ජී 20 සමුලුවේ පුහු කයිවාරුවලට යුද්ධය අද්දර ලෝකය වසන් කල නො හැක

Platitudes at the G20 can’t mask a world on the brink of war

2019 ජූලි 1

“විනාසකාරී දශකය” ලෙස ප්‍රසිද්ධ, 1930ස් ගනන් අතරතුර, රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර පෙරමුනු මත මෙන් ම ආර්ථික හා වෙලඳ ක්ෂේත්‍ර තුල මහ බලවතුන් අතර සියලුම වර්ගවල ඇඹරීම් හා හැරීම් තිබුනි.

වියරු වැටුන මෙම ක්‍රියාකාරකම්, විදහා දැක්වුනේ එක් දවසක ඊ ලඟ දවසේ කැඩීමට නියමිත ගිවිසුම් ඇති කිරීම මගිනි. එය 1939 සැප්තැම්බර් මස පිපිරුනු ලෝක යුද්ධයේ මහෝඝයට පෙර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වියරු කූඨෝපායන් ගැනුනු රූපාකාරය විය.

වෙනස් කිරීමට අවශ්‍ය දෙය වෙනස් කල විට, වර්තමාන කාලපරිච්ඡේදය සමග ඍජු සමානකම් තිබේ. ඉරානය, උතුරු කොරියාව හා චීනය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරියේ භ්‍රමනයන්ට ද (එක දිනක යුද තර්ජනය කිරීම, ඊ ලඟ දිනයේ ගිවිසුමක් නිවේදනය කිරීම, ඊට පසු දින වඩ වඩා තර්ජනය කිරීම) ඇත්තේ එම තර්කය යි. ඒවා යුද්ධයේ නව පිපිරුමක් දෙසට නො වැලක්විය හැකි ලෙස නැඹුරු වෙමින් තිබෙන අර්බුදයෙන් ඇලලී ගිය භූමූලෝපායික පර්යායක ප්‍රකාශනයකි.

මෙය පසු ගිය බ්‍රහස්පතින් දා අවධාරනය කෙරුනේ පෙන්ටගනයට දැවන්ත ඩොලර් බිලියන 750ක අධිකාරිත්වය පැවරීමේ පනත සම්මත කිරීමෙනි. එය එක්සත් ජනපද සෙනෙට් සභාවේ ද්විපාක්ෂික ඡන්දයක දී 86ට 6ක් ලෙස සම්මත කෙරුනි. මෙම නීති සම්පාදනයේ අරමුන විදහා පෙන්වන ලද්දේ සෙනෙට් සන්නද්ධ සේවා කමිටු සභාපති ජිම් ඉන්හෝෆ් විසිනි.

ලෝකය “මගේ ජීවිතයේ කිසිම කාල පරිච්ඡේදයකට වඩා අස්ථාවර මෙන් ම වඩ වඩා අනතුරුදායක” යැයි විස්තර කරමින් ඔහු අවධාරනය කලේ රුසියාව හා චීනය මෙන් ම ඉරානය හා උතුරු කොරියාව වැනි “චෞර රටවලින්”එන තර්ජනයන් සමග “මූලෝපායික තරඟය” ඇති කරමින් ජාතික ආරක්ෂක මූලෝපාය “අපට එය කෙලින් ම” දී ඇති බව යි.

මිලිටරි වියදම්වල දැවන්ත තීව්‍රකිරීමක් සඳහා ඉන්හෝෆ්ගේ සැඳහුම් හා ද්විපාක්ෂික සහාය අවධාරනය කරන්නේ එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ හා එහි මිලිටරි හා ඔත්තුසේවා ඒජන්සිවල සාරභූත ආස්ථානය යි. එය සෙසු ලෝකය සිය පැවැත්ම සඳහා තර්ජනයක් ලෙස සලකයි.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී එය පවත්වාගෙන ගිය අනභිභවනීය ආධිපත්‍යයෙන් පසු දශක හතේ දී තම ආර්ථික බලයේ පරිහානියට මුහුන පෑමත් සමග, එක්සත් ජනපදය තම ආධිපත්‍යයේ අර්බුදයට මුහුන දීමට උත්සාහ කරමින් සිටින්නේ තම මිලිටරි බලය යොදා ගනිමින්, මනුෂ්‍ය වර්ගයා තුන්වැනි ලෝක යුද්ධයට ඇද දැමීමට තර්ජනය කරමිනි.

ප්‍රධාන බලවතුන් අතර ගැටුම් හා ආතතීන් (සියල්ලන්ට එරෙහිව සියල්ලන්ගේ ම යුද්ධයක්) සති අන්තයේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී20 සමුලු රැස්වීමේ දී ප්‍රදර්ශනය කෙරුනි. එය පැවත්වුනේ මිනිය නො හැකි ප්‍රතිවිපාක සහිත පාලනය කල නො හැකි මිලිටරි ගැටුමක් මුදා හැරීමට තර්ජනය කල ප්‍රහාරයක් ට්‍රම්ප් විසින් අත්හැර දැමීමෙන් යන්තම් සතියකට වැඩි කාලයකට පසු ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ජී20 සමුලු රැස්වීම ආරම්භ කෙරුනේ ගෝලීය ආර්ථිකයේ කටුයුතු නියාමනයට උත්සාහ කිරීමේ යාන්ත්‍රනයක් ස්ථාපිත කිරීමට හා දෙවැනි ලෝක යුද්ධයට මග පෑදූ ආකාරයේ ගැටුම්, වඩාත් විශේෂයෙන් සීමා පැනවීමේ වෙලඳ නියමයන් හා ආරක්ෂනවාදී පිපිරීම් වැලක්වීමට ය. සමුලු රැස්වීම ප්‍රදර්ශනය කලේ මෙම උත්සාහයන් සම්පූර්න අසාර්ථකත්වයකින් අවසන් වී ඇති බව යි.

ෆිනෑන්ෂල් ටයිම්ස් අර්ථික තීරු ලිපි රචක මාර්ටින් වුල්ෆ් සඳහන් කල පරිදි, ගෝලීය සහයෝගිතාව සඳහා පදනම පුලුල් කිරීමට අත්තිවාරම් දැමුනු, ජී 20 “පොදු අවුල් ස්වභාවයේ ගොදුරකි. ජී 20 සමාජිකයෝ තමන් විසින් ම සුවපත් වීම අවශ්‍ය වෛද්‍යවරයෝ ය. ඔවුන් එසේ වනු ඇති ද? අදනම් නො වේ, යන්න සත්තකින් ම උත්තරය යි. ” සැබවින් ම කිසි දා නො වේ.

ට්‍රම්ප් පාලනාධිකාරිය තම ආර්ථික සතුරන්ට, එනම් චීනයට පමනක් නො ව, ජපානය, යුරෝපා සංගමය හා ජර්මනියට වචනයෙන් පහර දීම, හා ලෝකය තම “ඇමරිකාව පලමුව” න්‍යායපත්‍රයට යටත් විය යුතු බව ඉල්ලා සිටීමත් සමග, සමුලුව තම මූලික පැවරුම ඉටු කිරීමට අසමත් විය.

රැස්වීමේ සභාපති ලෙස, ජපාන අගමැති ෂින්සෝ අබේ අනතුරු ඇඟ වූ පරිදි වෙලඳාම ආශ්‍රිත ආතතීන් ගෝලීය ආර්ථිකයට අවදානමක් වන අතර, පශ්චාද්-යුද නිදහස් වෙලඳ පද්ධතිය “වැනෙමින් තිබීමට ඉඩ ඇත,” යන්න කැපී පෙනෙන ඌන ප්‍රකාශයකි.

එහෙත් “ආරක්ෂනවාදයට විරුද්ධ වීමේ” ඉහත කැපවීම් ඉවත දැමුනු අතර නිල නිවේදනය සරලවම පිලිගත්තේ නිදහස හා සාධාරනත්වයේ අවශ්‍යතාව සඳහා මෘදු ප්‍රකාශන මාලාවකි. අබේ එය ප්‍රකාශ කල ආකාරයට: “ජී 20 අතර වෙනස්කම් අවධාරනය කරමින් සිටිනවාට වඩා වෙනස් ලෙස, අප යත්න දැරුවේ පොදු පදනමක් සොයා ගැනීමට යි.”

එනම්, ඒවා වෙලඳ හා ආර්ථික ගැටුම් උත්සන්න වීම් ලෙස (හා ඒවා පිටුපස මිලිටරි ගැටුම් සඳහා සූදානම් වීම්) පිටපත් කිරීම යි.

චීනයට එරෙහි වෙලඳ යුද්ධය සම්බන්ධ තීරනාත්මක කාරනයට, දින දහයකට පෙර ට්‍රම්ප් ඉරානයෙන් පසු බැසීම සමග ඍජු සමාන්තර බවක් ඇත. චීන ජනාධිපති ෂී ජිංපිං සමග අප්‍රධාන සාකච්ඡාවක දී, ට්‍රම්ප් දැනටමත් මෙම පියවරයන්ට යටත් කර ඇති ඩොලර් බිලියන 200 මුදුනේ, අතිරේක ඩොලර් බිලියන 300ක් වටිනා චීන භාන්ඩ මත සියයට 25ක් තරම් විය හැකි, අමතර තීරුබදු පැටවීම පමා කලේ ය.

එහෙත් ඉරානය හා උතුරු කොරියාව සමග ගැටුම් සම්බන්ධයෙන් මෙන් ම, කිසි දෙයක් විසඳී නැති අතර, චීනයට එරෙහි සියලු ප්‍රහාර “සූදානම් කර” තිබේ.

මෙය එක්සත් ජනපදයට ආනයනය කෙරෙන සියලුම පාහේ චීන භාන්ඩ ආවරනය කෙරනු ඇති, තර්ජිත නව පියවර “තාවකාලිකව” නවතනු ඇති අතර, නිල සාකච්ඡා යලි ආරම්භ වනු ඇති බවට පමනක් ට්‍රම්ප් එකඟ විය. නමුත් අත්‍යවශ්‍ය ප්‍රශ්න මත ඉදිරියට යාමක් නැත - සියල්ලට වඩා පවතින තීරුබදු දිගටම තබා ගැනීමට එක්සත් ජනපදයට ඇති අයිතිය, චීනය යම් ගනුදෙනුවකට එකඟ වන බවට තමන් ඒකපාර්ශ්විකව තීන්දු කල පසුව පමනක් ඉවත් කිරීම ආරම්භ කරනු ඇත. මෙම ඉල්ලීම බීජිනය විසින් ඉවත දමනු ලැබීමට නියමිතය.

රැස්වීමට සූදානම් වීමේ දී, චීනය අවධාරනය කර තිබුනේ චීන විදුලි සංදේශ යෝධයා වන හුවාවේයි සමාගමට එරෙහි සීමාවන් ඉවත් කල යුතු ය යන තම ඉල්ලීමට එක්සත් ජනපදය එකඟ නො වන්නේ නම් යලි සාකච්ඡා ඇරඹීමක් ඇති විය නො හැකි බව යි.

හුආවේයි දෙපාර්තමේන්තු අස්ථිත්ව ලේඛනයේ තබා ඇත යි යන්නේ අර්ථය වන්නේ හුආවෙයි භාන්ඩ අලෙවි කිරීමට නම් එක්සත් ජනපද සමාගම් ආන්ඩුවෙන් අවසරය ලබා ගැනීමට ක්‍රියා කල යුතු බව යි. මෙම ක්‍රියා ඉලක්ක කෙරුනේ සමාගමේ ගෝලීය මෙහෙයුම් අඩපන කිරීමට වන අතර එය නිවේදනය කෙරුනු තැන් පටන් සතිවල සැලකිය යුතු බලපෑමත් තිබී ඇත.

හුආවේයි ඉහලින් ලඹදෙන මෙම තර්ජනය පවතී. ට්‍රම්ප් වෙලඳ දෙපාර්තමේන්තුවේ තීරනය වෙනස් නො කලේ ද්‍රව්‍ය ලේඛනය නීර්නය කෙරෙනු ඇත්තේ සාකච්ඡාවල අවසානයේ දී බව පවසමිනි. ඔහු හුආවේයි සමාගමට භාන්ඩ නැව්ගත කිරීමට ඇමරිකානු සමාගම්වලට අපහදිලි පොරොන්දුවක් දුන්නා පමනී. මෙහි අර්ථය වන්නේ කුමක්දැ යි යන්න මුලුමනින් ම අපහැදිලි වන්නේ, “අප සාකච්ඡා කරමින් සිටින්නේ එය සමග විශාල ජාතික හදිසි ගැටළු නොමති උපකරන ගැන” බව ට්‍රම්ප් සඳහන් කල බැවිනි.

එහෙත් ඔත්තුසේවා හා මිලිටරි සංවිධාන මෙන් ම ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ දෙක තුල එහි ප්‍රකාශකයන් උත්සුක වන තාක් දුරට, හුආවේයි පැවත්ම ම ද එමෙන්ම තම කාර්මික හා තාක්ෂනික වර්ධනය වැඩි දියුනු කිරීමේ චීන තල්ලුව ගැන එය අඟවන දේ ද, ස්ථාපනය කරන්නේ එක්සත් ජනපදය මුහුන දීමට පූර්න ලෙසට අධිෂ්ඨාන සහගත “මහා ජාතික හදිසිතත්වයකි.”

හුආවේයි වෙත ට්‍රම්ප්ගේ “සහනවලට” දේශපාලන අන්තර්පථයේ දෙපසින් වහාම ප්‍රහාර එල්ල කෙරුනි.

“හුආවේයි වෙලඳාම මත සාධාරන ලෙස කටයුතු කිරීමට චීනය පෙලඹවීමට අපට ඇති ප්‍රබල ලීවරයන් කීපයෙන් එකකි. ඔහු කරමින් සිටින ආකාරය පෙනෙන විධියට, ට්‍රම්ප් පසු බසින්නේ නම්, එය චීනයේ අසාධාරන වෙලඳ භාවිතයන් වෙනස් කිරීමේ අපගේ හැකියාව නාටකාකාර ලෙස යටින් හාරා දමනවා ඇත” යි ඩෙමොක්‍රටික සෙනේට් සභා නායක චාල්ස් ස්ෂූමර් පැවසී ය.

ප්‍රමුඛ සෙනේට් රිපබ්ලිකානුවෙකු මෙන් ම චීන විරෝධී ආක්‍රමනිකයෙකු වන මාර්කෝ රුබියෝ තවත් දුර ගියේ ය. “ජනාධිපති ට්‍රම්ප් සැබවින් ම හුආවේයි මත මෑතක සීමා කිරීම් ඉවත දමා ඇත් නම්, අපට එම සීමාවන් නීති මගින් ආපසු ගෙන ආ හැක. එමෙන් ම එය අනුමත වනු ඇත්තේ විශාල නිෂේධබලයක් ඔප්පු කෙරෙන බහුතරයක් සමගිනි” යි ඔහු ට්වීටර් කලේ ය.

ජී 20 රැස්වීම, ජාත්‍යන්තර සම්බන්ධතාවන්ගේ සම්පූර්න අස්ථාවරත්වය, ඇති වන නැති වන ගිවිසුම්, වැඩිවෙන ආර්ථික ගැටුම් සමග දෙගුන වී ලෝක මහජනතාවට හඬ නගමින් තිබෙනේ පැහදිලි අනතුරු ඇඟවීමකි: නව ලෝක යුද්ධයක් සඳහා කොන්දේසි වේගයෙන් පරිනත වෙමින් තිබෙන අතර එය දොරට තට්ටු කරමින් සිටී.

මෙම පැහදිලි හා පෙනෙන අනතුර පරාජය කල හැක්කේ ධනේශ්වර ලාභ පද්ධතිය සහ ලෝකය හතුරු ජාතික රාජ්‍යයන් හා අධිරාජ්‍යවාදී බලවතුන්ට බෙදීම අවසන් කිරීම මගින් එහි මූලයේ දී ම ගැටළුව සමග පොරබැදීමට වන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, ලෝක කම්කරු පන්තියේ දැවන්ත යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ඔස්සේ පමනී.

නික් බීම්ස්