2020 මැතිවරන උද්ඝෝෂනය තුල ඩිමොක්‍රටිකයන්ගේ විවාදය ආරම්භ වන්නේ වාචාල දෙඩවිලි හඬනඟමිනි

Democratic debate begins the 2020 election campaign with a blast of demagogy

2019 ජුනි 27

බදාදා ආරම්භ වී රාත්‍රි දෙකක් තිස්සේ මියාමි හි පැවැතියේ ඩිමොක්‍රටික ජනාධිපති නාමයෝජිතයින් දසදෙනාගේ ප්‍රථම නිල ජවනිකාවයි. මීට පෙර ජුනි 18 දින ෆ්ලොරීඩාහි ඕර්ලන්ඩොහිදී රිපබ්ලිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරන උද්ඝෝෂනය ආරම්භ විය.

එක් රැයකට අපේක්ෂකයින් දස දෙනා බැගින් රාත්‍රි දෙක පුරා ඩිමොක්‍රටික් විවාදය පැවැත්වෙමින් තිබුනි. ඩිමොක්‍රටික් ජාතික කොමිටිය සඳහන් කලේ අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් සිටින බැවින් වෙනත් ප්‍රායෝගික විකල්ප සැලැස්මක් නොතිබුන බවයි. අපේක්ෂකයින්ට පිලිතුරු දීම සඳහා කාලය ලැබෙන්නේ මිනිත්තුවයි. නැවත පිලිතුරකට තත්පර 30 කි. එහෙයින්, හිස් සටන් පාඨ සහ කලින් ලියා ගත් තනි පේලියේ පිලිතුරු විවාදයේ ප්‍රධාන අන්තර්ගතය වී ඇත.

තමන් ජනාධිපති ලෙස තේරී පත්වුවහොත් ඇමරිකානු ජනතාවට ශිෂ්ට සම්පන්න සෞඛ්‍ය පහසුකම් ද වඩා හොඳ ජීවන කොන්දේසි ද රැකියා සුලභ වීම ද පිරිසිදු පරිසරයක් හා විශ්‍රාම වැටුප් සහ සමාජ යටිතල පහසුකම් ද සැලසෙනු ඇතැයි යන වාචාල කථා වලින් පලමු දිනය පිරී තිබුනි.

මෙම ක්‍රියාවලිය විකාර සහ හාස්‍යජනක ස්වරූපයක් ගති. “පිටුවහල් කිරීමේ ප්‍රධනියා” යන නම පට බැඳුනු ඔබාමා යටතේ මෙන්ම, සංක්‍රමනිකයන් පීඩාවට පත් කිරීමටත් පිටුවහල් කිරීමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ සක්‍රීය දායකත්වය ආවරනය කිරීමට යම් පිටුවහලක් ලැබේ යයි සිතාගෙන විවිධ අපේක්ෂකයෝ හැකි පමනින් සාමාන්‍ය ලෙස කසිකබල් භාෂාවෙන් කථා කලහ. ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ මධ්‍යස්ථානය වන නිව්යෝර්ක් නගරයේ වසර පහක් සඳහා නගරාධිපති ලෙස සිටි බිල් ඩි බ්ලැසියෝ ප්‍රකාශ කලේ, ඩිමොක්‍රටික් පක්ෂය කම්කරු පන්තියේ පක්ෂය බවට පත්විය යුතු බවයි. තම නිවෙස ඉදිරිපිට දිනපතාම පාහේ සිදුවන මැර කල්ලිවල ප්‍රචන්ඩත්වයත් පොලිස් ඝාතනත් තමන් පුද්ගලිකව අත් දකිමින් සිටින බව ප්‍රේක්ෂකයින්ට ඒත්තු ගැන්වීමට නිව් ජර්සි හි සෙනේට් සභික කොරි බුකර් වෑයම් කලේය.

විවාදය පුරාම, තමා අපේක්ෂකයා වීම සඳහා එකිනෙකා සමඟ තරඟ කරමින්, ඩිමොක්‍රටික් පක්ෂය නමැති දේශපාලන සංවිධානයේ සැබෑ වාර්තාව මග හැරීමට හැම අයෙක්ම වග බලා ගත්තේය. බැංකු වලට ඇප දී බේරාගැනීම හරහා කම්කරු පන්තියෙන් ධනපති පන්තිය වෙත, ලෝක ඉතිහාසයේ පෙර නොවූ තරම් දැවැන්ත පරිමානයකින් ධනය හරවා යැවූ ඔබාමා පාලනාධිකාරය පිලිබඳව කිසිදු සඳහනක් නොකරන ලද සෑම අයෙකුම - මෙහෙයවන්නන්ද ඇතුලුව - සමාජ අසමානතාවය පිලිබඳව ඝෝෂා නැගූහ.

දශක ගනනාවක් පුරා ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පාලනය යටතේ, ජීවන තත්වයන්ද සමාජ ප්‍රතිලාභ ද විශ්‍රාම වැටුප් ද පාරිසරික සහ සමාජ ජීවිතයේ අනෙකුත් අවශ්‍යතා ද විනාශ කරමින් එක්සත් ජනපද පාලක පන්තිය සමාජ ප්‍රතිවිප්ලවයක නිරත වී ඇත.

මෙම විවාදය පැවතුනේ සංක්‍රමනිකයන්ට එරෙහිව ට්‍රම්ප් පාලනාධිකාරයේ ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර උත්සන්න කෙරෙමින් පැවැති පසුබිමකය. ඇමරිකා - මෙක්සිකානු දේශසීමාවේ සිදුවන බියකරු සිද්ධීන්ගෙන් අනතුරුව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයෝ, ආගමන හා රේගු බලධාරීන් සහ ඒ යටතේ ඇති පුද්ගලික සිරකඳවුරු කොන්ත්‍රාත්කරුවන්ගේ රැඳවුම් කඳුවුරුවල සිරගත කරනු ලැබ ඇති ලමුන් සහ වැඩිහිටියන් පිලිබඳව කිඹුල් කඳුලු හෙලූහ.

එහෙත් ට්‍රම්ප්ගේ අවතැන් කඳවුරු සඳහා තවත් ඩොලර් බිලියන 4.6 ක් සැපයීමේ පනත පිලිබඳව බදාදා පැවති සෙනේට් සභා ඡන්ද විමසීමේදී, ඩිමොක්‍රටික නායකත්වය සහ බොහෝ නියෝ ජිතයින් ද පනත සම්මත කිරීමට එක්විය. එය 84-8 වශයෙන් සම්මත විය. විවාදයට සූදානම් වෙමින් ෆ්ලොරීඩාහි සිටි ජනාධිපති වරනයට ඉදිරිපත් වන සෙනේට් ඩිමොක්‍රටිකයින් සත්දෙනාම ඡන්දය භාවිතා නොකලද ට්‍රම්ප්ට මුදල් ලබා දීමට එකඟත්වය පල කලහ.

විවාදයට පෙර පලවූ බුද්ධිමත් මාධ්‍යය අටුවා කිහිපයකින් එකක දේශපාලන ලියුම්කරු ජෝන් හැරිස්, “සියල්ලන්ටම මෙඩිකෙයාර්” සහ “හරිත නව ගනුදෙනුව” ක් වැනි රැඩිකල්වාදී ඝෝෂාකාරී සටන්පාඨ හඬ නඟන අය, “ඉනිමගේ ඉහලට නඟිමින් සිටින බඩගෝස්තරවාදී” වැනි වචන වලින් ඔහු සඳහන් කරන, පැහැදිලිවම රැඩිකල් නොවන වාර්තා ඇති දේශපාලඥයින් බව සඳහන් කලේය. හැරිස්ගේ වචනවලින් “මෙම ඩිමොක්‍රටික් ක්‍රියාධරයින් පක්ෂය තුලත් පුලුල්ව රට තුලත් දෘෂ්ටිවාදී රැල්ල වමට මාරුවී ඇති බව විශ්වාස කරති.”

අනෙකුත් බොහෝ ඩිමොක්‍රටික අපේක්ෂකයින් විසින් දැන් වැලඳගෙන ඇති බර්නි සෑන්ඩර්ස් සහ එලිසබෙත් වොරන්ගේ “වාම” කථාවල අරමුන වන්නේ, ඇමරිකාවේ කම්කරුවන් සහ තරුනයින්ගේ කැරලිකාරීත්වයෙහි හිස ගසා දැමීමටත් මෙය ලොව දෙවැනි පැනිතම ධනපති පක්ෂයෙහි රාමුව තුලට ගාල් කිරීමටත්, ධනේශ්වර ක්‍රමයට තර්ජනය කරන කම්කරු පන්තියේ අව්‍යාජ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතුවීම අවහිර කිරීමටත් ය.

හිටපු උප ජනාධිපති වූද දැන් උද්ඝෝෂනයෙහි පෙරමුනේ සිටින්නකු ද වන ජෝ බිඩන් විසින් ඩිමොක්‍රටික් පක්ෂයේ සැබෑ පන්ති ගැතිකම සම්පින්ඩනය කෙරින. පසුගිය සතියේ වෝල් වීදියේ ප්‍රේක්ෂකත්වයට බිඩන් සහතික වූයේ, වැඩ කරන ජනතාවට ඩිමොක්‍රටිකයින් විසින් ලබා දෙන පොරොන්දු ධනවතුන් මත සැලකිය යුතු මොනයම්ම හෝ බරක් නොපටවනු ඇති බවට යි. “කිසිවෙකුට දඬුවම් දිය යුතු නැතැ” යි ඔහු පැවසීය. “කිසිවකුගේත් ජීවන තත්වය වෙනස් නොවනු ඇත. අති මූලිකව කිසිවක් වෙනස් නොවේ.” බිඩන්, සෑන්ඩර්ස් සමග අද රාත්‍රියේ විවාදයේ දෙවන වටයට සහභාගි වනු ඇත.

ධනපති පන්තිය කෙරෙහි වන මෙම පක්ෂපාතිත්වය, විදේශ මෙන්ම දේශීය ප්‍රතිපත්ති තුලද ප්‍රකාශ වෙයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාන උත්සුකයන් ආරක්ෂා කිරීම සඳහා ඩිමොක්‍රටිකයන් දෘඪ ලෙස කැපවී ඇත. මෙය, චීනයට එරෙහි ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය ඩිමොක්‍රටිකයන් විසින් වැලඳ ගැනීම මගින්ද, ඔවුන් විසින් ට්‍රම්ප්ගේ වාර්තා ගත මිලිටරි තරකිරීමට රබර් මුද්‍රාව තැබීම මගින් ද ප්‍රකාශ වෙයි. 2016 මැතිවරන උද්ඝෝෂනය තුල ට්‍රම්ප් සහ රුසියාව අතර කුමන්ත්‍රන පිලිබඳ ව්‍යාජ චෝදනාවල පදනම මත රුසියානු විරෝධී උද්ඝෝෂනය මගින්, හමුදා බුද්ධි අංශ යාන්ත්‍රනයේ කොටසක් සඳහා දේශපාලන උපදේශකයින් ලෙස ඩිමොක්‍රටිකයෝ ක්‍රියා කලහ. මෙහිදී ඔවුහු රුසියාවට එරෙහිව සිරියාවේ, යුක්රේනයේ හා නැගෙනහිර යුරෝපයේ පුලුල් ඇමරිකානු මැදිහත් වීමක් සඳහා හඬ නැඟූහ.

ඊයේ පැවැති විවාදය තුල වඩාත්ම ඇඟ කිලිපොලායන, ප්‍රකට සිද්ධියක් වූයේ, එක්සත් ජනපදයට වඩාත්ම බලගතු තර්ජනය කුමක්ද යන්න විමසූ විට, බොහෝ දෙනෙක් චීනය හෙලා දැකීමට මෙය අවස්ථාවක් කර ගැනීමයි. ඩිමොක්‍රටික් බ්ලැසියෝ රුසියාව හෙලා දකිමින් විවාදය අවසන් කිරීමයි.

අපේක්ෂකයින්ගේ වචන හරඹයේ පුහු ආටෝප හා ජනමත විමසුම් පිලිබඳ බොරු මවාපෑම් තිබියදීත් ඊලඟ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා තේරීම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන හෝ ව්‍යායාමයක් නොවේ. ඒ වෙනුවට, ධනපති දේශපාලනයේ තීරන ගන්නා ප්‍රබල ව්‍යාපාරික - හමුදා බුද්ධි කල්ලිවල තිරය පිටුපස නින්දිත උපාමාරු ද මාධ්‍යයන් විසින් මෙහෙයවෙන මත විමසුම් ද අරමුදල් ගොඩ නැගීමද විසින් අපේක්ෂකයින් ඉහල පහල යනු ඇත.

ලබන පෙබරවාරියේ දී ඡන්ද විමසීම් ආරම්භ කල විට, සංගත මාධ්‍යය සහ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය වෝල් වීදිය සහ සීඅයිඒ සංවිධානය යන තම පක්ෂයේ ප්‍රධාන කන්ඩායම් දෙකට පිලිගත හැකි කව්රු හෝ අපේක්ෂකයකු මතු වීම සහතික කිරීමට ආක්‍රමනශීලීව මැදිහත් වනු ඇත.

ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදයේ ද, මහා බලවතුන් අතර වැඩෙන ගැටුම් ද, වැඩ වර්ජන, මහා විරෝධතාවන් මගින් ප්‍රකාශ වන යටින් වැඩෙන ව්‍යාපාරය ද, සූඩානය සහ ඇල්ජීරියාව තුලදී මෙන් දීර්ඝ කාලීන ඒකාධිපතිත්වයන්ට එරෙහි ඍජු කැරලිද යටතේ 2020 මැතිවරනය දිග හැරෙමින් පවතී. ඇමරිකානු දේශපාලනය තුල දේශපාලන කැලඹීම් සහ විෂ්මයන්ද නිසැකවම මතු වනු ඇත.

දේශපාලනිකව නොවැදගත් අයෙකු වන ඉන්දියානාහි, සවුත් බෙන්ඞ් නගරාධිපති පෙටෙ බ්‍රටිගීග්, දැනටමත් නිදසුනක් ලෙස මතුව ඇත. ජනගහනය අනුව ගත් කල ඇමරිකාවේ නගර අතරින් ඉන්දියානා නගරය 306 ස්ථානයට වැටේ. (අනන්‍යතා දේශපාලනයේ උපදේෂකයින් විශ්මයට පත් කරමින්) තමන් විවෘතව සම ලිංගිකයකු ලෙස ද (හමුදා - බුද්ධි අංශ යාන්ත්‍රනයට සහතික දෙමින්) ඇෆ්ගනිස්ථානයේ ඍජුවම නේවි සීල් ඝාතක කල්ලිවලට උපකාර කල ඔත්තුසේවා ඒජන්තයකු ලෙස ද තම වාර්තාව හුවාදක්වමින්, පසුගිය මාස හය තුල ප්‍රධාන දේශපාලන චරිතයක් ලෙස 37 වියැති බ්‍රටිගීග් මතුව ඇත.

සමහර මත විමසීම් වලදී හතරවන ස්ථානයට ඔසවා තැබීමෙන් අනතුරුව, පසුගිය සතියේ සවුත් බෙන්ඞ්හි 53 - වියැති කලු ජාතික පුද්ගලයකු පොලීසිය විසින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු දැන් බ්‍රටිගීග්ගේ පිලිගැනීම අඩු විය හැක. ෆ්ලොරීඩාහි උද්ඝෝෂන කටයුතු වල සිට සව්ත් බෙන්ඞ්හි නගර ශාලාව වෙත කඩි මුඩියේ ඔහු පැමිනි විට, කුපිත වූ කම්කරු පන්තික සහ අප්‍රිකානු ඇමරිකානු ජනයා විසින් ප්‍රධාන කොටම ප්‍රශ්න අසනු ලැබ “නගරාධිපති පෙටෙ” හෙම්බත් කරනු ලැබීමටත් හෙලා දැකීමටත් පත් විය.

මෙම විශේෂ සිද්ධිය වඩාත් සාමාන්‍ය යථාර්ථයෙහි ප්‍රකාශනයක් විය. වෙනස්වන මට්ටමක නිපුනතාවයක් සහිතව හෝ එසේ නැතිව අපේක්ෂකයකයින් විසින් මොනයම්ම හෝ පුරසාරමක් භාවිතා කලද, ඩිමොක්‍රටික් පක්ෂය වෝල් වීදියේත් මිලිටරියේත් දක්ශිනාංෂික පක්ෂයකි. ට්‍රම්ප් පාලනාධිකාරයට ද, සමාජ අසමානතාවටද, ඒකාධිපතිවාදයට ද, යුද්ධයටද එරෙහි අව්‍යාජ විරෝධය මතුවන්නේ මෙම සංවිධානය තුලින් නොව මෙයට එරෙහිව සම්මුති විරහිත විරෝධයන් මගින් පමනකි.

පැට්‍රික් මාටින්