උතුරු කැරොලයිනා මැතිවරන ව්‍යාපාරය
සෙනඟ “ඇය ආපසු යවන්න” යයි කෑගසද්දී ට්‍රම්ප් කොන්ග්‍රස් මන්ත්‍රීවරිය හෙලාදකිමින් ඩිමොක්‍රටික් පක්ෂය වර්නනා කරයි

On eve of auto contract talks, VW workers in Tennessee reject UAW again

එරික් ලන්ඩන් විසිනි, 2019 ජූලි 18

ට්‍රම්ප් පැවසූ පරිදි, මිනසෝටාහි කොන්ග්‍රස් මන්ත්‍රී ඉහාන් ඔමාර් “බ්ලැක්හෝ ඩවුන් මෙහෙයුමට සම්බන්ධවු සෙබලුන්ට මඬ ගැසූ අතර සැප්තැම්බර් 11 ප්‍රහාරය නොතකා හරිමින්” අල්කයිඩාවට සහාය දැක්වී ය. එසේ පහර ගසද්දී ඔහුගේ ආධාරකරුවෝ “ඇය ආපසු යවන්න!” යයි කෑගසූහ.

ඕමාර්, ඇලෙක්සැන්ඩි්‍රයා කෝර්ටෙස්, රෂිඩා ට්ලයිබ් හා අයන්නා ප්‍රෙස්ලි ගැන සඳහන් කරමින් ට්‍රම්ප්, “අති වාමාංශිකයින් අපගේ ජාතිය පෙනී සිටින්නාවූ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්නේ” යයි ඔවුන් හෙලාදුටුවේය. ට්‍රම්ප් එකී නියෝජිතයින්ට පහර ගැසුවේ, “අපගේ රටට වෛර කරන සමාජවාදීන්” ලෙස පෙන්වමිනි. “ඔවුන්ට අවශ්‍ය අපගේ ව්‍යවස්ථාව විනාශ කර, අපගේ මිලිටරිය දුබල කර, මේ විශිෂ්ඨ රට ගොඩනඟාගත් වටිනාකම් මකා දැමීමයි.” එම ප්‍රහාරය, ප්‍රචන්ඩත්වය සඳහා යාන්තමින් සඟවා කල කැඳවුමකි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ග්‍රීන්විල්හි බදාදා පැවති මැතිවරන රැලියට කතා කරමින් [Credit: C-Span]

ආන්ඩුව විවේචනය කරන්නවුන්ගෙන් “රට හැර යන ලෙස සාදරයෙන් ඉල්ලා” සිටින බව ජනාධිපති යලි යලිත් අවධාරනය කලේය. “ඇමරිකාවට ආදරය නොකරන්නේ නම් ඔවුන්ට පිටවන ලෙස පවසන්න” යයි ඔහු කියා සිටියේය.

අමු ෆැසිස්ට් භාෂාවෙන් ට්‍රම්ප් ඔකාසියෝ කෝර්ටෙස්ට බැන වැදුනි. ඇය “කෝර්ටෙස්” යනුවෙන් පමනක් හඳුන්වමින් ට්‍රම්ප් සිනාසුනි. “විවිධ නම් තුනක් ගැන පැවසීමට මට කාලය නැත. ඒ සඳහා අනවශ්‍ය කාලයක් වැයවනු ඇත” යයි ඔහු පවසන විට සෙනඟ උද්දාමයට පත්ව හඬ තැලූහ. පලමු නමට අමතරව හිස්පැනික් (ලතින් ඇමරිකානු) සම්භවයක් ඇති අය, සම්ප්‍රධායිකව සිය පියා හා මවගේ පවුල් නාමයන් සහිත මුල් නම් දෙකක් පාවිචිචි කරති.

ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂකයින්ට ද ඔහු බැන වැදුනි. ඔවුන් “රෝගී හා නරක මිනිසුන්” යයි හංවඩු ගැසීය. වර්ජිනියාවේ චාලොටෙස්විල්හිදී නව නාසි කල්ලි සමඟ 2017දී ගැටුනු “ඇන්ටිෆා” (ෆැසිස්ට් විරෝධී) වැනි උද්ඝෝෂකයින් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් පැවසුවේ, “ඔවුන් නරක මිනිසුන්” බවය. ඔවුන්ට හොඳ නමක් දිනාගත නොහැකිය.”

චාලොටෙස්විල්හිදී හෙදර් හෙයර් නම් තිස් දෙහැවිරිදි ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂිකාවක් ඝාතනය කල ෆැසිස්ට් නඬය හෙලාදැකීම වෙනුවට ට්‍රම්ප් කලේ, නාසි විරෝධී උද්ඝෝෂකයින් “මිනිසුන්ගේ ඔලුගෙඩි වලට පොලු වලින්, බේස්බෝල් පිති වලින් පවා පහරදෙන ඉතා දුෂ්ඨ” අය ලෙස පෙන්නුම් කිරීමයි. “ඔවුන් නිරතුරුවම පෙනී සිටින්නේ මුහුනු ආවරන සහිතවයි. ඔවුහු මව සහ පියා දැකීමට නිවෙස් වෙත යති. ඔවුන් නිතරම පහර දෙන්නේ ස්වකීය ආරක්ෂාව සලසා ගත නොහැකි අයටයි. මේ කවුරුවත් කන්ඬායමට පහර දුන්නේ නැත.” ට්‍රම්ප් කපටි ලෙස ඇඟවුම් කලේ, රැස්වසිටි අය විරෝධතාකරුවන්ට කායිකව පහර දුන් බවකි.

සිය ආන්ඩුව හා විරුද්ධවාදීන් හෙලා දුටු ට්‍රම්ප් ඩිමොක්‍රටික් පක්ෂයට ප්‍රසංසා කලේය. සමහර ඩිමොක්‍රටිකයින් පමනක් “කම්කරු විරෝධී, පවුල් විරෝධී, රැකියා විරෝධී හා ඇමරිකානු විරෝධී” යයි ඔහු විස්තර කලේය.

සැබවින්ම ඔහු වේදිකාවට පිවිස පිට කල පලමු වචන වලින්ම ප්‍රසංසා කලේ දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන් ඩිමොක්‍රටිකයින්ටය. ඔහු විශේෂයෙන්ම පැවසුවේ සිය හෙලාදැකීමෙන් “අපට අද ඡන්දය දෙන ඩිමොක්‍රටිකයින් සියල්ල” ඉවත් වන බවයි.

ට්‍රම්ප් සඳහන් කලේ, ටෙක්සාස්හි ඩිමොක්‍රටික් නියෝජිත අල් ග්‍රීන් විසින් ගෙන එන ලද දෝෂාභියෝග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් කොන්ග්‍රසයේ බහුතර ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ගැනය. එසේ ඡන්දය දුන් ඩිමොක්‍රටිකයින් 137දෙනා ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ “ඔවුන් හොඳ අය” බවය. “ඔබ ඔවුන්ට පැරදුනත් එයට කම් නැත, එය වෙනස් දෙයකි, එය සාමාන්‍යයෙන් සිදුවන දේශපාලනික ඉහල පහල යෑමකි.”

දෝෂාභියෝගය පිලිබඳ ඡන්ද විමසුම පැවැත්වුනේ උතුරු කැරොලයිනාහි ට්‍රම්ප් සිය දෝෂාරෝපනය එල්ල කරද්දීම ඩිමොක්‍රටිකයින් ඔහු වෙත කරන ඉල්ලීම් සමඟිනි.

සැන්දෑවේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී කථානායක නැන්සි පෙලෝසි පැවසී යයි මාධ්‍යවේදී ස්කොට් වොන්ග් ට්වීටර් සටහනකින් කියා සිටියේ “තමන් ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු ලෙස හංවඩු නොගසන අතර ඔහු පාවිච්චි කල වචන ෆැසිට්වාදීය” යනුවෙනි.

සැප්තැම්බරයේ අවසන් වීමට නියමිත නය සීමාව පිලිබඳව ට්‍රම්ප් සමඟ එකට වැඩ කිරීමට සිය කැමැත්ත පලකිරීමට ඩිමොක්‍රටිකයෝ යුහුසුලු වූහ. පොලිටිකෝ පුවත්පත 17දා ලියා ඇත්තේ මෙසේය. “ට්‍රම්ප් හා විපක්ෂය අතර විසකුරු සම්බන්ධය එහි පහතම මට්ටමට ලඟාවී ඇත ද එයින්, කථානායක නැන්සි පෙලෝසි හා ඇගේ පක්ෂයට ඔහු සමඟ එකට වැඩ කිරීමට බාධාවක් වී නැත. ඒ මූල්‍ය කැලඹීම් වලක්වා ගැනීමට හා මේ සෘතුව අවසානයේ ඇතිකරගත හැකි ඔහුගේ වැදගත් වෙලඳ ගිවිසුම පිලිබඳව පවා විය හැකිය.”

මිලිටරි වැය නැංවීමේ හා හිඟය අවසන් කිරීමේදී ට්‍රම්ප් සමඟ එක්ව වැඩකිරීම මඟින්, ඔහුගේ ෆැසිස්ට් පන්නයේ කැඳවුම් වලින් මතුව එන කනස්සල්ල දුරුකරගත හැකි යයි ඩිමොක්‍රටික් පක්ෂය කල්පනා කරයි.

පොලිටිකෝ පත්‍රය පැහැදිලි කරන ආකාරයට, ඩිමොක්‍රටිකයින් බියකින් තොරව ට්‍රම්ප් සමඟ එක්ව වැඩ කිරීමට මනාප වන්නේ, “තමන් සිදුවීමට අකැමති සිද්ධිය වන ආරක්ෂක වැඩපිලිවෙලවල් ඩොලර් බිලියන ගනනකින් කපා හැරීමක්” සිදු නොවීමට වග බලාගැනීම පිනිසය.

“පාලනය අස්ථාවර වීමට ඉඩ නොදෙන අතරම අපි බලගතු ආකාරයකින් ප්‍රතිචාර දක්වනනෙමු” යයි පැවසුවේ, බර්නි සෑන්ඩර්ස් ගේ ආධාරකරුවෙක් වන කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පාක්ෂික රෝ කන්නාය.

සෙනේට් සභික රිචඞ් බ්ලූමැන්තල් සඳහන් කලේ, “සෑම කෙනෙක්ම දන්නා පරිදි අපට අයවැය කටයුතු ඇත, අප නය සීමාව ඉහල නැංවිය යුතුය. සැබවින්ම දුෂ්කර කාරනය පැනනඟින්නේ ට්වීටර් සටහන් වලින් නොව, ධවල මන්ඳිරයෙන් පලවන, කල්තියා නොපැවසිය හැකි හා මුග්ධත්වයෙන් ද යමක ස්ථිරව පිහිටා සිටීමට ඔහු දක්වන අසමත් කමෙන් ද ය.”

ට්‍රම්ප් ඩිමොක්‍රටිකයින්ට ප්‍රසංසා කරද්දී පෙන්ටගනය 17දා නිවේදනය කලේ, ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව වෙත අමතර සෙබලුන් 2100ක් යොදවන බවයි. ක්‍රියාන්විත සේවයේ නියුතු සෙබලුන් 1100ක් ද ටෙක්සාස් ජාතික ආරක්ෂාවට සම්බන්ධ සාමාජිකයින් 1000ක් ද මීට ඇතුලත් වන අතර දැන් දේශසීමාවේ යොදවන මුලු සංඛ්‍යාව 6600ක් වේ.

“මෙහෙයුම්, සම්බන්ධීකරන හා පරිපාලන සහාය” සලසමින්, රැඳවුම් කඳවුරුවල ආරක්ෂාව සෙබලුන් විසින් සපයනු ඇති බව බලධාරීහු පැවසූහ.

උතුරු කැරොලයිනා කථාවේ දී ට්‍රම්ප්, ආගමන හා රේගු බලගැන්වීමේ නියුතු අය ද රේගු හා දේශසීමා ද රැඳවුම් කඳවුරු වල ආරක්ෂවේ නියුතු අය ද “නාසීන්” ලෙස හඳුන්වන “අන්තවාදීන්” හෙලා දුටුවේය. රැඳවියන් මංමුලා සහගත දුගීන් වීම නිසා රැඳවුම් කඳවුරුවල සිටීමට කැමති බව ට්‍රම්ප් අවධාරනය කලේය. “ඔවුන්ට ජලය සැපයේ, ඔවුන්ට වායු සමීකරන පහසුකම් සැපයේ, ඔවුන් කිසිදා අත් නොදුටු දේ ලැබී ඇත.”

සංක්‍රමනිකයින් ජීවත් වන “කූඩාරම්” ආක්‍රමනය කරන බව පවසමින් ඔහු ආරක්ෂක අංශ වලට පැසසුවේය. කල්ලි සාමාජිකයින් “රුදුරු මෘගයින් වන අතර මම හිතන්නේ නෑ ඔවුන් මිනිසුන්ය කියා” යනුවෙන් ඔහු පැවසීය.

පාලන රූපයන්ගේ ඉතිරිව තිබෙන “ප්‍රජාතන්ත්‍රවාදයේ” සෑම දෙයක්ම නැඟී එන දේශපාලන අර්බුදය හමුවේ බිඳ වැටෙමින් ඇත.

ඩිමොක්‍රටිකයින් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දීමෙන් විනාඩි ගනනකට පසුව, 2020 සංගනනයේදී පුරවැසි ප්‍රශ්නයට අවශ්‍ය තීරන පැහැදිලි කර දීම සඳහා කැඳවමින් කොන්ග්‍රසය විසින් නිකුත් කල සිතාසි ප්‍රතික්ෂේප කිරීම මත, ට්‍රම්ප්ගේ නීතිපති විලියම් බාර් හා වානිජ්‍ය ලේකම් විල්බර් රොස් වරදකරුවන් කිරීම සඳහා ඔවුහු ඡන්දය පාවිච්චි කලහ.

පෙර නොවූ විරූ සංඛ්‍යාවක් ට්‍රම්ප්ගේ නිලධාරීන් කොන්ග්‍රසයේ සිතාසි නොතකා හැර ඇත. නිරීක්ෂනය කිරීමෙහිලා කොන්ග්‍රසයට ඇති බලය එයින් කෙලින්ම ප්‍රතික්ෂේප කෙරී ඇත. බාර් හා රොස් එලඹෙන අධිකරන ක්‍රියාවලිය සමඟ කටයුතු නොකරන්නේ නම් ඔවුන් අත්අඬංඟුවට ගෙන කැපිටල් හිල් (කොන්ග්‍රස් පරිශ්‍රය) හි රඳවා ගැනීමට කොන්ග්‍රසයට බලය ඇත.

මීට අමතරව මිසෝරිහි ඩිමොක්‍රටික් නියෝජිත එමෑනුවෙල් ක්ලෙවර්, ට්‍රම්ප්ගේ මෑත ට්වීටර් සටහන් “ෆැසිස්ට්” යයි පෙලෝසි විසින් හඳන්වා දෙනු ලැබීමෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය උල්ලංඝනය වී ඇත්දැයි විමසමින් කොන්ග්‍රසයේ විවාදය අතරතුර කථානායක වෙත කඩාපැන්නේය. ජනාධිපතිට “අවමං කිරීමෙන්” මන්ත්‍රීවරු වලක්වන, පවතින නිල සම්ප්‍රධාය උල්ලංඝනය කර ඇතැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීන් ක්ලීවර්ටට පවසද්දී ඔහු සෙංකෝලය ගෙන පොලවේ ගැසීමෙන් මහත් හඬක් නිකුත් විය.

පසුව සෙංකෝලය ඇහිඳ ගත් කොන්ග්‍රස් බහුතරයේ නායක ස්ටෙනි හොයර් සැබවින්ම පෙලොසි ඉවත් කල යුතු බව පැවසීය. හොයර් පසුව පැවසුවේ තම තීරනය පදනම්ව ඇත්තේ, විධායකයට පහර ගැසීම “සාපරාධී ක්‍රියාවක්” යයි පවසන 18වන සියවසේ බි්‍රතාන්‍ය මූලධර්මයකින් උකහා ගන්නා ලද වසර 200ක් පැරනි නීතියක් මතය.

Share this article: