වොෂින්ටනය ඉරානය සමග යුද්ධයේ අද්දරට තල්ලුවෙයි

Washington pushes to the brink of war with Iran

2019 ජුනි 19

ඉරානය සමග එක්සත් ජනපදයේ ගැටුම 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු අන් කවර කලකටත් වඩා විනාසකාරී ගෝලීය ගැටුමක අද්දරට ලෝකය ගෙන විත් ඇත.

මෙම සතිය චෝදනා කෙරෙන ඉරාන තර්ජනයට ඓරෙහිව, මේ වන විටත් කලාපයේ රඳවා සිටින දසදහස් ගනනකට අමතර ව “හමුදා ආරක්ෂාව” සපයනු පිනිස තවත් එක්සත් ජනපද භටයින් 1000ක් මැද පෙරදිගට යැවීම සම්බන්ධ නිවේදනය මෙම සතියේ සිදු කෙරුනේ ඉරාන න්‍යෂ්ටික පහසුකම් මත “දැවන්ත” බෝම්බ දැමීම් යොදා ගන්නා “උපායික ප්‍රහාරයක්” දියත් කිරීම දැනටමත් සූදානම් කෙරෙමින් තිබෙන බව ඊස්රායල් මාධ්‍ය වාර්තා කිරීම සමගිනි.

නිව් යෝක් හි එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර පාදක කොට ගෙන ඊස්රායලයෙන් ලැබෙන වාර්තා, මුලින් මාරීව් ඔන්ලයින් වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කෙරුනු අතර ඊට පසු ජෙරුසලම් පෝස්ට් විසින් ඩැහැ ගන්නා ලදී.

රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර අනුව, “මිලිටරි පියවර වනු ඇත්තේ එහි න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ඉරාන මධ්‍යස්ථානයක් මත ගුවනින් බෝම්බ හෙලීම යි.” එක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙකු විශේෂයෙන් සඳහන් කලේ “බෝම්බ දැමීම විශාල වන නමුත් එක් ඉලක්කයකට පමනක් සීමා වනු ඇති” බව යි.

මෙම බියකරු ප්‍රවෘත්තිය එක්සත් ජනපද මාධ්‍ය තුල සැබවින් ම වහංගු කිරීම කැපී පෙනෙයි. කිසිදු ප්‍රධාන පුවත්පතක් හෝ අන්තර්ජාලයක් හෝ කේබල් ප්‍රවෘත්ති බෙදා හැරීමක් මිලියන ගනනාවකගේ ජීවිත කෙරෙහි ගම්‍යයන් සහිත ආසන්න ව පවත්නා ක්‍රියාව පිලිබඳ ව ඇමරිකානු මහජනතාවට දැන්වීමට කරදර වී නොමැත.

යුද්ධයක තර්ජනය අවධාරනය කෙරුනේ එක්සත් ජනපද උත්සන්න කිරීමෙන් මතු කෙරෙන්නා වූ වැඩෙන අනතුරු පෙන්වා දෙන චීන හා රුසියානු ප්‍රකාශන දෙකකිනි. වොෂින්ටනයේ “අත්‍යන්ත පීඩනයේ භාවිතය” මැද පෙරදිග “පාලනය කල නො හැකි ක්‍රියාවලියක්” විවෘත කිරීමට තර්ජනය කරන බව බීජීනය අනතුරු අඟව යි. මේ අතර, රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රයබ්කෝව්, මොස්කව් හි වාර්තාකරුවන්ට පැවසුවේ, “ඉරානය මත, දේශපාලනික, මානසික, ආර්ථික හා, ඔව් මිලිටරි පීඩනය පන ගැන්වීමේ අවසානයක් නැති හා පෝෂිත එක්සත් ජනපද උත්සාහයන්...යුද්ධය ප්‍රකෝප කිරීමේ දැනුවත් ක්‍රියාදාමයකට වඩා වෙනස් දෙයක් ලෙස තක්සේරු කල නො හැකි” බව යි.

ධවල මන්දිර තන පලසේ දී ට්‍රම්ප් වාර්තාරුවන්ට මෙසේ පැවසුවේ ය: “අපි ඉරානය දෙස බලා ඉන්නවා. අපිට ඉරානය සමග යන බොහෝ දේවල් තියෙනවා. අපි බොහොම සූදානම්. මොනවද වන්නේ කියලා අපි බලමු...සිදු වන්නේ කුමක් දැයි නොතකා අපි බොහොම සූදානම්.”

සෘජු එක්සත් ජනපද ප්‍රහාරයක ඉතා ආසන්න තර්ජනය පැමිනෙන්නේ ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනයේ අනවරත තීව්‍රකිරීමක් ආසන්නයේ ය. වොෂින්ටනය පුද්ගලයන් මිලියන 89ගේ ජාතියට එරෙහි “උපරිම පීඩනයේ” තම උද්ඝෝෂනය ප්‍රසිද්ධියේ තොරොම්බොල් කර ඇත්තේ, චීනය, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රන්සය හා ජර්මනිය සමග, වොෂින්ටනය ද අත්සන්කරුවෙකු වූ, 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කිරීමෙන් පසු ඒකපාර්ශ්වීය මෙන් ම නීතිවිරෝධී වන මර්දනකාරී සම්බාධක පාලනයක් පටවමිනි.

ඉරාන මහජනතාව සම්බන්ධයෙන් ගත් විට මෙම සම්බාධක (ඉරානයේ ජාතිකවාදී ධනේශ්වර තන්ත්‍රය විසින් හඹායනු ලබන ධනේශ්වර කප්පාදු ප්‍රතිපත්ති හා පෞද්ගලිකකරනයන් සමග මිශ්‍රවුනු) ඇත යි යන්නේ තේරුම වී ඇත්තේ පහල යන මූර්ත වැටුප්, මෙම වර්ෂයේ දී සියයට 50 ඉක්මවා යතැ යි අපේක්ෂිත උද්ධමනයක්, ඉහල යන විරැකියාව සහ මරන හා වදවේදනාවල ට හේතු වී ඇති ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය දේවල හිඟය යි. මෙම ආර්ථික සම්බාධක පනවා ඇත්තේ ඉරාන ආන්ඩුව පහත හෙලා 1979 විප්ලවයේ දී පෙරලා දැමුනු, හිතූ මතේ ක්‍රියා කරන එක්සත් ජනපදය අනුබල දුන් ෂාගේ ඒකාධිපති රේඛා ඔස්සේ රූකඩ ආන්ඩුවක් ඇටවීමට සැලැසුම් කෙරුනු ආර්ථිකයේ ඇද වැටීමක් හා සමාජය සිඳී බිඳී යාමකට බලය යෙදීමේ හදිසි ඉලක්කය ඇතිව ය.

මේ වන විටත් මෙම ප්‍රතිපත්තිය මගින් ඇති කෙරුනු අතිශය ආතති සහගත තතු යටතේ, ට්‍රම්ප් පාලනාධිකාරිය ඉරානයට එරෙහි දැඩි මිලටරි තීව්‍රකිරීමක් ක්‍රියාත්මක කර ඇත්තේ, එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහක සටන් කන්ඩායමක්, න්‍යෂ්ටික හැකියාව සහිත බී52 ප්‍රහාරක යානාව නායකත්වය දෙන බෝම්බ දැමීමේ කන්ඩායමක් හා මෑත ම තවත් 1,000ක් රැඳවීමට පෙර, අතිරේක භටයින් 1,500ක් යවමිනි.

මේ සියල්ල ක්‍රියාත්මක කර ඇත්තේ, මැද පෙරදිග “එක්සත් ජනපද උත්සුකයන්ට” එරෙහිව ඉරානය ආක්‍රමනයක තර්ජනය එල්ල කරමින් සිටින බවත්, උදාහරන වශයෙන් ඒවා කියන පරිදි ආක්‍රමනකාරී ඉරානයට එරෙහි ආරක්ෂක පියවර වෙත යි යන කඩතුරාව යටතේ ය.

මොන විකාරයක් ද! එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉතා දෘඩ වලල්ලක් සමගින් ඉරානය දැඩි ලෙස වට කර ඇත්තේ, යටත් වීම සඳහා එහි වැසියන්ට බලපෑම් කරමිනි. 2001 සිට එය ඉරානයේ ඊසාන දිගින්වූ ඇෆ්ගනිස්තානය ද බටහිරින්වූ ඉරාකය ද ආක්‍රමනය කර ඇත. එය පර්සියානු බොක්ක හරහා ඉරානයේ වෙරලට මුහුන ලා ගුවන් හා නාවික කඳවුරු පේලියක් ස්ථාපිත කර ඇති අතර කලාපය තුල එක්සත් ජනපද භටයින් දසදහස් ගනනක් පවත්වා ගෙන ගොස් ඇත.

ඉරාන ආක්‍රමනයක් පිලිබඳ ප්‍රකාශ හා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන දුකටපත් පාර්ශ්වයක් ලෙස එක්සත් ජනපදයේ මවාපෑම බැඳෙන්නේ එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරයකට කඩතුරාවක් සෙවීම සමගිනි. මෙය බැග්ඩෑඩයේ හරිත කලාපයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට සැතපුම් තුනෙන් එකක් ඈතින් බිම පතිත වූ ඉලක්කය වැරදුනු මිසයිලයක සිට ඉරානය අනුබල දෙන සිරියාවේ මිලීෂියාවෙන් යයි කියන තර්ජන ද, විශ්වාස කල හැකි ඔප්පු කිරීමක් නැතිව, පෙන්ටගනය ඉරානයට ආරෝපනය කර ඇති, ඕමාන් බොක්කේ තෙල් නැව් දෙකකට හානි කිරීම වටා අඳුරු සිදුවීම් දක්වා ද විහිදී ඇත.

කෙසේ නමුත්, එය දිස්වන්නේ, වොෂින්ටනය විසින්ම ඉරා දැමූ න්‍යෂ්ටික ගිවිසුම සමග එකඟතාව බිඳ දැමීමට ඉරානය තර්ජනය කිරීම තම යුද්ධ හේතුක සිද්ධිය ලෙස ගැනීමට ට්‍රම්ප් පාලනාධිකාරිය තීරනය කර ඇති බව යි. ලජ්ජා නැති කුහකත්වයට සම්බන්ධයෙන් ගත් විට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සැබෑ තරඟයක් දිය හැකි අය නොමැත.

ඉදිරි දින දහයේ දී තම අඩු සවිබල යුරේනියම් රැස් කිරීම මත පැටවුනු සීමා ඉක්මවා යන බව සඳුදා ටෙහෙරානය නිවේදනය කලේ ය. මෙම ක්‍රියාව තවමත් ගිවිසුම පිලිගනිමින් සිටින යුරෝපීය බලවතුන් (එක්සත් රාජධානිය, ජර්මනිය, හා ප්‍රන්සය) එක්සත් ජනපද සම්බාධක මගින් කඩා බිඳ දමා ඇති, සාමාන්‍ය වෙලඳ හා ආයෝජන සම්බන්ධතා සුරැකීමේ ඔවුන්ගේ පොරොන්දු ඉෂ්ට කිරීමට පෙලඹවීමේ කොටසකි. මේ තාක් දුරට, ගිවිසුමට කටින් සහය දක්වමින් හා සම්බාධක ඉක්මවා යාමට නව විනිමය පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වෙමින් සිටින, යුරෝපීය බලවතුන් වොෂින්ටනයේ ආර්ථික අවහිරතාවලට අභියෝග කිරීමට කල දෙයක් නැත.

එක්සත් ජනපද යුද තල්ලුවේ ඇවිස්සුනු ස්වභාවය අඟහරුවාදා ප්‍රකාශ කෙරුනේ මැද පෙරදිග සිසාරා එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කරන, සෙන්ට්කොම් (එක්සත් ජනපද මධ්‍යම බලඇනිය) ප්‍රධානී, හා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් භමුදාවල අන දෙන්නා සමග හමුවක් සඳහා ෆ්ලොරීඩාවේ මැක් ඩිල් ගුවන් හමුදා කඳවුරට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කල බොහෝ අසාමාන්‍ය සංචාරය තුල දී ය. සෙන්ට්කොම් මැරීන් ජනරාල් කෙනත් මැකෙන්සී වාර්තාකාරී ලෙස ඉරාන සටන් කලාපයේ තවත් එක්සත් ජනපද භටයින් 20,000ක් රැඳවීම ඉල්ලා සිටි නමුත්, එය යුද්ධයක් ප්‍රකෝපකරනු ඇත යි බිය වූ ඒකාබද්ධ හමුදා ප්‍රධානී විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මැකෙන්සී මෙන්, විශේෂ මෙහෙයුම් බලඇනියේ ප්‍රධානී, හමුදා ලුතිනන් ජනරාල් රිචර්ඞ් ක්ලාර්ක්, මෑත දී ප්‍රධානියා කරන ලද්දේ ට්‍රම්ප් පාලනාධිකාරිය විසිනි.

හමුවෙන් පසු, පොම්පියෝ ට්‍රම්ප්ට “යුද්ධයක් ඕනෑ නැති” බව අවධාරනය කල නමුත් ඊ ලඟට ඔහු ඉදිරියට ගියේ නිර්දය ලෙස හුදෙක් එයට ම මග පාදන ආක්‍රමනකාරී ප්‍රතිපත්තියක් දෙසා බෑමට ය.

පොම්පියෝ ෆ්ලොරීඩාවේ සිටින අතර, වැඩ බලන රාජ්‍ය ලේකම් පැට්‍රික් ෂනහන්, තම නිල නම් කිරීම සෙනෙට් සභාවට යෑමට පෙර, චෝදනා කරන පරිදි වසර නවයක් පැරනි ගෘහස්ථ අපචාර චෝදනාවක් මත ඉල්ලා අස් වී ඇති බව වොෂින්ටනයේ දී නිවේදනය කෙරුනි. බෝයින්ග් සමාගමේ ඉහල විධායකයෙකු වූ ෂනහන් වෙනුවට පත් කෙරෙනු ඇත්තේ හමුදා ලේකම් මාර්ක් එස්පර් ය. ආරක්ෂක කොන්ත්‍රාත්කරු රේතියොන් සමාගමේ ආන්ඩු සම්බන්ධතා පිලිබඳ හිටපු උප සභාපති වන ඔහු දක්ෂිනාංශික හෙරිටේජ් පදනමේ මාන්ඩලික ප්‍රධානියා ය. මෙම වෙනස් කිරීම් වලට ඉරානයට එරෙහි යුද්ධයට ඇති නිශ්චිත සම්බන්ධය තවමත් නො දන්නා නමුත්, එය පවුලේ කාරනයක් යැයි ප්‍රකාශයට පත් කිරීම විශ්වාසනීයත්වය පලුදු කිරීමකි.

“තියුනු මිලිටරි අවදානමක විභවයක් පවතින මොහොතක ෂනහන්ගේ ඉවත් ව යාම පෙන්ටගනය තුල අවිනිශ්චිත බව වැඩි කරනු ඇත” යි එක්සත් ජනපද මිලිටරි-ඔත්තුසේවාව සංවිධානවලට කිට්ටු බැඳීම් බුක්ති විඳින, වොෂින්ටන් පෝස්ට් තීරු ලිපි රචක ඬේවිඞ් ඉග්නාෂස් සඳහන් කලේ ය. “පර්සියානු බොක්කට එක්සත් ජනපදය 1,000ක අතිරේක භටයන් යවමින් සිටින බව සඳුදා නිවේදනය කිරීමත් සමග, මිත්‍රයින්ගේ කලබල වීම්ද විශාල විය හැකි” බව ද ඔහු පැවසුවේ ය.

ට්‍රම්ප් පාලනාධිකාරිය තුල මැද පෙරදිග නව යුද්ධ දුරලන හුදකලාවාදී යැයි කියන ජනාධිපති හා ඉරාන ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනා, එනම් දශක ගනනවාක් තිස්සේ තන්ත්‍ර වෙනස සඳහා ඉරානයට බෝම්බ දැමීමට උපදෙස් දී ඇති, ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා තම සියලු වැඩ කැපකෙරෙන්නේ “ප්‍රීතිප්‍රමෝදය” සඳහා යැයි අවධාරනය කරන, ක්‍රිස්තියානි මූලධර්මවාදී යුද උද්ඝෝෂක පොම්පියෝ අතර පැහැදිලි බෙදීම ගැන මාධ්‍ය තුල බොහෝ ලිය වී ඇත.

මෙම බෙදීම් මොනවා වුවත්, ඉරානයට එරෙහි යුද තල්ලුව ගැඹුරින් මූල් බැස ගන්නේ ඇමරිකානු ධනවාදය තුල ය. මොස්කව් ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය හුදකලා කිරීමේ තැන් සිට, ආසන්න වශයෙන් දශක හතරක්, එක්සත් ජනපද ධනපති පන්තිය, ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් හරහා එක සමානව වැඩ කරමින්, තම අර්බුදය ද ලෝක වෙලඳපොලේ තම ආධිපත්‍යයේ පරිහානිය ද හිලව් කිරීමට උත්සාහ ගෙන ඇත්තේ මිලිටරිය යොදා ගැනීම ඔස්සේ ය.

ඉරාකයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය, එය පසු පස ආ ලිබියාව හා ඉරානය තුල ඔබාමා පාලනාධිකාරිය විසින් මුල පුරන ලද තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධ, කලාපය තුල එක්සත් ජනපද ප්‍රතිපත්තිය මහත් අවුලකට ඇද දමා ඇත. ඉරානයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීමේ දී වොෂින්ටනය රූකඩ තන්ත්‍ර බලයට ගෙන ඒමට උත්සාහ කල, ඉරාකය හා සිරියාව තුල, ටෙහෙරානය සැලකිය යුතු ලෙස කලාපීය බලවතෙකු ලෙස තම බලපෑම හා තත්වය වැඩි කර ගෙන ඇත්තේ, තෙල්වලින් පොහොසත් කලාපයේ ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද පරිශ්‍රමයට බාධාවක් මතු කරමිනි.

ඒ අතරම, ඉරානය චීනය සඳහා ප්‍රධාන බලශක්ති මූලාශ්‍රයක් මෙන් ම යුරේසියාව සමග තම ඒකාබද්ධ වීම දැඩි කිරීමට වන එහි සැලසුම්ගත එක් තීරුව යි, එක් මාවත යි මූලෝපාය තුල ප්‍රධාන පුරුකක් බවට පත්වෙයි.

යුද්ධයට වන තල්ලුවේ ද මූලය ඇත්තේ එක්සත් ජනපදය තුල ම උග්‍රවන සමාජ අර්බුදය තුල ය, මෙහි සමාජ අසමානතාව සහ වැඩවර්ජන මෙන් ම සමාජ අසහනයේ වර්ධනය මෙම අභ්‍යන්තර ආතතීන් මිලිටරි ප්‍රචන්ඩත්වයේ නව පිපිරීමක් තුල පිටතට හැරවීමට උත්සාහ කරන පාලක මූල්‍ය කතිපයාධිකාරයට තර්ජනයක් එල්ල කර යි.

තම කලාපීය තරඟකරුවා තුරන් කිරීම හා ඉරානයට එරෙහි නව යුද්ධයක් මාර්ගයෙන් චීනයේ බලශක්ති ආනයනයන් මත ග්‍රහනයක් සහතික කරනු පිනිස මැද පෙරදිග පුරා තම ආධිපත්‍ය සහතික කිරීමට වොෂින්ටනය විසින් ගන්නා උත්සාහයට නෙලාගත හැකි වනු ඇත්තේ වඩාත් විශාල හා විභව ලෙස ගෝලීය විනාසයකි.

යුද්ධය සඳහා කාරනය ඇමරිකානු මහජනතාවට ප්‍රකාශ කිරීමට උත්සාහ නො කර, වොෂින්ටනය 2003 ඉරාකයට වඩා ජනගහනයෙන් තුන් ගුනයක් ද භූ ස්කන්ධයෙන් හතර ගුනයක් ද වන ඉරානය මත මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටී.

ඇමරිකානු මහජනතාව මුහුන දෙන්නේ කම්පන මාලාවක අපේක්ෂාවට යි. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට බෝම්බ දැමීමට පිලිතුරු දෙනවා ඇත්තේ එක රැයකින් මියයන හෝ තුවලා ලබන ඇමරිකානුවන් දහස් ගනනක් විය හැකි එක්සත් ජනපද යුද නැවක් මත ප්‍රහාරයක් එල්ල කිරීම මෙන් ම පර්සියානු බොක්කු පුරා ඇමරිකානු කඳවුරුවලට රොකට් ප්‍රහාරයන් ය. ඉරානය සමග යුද්ධයකට සියදහස් ගනනකගේ හමුදාවක් අවශ්‍ය වනු ඇත්තේ, හමුදා සේවය අනිවාර්ය කිරීම යලි අවශ්‍ය බවට පත් කෙරෙමිනි.

තව ද, මූලෝපායික පිහිටීම නිසා, ඉරානයට එරෙහි යුද්ධයක් අනිවාර්යයෙන් ම මුලු මැද පෙරදිග ම ඇද ගනු ඇත්තේ, න්‍යෂ්ටිකව සන්නද්ධ චීනය හා රුසියාව සමග මිලිටරි ගැටුම් මතු කරන අතර ය.

කම්කරු පන්තිය තුල යුද්ධයට විරුද්ධත්වයක් ද පවතින දේශපාලන පරිස්ථිතය තුල ප්‍රකාශනයක් සොයා නො ගන්නා ආන්ඩුව හා මාධ්‍යයේ බොරු ගැන ගැඹුරු අවිශ්වාසයක් ද පවතී. කෙසේ නමුත්, පන්ති අරගලයේ යලි පිබිදීම කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට හා සමාජවාදය සඳහා සටන මත පදනම් වන්නා වූ නව මහජන යුද විරෝධී ව්‍යාපරයක මතුවීමට බලගතු පදනමක් සපයයි.

බිල් වෑන් ඕකන්

Share this article: