරන්නන්, එක්සත් ජනපදයෙන් “පිට වී යා යුතු” ට්‍රම්ප් කරන අවධාරනය පිටුපසින් තිබෙන්නේ, ඔවුන් ස්වේච්ඡාවෙන් එසේ කිරීමට අසමත් වන්නේ නම් ආන්ඩුව විසින් බලය යොදා ඔවුන් ඉවත් කිරීම සාධාරනීකරනය කරනු ඇති බව යි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ගේ ගනන් බලන ලද මූලෝපායික ස්වභාවය, ඒවා සිදුකරන සන්දර්භය විසින් අවධාරනය කරනු ලැබේ. ලමුන් ඇතුලු සංක්‍රමනිකයන් පරිපාලනය විසින් සෞඛ්‍යාරක්ෂාවෙන් තොර රැඳවුම් කඳවුරුවල තබාගැනීම අවධාරනය කිරීම නිසා ට්‍රම්ප් ජූලි 16දා “අන්ත වාමාංශය” හෙලාදැක්කේ ය. “ඒවා රැඳවුම් කඳවුරු නො වේ, ඒවා ඉතා හොඳින් පවත්වාගෙන යනවා” යි ඔහු කීවේ ය.

ඉලක්ක කරන ලද නගර 10ක කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසක් වන මිලියන ගනන් සංක්‍රමනිකයෝ, ට්‍රම්ප් විසින් මේ මස මුල දී නිවේදනය කරන ලද තර්ජනකාරී සෝදිසි කිරීමේ කෙරෙහි බියෙන් ජීවත් වෙති. 2020 ජනසංගනනයේ දී පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්නයක් ඇතුලත් කිරීමෙන් ඔහු ව වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුවක් උල්ලංඝනය කරන බවට ඔහු පසුගිය සතියේ තර්ජනය කලේ ය. ජූලි 15දා, මධ්‍යම ඇමරිකානුවන් එක්සත් ජනපදය තුල රැකවරනය සෙවීමෙන් වලක්වන නව මධ්‍යම රෙගුලාසියක් පරිපාලනය විසින් පැටවූයේ, ජාත්‍යන්තර නීතිය පැහැදිලි ලෙස උල්ලංඝනය කරමිනි.

මෙම ක්‍රියාවන් සිදුකරන්නේ, එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාවට ක්‍රියාන්විත-රාජකාරියේ යෙදෙන භටයන් දහස් ගනනක් දිගේලි කරනු ලැබීමෙන් හා දේශසීමා තාප්පයක් ඉදිකිරීම සඳහා කොංග්‍රසය නො තකා පෙන්ටගනයට අරමුදල් සම්පාදනය කිරීම පිනිස ට්‍රම්ප් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ය.

මෙම සෑම පියවරක් සමග ම, මූලික ව්‍යවස්ථාමය සම්මතයන් උල්ලංඝනය කිරීමට හා ආඥාවන් හරහා පාලනය ස්ථාපිත කිරීමේ හී තුඩ ලෙස ට්‍රම්ප් විසින් සංක්‍රමන-විරෝධී භීතිකාව යොදාගෙන ඇත.

ට්‍රම්ප් හා ඔහුගේ උපදේශකයන් උත්සාහ දරන්නේ, සංක්‍රමන හා රේගු බලාධිකාරයේ (අයිසීඊ) සහ රේගු හා දේශසීමා ආරක්ෂක බලඇනියේ (සීපීබී) ඒජන්තයන් දහස් ගනනක් ඇතුලු රාජ්‍යයේ ෆැසිස්ට් මූලාවයවයන්, ඔහුගේ ප්‍රතිගාමී පිලිවෙත්වලට සහාය දෙන සුලුතර ඡන්ද දායකයින් පිරිසක් එකතු කොට ව්‍යවස්ථාවට පරිබාහිර ව්‍යාපාරයක් ගොඩනැගීමට යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය, ට්‍රම්ප්ගේ මූලෝපායෙහි අතට සුලඟ හමන, වර්ගය මත පදනම් වූ ආයාචනයක් කිරීම සමගින් එහි සුපුරුදු ලාක්ෂනික වගකීම් රහිත බව ඒකාබද්ධ කරයි. ට්‍රම්ප් ව ඔහුගේ සැඳහුම් හේතුකොට ගෙන විධිමත් ව වාරනය කිරීමට තමන් විරුද්ධ බව ජූලි 16දා ඩිමොක්‍රටික් නායකත්වය නිවේදනය කලේ, ඒ වෙනුවට රොනල්ඞ් රීගන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස ඔජ වඩවන දියාරු හා නො බැඳුනු යෝජනාවක් හරහා ට්‍රම්ප්ට තරවටු කිරීම තෝරාගනිමිනි.

ට්‍රම්ප්ගේ ආඥාදායක පියවරයන්ට ගැඹුරු විරුද්ධත්වයක් ගොඩනගා නැති ඩිමොක්‍රටික් පක්ෂය, සංක්‍රමනිකයන්ට එරෙහි ඔහුගේ යුද්ධයට අරමුදල් සැපයීමට පසුගිය මාසයේ අමතර ඩොලර් බිලියන 4.6ක් වෙන් කිරීම සඳහා ඡන්දය දුන්නේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසී සිටින මාධ්‍ය, ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, පොදුවේ “සුදු ජනයා” හා සුදු කම්කරු පන්තිය විශේෂයෙන් විෂකුරු ලෙස හෙලාදකිමිනි. “ට්‍රම්ප් වත් ඔහු යටතේ රිපබ්ලිකන් පක්ෂයත් ධාවනය කරන්නේ ධවල අනන්‍යතා දේශපාලනය විසිනි” යි යන හිසින් ජූලි 16දා පලකල ලිපියක, වොෂින්ටන් පෝස්ට් පත්‍රය ට්‍රම්ප්ගේ මෑත ප්‍රකාශවලට “සුදු දුක් අඳෝනාව” වගකිව යුතු යයි දොස් පැවරී ය.

“බහුතරයක් සුදු ඇමරිකානුවෝ මෑත පැවති මැතිවරන මතවිමසුම්වලදී වාර්ගික මනෝගතිය පිලිබිඹු කරති” යි පෝස්ට් අවධාරනය කලේ, “පාඨශාලා අධ්‍යාපනය ලැබූවන්ට වඩා නො ලැබූවන් අතර සුදු අනන්‍යතාවේ හැඟීම බලගතු” යි තර්ක කිරීමට ඩියුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් උපුටා දක්වමිනි.

ජූලි 15දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලවූ “ට්‍රම්ප්ගේ ඇමරිකාව ‘සුදු මිනිසාගේ රටකි’” යන හිසින් යුත් තීරු ලිපියක, ජැමෙල් බූයි ඩිමොක්‍රටිකයන්ගෙන් ඉල්ලා සිටියේ සුදු කම්කරුවන්ට කිසිදු ආයාචනයක් කිරීමෙන් මුලුමනින් වැලකී වර්ගවාදී සුදු ඡන්ද දායකයන්ට දඬුවම් කරන ලෙස යි.

“ජනාධිපතිවරයාගේ රුධිර-හා-භූමි වර්ගවාදයට වඩා සිත් කාවදින දෙය වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රභූව (හෝ අවම වසයෙන් ඉන් එක් කන්ඩායමක්) ඒ හා සමාන උපකල්පනයන් සමගින් ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න යි. නැත, ඔවුන් වැඩකරන සුදු දේපොල හිමියා එකම වටිනා පුරවැසියා ලෙස නො සැලකුවත්, එම ඡන්ද දායකයා ඔවුන්ගේ පාර්ශවයට දිනාගැනීම කෙරෙහි කැමැත්තේ සිටී” යනුවෙන් ඔහු ලිවී ය

.

කම්කරු පන්තිය කෙරෙහි වෛරයෙන් සන්තෘප්ත එවන් අදහස් දැක්වීම්, ඩිමොක්‍රටික් පක්ෂයේ වාර්ගික දේශපාලනයට අන්ත-දක්ෂිනාංශය වෙතින් වාර්ගික ප්‍රතිචාරයක් ඉල්ලා සිටී යයි තර්ක කිරීම පිනිස ෆැසිස්ට්වාදීන්ට සාරවත් පසක් සම්පාදනය කරයි. 2017 දී ස්ටීවන් බෙනන් කී පරිදි “(ඩිමොක්‍රටිකයන්) අනන්‍යතා දේශපාලනය ගැන කොතෙක් දුර කතා කරයි ද ඒ තාක් දුර මම එය වැලඳ ගනිමි.”

ට්‍රම්ප් ආන්ඩුව වනාහි නො නවතින අර්බුදයකින් යුත්, ජනගහනයෙහි අතිමහත් බහුතරයේ වෛරයට පාත්‍ර වන හා ඔවුන් විසින් අවමානයෙන් සලකන ආන්ඩුවකි. ආරම්භයේ දී ගුරුවරුන්ගේ වර්ජන හා අනෙකුත් අරගල තුල ප්‍රකාශයට පත්වූ, එක්සත් ජනපදය තුල කම්කරු පන්තික විරෝධයේ වැඩීමට එය සියල්ලට ඉහලින් බිය වෙයි.

එහෙත් එය එහි අන්තරායකාරීත්වය අඩු කරන්නේ නැත. එහි ප්‍රධාන වත්කම වන්නේ එහි නාමික විරුද්ධවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂය යි. මහජන සමාජ විරෝධය සඳහා පවතින විභවය කෙරෙහි ට්‍රම්ප්ට නො අඩුව බිය වන ඩිමොක්‍රටිකයෝ, ට්‍රම්ප් හා ඔහුගේ සංගත-හිතවාදී යුදවාදී පිලිවෙත් කෙරෙහි විරෝධය සමහන් කිරීමට හා අපසරනය කිරීමට තම සියලු ශක්තිය කැප කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සටන් කරන්නේ, ෆැසිස්ට්වාදයේ තර්ජනයට පන්ති ප්‍රතිචාරයක් දැක්වීමට යි. මෑත දී එක්සත් ජනපදය තුල සිදු වූ වර්ධනයන් මගින් ලොව පුරා බිලියන ගනන් ජනයා සන්ත්‍රාසයට පත් කරනු ලැබී ය. ලමුන් කූඩු තුල සිරකර තැබීමට හා විධායක ආඥා මගින් පාලනය කිරීමට එක්සත් ජනපදය තුල මහජන සහයෝගයක් නැත. ට්‍රම්ප් ට ඡන්දය දුන් බහුතරය මත් උත්සාහ දැරුවේ ෆැසිස්ට්වාදියෙකු තෝරාගැනීමට නො වේ.

ප්‍රධාන කර්තව්‍යය වන්නේ, සියලු වර්ග හා ජාතිකත්වයන්වල කම්කරුවන්ගේ සමාජ බලය, සමාජ අසමානතාවට එරෙහි පොදු, ජාත්‍යන්තර සටනක් තුල රාශීභූත කිරීම යි. කම්කරු පන්තියේ සමගිය ස්ථාපනය කිරීමට, ඉහල මධ්‍යම පන්තියේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදය වන වාර්ගික හා අනන්‍යතා දේශපාලනයේ වසට එරෙහි අනුකම්පා විරහිත අරගලයක් අවශ්‍ය කරයි.

ජනාධිපතිවරයාගේ ෆැසිස්ට් දෙසාබෑම ජනනය වන්නේ ට්‍රම්ප් නමැති තනි පුද්ගලයාගේ මනසින් නො වේ. එය වනාහි, තම ධනය රැකගැනීම සඳහා ආඥාදායකත්වයට අත වනන ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක දෘෂ්ටිය යි. ෆැසිස්ට්වාදයට එරෙහි සටනට එහි මූලික මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතියට එරෙහි සටනක් අවශ්‍ය වේ.

එරික් ලන්ඩන්

Share this article: