ලිබියාවෙන් එපිට මුහුදේ විශාල පිරිසක් ගිලී යාම සහ සරනාගතයින් ආරක්ෂා කිරීමේ සටන

The mass drownings off Libya and the fight to defend refugees

2019 ජූලි 27

සරනාගතයින්ට එරෙහි අඛන්ඩ කුරිරුකම් රැල්ල පෙන්නුම් කරන්නේ ධනේශ්වර ක්‍රමයට එරෙහි මහජන, ජාත්‍යන්තර ව්‍යාපාරයක් නොමැතිව සංක්‍රමනිකයන් ආරක්ෂා කල නොහැකි බවයි. සරනාගතයින්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ ධනවත්ම රාජ්‍යයවල දැඩි කෝපයක් නැග එමින් තිබිය දී ම, දස දහස් ගනනක් අහිංසක මිනිසුන් මරනයට පත් කරමින් සංක්‍රමන විරෝධී ප්‍රතිපත්ති දිගටම ගෙන යාමට මෙම ආන්ඩු අධිෂ්ඨාන කරගෙන සිටී.

බ්‍රහස්පතින්දා ලිබියාවෙන් පලා ගිය සරනාගතයින් 270 ත් 300 ත් අතර පිරිසක් රැගත් නෞකාවක් ඉතාලියට යන ගමනේ දී මධ්‍යධරනී මුහුදේ පෙරලී ගිලී ගියේය. බෝට්ටුව දුටු ධීවරයින් ලිබියානු වෙරලාරක්ෂකයන්ව දැනුවත් කල අතර ඔවුහු සරනාගතයින් 140 ක් පමන රල පහරින් බේරා ගත්හ. ඉතිරි අය අතුරුදහන් වී ඇති අතර ඔවුන් දියේ ගිලී මිය යන්නට ඇතැයි සැලකේ.

2014 දී මධ්‍යධරනී මුහුදේ දී සරනාගතයින් බේරා ගන්නා ලදි © ඉතාලි නාවික හමුදාව / එම්. සෙස්ටිනි

විනාශයට පත්වූ නැව මුහුදුබත් වීමෙන් දිවි ගලවා ගත් සබා යූසෙෆ් ඇගේ හත් හැවිරිදි දරුවා දියේ ගිලීමෙන් දැඩිසේ ශෝක බරිතව මෙසේ ප්‍රකාශ කලා ය: “මගේ රට වන සුඩානයට ආපසු ගොස් එහි දී මිය යෑම හැරෙන්නට මට දැන් කිසිවක් අවශ්‍ය නැත.”

දිවි ගලවා ගත් එරිත්‍රියානු ජාතිකයකු උදව් ඉල්ලා ජාත්‍යන්තර ආයාචනයක් ඉදිරිපත් කලේය: “අපි අපේ ම උත්සාහයෙන් බේරුනා. අපට උදව් කිරීමට කිසිවෙකුටත් නොහැකි වූ අතර කිසිවෙකු වත් අපව බේරා ගැනීමට පැමිනියේ නැත. අපි දැන් විශාල ගැටලුවකට මුහුන දී සිටිමු. එබැවින් අපට ඔබගේ උදව් අවශ්‍ය වේ. ”

නැව මුහුදුබත් වීමෙන් දිවි ගලවා ගත් සරනාගතයින් තවමත් බරපතල අනතුරදායක තත්වයක සිටී. 2011 දී ලිබියාවට එරෙහි නේටෝ යුද්ධයෙන් පසුව එම රටේ රජය සහ සන්නද්ධ හමුදාව විනාශ කිරීමෙන් පසුව යුරෝපා සංගමය (ඊයූ) විසින් ගොඩනඟන ලද සහ අරමුදල් සපයන ලද බලවේගයක් වන ලිබියාවේ වෙරලාරක්ෂක බලකායට භාර දුන් සියලු සරනාගතයින් මෙන්, ඔවුන් ද යුරෝපා සංගම් අරමුදල් සපයන වධ කඳවුරුවල රඳවා තබා ගැනීමේ අවදානමක් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කන්ඩායම් සහ ප්‍රධාන මාධ්‍ය නැවත නැවතත් ලේඛනගත කර ඇති පරිදි එහි දී ඔවුන්ට පහරදීම් වලට, ස්ත්‍රී දූෂනයට ලක්වීමට, වහල්භාවයට විකිනීමට හෝ මැරුම් කෑමට මුහුන දීමට සිදුවේ.

කඳවුරු ආරක්ෂකයින් විසින් සිදුකරන ලද අපයෝජනයන්ගෙන් දිවි ගලවා ගන්නා අය නේටෝ යුද්ධයෙන් පසු ලිබියාව විනාශ කල සිවිල් යුද්ධයට ගොදුරු වීමේ අවදානමට ලක් වේ. මේ මස මුල දී, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඊජිප්තු ආඥාදායක අබ්දෙල් ෆටා අල්-සිසිගේ සහාය ලබන කලීෆා හෆ්තාර්ට පක්ෂපාතී ගුවන් යානා ඉතාලියේ සහය ලබන ලිබියානු නිල ආන්ඩුවට එරෙහිව ට්‍රිපොලි අසල කල ප්‍රහාරයක් අතර තුර ජෝරා හී සරනාගත කඳවුරකට බෝම්බ හෙලීමෙන් දුසිම් ගනනක් මිය ගියහ.

ඊයේ එක්සත් ජාතීන්ගේ සරනාගතයින් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අප්‍රිකාව සම්බන්ධ ප්‍රකාශක චාලි යක්ස්ලි තැති ගැන්වෙන සුලු ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් හුදු සති කිහිපයකට පෙර ගුවන් ප්‍රහාරයක් අතරතුර සිරවී සිටි 50 කට වැඩි පිරිසක් මියගොස් ඇති ටජෝරා රැඳවුම් කඳවුරට නැව් අනතුරෙන් දිවි ගලවා ගත් අයගෙන් 84 දෙනෙකු ගෙනගොස් තිබේ..... ඔවුන් නිදහස් කිරීමට පියවර ගත යුතු අතර කිසිවෙකු නැවත රැඳවුම් කඳවුරුවලට ගෙන නොයවන බවට නිසි පියවර ගත යුතුය.”

2016 සිට ජීවිත 14,000 ක් බිලිගත් මධ්‍යධරනී මුහුදේ සරනාගතයින් දියේ ගිලී මියයාමේ වගකීම යුරෝපා සංගමය (ඊයූ) සහ ධනේශ්වර ක්‍රමය මත පැවරේ. පුවර්ටෝ රිකෝ හි මහජන විරෝධතා, එක්සත් ජනපද ගුරුවරුන් ගේ වර්ජන, ප්‍රන්සයේ “කහ කබා” විරෝධතා සහ පෘතුගාලය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල යුරෝපා සංගම් කප්පාදුවට එරෙහිව වැඩ වර්ජන ආදී පන්ති අරගලයේ ගෝලීය නැගී ඒමකට මුහුන දී සිටින ධනේශ්වර පන්තිය කම්කරුවන් බෙදීමට සරනාගත විරෝධී ස්වෝත්තමවාදයට දරුනු ලෙස අවුලුවමින් සිටී. ඒ අතරම, එය සමස්ත කම්කරු පන්තියම මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍යයක් ගොඩනඟමින් සිටී.

අත්ලාන්තික් සාගරයේ දෙපස ම තිබෙන අධිරාජ්‍යවාදී ආන්ඩු ඔවුන්ගේ මිලිටරි යන්ත්‍රවලට ඩොලර් බිලියන සිය ගනනින් ගලා යවන අතර කම්කරුවන්ගේ වියදමින් ඇමසන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 165.6) සහ එල්වීඑම්එච් හිමිකරු බර්නාඞ් ආර්නෝල්ට් (ඩොලර් බිලියන 104.2) වැනි ප්‍රකෝටිපතියන් පොහොසත් කිරීමට කප්පාදු පැනවීම කරති. එහෙත්, 20 වන සියවසේ ෆැසිස්ට් පාලන තන්ත්‍රයන්හි දෝංකාරය නංවමින්, ආන්ඩු සහ සියලු දේශපාලන වර්නවල ධනේශ්වර පක්ෂ අවධාරනය කරන්නේ ඔවුන්ගේ කරදර සම්බන්ධයෙන් සෑම කෙනෙකුම සංක්‍රමනිකයන් ට දොස් පැවරිය යුතු බවයි.

ඇමරිකාවේ ෆැසිස්ට්තාලයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජනපද ගාල් කඳවුරු ජාලයක සංක්‍රමනිකයන් සිය දහස් ගනනක් රඳවාගෙන ඇති අතර ලේඛනගත නො කල මිලියන සංඛ්‍යාත සංක්‍රමනිකයන් පිටුවහල් කිරීම සදහා එක්සත් ජනපද නගරවලට පොලිස් වැටලීම් කරන බවට තර්ජනය කරයි. එක්සත් ජනපදය පුරා සංක්‍රමන වැටලීම්වලට එරෙහිව විරෝධතා පසෙක තිබිය දී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ එක්සත් ජනපද ගාල් කඳවුරු පද්ධතියට අරමුදල් සැපයීම සඳහා ඩොලර් බිලියන 4.6 ක් වෙනුවෙන් ඡන්දය දෙමින් ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිනාංශික ප්‍රතිපත්තියට සහාය දැක්වීමේ දී ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

ෆැසිස්ට් ආඥාදායක බෙනිටෝ මුසොලිනි කෙරෙහි තම ප්‍රසාදය ප්‍රකාශ කරන ඉතාලියේ අන්ත දක්ෂිනාංශික අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්විනි කෙරේ, ලිබියාවේ අසල දියේ ගිලී යාම් මගින් යුරෝපයේ කෝපය ඇවිලවී තිබේ.

නීතිවිරෝධී සංක්‍රමනිකයන් සහ රෝමා ජනතාව පිටුවහල් කිරීමට සමූහ වැටලීම් කරන බවට තර්ජනය කර ඇති සල්විනි, සරනාගතයින් රැගත් සියලුම නැව් ඉතාලියට පැමිනීම අවහිර කරයි. සරනාගතයින් ආරක්ෂා කිරීම සඳහා මිලාන්හි මේ වසන්තයේ 200,000 ක ජනතාවගේ විරෝධතා ඔහු නොතකා හැරියේය. සරනාගතයින් ඉතාලියට ගොඩබැස්සවීම නිසා සී වොච් නෞකාවේ ජර්මානු කපිතාන් කැරොලා රාකෙට් අත්අඩංගුවට ගෙන ජර්මනියේ විරෝධතා රැල්ලක් මධ්‍යයේ ඇයව නිදහස් කල ඔහු, සරනාගතයින් රැගත් ඉතාලි වෙරලාරක්ෂක නෞකාවකට නැවේ සිටින සියලු ම සංක්‍රමනිකයන් අනෙක් යුරෝපා සංගම් රාජ්‍යයන් බාර ගැනීමට එකඟ වන තෙක් ගොඩබෑමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරනු ලබයි.

එහෙත් වගකීම පැවරෙන්නේ සමස්ත යුරෝපා සංගමයට ම ය. 2015 දී එය “ඔපරේෂන් ට්‍රයිටන්” දියත් කල අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සහ මධ්‍යධරනී මුහුදේ යුද නැව් යෙදවීම ඉහල නංවා විශාල ගාල් කඳවුරු ජාලයක් ඉදිකිරීම වේගවත් කලේය. මැද පෙරදිග හා අප්‍රිකානු සරනාගතයින් මිලියන ගනනක් ඉතාලියේ හා ග්‍රීසියේ සිට තුර්කිය, ලිබියාව සහ නයිජර් දක්වා විහිදෙන යුරෝපා සංගම් අරමුදල් වලින් නඩත්තුවන කඳවුරුවල බිහිසුනු කොන්දේසි යටතේ සිරගත කරනු ලැබේ.

සැල්විනිගේ ෆැසිස්ට් කඩාපැනීම් විවේචනය කරමින් බර්ලිනයේ හා පැරිසියේ ප්‍රකාශයන් කුහකකමේ ගන්දස්කාරයකි. මැක්‍රොන් රජය සැල්විනිට “පිලිකුල් සහගත” යැයි කියන ගමන් ම, සරනාගතයින් ප්‍රන්සයට පැමිනීම වලක්වා ගැනීම සඳහා සංක්‍රමනිකයන් ගලවා ගැනීමේ නෞකාවක් වන ඇක්වාරියස් මර්සෙයිල් වල නැංගුරම් ලැවීම ගැන ආරක්ෂක අංශවල ඔවුන්ගේ ෆැසිස්ට් පදනම ගැන පුරසාරම් දෙඩූ ෆැසිස්ට් ආඥාදායක පිලිප් පේටීන් ට සහ ඔහුගේ නිලධාරීන්ටත් මූල්‍ය ප්‍රභූවටත් මැක්රෝන් ප්‍රශංසා කරයි. ප්‍රන්ස විප්ලවයේ සංවත්සරය වන ජුලි 14 වන දින පොලිසිය “කහ කබා” වලට ම්ලේච්ඡ ලෙස පහර දෙමින් පැරිසියේ අප්‍රිකානු සරනාගතයින් විසින් සමාජ අසමානතාවයට විරෝධය පල කරන විට එය තිරිසන් ලෙස කඩා බිද දැමීය.

සිරියානු යුද්ධයෙන් බෝල්කන් හරහා ජර්මනියට පලා යන සංක්‍රමනිකයින්ට 2015 දී කෙටි කලකට දොර විවෘත කල බර්ලිනය සංක්‍රමන විරෝධී ප්‍රතිපත්තියක් අනුගත කරගෙන තිබේ. ජර්මනිය යලි සන්නද්ධ වෙද්දී හිට්ලර් සහ ජර්මානු මිලිටරිවාදය පුනරුත්ථාපනය කිරීමට දක්ෂිනාංශික අන්තවාදී ජර්මානු මහාචාර්යවරු ඉල්ලා සිටිද්දී ප්‍රචන්ඩ නව-නාසි කන්ඩායම් පොලිස් යාන්ත්‍රනය තුල සවිමත් වෙමින් සිටිති. සරනාගතයින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කිරීමෙන් පසු නව නාසිවාදීන්ගෙන් මරනීය තර්ජන රැසකට මුහුන දුන් දේශපාලනඥ වෝල්ටර් ලුබ්කේගේ නොවිසඳුනු ඝාතනය, ජර්මනියේ සරනාගතයින්ට සහාය දක්වන ඕනෑම කෙනෙකුට එරෙහිව නිරාවරනවම එලිපිට තර්ජනය කිරීමකි.

1940 දී යුරෝපීය ෆැසිස්ට්වාදය යුදෙව්වන්ගේ ජන සංහාරය දියත් කිරීමට වසර දෙකකට පෙර මහා මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “අද දිරාපත් වෙමින් පවතින ධනවාදී සමාජය යුදෙව් ජනතාව එහි සියලු සිදුරු වලින් මිරිකීමට උත්සාහ කරයි; ලොව පුරා වෙසෙන බිලියන දෙකෙන් පුද්ගලයන් මිලියන 17 ක්, එනම් සියයට 1 ට වඩා අඩු අයට තවදුරටත් අපේ පෘථිවියේ ස්ථානයක් සොයාගත නොහැක! විශාල භූමි ප්‍රමානයක් මධ්‍යයේ හා මිනිසාට අහස මෙන් ම පෘථිවිය ද යටත් කර දුන් තාක්ෂනයේ අරුමයන් මධ්‍යයේ ධනේශ්වරය අපේ ග්‍රහලෝකය අශෝභන සිරගෙයක් බවට පත් කිරීමට සමත් වී තිබේ. ”

අවුරුදු අසූවකට පසු ට්‍රොට්ස්කිගේ වචන සහමුලින් ම අනතුරු ඇඟවීමක් ලෙස මතුවේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු මැද පෙරදිග හා අප්‍රිකාවේ දශක තුනක අධිරාජ්‍යවාදී යුද්ධයෙන් සහ 2008 වෝල් වීදියේ බිඳවැටීමෙන් සහ දශකයක ආර්ථික අර්බුදයෙන් පසු ලේ වැගිරීම් හා දරිද්‍රතාවයෙන් මිදීමට පෘථිවිය පුරා දස මිලියන ගනනක් පලා ගොස් ඇත. පසුගිය වසරේ දී ලොව පුරා මිලියන 70.8 ක ජනතාවක් අවතැන් වූ අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසු එසේ අවතැන් වූ වැඩිම පිරිස යි.

නිර්දය රාජ්‍ය මර්දනය සහ පොලිස් රාජ්‍යය ගොඩනැගීම පාලක පන්තිය ස්ථිර සාරව ෆැසිස්ට් මාවතකට පාතබා ඇති බවට වන සංඥාවන් ය.

ඉදිරි මාවත වන්නේ වර්ධනය වෙමින් පවතින අරගල තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෙන කවරදාටත් වඩා පුලුල් ස්ථරයන් බලමුලු ගැන්වීම සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් මෙම අරගල සන්නද්ධ කිරීම ය. මෙයින් අදහස් කරන්නේ ධනවාදය විසින් ඇති කරන ලද සමාජ අර්බුදය සම්බන්ධයෙන් සංක්‍රමනිකයින්ට දොස් පැවරීමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම සහ ඔවුන් තෝරා ගන්නා ඕනෑම රටක සංචාරය කිරීමට, ජීවත්වීමට හා වැඩ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමයි. සියල්ලටත් වඩා, එහි අර්ථය වන්නේ ෆැසිස්ට් සංක්‍රමන විරෝධී ප්‍රතිපත්ති වෙනුවෙන් පාලක සංස්ථාපිතයේ කිසියම් හෝ කොටසක් සමඟ එක්වී සටන් කල හැකි බවට ඇති මිත්‍යාවන් ප්‍රතික්ෂේප කිරීමයි.

සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනයකට පමනක් ආයතනික කතිපයාධිකාරයේ බලාධිකාරයෙන් මානව වර්ගයා නිදහස් කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කොට සැමට ඉහල ජීවන තත්වයක් සහතික කල හැකිය.

ඇලෙක්ස් ලැන්ටියර්